ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday 31 July 2012
කවුද බොලේ මේ කල්‍යාණි? - Who on earth is this Kalyani?
රොනී ලීච් කියන තට්ට පොර ගායනා කරන කවුද බොලේ මේ ඇලිස් සින්දුව දන්නවා නේද? මං කලින් දවසක සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක ලිව්වා වගේ කවුද බොලේ මේ ඇලිස් සින්දුවත් අන්න සුද්දෝ කොප්පේ ගහලා සින්දුවක් හදාගෙන තියෙනවා ලු!
හැබැයි මං අද මේ කියන්න යන "කවුද බොලේ මේ කල්‍යාණි?" කතන්දරේ නං සින්දුවක් ගැන නෙමෙයි. මේක වෙනත් ආකාරයක මෙව්ව එකක්.
මගේ කතන්දර දෙක තුනක හිටපු සාමා ළමයා මතකයි නේද? එයා තමයි අර මාටින් වික්‍රමසිංහ ලියපු ගොළු හදවත පොත කඩෙන් ගන්න ගියේ. ලෝක ස්වභාවය ගැන කැම්පස් කාලේ අම්මාගෙන් පාඩමක් ඉගෙන ගත්තේ. ඒ විතරක් නොවෙයි, කාල් අංකල් ගේ තේ හැදිල්ල ගැන කතන්දරේ මට කිව්වෙත් සාමා ළමයාම තමයි.
රත්නායක මහත්තයා සහ රමණී නෝනා වගේම, සාමා ළමයාත් එයාගේ මහත්තැන් අමර ගොයියත් මගේ හොඳ යාළුවෝ.
මගේ තව නොදුටු හිතවතෙක් වෙන මාක් සකර්බර්ග් ගොයියා මේ මූණත් තහඩු පොත හැදීම කියන සමාජ විප්ලවය කරලා දැන් අවුරුදු බර ගාණක් වෙනවා. අද ලෝකේ ඉන්න ඩයල්වලින් අරික්කාලකට විතර මූණත් තහඩු පොතේ ගිනුම් තියෙනවාද කොහෙද. මාක්කාරයා දැන් බිලියනර් කෙනෙක්.
ඒත් අපේ සාමා ළමයා හෙම නොවෙයි ඔය මූණත් තහඩු පොතට තමන්ගේ මූණ දාන්න ගියේ තාමත්.
මොන ලඩ්ඩයිට් ට වුනත් පියර් ප්‍රෙෂර් එකෙන් බේරිලා අද වෙනතුරුත් එහෙම ඉන්න එක්කෝ සෑහෙන්න ආත්ම ධෛර්්‍යයක් තියෙන්න ඕනෑ, නැත්තං සෑහෙන්න කම්මැලිකමක් තියෙන්න ඕනෑ!
අපි අළුතින් ෆේස් බුක් එකවුන්ට් එකක් හදන්න යනකොට දන්නවානේ වෙන දේ? ඒ ක්‍රියාවලියේ එක තැනකදී අපිට පුළුවනි අපේ ජී-මේල්, හොට්-මේල්, යාහූ-මේල් වගේ එකකට ලොගින් වෙලා අපේ ඇඩ්‍රස් පොතේ ඉන්න අයගෙන් දැනටම ෆේස් බුක් එකේ ඉන්න අයට මිතුරු ඇරයුම් යවන්න.
ඒ එක්කම තාමත් මුණත් තහඩුව ෆේස් බුක් එකට දැම්මේ නැති අයට ඊ-මේල් යවන්නත් පුළුවනි, බුකියේ ගිනුමක් අරඹලා අපි එක්ක යාළුවෙන්න එන්න කියලා.
සාමා ළමයාටත් තමන්ගේ යාළුවන්ගෙන් විටින් විට ඔය වගේ ඊ-මේල් ලැබිලා තියෙනවා. ඒත් සාමා නෙමෙයි ඒවට අහුවුනේ!
