Monday 9 July 2012

කැම්පස් එකේ රැග් කතන්දරයක් :: ඔයා මගේ නංගී වගේමයි! - Cruelty at its best


මේ දවස්වල විශ්ව විද්‍යාල රැග ගැන නොයෙකුත් ඊ-මේල් යනාදිය සංසරණය වෙනවා.

ඒවා ඇත්ත වුනත් නැත්ත වුනත්, පහුගිය දශක දෙකක විතර කාලයේ සමාජයේ සිදුවුණු වෙනස්කම් නිසා රැග් එකත් දැන් අති දරුණු තත්වයකට ඇවිල්ලා වගේ.

මගේ අදහස නම්, මේ රැග් මලඉලව්ව නිසා පොදුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට වෙන හානිය අනිත් හැම දේකටම වඩා වැඩි නිසා ඔය අසම්මතයේ සම්ප්‍රදායට දැන් පුල්ස්ටොප් එක තියන්න කාලේ වගේ.

දැන් මෙන්න රැග් සීසන් එකේ කතන්දරයක්.

අළුතින් ශිෂ්‍ය කණ්ඩායමක් විශ්ව විද්‍යාලෙට ආවාම සීනියර් බැච්චල වේලි වේලී ඉන්න කොල්ලෝ හැම දෙනාම උත්සාහ කරන්නේ අළුත් කෙල්ලෝ ටික අල්ලාගෙන මඩවන්නයි.

කෙල්ලන්ට රැග් කරන්න යන කොල්ලන් ගේ විවිධ අරමුණු තියෙනවා.

ඉන් ප්‍රධානම එක තමයි, තමන් ලකුණු ටිකක් දාගෙන, හිතට අල්ලපු කෙල්ලෙක් හිටියොත් මෙදාපාරවත් හිච් වෙන්න ට්‍රයි එකක් දෙන එකයි.

එහෙම අවශ්‍යතාවයක් නැති එවුණුත් ඉන්නවා. උන්ට තමයි කෙල්ලෝ අකමැතිම. මොකද මේ ජාතියේ කොල්ලන්ගේ තමන්ට ලකුණු දා ගැනීමේ කිසිම අදහසක් නැති නිසා, උන් කෙල්ලන්ට කියන කෂඩ කතාවල කිසිම සීමාවක්, චාරයක් නැති වීම.

ඔන්න මේ ආකාරයේ සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලා ගත්තා කතාවට.

"ඔය නංගී පොඩ්ඩක් මෙහාට එන්න."
"නංගී ගේ නම මොකක්ද?"
"නංගී ගේ ගම කොහේද?"
"නංගී කොයි ඉස්කෝලෙටද ගියේ?"
"නංගී කොයි හෝල් එකේද ඉන්නේ?"

හරිම අමුතු කරුණාවකින් තමයි මේ අයියා ගේ කතාබහ.

නංගීටත් හරි පුදුමයි මේ සීනියර් බැච් එකේ අයියාගේ කරුණාව ගැන. නංගීගෙනුත් කරුණාවන්ත උත්තර ලැබුණා.

"නංගී දන්නවාද ඇයි මං මේ නංගීට, නංගී, නංගී කියලා කතා කරන්නේ කියලා?"

"නෑ අයියේ."

"ඔයා හරියටම මගේ නංගී වගේමයි!"

"ආ, අයියේ ඇත්තද?"

"ඔව් නංගී, එකම උස මහත, එකම මුහුණුවර, නහය, ඇස් දෙක. මගේ නංගියි ඔයයි එක වගේමයි. නිවුන්නු වගේ."

"ආනේ!"

"මට ඔයාව අද දැක්ක ගමන් මගේ නංගීව මතක් වෙලා කඳුළු ආවා නංගී."

"අනේ, ඇයි අයියේ ඒ?"

"මගේ නංගී ගිය අවුරුද්දේ මැරුණා නංගී."

"ආනේ! අනේ අයියේ ඒ මක්වෙලාද?"

"එයා වග බිව්වා නංගී."

"ආනේ, ඇයි අයියේ ඒ?"

"එයා ගේ මූණ කොච්චර කැතද කියන එක එයාට දරාගන්න බැරිවුණා නංගී. එයා ඒ දුකට තමයි පොලිඩෝල් බීලා සිය දිවි නසාගත්තේ!"

