Wednesday 11 July 2012

ගෑල්ළමයෙකුගේ අවාසනාව නිසා හතරේ පන්තියට කලර්ස් පෙන්නා පාස් වුණෙමි - Leaping into the fourth year of existence with colours!


මා මුලින්ම පාසල් ගියේ අප ඒ දිනවල පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර සිට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි කණිෂ්ඨ විද්‍යාලයටයි.

අපේ නිවස පිහිටා තිබුනේ ගමේ එක් කෙලවරක අවසාන ඉඩමේ නිසා මා ගිය ඒ පාසල අපේ ගමේ පාසල ලෙස හැඳින්වීම නිවරදි නැත. එය අල්ලපු වත්තේ පදිංචිව සිටි නාලන්ද පියතිලකගේ නම් ගමේ පාසලයි. නාලන්දගේ පියාත් මගේ පියාත් ඔවුන් කුඩා කාලයේ ඉගෙනුම ලබා ඇත්තේ මේ පාසලේ ය.

එක්තරා සීතල ජනවාරියක මුල් සතියේ සඳුදා උදෑසන හතට පමණ ඇරඹුණු මගේ අවුරුදු දාහතරක පාසල් දිවියෙන් මුල් වසර පහ ගෙවුනේ මේ කණිෂ්ඨ විද්‍යාලයේ ය.

අදින් හරියටම වසරකට පෙර දිනයක මා කණිෂ්ඨ විද්‍යාලයේ දෙවෙනි ශ්‍රේණියේ සිට තුන්වෙනි ශ්‍රේණියට සමත් වුණු කතන්දරය මම මෙහි ලියා පල කළෙමි.

අද මා මේ කියන්නට යන්නේ මා තුන්වෙනි ශ්‍රේණියේ සිට හතරවෙනි ශ්‍රේණියට සමත් වූ ආකාරයයි.

තුන්වෙනි ශ්‍රේණියේ මා ගත කළ මුල් කාලය මට තරමක අභියෝගජනක එකක් වී යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එයට හේතු කීපයක්ම තිබුණි. ඒවා පිළිවෙලින් අත්වැඩ, චිත්‍රකර්මය සහ ප්‍රීතිකා සුබෝධිනී නම් වේ.

ඉන් සමහර අභියෝග ජය ගැනීමට මම හැකි උපරිම උත්සාහය යෙදුවෙමි.

සමහර අභියෝග දෛවය විසින්ම විසඳන්නට යෙදුණි.

අත්වැඩ වනාගී මට මහා අභියෝගයක් විය. එය පාසලේ දී අපේ ගුරුවරිය අපට උගන්වන දෙයක් නොවේ. වාර විභාගය සඳහා පමණක් ප්‍රාතිභූර්ත වන්නකි. විභාගය පැවැත්වෙන දිනයේදී පහත සඳහන් කාර්යන්ගෙන් එකක් හෝ කීපයක් කිරීම ලකුණු ලබා ගැනීමේ ක්‍රමයයි.

1. පොල් ලෙළි කිහිපයක් පොඟවා තලා කොහු වෙන්කර ඉන් ලණු කැරල්ලක් ගොතා පාසලට ගෙන යාම.

2. හුඹස් මැටි වතුර සමග අනා ඒ මැට්ටෙන් අඹ ගෙඩියක්, පුහුලම සහිත කජු ගෙඩියක්, රුවන්වැලි සෑයේ හෝ (එවකට) මිරිසවැටියේ අනුරුවක් අඹා වේලා පාසලට රැඝෙන යාම.

3. සපත්තු පෙට්ටියකට ප්ලාස්ටික් නුල් රෝද දෙකක් හෝ හැකිනම් හතරක් ඉරටු ඇක්සල් සමග සවිකර ජනෙල් සහ දොරවල් ඇඳ කපා විවර කර බස් රථයක ආකෘතියක් සාදා පාසලට ගෙය යාම.

මගේ අති මහත් උත්සාහය සාර්ථකයැයි හැඟෙන්නේ පන්තිය බාර හේමලතා ගුරුවරියගෙන් ලකුණු පනහක් හෝ හැටක් ලැබුණු විටය.

දෙවෙනි අභියෝගය වූයේ චිත්‍රකර්මයයි.

විත්‍රකර්මය විෂයයද ඉහත කී අත්වැඩ විෂයය මෙන්ම ගුරුවරුන් විසින් අපට උගන්වනු ලැබූ විෂය නිර්දේශයක් සහිත එකක් නොවීය. අපේ පන්තිබාර හේමලතා ගුරුවරිය කිසි දිනක චිත්‍රයක් ඇඳ අපට පෙන්වනු මගේ මතකයේ නැත. ඇය කරන්නේ අපට චිත්‍රයක් ඇඳීමට මාතෘකාවක් ලබා දී අප අඳිනා තුරු බලා සිටීමයි.

මේ සඳහා අපට නිරතුරු ලැබුණු මාතෘකා කිහිපයක් පහත පරදි වේ.

1. චීත්ත මෝස්තරයක්
2. මුහුදු වෙරළක දර්ශනයක්
3. වැසි දිනයක දර්ශනයක්

එක්කෝ හොම්රන්පැස් නැතිනම් පාට පැන්සල් භාවිතා කරමින් අප සුදු පැහැති කොළ සහිත චිත්‍රපොත්වල බලිරූප ඇන්දෙමු.

