Thursday 13 March 2014

කාරෙකෙන් ගිය අංකල් ගේ කතන්දරය මෙන්න සුද්ද සිංහලෙන්ම - Keep away from Carbon Monoxide


මං පෙරේදා ලියපු අර ශල්‍යකර්මයකට පස්සේ සිහිය එන මනුස්සයෙක් එතකොට අහල පහල හිටිය ලස්සන ගෑණු කෙනෙක් තමන්ගේ බිරිඳය කියලා දැන ගෙන පුදුමවෙන "ජැක්පොට් එක ඇදුණා - Brownie points to last forever!" කතන්දරය කියවපු පාඨක අංකල් කෙනෙක් මට ඊ-මේලයක් එවලා තියෙනවා.

මේ පාඨක අංකල් ගේ අවධානය යොමුවෙලා තියෙන්නේ මගේ කතන්දරයේ තිබුණු මෙන්න මේ කෑල්ලටයි.
දැන් අපි ජීවත්වෙන හැම වෙලාවකම අවට තියෙන වාතය ආශ්වාස කරනවා නේද?

ඒක නිකම්ම වගේ කෙරෙන නිසාත්,
අර ෂොපින් සෙන්ටර් එකේ ටොයිලට් එකට යද්දී වගේ රුපියල් දහයක් දෙන්න ඕනෑ නැති නිසාත්,
අපිත් ඔහේ හුස්ම ගන්නවා,
පෙනහැල්ල වැඩ කරනවා,
හාට් එක පම්ප් වෙනවා,
ලේ ගමන් කෙරෙනවා,
අපි ජීවත්වෙනවා.

දැන් ඔය අපි ආශ්වාස කරන වාතය අපි අවට නොමිලේම ඇති පදම් තියෙන තාක් කල් අපිට ඒකේ වැදගත්කමක් තේරෙන්නේ නෑ.

ඕක කියවපු අපේ පාඨක අංකල්තුමා තමන් මේ ඊයේ පෙරේදා විඳපු අත්දැකීමක් මට ලියලා එවලා තිබුණා.

මේ කතාව අපි හැමෝටම කවදා හරි දවසක, කවදා හරි වෙලාවක, ඉතා වැදගත් වෙන්න ඉඩ තියෙන නිසා, අද දාන්න හිටිය මගේ විදුහල්පති අංකල් කෙනෙක් ගැන කතාව පසුවට කල් දලා, ඊට වඩා වැදගත් මේ ප්‍රායෝගික වැදගත්කමක් තියෙන කතන්දරේ පලකරන්න හිතුණා.

මෙන්න ඒ කතන්දරේ. අවධානයෙන් කියවන්න.


මං පාවිච්චි කරපු වාහනේ, ඒක මට දීල තිබුන නිල වාහනේ, තරමක් පරණ ‍එකක්. කීප දෙනෙක්ම කිව්වත් මේක මාරු කරවගන්න කියල මං ඒකට කැමති වුනේ නැත්තෙ, වාහනේ තිබුන හුරුබුහුටි කම නිසාමයි. ඉගිල්ලෙන්න කියාපු බඩුව.

හැබැයි මේකෙ වීදුරු අරින්න බැහැ. වයින්ඩර් කැඩිල.

වාහනේ රෙපයාර් කරන්නෙ ආයතනයෙ වැඩ පොලෙන්. එයාල කිව්වෙ අලුතින් දොරක් දාන එක ලාබයි කියල. කොහොම කොහොම හරි වැඩේ කෙරුනෙ නෑ. අවශ්‍යතාවක් තිබුනෙත් නෑ. ඒ සී එක වැඩ. රත් වෙන්නෙ නෑ. අවශ්‍ය වෙලාවට දොර ඇරගන්නවා. වීදුරුව පාත් කරන්නම ඕනැ නෑනෙ.

දවසක් මං මේ වාහනේ නුවර යන්න පිටත් වුනා (කොළඹ ඉඳල) රාජකාරියකට. නුවර කිව්වට නුවරට චුට්ටක් එහා. එතනට යා යුතුව තිබුනෙ දවල් එකට.

මං උදේ හතට කලින් ගෙදරින් පිටත්වෙලා පැච් එකක් ගිය ටයර් එකක් තිබුන නිසා කිරිබත්ගොඩ පැත්තෙ ටයර් කඩේකින් ඒ වැඩෙත් කරගෙන ගමන පිටත් වුනා. පැය හයක් තියනවනෙ යන්න. ගමනට පැය තුනහමාරක් විතර තමයි මගේ ඇස්තමේන්තුව. කොළඹ නුවර පාරෙ එච්චර සෙල්ලම් දාන්න බැහැනෙ.

හත හමාරට විතර ආව කෝල් එකක් දවල් එකට නෙවෙයි උදේ එකොළහට විතර එන්න පුළුවන්නම් හොඳයි කියල. පැය තුනකින් එතනට යනව කියන්නෙ කරන්න බැරිම ටාගට් එකකුත් නෙවෙයි. ඒත් උදේට කෑම කාල නොහිටි නිසා හෝටලයක් ළඟ කෑමට නවත්වන්න හිතාගෙන හිටපු ප්ලෑන් එක කැන්සල් කරල දාල ඇදලම ගියා.

ඒත් නිට්ටඹුව පැත්තට යද්දි මාර අමාරුවක් ඇඟට දැනෙනවා. උණ ගැනෙන්නවත් එනවද කියල මට හිතුනා. මට ඒ දවස්වල කවුරුත් කිව්වෙ "උඹ ඇවිදිනව වැඩියි!" කියල. මහන්සිය නිසා උණ ගැනෙන්න වුනත් පුළුවන්.

අපේ හාමිනේත් කිව්වෙ "දැන් ඉස්සර කරපු සෙල්ලම් කරන්න හදන්න එපා! පනහ පැන්න නේද? චෙකප් එකක්වත් කරගන්නෙ නෑ කොච්චර කිව්වත්. ෂුගර් වැඩිද දන්නෙත් නෑ. පහුගිය කාලෙ පොඩ්ඩක් හයි බ්ලඩ් ප්‍රෙෂර් තිබුන නේද? දැන් ළඟදි ඒකවත් චෙක් කළේ නෑනෙ?" අවවාද, අවලාද කෝටියයි.

මටත් දැන් ඔළුවට එන්නෙ මේ භයානක සිතුවිලි. ඊ මේල් එහෙමත් එනවනෙ, -මගදි හාට් ඇටෑක් එකක් වගේ ආවෙත්, අත් දෙක උස්සල කහින්න, කැහැ කැහැ ළඟම ඉස්පිරිතාලෙට යන්න!- යනාදී අවවාද එක්කල.

පපුවෙ වම් පැත්තට අත තියල බැලුව. ඒ පැත්තේ වේදනාවක් නෑ. හුස්ම ගන්න ටිකක් අමාරුයි වගේ. උරහිස් දෙක රිදෙනවා තදින්ම. "මොන මගුලෙ ලෙඩක්ද මන්ද මේක?" මං තනියම කල්පනා කර කර යනවා.

"සමහර විට උණ ගැනෙන්න එනව ඇති. මට විවේකය මදි තමා. ඒත් අද වැඩේටත් ගිහින් ඉවර වෙලා පොඩි රෙස්ට් එකක් ගන්න බැරියැ!"

ශාරීරික අපහසුතාවක් නිසා වැඩක් කැන්සල් කරපු ඉතිහාසයක් මට නෑනෙ. අමාරුව කාගෙනම දැන් මම දිගටම යනවා. ඇස් දෙකත් දැවිල්ලයි. උණ හැදෙනකොට ‍ඔහොම තමයි. වයස වැඩි නිසා, මහන්සි වෙනකොට උණ ගැනෙනව ඇති.

වරකපොල හරියට යද්දිනම් තවත් යන්න බෑ ‍වගේ. මගෙ අයිය කෙනෙක් ඉන්නවා තුල්හිරියෙ. ඕනැ මගුලක් කියල අදනම් ගමන කැන්සල් කරල අයියලාගෙ ගෙදර ගිහින් නිදා ගන්නවා පැයක් විතර කියල හිතාගෙන අඹේපුස්ස හන්දියට ගියා.

මම පුරුද්දක් වශයෙන් නුවර පැත්තට හරි කුරුණෑගල පැත්තට හරි යනවනම්, අඹේපුස්ස හන්දියේදි බුලත්විටක් ගන්නවා. ඒකට විශේෂ හේතුවක් තියනවා.

කොළඹ පැත්තෙත්, අපේ ගමෙත් බුලත්විට කනකොට පාවිච්චි කරන්නෙ සිංහල දුංකල. ඒත් නුවර, කුරුණෑගල පැතිවල බුලත් විට හදන්නෙ රට දුංකල නැත්තං පැණි දුංකල දාල. ඒක මට අල්ලන්නෙ නෑ.

ඉතින් අඹේපුස්ස හන්දියෙ නවත්තලා වාහනෙන් බැස්සා. අප්පට සිරි බොල කකුල් දෙක වලංගු නෑ හිටගන්න.

"මේ මොන මගුලක්ද? මට අහවල් එකක් වෙන්න එනවද මන්ද?"

ඒත් ටිකක් වෙලා යද්දි ඒක හරි ගියා. හිමින් සැරේ කඩේට ගිහින් බුලත්විට දෙකක් අරගෙන සාක්කුවෙ දාගත්ත. ඊට පස්සෙ ආපහු නැගල වාහනේ ඉඳගන්නකොට අපහසුතාව අඩුයි. ඒ නිසා, ගමන කැන්සල් කරන්න ගහපු ප්ලෑන් එක කැන්සල් කරල නුවර යන්න තීරණය කළා.

කෑගල්ල කිට්ටුවදි, මාවනැල්ල හරියෙදි, කඩුගන්නාව කන්ද මැදදි, චුට්ටක් විතර නවත්තගෙන විවේක ගත්තා වාහනේ ඉඳගෙනම ඒ සී එකත් දාගෙන. "දැන් තව පොඩ්ඩයිනෙ. ඔන්න ඔහෙ යං!" කියල ඇද්ද.

මළ කෙලියයි වුනේ!

පොල්ගහමුල හන්දිය පේන නොපෙනෙන තැනකදි එක පාරටම කටස් ගාල සද්දයක් ආව. මෙන්න බොලේ වම් පැත්තෙ සයිඩ් කන්නාඩිය නෑ! ‍

පාර අයිනෙ නවත්තලා තිබුන බට්ට ලොරියක ඇතිල්ලීගන මං ගිහින් තියෙන්නෙ. නින්ද ගියාද, සිහි නැති වුනාද කියන්න තේරෙන්නෙ නෑ.

මං දඩස් ගාල වාහනේ නැවැත්තුවා පාර අයිනට කරල.

