Sunday 14 October 2012

ඉංගිරිසි සින්දු ඇහීම - Sunday Special Extra with LR


මං දහයේ පන්තියෙට කොඹළ ඉස්කෝලෙට ගියාම ඔන්න අපේ පන්තියේ උන්නු කොල්ලෝ ඉංගිරිසි සින්දු ගැන කතා කරනවා ඇහුණා.

ඒත් මට නං ඒවා එච්චරම නැගලා ගියේ නෑ. වෙන මොකවත් හින්දා නොවෙයි, සින්දුවල තියෙන වචන පැහැදිලි නැති හින්දා.

ටිකක්වත් තේරුණේ බොනී-එම් කියන ගෲප් එකේ සින්දු විතරයි.

මට ඉංගිරිසි සින්දුවලට පොඩි කැමැත්තක් එන්න පටන් ගත්තේ ලයනල් රිචී ගේ මෙන්න මේ සින්දුව නිසයි. මගේ මිතුරෙකු ගේ නිවසේදී ඔහුගේ කැසට් රෙකෝඩරයෙන් මේ සින්දුව අහනවා මට තාම මතකයි.

මෙන්න යූ ටියුබ් ක්ලිප් එකක්.



මෙන්න වචන සැට් එක.

I've been alone with you inside my mind
And in my dreams I've kissed your lips a thousand times
I sometimes see you pass outside my door
Hello, is it me you're looking for?

I can see it in your eyes
I can see it in your smile
You're all I've ever wanted, (and) my arms are open wide
'Cause you know just what to say
And you know just what to do
And I want to tell you so much, I love you

I long to see the sunlight in your hair
And tell you time and time again how much I care
Sometimes I feel my heart will overflow
Hello, I've just got to let you know

'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely, or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying, I love you

Hello, is it me you're looking for?
'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying I love you


කපිල එම් ගමගේ මේ පදමාලාව සිංහලට ඡායානුවාදයක් කරලා තියෙන නිසා මං ඒකට අත ගහන්නේ නෑ. මෙතනින් බලන්න.
http://kapilamgamage.blogspot.com.au/2011/09/blog-post.html

-කතන්දරකාරයා

ප/ලි:
අද ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක විදියටයි මේ සින්දුව දාන්න හිතුනේ.

තවත් හේතුවක් තියෙනවා.

මට මගේ ඒ මිතුරා සිහිවුණා. ඔහු පසු කලෙක අවාසනාවන්ත විදියට විදේශ රටකදී හෝටලයක සිදුවූ ගින්නකින් මිය ගියා. මට තාමත් ඒ කතාව විශ්වාස කරන්නත් බෑ වගේ!

(image: http://michaeljlewis.files.wordpress.com/2012/01/hello-lionel.jpg?w=500)

23 comments:

  1. kadda tikak igena ganna man try karanneth sindu ahala, film balala thamai. Wede tikak sarthakai. Oya wage sindu thamai wedeta gelapenne.

    Inglish,hindi ehema nam ohoma gigenagaththa kiyamuko. Haffoi china film balala e language 1 kawada igenagannada. Hikz

    ReplyDelete
    Replies
    1. Desh, use UCSC Real time Unicode Converter

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      UCSC Real Time Unicode Converter

      Delete
  2. හ්ම්. යාලුවා ගැන දුකයි මොනවා කරන්නද.

    ඇත්තටම ඒ සිංදුවේ සරල බව නිසා ආස හිතෙනවා :)

    ReplyDelete
  3. ලයනල් රිචි කියන්නේ සුපිරි ගායකයෙක් වගේම සංවේදි මිනිහෙක්. ඉස්සරම ප්ලේ කලේ "කොමඩෝ" කියන ගෲප් එකේ.. ඒකේ ඉන්න කාළේ කියපු ලස්සන සින්දුවක් තියෙනවා "නයිට් ෂිෆ්ට්" (Night Shift)කියලා, මම කියනවට අහලා බලන්න. "ස්ටක් ඔන් යූ" (Stuck on you) මගේ තව ප්‍රියතම එකක්

    ReplyDelete
    Replies
    1. මාතලං ඇයි මචං රිචී සංවේදී මිනිහෙක් කිව්වේ,

      Delete
    2. ඌ මචං මයිකල් ජැක්සන් එක්ක එකතුවෙලා අප්‍රිකාවේ කුසගින්නේ මියයන දරුවන් වෙනුවෙම් මුලු ළෝකයම අවදි කළා. බොහොම නිහතමානි නිහඬ කළාකරුවෙක්. අපේ අය වගේ නෙමෙයි නවකයන්ට අත හිත නෙවෙයි මුදල් පවා දෙන කෙනෙක්.

      Delete
    3. මාතලන් කියන කතාව ඇත්ත....

      Delete
    4. ඔහේ රිචී උන්නහෙව අඳුරනවද ?