සතියකට වරක් පමණ පැවැත්වෙන චිත්‍රකර්ම කාල පරිච්ඡේදය සමතික්‍රමණය කිරීම සරල එකක් විය. අප එදිනට නියමිත චිත්‍රය ඇඳ ගුරුවරියට පෙන්වූ විට හරි ලකුණක් වැටේ.

නමුත් ප්‍රශ්නය වූයේ වාර විභාගයයි. වාර විභාගයේ දී නියමිත කාලය ඇතුලත අප අඳින චිත්‍රයට ලකුණු දිය යුතුය. හේමලතා ගුරුවරිය තුන්වැන්නේ මුල් වාර විභාගයේ දී මා ඇඳි චිත්‍රයට ලකුණු හැටක් ම දුන්නාය.

මගේ තුන්වැනි අභියෝගය වූයේ ප්‍රීතිකා සුබෝධිනී ය.

ප්‍රීතිකා පියකරු දැරියකි. කොණ්ඩය කොටට කපා සිටියාය. ඇය අපේ හේමලතා ටීචර් ගේ නංගී ගේ දියණියයි.

මා දෙකේ පන්තියේ මාලවතී ගුරුවරිය ගේ පන්තියේ සිටයදී ප්‍රීතිකා සුබෝධිනී සිටින්නට ඇත්තේ අල්ලපු පන්තියේය. දෙකේ පන්ති දෙකකි. තුනේ පන්ති තුනකි. තුන්වැන්න සඳහා පන්ති බෙදද්දී ප්‍රීතිකා සුබෝධිනීත් මාත් එකම පන්තියට වැටී ඇත. මා සමග පලමුවැනි ශ්‍රේණියේ දී එකට සිට දෙවැන්නේ දී වෙන්වුණු නාලන්ද පියතිලක සහ ශානිකා කිරිබත්ගොඩ දෙදෙනා මෙවරද වෙනත් පන්තිවලය.

ප්‍රීතිකා සුබෝධිනී මගේ පන්තියේ සිටීමේ ප්‍රීතිය මට හරිහැටි වැටහුනේ පළමු වාර විභාගයේ ප්‍රතිපල සටහන් ලැබුණු දිනයේ ය.

ප්‍රීතිකා සුබෝධිනී පන්තියේ පළමුවෙනියාය. මා දෙවෙනියාය.

පළමුවෙනි ශ්‍රේණියේ අවසාන වාර විභාගයේ සිට මා පවත්වාගෙන ආ වාර්තාව බිඳ වැටී ඇත.

අම්මාට දුක හිතෙනු ඇත.

මා දෙවන්නා වීමට හේතුව මදක් විමසා බැලූ මගේ කුඩා මොලයට වැටහුනේ එහි කිසිදු පුදුමයක් නොමැති බවයි.

තුන්වැන්නේ දී අප උගත් සාමාන්‍ය විෂයයන් වන සිංහල, ඉංගිරිසි, ගණිතය, බුද්ධාගම, පරිසරය, ඉතිහාසය වැනි විෂයයන් සඳහා විභාගයේ දී ප්‍රශ්ණ දහයක් ලැබේ. ඒ සඳහා ලකුණු අනූවක් හෝ අසූවක් හෝ ගැනීම පහසු දෙයකි. එසේ නමුදු විභාග පැවැත්වීමේ හෝ ලකුණු දීමේ ක්‍රමවේදයක් නොමැති අත්වැඩ සහ චිත්‍රකර්මය වැනි විෂයයන්ට මට ලැබී ඇත්තේ සාපේක්‍ෂව ඉතා අඩු ලකුණු විය.

කෙසේ හෝ මා පන්තියේ දෙවෙනියාය.

මා ඉදිරියේ ඇති මේ සියළු අභියෝග ජය ඝෙන යලිත් පන්තියේ පළමුවෙනියා වීමට ම අධිෂ්ඨාන කර ගත්තෙමි. ඒ ගැහැණු ළමයෙකුට දෙවෙනියා වීම ගැන තිබූ ලජ්ජාවක් හෝ වෙනත් ඒ ආකාරයේ පුද්ගලික කරුණක් නිසා නොවේ. මගේ අම්මා සහ පුංචි අම්මලා පමණක් නොව සමස්ත ලෝකයාම ළමයෙකුගේ ඉගෙනීමේ දක්‍ෂකම තීරණය කළේ පන්තියේ කී වැන්නාද යන්නෙන් වූ නිසාය. සාමාන්‍ය පෙළ වෙනතුරුම සිසුවෙකු ලබන ලකුණු ප්‍රමාණය හෝ ලබන සාමාර්ථ ශ්‍රේණිය හෝ ප්‍රශ්න නොකෙරිණි.

එකී අභියෝග සමතික්‍රමණය කර පන්තියේ පළමුවෙනයි වීමේ මගේ උත්සාහය අවසානයේ කෙසේ හෝ සඵල විය. ඒ මගේ උත්සාහයට වඩා ප්‍රීතිකා සුබෝධිනී ගේ අවාසනාව නිසා යැයි මට සිතේ.