"මට මහ පාරෙ මැරෙන්න වෙයිද? හාට් ඇටෑක් එකක් එන්න හදනව වෙන්න ඇති. මං එච්චර පව් කාරයෙක්ද? ඉස්පිරිතාලෙකට යා ගන්න බැරි වෙයිද?"

ඔන්න එතකොටම ටෙල්ෆෝන් එක රිං වුනා. ඉයර් ‍ෆෝන් එක ගහගෙන තමයි මං වාහන එළවන්නෙ. ටක් ගාල කෝල් එක ගත්ත.

"ඔයා කොයි හරියෙද? මං ලීව් එකක් දාල ගෙදර ආව!"

මේව ටෙලිපතිද චිත්ත ධර්ම විද්‍යාවද මොනවද මන් දන්නෙ නෑ. මං අමාරුවෙන් උත්තර දුන්නා.

"මං පොල්ගහමුල හරියෙ. වාහනේ පොඩ්ඩක් හැපුනා. මට චුට්ටක් අමාරුයි වගේ. පොඩ්ඩක් නැවතිලා ඉඳල යන්නං"

"කලබල වෙන්න එපා, ඔහොම චුට්ටක් ඉන්න, මං කාට හරි කියන්නං"

කෝල් එක කට්. මං ඒ පාර ගත්ත කෝල් එකක් නුවර මං යන්න බලාපොරොත්තුවෙන් හිටිය තැනට. එයා මගේ හොඳ මිත්‍රයෙක්.

"මචං මං මේ එන ගමන්, දැන් පොල්ගහමුල. කාර් එක පොඩ්ඩක් ඇක්සිටන්ට් වුනා. මට අසනීපයි ‍වගේ. පොඩ්ඩක් වරෙංකො මෙහෙට"

"හා හරි මේ දැන් එනව. ‍ඔහොමම ඉන්න"

දැන් මට වාහනේ දොර ඇරගන්න තරම් වත් අත පය වලංගු නැති ගානයි. කවුරුද කෙනෙක් ඇවිත් දොර ඇරල කතා කළා. මට වතුර පෙව්වා. ඉස්පිරිතාලෙට යන්න කතා කළා.

එතනින් පස්සෙ හැම දෙයක්ම ඉතා වේගයෙන් සිද්ද වුනා.

ඒ වෙනකොට මේ සිද්දිය මගේ සියළුම නෑදෑ හිතවතුන් වෙතට දැනුම් දීල ඉවරයි. පේරාදෙණිය ඉස්පිරිතාලෙදි මාව පරීක්ෂා කරල කිව්වෙ කිසිම රෝගයක් නෑ කියල. පැය තුනකට විතර පස්සෙ මගේ කැමැත්තෙන් ටිකට් කප්පවාගෙන ඉස්පිරිතාලෙන් එළියට බැස්සා.

දැන් ඒ වාහනේම ආපහු ගෙදර යන්න මගෙ කල්පනාව. අර අපහසුතාව උරහිස් වේදනාව ඇස් දැවිල්ල මොකවත්ම දැන් නෑ. මාව බලන්න ආපු එකසිය ගණනක් අය අතර මල්ලිලා දෙන්නත් හිටියා. චූටි මල්ලිට වාහනේ එළවන්න කියල, මමත් අනිත් මල්ලිත් වාහනේට නැගල එන්න සූදානම් වුනා.

ඉස්පිරිතාලෙ ඉඳල ගලහ හන්දිය පහු කරනකොට අපි තුන්දෙනාටම ඇස් දැවිල්ල ආවා.

මට තේරුනා වැඩේ. කාර් එක ඇතුළට එක්ස්හෝස්ට් ගෑස් එක එනව ඒ සී එක දාපුවහම. මට වෙලා තියෙන්නෙ ඒක.

ඔක්සිජන් නැතුව අපි කොහොමද ජීවත් වෙන්නෙ?

හොඳ වෙලාවට කණ්ණාඩිය හැපුනෙ. තව ටික දුරක් නොහැපි ආවනම්, වාහනේ ඇතුළෙම ස්වර්ගස්ථ වෙන්න තිබුනා.

මෙතනදී වෙලා තියෙන්නේ කාර් එකේ හයිඩ්‍රෝකාබන් දහනයේ දී නිපදවෙන කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සුළු වශයෙන් හෝ කාර් එක ඇතුලට ඇවිල්ලා රියදුරාගේ සිරුරට ඇතුලත්වීම බව පැහැදිළියි නේ.

මෙන්න ඒ ආකාරයට කාබන් මොනෙක්සයිඩ් විෂවීම ගැන විකිපීඩියාවේ තියෙන විස්තරය.

http://en.wikipedia.org/wiki/Carbon_monoxide_poisoning

මේ මරණය ගැන වාර්තාවත් බලන්න. අපේ බුලත්විට අංකල් බේරිලා තියෙන්නේ අනූනමයෙන් බව පැහැදිලියි.

http://www.nbcconnecticut.com/news/local/2-Bodies-Found-in-Car-in-Lebanon-249303831.html

මගේම කතන්දරයකින් තව දින දෙකකින් හමුවෙමු!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාව කියවන කෙනෙක් වැරදි වැටහීමක් ඇතිකර ගනීවී යැයි සැක සිතුණුණු නිසා මේබව නැවත අවධාරනයෙන් කියන්න අවශ්‍යයි.

මෙතන සිද්ධිය ෂටර් වහගෙන ඒසී දාගෙන ගිය එන නොවෙයි. එක්ස්හෝස්ට් එකෙන් අපවිත්‍ර වාතට ඒසී එක හරහා වාහනය ඇතුලට කාන්දු වීමයි.

මේ අංකල් ගේ වාහනය හරිහැටි නඩත්තු කරලා නෑ.

මෙහි එක්ස්හෝස්ට් එක සහ ඒසී එක නිසි පරිදි නඩත්තු කළා නම් මේ තත්වය ඇතිවන්නේ නෑ කියන එකයි මගේ අදහස.


(image: http://www.rnwilliams.co.uk/be-aware-of-carbon-monoxide-dangers/)

174 comments:

  1. //මටත් දැන් ඔළුවට එන්නෙ මේ භයානක සිතුවිලි. ඊ මේල් එහෙමත් එනවනෙ, -මගදි හාට් ඇටෑක් එකක් වගේ ආවෙත්, අත් දෙක උස්සල කහින්න, කැහැ කැහැ ළඟම ඉස්පිරිතාලෙට යන්න!- යනාදී අවවාද එක්කල.//

    මේවා කර කර පාරේ ගියොත් නවතින්නේ අංගොඩින්...හී හී....

    අංකල්ගේ ලිවිල්ල මාර ලස්සණයි. කොහොම හරි ජීවත් වෙන්ට වාසනාව තිබිලා තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. මේ අංකල් මා දන්නා හැටියට හොඳ පොරක්!

      Delete
    2. අංකල් කකාගෙ පරණ කැච් එකක්ද?

      Delete
    3. මම හිතන්නේ කකා අංකල්ගේ කැච් එකක්.

      Delete
    4. මේ අංකල් ඇවිල්ලා කකිගේ තාත්තා. කකාගේ මාමණ්ඩි.
      කකාට ඉතිං හිට්ස් ලැබෙනවා නං මාමාව උනත් විකුණයි.

      Delete
    5. ඔයා මගේ ට්‍රැක්‍ටරේ-මං ඔයාගෙ ටේලරේ’


      “බුදල්මි සියොවැ ආමි
      සීගිරි බැලීමි
      බැලු බැලූ ‍බොහෝ දෙනා ලියූ හෙයින් නොලීමි
      නිල් කට්රොල් මලෙක ඇමුණු මල් දම් සෙස්
      සැදැහැ සිහිවන්නේය.”

      සීගිරි කැටපත් පවුරේ එදා කුරුටුගෑ ගී අතරින් දෙකකි මේ.

      එහෙත් වත්මන් නොහික්මුණු පිරිස් කැටපත් පවුරේ අසැබි දේ කුරුටුගෑහ. මෙම තත්ත්වය වැලැක්වීමට සීගිරියේ විකල්ප කැටපත් පවුරක් ඉදි කළේ මේ නිසාය. එහි කුරුටුගා ඇති‍ නූතන කුරුටු ගී බෙහෙවින්ම අපුලය.



      “ඔයා මගේ ට්‍රැක්‍ටරේ

      මං ඔයාගෙ ටේලරේ

      අපි දෙන්නම එකතු වෙලා

      .....................................

      ඉතිරි පදයෙන් ව්‍යංගාර්ථයෙන් කියන්නේ මොනවාදැයි අපැහැදිලි නැත.

      මධ්‍යම සංස්කෘතික අරමුදල අවසානයේ කළේ විකල්ප කැටපත් පවුර සම්පූර්ණයෙන්ම වසා දැමීමය

      Delete
    6. මේ අපේ කකාගේ බ්ලොග් එක තියෙද්දී අහවල් කාරනෙකටද ඔය තැන් තැන් වල ලියන්නේ?

      Delete
  2. මල කෙලියක් නේ පොරට වෙලා තියෙන්නෙ ....
    ඔයින් ගියා ඇති....

    ReplyDelete
    Replies
    1. තනියම දුර ගමන් යනකොට කොහොමටත් අවදානම වැඩියි!

      Delete
    2. කකා,මම තනියම බස් එකේ දුර ගමනක් යනකොට මට මාර වැඩක් උනානේ.

      බස් එකේ මම වාඩි වෙලා ඉද්දි අනික් පැත්තේ වාඩි උනේ තට්ටේ තියෙන අන්කල් කෙනෙක්. එයා ඇහැව්වා තනියෙන්ද පුතා යන්නේ කියලා. මම ඔව් කිව්වා. ඊට පස්සේ ටික දුරක් යද්දී මම බෑග් එකෙන් කෙහෙල් ගෙඩියක් අරං කන්න පටන් ගත්තා. එතකොට ඒ තට්ටේ අන්කල් තට්ටේ අතගගා මම ඒ කෙහෙල් ගෙඩිය කන දිහා බලං හිටියා.

      Delete
    3. මටත් ඔය වගේ වැඩක් උනා. මටත් තට්ටයොන්ගෙන් හරි අපලයි. ඉතිං ඒ හින්දා මම කල්පනා කරා මාත් තට්ටේ ගානවා කියලා. ඊට පස්සේ මම දවසක් සැලුන් එකට ගියා තට්ටේ ගාන්න සැලුන් එකේ බාබර් හිටියේ තට්ටේ අංකල් කෙනෙක්. එයා ඇහැව්වා පුතා කොහොමද කපන්න ඕනි කියලා. මම කිව්වා තට්ටේ කියලා.
      ඊට පස්සේ එයා තට්ටේ අතගගා මගේ දිහා බලං හිටියා.

      Delete
    4. ඔබ දෙපල මානසික අසහන තත්වයකින් පීඩා විඳින බව පෙනේ..... ඉක්මන් ප්‍රථිකාර ගන්න...

