Saturday 18 September 2010

කඩ්ඩෙන් සිතීම


ඒ ලෙවල්ස් කළාට පස්සෙ ගතකළ ගන්ධබ්බ ජීවිතේ ඉවර වුනේ අර මහනුවර පැත්තේ තිප්පොලට කොටු වීමෙන්. ඒ අවුරුදු හතරේ සිර දඩුවම විඳින්න පටන් ගන්නවා එක්කම ජීවිතේ ලොකු වෙනසක් වුනා!

නෑ, නෑ, මං මේ කියන්න යන්නේ ලාමක ආදර කතන්දර ගැන හෙම නෙමේ. මේක ඊට වැඩිය සිරා ටොපික් එකක්.

එදා ඉඳල ඉගෙන ගත්තේ කඩ්ඩෙන්. දේශණ කඩ්ඩෙන්. සටහන් කඩ්ඩෙන්. ටෙක්ස්ට් බුක්ස් කඩ්ඩෙන්. විභාග කඩ්ඩෙන්. කෝස් වර්ක් කඩ්ඩෙන්.

තිප්පොලෙන් ගැලවිලා මං මුලින්ම ජොබ් එකට ගියේ ජර්මන් කොම්පැනියකට අයිති ලංකාවේ තිබුණ ෆැක්ටරියක ටේ්‍රනී ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් හැටියට.

ඊළඟට කොළඹ ලොකු සමාගමක මැනේජ්මන්ට් ටේ්‍රනී කෙනෙක් වුණා. එතනින් ආණ්ඩුවේ සංස්ථාවකටත්, ඊට පස්සේ තවත් පෙර ආකාරයේම තිප්පොලකටත් සෙට් වුනා.

ඔය කොතන හිටියත් රාජකාරි වැඩවලට සිංහල භාවිතයක් වුනේ නෑ. ජොබ් එකේ වැඩවලට ලියන ලියුම්, මෙමෝ, රිපෝර්ට්, මිනිට්ස්, සර්කියුලර්ස් සේරම කඩ්ඩෙන්. බොස් ලා එක්ක කතාව කඩ්ඩෙන්. ආංඩුවේ සංස්ථාවල වුනත් සිංහල භාවිතයක් තිබුනේ නෑ.

දැං මං කරන වැඩ ගැන නං දන්නෝ දනිති නේ?

ඔය මොනව කළත් තාමත් සිංහලෙන් විතරක් කරන දේවල් දෙකක් තියෙනවා.

1. රාත්‍රී කාලයේ නින්දෙන් හීන බැලීම

2. කල්පනා කිරීම

මීට අමතරව තවමත් හිතෙන් ගණං කෙරෙන්නේත් එක, දෙක, තුන කියල මිසක වන්, ටූ, ත්‍රී කියල නං නෙමේ.

මේ සේරම පට්ටන්දර කිව්වේ පොඩිම පොඩි කතන්දරයක් කියන්නයි.

මං ඉස්සර අර පස්තාච්චි වැඩකට සෙට් වෙලා ඉන්න කාලෙක, අපි එක්ක හිටිය එක්තරා මිතුරියක් වයසෙන් අපිට සමාන වුණාට, ශරීර කූඩුවෙන් අපිට වඩා හරිම පුංචියි. හරියට නිකං ඒ ලෙවල්ස් කරන පොඩි ළමයෙක් වගෙයි.

දවසක් අපි හිටිය තැනට ආවා අපේ පොරකගේ පුංචි අම්මා, ඔය රට තොට බලාගෙන, ෂොපින් පාරක් දාගෙන හෙම යන්න මගෙ හිතේ.

ඉතිං ඔය දවස්වල තිබුණු පොඩි පහේ පාටියක් දවසෙ හැමෝම රැස්වෙලා ඉන්න කොට මේ මිතුරියව අඳුණාගන්න ලැබුණා ඒ පුංචි අම්මාට.

එයාට හරි පුදුමයි, මේ අපේ මිතුරියත් අපේම වයසේ ඉන්න පස්තාච්චිකාරියක් කියලා.

"අනේ මට නං විශ්වාස කරන්නත් අමාරුයි මේ කතාව. මං හිතුවේම ඔයා ඉස්කෝලේ යන වයසෙ පොඩි ළමයෙක් කියලනේ. මං ඔයාව දැක්ක දවසෙම හිතුවා වට් ඊස් දිස් ලිට්ල් ගර්ල් ඩුයිං හිය කියලා!"

ඕක අහගෙන ඉඳලා මට ආපු පුරස්නේ මෙන්න මේකයි.

"කොහොමද ඉංගිරිසියෙන් හිතන්නේ?"

