Wednesday 10 October 2012

කොකෝ ඇට වස්තුව - Story of Coco-Nuts...!!!


මගේ පශ්චාත් උපාධි ජීවිතයේ දෙවෙනි රැකියාව වූයේ කළමණාකරන පුහුණුව ලබන්නෙක් ලෙස කොළඹ සමාගමක මා ලද පත්වීමයි.

සතියක් පමණ යනතෙක් ප්‍රධාන කාර්යාලයේ පර්යේෂණ සහ ප්‍රවර්ධන කලමණාකරු යටතේ පොත් පත් කියවමින් කල් ගත කළ මට දෙවෙනි සතියේ සිට සති දෙකක අධ්‍යායනයක් සඳහා සමාගමේ එක් කම්මලකට යාමට සිදුවිය.

මෙකී කම්මල පිහිටා තිබුණේ නුවර ප්‍රදේශයේ දුරස්තරව වූ බැවින් ඒ කාලය තුල මට කම්මල් බිමේ පිහිටා තිබූ බංගලාවේ නවාතැන් ගත හැකි බව දැනුම් දෙන ලදී.

සඳුදා උදෑසන දුම්රියෙන් නුවරට ගිය මා දුම්රිය ස්ථානයේ සිට සමාගමේ මෝටර් රථයෙන් කම්මල බලා ගියෙමි.

එතැන් සිට එහි ගත කළ සති දෙකක කාලයේ මා කළ කී දේ ගැන මගේ මතකයේ රැඳී ඇත්තේ කරුණු කිහිපයක් පමණි.

දින කිහිපයක් නුවර නගරයට සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය බවද, සති දෙක තුල කම්මලේ අස්සක් මුල්ලක් නෑර පරීක්‍ෂා කර අධ්‍යයනය කරමින් කොකෝවා ඇටයේ සිට චොකෝ පෙති දක්වා පිටු සියයකත් වඩා වැඩි වාර්තාවකට කරුණු සටහන් කරගත් බවද මගේ මතකයේ ඇත.

ඒ සියල්ලටමත් වඩා මගේ මතකයේ නොමැකෙන සේ රැඳී ඇත්තේ මා කළ එක් වරදවා වටහා ගැනීමකි.

සමහර විටෙක අප එක් කරුණක් ගැන පමණක් අපේ අවධානය යොමු කළ විට අන් සියළු කරුණු ගැන සිතේ දොරටු වැසී යන ආකාරය මේ පුවතින් පිළිඹිබු වේ යැයි සිතමි.

එක් දිනක් කම්මලේ විවිධ වාර්තා සහ සටහන් ඵොත් පිරික්සමින් සිටි මගේ නෙත ගැටුණේ විකුණුම් රෙජිස්ටරයකි. එදා අප සී.ආර්. නමින් දැන සිටි වර්ගයේ A4 ප්‍රමාණයේ රූල් සහිත ඝණ බැම්මෙන් බැඳුණු සටහන් පොතක් වූ මෙහි වාර්තා කර තිබුණේ කම්මල් ගබඩාවෙන් විටින් විට විකුණන ලද දේවල්වල මුදල් වාර්තාය.

ඒ සටහන්වලට අනුව මුළුමණින්ම පාහේ විකිණී තිබුණේ කොකෝවා ඇට (Coco-Nuts) විය.

මේ සටහන් දුටු මට ඇති වූයේ විමතියකි. මෙලෙස කොකෝවා ඇට (Coco-Nuts) විකුණා ඇත්තේ ඇයි? ඒ කා හටද? එසේම ඔවුන් මෙලෙස කොකෝවා ඇට (Coco-Nuts) මිළට ගෙන ඇත්තේ කුමක් සඳහාද? ඒ මට ඇති වූ ප්‍රශ්න කිහිපයකි.

පොතේ තබා තිබූ වාර්තාවන්ට අනුව කොකෝවා ඇට (Coco-Nuts) විකුණා ඇත්තේ කිලෝ ගණනින් නොවේ. ඇතැම් විට දහයක් හෝ සමහර විට පහක් හෝ තවත් විටෙක එකක් දෙකක් හෝ සුළු ප්‍රමාණයන් ගෙනි.

මගේ මේ විමතිය දිනක් දෙකක් පමණ පැවතිණ. එය නිමවූයේ පසු දිනෙක කම්මලේ කළමණාකරු හා ඇති වූ සුළු සංවාදයක් නිසාය.

නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබද මගේ අධ්‍යයනය ගැන අපි කතා කරමින් සිටියෙමු.

"අයි සෝ ඉන් ද ස්ටෝ රෙකෝර්ස් දැට් වී හෑව් බීන් සෙලින් කොකෝ නට්ස් ඉන් වෙරි ස්මෝල් කොන්ටිටීස්" මම කීවෙමි.

"ඉයර්ස්, වී හෑව් අ ස්මෝල් ලෑන්ඩ් සම්වෙයා අප් දෙයා ඇන්ඩ් ඉට් හෑස් එ ෆිව් කොකොනට් ට්‍රීස්. රාදර් දෑන් ලෙටින් කොකොනට්ස් ගෝ වේස්ට්, වී ආ නව් සෙලින් දෙම් ටු අවර් ෆැක්ටරි එම්ප්ලොයීස් ෆෝ අ නොමිනල් ප්‍රයිස්" ඔහු කීවේය.

කොකෝවා ගෙඩි සහ පොල් ගෙඩි අතර මට සිදුවී තිබුණු පටලැවිල්ල කළමණාකරුට හෙළි නොකර මම "ඕ අයි සී!" යැයි කීවෙමි.

-කතන්දරකාරයා


(image: http://www.smh.com.au/entertainment/restaurants-and-bars/cadbury-introduces-fair-trade-chocolate-bar-20100510-uoua.html)

41 comments:

  1. ඉතින් කතන්දර චොක්ලට් පෙති කෑවද?

    මම මේ කල්පනා කලේ ඒ චොක්ලටුත් වැඩ කරන අයට දුන්නද? ඒ ගාන nominalද? නැත්නම් minimal ද? කියලා...:D:D:D

    ReplyDelete
  2. Replies
    1. ඔව් ඔව් කතාන්දරයක් ලියලා කතන්දර

      Delete
  3. හපොයි කතාව තේරුනේ දෙවෙනි පාර කියෙව්වාම හී හී...

    ReplyDelete
  4. කුන්ඩසාලෙ තියන පැට්ටරියද? තාමත් මම කැමතිම ජාතිය, බලන්න ගිහිල්ලත් තියනවා.

    ReplyDelete
  5. ලොල් සහගතයි ..ඉස්සර ලංකාදීප පත්තරේ තිබුනා නේද ඇසුවේමි දුටුවෙමි කියලා තීරුවක් ..අපේ හුගක් බ්ලොග් කියවනකොට හරියට ඒක කියවනවා වගේ තේරෙනවා. මෙච්ච්ර කල කකාගේ බ්ලොග් එක කියවනකොට එහෙම හිතුනෙ නෑ,නමුත් අද නම් මේකත් ඒක වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ බ්ලොග් එක කියවන කොට නම් අපට හිතෙන්නේ කිං බානට් කියවනව වගේ කියලා.

      Delete
  6. ලොල්ස්....කතාන්දර පව්ලු ඉතින්...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. පී නට්ස් වික්කේ නැද්ද? :P

    ReplyDelete
  9. කම්මල ද කම්හල ද නිවැරදි වචනය මොකක්ද...?

    ReplyDelete
    Replies
    1. දෙකම නිවැරදිය.කම්හල යන්නේ සන්ධි පදය කම්මල වේ.ඒය පූර්වරූප සන්ධිය ලෙස මතකය.(සමහර විට පරරූපද විය හැක.නිශ්චිත ලෙස මතක නැත.)

      Delete
    2. කම්+හල පූර්ව ග්‍රාතාක්ෂරාදේශ සන්ධියෙන් සන්ධි වී කම්මල වේ.

      Delete
    3. කම්මල
      කම්+හල

      ම්+(හ්+අ)
      "හ්"යන්න ලොප් වී
      ම්
      ම්+අ

      කම්මල

      මෙය පූර්ව රූප සන්ධිය වේ

      Delete
  10. nut case එකක්නේ බලං ගියහම

    ReplyDelete
  11. කැන්ඩොස් කම්හල නේද.

    ReplyDelete
  12. අයි සී ද පොල් කිව්වලු!

    ReplyDelete
  13. මරු වැඩේ..හි ..හි

    ReplyDelete
  14. මම දවසක් බස් එකේ යන ගමන් පාරෙ කඩවල බෝර්ඩ් කියව කියව යනකොට දැක්ක එක අමුතු නමක් " ගැමේජ් " කියලා . මේ අමුතු නම ගැන සෑහෙන්න කල්පනා කලාම තමා මතක් උනේ Gamage=ගමගේ කියලා .