      Delete
  3. තව පොඩ්ඩෙන් mono නොවේ multi suicide නේද?

    ReplyDelete
    Replies
    1. අන්තිමට කාබන් වෙලානේ ඕනෑ දෙයක් ඉවර වෙන්නේ!

      Delete
    2. අනේ කකා, කටට ආ පළියට ගොන් කතා කියවන්න එපා. ඕනෙ දෙයක් කාබන් වෙලා ඉවර වෙන්නෙ නෑ. කාබන් කාබන් මයි. අනෙක් මූලද්‍රව්‍ය අනෙක් මූලද්‍රව්‍යමයි. අන්තිමට අනෙක් ඔක්කෝම කාබන් වෙන්නෙ නෑ.

      Delete
    3. ගණන් ගන්න එපා. ආනන්දෙට පැරෂුට් එකෙන් ඇවිත් පේරා ගියපු අයගේ පොඩි අවුලක් තියෙනවා.

      Delete
    4. Anonymous March 13, 2014 at 8:39 AM

      ඔබට මා රයිගමට කියූ දේ වැටහී නෑ.

      ඔබ හිතන්නේ මා කියූවේ කාබන් නම් මූලද්‍රවය ගැණ කියායි.

      කාබන් මිල, කාබන් බද්ද වැනි දේ අසා තියෙනවාද?
      http://en.wikipedia.org/wiki/Carbon_tax

      මහෙිදී කාබන් යනුවෙන් අදහස් වෙන්නේ මූලද්‍රවය හෝ එය පමණක් නොවෙයි.

      තවත් තේරුමකින් ඕනෑම ප්‍රශ්නයක් කාබන් බද්ද පිට දාන ප්‍රවණතාවයකුත් තියෙන නිසා මේ කමෙන්ටුවෙන් එයත් අදහස් වෙනවා.

      Delete
  4. අංකල් බලන හරියෙදි සිහි නැති වෙලා පල්ලමට ගියා නං එහෙම ස්වර්ගස්ථ වෙන්නවත් කෑලි ටික එකතු කරගන්න ලැබෙන්නේ නෑ. මේකට ගොඩක් අය දෛවය කියලා කියන්නේ... බට්ට ලොරිය එතැනට එන්නේ ඒකේ ප්ලැනකට අනුව තමයි...

    කාබන් මොනොක්සයිඩ් කියන්නේ ගඳ සුවඳක් පාටක් නැති වායුවක් නිසා ඔය ඇස් දැවිල්ල වගේ ඇරෙන්න වෙන කිසිම සලකුණක් නෑ හඳුනගන්න. බොහෝ වෙලාවට ගෙවල් ගිනි ගත්තහම වෙන්නේ, ගින්නෙන් පිච්චෙන්න කලින් කාබන් මොනොක්සයිඩ් ආශ්වාස වෙලා සිහිනැති තත්වෙකට පත්වෙනවා. මේ තවත් ඔය වගේ සිද්ධියක්... වහලා තියන ගරාජ් එක ඇතුලේ ඉඳන් වාහනේ ස්ටාට් කරලා සීතල නැතිවෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. බට්ට හින්ද පොඩි අනතුරු ඇඟවීමක් විතරයි වුනේ!
      ලොකු සෙමි ටේ‍ර්ලර් එකක් ආවනං කාබන් ඩයොක්සයිඩ් තමයි.

      Delete
    2. බට්ට කිව්වේ ඇයි? අංකල්ගේ මොකුත් ශාරීරික අඩුපාඩුවක් වත් තියෙනවද? ඒත් ඒක කකා දන්නේ කොහොමද?

      Delete
    3. තිසර දැනට වසර දෙකකක පමණ කලින්, ඇමෙරිකාවේ සිට නිවාඩුවකට පැමිණි ලංකා පවුලක්, නුවර එළියේ bbq දමා මස් පුච්චා කා, රෑ නින්දට යන විට අර ගිණි කබල කාමරේ රත්කර ගන්න කාමරෙන් තියල බුදියාගෙන. එහි සිටි සියල්ලන්ම එදා රෑ ස්වර්ගස්ථ වෙලා, නින්දේදීම. කිසිදා මෙවැනි ගිණි කබල් කාමරයේ හෝ ගෙයි තියාගෙන බුදියන්න එපා (ඇමෙරිකාවේ ඉඳන් ඇවිත් ලංකාවේ BBQ කන්නත් එපා!). මෙවැනි ගිනි කබල් වලින් අර්ධ දහනය නිසා වැඩිපුර පිටවන්නේ කාබන් මොනොක්සයිඩ්. මේ එවැනි තවත් ඛේදාන්තයක්

      Delete
    4. ඒ අලුත බැදපු කපල් එකක් විතරයි නේද රයිගම....
      අනිත් අය වෙන කාමරයක මම මතක ලෙසට....

      Delete
    5. අළුත බැඳපු කපල් එකක් ඉන්න කාමරේ වෙන එවුන් දා ගන්නෙ පිස්සුවටයැ බං.

      Delete
    6. ඉහත ලින්කුවේ තිබෙන්නේ ඒ විවාහ ගිවිස ගත් දෙදෙනාගේ ඛේදාන්තයයි කෙන්ජි. අනික් කතාව වෙන එකක්. එයට ලින්කුව තිසර විසින් සොයා දෙනු ඇති සිතමි (සොරි කකා, අද බ්ලොග් එක ටික වෙලාවකට බදු ගත්තට)!

      Delete
    7. //ඒ අලුත බැදපු කපල් එකක් විතරයි නේද රයිගම....
      අනිත් අය වෙන කාමරයක මම මතක ලෙසට//

      කෙන්ජියට මතක තියෙන්නෙ ඌ බැඳලා නුවරඑළි ගිය එක...

      Delete
    8. :) :) හ්ම්ම්..ඉඩක් ලැබුනොත් යන්න හිතං ඉන්නවා 2016 බැන්දාම...

      Delete
    9. 2016 බැන්ඳාම නාකි මැන්ටලේට හනිමුන් යන්න වෙන්නෙ හොස්පිට්ල් එකක තමා ....

      Delete
  5. Carbon monocide?? or monoxide

    ReplyDelete
    Replies
    1. Monoxide තමයි නිවරදි ස්පෙලින්.
      ඔය විකිපීඩියා ලින්ක් එකේ තියෙන්නේ.
      අර ටයිටලයේ තිබුණු වරද මං හැදුවා.
      ස්තුතියි.

      Delete
    2. මා හිතුවේ කකා ස්වර්ගස්ථ කරන (cide=killing) අර්ථයෙන් ඕනෙකමින්ම එහෙම දාලා කියල!

      Delete
    3. කකා ඉගෙන ගත්තෙ පේරාදෙණියෙනෙ. ඔය පොඩ්ඩක් ඉංගිරිස් වරද්ද ගත්තට ගණන් ගන්න එපා. පේරාදෙණි ගිය අයට ඕකෙ පොඩි අවුලක් තියෙනවා.

      Delete
    4. නෑ රයිගම, එය ටයිපින් මිස්ටේක් එකක්.

      Delete
    5. ඇනෝ:
      මට ඕනෑ තරම් වැරදි වෙනවා. මේක ඒ අතින බැලුවාම සුළු දෙයක්.

      බලන්න කී බෝඩ් එකේ X අකුර සහ C අකුර තියෙන්නේ කොතැනද කියලා.

      Delete
  6. අංකල් බේරිලා තියෙන්නෙ අනූ නවයෙන්... හොඳ පාඩමක් වාහන පාවිච්චි කරන කාට කාටත්... මේ මනුස්සයා වාහනය එලවන ගමන් සිහි නැති උනානම් එහෙම...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.කොමෙන්ටුවට ස්තුතියි. ඊලග දවසෙත් මෙවැනි රසවත් කොමෙන්ටුවක් දමන්න.

      කතන්දරකාරයා

      Delete
    2. @ Miyuru
      අංකල් මේ කතාව හැමෝටම කියන්න කියලා මට එව්වේ මෙතන තියෙන ඬැදගත් පණිවිඩය නිසයි!

      Delete
  7. අපි හැමෝටම හොඳ පාඩමක් මේක. කාර් එක සම්පූර්ණයෙන්ම ආවරණය උනත් ඒ.සී එක දාගත්තම ප්‍රශ්නයක් නෑ කියලයි මාත් මෙච්චරකල් හිතාගෙන හිටියේ. මේ පෝස්ට් එක කාර් එලවන හැමෝටම වැදගත් වෙයි ගොඩක්. කතන්දරගෙ විරුද්දත්වයක් නැත්නම් මං මේක අපේ ඔෆිස් එකේ යාලුවන්ටත් මේල් කරන්නම්...

    ReplyDelete
    Replies
    1. හා මචං.
      හැබැයි පොස්ට් එක කොපි කරන්නේ නැතිව, එකේ ලින්ක් එක ඊමේල් කරන්න. මොකද කකාට ඕනි හිට්ස්. කකා කියන්නේ ගිය ආත්මේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්නේ. ඒ හින්දා කකා කැමති ටැක්සි මීටරේ කරකැවෙනවා වගේ බලං ඉද්දි හිට්ස් මීටරේ නගිනවා නං.

      වැඩ බලන ලේකම්,
      කතන්දර බ්ලොගය සුරැකීමේ ජාතික සංවිධානය.

      Delete
    2. වැඩේ මේකයි මචං.. ලින්ක් එක දාන්න පුලුවන්. හැබැයි ඔෆිස් එකේ කීප දෙනෙකුට විතරයි ඉන්ටනෙට් access තියෙන්නෙ. ගොඩක් එවුන්ට access තියෙන්නෙ ඊ මේල් වලට විතරයි. කමක් නෑ. අපි ඒක අමතක කරමු. කතන්දරගෙ මේ පෝස්ට් එක පරණ උනාමවත් බලමුකො.

      Delete
    3. කොහේද බං ඉන්ටර්නෙට් නැති ඔය ඔෆිස් එක තියෙන්නෙ? මී මුරේද? අර හද්දා පිටිසර රාජ්ගෙ ඔෆිස් එකටත් ඉන්ටනෙට් තියෙන්නෙ.

      Delete
    4. නෑ බොලවු.. ඉන්ටනෙට් තියෙනව. හැබැයි අපේ IT කාරය ගොඩක් සයිට් බ්ලොක් කරල තියෙන්නෙ. ජොබ් එකට අවශ්‍ය වෙන සයිට් වලට විතරයි access කරන්න පුලුවන්.

      Delete
    5. ඌට හෙණ හත වදින්න ඕනි.... ලබන ආත්මෙ ඉන්ටර්නෙට් නැති මීමුරේ අභීත එදිරිසිංහ ගාව වැඩකාරයෙක් වෙලා උපදින්න ඕනි....

