Wednesday, October 17, 2012

මගෙ තනියට උඹ අඬපං බකමූණෝ - Great expectations may lead to great disapprointments


මේකත් කොල්ලෝ හුඟ දෙනෙකුගේ පොදු අත්දැකීමක් වෙන්න ඕනෑ.

හැබැයි මොබයිල් ෆෝන් නැති කාලේ.

කොහේ හරි බස් හෝල්ට් එකකට වෙලා වාතවෙවී ඉන්නවා. අන්තිමේදී හිතේ දුක දරාගෙන ගෙදර යනවා.

මෙන්න මං වයස විසි දෙකේදී විතර ලියපු කවියක්.

මගෙ තනියට උඹ අඬපං බකමූණෝ

ගිණි ගහනා සැඩ හිරු එළියේ
පැය ගණනාවක්
කකුල් රිදෙනතුරු
හිස කකියනතුරු
ගිණියම් ලෝකය සිරුර දවනතුරු
නොසැලී නොපැකිල
පදික වේදිකාවේ සිරගත වී
(ගත සිත නලවන කඳුකරයේ නොව
කොළොම් පුරේ)
බලා සිටියමුත් ඇය හමුවෙනතුරු
නැත ඇය ආවේ.. .. ..
බිඳුණු සිතින්
සහ රිදුණු හදවතින් කාමරයට විත්
කකියන ඇඟපත සයනෙහි සතපා
වෙහෙස නිවන්නට
වහලේ උළුකැට ගණිමින් සිටියෙමි
යට ලීයෙන්වත් නෑ ඒ මොහොතේ
නාරිලතා මල් පිපුණේ!
මගෙ තනියට උඹ අඬපං
බකමූණෝ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
අද තමයි මුල්වරට කයි-කතන්දරයක මාතෘකාව සහ ඔරිජිනල් කවියේ මාතෘකාව එකම වුණේ!


(image: http://www.janbrett.com/mitten_masks_the_owl.htm)

20 comments:

  1. kiyanna thiyenne patta kiyala. Aye ethanin ehata kiyanna deyak man danne ne.

    ReplyDelete
  2. අනේ අර අහිංසක බකමූණා...:D

    ReplyDelete
  3. එයට බකමූණා කියලත් කියනවද....?

    ReplyDelete
  4. නියමයිනේ....
    මම අදමයි දන්නෙ කතාන්දරට කවිත් ලියන්න පුළුවන් කියලා...බකමූණත් ඇඬුවද දන්නෙ නෑ :D

    ReplyDelete
  5. Bakamoona = Baan Kee Moon ???????

    ReplyDelete
  6. ඔච්චර අව්වෙ කට්ට කෑවෙ, හෙවනක් තිබ්බෙම නැද්ද? :)

    ReplyDelete
  7. අවුරුදු විසි දෙකේදි ලිව්වේ? දැනට අවුරුදු තිස් හතළිස් ගානකට කලින් වෙන්න ඇති...

    ReplyDelete
  8. ඒ අත්දැකීම නම් මටත් පොදුයි. දැන් මට අවුරුදු 23යි. ඒ කියන්නෙ දැන් කතන්දරගෙ වයසෙන් හරි අඩයි. හික්.. ඒත් මේ අත්දැකීමට මුහුණ දුන්නෙ මීට අවු තුන හතරකට කලින්.

    ReplyDelete
  9. හැරිල බලනකොට ඒ කාලෙත් සුන්දරයි.

    ReplyDelete
  10. හැම බකමූනම එක වගේනේ බලාගෙන යද්දි... :D

    ReplyDelete
  11. ගයාන් පෙරේරත් මේ වගේ බලං ඉඳලා බැරිම තැන අමාරුවෙන් සින්දුවක් කිව්වා නේද?

    ReplyDelete
  12. මගෙනං සිද්ද උනේ ඕකෙ අනිත් පැත්ත.හැමදාම පරක්කු වෙන්නේ මම.

    ReplyDelete
  13. මේක කවියක්ද? හොඳයි.

    ReplyDelete
  14. මේ කතන්දර හාමිනේට ලියපු ඒවාද?

    ReplyDelete
  15. ඒ අත්දැකීම නම් අහසෙ තරු ගානට තියෙනෝ....

    ReplyDelete
  16. මං ආස සිරස් තලයට!

    ReplyDelete
  17. කතන්දරගේ කතා ගඟ හිඳිලා වගේ. පරන කයි දාන්නේ .

    කකා ට කිව්වම මොකද, අපේ කාලේ නම් ඔහොම බස් හෝල්ට් එකකට වෙලා බලන් ඉන්නත් බැහැ. ගෝනි බිල්ලෝ ඇවිත් අරන් යනවා.

    ReplyDelete
  18. Replies

    1. ලස්සන නම මොනවා උනත් ;)))))

      Delete

ඔබේ ප්‍රතිචාරය හැකි ඉක්මණින් මෙහි පලකෙරෙනු ඇත. මෙහි කිසිදු අදහස් වාරණයක් සිදු නොවේ. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. Comments are moderated and with filthy content will be deleted. No other censorship.