ඒ කතාව කෙටියෙන් මෙසේය.

ඒ වසරේ මැද හරියේ අපේ කණිෂ්ඨ විද්‍යාලයට අළුතින් මුල් ගුරුවරයෙක් පත්වී ආවේය. දේශපාලන පත්වීමක් වූ ඔහු ගේ මුල්ම රාජකාරිය වන්නට ඇත්තේ පාසල් සිසු සිසුවියන් ගේ උප්පැන්න සහතික පිරික්සීම විය යුතුයි. සමහරවිට ඔහු එසේ කරන්නට ඇත්තේ, අළුත නිකුත් කෙරුණු අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛනයක් නිසා විය යුතුයි.

ඒ කෙලෙසක වුවත් එක් දිනක් අපේ පන්තියේ කෙටි තාප්පයට එහායින් පැමිණ හේමලතා ගුරුවරිය කැඳවූ මුල් ගුරුවරයා අසල සිටි අප කිහිප දෙනෙකුටද ඇසෙන පරිදි පවසා සිටියේ අපේ පන්තියේ නියමිත වයසට වඩා අඩු වයසක සිසුවියක් සිටන බවත් ඇයට පහල පන්තියට යාමට සිදුවෙන බවත්ය.

ඒ අවාසනාවන්ත සිසුවිය වුයේ ප්‍රීතිකා සුබෝධිනී විය.

ප්‍රීතිකා සුබෝධිනී පසු දිනම දෙවෙනි ශ්‍රේණියේ මගේ සොහොයුරා ඉගෙන ගත් පන්තියට ගියාය. එහිදී වාර විභාගයෙන් තෙවෙනියා වුවාය.

මම කිසිදු අතුරු ආන්තරාවකින් තොරව තුනේ පන්තියේම වැඩ වාසය කරමින් පන්තියේ පළමුවැනියා ලෙස හතරේ පන්තියට සමත් වුණෙමි.

-කතන්දරකාරයා

ප/ලි:
අදට යෙදෙන කතන්දර බ්ලොගයේ තෙවෙනි උපන් දින සැමරුම වෙනුවෙනි.

හෙට සිට අප හතරවැනි ශ්‍රේණියේය.


(image: http://www.cartoonstock.com)

61 comments:

  1. තුනටසුබපැතුම්....නෑහතරට!!!

    ReplyDelete
  2. කසූගේ ලැබුනාවූ හතරවන වසරට සහ පසුකල තෙවසරට සුභ පැතුම්!!

    ReplyDelete
  3. පවු අප්පා සුභෝදනී,ඒ ළමයට ගොඩාක් දුක හිතෙන්න ඇති අඑකට හිටපු යාළුවෝ දාලා පොඩි පන්තියකට යන්න ලැබීම ගැන

    හතර වසරට සමත් වීම පිළිබඳව මගේ සුභ පැතුම් !!!

    ReplyDelete
  4. සුබ පැතුම්... :)
    රසවත් කතා (ලියා තිබෙන බොහොමයක් කතා වගේ) තව තවත් ලිවීමට ලැබේවා.. අජූත, කම්මැලි කතා (ලියා තිබෙන සමහරක් කතා වගේ) අඩුවෙන් ලියවේවා... :D

    ප.ලි. :- මටත් හිටියා ගමේ ඉස්කෝලෙ ඔය වගේ තරඟකාරියක්... වාරයක් ඇර වාරයක් මං එක, අනික් වාර වලදි ඒ කෙල්ල එක... කකාට වගේ ලක් එකක් තිබුනෙ නැහැ නෙව මට... හැබැයි, අයිතිකාරයො ඉන්න ඉස්කෝලෙට ආවට පස්සෙ, පොල්ලෙන් ගැහුව වගේ දහවෙනියා වෙනකල් පහල ගිහින් තමයි නැවතුනේ...

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ප.ලි. දේම තමා මටත් උනේ....... :)

      සමහරවිට අහවලාටත් මතක ඇති :)

      Delete
  5. සුබ පැතුම් , සිංහල බ්ලොග් අවකාශය තවත් රසින් දැනුමින් පුරවා ලන්නට දිරිය සහ විවේකය ලැබේවා

    ReplyDelete
  6. සුභම සුබ උපන්දිනයක් වේවා.. හතරේ පන්තියේත් බොහොම හොදට වෑඩ කරන්න කතාන්දර මාමට පුලුවන් වේවා.... දෑන් ඉතින් ඊලගට 5 වසරනේ වෑඩියෙන් මහන්සි වෙන්න වෙනවා දෑන් විභාගේ ලන් වෙනවානේ.. ජයෙන් ජයම වේවා

    ReplyDelete
  7. කකා දැන් එහෙනං ලොකු ළමයෙක් නෙවැ.. ලබන අවුරුද්දේ සිස්සත්තෙ ලියන්නත් තියෙනවා නේද? දැන් ඉදලාම මහන්සි වෙන්න.. :)

    ඕං අපේ සුබපැතුම්!!

    ReplyDelete
  8. ඔන්න අපෙත් සුබ පැතුම්. :D
    කතන්දරගේ 'ඉස්කෝලේ කතා' හරිම ලස්සනයි.

