Sunday 7 October 2012

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ නලින්ද සිල්වා ගේ අදහස - Nalinda Silva talks about press freedom in Sri Lanka


මංතුමා දාසයයි මාසයේ දී හෝ ගාලා කවි ලියන්න පටන්ගත්තු බව මීට කලින් කියලා තියෙනවානේ.

ඔහොම කවි දුසිමක් දෙකක් විතර ලිව්වාට පස්සේ මං කෙරුවේ ඒවා හාෆ් ෂීට්වල ලියලා පත්තරවලට දාපු එකයි.

එහෙම කවි දැම්මත් පළ වුනේ නෑ කියලා මං නෙමේ දුර්මුඛ වුනේ. ගෙදරින් ශත කීපයක් ලැබුණු ගමන්ම මුද්දර කවර අරං තව තව කවි දැම්මා.

මගේ කවි පල නොවුනේ ඇයි කියලා මට එදා තේරුණේ නෑ. මං හිතුවේ ඒ කවි වලට වඩා හොඳ කවි පත්තරේ පලවුණු නිසා මගේ කවිවලට ඉඩ නොලැබුණා කියලයි.

අද උදේ යාළුවෙක් ෆේස් බුක් එකේ දාලා තිබුණු ලින්ක් එකක් දිගේ ගිහින් නලින්ද සිල්වා එක්ක කරපු රේඩියෝ සාකච්ඡාවක් ඇහැව්වාම තමයි මට ඇත්ත කාරණේ තේරුණේ.

මගේ කවි පල නොවීමට හේතුව ඒ දවස්වල ලංකාවේ කවි පිළිබඳව මාධ්‍ය නිදහසක් තිබිලා නෑ. මොකද මාධ්‍ය නිදහසක් තිබුණා නම් මගේ කවි පළ කරන්න එපායැ?

නලින්ද සිල්වා මෙන්න මෙහෙම (භාව සන්නිතයි) කතාවක් කියනවා.

"මගේ ලිපියක් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත්තරේට දැම්මා. උන් පළ කලේ නෑ, ඒ කියන්නේ ඉන්දියාවේ මාධ්‍ය නිදහස නෑ!!!"

නලින්ද සිල්වා ලංකාවේ, ඉන්දියාවේ, අමෙරිකාවේ, එංගලන්තයේ සහ ඕස්ටේලියාවේ මාධ්‍ය නිදහස ගැන කරන ඒ සංසන්දනාත්මක විග්‍රහය මෙතනින් අහන්න.

[...Sri-Lanka-has-more-media-freedom-than-Australia...]

විහිළු-තහළු ටික ඇරලා ගත්තාම පොර වැදගත් දේවල් කීපෙකුත් කියනවා මේ සම්මුඛ සාකච්ඡාවේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් පලවෙන්නේ කාලයකට පසුවය. හෙට කතන්දරයක් සමග නැවත හමුවෙමු.

-කතන්දරකාරයා

ප/ලි:
කවි හතලිහක් පණහක් විතර පත්තරවලට දාන කොට ඔන්න එකපාරටම වාගේ ලංකාවට මාධ්‍ය නිදහස ආවා එක පාරක්. ඊට පස්සේ ආයේ නැතුව ගියා. මාස දෙක තුනකින් තමයි ආපහු නිදහස පහල වුනේ!

(image: http://nasmm.wordpress.com/2011/09/27/the-world-is-upside-down/)

31 comments:

  1. අපරාදේ මගේ විනාඩි 25 ක් වෙන්කරන්නේ.. දිවයින පත්තරේ බාරේ බැලුවනම් එහේ පත්තරේක දාගන්න තිබුනා. තලෙයිබාන් පත්තර එහෙත් ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා එකට ලිපියක් දාගන්න බැරිවුණාලු. අනිත් රටවල්වලට් හියු හාලා ලිපි දාන්න ඇති කතාවේ විදියට, නමුත් පලවෙලා නෑ වගේ.

      Delete
  2. නලින් සිල්වා සම්බන්ධ දෙයක් නං නොකියවා මාරු වෙමි

    ReplyDelete
    Replies
    1. නිකං සුපියල් පහ පුච්චගන්නේ මොකටද

      Delete
    2. ඇයි රුපියල් 2,500 ට රුපියල් පහේ ඒවා 500 ක් ම තියෙනවා නේද?

      Delete
  3. අපි මෙගාබයිට් ගන්නෙ සල්ලි දීල. සොරි කකා.

    ReplyDelete
    Replies
    1. හිහ්, හිහ්, අද ඉරිදා ගෙදර වගේ!

      Delete
    2. මෙහෙ ආණ්ඩු ඔපීසිවල මෙගාබයිට් නොමිලේ නේද රාජ් :)

      Delete
  4. නලින්ද සිල්වා මහත්තයා පුදුම කඩේ යෑමක් නේ යන්නේ.මේ මිනිස්සුන්ට මාර කේස් එකක් වෙලා තියෙන්නේ.ලොක්කා ඉනා කවනවද මන්දා

    ReplyDelete
    Replies
    1. නාකි වෙන කොට ඔහොම වෙනවා, දැන් හැට පහක් නේ.

