Wednesday 24 October 2012

වැඩිදුර විස්තර අහන්නෙ නෑ, ඇහුවොත් නොකියා යන්නේත් නෑ - Once upon a time


ඔය මාත්‍යකාව නං අර ජීප්සීස් ලා කියපු කුරුමිට්ටෝ සින්දුවේ පද දෙකක් බව කවුරුත් දන්නවා. (ඒ සින්දුව පස්සේ සුද්දෝ කොපි කළ බවත් අපි දන්නවානේ?).

මොකක් හෝ හේතුවක් හින්දා ඒ පද දෙක මගේ හිතට ආවා අද කයි-කතන්දරේ ලියන්න වාඩිවෙන කොටම.

මේ කවිය මං පේරාදෙනියේ දෙවන වසරේ ඉන්න කාලේ ලියපු එකක්. මං මේකෙන් සින්දුවක් හදන්න සංගීතකාරයෙකුට බාර දීලයි තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

ලොව සොදුරුයි!

නිසල අඳුරු රැය
තරු වැලපෙන පැය
රැහැයි නදින් පාළුව වැඩිවෙනවා
සීතල දිවියට උණුසුම ගෙනදුන්
සුන්දර ඔබෙ වත සිහියට එනවා

මුහුදු හතක් දුර එපිට දෙසේ සිට
මගේ ලෝකයට සතුට සදන්නී
ගතින් දුරස් වුව සිතින් ලංවෙලා
සෙනෙහස් ආදර සෙමෙර සලන්නී

සමන් පිච්ච මල්
කැකුළු සිනාවයි
දිගු කෙස් කලඹේ කියඹු ලතාවයි
ලොවම නැති වුනත්
හිනැහිය හැක මට
ඔබ මගෙ ලෝකෙට මිහිර ගෙනාවයි


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

(image: http://www.serendib.btoptions.lk/article.php?issue=9&id=194)

33 comments:

  1. දැන් ඔය සින්දු ටික දමලා ඇල්බම් එකක් කරන්න කශූ...මන් හිතන්නෙ සින්දු 20ක් විතර තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. විස්සක් නං ඩබල් සීඩී එකක් කළෑකිනේ!

      Delete
  2. මම දැකපු කකාගේ හොඳම නිර්මාණය මේක වෙන්න ඕන..සමහර දවසටනං බලන්න කියලා ඇවිත් තියෙන කයි කතන්දර තියලා තියෙන 'කයි පද' බලලා යන්නේ යකා නැගලා.. :D

    මේකනං ඇත්තටම ගීතයකට හොඳටම හොඳ පද වැලක්... තනුවක් හරියට වැටුනොත් සහ හරි කට හඩක් තියෙන ගායකයෙකුට අහු උනොත් හරියටම හරි...

    ReplyDelete
    Replies
    1. යකා නගින්න නං යක් බෙර හෙම ගහලා මියුසික් දාන්න වේවි!

      Delete
  3. onna ape maha ku kai kakka thuma wisin kai pada banda hastho pak kramayen eli dakwanalada ethumage kai pada namwoo Maha kai yen uputa gath kai pada wal kihipiyak. Methuma nithrama kai pada karathaba genami inne. Balanna kakka thumage kai wala thiyana sumihiri, sumadura, kankalu bawa. sarala sugama bawa. meken sindu hadana sangee tha karayata vas wedee leda wenna puluwan.

    ReplyDelete
  4. කකා... ඇහුවොත් නොකියා යන්නෙත් නෑ කියපු නිසයි අහන්නේ... කොහොමද මේකට කුරුණෑගල නගරයේ පින්තූරයක් අදාල වෙන්නේ????

    කොහොම වුනත් ලස්සන පදවැල් ටික...
    great work!!!

    ReplyDelete
    Replies
    1. මේක දෙනුවර අන්දරයක්. එක නගරයක් කුරුණෑගල.

      Delete
  5. මේකනම් ගීතයකට මරු.. ඇත්තටම ලස්සනයි.. මට පොඩි කුකුසක් තියෙන්නේ මොකක්ද මේ මුහුදු හතක් එහා කතාව. කෙල්ල මයිග්‍රේට් උනාද...?

    ReplyDelete
    Replies
    1. නැහැ, දෙනුවර අන්දරයක්. දුර වැඩියි, ජාල, මොබයිල් නෑනේ!