මට නං ඔය දේ හිතෙන්නේ: "අනේ මේ පුංචි ළමයෙක් මෙතන මොනවා කරනවාද මේ පස්තාච්චිකාරයෝ අස්සේ?" කියල අමු සිංහලෙන් විතරයි.

සමහර විට මේ පුංචි අම්මටත් සිංහලෙන් හිතෙන්න ඇති, හැබැයි කටෙන් එලියට එනකොට පරිවර්තනය වෙලා එන්න ඇති!

අනේ මන්දා!

-කතන්දරකාරයා

ප/ලි:
මං A/L කරන කාලේ සුද්දට පාර කියපු කතන්දරෙත් බලන්න!

23 comments:

  1. අනේ මටත් තිබුණු ලොකු පුස්නයක් තමා ඔක..
    සිංහලෙන් කතා කරන ගමන් ඉංග්‍රීසියෙන් හිතන්නේ කොහොමද කියලා..
    නියම පැහැදිලි කිරීමක් කාකා

    ReplyDelete
  2. ලංකාවේ ඉපදුනු අපි කවුරුත් හිතන්නේ සිංහලෙන් නේද.අර උඩ තිබෙන රූපෙ කතාවත් මට තේරුනේ සිංහලෙන්. එක හිතට යන්නෙත් සිංහලෙන්. එතකොට කොහොමද සුද්දෝ හිතනවා ඇත්තේ. තව ඉන්දියන් පොරවල්, ජපන්නු, චීන්නු මගෙ අම්මෝ ඔය ඔක්කොම හිතන්නේ සිංහලෙන්ද?

    ReplyDelete
  3. තමන්ගේ මව් භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් සිතීම ඉබේ වන දෙයක් නොව අභ්‍යාසයකින් පුරුදු පුහුණු කළ යුතු දෙයක්. මා මුලින් ඉංගිරිසියෙන් ලියන්නට තැත් කළ අවස්ථාවන්හි තේරුණේ ඉංගිරිසි අකුරින් ලියන්නේ සිංහල බව. ඉංගිරිසියෙන් හිතා ලියන්නට හැකි වුණේ දැඩි අභ්‍යාසයකින් පසුව. පුරුදුවුණායින් පසු අමාරුවක් නෑ. mode එක මාරු කර ගන්න විතරයි තියෙන්නේ. දැන් මට සිංහලට වඩා ඉක්මණින් ඉංගිරිසියෙන් ලිවිය හැකියි, විෂයයන් කිහිපයක් සම්බන්ධව හැරුණු කොට.

    ReplyDelete
  4. හිහ් හිහ් . . . ඕක ඉතින් උඹට විතරක් නෙමෙයි මම හිතන්නෙ හැම හුදී ජනයාටම තියෙන ප්‍රශ්නයක්. අපි ඔක්කොම ඉතින් සිංහලෙන් හිතල කඩ්ඩ පාවිච්චි කරන එවුන් තමා. ඕකට කියන්නෙ මම හිහන්නෙ "ජාතික චින්තනය" හරි මොන අට මගලක් හරි කියල. ඒ ඉන්ටර් ප්‍රිටර් එකේ බැට්‍රි බැස්ස දවසට ඉතින් කපෝතියි තමයි.

    ReplyDelete
  5. matath thibba prashnayak oka mama dawasak mage yaluwo 2nnekgen oka gana ahuwa e 1kekta sinhala katha karannath amaaru 1kek uoo nam kiwwa uoo ithanne kadden kiyala anith 1kath podikaale idak kadden igana gaththu 1kek eth hodata sinhala puluwan uoonam kiwwa sinhalen hithanne kiyala

    ReplyDelete
  6. කතන්දරෙ මම ඉන්න පරිසරයෙදි කඩ්ඩ පාවිච්චි වෙන්නෙ හිතෙන් විතරයි. හැමොම සිංහලෙන්, අපිට ඉංග්‍රිසි ඉගෙන ගන්න ඔනා නම් අපි කොහාට හරි කැලෙකට ගිහිල්ලා ඉංග්‍රිසියෙන් හිතන්න ගන්නවා. එහෙම තමයි අපි එක පුරුදුවෙන්නෙ. අපෙ තාත්තා හොද ඉංග්‍රිසි කාරයා , ගෙදර පොත් ගොඩකුත් තියනවා, නමුත් ඉතින් මගෙ ඉංග්‍රිසි වලට 5 යි. දැන් තමයි එවා අදින්නෙ. අපි ඉංග්‍රිසියෙන් හිතනවා විතරයි. රිපොර්ට් එකක් වගෙ ලියන්න තිබුනොත් ලියනවා. ඉතුරු ඔක්කොම කරන්නෙ සිංහලෙන්.