      Delete
  4. සිරා සින්දුව

    ReplyDelete
  5. රිචී මගෙත් ෆේවරිට් ගායකයෙක්. ඇත්තටම මම රිචීව අඳුනගත්තෙත් මේ ගීතය නිසයි. අපි කිව්වේ ඇයි යකෝ අර හෙලෝ කියන එකා කියලයි. කපිලගෙ සිංහල පරිවර්තනයත් මරු. පාර පෙන්නුවාට කකාට තුති.

    ReplyDelete
  6. සින්දු අහන වැඩේ නම් කඩ්ඩ හදාගන්න නියමයි.ගොඩක් ඉංග්ලිෂ් ක්ලාස් වලත් දැන් සින්දු අහන්න දෙන වැඩේ නැගලම යනවනේ.හැබැයි ඉතින් හැම ක්ලාස් එකකම වගේ යන්නෙ එකම සින්දු සෙට් එක

    ReplyDelete
  7. මාත් ඉංග්‍රීසි සින්දු අහන්න පටන් ගත්තෙ 10 වසරෙ වගේ කාලෙදි. කතන්දර කිව්ව හරියටම හරි. මටත් හමුවුන හුඟක් ඉංග්‍රීසි සිංදු ලෝලීන් මුලින්ම අහල තියෙන්නෙ මේවගේ පැහැදිලි ඉංග්‍රීසි වචන සහිත සිංදු. මගේ මුල්ම කාලෙ කැමතිම සිංදුව වුනේ Richard Marx ගෙ Hazard. ඒකත් ඒ ජාතියෙ.

    ReplyDelete
  8. මගේ රූමො දෙන්නම මහ සද්දෙට කඩ්ඩ සිංදු දාගෙන අහනව.මා ඉතින් මලෙත් මල....මෙලො දෙයක් තේරෙන් නෑ.....

    ReplyDelete
  9. මේකට දාන්න මුග්ධ කමෙන්ට් එකක් මතක් උනේ නැති හන්දා, මං යනවා කතන්දර.:D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  10. Maha kukai Kakka thumage hasthopak krama walin eli dakwana lada Mayawo kai panahe kai pada awasan wela dan Ingiris kaiyange kai pada ada bama gana mage sathuta. - meeta kai chakrawarti --

    ReplyDelete
  11. ඔය ලයනල් රීචී ගේ හෙලෝ සින්දුව ගැන මට හොදට මතක කතාවක් තියෙනවා... දැං මට මතක නෑ ඒක කොහෙදිද දැක්කේ කියලා... කතාව නම් හොදටම මතකයි... මේක ලයනල්ම කියන කතාවක්....

    ඔය සින්දුවේ වීඩියෝ එකක ( මම හිතන්නේ පස්සේ කරපු එක) තියෙන්නේ අන්ධ ගෑණු ළමයෙක්ට කියන සින්දුවක් විදියට... ඕකේ තියෙනවා නේ ඒ ගෑණු ළමයා ලයනල් රිචී ගේ මූණ මැටියෙන් අඹන සීන් එකක්.. ඕකට ගෙනාපු පිළිමේ දැකපු වෙලාවේ ලයනල් රීචී කිව්වලු අධ්‍යක්ෂකට .... “මේක මගේ මූණ වගේ නෙවෙයි.. මේක හරි කැතයි ...“ කියලා... අධ්‍යක්ෂක ඇහුන් නෑ වගේ හිටියලු... ලයනල් හොඳටම අපස්ට් එකේ ආයිමත් කිව්වලු.. ඒපාරත් අධ්‍යක්ෂක සද්ද නැතුව හිටියලු... ටික වෙලාවක් ඉඳලා ආයිත් කිව්වලු...ඒ පාර අධ්‍යක්ෂක කිව්වලු...

    “ලයනල්.... ඒ ගෑණු ළමයා අන්ධයි .....“ ( Lionel . ... That girl is blind) කියලා.... එතකොට තමයිලු තේරුනේ ඇයි රෑපේ වෙනස් කියලා...

    රෑපගත කිරීම් ඉවර වුන ගමන්ම ලයනල් ගිහින් අර පිළිමේ කඩලා දැම්මලු....

    ReplyDelete
    Replies
    1. යකෝ හිම්මිච්චි වගේ හිටියට මේකි දන්න දේවල් , කොහොම වුණත නොදන්න දෙයක් කියලා දුන්නට ස්තූතියි හිරු

      Delete
  12. ඔය හෙලෝ සින්දුව මම ආසම ඉංග්ලීස් සින්දුවක්.තව ඔය එකක් දෙකක් තියෙනවා ඒ හැරෙන්න වෙන මනාපයක් නැහැ

    ReplyDelete
  13. මාත් ආසම සින්දුවක්! ස්තූතියි.

    ReplyDelete
  14. Maxa sinduwa ape choir1tat arrange kala mama.. Mamat kemati e wage sarala ewata

    ReplyDelete
  15. මටත් ඔය වැඩේ ඔහොම්මම වුණා.. හැබැයි නුවරදි... මටනම් තාමත් කඩ්ඩ සංදු ඇලජික් :-]

    ReplyDelete
  16. කාලයක් මේ සින්දුවට මාත් බොහොම කැමැත්තෙන් හිටියා.

    ReplyDelete
  17. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.