      Delete
  5. Hah ha, Kakka, Joka, choo, Hutah.

    ReplyDelete
  6. අඩුගානේ කකා එතුමා "මාධ්‍ය සදාචාරයක් නැති" පාලිත එක්ක කතා බහකට එකඟ උන එකත් ලොකු දෙයක්නේ!

    ReplyDelete
    Replies
    1. අන්තිමට නලින්ද සිල්වා කියන විදියට පාලිත ගනේවත්තට මේ සාකච්ඡාව දීලා තියෙන්නේ විශේෂ කාරණයක් නිසා ලු!

      Delete
  7. කකා හොඳ ඇඩ්වාන්ස් විහිලුවක් කරලා.

    ReplyDelete
    Replies
    1. නලින්ද ලා ත් විහිළු කරන එකේ අපි කළාම මොකෝ, නේද?

      Delete
  8. යන ඒන අතර ඔෙබ් ගිමන් හලට ෙගාඩ වැදි නිවා ගතිමි ගිමන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ ගිමන් නිවා ගැනීමට සුළුවෙන් හෝ මටත් සම්මාදම්වීමට ලැබීම සතුටකි.

      Delete
  9. නලින්ගේද ? අනේ එපා ගොන් ජෝක් කියවන්න වෙලාවක් නෑ

    ReplyDelete
    Replies
    1. අඩෝ දේශයේ වින්තකයාට එහෙම කියන්න එපා. කැතයි හොඳේ?

      Delete
  10. අද ඉරිදා විනෝද සමය බැලුවා වගේ..

    ReplyDelete
    Replies
    1. මාසික රැඟුමේ කොටසක් විදියට ඉරිදා දිනවල තමයි විනෝද සමය ගියේ!

      Delete
  11. නලියා පිස්සා තමයි. හැබැයි අද දිවයිනට මේ ලියලා තියෙන ටික 100% ඇත්ත.

    /මෙරට අධ්‍යාපනයේ අර්බුදයක්‌ ඇති බවට ගෙනෙන සාක්‍ෂි අතර උපකාරක පංති වටා රොක්‌ වන සිසුන් ද කොළඹ පාසල්වලට සිසුන් ගෙන යන වෑන් රථ ද ඇතැම් පාසල්වල අඩුපාඩුකම් හා ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යැම ද උදාහරණයට ගෙන ඇති. මේ එකක්‌වත් අධ්‍යාපනයේ ඇතැයි කියන අර්බුදයට සාක්‍ෂි නො වේ. දැනට අවුරුදු තිහකට අධික කාලයක්‌ තිස්‌සේ රාජකීය විදුහලේ සිසුහු ද උපකාර පංතිවල සහාය පතති. එයින් කියෑවෙන්නේ රාජකීය විදුහලේ අධ්‍යාපනය කඩාවැටී ඇති බවද?/

    /යුනෙස්‌කෝ වාර්තාවෙහි කිසි තැනක රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ වෙන් කළ යුතු යෑයි සඳහන් නො වේ. ඒ බව පෙන්වූ විට ඔවුහු අරුම පුදුම තර්කයක්‌ ඉදිරිපත් කරති. එනම් යුනෙස්‌කෝ රැස්‌වීම්වලට සහභාගිවන්නේ ඒ ඒ රටවල ඇමැතිවරුන් බැවින් එහි සඳහන් වන්නේ රජය වියදම් කළ යුතු මුදල් බව ය. යුනෙස්‌කෝ රැස්‌වීම්වලට පෞද්ගලික අංශයෙන් සහභාගි නොවීම හේතුවෙන් එවැනි නිගමනයකට පැමිණිය හැක්‌කේ අනුකාරක පුහු ඇදුරකුට පමණ ය./

    /ආදායම් නූපදවන රජයේ ආයතනවලින් වැඩිම වැටුපක්‌ ලබන්නෝ සරසවි ඇදුරෝ ය. අද වන විට මහාචාර්යවරයකුගේ වැටුප එක්‌ ලක්‍ෂ පනස්‌දාහක්‌ පමණක්‌ වෙයි. ඇදුරන් කියන්නේ වැටුප් වැඩි කිරීමෙන් දක්‍ෂයන් විශ්වවිද්‍යාලවලට බඳවාගත හැකි බව ය. එය පට්‌ටපල් බොරුවකි. 1993 දී ඇදුරන්ගේ වැටුප 200% කින් පමණ වැඩි වුවත් ඒ හේතුවෙන් බටහිර රටක ජීවත් වූ කිසිවෙක්‌ අප රට විශ්වවිද්‍යාලවලට නො බැඳුණ හ. ඒ අතර අදත් පරිවාස කථිකාචාර්යවරයකු බඳවා ගැනීමේ දී ප්‍රථම පංති සාමාර්ථ දිනාගත් අයෑදුම්කරුවෝ රාශියක්‌ ඉල්ලුම් කරති. බඳවා ගැනීම හා රඳවා ගැනීමත් වැටුප් වැඩි කිරීමත් අතර සම්බන්ධයක්‌ නැත. එසේ ඇතැයි කීම ජනතාව මුළාකිරීමට සරසවි ඇදුරන් යොදාගත් උප්පරවැට්‌ටියක්‌ පමණකි. ඇදුරන්ට තම වැටුප් ඉල්ලීම යුක්‌තියුක්‌ත කර ගැනීමට නොහැකි වූ විට ඔවුහු 6% හි එල්ලුණහ. /