    ReplyDelete
  7. ටැබූ කියපු දේත් එක්ක මම එකඟයි... යම්කිසි බාසාවක් හොඳ සාධන මට්ටමකට දැන ගත්තායින් පසුව ඒ බසින් හිතන්න මොළය පුරුදු වෙනවා... ඒක හරිම පුදුම දෙයක්.. ඒ උනාට අර කිව්වා වගේ මෝඩ් එක මාරු කරගෙන හිතන්න පුළුවන්, යම්කිසි බාසාවකින් හොඳට ලියන්න පුරුදු වෙන්නේ ඒ බාසාවෙන් හොඳට හිතන්න පුරුදු පුහුනු උනාට පස්සේ.. නැත්නම් සින්හලෙන් හිතලා ඉන්ග්‍රීසි ලියන්න ගියාම තමයි හොඳටම අමාරුවේ වැටෙන්නේ.

    ReplyDelete
  8. ඔය වගේ රටවල් වලට ආවම සමහර අයට හිතෙන දේවල් එලියට එන්නේ ඉංගිරිසියෙන් නොවැ කතන්දර අයියේ.....
    එකත් හිතලම කරන වැඩක් හක හක ...:D :D

    ReplyDelete
  9. සිංහලෙන් කතා කරලා බේරෙන්න පුලුවන් කිසිම තැනකදි 'කඩ්ඩ' එලියට අදින්න අකැමැති කෙනෙක් මම. මම දන්න තරමින් බොහෝ දෙනෙකුට හිතන්න පුලුවන් තමුන්ගෙ මවු භාෂාවෙන් විතරයි. ඒත් දෙවන භාෂාවක් කාලයක් භාවිතා කරන කොට, සවන් දීම, කතා කිරීම, කියවීම සහ ලිවීම යන කාරණා හතරටම එම දෙවන භාෂාව නිතර භාවිතා කරණකොට, සමහර වෙලාවට දෙවන භාෂාවෙන් හිතන්නත් පුලුවන් වෙනවා. මටත් එහෙම වෙලාවල් තිබිලා තියනවා - සිංහල නොදන්න අයත් එක්ක ටිකක් වෙලා කතා කරන කොට. මම ලියන එකනම් වැඩිපුරම කරන්නෙ කඩ්ඩෙන් තමයි; ඒ ඉතින් ජීවිතේ ගැටගහගන්න ඕන නිසා. ඒත් බොහොමයක් දෙනා 'කඩ්ඩ' ආභරනයක් කරගෙන පිටට පෙන්නන සෝබනය නම් මට හිරිකිතයි.

    ReplyDelete
  10. I learnt to speak while living abroad, from 2-5 years of age,and only spoke English until then. But we returned when I was 5 and I learnt Sinhala pretty quickly to study in the Sinhala medium up to A levels. Then went back to English for professional exams.I think in both languages, depends on the the subject I'm thinking about. But I always add numbers in Sinhala. My husband makes love in English though he is more familiar with and more fluent in Sinhala. He must have learnt to make love from English movies.

    ReplyDelete
  11. කතාවනම් මරු...
    ඔය කඩඩෙන් හිටන්නෙ සිංහලෙන් හිතල එක අපහු කියන විදිය නෙ...
    අනෙ පවු...
    කඩ් 1ක කුඩෙ කුඩු (Umbrella powder) නෙද හිතපු විදිය අහුවනම්..

    ReplyDelete
  12. @mixed up,

    A real mixed up.

    'Making Love' means two different things in Sinhala and English.

    Wonder what you meant.

    - Taboo

    ReplyDelete
  13. කඩුව තමයි අවුල ,ඒත් ඉතින් මොනවා කරන්නද ඒක නැත්තම් දැන් මුකුත්ම නැහැනේ

    ReplyDelete
  14. කාලයක් තිස්සේම කතන්දර ශූරින්ගේ බ්ලොග් එක කියවලා ගියා මිසක් මොකුත් ලියලා ගියේ නෑ නොව. සමාවෙන්න ඕනේ.