ඉතිං මේ ළඟදී දවසක උදේ සාමා ළමයා තමන් ගේ ඊ-මේල් චෙක් කරන කොට ඔය කියන ජාතියේ ඊ-මේල් එකක් තිබුණා.
කල්‍යාණි පෙරේරා ඉන්වයිට්ස් යූ ටු ජොයින් ද ෆේස් බුක්!
කවුරු?
කල්‍යාණි පෙරේරා?
අහල පුරුදු නමක් වගේ!
කවුද බොලේ මේ කල්‍යාණි?
කැම්පස් එකේ මෙහෙම නම තියෙන කෙල්ලෙක් හිටියෙත් නෑ.
ඔෆීසියේ, ගමේ රටේ, අහල පහල, දන්න කියන කෙනෙකුත් නෙමේ.
කවුද බොලේ මේ කල්‍යාණි?
ඉස්කෝලේ කාලේ හිටිය යාළුවෙක් ද? දැන් බැඳලා නම වෙනස් වෙලාද?
කවුද බොලේ මේ කල්‍යාණි?
දවස් දෙක තුනකට පස්සේ, මල්ලිගේ පවුලත් එක්ක මහගෙදර ඉන්න සාමා ළමයා ගේ අම්මා කෝල් කරපු වෙලේ මේ ප්‍රශ්නය විසඳුණා!
වෙන කවුරුත් නෙමේ මේ කල්‍යාණි පෙරේරා, සාමා ළමයා ගේ ම අම්මා!
අම්මා මූණු පොතේ ගිනුක් අරඹලා දුවට කලින්!
-කතන්දරකාරයා
ප/ලි:
මගේ කතන්දරකාරයා එකවුන්ට් එකේ දැන් මාස ගාණක ඉඳලා මිතුරන් 5,000 පැනලා නිසා අළුතින් කාවවත් එකතු කරගන්න බෑ. තරහා වෙන්න එපා.
(image: http://blogs.telegraph.co.uk/news/danielknowles/100159144/100159144/)
Subscribe to:
Post Comments (Atom)
හික්ස්! හිටපු ගමන් මටත් ඔහොම රික්වෙස්ට් එනවා, හොයාගන්න බෑ කාගෙන්ද කියලා.. පස්සෙ පොඩ්ඩක් විපරම් කරලා බැලුවහම දන්න කියන බුවෙක්/බුවියක්ම තමා.. සමහරු FB එකේ ඇත්ත නම දාන්නෙ නැතුව එක එක 'පොෂ් නම්' දාගෙනත් ඉන්නවනේ.. :D
ReplyDeleteඅපේ අත්තම්මවත් පොෂ් නමකින් මූනු පොතට දාන්ට ඕනි.
ReplyDeleteකොහොමත් එයාට තියෙන්නේ පොෂ් නමක්...:D
ඉතින් කතන්දර 2 කියලා තව එකවුන්ට් එකක් පටන් ගන්ඩකො...එතකොට ටහව 5000ක් ගොඩ !
ReplyDeleteThanks.
Deletehttp://www.facebook.com/kathandarakaraya2
.