      - මේක IT කාරයටත් යවපන් -

      Delete
    6. @ Manosh Sandaruwan

      ඔබට අවශ්‍ය දෙයක් කරන්න. මේ කතාව කොපි පේස්ට් කර ඊ-මේල් කරන්න. කතාව මට ලියා එවූ අංක්ලටත් ඕනෑ වුනේ මේක විශාල පිරිසකට දැන ගන්න සැෑලැස්වීමයි.

      Delete
    7. මීමුරේ මාමා ලග වැඩට කියා කියන්නේ පුකත් නැතිව එන්න වෙන්නේ.

      (පුක යනු කුනුහරුපයක් නොවේ - කකා)

      Delete
    8. \\- මේක IT කාරයටත් යවපන් -// IT කාරයාට යවන්නනම් පුලුවන්. හැබැයි ඉතින් එතකොට මේ මගේ අවසාන කොමෙන්ට් කිරිල්ලත් වෙයි. මොකද ඌ හෙට ඉඳල මගේ කම්පියුටරෙත් ඉන්ටර්නෙට් බ්ලොක් කරයි.

      Delete
    9. ඔන්න ඔය ඔෆිස් එකෙන් අස්වෙලා මීමුරේ මාමා ගාව වැඩට පලයන් බං.

      Delete
    10. අනේ අම්මේ ඉන්ටනෙට් නැතිවුනත් කමක් නෑ මං මෙහෙටම වෙලා ඉන්නම්.. මීමුරේ අයිය දැන් බ්ලොග් එක පැත්ත පලාතෙ එන්නෙ නෑ නේද?

      Delete
    11. කතන්දරගෙ අවසරය පිට ඔන්න මං ආර්ටිකල් එක මේල් කලා දන්න කියන අයට

      Delete
    12. බොලගේ IT ඇඩ්ඩින් ගෙං අහපන් වැස්සකටවත් කොම්පුටර් පන්තියකට ගිහිල්ල තියෙනවද කියල. (SLT එකේ ඉඳං පගාවට ගොසිප් සයිට්ස් බ්ලොක් කරන ගොං වැස්සන්ට දෙවෙනි නැහැ ). ඒ මෝඩ තකතිරුවට කියහන් බාගෙට ඉන්ටෙර්නෙට් දීමක් කියල එකක් නැහැයි කියල. එක්කෝ ඉන්ටෙර්නෙට් තියෙනවා. නැත්නම් නැහැ. මේක බාගෙන ඕන හැටියේ ඉන්ටෙර්නෙට් පල https://ultrasurf.us/

      Delete
    13. වැඩක් නෑ මහසෝන්.. ඇඩ්මින් පාස්වර්ඩ් ඕන හැම මගුලක්ම ඉන්ස්ටෝල් කරන්න. මේකයි වැඩේ.. අපේ එවුන්ටත් ඉන්ටර්නෙට් බාධාවක් නැතුව දුන්නොත් ජොබ් එකේ වැඩක් නම් කෙරෙන්නෙම නැතිවෙයි. ඒකනෙ අවුල.

      Delete
    14. මහසොහොන් පිල්ලිය මහත්මයාණනි. සයිට් බ්ලොක් කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවෙන් වන අතර ඒ සඳහා ටෙලිකොම් ආයතනය කිසිදු වගකීමක් නොදරයි. විදුලි සංදේශ නියාමන කොමිශම යනු පූර්ණ වශයෙන් රාජ්‍ය ආයතනයක් වන බැවින් පුරවැසියන් ලෙස එයට විරුද්ධවීමට ඔබට අයිතියක් ඇත.

      Delete
  8. එතකොට කකා වාහනේ උදේ පාන්දර ස්ටාර්ට් කරපු ගමන් ඒසී දාන්නත් හොද නැහැ කියලා කියන්නේ ඔය වගේම සිදුවීමක් වෙන හින්දද? වාහනේ ස්ටාර්ට් කරලා විනාඩි 5 ක් විතර ධාවනය කරනකන් විදුරු විවෘතව තබා,පසුව ඒවා වහලා ඒසී ක්‍රියාත්මක කරන්න ඕනි කියලයි මම අහලා තියෙන්නේ.

    ඒත් මමනං ඔය වැඩේ කරන්නේ වාහනේ අව්වේ තවත්තලා තිබ්බ වෙලාවක විතරයි. කකා හිතන්නේ මේකේ විද්‍යාත්මක පැත්ත මොකක්ද කියලද?

    ReplyDelete
    Replies
    1. මේක මමත් අහලා තියෙයි. විද්‍යාත්මක නෙවෙයි මෝටර් කාර්මික පැත්තෙන් පැහැදිලි කෙරෙන්න ඕනා ;)

      Delete
    2. මම අහලා තියෙන්නේ වාහනේ අව්වේ එහෙම හොඳටම රත්වෙලා තියෙද්දි නැග්ග ගමන් AC දාන්න එපා කියලා. ඒකෙ විද්‍යාත්මක පැත්ත නම් දන්නේ නෑ. ඔය ප්ලාස්ටික් එහෙම රත්වෙලා තියන නිසා වෙන්න ඇති. මොකද එහෙම AC දාපු ගමන් ප්ලාස්ටික් උණුවෙන ගඳක් එහෙම දැනෙන වෙලාවල් තියනවා. කොහොමටත් වාහනයක් ගාරාජ් එකේ හෝ එළියේ හෝ ගොඩක් වෙල නවත්තලා තිබ්බහම මුලින්ම වීදුරු ඇරලා වාතය ටිකක් පිරිසිඳු කරගන්න එක නරක නෑ.

      අනිත් දේ තමයි ගෑස් වලින් උයන ගෙවල් වල, උදේ උයන්න කලින් දොරක් ජනේලයක් ටික වෙලාවක් ඇරලා තියන එක නම් කරන්නම ඕනේ වැඩක්. ගෑස් ලීක් එකක් එහෙම තිබ්බොත් එක පාරට ගිනි ගන්නවා. එහෙම දේවල් ලංකාවේ නම් ඕන තරම් අහලා තියනවනේ. ලීක් වෙන ගෑස්, බරට පහළට යන නිසා හිටගෙන ඉන්න කෙනෙකුට එක පාරට ගෑස් ගඳක් දැන්න්නේ නෑ.

      Delete
    3. තිසරගේ කොමෙන්ට් එක නම් නියමයි. හරිම වටිනවා තිසර. ඔයා කොහොම මෙහෙම කොමෙන්ට් ලියනවද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. අනික ඔයාමද මේකොමෙන්ට් එක ලිව්වේ කියලාවත් හිතා ගන්න බැරි විදිහේ හරිම ලස්සන කොමෙන්ට් ඔයා දැන් දානවා නේද?

      මට හරිම සතුටුයි තිසර මේ තරමට දියුණු වෙලා ඉන්න එක ගැන. හැබැයි තිසර ප්‍රවේශමින් ඔයාට තරහා කාරයෝ ඇති වේවි. මොකද මම බැලුවා ඔයාගෙ කොමෙන්ට් බලන්නම කකාගෙ බ්ලොග් එකට සෙනඟ ඇදිලා එනවා.. කකාගෙ හිට්ස් ඔයා නිසා ගොඩාක් නැගලා.

      ඉතින් එතකොට අනිත් බ්ලොග්කාරයෝ ඔයා එක්ක තරහා ඇති කර ගන්න එක පුදුමයක් නෙවෙයිනේ. බලාගෙන මල් වගේම කොයි වෙලාවේ ඔයාට ගල් පාරවල් එල්ල වෙයිද දන්නේ නැති නිසා ටිකක් පරෙස්සමින් කල්පනාවෙන් කොමෙන්ට් කරන්න බලන්න

      Delete
    4. තිසර,

      ඔය රත් වුන කාර් එහෙක ටිකක් වීදුරු ඇරල ගිහින් පස්සෙ ඒසී දාගන්න කියන්නෙ හේතු දෙකක් නිසා.

      1. ඊමේල් එක්ස්පර්ට්ලට අනුව අනුව කාර් එකේ ඇතුලෙ ප්ලාස්ටික් වලින් රත් උනාම පිටවෙන වාතය පිළිකා කාරක ඇති කරනවලු. ඒත් American cancer society එකට අනුව ඒක බොරුවක්. පහත ලින්ක් එකේ විස්තර තියෙනව.

      A German study published in 2007 specifically researching the air inside parked cars did not find a hazard to human health. Their analysis detected some cancer-causing chemicals and others that are considered probable or possible carcinogens, but these chemicals were present at levels similar to those found in the air of buildings. Some chemicals that are similar to benzene were found, but benzene was not reported in the results of this study.

      2. නිෂ්පාදකයො මේක කියන්න හේතුව තමයි ගොඩ වෙලාවක් එලියෙ නවත්තල තිබ්බ කාර් එකේ රත් උන වාතය එලියෙ තියෙන වාතයට වඩා රස්නෙයි. ඉතින් වීදුරු ඇරල ඇතුලෙ වතයෙ රස්නෙ අඩු කරගන්න එක පහසුවක් වෙන නිසා ඒ සී එකට ඉක්මනින් වාහනේ ඇතුලත කූල් කරගන්න.

      Delete
    5. ඉන්දික.. හරිම ෂෝක් කොමෙන්ට් එකක්... ඔයා තිසරට නියම තරඟයක් දෙනවා....

      Delete
    6. මං ෂටර්ස් අරිනවා වැඩ ඇරිලා ගෙදර එනකොට. ඒ කාර් එක ඇතුලේ තියෙන රත් වුණු වාතය අයින් කරන්නයි. (මං ඒසී දාන්නේ නැතුවම බැරි නම් විතරයි!)

      Delete
    7. මූ වගේ කුණෙක්....

      Delete
  9. අංකල් දැන් ඩිමෝ බට්ටෙක් දැක්ක ගමන් නැගිටලා උපහාර දක්වනවාලු.... එක්ස්හොස්ට් එකේ ලීක් එකක් නොතිබුනත් ෂටර්ස් වහගෙන දිගටම් යනකොට ඇතුලේ ඔක්සිජන් ප්‍රතිශතය පහල යනවා ,දිග ගමනක් අවසානයේ ඇඟට අපහසුවක් දැනෙන්නේ ඒ නිසා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බැහැ. එහෙනං බස් එකක ජනෙල් ඇරගෙන යන ගමනකුයි, කාරෙකක ඒසී දාගෙන යන ගමනකුයි ගත්තම කාරෙකේ යනකොට වැඩියෙන් අපහසුවක් දැනෙන්න එපයි. එහෙම වෙන්නේ නෑනේ.

      ලෝබ කමේ ඒසී දාන්නේ නැතිව ෂටර්ස් වහගෙන ගියොත් නං අමාරු වෙයි. නැත්තන් නන ගැටලුවක් නෑ.
      ලජ්ජා නැද්ද චේගේ රූපේ දාගෙන ගොන් කතා කියන්න?