-කතන්දරකාරයා

ප/ලි:
මෙතන පොලිඩෝල් කියන්නේ කෘමි නාශකයක් (Pesticide) වෙන්න ඕනෑ. ඒවා බිව්වාම තමයි මිනිස්සු මැරෙන්නේ. වල්නාශක (Herbicide) කියන්නේ ඊට වඩා සැර අඩු රසායනික මිශ්‍රනවලටයි. (මගේ ඒ අදහස වැරදියි. පහත කමෙන්ටුවල ඇති විස්තර බලන්න.)

මෙන්න කාලෙකට ඉස්සර වල්නාශකයක් ගැන රේඩියෝවේ ගිය ජිංගලයක්.

ගොජිරි බජිරි මාරුක් ඇතුළු වල් පැල
හාක්‍රොස්වලට වැනසිය හැක කුඹුරුවල
සරුවී වැඩෙයි සරුසාරෙට ගොයම් පැල
හාක්‍රොස් තමයි, වල්නාශක අති ප්‍රභල


(image: http://www.wikinewforum.com/showthread.php?t=16771)

52 comments:

  1. onna naki gamarla adath no 1 comma pasuwata.

    ReplyDelete
  2. හෙඩිමේ "රැග්" හදන්න.

    ReplyDelete
  3. අනේ ඒක ඇහුවම මටත් වස බොන්න හිතුන. එච්චරට සැර නෝන්ඩියක්‍‍.
    //වල්නාශක (Herbicide) කියන්නේ ඊට වඩා සැර අඩු රසායනික මිශ්‍රනවලටයි//
    විද්‍යාත්මක පැත්ත ගැන නම් දන්නෙ නෑ. ඒත් කෘමිකාශක බිව්ව අයට වඩා මැරෙන්නෙ වල්නාශක බිව්ව උදවිය. (පැරකොට්, රවුන්ඩ්අප්....වගේ දේවල් උගුරෙන් පහලට ගියත් බඩු හරි). කෘමිනාශක බීල මැරෙන උදවිය අඩුයි.

    ReplyDelete
    Replies
    1. රාජ් හරි ගොඩක් වේලාවට කෘමිනාශක ගහපු උන් ජීවත් වෙනවා,
      වල්නාශක ගැහුවොත් බඩුම තමයි

      Delete
    2. නිවරද කිරීමට ස්තුතියි!

      Delete
  4. හි හි..:) :) නියම කතාව!

    ReplyDelete
  5. මීවනපලානේ රාජපක්ෂ9 July 2012 at 07:59

    @මයි ඩියර් කතන්ද්‍ර දරුව,

    මගේ ඥාති සොහොයුරු මීවනපලානේ ජයරත්නයන්ට වූ ඇබැද්දියත් සමඟ ඇති වූ වාතාවරණය මත මීරාටත් සුළු කලකට සැඟව සිටින්නට සිදුවිය. එහෙත් හෙළ රාවණා බලය පර සුද්දන්ගේ CIA බලය ඉක්මවා ගිය හෙයින් නැවත මෙසේ ඔබ අතරට එන්ට පිළිවන් විය. ඒ තොරතුරු පසුවට...

    මුලින්ම කිව යුත්තේ මා ඔබ වෙන තැනක කී දෙයක් ගැන දැඩි සිත් අමනාපයෙන් සිටින බවයි. මගේ ජ්‍යොතිෂ ගුරුදේවයානන් වන පියසේන රතුවිතානයන්ට "කණේ මයිලා" යැයි අපහාස කිරීම ඔබට තරම් නොවේ. කණේ පමණක් නොව ශරීරයේ අන් සුවිශේෂී තැන් වලද රෝම එන්නේ එක්තරා සුවිශේෂ බුද්ධියක් හිමි පුද්ගලයන්ට පමණෙකි. (හරියට මහා පුරුෂයන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වගේය.) අංග ලක්ෂණ විද්‍යාව අනුව මගේ ගුරු දේවයාණන් වන රතුවිතානයන්ගේ කණේ මයිල් ඔහුගේ ජ්‍යෝතිෂ දැනුම විදාරණය කරන්නකි. දැන්වත් එය දැන ගන්න. මින්පසු මහා පුරුෂයන්ට අපහාස නොකරන්න.

    මේ පෝස්ට් එක ගැන මගේ තරහ නිවුණු පසුව අදහස් දක්වමි.

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂතුමනි,

      එසේනම් පුකේ මයිල් විදාරනය කොරන්නේ කුමන දැනුමද..?