    ප්‍රීතිකා සුබෝධිනී නම් පව් ...:)

    ReplyDelete
  9. මීවනපලානේ රාජපක්ෂ11 July 2012 at 07:59

    @කතන්ද්‍ර දරුව,

    නුඹ බ්ලොගයේ තෙවර්ෂ පූර්ණයට මීවනපලානේ රාජපක්ෂ වන මවිසින් දියයුතු ත්‍යාගය කුමක්දැයි කල්පනා කරන විට මට මගේ පැරණි ගෝලයකු වූ බම්බලපිටියේ නාඬි වාක්‍යම් කියන ශ්‍රීධර් මතක් විය. (දැන් මගේ ගෝලයා මටත් වඩා හොඳින් ශිල්පය අල්ලාගෙන සිටින බව දැන ගැනීම මගේ නොමඳ ආඩම්බරයට හේතුවෙයි.) නුඹ වෙනුවෙන් ඔහු නොමිළයේ නාඬි වාක්‍යයක් කීමට එකඟ විය. ඊට අනිවාර්යයෙන්ම තුන් මාසයක් අවශ්‍ය වූ හෙයින් අප කොළබ විශේෂ ස්ථානයක සඟවා ඇති, කිහිප දෙනෙකුන් පමණක් දන්නා හෙළ මහ සක්විති රාවණා රජතුමන්ගේ කාල යන්ත්‍රයෙන් මාස තුනක් ඉදිරියට ගොස් නාඬි වාක්‍යය ලබා ගතිමි. ඔහු එය තම මව් බස වන තෙළඟු වලින් ලියා දුන් විදියටම මෙහි තිබේ.

    అతని పేరు Raasika Suriyaarachchi ఉంది. అతను రోడ్స్ మరియు దాని వ్యాపారం సిస్టమ్స్ మేనేజర్ గా ట్రాఫిక్ అథారిటీ కోసం పనిచేస్తుంది. అతను ఆస్ట్రేలియా Glenmore పార్క్, న్యూ సౌత్ వేల్స్, వద్ద నివసిస్తుంది. అతని భార్య పేరు Puushpa Suriyaarachchi ఉంది. ఆమె ఒక వైద్యుడు ఉంది. ఆమె ఆస్ట్రేలియా Nepean ఆస్పత్రి, Penrith, వద్ద జలపాతం మరియు పగుళ్లు క్లినిక్ యొక్క అసోసియేట్ డైరెక్టర్ ఉంది. వారికి ఇద్దరు పిల్లలు కలిగి ఉంటాయి.

    නාඬි වාක්‍ය අනිවාර්යෙයෙන්ම සත්‍ය වන නිසා මේ කරුණු කාරණා කිරි ගහට ඇන්නාක් සේ හරිගිය යුතුය. ඔබ ගැන තව දුරටත් ලියැවී ඇති දේ දැන ගැනීමට අවශ්‍ය නම් ශ්‍රීධර්ට ඒ සඳහා Aus$ 300ක් ගෙවිය යුතු බව සලකන්න. (ඔහු ඉල්ලුවේ Aus$ 500කි. මට ඇති ගුරු ගෞරවය නිසා එය Aus$ 200කින් අඩු කරන්නට ඔහු කැමැති විය.) එය PayPal මඟින් ගෙවිය හැකිය. අවශ්‍ය නම් දන්වන්න. මීට අමතරව ඔබේ ජන්ම පත්‍රය හෝ උපන් වේලාව එව්වොත් ස්කයිප් මඟින් ග්‍රහ ඵලාඵල කියමි. මේ වගේම ඇත්තය.

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    ReplyDelete
    Replies
    1. හරියට හිනා යනව අප්පා...හොක් හොක්...!!!

      Delete
    2. His name is Raasika Suriyaarachchi. Roads and Traffic Authority for its Business Systems Manager, as he works for. He Glenmore Park, Australia, New South Wales, at the area. Puushpa Suriyaarachchi the name of his wife. She is a doctor. She Australia, Nepean Hospital, Penrith, Associate Director of the Clinic is located at the Falls and fractures. They have two children.

      අනේ මන්දා, නාඩි බලනවා කියන්නේ මේ වටද?
      Google translater thama mehema kiwwe.

      ඇනි වේ,
      කකා ට මේ ඇනිවසරියට සුභ පතනවා...

      Delete
    3. SARCASM: The ability to insult idiots without them realizing it.

      Delete
  10. අවුරුදු තුනක් සහ ලැබුවාවූ හතර වන අවුරුද්දට සුබම සුබ පැතුම් !

    ReplyDelete
  11. අවුරැද්දක් උඩට දාලා මදිවට හොර ලකූණු දීලා පළවෙනියත් කරලා

    ReplyDelete
  12. උණුසුම් සුබ පැතුම් කකා අය්යෙ...
    අවුරුදු 5දි පොඩි සෙලිබ්‍රේෂන් පාරක් දාමු.
    දැන් ඉතින් ඊලග පාර්ටි එක ඔක්තෝබර් නේද?

    ReplyDelete
  13. ඔන්න මිස්ලගෙ වැඩ..