      Delete
    2. "මාලෙ කරේ - චේ පපුවේ - මෙලෝ දෙයක් - නෑ ඔළුවේ"

      ත්‍රී වීලර් එකක් පිටිපස්සෙ දැක්කෙ

      Delete
    3. ඇනෝ - උඹේ ත්‍රීවීල් එකේ වැරදියට ගහගෙන තියෙන්නේ ඒක ...

      "මාලේ ගෙලේ - චේ පපුවේ - කිසිම දෙයක් නෑ ඔලුවේ " කියලා ඒක නිවැරදිව ගහගන්න. ඔකේ කියන්නේ උඹ හිතන් ඉන්න මාලේ නෙවෙයි "බොබ් මාලේ " ගැන මැට්ටෝ

      ඕක චින්තක ගීතදේවගේ සින්දුවක් .. මේ තියෙන්නේ අහලා ගිහින් හරියට ලියලා පාරේ ත්‍රීවීල් පදවන්න

      Delete
    4. @ ඉවාන්

      ඇයි අර කන්ටේනර් අස්සේ මින්ස්සුන්ව යුරෝපයේ හොරෙන් රටකින් රටකට පන්නන්න ගිහිල්ලා සෑහෙන පිරිසක් මලා නේද? ඒ ඔය හේතුව හින්දාම තමයි.

      Delete
  10. අවුරුදු ගාණකට පස්සෙ පෝස්ට් එක කියෙව්වා. වෙනදට පෝස්ට් එක නෙවෙයි කියවන්නෙ ඇනෝ කමෙන්ට්ස්නෙ. කකාට සුභ පැතුම අවුරුදු ගාණකට පස්සෙ හොඳ පෝස්ට් එකක දාල තියෙනවා. මේ බ්ලොග් එක කකා නොලියා වෙන අය ලියන දේවල් වලින්ම පිරෙව්වොත් මීට වඩා හොඳ ගෝ එකක් තියේවි.

    ReplyDelete
    Replies
    1. මේක මේ කකා ලියපු කතාවක් නෙමේ.මේක ලියලා තියෙන්නේ කකාග්ගේ පරණ කැච් එකක් වෙන අන්කල් කෙනෙක්. කකාට පුලුවන්ද මේ වගේ කතා ලියන්න? කකා දන්නේ මෙලෝ රහක් නැති කයිපද දාන්න විතරයි.

      Delete
  11. අද නං කකා මට වැඩ වැඩ වැඩ. හරිම බිසී දවසක්. ඔෆිස් එකේ ඩොකියුමන්ට්ස් වගයක් තියෙනවා ඉවර කරන්න. බොසා අරහේ අමත අමත ඉන්නවා. ඒ හින්ද කකා අද මිට වඩා නං ඇනෝ කොමෙන්ට් දාන්න වෙන්නේ නෑ. අනික කකාට අපේ අගයක් නෑඒ. අපි මෙතන බොසාගෙන් බැනුම් අහ අහා කොමෙන්ට් දදා කකාගේ හිට්ස් වැඩි කරලා දෙනවා. ඒත් කකා අඩුම ගානේ අපිට මීමුරේ ටුවර් එකකට වත් ස්පොන්සර් කරනවද?

    අද නං මිට වඩා මට කොමෙන්ට් දාන්න වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මචන් යන්න එපා... මම උඹට සුරුට්ටුයි කැමරාවකුයි එවන්නම්.....

      - කකා -

      Delete
  12. @ All
    මේ කතාව කියවන කෙනෙක් වැරදි වැටහීමක් ඇතිකර ගනීවී යැයි සැක සිතුණුණු නිසා මේබව නැවත අවධාරනයෙන් කියන්න අවශ්‍යයි.

    මෙතන සිද්ධිය ෂටර් වහගෙන ඒසී දාගෙන ගිය එන නොවෙයි. එක්ස්හෝස්ට් එකෙන් අපවිත්‍ර වාතට ඒසී එක හරහා වාහනය ඇතුලට කාන්දු වීමයි.

    මේ අංකල් ගේ වාහනය හරිහැටි නඩත්තු කරලා නෑ.

    මෙහි එක්ස්හෝස්ට් එක සහ ඒසී එක නිසි පරිදි නඩත්තු කළා නම් මේ තත්වය ඇතිවන්නේ නෑ කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. හා මචං

      Delete
    2. අනිවා කකා මසකට වරක්වත් එහෙම නොකලොත් සහ පරණ වාහනයක් දිගටම දිවීම තමා පුරස්නෙ ...

      Delete
  13. අංකල්ට දැං නං දොරක් දාගන්න වෙයි වගේ..
    මෙහෙම හරි අංකල් බේරුණු එක ලොකු දෙයක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක කොම්පැනි කාරෙක ලු. වෙන එකක් අරගන්න ඇති!

      Delete
  14. අපේ උන් ගෑණියෙක් ගන්නවා වගේම තමයි වාහන ගැනිල්ලත්, පෙරුම් පුරලා, පෙරුම් පුරලා මඟුල් කාලා ගත්තට පස්සේ.. නෝ මෙන්ටේනන්ස්, දුවනකන් දුවනවා.. අන්තීමට කිව්වා වගේ වාහනේ නියමිත කාලයේදි සර්විස් කලානම් කිසි අවුලක් නෑ.. ඔය ලෙඩ දෙන්නේ හරියට සර්විස් කරන්නේ නැති උනාම.. වාහනෙත් එහෙමයි, නෝනත් එහෙමයි.. ආදරෙන් බලාගන්න ඕන.. වෙන වාහනවල නැගලා ගියාට අවුලක් නෑ.. තමන්ගේ එක නිසියාකාරව නඩත්තු කරනවානම්..

    ReplyDelete
    Replies
    1. හා හොඳයි... අපි එහෙම කරන්නම්.... ඔයාගෙ නෝනත් ඔයා ගැන එහෙම හිතනවා ඇති නේද... පොඩ්ඩක් නොම්මරේ දෙන්න බැරිද?

      Delete
    2. මාතලන්, තාම අපේ ඉල්ලීම ගැන හිතලා නැද්ද බං? ඔන්න ඔහේ මතලන්ගේ සින්ඩිය අපිට බාර දීපන්. දැන් කී පාරක් කිව්වද? තන්හා වෙන්න එපා. බැදීම් අඩු කරගන්න. සින්ඩිය අපිට දෙන්න.

      Delete
    3. @ මාතලන්,
      සමහරු කාර් අරං නිකං ෂෝ කේස් එකේ දාලා වගේ හෝදලා මැදලා පරිස්සන් කරගෙන ඉන්නවා නේද දුවන්නේ නැතුව?

      Delete
    4. ඒක නේන්නම් සත්තලනේ කිව්වේ.. සර්විස් කරන්න ඕනා නිතරම...

      Delete
    5. මෙහෙමයි මේක කේස් දෙකක්.

      Case 1. කාර් එක දුවනවා දුවනවා නෝ සර්විසින්

      Case 2. කාර් එක රෙදි පොරෝලා ගෙදර නවත්තලා තියෙනවා

      මේ කතන්දරේ බලන්න.
      http://kathandara.blogspot.com/2011/03/blog-post_07.html

      Delete
  15. කකා හරිම ලස්සන හරවත් හැදින්වීමක් එක්ස්හෝස්ට් එක සහ ඒසී එක ගැන. ඒත් ඒ හැඳින්වීම මඟින් තවත් අයට ඔයා ගැන බොහෝම බුද්ධිමත් වැටහීමක් අවබෝධයක් ඇති කරගන්න පුලුවන් විදිහේ සටහනක් තමයි ඔයා දාලා තියෙන්නේ.

    කකා වයසින් ඔයා ටිකක් වැඩි වුනාට ඔයාගේ අදහස් නම් හරිම තරුණ පාටයි. තව ටික කාලයක් වෙද්දී බ්ලොග් ලෝකෙ කිසිම කෙනෙකුට කකා එක්ක කෙලින් හිටගන්නවත් බැරි වේවි.. තරම්ම හොඳ පොස්ට් ගොඩාරියක් ඔයා මේ ටික කාලය ඇතුලත දාලා..

    මම දැන් ටික දවසක ඉඳලා ඔයාගේ බ්ලොග් පොස්ට් කියවනවා ඉතාම ආශාවෙන්. හරිම රසවත් අදහස් තමයි ඔයාගේ පොස්ට් වල තියෙන්නේ.

    ඒවා හරිම බුද්ධිමත්, වැදගත්, හරවත්, ගුණවත්. හදවතට සමීපයි. ඒ වගේම හරිම සංවේදීයි. කකාට මම හුඟක් සෙනෙහසින් යුතුව ආශිර්වාද කරනවා..

    ReplyDelete
    Replies
    1. මේ ඒඑස්එන් හේවගේ ද?
      නැත්තං එයාගේ සියයක් අවතාරවලින් එකක්ද?

      Delete
  16. කකා අනේ අදවත් අර නැති උන ප්ලේන් එක හොයාගෙන නැද්ද? හරි පව් නේද කකා ඒ ප්ලේන් එකේ හිටපු අය. පොඩි බබාලත් ඉදලා කකා ප්ලේන් එකේ. හරිම දුකයි කකා මට. ඇයි කකා ඒ වගේ වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ,අපේ ජනාධිපතිතුමා වගේ .ඔයා හරිම සංවේදී කෙනෙක්.

      Delete
    2. ලෝක සොබාවය එලෙසයි දන කියතී
      මරණ ලයිස්තඔව නිම දැයි සැක සිතෙතී

      Delete
  17. මෙ කතාවනම් ගොඩාක් වැදගත් පාඩමක් කියල දෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.
      ඉලග දවසේ පොස්ට් එකටත් කොමෙන්ට් එකක් දාන්න එන්න.

      කතන්දරකාරයා

      Delete
    2. @ Damith
      ඇයි එතකොට මෙන්න මේ කතාවෙන් දැනුමක් ලැබුණේ නැද්ද?
      http://kathandara.blogspot.com.au/2011/05/1.html

      Delete
  18. හොද වෙලාවට ඔය වගේ වාහන නෑ ,කකුල් වල පිහිට ඔය හැම දේකටම වඩා හොදයි කියන්නෙ නිකන් ද ?

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි... ඔයා පයින් නුවර යන්න.... අමාරුනම් කරත්තයක් හරි ගන්න.... ඔයාටම පුළුවන් ඇදන් යන්න....

      Delete
    2. හික් හික් ෂා ,හොදට තෙරිලා තියෙන්නෙ ....;))

      Delete
    3. අපේ ගෙදර පරණ කරත්තයක් තියෙනවා. උබට පුලුවන්ද ඒක ඇදන් යන්න එන්න. කකුල් වල පිහිට හොද නං වරෙන්කො කරත්තේ අදින්න.