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ..
      walgamage=වල්ගමගේ
      helpage=හෙල්පගේ
      rallage=රාල්ලගේ

      Delete
    2. ඇයි Delmage = ඩෙල්මේජ්

      Delete
    3. අපේ කැන්ටිමෙත් විකුණන්ඩ තිබ්බා වේඩ් (wade) කියලා ජාතියක්.

      Delete
    4. Game Kade කියලා බෝර්ඩ් එකක් දැකලා මම කල්පනා කර කර ගියා හරි අමුතු නමක් නේද? සයිබර් කැෆේ එකක් වෙන්න ඇති කියලා.

      බැලින්නම් ඒක "ගමේ කඩේ" !!

      Delete
    5. අපේ පොඩි දුවත් කියවන්න ඉගෙන ගත අලුත්ම මගේ නමේ අග කෑල්ල lage කියෙව්වේ ලේජ් කියල .

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. දවසක් මං පත්තර කඩේක ඉන්නකොට මනුස්සයෙක් ඇවිත් ඉස්ලෑන්ඩ් පත්තරේ ඉල්ලනවා.බැලින්නම් Island පත්තරේ! :)

      Delete
  15. කාකා කියන කතන්දරේ ඇත්ත.. අපි එක දේකට ඔලුව යොමු කරනෙ වැඩක් පටන් ගත්තම අපිට ගොඩක් දේවල් මිස් වෙනවා වගේම වැරදි වැටහීම් ඇතිවෙනවාත් වැඩියි... කොහොම නමුත් හැම දෙයක්ම ගැන අවධානයෙන් වැඩ කරන එකත් ලේසි නෑ....

    කලාමැදිරියා කිව්ව වැඩේ මටත් වෙලා තියෙනවා... ගොඩක් සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියලා තියෙන තැන වල ටිකක් වෙලා කල්පනා කරන්න වෙනවා සමහර වෙලාවට හරි වචනේ මොකද්ද කියලා.. හි හි..

    මේක ඒ තරම් අදාල නෑ.. ඒත් ඉස්සර වැඩ වැඩි කාලවල හැම වැඩක්ම හරියට කරන්න මතක තියාගෙන වැඩ කරලා ඉවර වෙලා 5.30 විතර මතක් වෙනවා “ දවල්ට කෑවේ නැ නේ ද “ කියලා... එතකොට බත් එක නරක් වෙලා.. හම්බුවෙන සොච්චම් පඩියෙන් කඩෙන් කන්න බැරි නිසා 9ට ගෙදර ගිහිල්ලා රෑටම කතවා....

    ReplyDelete
  16. තව පොඩ්ඩෙන් නට් ලූස් වෙන්නත් තිබුනා... යන්තම් ජාමෙ බේරී ඇති හැඩයි...

    ReplyDelete
  17. ස්පේස් එකක් නිසා ඇති වෙන්න ගිය තිතත්....!!!

    ReplyDelete
  18. නට් ලූස්‌..!!.
    :D

    ReplyDelete
  19. ඇයි මේ සමහර අය පොත් සා්පුවකට හරි පුස්තකාලයකට හරි යන්නෙ නැතුව කාගෙ හරි බ්ලොග් එකක් කියවලා ඒක පොතක් වගේ නෑ කියල විවේචනය කරන්නේ? බ්ලොග් එකක් කියන්නෙ බ්ලොග් එකක් මිසක් පොතක් නෙවෙයි.

    බ්ලොග් පෝස්ට් එකක් කියන්නෙ ආටිකල් එකකුත් නෙවෙයි.

    ලා‍ංකාදීප පත්තරේ ගිය ඇසුවෙමි දුටුවෙමි තීරුවත් එක්තරා විදිහක බ්ලොග් එකතුවක් තමයි

    ReplyDelete
  20. මදනායකත් ,madanayaka - මදනයකා වෙන්නේ ඔහොමලුනේ

    ReplyDelete
  21. කැන්ඩොස් එක බලන්න වරක් ඉස්කෝලෙන් එක්ක ගියා මතකයි!

    ReplyDelete
  22. සියළු දෙනාටම ස්තුතියි!

    මෝඩකම්, හපන්කම් පුරසාරම් පොතේ නම් මේක මෝඩකම් චැප්ටර් එකක්!

    ReplyDelete
  23. මට මුලින්ම කතාව තේරුනේ නැහැ දෙපාරක් කියවනකොට තේරුනා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.