    මට මතකයි මිස්කෙනෙකුගෙ පුතෙක් ඕ ලෙවල් ලියනකොට ඒ මිස්ගේ යාලුවෙක් සුපර්වයිසිං කරා.. බෙදන්න කලින් කොල්ල ඉන්න තැනට වෙලා හිටගෙන එයා පේපර් එක කියෝනවා වගේ දිගඇරගෙන ඉන්නවා.. කොල්ලා වටේ පිටේ උන්ගෙන් උත්තර අහගන්නවා.. ඔය දැනුවත්ව උනුදේ නොදැනුවත්ව මොනා මොනා උනාද දන්නෙ නෑ..

    හතරවන වසරට පාස් වුන පොඩි එකාට සුභපැතුම්!

    ReplyDelete
  14. හතරට ගිය කතන්දරට සුබ පැතුම්. දිගටම ලියන්න හැකියාව ලැබේවා !

    හැබැයි අර බුද්ධි කියල තියෙන විදියට තුන ඉවර කරගත්ත එකනං අනේ මංද.......

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. hahaha...නියම කතාව :P and මගෙන් සුබ පැතුම්!!!

    ReplyDelete
  17. උපුටා ගැනීම -

    බුද්ධි July 11, 2011 4:08 PM

    කතන්දර,
    ඉන්දරේගෙ බ්ලොග් පෝස්ට් එකක් මුලින්ම කියෝලා බ්ලොග් කියවන්න ගත්තා වගේම "අරක්කු බොන්නෙ නැතුවට කමක් නෑ අපේ බයිට් එක ඉතුරු කරපං!" (http://kathandara.blogspot.com/2010/02/blog-post_08.html)කියන පෝස්ට් එක කියෙව්වට පස්සෙයි මටත් බ්ලොග් ලියන්න හිතුනේ.

    ඉතිං සුබ පැතුම්.....!

    ....................
    උපුටා ගැනීම අවසානයි.

    මේ අවුරුද්දෙත් කියන්න තියෙන්නෙ ඒකමයි. ලබන අවුරුද්දෙත් ඒකමයි. හැම අවුරුද්දෙම එහෙමයි. මේ තියෙන්නෙ ඒකට පෙරහුරුවක්.
    http://www.cyberyaya.blogspot.com/2012/07/21.html

    ReplyDelete
  18. අපෙ අප්පෝ..කතන්දර එච්චර පොඩි දවස් වල හිතල තියන දුර..!!!!!
    එහෙනං ලැබුවා වූ හතර වෙනි අවුරුද්දට මගෙනුත් සුබ පැතුම්....

    ReplyDelete
  19. මට මතක් උනේ දේවිකා.
    එක දෙක වසරවල අපි එක්ක හිටිය. එයා ගොඩක් ලස්සන ළමයෙක්. ඒත් ඉගෙනගන්න දක්ෂ නැහැ.
    තුන වසරේදී එහා පන්තියට මාරු උනා. ඒ පන්තියේ ක්ලාස් ටීචර් එයාගේ අම්ම.
    ඉතින් දේවිකා ඒ අවුරුද්දේ පන්තියේ පළවෙනිය හරි දෙවෙනියා හරි. මට මතකයි එයා ප්‍රින්සිපල්ගෙන් රිපෝට් එක ගන්න කොට ප්‍රින්සි ත් හිනාවෙලා දේවිකාගේ ඔලුව අත ගෑවා. ඒත් ප්‍රින්සි අපි කාගේවත් එහෙම ඔලු අතගෑවේ නැහැ!

    හැබැයි ඉතින් දේවිකාට ශිෂ්‍යත්වේ වත් සමත් වෙන්න බැරි උනා.
    කවුද රැවටුනේ? :D :D

    ReplyDelete
  20. කතන්දරට සුබ පැතුම්........!

    ReplyDelete
  21. ප්‍රීතිකා සුබෝධිනී ඇයගේ ඇත්ත නම නම් එය සඳහන් කිරීම නෙවටී. වැඩිහිටියන්ගේ වැරෑදිවලට ඇය පලිද ? .

    මා ගිය කනිස්ථ විද්‍යාලයේ ගුරුවරියගේ දුවෙක් ද ශිෂ්‍යත්වය සමත්වී මාගිය ලොකු ඉස්කෝලයේ මගේ පන්තියටම වැටීම නිසා ඇය උරණ වී එම විද්‍යාලයේ ගුරුවරුන්ට මා නරක ළමයෙක් බවත් , කොපිකර ශිෂ්‍යත්වය සමත්වු බවත් පවැසීම විශ්වාස කල එක ගුරුවරයෙක් නිසා මා ඔහුගේ අඩන්තේටිටම් වලට ලක්වීමේ කනගාටුදායක සිද්දි දාමය මේ කතාව දැක්කාම මට මතක් වුනා.

    ReplyDelete
  22. කතන්ද‍ර හත‍රට පාස් වෙලා හ‍රි ප්‍රොෆයිල් එක මාරු වෙලා හ‍රි අද ලියන විදිය ටිකක් වෙනස් වෙලා වගේ :)

    වැඩිය කමෙන්ට් නොක‍්රත් දිගටම කියවන කෙනෙක් හැටියට හත‍රට මගෙනුත් සුබපැතුම්. ඉක්මනට ශිෂ්‍යත්වෙ ලියන්න ලැබේවා කියල සුභ පතනව.