      Delete
    4. ඇවිද්ද පය දහස් වටී කියනවානේ!
      හාට් එකට හොඳයි.

      Delete
  19. වාහනේ නඩත්තුව ගැන සැලකිලිමත් වෙන උදවිය පවා නොහිතන දෝෂයක් මේක. කෝටියක් ඔප්ෂන්ස් තියෙන අලුත් කාර් ඇතුලේ ඔක්සිජන් මට්ටම අඩුනම්/ මොනොක්සයිඩ් මට්ටම වැඩිනම් පෙන්නන ගැජමැටික් එකක් ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. කකාගේ ගැජමැටික් එක නං දැන් කල්පැනලා.

      Delete
    2. @ Thilaka
      තියෙනවා.
      ඒ විතරක් නොවෙයි තිලක, අන්ඩර්ග්‍රවුන්ඩ් කාර් පාක්වල, ටනල් ඇතුලේ එයා කොලිටි හොයන සිස්ටම්ස් අනිවාර්යෙන්ම තියෙනවා. ටනලින් වල දී ලොකු ප්‍රශ්නයක් තමයි එක්ස්හෝස්ට් ගැස් එලියට යන්න ටවර් දැමීම

      Delete
  20. කකා,
    මිට පස්සේ කකා බ්ලොග් ලියන්න එපා. ඔය අංකල්ටම බ්ලොග් එක බාර දෙන්න. කකා ලියන මෙලෝ රහක් නැති කතා වලට වඩා අංකල්ගේ කතා හොදයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මං මීට කලින් දාපු අංකල්ලා ගේ කතන්දර

      1. ඉන්දික උපශාන්ත අංකල් ගේ මුල් ම කතන්දරේ
      http://kathandara.blogspot.com/2010/02/blog-post_25.html

      2. නම නොකියන ඇවරිය අංකල් ගේ කතන්දරේ
      http://kathandara.blogspot.com/2010/07/blog-post_16.html

      3. ඒ අංකල් ගේ ම චූ කතන්දරයක්
      http://kathandara.blogspot.com/2010/05/blog-post_5712.html

      4. ඒ අංකල් ගේ ම "මෙලෝ රහක් නෑ" කතන්දරය
      http://kathandara.blogspot.com.au/2010/07/blog-post_22.html

      5. රසික නානායක්කාර අංකල් ගේ කතන්දරේ
      http://kathandara.blogspot.com/2010/04/blog-post_07.html

      Delete
  21. කකා.. මේ අංකල් කකාගෙ කක්කා ජී පඩ චූ කොමෙන්ට් දාන කැපිටල් අංකල් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ ජී අංකල් ගේ කතාවක් තමයි ,

      කතන්දරකාරයා

      Delete
    2. අපෝ නෑ, මේ අංකල් ඒ වගේ වාතයෙක් නොවෙයි!

      Delete
  22. අන්කලුත් හොද ලියන්නෙක්නේ

    ReplyDelete
    Replies
    1. ලේක් හවුස් එකේ ඉන්න මෝඩ ලියන්නට වැඩිය නම් අන්කල් හොඳයි තමයි.

      Delete
    2. අංකල් බුලත්විට කටේ දාලා ලියන්නත් දක්‍ෂයෙක් වගේ!

      Delete
  23. කකා... මැලේසියන් ෆ්ලයිට් කේස් එක ගැන රටේ ලෝකෙ හැම තැනම කථා වෙනවා... කකාගෙ බ්ලොග් එකෙත් කථා වුනා.... තව, මෝඩයොත් ඒ ගැන කථාකරන නිසාම මට පුරස්න කීපයක් ආවා කකාගෙන් අහන්න......

    01. කකා.... කෙන්දර නියාම ධර්ම වලින් පහදන්න පුළුවන් මහණ වෙලා හිටිය එක්කෙන්ක්ටම විතරද?

    02.කේන්දරය කියන්නෙත් නියාම ධර්මයක්ද?

    03. කේන්දර හතලිහක් බලලා මැලේසියන් ෆ්ලයිට් එකට වෙච්ච දේ හොයන්න පුළුවන් තරමේ මහා බලගතු ජ්‍යෝතිර්වේදියො අපේ රටේ ඉන්න් එකේ... රටවල් ගානක් එකතුවෙලා පුක ඉරාගෙන.... කෝටි ගනන් නාස්ති කරන එක අපරාධයක් නේද?

    04.කකාට බැරිද මේ අපේ වීරයගෙ හඬ ලෝකෙට ගෙනියන්න?

    05.ලෝකායන ජෝතිශ්‍යය දන්න එකෙකුට රේඩාර් ජී. පී. ඇස්. නැතුව ෆ්ලයිට් එකක් ගෙනියන්න පුළුවන්ද?

    06.පයිලට්ට මාරක අපල තිබුනද?

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ කකා... අමාරුවෙන් හොයලා අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මමම හොයා ගත්තා.....

      පයිලට්ගෙ අපලෙට වඩා මෙතන බලවත් වෙලා තියෙන්නෙ මේ මාසෙ පලවෙනිදා ඉඳලා පටන් ගත්තු කුජ වක්‍රය...... ඉතින් ඒකාලෙ ඇතුලත මේ වගේ අනතුරු වෙනවා ...... මෙතන වැරැද්ද තියෙන්නෙ මැලේසියන් ආන්ඩුවෙ.....

      ඒ ගොල්ලන්ට තිබුනා පහත දැක්වෙන වත් පිළිවෙත් වලින් එකක් හරි කරන්න.....

      * සුදු මල් සමඟ රත්මල්,කනේරු මල් පූජා කොට බෝධි පූජා කිරීම
      * කතරගම දෙවියන්ට බාරහාර පුදපූජා කිරීම සෙත්කවි කියවා සෙත් පැතීම
      * කොලොන් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
      * රතු වස්ත්‍ර පූජා කිරීම දන් දීම
      * ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ රතු, කොරල් ගල් ඇල්ලූ ආභරණ පැලදීම
      * කන්ද කුමාර හෝ සීලම්බර යන්ත්‍ර නිසි ලෙස ලියා සකස් කොට ජීවම් කර පයිලට්ට පැලඳවීම..
      * භූමි නාග බලිය ඇරීම

      Delete
  24. මෙය සම්පූර්ණ බොරුවකි.

    "මටත් දැන් ඔළුවට එන්නෙ මේ භයානක සිතුවිලි. ඊ මේල් එහෙමත් එනවනෙ, -මගදි හාට් ඇටෑක් එකක් වගේ ආවෙත්, අත් දෙක උස්සල කහින්න, කැහැ කැහැ ළඟම ඉස්පිරිතාලෙට යන්න!- යනාදී අවවාද එක්කල. "

    මෙන්න ඇත්ත.

    http://mendedhearts.org/resources/about-heart-disease/the-coughing-rumor

    ReplyDelete
  25. නිකන් පුකෙන් පිටවි යන පඩ ගැන කකා ඔබේ මතය කුමක්ද ?
    (පුක යනු කුනුහරුපයක් නොවේ - කකා)

    ReplyDelete
    Replies
    1. මෙවැනි කමෙන්ට් තුලින් ඔබ යම් මානසික සහනයක් ලැබෙන බව තේරුනු නිසා මා එයට ඉඩ දුන්නා. නමුත් දැන් නං ඇති නේද?

      Delete
    2. Inquisitive Ano ....

      After Stats Ano , French Ano , KASUJASA Ano , Australian ad Ano , and few more ..

      Delete
  26. කකා මොකද හිතෙන්නේ... ජැක් පොට් පෝස්ට් එකට වඩා මේකට හිට්ස් ලැබෙයිද?

    ReplyDelete
    Replies
    1. සෙනසුරාදා උදේ පහමාරට සංසන්දනය කර බලන්න.

      Delete
  27. ඇත්තටම වැදගත් සහ අවධානය යොමු කල යුතු කරුනක් තමයි.

    ඔය ඕනම AC එහෙක තියෙනව option එකක් වාහනේ ඇතුලත වායුවම පිරිසිදු කරල සීතල කරල දෙන්න හරි පිටත වාතය සිසිල් කරල දෙන්න හරි කියල. සමාන්‍යෙන් automatic climate control system නැති වාහනවල පොඩි damper liver එහෙකින් තමයි ඕක select කරන්න තියෙන්නෙ. ඕක ලංකාව වගේ රටවල සහ high traffic සහිත නගරවල යනකොට ඇතුලත වාතය සිසිල් කරල දෙන option එකටම තියා ගන්න ඕන. ඒත් කවුරු හරි කෙනෙක් ඕක මාරු කරොත් එක්ස්ටර්නල් එයාර් මෝඩ් එකට, වෙන්නෙ එලියෙ තියෙන වාතය ෆිල්ටර් කරල සීතල කරල දෙන එකයි.

    අනික ඔටෝ ක්ලයිමෙට් කන්ට්‍රෝලින් සිස්ටම් වල AC එක "Auto" මෝඩ් එකට දාපුවමත් ටික වෙලාවක් ගිහින් වාහනේ ප්‍රමාණෙකට කූල් උනාට පසෙ සිස්ටම් එකෙන්ම දාගන්නව external air mode එකට.

    ඉතින් ඔය මොන හේතුවක් නිසා හරි ඒ සී එකට පාවිච්චි කරන්නෙ එකස්ටර්නල් එයාර් නම් එතකොට කාර් එක ඇතුලට එන සීතල වාතය බොහොම අපිරිසිදුයි. මොකද ඒක පිරිල තියෙන්නෙ කාබන් මොනොක්සයිඩ් සහ සල්ෆර් දුම. හේතුව ඒසි ෆිල්ටර් එක සීයට සීයක් ඒව පෙරල දෙන්න තරම් ස්ට්‍රෝන්ග් නැති නිසා.

    දැන් මෙන්න මේ විදියට external air කූල් කරන මෝඩ් එකේ තියෙද්දි වාහනේ එන්ජින් එකේ exhaust manifold එකේ පොඩි ලීක් එකක් තිබ්බොත් වෙන්නෙ පිටත වාහනවලින් එන දුමට අමතරව තමන්ගෙ වාහනෙන් එන දුමත් එකතුවෙලා තත්වය මාරාන්තික වෙනව ක්ෂනිකවම.

    අනෙක් අතට තමන්ගෙ වාහනේ එන්ජින් එකේ exhaust air ලීක් එකක් නොතිබ්බත් පිටත වාහනවල දුම තමන්ගෙ ඒසී එක හරහා ඇවිත් ආශ්වාස කරල කාලයක් යනකොට අතුරු ලෙඩ ඇතිවෙනව රියදුරාට, සහ ඉක්මනට ෆිල්ටර් එක බ්ලොක් වෙලා ඒසී එකත් ලෙඩ දෙන්න පුලුවන්.