      Delete
  6. පද වැල නම් ලස්සනයි...
    ඒත් කයි කතන්දරේ තාම තේරුන්නෑ..ටියුබ් ලයිට්ද කොහෙද..!!

    ReplyDelete
    Replies
    1. ජීවිතෙන් කොටසක්, හැම දෙයක්ම කතන්දරයක් නේ. ලොකු කතන්දරයක කොටස්.

      Delete
  7. මරු කකා මේ සින්දුව කියවන කොටම තනුවක් හිතේ මැවුනා. එත් ඉතින් දැනටමත් කාටද හදන්න දීල නේ. මේ විදියෙම අදහසක් තියන සින්දුවක් බිරිද සහ ළමයි හතරක් ලංකාවේ තියලා නිව්යෝර්ක් වල ඉන්න තනිවෙලා ඉන්න මගේ යාලුවෙක් වෙනුවෙන් මීට වසරකට විතර ඉස්සෙල්ල මාත් ලිවුවා මෙච්චර ආනන්දයක් එකේ නෑ.එත් මම ඒක සුද්දොන්ගේ තනුවක් කොපි කරලා (සුද්දෝ මගේ ඒක කොපි කරන්න ඉස්සෙල්ල මං උන්ගේ ඒක කොපි කළා)ගායනා කරා. ලින්ක් ඒක දාන්න හොඳද බලන්න ක.කා. කට්ටියට පුලුවන්නම් කියන්න මගේ ගීතයේ ඔරිජනල් ඉංග්‍රීසි ගීතය මොකක්ක්ද කියල පුලුවන්නම්. මේකේ ගායනය වචන ටික වාදනය මන්තුමා. තනුව ඉංග්‍රීසි කන්ට්‍රි ගීතයක්.
    http://soundcloud.com/udithame/hima-rate

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව නම් ලස්සනයි.. වචන අඩු උනා නම් හොඳයි වගේ.. ඉංග්‍රීසි සින්දුව මොකක්ද කියල නම් එන්නේ නෑ..

      Delete
  8. උඩ මාරයියාගේ වදනට එකගයි :)

    ReplyDelete
  9. උඩ ෆොටෝ එක කුරුණෑගල ටවුන් එකේ නේද?

    ReplyDelete
  10. අද මරු
    අද අද එයි මරු

    ReplyDelete
    Replies
    1. සින්දුවක පද දෙකක් ලියලා නේද?

      Delete
  11. /ඇහුවොත් නොකියා යන්නේත් නෑ/

    එහෙනම් අහමුකෝ. කුරුණෑගල බඩුවක් කකාට බූට් එක තියලා මයිග්‍රේට් කළාද?

    ReplyDelete
    Replies
    1. නැහැ, නගර අතර දුර ඒ දවස්වල මුහුදු හතක් විදියටයි කවියාට පෙනුනේ!

      Delete
  12. මාර්කටිං පොරවල් මේ ක්‍රමය ඉදිරියේදී කොපි කරන්න ඉඩ තියෙනවා. කලින් lyrics share කරලා පස්සේ සින්දුව produce කිරිල්ල. නරකද පේටන්ට් එකක් ගත්තොත් ?

    ReplyDelete
    Replies
    1. කලින් සින්දු දාලා පස්සේ ෆිල්ම් එක ආවා නේද පහුගිය දවස්චල?

      Delete
  13. සින්දුවත් හැදුව දාට බොගේ දානවද ඈ....??

    ReplyDelete
    Replies
    1. නෑ එදාට සිංදු අහන එවුන් බොග දානවා...

      Delete
  14. මේ කයි දැමිල්ලේ ඉවරයක් නැද්ද අෆ්ෆා?

    ReplyDelete
  15. මේක නම් ලස්සන සින්දුවක් වෙයි..
    ඔය කාව්‍ය සංග්‍රහයේ තව කවි කොච්චර තියෙනවද බ්ලොග් එකේ පලකරලා නැති..??

    ReplyDelete
  16. ඇත්තටම නියමයි සින්දුවකට.

    ReplyDelete
  17. කතන්දර කුරුණෑගල වැසියෙක්නම් මම කතන්දරගේ අසල්වැසියෙක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  18. මේ යන විදිහට මායාවෝ පොත ඉවර වෙන එකක් නෑ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.