    ReplyDelete
  23. All the best!

    ReplyDelete
  24. @කතන්ද්‍ර, සුභපැතුම් !

    @මීවනපලානේ රාජපක්ෂ ,

    මීරාවෙනි,ඔබගේ ගෝලරත්නය ගේ Aus$ 300 ක ගාස්තුව මට නම් විස්මයෙකි. ඔහු ඔබගේ සුජාත ගොලයෙක් නම් ගුරු පඬුරු පිණිස හෝ අදාල අනාවැකිය නොමිලයේ පැවසිය යුත්තේ මැයි.

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂ11 July 2012 at 11:38

      @ජය ශ්‍රී දරුව,

      බ්ලොග් අවකාශයේ මුදල් අය නොකර සේවා සපයන එක හෝ ජ්‍යෝතිශාස්තරඥයෙක් ඔබට නම් කළ හැකිද? නැත. ඔවුන් හැම දෙනාම මුදල් අය කරනවා නේද? මන්ද? මෘදුකාංග නිර්මාණකරුවකු තම දැනුමට මුදල් අය කරන ලෙසින්ම ජ්‍යෝතිශාස්තරඥයකුටද තම දැනුමට මුදල් අය කිරීම අසාධාරණ නැත. මා හා මගේ ගෝලයින් වැඩි ගණන් අය කරන්නේ අප අනෙකුත් කිසිවකු නොසපයන පහත සඳහන් "වැලිව් ඇඩඩ් සර්විසස්" සපයන නිසාය.

      1. වැරදුණොත් මුදල් ආපසු (වෙන කිසිම ජ්‍යෝතිශාස්තරඥයකු මේ ගැරන්ටිය නොසපයයි.)
      2. වන් ඉයර් වොරන්ටිය (අවුරුද්දක් ඇතුළත කියන දේවල් නිෂ්ඨාවටම සිදුවේ.)
      3. වෙබ් කෑම් මඟින් අංජනම් බැලීමේ පහසුකම (මේ මඟින් ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඔබටම හනුමන්තාගේ ගමන වෙබ් කෑම් මාර්ගයෙන් නිරීක්ෂණය කළ හැකිය. අනෙක් අය සපයන්නේ ස්කයිප් මඟින් ඵලාඵල කීමේ සේවාවන් පමණෙකි.)
      4. Paypal මඟින් ගෙවීමේ පහසුකම.
      5. හැම සේවාවක් පිණිසම මගේ ඥාතිවර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අත්සන සහිත පත්‍රිකාවක් නොමිළයේ. මේ පත්‍රිකාව ලංකාවේ ඕනෑම සුපර් මාර්කැට්ටුවකදී තමන්ට අවශ්‍ය ගෙදරදොර භාණ්ඩ වලට මාරු කර ගත හැකිය.

      මීවනපලානේ රාජපක්ෂ සහ ගෝලයෝ - බ්ලොග් අවකාශයේ අනාගතය දක්වන්නෝ!

      Delete
    2. ජ්යරත්නයෙනි,
      නමුත් ගූග්ල් ට්‍රාන්ස්ලෙටර් නම් කියන්නෙ ඔබේ නාඩි වාක්‍ය ගැන මෙසේය,
      හිනා බෝය...

      His name is Raasika Suriyaarachchi. Roads and Traffic Authority for its Business Systems Manager, as he works for. He Glenmore Park, Australia, New South Wales, at the area. Puushpa Suriyaarachchi the name of his wife. She is a doctor. She Australia, Nepean Hospital, Penrith, Associate Director of the Clinic is located at the Falls and fractures. They have two children.

      Delete
    3. මීවනපලානේ රාජපක්ෂ11 July 2012 at 12:42

      @AmilaArt දරුව,

      ආදියෙහි හෙළයන් සතු වූ ගූගලය දැන් බටහිර කසිකබල් පර සුද්දන් විසින් අන්තර්ජාතික කුමන්ත්‍රණයකින් පසුව පැහැර ගනු ලැබ තිබේ. (ගූ+ගල = මෙය ගූගලය වූයේ එහි හෙළ නිර්මාතෘවරයාට මේ පිළිබඳ අදහස පහළ වූයේ ගලක් මත ඇණ තියාගෙන මළ පහ කරමින් සිටිද්දී නිසාය. එනිසා "ගූ" හා 'ගල්" සම්බන්ධ කරමින් ඔහු තම නිර්මාණය ගූ+ගල් ලෙස නම් කරන ලදී.) මේ පරසුද්දන් කරන පරිවර්තන වැරදි ගැන අපි වග නොකියමු. ළඟදීම බටහිර ඇමරිකන්කාර කසිකබල් පර සුද්දන්ගේ ගූගලය වෙනුවට 100% හෙළ නිර්මාණයක් වන "රාගලය" එළි දකිනු ඇත.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    4. මරු පද්නිරුක්තිය,
      ජයරත්නයෙනි මෙයනම් ඇදහීමට වටින දෙයකි,
      ලැරී පේජ් හා ස(ර්)ගි බ්‍රින් ට මළ පහ කිරීමට වැසිකිලියක් වත් නොතිබ්බ අන්ත දුප්පත් දෙපළක්ද කොහෙදො.
      ඔවුන්නම් ඇදහීමට වටින අයය, ඔන්න මිනිස්සු

      ඉතා අගනේය, හෙළයෙක් වීම ආඩම්බරය.