    ඒ හින්ද විශෙෂයෙන් ලංකාවෙ රියදුරන් පරිස්සම් උනානම් ඒ සී එකේ එයාර් කොන්ට්‍රෝලින් ඩෑම්පර් එක ඉන්ටර්නල් එයාර් විතරක් සිලෙක්ට් කරන් යන්නත්, ඒත් එක්කම වාහනේ නඩත්තුවට වගේම ඒ සී එකේ නඩත්තුවටත්, ඔය වගේ අනතුරු වෙන්න තියෙන අවස්ථාව ඉතාම අඩු කරගන්න පුලුවන්.


    ReplyDelete
    Replies
    1. ඉන්දික හරිම ලස්සන හරවත් හැදින්වීමක් එක්ස්හෝස්ට් එක සහ ඒසී එක ගැන. ඒත් ඒ හැඳින්වීම මඟින් තවත් අයට ඔයා ගැන බොහෝම බුද්ධිමත් වැටහීමක් අවබෝධයක් ඇති කරගන්න පුලුවන් විදිහේ සටහනක් තමයි ඔයා දාලා තියෙන්නේ.

      Delete
    2. මේ වගේ මොළේ තියෙන, කරුණු කාරණා දන්න මිනිහෙකුත් ගොනාට අන්දන්න මීමුරේ මාමාට කොයි තරම් බුද්ධියක් තියෙන්න ඇතිද කියලා මං මේ හිතන්නේ.

      Delete
    3. ඇයි ඇනෝ අහල නැද්ද ? හොරාට ගණදෙවි නුවන තියෙනවා කියන එක ! :)

      Delete
    4. ඔයේ කොහේ ඒසී දාගෙන ගියත් කමක් නෑ. හැබැයි මිමුරේ යද්දී ඒසී එක ගලවලා ගෙදර තියලා යන්න. නැත්තං මීමුරේ මාමා ඒසී එක ගලවගනී.

      ප.ලි- ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.

      Delete
    5. මීමුරේ මාමා ගණදෙයියන්ටත් පොල්ල තියන ජාතියෙ ඩයල් එකක්.... එහෙව් එකේ ඉන්දික කියන්නෙ නතිං.....

      Delete
    6. මිමුරේ මාමා යවන්න ඕනි මීමුරේ ටුවර් එකකට. එතකොට ඔය ගති ඇරිලා යයි.

      Delete
    7. ඔබේ පැහැදිලි කිරීම්වලට ස්තුතියි ඉන්දික.

      Delete
  28. මටත් මතක් උනේ නුවරඑලියෙ ගිහිල්ල සීතල මැකෙන්න බාබකිව් ගිනිකබල දල්වගෙන අවසන් නින්ද නිදාගත්ත පවුලට වෙච්ච දේ.

    ReplyDelete
    Replies
    1. රාජ්ව දැක්ක ගමන් මට මතක් උනේ මාලන් ගොයියව....
      අනේ පව් පොර අර පැරාගෙ එකේ ඇනෝවෙක් ආතල් එකට දාපු... මෙලෝකෙ ඇත්තක් නොවෙන කොමෙන්ට් එකක් අල්ලගෙන... ඊයෙ පෙරේදා බ්ලොග් ලියන්න ආව වගේ....
      හරියටම කිව්වොත් ඇස් බාගෙට ඇරුන බළල් පැටියෙක් අම්මගෙ නැට්ට එක්ක සෙල්ලම් කරනවා වගේ.... බුකියෙ ආසාවෙන් සෙල්ලම් කරල තිබ්බ අපූරුව.....

      Delete
    2. මචං රාජ්, උබ හිතල මකා ගන්න පාවිච්චි කරන අවුසදේ මොකක්ද?

      Delete
    3. හීතල මකා ගන්න අවුසද ඕනැ නෑ බං අළුත කසාද බැඳපු එවුන්ට. අළුත කිව්වෙ අවුරුදු තුන හතරක් වුණත් කමක් නෑ. ඔය කකාල වගේ නාකින්ට තමයි අවුසද ඕනැ.

      Delete
    4. @ රාජ්
      කපල් එකේ මරණය ගැණ මා අසා කියවා තිබුණත් මේ කියන කේස් එක ගැන ඇහැව්වේ අදයි.

      Delete
    5. රාජ්ව දැක්ක ගමන් මට මතක් උනේ මාලන් ගොයියව..//
      ඒ මොකෑ?

      Delete
    6. මේකයි සීන් එක.... උඹ විතරයි කටක් ඇරලා මාලන්ට වැරදියි කියන්න කෙලින් හිටපු ඩයල් එක.... උඹත් නැති... අපි ලොවෙත් නැති තැනක... පාළුගෙයි වළං බිඳින මේ ඇට රම්බෝ කරන වැඩ වලට.... අපිට හිනා වෙන්න තියෙන්නේ ඉතින් අනුකම්පාවෙන් තමා....

      Delete
  29. අද අර විශ්‍රාම ගිය විදුහල්පතිතුමා දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහු ඔහුගේ බ්ලොග් එක ලියනවා විය යුතුයි!

      Delete
  30. කකාගෙ බ්ලොග් එකේ හිට්ස් විතරක් නෙවෙයි කමෙන්ට්සුත් ටැක්සි මීටරේ වගේනෙ. මං කමෙන්ට් කියවන්න පටන් ගන්නකොට 104 යි කියවලා ඉවර වෙලා බලන කොට 108 යි. මං කියනව අතරේ හතර දෙනෙක් කමෙන්ට් කරලා.

    ReplyDelete
    Replies
    1. අද සිංහල බ්ලෙග් අවකාශයේ අළුතින් පෝස්ට් පලවෙලා තියෙනවා අඩුයි.

      Delete
  31. අපේ අප්පේ. එදා ස්වර්ගස්ථ උනානම් අද කතන්දර කියන්න අන්කල් කෙනෙකුත් නෑ

    ReplyDelete
  32. මට නන මේ විදියට ඒසී එක දැම්මම ඔය කියන අහිතකර වායුව ඒකට කාන්දු වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ. ඒ කියන්නේ කකා ඒසී දාගෙන යන ඕනි වාහනේක ඔය දේ වෙන්න පුළුවන් නේද?
    ඒත් දැන් අපි කොහොමද ඔය විදියට වාහනේ එන ඒසීවල ගුණාත්මක බව මැන ගන්නේ.

    මේ වගේ දෙයක් ගුවන් යානයක වගේ උනා නම් ලොකු අනතුරක් වෙන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මා ලියා ඇති ප/ලි කොටස සහ ඉන්දික උපශාන්ත ලියා ඇති විස්තරය කියවන්න.

      ගුවන් යානාවල තත්වය මීට වඩා වෙනස්. ජනෙල් ඇරියොත් හොඳට තියෙයි!
      http://en.wikipedia.org/wiki/Environmental_control_system_(aircraft)

      Delete
  33. හම්මූ අන්කල් මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ.අර බාබකිවු කතාවනම් අහල තිබුනා තමයි.හොඳ පෝස්ටුවක් කකා
    (ටිකක් පරක්කු උනොත් මේවයෙ කොමෙන්ට් කරන්න ත්‍රීවිල් හයර් කරන්න එපැයි අප්පා)

    ReplyDelete
    Replies
    1. [End] කී එක පාවිච්චි කරන්න.

      Delete
    2. අග ඉඳන් එන එක ලේසි තමා මටත් පේන්නෙ

      Delete
  34. කකාගෙ මන්දගාමී හිට්ස් මීටරේ අද දුවනවා නිකන් පුකේ බූමිතෙල් ගාපු බල්ලෙක් දුවනවා වගේ. බ්ලොග් ලිවිල්ල අන්කල්ටම භාර දුන්නොත් නරකද කකා?

    ReplyDelete
  35. කකා, මම දවසක් කක්කා කරලා පුක සෝදද්දී(පුක යනු කුණුහරුපයක් නොවේ- කකා) මට මොකක්දෝ දෙයක් අහු උනා අතට. මම පස්සේ බලද්දී ඒ පොඩි ගල් කැටයක්. පොඩි එකක්. එහෙම වෙන්නේ කොහොමද කකා? බත් එකේ තියෙන ගල් කැටයක් ගිලුනොත්ද එහෙම එන්නේ? එහෙම නැත්තං ඇඟ ඇතුලේ හැදෙන ගල්ද ඔහොම එන්නේ?

    ReplyDelete
    Replies
    1. මෙවැනි කමෙන්ට් තුලින් ඔබ යම් මානසික සහනයක් ලැබෙන බව තේරුනු නිසා මා එයට ඉඩ දුන්නා. නමුත් දැන් නං ඇති නේද?

      Delete
    2. හා කකා, එහෙනං ආයේ ඒ වගේ කොමෙන්ට් නොදා ඉන්නං. කකාගේ හිත රිදුනා නං සොරි කකා.

      Delete
    3. දැන් අපි ඔය වගේ ප්‍රශ්නයක් මතු වුණාම කකාගෙන් නාහා කාගෙන් අහන්නද? එතකොට කකා අපට බනිනවා මානසික රෝගීන් කියලා. මේක සාධාරණද කකා? ලෝකයේ අසාධාරණය නේද මේ? ඇයි කකාත් අසාධාරණයේ පැත්ත ගන්නේ?

      Delete
    4. මානසික රෝහලෙන් වුණත් සම්පූර්ණයෙන්ම ලෙඩ හොඳ නොවුණත් කරදරයක් නෙවෙයි නම් ගෙදර යවන පිරිසක් ඉන්නවනෙ. එහෙම කෙනෙක් වෙන්න බැරිද මේ කමෙන්ට් කළේ?

      Delete
  36. මොකද අංකල්ලා ගැන ලියන්නෙ?

    අංකල් කෙනෙක් ගැන ලියපු එකක් අල්ලගෙන නෝන්ඩි කරන එකෙන් ගැලවෙන්න ද?

    ReplyDelete
    Replies
    1. කකා අංකල්ලාට කැමැතියි. කකා පොඩි කාලේ අන්කල්ලා බුල්ටෝ ටොපී දුන්නලු.

      Delete
    2. බබ්බුත් දැක්කා
      මේ වගේ බබ්බු නොදැක්කා

      මේ බබා නලවන්න කට්ටිය වරෝ බෝනික්කො තොටිලි එහෙම අරගෙන

      Delete
  37. අනූව දශකයේදී හක්මණ මාතර ගියා බස් ජාතියක් ඕ ඇම් බස් කියලා. හප්පා ඒවයි යනකොට නං හොදි එපා. ඩීසල් වාෂ්ප වල සුවඳ බස් එක පුරාම විහිදිලා. කරවුනු ඔයිල් වල ගඳත් එනවා. ඒකෙ යනවට අපිට සල්ලි ගෙවන්න ඕනි. එහෙව් බස්වල මම අවුරුදු හත අටක් ගියා නෙව.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ලංගම කාලේ මට ගමේ යන්න පිටකොටුවේ බස් ස්ටේෂන් එකට එනකොට ම වමනේ යන්න එනවා ඩීසල් ගඳට!