page එකක් පටන් ගත්තනම් ඉවරයිනේ.ඕන කෙනෙකුට like කල හැකියි. සමහරවිට දැනුත් තියනවද දන්නෑ. මම නොදන්නවට
ReplyDeleteමගේ ඇදුරුතුමාටත් තියෙනව ෆේස් බුක් එකවුන්ට් එකක්. දන්නවද? ඇදුරුතුමා ඒක පටන් ගත්තේ ඇමෙරිකාවෙ හාවඩ් විශ්ව විද්‍යාලෙ ඉගෙන ගෙන බැච් ටොප් වෙලා අවුරුදු විස්සකට විතර පස්සෙ. හාවඩ් ඉන්නකොට නම් ඇදුරුතුමාට වාහනයක් තිබුණෙ නෑ. ඒත් එයා පස්සෙ කැනඩාවෙ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලෙ උගන්නන්න ගියාම නම් කිරි කිරි BMW එකක් ගත්තා. එතකොට ගෙදර තිබුණු අනෙක් කාර් තුනම පාච්චි කරන්න වුණේ මට ෂොපින් යන්න තමයි. ඒ වුණාට අපේ වටේ පිටේ ඉන්න හැමෝම ගමන් යන්නෙ ත්‍රී-වීලර් වලයි බයිසිකල් වලයි මෙයා. අපටත් එක්ක ලැජ්ජාව. ඒ මදිවට උන්ටත් දැන් ෆේස් බුක් එකවුන්ට් තියෙනවලු. අනේ දැන් මගේ ඇදුරු තුමා පාරෙ බැහැල යන්නෙ කොහොමද මෙයා?
ReplyDeleteNice reply to "මගේ කතන්දරකාරයා එකවුන්ට් එකේ දැන් මාස ගාණක ඉඳලා මිතුරන් 5,000 පැනලා නිසා අළුතින් කාවවත් එකතු කරගන්න බෑ. තරහා වෙන්න එපා."
DeleteSnakes should be dealt with vipers.
පෙර කල පිං කියන්නේ ඕවට තමා!
Deleteදිග පත නයෙක්..
Deleteමම මේ ඊයෙ මූණුපොතට සමුදුන්නා...
ReplyDelete"මූණු පොත වනාහී මායාවකි...." මම නම් ලත් තැනම ලොප් කළා..
Deleteහරියට භාවිතා කරනවානම් ප්‍රයෝජනත් නැත්තෙම නෑ..
Deleteඅම්ම දුවට කලින් පටන්ගන්න ඕන තමයි. :)
ReplyDeleteෆේස්බුක් වලත් හොඳ හොඳ කතා තියනව. ලඟදි මගේ යාලුවෙක් අලුතෙන් බුකියෙ ලොග්වෙලා මාත් එක්ක චැට්කරනව. අපි දෙන්නටම තියෙන්නෙ "උපහාර" සිම්. කෝල් එකක් ගත්තට වියදමක් යන්නෙත් නෑ.
සියඹලා නේද බං?
Deleteනියම ගල්සියඹලා.
Deleteඑහෙමනම් ළගදීම...akkiyo..., nangiyo..., ayyo....mallo....වගේ සිත් අලවන සුළු ඇමතුම් වලින් ඔබ අමතමින් කල්‍යානි පෙරේරාත් ඔබේ වත් පොතෙන් එබිකම් කරනු ඇති. නිකන්ම නෙවෙයි....බෙල්ලෙ සුර එල්ලන..(හොරෙන්) බහිරව පූජා තියන...පීල්ලෑවෙ බෝ ගහේ අපල පාන්කඩ එල්ලන...ෆුඩ් සිටියෙන් හොලෝල බලලා පොල් ගන්න - නැට්ට කඩලා බණ්ඩක්කා ගන්න...පෝයට සුදු ඇදමින් සැරසිලා කැලණි වඳින එනින් ගමන් KFC යන අලුත්ම පොෂ් සමාජයේ සාමාජිකාවක් විදියට.....
ReplyDeleteඉතින් දෙවරක් හිතන්න ඔන නෑ, accept කරගන්න. නැත්නම් ඔයාලගේ වත් පොත පාාාාලුයි.....