      Delete
  25. සික්... අවුරුද්දක් ගිය ඉක්මන.. මම මේ කම්පනා කලේ අවුරුද්දක් තිස්සේ මේකේ චාටර් වෙවී හිටියා මිසක් එලොවටවත් මෙලොවටවත් කරගත්ත දෙයක් නෑනේ... අයියෝ සල්ලි...

    සුභ උපන්දිනයක් කකා...

    ReplyDelete
    Replies
    1. වැරදි වටහා ගැනීම් මගාරිනු පිණිස... :)

      මම කිව්වේ කකා ගැන නෙමෙයි මම ගැන... කකා නම් බෝල බෝල මැටි වැඩේ ගොඩදාගත්තද කොහෙදෝ මේ අවුරුද්ද ඇතුලත :)

      Delete
  26. උණුසුම් සුභපැතුම්. මේක බොගග් විතරක් නෙවේ අපිට සින්ඩියකුත් උනානෙ. කතන්දරකාරයගෙ කතන්දර වලින් මම කැමතිම පෝස්ටුව මේක. ඉතාම හොඳ සංවාදයකුත් ඇතිවෙලා තියනව.

    ReplyDelete
  27. ගෑල්ලමයා පවු අප්පා !!!!!!!!!!! ශා ........ දැං හතර වසරේ ඉන්න ලොකු ළමයෙත් ඈ!!!!!!

    ReplyDelete
  28. කශූගේ තුනට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    වැඩි වැඩියෙන් කතන්දර පහල වේවා!!!!!

    ReplyDelete
  29. හතරට පාස් වීම ගැන සුබ පැතුම්.....!!!

    මමනම් තාමත් මොනටිසෝරියේ.

    ReplyDelete
  30. ලබන්නාවූ 4වන වසරට උනුසුම් සුභ පැතුම්!!!!!!!
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
  31. ඔහොම යං... ඔහොම යං...

    …අපි නම් තාම කිරි බොන උද්විය නෙ... ඉක්කෝලෙ යන්න තව කල් තියනවා...

    ReplyDelete
  32. සුභ පැතුම් කකා...

    ReplyDelete
  33. තුන්වෙනි අවුරුදු සැමරුමට සුභපැතුම් කකා!

    ReplyDelete
  34. සුබ පැතුම්

    ReplyDelete
  35. අම්මෝ ඒ කියන්නෙ දැන් අපි බ්ලොග් කියවන්න පටන් අරන් අවුරුදු 3ක් විතර වෙනවා නෙ.... දැන් ඉතිං ඉස්සර වගේ හැම පෝස්ට් එකටම කොමෙන්ට් කරන්න බැරි වුනත් සුබ පතලා කොමෙන්ට් එකක් නොදාම බෑ නෙ. මගෙනුත් උණුසුම් සුබ පැතුම්. තව බොහෝ කාලයක් බ්ලොග් අවකාශයේ තවු දෙන්න වරම් ලැබේවා....

    ReplyDelete
  36. ලබන අවුරුද්දේ සිස්සත්තේ ලියන්නත් තියෙනවා එහෙනම්.. :)

    සුබ පැතුම් අයියේ.. :)

    ReplyDelete
  37. හැපී බ්ලොගිවසරි කකා!
    නොසැලී තව අවුරුදු බර ගානක් ඉදිරියට යන්න ලැබේවා

    ReplyDelete
  38. හැපී බ්ලොගවසරියක්ම වේවා..
    මෙයා දැන් ලොකු ළමයෙක් නේ..

    හැමදාම ලස්සන,හර“බර“ කතාන්තර ගොඩක් තිළණ කරන්න හැකියාව ලැබේවා..
    (අර පරම්පරාගත මුද්දේ ආනුභාවයෙන් හරි)

    ReplyDelete
  39. ඕ ..... කතන්දර දැන් ලොකු ළමයෙක් නෙව. ඔන්න මගෙනුත් සුභ පැතුම් !

    ReplyDelete
  40. තුනට සුභ පැතුම්

    …පළවෙනියා වෙන්න ලොකු උවමනාවක් පොඩි කාලේ ඉදන්ම තිබිලනේ :D

    ReplyDelete
  41. කසූට ජංජාලයාගෙනුත් සුබ පැතුම් මෙන්න... මට මතකයි මටත් හිටිය සිස්සත්වේ කොරන කාලේ තරඟකාරියක්... ඉස්කෝලේ පන්තිභාර මැඩම්ගෙන් තමයි එයා ටියුෂන් ගත්තේ.. ඒත් එයාට පන්තියේ පළවෙනිය වෙන්න දුන්නෙම නැහැ මම!! :)) අන්තිම සිස්සත්වේ ලියලා ප්‍රතිඵල එනකොට !!! හයියෝ!!! පවු අනේ!! එයාට 163 යි , මට 183 යි!!! ඒක හින්දා, ප්‍රතිඵල ආවට පස්සේ තිබුණු 5 වසර අන්තිම වාරේ විභාගේ පලවෙනි කම එයාට දුන්නා මම!! :))