    මේ කඩ්ඩෙන් හිතන කතාව කිවුවාම මටත් යමක් කියන්න හිතුනා. දන්න කාලේ ඉඳන් මම හිතන්න පුරුදු වෙලා හිටියේ මේ රටේ භාශාවෙන්. ඒත් සිංහල ගොඩාක් ඉගෙනගත්තට පස්සේ මට සිංහලෙන් හීන පේන්නත්, හිටි ගමන් සිංහලෙන් විතරක්ම හිතන්නත් පුළුවන්කමක් ආවා. දැනටත් සමහර වෙලාවට මම භාශා දෙකකින් තුනකින්ම වගේ හිතනවා. සමහරවෙලාවට ඒක එම වෙලාවෙන්ම හිතලා තව භාශාවකින් කියන අවස්ථා ත් ඕනේ තරම් තියෙනවා. මේක මටත් පුදුමයක් උනා. ඒත් එකම භාශාවෙන් හිතන්න නම් එහෙ මෙහෙ යන මගේ ඔළුවට බැරි උනා නෙව.

    ReplyDelete
  15. සිංහලත් ඉංග්‍රීසිත් දෙකම එක්ක හැදිලා ප්‍රංශ, ජර්මන් හා අනතුරුව සංස්කෘත, පාලි හා අන්තිමට ස්පාඤ්ඤ ද (ඒ පිළිවෙලින්) ඉගෙනගත් මම හිතන්නෙ මොන භාෂාවෙන් ද? සිංහල අය කතා කරන ඉංග්‍රීසි උච්චාරණය නැතත්, සිංහල වචන ලංකාවේ ඉන්නා අයටත් වඩා පහසුවෙන් දිවෙන් ලිස්සා ගියත් හිතන්නේ එක භාෂාවකින් නොවේ. තමා ඉන්නා පරිසරයේ දී හිතන භාෂාව ඒ පරිසරයට අනුකූලව ඉබේම සිද්ධ වන්නකි. අමුතු පුහුණුවක් අවශ්‍ය නැත. ලංකාවෙන් ඈත් වී කාලයක් ගත වූ පසු ඉංග්‍රීසියෙන් සිතුවිලි පහළ වීම ඉබේම කෙරෙන බව වැටහුණි. ජර්මනියේ සැරි සරද්දී ජර්මන් කියුම් ඉබේම හිතේ නළියන්නට විය. ප්‍රංශ බසින් සිතුවිලි බැලේ නර්තනයක් බලද්දී හිතට ගලා ඒම නතර කළ නොහැකිය. සංස්කෘත හා පාලි සිතුවිලි එන්නේ බුද්ධාගම හෝ කෙනෙකුගේ නමක තේරුමක් ගැන කල්පනා කරද්දීය. ස්පාඤ්ඤ බසින් කැලිෆෝර්නියාවේ ආණ්ඩුකාරයා මෙන් “හස්තා ලා විස්තා” යයි සිතට ගලා ආ වතාවල් එමටය. පොඩ්ඩක් කල්පනා කරන්න, ඔයාල හැමෝම සිංහලෙන්ම විතරක් නෙමෙයි හිතන්නෙ. කතන්දර පුංචි අම්මා අවවාද කරන භාෂාව ඉංග්‍රීසි වෙන්නැති. ඊට හරි වැරදි අගැයුමක් දීමට බැරිය. මේ දවස්වල තායිලන්තයේ ඉන්න තරිඳු මල්ලිගෙන් අහන්න ඕනා මොන භාෂාවෙන් ද එයා හිතන්නෙ කියලා???

    ReplyDelete
  16. මටත් හිතෙන්නෙ Taboo ගේ කතාව හරි කියල...

    මිනිස්සුන්ට ගොඩක් දේවල් හිතෙන්නෙ තමන්ගේ මව් භාෂාවෙන් කියලයි මාත් හිතන්නේ...

    ReplyDelete
  17. Hi Taboo

    We've been married for 16 yrs., so bolanda aadara katha kaale tikkak pahuwela. When we first met it was a bit formal, so for a while we only conversed in English. When I spoke of making love above, I meant having sex.

    He usually calls me Baba, I don't know why.
    During the day it's "Baba te hadanedda?" or "Baba, mage sereppu dekka koheda demme?"

    At night in bed it's things like "Baby, touch me there".

    Interestingly, when my children talk in their sleep it could be in either language.

    ReplyDelete
  18. @mixedup

    "My husband makes love in English though he is more familiar with and more fluent in Sinhala."

    Better for you; If you could let your husband always 'make love' in English...

    -Beetle

    ReplyDelete
  19. ලොක්කා මේක ලොකු කතාවක්. කලක් රටින් පිට හිටලා ආපහු ආව නිසා ඔය ප්‍රශ්ණය නිතර හමු වෙලා තියෙනවා. මගෙ මතය නම් හිතන එකේ මූලික කොටහට බසක් නෑ. ඉන් පස්සෙ එලියට එන්න ළඟ අදහසකට දිවග තියෙන ඒ මොහොතේ හුරු ම බසින් හිතේ රාව නැගෙනවා. ඔන්න ඔය වගෙ දෙයක්.