      Delete
    2. අයියෝ කකා ඇයි බං මෙහෙම හිතන්නේ මම කිසිම විටක ඔබව පුංචි කර සලකන්නේ නැ. ඇයි ඔබ ඔබ ගැන එසේ සිතන්නේ? ඔබ මා ගැන කියන මාත් නොදන්නා හීන මානයක්ද නැත මම නිව්යෝක් හි වරායක නිල් කොලර් රැකියාවක් කරන කම්කරුවෙකි. මා ඉන් අදහස් කලේ දේශපාලන ආර්ථික වශයෙන් වඩා ධනවාදී රටක කම්කරුවෙකු හෝ හිඟන්නෙකු ලෙස විඳින නිදහස සමාජවාදී වැඩවසම් රජෙක් යටතේ සුදු කොලර් ජොබක් කරනවාට වඩා මම අගය කරන බවයි. ඒ මගේ තෝරා ගැනීමයි.එම නිල් කොලර් රැකියාව ගැන මට හීන මානයක් නැත ඒ ගැන මම ආඩම්බර වෙමි.මෙහි ඔබට හෝ ඔබේ පුද්ගලික ජීවිතය ගෙවන සමාජවාදී ජිවන විලාශය ගැන මට අවුලක් නැත. මගේ කොමෙන්ට් එකට උපහාසය මුසු කලේ සංවාදයක් ඇතිකිරීමට උත්තේජනයක් ඇති කිරීමට පමණි. මගේ අරමුණ කෙසේ හෝ සාර්ථක විය.
      ද්වේෂ සහගත වචන ලිවීමට තරම් ද්වේෂයක් මට ඔබ ගැන නැත.I love you man….

      Delete
    3. ඒක හරි මල්ලී... අපි දන්නවා ඔයාට හරි චූන් කියලා අක්කට කොමෙන්ට් 50ක් වැටිච්ච එකට.... ඔයා නම් මාර වීරයෙක්...... නරකද ඇමරිකාවෙ ජනාධිපති කමට ඉල්ලුවනම්... with love

      Delete
    4. මොකක්ද යකුනේ මේ හතරබීරි කතාව? කව්ද අක්කා? කව්ද මල්ලි?

      Delete
  38. මං එවාපු කතන්දරය පළ කිරීම ගැන කකාට ගොඩක් ස්තුතියි. මේ සිද්ධිය වෙලා දවස් දෙකක් තුනක් යනකන් ගෙදරට වෙලා ඉන්න කියලා කවුරු කවුරුත් (වෛද්‍යවරුන් හැර) අවවාද දුන්නා. ආරංචි වුනු අය මාව බලන්න ආවා. ඒ හැමෝටම මං අග සිට මුලට කතාව කිව්වා. සමහර වෙලාවට කතාව බාගයක් කියාගෙන යද්දි කවුරුහරි ආවනම් නැවත මුල ඉඳන් පටන් ගත්තා. කතාව පුළුවන් තරම් ප්‍රචාරය කරන්න කියල ඒ හැමෝටම මං කිව්වා. මේ අත්දැකීම විඳපු කෙනෙක් කතාව කියන්න ඉතුරුවෙන්නෙ අහම්බෙන්.
    මට එක යාළුවෙක් කිව්වා මේක ෆේස්බුක් එකට දාන්න කියල. මට ඒක කරන්න තේරෙන්නෙ නෑ. කොහොමටත් ෆේස්බුක් නොදාපු එක හොඳයි. නැත්තං කවුරුහරි මගේ ක්‍රමයට සුයිසයිඩ් කළොත් මටත් වගකියන්න වෙනවනෙ.
    ඇත්තටම වාහනේ සයිලන්සරය කැඩුනා. ඒක මං එච්චර ගණන් ගත්තෙ නෑ. සයිලන්සරය කැඩුනු පළියට වාහනය ඇතුළට එක්ස්හෝස්ට් ඇදෙන්න බැහැ. එහෙම වෙනවනම් ඉස්සරහින් යන සියළු වාහන වල එක්ස්හෝස්ට් ඇතුළට එන්න ඕනැනෙ. මෙතන ප්‍රශ්නය වුනේ ඒ සී එකට බාහිර වාතය නිරන්තරයෙන් ඇදී ඒම සහ ඒ ගැන දළ සැකයක් මගේ හිතේ තිබියදීත් විකල්පයක් වශයෙන් වීදුරු ඇරගෙන යාමට නොහැකි තත්වයක් තිබීමයි. කාබන් ඩයෝක්සයිඩ් හෝ මොනොක්සයිඩ් වලින් කිසිම සැර ගඳක් ආවෙ නෑ. ක්ෂණික නින්ද යාමක් හෝ සිහිය නැති වීමක් වන තුරු ඇති වුනු උරහිස් දෙපස වේදනාව තමයි රෝග ලක්ෂණයක් හැටියට කියන්න පුළුවන්. උරහිස් වේදනාව ස්වසන ආබාධයක ලක්ෂණයක් බව කාටත් කියන්න මට අවශ්‍යයි. (මේක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. වාහනයක්ම විය යුතු නෑ. වාහනය පරණ එකක්ම විය යුතු නෑ. උරහිස් වේදනාව ස්වසන ආබාධයක ලක්ෂණයක් බව මං කළින් දැනගෙන හිටියනම් ඔච්චර දුර යන්නෙ නෑ.)
    - අංකල් සුදත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදත් අංකල්.

      මං හිතන්නේ ඔබේ මේ පැහැදිලි කිරීමත් වැදගත් වේවි කතාව වගේම. උරහිස අමාරුව නං එන්න තවත් හේතු තියෙනවා.

      සේරමට මුල එමයි පිරිමි සාමාන්‍යයෙන් ලෙඩට බේත් ගන්න, පරීක්‍ෂණවලට යන්න තියෙන අකමැත්ත.

      කාරෙක ගැන නං කියන්න තියෙන්නේ කොම්පැනියේ වරද බවයි. ඒත් ඉතිං කොම්පැනිය වැඩ කරන්නේ අංකල්ලා වගේ ලොකු මහත්තුරුන් කියන විදියටනේ.

      මේ කමෙන්ටුවෙන් මං කැමතිම කෑල්ල මේකයි.

      /* මේ සිද්ධිය වෙලා දවස් දෙකක් තුනක් යනකන් ගෙදරට වෙලා ඉන්න කියලා කවුරු කවුරුත් (වෛද්‍යවරුන් හැර) අවවාද දුන්නා. */

      නැවතත් ස්තුතියි.

      Delete
    2. /නැත්තං කවුරුහරි මගේ ක්‍රමයට සුයිසයිඩ් කළොත් මටත් වගකියන්න වෙනවනෙ./

      දැන් මේක කකාගෙ බ්ලොග් එකේ දාලා කකාගෙ ඇනෝ පාඨකයෙක් සුයිසයිඩ් කර ගත්තොත් හෙම? අනේ බ්ලොග් එකට වැටෙන ඇනෝ කමෙන්ට් ටිකත් නෑ. බ්ලොග් එකත් පාළුවට යයි.

      Delete
    3. එහෙම වුනොත් කකාත් ඉතින් සුයිසයිඩ් කරගනියි... ඇයි ඉතින් ඇනෝලා නැතුව කකාට ජීවිතයක් නෑනෙ....

      Delete
    4. ඇනෝ කමෙන්ට් වල ගොං කතා දාල තිබුනට ඇනෝලා ගොන්නු බව දැනගත්තෙ අදයි. සිය දිවි නසාගන්නෙ ෆේස්බුක් බලන අය මිසක් බ්ලොග් කියවන අය නොවන බව වත් මේ ඇනෝ ජෝඩුව දන්නේ නැහැ.

      Delete
    5. මිස්ට ... කාටද ගොනා කිව්වේ ??
      http://www.vice.com/en_uk/read/the-internet-is-telling-people-how-to-kill-themselves
      http://www.ox.ac.uk/media/news_stories/2013/131031.html

      ඔබ විහිළුවක් කල බව උපකල්පනය කරමි

      Delete
  39. @කකා,

    යුරේකා! මෙන්න මට ආපු බ්‍රේන් වේව් එකක්! (කකාගේ පෝස්ට් එක නිසා මේ අදහස පහළ වුණේ.)

    දැන් අර මැලේසියන් ප්ලේන් එක හොයා ගන්න බැරි ඇයි? මෙන්න මගේ පිළිතුර.

    යානය ඇතුළට කාබන් මොනොක්සයිඩ් කාන්දු වුණා. පයිලටුයි මඟීනුයි ඔක්කෝම මළා. දැනුම් දෙන්න කාලයක් තිබුණේ නැහැ. ඔටෝ පයිලට් දාලා තිබුණා නම් කොහේට හරි කඩා වැටෙන්න ඇති.

    කකා මොකද කියන්නේ මේ තියරිය ගැන?

    ReplyDelete
    Replies
    1. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න අපේ මෝඩයට කට්ටියගෙම කේන්දර ටික දීලා තියෙන්නෙ.... හෙට උදේට කියන්න පුළුවන් වෙයි....

      Delete
  40. හපොයි අන්කල්ගේ පින කියන්නෙ ඕක තමා

    ReplyDelete
  41. කකා......හොඳ වෙලාවට පොල්ගහමුලදි වැඩේ වෙලා තියෙන්නේ. පොල්ගහ උඩදි වුනානම් බැහැගන්නත් වෙලාවක් යනවනේ :D

    ReplyDelete
  42. මේ තොරතුරු කට්ටියත් එක්ක බෙදා ගත්ත එක හුඟක් වටිනවා ..

    ReplyDelete
    Replies
    1. ඊට වඩා වටිනවා ඔයා ඇවිල්ලා දාපු මේ කොමෙන්ට් එක... කකා හරි ආසයි කවුරු හරි කොමෙන්ට් කරනවට....

      Delete
  43. කකා...... ඒකීය පුද්ගලයාට ස්වකීය වූ ඒකීය අභිමතාර්ථයන් ඇතැයි පිළිනොගන්නා වාදයක් නිවහල් මිනිසෙකු ගැන කතා කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. එවැනි දේවල් පශ්චාත් භාගයෙන් කතා කල හැකියි.

      Delete
    2. ආ ඒ වැඩේ කකා කරයි...

      Delete
  44. බුදු අම්මේ... කොමෙන්ට් 169ක්ම වැටිලා..... කකා...මේකද එදා මෙදා තුර වැඩිම කොමෙන්ට් ගානක් වැටිච්ච පෝස්ට් එක....

    ReplyDelete
  45. කකා ගෙ බ්ලොග් එකේ මං දැකපු දිගම කතන්දරේ ද කොහෙද මේක :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.