    ReplyDelete
  42. ඔහේ තරම් ඇනොලත් එක්ක හොඳින් ගනුදෙනු කරන බ්ලොග්කාරයෙක් ලොවෙත් නෑ.ඒකත් ඔහේගේ මාකටින් පාරක් වෙන්න ඇහැකි.මොකෝ ඔහේ බ්ලොග් අවකාශේ මාකටින් ගුරු නේ.මොනවා උනත් ඔහේ බ්ලොග් සෙල්ලමේ පොරක් තමයි.ඔහේගේ කතාවලට යටින් යන කතාවල අමුතු මෙව්වා එකක් තියෙනවා.අර එලොවටත් නැති මෙලොවටත් නැති ජොක්කු කක්ක කතා පොඩ්ඩක් අඩු කරල වැඩකට ඇති යමක් ලියන්න ඇහැක් වෙන හතරවැන්නක් වේවා !!!!

    ReplyDelete
  43. Hope the history will it repeat itself to crown you as the biggest Nxxxxxxxxx ( You can guess the word and it ends with sist) in Sinhala Blog-sphere. The current leader has shook his own world recently and the current astrological trend favours you according to MR.

    Anyway good luck!!
    As an another Ano has already said
    "අර එලොවටත් නැති මෙලොවටත් නැති ජොක්කු කක්ක කතා පොඩ්ඩක් අඩු කරල වැඩකට ඇති යමක් ලියන්න ඇහැක් වෙන හතරවැන්නක් වේවා !!!!"

    ReplyDelete
  44. ම්ම්ම්....නරකමත් නෑ..ගොඩක් හොදමත් නෑ...කොහොම උනත් කමක් නෑ.. මං අද තමා මේ Blog Site එකට ආවේ.සුබම සුබ උපන්දිනයක් වේවා!!!!!

    ReplyDelete
  45. මටත් ඔහොම උනා දෙක වසරේදී. අලුතෙන් ආපු පොරක් පළවෙනිය වෙන්න පටන් ගත්ත. තුන වසරේත් පොර මගේ පන්තියෙ. අවසාන වාරයේදී මිනිහ accident වෙලා ඉස්කෝලෙ ආවෙ නෑ. ඉතින් ඔන්න විභාගේ දවසෙ දෙන්නං බැටේ කියල ලෑස්ති වෙලා ඉන්න කොට මේකා ආවනෙ අතකුත් වෙලාගෙන. ඇවිත් ලිව්ව. පොර ආයෙමත් එක!

    ReplyDelete
  46. සුභ පැතුම් කකා....

    ReplyDelete
  47. තුන් වසරට සුභ පෑතුම්!
    තව තවත්, (හොඳ) කතා වෑඩි වෑඩියෙන් ලියන්න හෑකි වෙවා!

    ReplyDelete
  48. තුන ඉවර උනාට සුභ පැතුං

    විසිල් විතරද කෝ බල්ටි නැද්ද?

    ReplyDelete
  49. හතරටත් පාස්ලු නේද??? හොඳ ළමයා!

    අපේ වැඩේ ළමයි ලියන ඒවා කියවන එක ...ලකුණු නැති කොමෙන්ට් ලියනවා...:-)

    ReplyDelete
  50. 4ට පාස් උනාට සුභ පැතුම්
    මටත් ඔය වැඩේ ම උනා නෙව අත්වැඩ නිසා
    හැබැයි මට නං පළවෙනියා වෙන්න ඔච්චර උවමනාවක් තිව්නේ නෑ
    අම්මා තමා හොයාගෙන තිවුනේ අත්වැඩ තමා අවුල කියලා

    ReplyDelete
  51. පසුගිය අවුරුදු තුන ඇතුලත මා ලියා පල කළ කතන්දර කියවු, කමෙන්ට් කළ, මා හා අන්තර්ජාලයේද, පුද්ගලිකවද ඇඳුණුම් කම්, මිත්‍රකම් ඇතිකරගත් ඔබ සියලු දෙනාට මගේ ආදර ස්තුතිය මෙයින් පරිනමමි.

    ජයවේවා.

    නැවත හමුවෙමු!

    ReplyDelete
  52. පහුවූ තුන් වසරට සුභ පැතුම්. මම නම් බලන්න/ලියන්න අරන් මාස 7ක් වගේ වෙන්නේ. අර රාජ් කියනවා වගේ මේක බ්ලොග් එකක් පමණක් නොවේ, මේක හොඳ සින්ඩියකුත්. කියවන අයගේ වින්දනය වෙනුවෙන් කල කැප කිරීමට ස්තූතියි.

    හතේ පන්තියේදි එක වාරයක මම පළවෙනියා වෙලා හිටියේ, මට වඩා ලකුණු 10ක් විතර අඩුවෙන් හිටිය දෙවෙනියට හිටිය කෙල්ල සෞඛ්‍ය සර්ට බටර් පාරක් ගාලා ලකුණු 15ක් වැඩි කරගෙන මට දුන්නේ නැද්ද. ආසාවනේ. මොනව කරන්න්නද. ඒ කෙල්ල ලස්සනයිනේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.