      X-Porter

      Delete
    2. මීවනපලානේ රාජපක්ෂ9 July 2012 at 20:04

      @දරුව එක්ස්පෝතර,

      හොඳ ප්‍රශ්නයකි. පුකේ මයිල් හෙවත් අධෝ රෝම වලින් විදාරණය වන්නේ පුද්ගලයකුගේ දේශපාලන පරිණතභාවයයි. දීර්ඝ අධෝ රෝම ඇත්තන් දේශපාලනයේ අති සාර්ථක වන බවට පුරාණ හෙළ ආයුර්වේද පත පොතෙහි සඳහන්ය.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    3. ෴ දීර්ඝ අධෝ රෝම ඇත්තන් දේශපාලනයේ අති සාර්ථක වන බව ෴

      මළා ... මේ පාරනම් පුතෝ උස්සන්නෙ ධවල රථයකින් ඇවිත්.

      Delete
    4. මීවනපලානේ රාජපක්ෂ10 July 2012 at 07:38

      @DDT දරුව,

      ධවල රථයකින් මා ඉස්සුවත් මස්සිනාවරු සමඟ ඒක සෙට්ල් කර ගත හැකිය. (ඔය පහත බලන්න.)

      ප\ලි. නුඹට DDT කියන්නේ නුඹේ පියා මදුරුවෙක්ද?

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    5. //ප\ලි. නුඹට DDT කියන්නේ නුඹේ පියා මදුරුවෙක්ද?//

      මූට නම් අධෝ මාර්ගයේ රෝම වැඩිවෙලා ....

      බ්ලොග් කොමෙන්ට් කරන උන්ට උප්පැන්නෙත් ගේන්න වෙයි වගේ.

      Delete
    6. ආ .... ඒ මගේ නමේ මුල අකුරු ටික. මදුරුවොන්ගෙයි DDT වලයි සහසම්බන්ධෙ නැවතිල දැන් හුඟක් කල් නෙව. කමෙන්ට් කලේ මා නිසා මව - පියා මෙතැනට අදාල නොවෙතියි සිතේ.

      Delete
  6. පොලව පලන් යන් හිතෙන් ඇති .......

    ReplyDelete
  7. හිකිස් ඒක නන් එල,.ආ ,.,

    ReplyDelete
  8. හයියො බලු නෝන්ඩිය, ඒ දෑරිවි පවු :)

    ReplyDelete
  9. අපොයි.. ඒ කෙල්ලටත් වහ කන්න හිතෙන්නැති..

    ReplyDelete
  10. පිස්සු බම්ප් වෙනවා ඈ!පවු අසරණී.... ;)

    ReplyDelete
  11. "ඒ වුනාට අය්ය පොලිඩෝල් බොන්න එපා".....!!! කිව්වනං ..ආං කට ඇති දුවක්..!!

    ReplyDelete
  12. හාක්‍රොස් තමයි, වල්නාශක අති ප්‍රභල

    කියන අන්තිම පදය

    මෙන්න මේ විදිහට නිවැරදි වෙන්න ඔන කතන්දර

    වීඩෙක්ස් තමයි වල්නාශක අතී ප්‍රභල

    ඒ දවස්වල හාක්‍රොස් ආයතනයෙන් වීඩෙක්ස් කියලා වල්නාශක වර්ගයක් විකූනුවා

    මට එතකොට වයස 5ක් විතර ඇති

    ReplyDelete
    Replies
    1. නිවරද කිරීමට ස්තුතියි!

      Delete
  13. ඒක අහපු නංගි ඇත්තටම පොලිඩෝල් බිව්වද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. රැග් එකෙදි අහන ප්‍රශ්න වලට වහබොන්න ගියොත් ලංකාවෙ වහ ඉතුරු වෙන එකකුත් නෑ මම හිතන්නෙ..
      ඔය කතාවට හිනා වුනොත් ප්‍රතිචාරය ඊට වඩා දරුණුයි..:D

      ඒත් මේ ප්‍රශ්නෙ නම් එච්චර බරපතල බවක් පේන්නෑ මට මොකද ලස්සන කියන එක සාපේක්ෂ නිසා..:))

      Delete
  14. අර කෙල්ල පස්සේ දවසක මෙහෙම කිව්වළු
    "ඔයාගෙ නංගි වස බීල මැරිලා තියෙන්නේ, මේ වගේ එකෙකුගේ නංගි වෙනවට වඩා හොඳයි මැරෙන එක කියලා"

