Thursday 11 October 2012

බහුතරයක් පිරිමින්ට එක දවසක් හරි හිතෙන දෙයක් මෙන්න - Most men would say this one day!


කාලෙකින් කයි-කතන්දරයක් දාලා කෂ්ටියව කෝප කරන්න බැරිවුණු නිසා අද බ්‍රහස්පතින්දා අවේලාවේ හිතුණා ඒකම කරලා බලන්න.

මේක පේරාදෙනියේ තර්ඩ් ඉයර් එකේ විතර කේස් එකක්. ඇත්තම කියනවා නම් සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා තර්ඩ් ඉයර් එකට ඇදිලා ගිය කේස් එකක්.

දැන් නම් ඉතිං මතකයක් විතරයි!

මෙන්න කවිය. මේක මට විතරක් අයිති කවියක් නොවෙයි.

මට ෂුවර්, මේ කයි-කතන්දරේ කියවන පිරිමින්ගෙන් බහුතරයත් කවදා හරි මේ කවියේ වෙන වර්ෂන් එකක් ලියලා තියෙනවා කියලා!

ඇය

නොකියන්
ලොවෙහි සොඳුරුතම වස්තුව ගැන
කවක් කියන්නැයි

එවිට
මට සිදුවේවි
ඇය ගැන ලියන්නට

ඇය

සඳ වත -රුසිරු තිසර ගත
කෙටි කෙහෙ රැල්ල
සිත මත් කරනා
මදහස් බැල්ම

මා ගොළු වේවි

කෙලෙස ලියන්නද කවියක් ඈ ගැන?

ඇයයි ලෝකයේ
මිහිරිතම කවිය


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මං මේ කවිය අනුසාරයෙන් පස්සේ කාලෙක සින්දුවක් ලිව්වා. ඒකට මියුසික් පවා දාලායි තියෙන්නේ.
පස්සේ දවසක ඒක පලකරන්නම්!

(image: http://interculturalmeanderings.wordpress.com/tag/beautiful-woman/)

28 comments:

  1. මම නම් දන්නවා කවිය ලියලා තියෙන්නේ කවුරු ගැනද කියලා.:)

    මම හිතුවේ අද බදාදා කියලනේ...හපොයි...

    ReplyDelete
  2. ow ow maath liwwa kavi. Dan nam liyanna hithenne was kavi.

    Dan man hithanne "maayawo" potha ganna widihak.

    ReplyDelete
  3. ඔය වගේ කවි මට ගලාගෙන එන්නේ සීගීරියට ගියාම එක හේතුවක් සීගිරි ලලනාවෝ.. අනික් හේතුව සීගිරි බලන්න එන විදේශීය කාන්තාවෝ. මේ ගැන පෝස්ට් එකක් ලියලා තියෙන්නේ ළඟදීම දාන්නම්..

    කතාවනම් සහතික ඇත්ත. අපි නෙතින් කී දෙනෙක් එක්ක රමණයේ යෙදෙනවද.. හොඳ වෙලාවට ඇස් වලින් කඳුළු ඉතරක් එන්නේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.... !

      Delete
    2. මනතුංග ගොයියා නං කියලා තිබ්බා කට්ටිය හිතෙන් රමණය කරන නිසා හැම ගෑනියෙක්ම බුර්කාවට බහින්න ඕනේ කියලා

      Delete
    3. //හොඳ වෙලාවට ඇස් වලින් කඳුළු ඉතරක් එන්නේ.// චිකේයිය......මාතලන් කියන කතා

      Delete
  4. //කාලෙකින් කයි-කතන්දරයක් දාලා කෂ්ටියව කෝප කරන්න බැරිවුණු නිසා//
    ව්‍යායාමය සාර්ථකයි. උදේ පාන්දර මලපැන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ රාජ්, මේ මනුස්සයාගේ තට්ටේ පලන්න ඕනි, සාහිත මාසේ ඉවරයි කියලා මාත් පලවෙනිදාම කිව්වා.

      Delete
  5. රණ හංස යුවල නිමල නිල් ජලාශේ...... !!!!!

    ReplyDelete
  6. //පිරිමින්ගෙන් බහුතරයත් කවදා හරි මේ කවියේ වෙන වර්ෂන් එකක් ලියලා තියෙනවා//
    ඇත්ත කතාව. :D :D

    ReplyDelete
  7. කියන්න විලිලැජ්ජයි. කතාව සහතික ඇත්තනෙ.

    ReplyDelete
  8. මුනිවත් හොඳයි දෙබසින් දුක වැඩි හින්දා ....

    ReplyDelete
  9. නැහැ කතන්දර සහෝදරයා (ජෙප්පෙක් නොවෙමි. )ඔබේ වර්ෂන් එක මට නම් අදාළ නැත. මාතලං කියන කතාවට මම එකගයි. අපි සිතින් කීදෙනෙක් සමඟ රමණය කරනවාද ??නමුත් ඒ හැම සෙක්සි කෑල්ලක්ම අපේ සොදුරුතම වසතුව වන්නේ නෑ කවදාවත්. ඒ මොහොතට පමණයි.
    ඇයයි ලෝකයේ
    මිහිරිතම කවිය

    ඇය ලෝකයේ මිහිරිතම කවිය වෙන්නේ ඒ මොහොතට පමණයි. හෙට ඇයට වඩා කාමිණියක මුණ ගැසුණු විට ඊයේ සොඳුර අමතකයි. එහෙත් අපේ සැබෑ ප්‍රේමිය සමග අපට තිබෙන තදන්තර, ආත්මීය බැදීම ලෙහෙසියෙන් වෙනස් වන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් හිටිය "ඉන්දික" නමින්ම ( හිටිය කියන්නෙ අපි අවුරුදු ගානකින් හම්බ නූන නිසා ) මිනිහ හොඳ සෙක්සි කෙල්ලෙක් හෝ රාගය ඇවිස්සෙන කාන්තාවක් කෝච්චියෙද්වත් දැක්කොත් කියන්නෙ "අද ඉතින් ඔයා ඉවරයි නිලූකා" කියල. ( නිලූකා කියන්නෙ උගෙ වයිෆ් - මිනිහට ළමයි හතරයි අපි 2006 අන්තිමට මුණ ගැහෙනකොට )

      Delete
    2. .එහෙනම් දැන් දහයක් වෙලා ඇති නිච්චියටම.

      Delete
  10. අනේ මන්දා ඉතින් :))

    ReplyDelete
  11. දැන් මේකෙ කියන්නෙ ඇය ගැනද නැත්තන් 'ඇය' ගැනද?

    ReplyDelete
  12. හ්ම්....හ්ම්

    ReplyDelete
  13. මොනා හරි කිව්වද?
    චිකේ....යා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. බොක්කෙන්ම කියන්නේ.......මටනං මේක තේරුණේ නෑ........

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමයි බං..... රිපීටඩ් වර්ෂන් එකක්ද කොහෙද

      Delete
  15. සාහිත්‍ය මාසේ ඉවරයි නේද කකා?

    ReplyDelete
  16. තේරුනේ නැහැනේ

    ReplyDelete
  17. කෙහෙරැල්ල කෙටිම නෙමෙයි , තට්ටේ ගාපු උනුත් ඉන්නවා නේ? පට්ට කවිය හැබැයි.. :D

    ReplyDelete
  18. ම්ම්ම්.. අපූරුයි..

    ReplyDelete
  19. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.