ඕව උඹට තාම පාඩංද සුමිත්? :))))
Deleteනැතුව..... :)
Deleteඇයි සීනිගම දේවාලේ මිරිස් අබරන
Delete/බෙල්ලෙ සුර එල්ලන..(හොරෙන්) බහිරව පූජා තියන...පීල්ලෑවෙ බෝ ගහේ අපල පාන්කඩ එල්ලන...ෆුඩ් සිටියෙන් හොලෝල බලලා පොල් ගන්න - නැට්ට කඩලා බණ්ඩක්කා ගන්න...පෝයට සුදු ඇදමින් සැරසිලා කැලණි වඳින එනින් ගමන් KFC යන අලුත්ම පොෂ් සමාජයේ සාමාජිකාවක් විදියට...../
Deleteමේ ඔක්කොම ගල්කටස් වලින් මිනී මරනවාට වඩා හොඳයි. :-)
මූණු පොතේ මමත් ඉන්නවා... ඒ උනාට දවසින් බොහොම පොඩි කාලයක් තමයි එතන ගත කරන්නෙ... එක එකාගෙ ලොකුකම් පෙන්නන්න තමයි බහුතරය මූණුපොත පාවිච්චි කරන්නෙ.. ඇක්සිඩන්ට් වෙලා පොඩි තුවාලයක් උනත් පොටෝ එක මූණු පොතේ දානවා අනුකම්පාව ගන්න ගෑල්ළමයින්ගෙන්... ඔන්න ඕකයි තත්වෙ...
ReplyDelete*
ReplyDelete>> මිතුරන් 5,000 පැනලා
ReplyDeleteඑහෙනම් Facebook page එකක් හදන්න.
මගේ පළමුවෙනි මූණත්තහඩු ගිනුමේ මිතුරන් 5,000 ඉක්මවා ගොස් ඇති නිසා අද (01 අගෝස්තු 2012) මේ දෙවෙනි ගිනුම ඇරඹුවෙමි.
Deletehttp://www.facebook.com/kathandarakaraya2
.
මිතුරන් 5000 ට වඩා වැඩි නම් ෆේස්බුක් එකෙන්ම පේජ් එකක් හදලා දෙනවා කියලා තමා මම නම් අහලා තියෙන්නේ...
ReplyDeleteමට නම් ඔය මූණූපොත මහ විකාරයක්.
ReplyDeleteකවුද බොලේ මේ ඇලිස් English සින්දුව
ReplyDeletehttp://www.youtube.com/watch?v=CsrfovOPcjk
මගෙ අම්‍මියෝ! මකරාව දැක්ක කල්..!!
Deleteමෙන්න මකරා
Deletehttps://www.facebook.com/photo.php?fbid=10151170680107932&l=80fa0e0660
කවුද උඹට පොල්ලකින් ගැහුවෙ.!?
Deleteමොකද්ද යකෝ මේ "අම්මියෝ" කියන්නෙ.?
Deleteඒකත් පොස් කරල අරන්ද? මගේ අම්මෝ කිව්වම නිකං තුංපනේ වගේද?
නැතුව නැතුව.. නිකංම නිකං "අම්මෝ!" "බුදු අම්මෝ!" කිවුවහම කිසිම ගතියක් නෑ නෙවැ.. අපිත් පොඩ්ඩක් පොස්වෙන්ට ගියාම බොලාට ඊරිසියයි නේද.?? :)
Deleteහප්පටසිරි......
ReplyDeleteමගෙත් 5000 පැනලා වැඩක් නැති අය ගලව ගන්න විදියක් කල්පනා වෙන්නෙ නැද්ද ?
ReplyDeleteමමනං මූණු පොතේ නැත.මම කාලයක් හිටියා.මටම පස්සේ ඒකෙ තියෙන ආටෝපේ තේරුණා.
ReplyDeleteමම දැං නිදහස් බ්ලොග්කරුවෙක් පව් කකා තාමත් ෆේස්බුක් ඉන්නවා!!!
අම්මටයි දුවටයි චැට් කර කර හිටියහැකි....ටෙලිෆෝන් බිල ඉතුරුකරගන්න....
ReplyDeleteමලලසේකර.... මගෙ එකවුන්ට් එකෙත් ඉන්නවද දන්නෑ.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මාත් අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න හිතාගෙන එකවුන්ට් එකක් පටන් ගත්ත. මොබයිල්මෑන් අතාත්වික චරිතයක් නිසා බොරු විස්තර තමයි දැම්මෙ. ඉස්කෝලෙ ගියෙ ඉන්දියාවෙ.