    ReplyDelete
  15. දැන් කඩෙන් ගන්න තක්කාලි ගෙඩියක් අතින් පිහදලා බල්ලන්න !
    එකේ සුදු පාටට පිටි වගේ වටේට තියෙන්නේ ඔය කියන නාශක ටමය්.
    කොළ පාට ගෙඩි කඩලා බෙහෙත් ගහල ටමය් ඒවා ඉදවන්නේ !, ඉදිච්ච ගෙඩි කඩනකොට තැලන නිසා !
    ඒකනිසා කතන්දර ඔයත් ඔය නාශක බොන්නේ නෙතිව තක්කාලි කනවනවම් හොදට ලුණු වතුරෙන් හෝදලා ගන්න !
    සුදු පාට පිටි වගේ ලාවට උඩින් තියනවනම් පරිස්සමෙන් !
    හොදට බලන්න එලාග සැරේ එළවලු ගන්න ගියාම !

    ReplyDelete
    Replies
    1. ගෝවා ගෙඩිවල ඔය කේස් එක සැරටම තියෙනවා.. ගෝවා කපලා වතුරට දාපුවාම තෙල්වගේ පාවෙන්නෙ කෘමිනාශක.. කෘමිනාශක යහමින් නොගහ ගෝවා හදන්න බෑ කියලා මම අහලා තියෙන්නෙ.. ඇත්තද මන්දා?

      Delete
    2. කොළ ඇකිලෙන්ඩත් බෙහෙත් ගහනවා කියලා අහලා තියනවා

      Delete
    3. මමත් ඔය කතාව අහලා තියෙනවා අටං අයියෙ..ඒත් ගොන් කතාවක් වෙයි කියලා හිතලයි නොකිව්වෙ..

      Delete
    4. මීවනපලානේ රාජපක්ෂ9 July 2012 at 20:26

      දරුවනි, තොප ගෝවා, ලීක්ස්, කැරට්, බීට් රූට් ආදී බටහිරයන් මෙහි ගෙන ආ ආහාර පමණක් අනුභවයට ගන්නේ තොපේ පියාණෝ සුද්දෝද? ගුණ නැණ වඩන හෙළ ආහාර ගැන තොප අසා නැද්ද?

      මෙන්න ආහාර ගැන වැදගත් තොරතුරු රාශියක් සපයන බ්ලොග් අවවියක්. http://wedasa.blogspot.com/2011/08/blog-post.html කියවා ඉගෙන ගනු. පිළිපදිනු. එවිට තොපට ඔය පර සුද්දන්ගේ ආහාර වලට ඉසින වස විස ගැන කරදර වීමට සිදු නොවනු ඇත.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    5. ලුණු වලින් සේදු විට නැතිවන්නේ ක්ෂුද්‍ර ජීවින් පමණි . ලුණු වලට රසායනික විෂ නැසීමේ බලයක් නැහැ කියයි මගේ අදහස . කහ දමා සේදීම ගැන අසා තිබෙනවා . එයිනුත් රසායනික අඩපණ වේදැයි නොදනිමි. කාබනික පොහොර යෙදු එළවලු ඉස්සර නම් ගම් පළාත්වල බහුලයි. දැන් නම් කාබනික [ organic ] එළවලු පලතුරු හරිම මිල වැඩියි.

      Delete
    6. කොහෝමත් තක්කාලි ගෝවා බෝංචි හදන්නේ බෙහෙත් නාවලා.
      දැන් අපි බොන තේ එකෙත් වස තමයි. ඕවා නිසා වෙන්න ඕනි මිනිස්සුන්ට ලෙඩරෝග වැඩි.

      Delete
  16. ඒ කෙල්ලට කියන්න තිබුනේ මෙහෙම
    'ඉතින් අයියේ ඔයාට තාම පොලිඩොල් බොන්න හිතුනේ නැද්ද?'

    ReplyDelete
    Replies
    1. නියම රිප්ලයි එක!

      Delete
    2. රැග් සීසන් එකක ඔහොම දෙයක් කියන්න තරම් ඝටක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද :D

      Delete
  17. හිකිස්.. එල වැඩේ ඈ... :-)

    ReplyDelete
  18. සමහර අය්යලා නංගිලාට ඔහොම ආදරෙන් කතා කරනවා යාලු කරගන්ටත්....කැම්පස් අය්යලා නෙමේ අනෙක් අය්යලාත් එහෙමයි.

    ඉතින් ඒ අය්යටත් තිබුනේ නංගිගේ මූනමද? :)

    ReplyDelete
  19. නංගිටත් වහ කන්න හිතෙන්න ඇති :D

    ReplyDelete
  20. ඔය අහලා තියෙන එව්වා හොඳයිනේ..