    ReplyDelete
    Replies
    1. එතකොට නලින්ද සිල්වා එකේ 2003 සභාපති විදියට පඩි වැඩි කරන්න ඉල්ලුවේ ඇයි කියලා කියලා නැද්ද?

      Delete
    2. හැබැයි 6% වඳුරු කුණුහරුප කිව්වේ නෑ

      Delete
  12. බොහොම වැදගත් සංවාදාත්මක ලිපියක්නේ
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  13. ඇත්තටම ඔය දාල තියෙන පින්තූරෙ තියෙන පැත්තට ලෝකය දැකීමේ කිසිම වරදක් නැත! (විශ්වයට උඩ/යට ක් නොමැති නිසා)

    නලින් ද සිල්වා හඳුනන්නේ නැති අය සඳහා පමණයි!
    නලින් ද සිල්වා හඳුනා ගැනීම

    ReplyDelete
  14. නලින් ද ?කලාතුරකින් අපේ රටෙ පහළ වුනු නොම්බර එකේ බුද්ධිමතෙක්. දැන් ඔහු අන්තවාදියකු වී සිටියත් නලින්ගේ සංකල්ප ඉතාමත් ගැඹුරු සහ තර්කානුකූල ඒවා විය ..ඔහු විදුසරට ලියූ අපේ ප්‍රවාද පාසල් සිසුවකුව සිටි අප ට අළුතෙන් හිතන්නට යමක් ලබා දුන්නේය. බලන්න, මේ ඔහුගේ සටහනක් ...

    ...ඔබ පාසලේදී නිවුටන් ,,ඩාවින්, අයින්ස්ටයින් ආදීන් ගැන දැනගන්නා නමුත් සංකල්පයක් හෝ ප්‍රවාදයක් නිරමාණය කළ මෙරට විද්වතෙක් ගැන ඉගෙන නොගන්නෙහිය ..විජේසිංහගේ ප්‍රවාදය පිළිබදව හෝ ගුණවර්ධනගේ නියමය පිළිබදව හෝ ඔබ නොදන්නේ ඒවා ඔබට නූගැන්වෙන බැවිනි ..ඒවා ඔබට නූගැන්වෙන්නේ ගුරුතුමා හෝ ගුරුතුමිය ඒවා නොදන්නා බැවිනි. ඔවුන් එය නොදන්නේ එවැනි දේ නැති බැවිනි. එවැනි දේ නැත්තේ විජේසිංහලාට හෝ ගුණවර්දනලාට ඒ නිර්මාණ කිරීමට ඉඩක් නොමැති බැවින් හා ඉඩක් නොදෙන බැවිනි.
    -උපුටා ගැනීම /අපේ ප්‍රවාද /නලින ද සිල්වා -

    ReplyDelete
    Replies
    1. ශපීරෝ කියන්නේද මේ ටිකමය.
      වෙනස ,,නලීන් ලාංකීය සංස්කෘතිය උත්කර්ෂයට නංවා අන්තවාදී වන විට අරුණි ශපිරෝ ඇමරිකාව උත්කර්ෂයට නැංවීමයි .

      Delete
  15. නලින් හැම විටම පවතින ප්‍රධාන අදහස අභියෝගයට ලක් කරයි. ඒ ඔහුගේ හැටියක් ලෙස සිතේ. ඒ වගේම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ලෙස උගතුන් විසින් කල යුතුම දෙයක් කියලයි,
    විශ්ව විද්‍යාලය යනු එයයි, කියලයි මගේ චූටි මොලේට තේරෙන්නෙ

    එය සැම විටම හොඳ දෙයක් ද පදනම නිවැරදිද, යන්න වෙනම කරුනකි.
    කාලය, දීපය හා දේශය ආදිය බලපාන බැවිනි.

    උදාහරන ලෙස, ඔහුගේ බැට කෑමට ලක් උනා...
    කාර්ල් මාර්ක්ස්, බටහිර දැනුම, සපත්තු මොකටද සෙරෙප්පු හොඳයි, ආසනික්, නාථ, 6%, පඩි වැඩි කිරීම්, බටහිර මාධ්‍ය නිදහස....(පාඨක ප්‍රතිචාර අනුමැතියෙන් තොරව පල නොකෙරේ. Comments with inappropriate content will be deleted.)

    කවුද මේවට ගැඹුරින් උත්තර දීල තියෙන්නෙ.
    පොඩියක් හෝ කරල තියෙන්නෙ මීවන පලානේ (රාවනා) පමනද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.