ReplyDeleteදැන් ඉන්දියන් එකෙක් හැමදාම රික්වෙස්ට් කරනව යාළු වෙන්න කියලා.
MY A/C IS 5002 I CAN ACCOMODATE 4998 MORE. MY SNAKE IS LONGER THAN KAKAS.
ReplyDeleteමගේ පළමුවෙනි මූණත්තහඩු ගිනුමේ මිතුරන් 5,000 ඉක්මවා ගොස් ඇති නිසා අද (01 අගෝස්තු 2012) මේ දෙවෙනි ගිනුම ඇරඹුවෙමි.
Deletehttp://www.facebook.com/kathandarakaraya2
.
@ All
ReplyDeleteමගේ පළමුවෙනි මූණත්තහඩු ගිනුමේ මිතුරන් 5,000 ඉක්මවා ගොස් ඇති නිසා අද (01 අගෝස්තු 2012) මේ දෙවෙනි ගිනුම ඇරඹුවෙමි.
http://www.facebook.com/kathandarakaraya2
.
මම නම් මූණුපොතට ගොඩ වදිනවා ගොඩක්ම අඩුයි . වෙන මොකවත් නිසාම නෙවෙයි මගේ මෙගාබයිට් ගාන පට පට ගාලා වැය වෙන නිසා . වැරදිලාවත් පින්තූරයක් ක්ලික් වුනොත් ඉතින් සොරිම තමා . සතියක බයිට් අපතේ .. බයිට් වලට නම් මම මාර ලෝබයා .
ReplyDeleteකකා ෆෑන් පේජ් එකක් ඕපන් කරලා ඔය සෙටාර් එකට ඉන්වයිට් කරන්ඩකෝ .. නැත්තං තව ටික කාලෙකින් කියාවි මම මෙන් කතන්දර කාරයා තුනත් ඕපන් කලාය කියලා ..
කතන්දර 2ටවත් ඇප්ලයි කරලා බලන්ඩ ඕනා :)
ReplyDeleteමම ඔය පලවෙනි 5000 ඉන්නවානේ...:D
ReplyDeleteඔය 5000න් කීදෙනෙක් ද හරියටම අඳුරන්නේ?
ReplyDeleteමම නම් බුකිය සීමා කරලා තියෙන්නේ.
මට මතක හැටියට සාමා අමරගේ නංගි !!
ReplyDeleteමම ඉතිං කකාගෙ ඔරිමජිනල් එකට රික්වෙස්ට් එකක් එවුවට කකා ඒක ඇක්සෙප්ට් කලේ නෑ නෙව
ReplyDeleteMAGE FB EKATATH ENNAKO http:www.facebook com./nakigamarala.
ReplyDeleteඅපිත් මුණු පොතේ ඉන්නවා .හැබැයි ඉතින් යාලුවෝ නම් කීපයයි බ්ලොග් ලියන අය ඉන්නේ . නියම නමින් ඉන්න අය විතරයි. විනෝදෙට සහ ඈත ඉන්න හිත මිතුරන් ආස්සරයට තමා . මන් මේ කල්පනා කලේ ඉස්සර රේඩියෝ එකේ එක එක එව්වට ආවම විනෝදාංශ අහනවනේ . හැමෝම කියන්නේ මුද්දර එකතු කිරීම , වගේ ඒවා . දැන් නම් කියයි ෆේස් බුක් එකේ චැට් කිරීම කියල . වැරද්දක් කියන්නත් බැහැ.
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ ශ්‍රී ලාංකීය මෘදුකාංග එකතුව වෙනුවෙන් ඉඩක් දෙන්න.
ReplyDeletehttp://sandriesoft.blogspot.com/p/link-to-us.html