    ReplyDelete
  21. කකා කියන්නේ කැම්පස් අයියලා කැම්පස් නංගිලාව රැග් කරන්නේ නංගිලාව කවදාහරි හාමිනේලා කරගන්න හිතාගෙනද????

    ReplyDelete
  22. දැන් මෙතන ගොඩක් වෙලාවට කෘමිනාශක කියල පාවිච්චචි කලාට අපේ ගැමියො, ගොවිමහත්තුරු පාවිච්චි කලේ තෙල් ගහනවා කියල. මොකද තෙල් කියන්නේ ඉස්සර ඉදන්ම අපේ මිනිස්සු බොහොම පූජනීයත්වයෙන් පාවිච්චි කරපු වචනයක්. ඒකෙ භයානක කමක්, නුහුරු කමක් තිබිච්ච වචනයක් නෙමෙයි. කෘමිනාශක අපිට පුරුදු කරන්න සමාගම් පාවිච්චි කලේ මේ වචනෙ. කෘමිනාශක වල්නාශක කියන වට වඩා තෙල් වචනෙ මිනිස්සුන්ට සමීප වුණා. කොහොමද මාර්කටින්.

    ReplyDelete
  23. man ahanne ohomath naughty weda karanawada appa........paw a akkiy.......

    ReplyDelete
  24. ඔය වගේ කේස් එකක් මාත් අහල තියනව.
    “මේ ඔයානං නිළියක් වගේ.. අර.. මේ...මේ.. මට ඒ නිළියගේ නම මතක නෑ... ආ හරි හරි මතක් වුනා, දෙනවක හාමිනේ“
    (දෙනවක හාමිනේ දක්ෂ නිළියක්. ලස්සණකුත් තිබිල තියනවා. ඒත් ඔය කතාව කියන කාලේ එයා හුඟක්ම වයසයි, ලස්සන මැකිල ගිහින්. ඒත් හොඳින් රඟපෑවා.)

    ReplyDelete
  25. ''අනේ අය්යේ වෙන්න පුළුවන් . ඔයාගෙම නංගි නේ '' එහෙම කිව්වා නම් මක් වෙයිද ?? ඕවගේ දේවල් නම් අහිංසක විහිලු .

    ReplyDelete
  26. චේතනා ප‍රිශුද්ධ වේ නම් උක් දඩු ගිනිතපින්නද කිව්වලු ........... එල අයියයි නංගී

    ReplyDelete
  27. ඔයිට ළගින් යන ඉංගිරිස් කතාවක් මාත් අහලා තියේ මෙහෙම... කොල්ලා කෙල්ලගෙන් අහනවලු...

    Can I take your picture? කියලා

    කෙල්ල මොකටද කියලා ඇහුවම කියනවලු...

    I love to collect pictures of natural disasters කියලා :D

    ReplyDelete
  28. ඒ කෙල්ල ඊට පස්සේ ගහලා තියෙන්නේ ඔය දෙකෙන් මොකක් ද?හේ හේ

    ReplyDelete
  29. //මගේ අදහස නම්, මේ රැග් මලඉලව්ව නිසා පොදුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට වෙන හානිය අනිත් හැම දේකටම වඩා වැඩි නිසා ඔය අසම්මතයේ සම්ප්‍රදායට දැන් පුල්ස්ටොප් එක තියන්න කාලේ වගේ.//

    අනිව ඇත්ත කතාවක්..!!!!

    ReplyDelete
  30. හැකිස්.....ඒ ක්‍රමේ හොදා...කෙල්ලට නාකි උනත් ඒක අමතක වෙන්න නැති වේවි..කෙල පෙර පෙර ජුන්නියෝ පස්සේ යනවට වඩා මෙහෙම කට කැඩිච්ච කතාවක් කියලා පැත්තකට වෙලා ඉන්න එකත් මරු.
    රැග් එක හැන ඉතින් කියන්න ඕන නෑ..මොකද කියලා එක එක්කෙනාගේ ලේ රත් කරවන්න ඕන නෑ නේ...
    අනේ අපිට නම් මැරෙනකල් මතක් කොරලා හිනාවෙන්න තියෙන්නේ එච්චරයි....නායකත්ව පුහුනුව වගේ ලපටි ආතල් එකක් නෙමේ ඒක.... :ඩී

    ReplyDelete
  31. සියළු දෙනාටම ස්තුතියි. වෙන වෙනම පිළිතුරු දීමට වෙලාවක් නෑ. හොට පල කරන්නට දිග කතන්දරයක් ටයිප් කළා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.