Monday 22 October 2012

නැන්දම්මා සහ ලේලි කියන සින්දු (වගේ ඒවා) මෙන්න - A story in verse


මං ඊයේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් කිව්වා විදියට තාත්ත සහ පුතා, නංගී සහ අයියා, අක්කා සහ මල්ලී, නෑනා සහ මස්සිනා, මාමා සහ බෑනා කියන සින්දු තිබුණත් නැන්දම්මා සහ ලේලි කියන සින්දු නම් මේ ලෝකයේ ඇත්තෙම නෑ වගේ.

සමහරු මගෙන් ඉල්ලලා තිබුණා නැන්දම්මා සහ ලේලි කියන සින්දුවක් ලියන්න කියලත්.

ඒ ඉල්ලීම ඉටු කරන තුරු මට හිතුණා, නැන්දම්මා සහ ලේලි කියන සින්දු කෙසේ වෙතත් ඒ ලඟින් යන ජනශ්‍රැතියේ එන කවි දෙක තුනක් දාන්න.

මේ කේස් එක අපි හුඟ දෙනෙක් දන්නවා. මුල් කවිය තමයි වඩාත් ප්‍රසිද්ධ.

අම්මා පුතාට කී කවිය

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට
ගම්දෝ නොගම්දෝ කියලා හිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

ලේලි නැන්දම්මාට කී කවිය

දුකක් නැතිව මා දැඩි කළ අම්මාට
මිටක්වත් දුන්නෙ නැත වී ඉල්ලු විට
දෙකක් වී මැනල දීලත් මල්ලකට
මොකක් කියනවද මැහැළියෙ පල දොරට

පුතා බිරිඳට කී කවිය (පද දෙකයි මතක)

කවදත් ඔහොමමයි උන්දැගෙ සට කපට
නුඹ සිත කෝප නොමගෙන පලයන්කො ගෙට

අයියා මල්ලීට කී කවිය

මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අප දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට


ඔය කතන්දරේ අපේ අම්මා අපිට කියලා දුන්නු දවසේ මං ඇඬුවා දුකේ.

-කතන්දරකාරයා

ප/ලි:
මේ කවි සෙට් එකේ තියෙන සුවිශේෂී ලක්‍ෂණය තමයි කවුරුත් අනුන්ට කවි කිව්වාට, තමන්ට කියන කවියට උත්තර නොදෙන එක.

පුතා අම්මට උත්තර දෙන්නේත් නෑ, අයියාට උත්තර දෙන්නේත් නෑ, ඒ වෙනුවට වයිෆරේට කවියක් කියනවා. හැබැයි වයිෆරේ නෝ උත්තර. අම්මාත් ලේලිට උත්තර දෙන්නේ නෑ.

(http://www.mallkee.com/products-1005.aspx)

25 comments:

  1. "මේ කවි සෙට් එකේ තියෙන සුවිශේෂී ලක්‍ෂණය තමයි කවුරුත් අනුන්ට කවි කිව්වාට, තමන්ට කියන කවියට උත්තර නොදෙන එක."

    අපේ රටේ දේශපාලනේ වගේ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකෙත් ඒ වගේ තමයි. බ්ලොග්කාරයෝ හරි හොඳ ළමයි. ඒ ගොල්ල අනුන්ව ප්‍රශ්න කරනවා. හැබැයි තමන්ව ප්‍රශ්න කළාම කට උත්තර නැහැ.

      Delete
    2. කවි පන්තිය සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ අපිට අඩු කවී ටික ලියලා මේක කම්ප්ලීට් කරන්න පුළුවන් බවයි.

      Delete
  2. ලස්සන කයි සෙට් එක !

    ReplyDelete
    Replies
    1. ඉතුරු පද දෙකත් තිබුණා නම්?

      Delete
  3. okkotama katauththara ne wage.
    Meke 2e man hala thibune. Ane mokata jeevath unada. Dan nam hari.

    ReplyDelete
    Replies
    1. මොන මගුලක්ද මිනිහෝ යුනිකෝඩ් වලින් කොටපන්

      Delete
  4. කවුරු කියපු කවිද මන්දා සදා මතකයේ රැඳෙන්න..
    ඇත්තටම නැන්දම්මා ලේලී ගීතයක් නැද්ද කතා...
    ඉන්ගිරිස් එකක්වත් මතකෙට නෝ ඒ...

    ReplyDelete
  5. Replies
    1. ඔය හින්දි සින්දුවක මුල කෑල්ල නේද?

      Delete
  6. කතන්දර කියවන්ට ආවම බ්ලොග් එකට
    මැනලා කවි ටිකක් දුන්නයි හිලව්වට
    කතන්දරයෝ මැනලද කියපන් බරට
    මිලියන් ගණන් හිට් දුන්නේ අපි නුඹට

    ReplyDelete
    Replies
    1. මෙන්න මේවයි කයි පද කියන්නේ !
      හැට්ස් ඕෆ් !

      Delete
    2. කවදත් ඇනෝලගෙ මෙහෙමයි සට කපට
      මගෙ සිත කෝප නොමගෙන යන්නෙමිය ගෙට

      Delete
    3. කතන්දර ළමයො දුක් නොමගන් සිතට...
      හැමෝගෙම හුටි ඔහොමයි මේ කලට...

      Delete
    4. කතන්දර ලමයො දුක් නොමගන් සිතට...
      කවත් කතන්දර කියපං අහන්නට..
      ලබුත් තිත්ත වේවිලු කලියුග කලට..
      මමත් මෙය ලිව්වෙ නුඹෙ දුක නිවන්නට

      Delete
  7. KOHEDA HALO NANDAMMALA LELILA SINDU KIYANNE. DO YO UNDERSTAND HOW POOR YOU ARE.

    ReplyDelete
    Replies
    1. මා දුප්පත් විය හැක, නමුත් ඔබට වඩා සිංහල අකුරෙන් පොහොසතෙක්මි!

      Delete
    2. හරියට හරි කතන්දර පුතා.උන් ලියන ඒවට උත්තර දෙන්න යන්න එපා...

      Delete
  8. මොකද්ද කාකා මේ වී දෙකක් කියන්නේ ?වී ඇටද ?වී ගෝනිද මම අහලා තියෙන්නේ නම්
    -මැනලා වී පතක් දුන්නයි මල්ලකට- කියල

    ReplyDelete
    Replies
    1. දෙකක් දෙන්න හිතෙනවා රජරටටත්!

      Delete
    2. පතක් නං මනින්න දෙයක් තියෙනවායැ, දෙකක් දුන්නාය කියපු නිසා තමයි මැනලා දුන්නාය කියලා හිතෙන්නේ.

      Delete
    3. ayi ban deketh maninda deyak thiyenawada? tikak kiwwanan iwarane

      Delete
  9. ඔය කවිය නම් ජනප්‍රිය එකක් තමා.ඕකට හදලා තියෙන අනිත් කවි පස්සේ නිර්මාණ වෙච්ච ඒවා වෙන්ට ඇති.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.