    බොහෝ විට හුරු ම බස මව් බස. ඒත් එ මොහොතෙ බලපු චිත්‍රපටියක්, ළඟ ඉන්න කට්ටිය, වෘත්තිය බස වගේ දෙයින් ඊට බලපෑම් එනවා.

    හැබැයි ඉතින් ඔය කියන පුංචි අම්මා ගැන මගේ අදහස නම් පොඩි මෝස්තරයකට ඔහොම කිව්වා කියන එකයි.

    මේන්න මේ සටහන දවසක් මගෙ බ්ලොගක ලිව්වා.

    To Colpetty along Cotta Road - Crossing the Lanes - Looking for the TigerLeopard

    කෙළින් ම සම්බන්ධ නැති වුණත් මිනිස්සුන්ගේ චින්තන ධාරාව හා බාසාව පැටළෙන හැටි ගැන මගෙන් "දෙකයි පණහේ" කතාවක් [ටූ සෙන්ට්'ස් වර්ත් කියන එකෙ ප්‍රායෝගික පරිවර්තනය]

    ReplyDelete
  20. මල කෙලියයි මහ රජ කිව්වලු.

    සාමාන්‍යයෙන් මගේ කතන්දර බ්ලොග් එකේ ඇති වොවෙන ආකාරයේ සංවාදයක් නේ බොලේ මේ ගිහින් තියෙන්නේ!!!

    මාත් පොඩ්ඩක් සිරා ගහලා කියනවා නං, මං කිව්වේ හිතන එක ගැනයි. ලියන එක ගැන නෙමේ. මේ කතන්දරේ ඉන්න පුංචි අම්මා කඩ්ඩෙන් හිතපු එක ගැනයි මට ප්‍රශ්ණය ආවේ.

    අපි මුලින් ඉංගිරිසියෙන් ඉගෙන ගත්තු දේවල් ගැන අපිට සිංහලෙන් ලියන කොට තරමක් අමාරු වෙනවා. ඔය ලව් මේකින් කතාවත් ඒ වගේ එකක් නේද?

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  21. පිංතුරයෙ තියෙන්නේ චීන භාෂාවෙන් හිතල ඉංගිරිසියට පරිවර්තනය කරපූ එකක්නේ . මේක මම සිංහලට පරිවර්තනය කරන්නම් මෙහෙම
    "පරිස්සෙමෙන් ඟගට වැටෙන්න !"

    ReplyDelete
  22. arunishapiro කියන දේ එක්ක මාත් එකඟයි. ලංකාවේ ඉද්දි සිංහලෙන් හිතලා කතා කළා. දැන් ඉන්නේ නේපාල්, ඉන්දියන් අයත් එක්ක. එතකොට හින්දියෙන් හිතලා හින්දියෙන් කතා කරනවා. ඒත් ලංකාවට ආපු වෙලාවට හින්දි මතක් වෙන්නෙත් නැහැ. පදිංචි ස්ථානය අනුව හිතීමත් වෙනස් වෙනවා වෙන්න ඕනේ...

    ReplyDelete
  23. කියවල තියෙනවද Rudyard Kipling ගේ Kim කියන කතාපොත? ඔකේ තියෙනවා කොහොමද ඉංග්‍රීසියෙන් හිතන්නේ කියල.ඇයි එහෙම කරන්නෙත් කියල තියෙනවා මට මතක හැටියට. හුඟ කාලෙකට කලින් කියෙව්වේ. ඒ නිසා හරියටම මතක නෑ .
    :)

    මෙහෙමයි සිංහලෙන් හිතල ඉංග්‍රීසියෙන් කතාකරන්න ගියාම හරිම ප්‍රශ්න. ව්‍යාකරණ, අනංමනං ඔක්කොම ප්‍රශ්න එන්නේ එතකොට තමා. අනික වචන කටට එන්නෙත් නෑ. ඉංග්‍රීසියෙන් හිතල සිංහලෙන් කතාකරනකොටත් වැඩි වෙනසක් නෑ. අහගෙන ඉන්න එක්කෙනාට අණ්ඩර දෙමල වගේ!

    සිරාම වැඩේ තමා ඔය දෙකෙන් මාරුවෙන් මාරුවට හිත හිත කතාකරන්න පුළුවන් වෙන එක.ඒ කිව්වේ බාගේ බාගේ නෙමේ. එකකින් කතා කර කර ඉන්නකොට කව්රුහරි එකපාරට අනික් භාෂාවෙන් කතාකලාම ඒ භාෂාවට මාරු වෙන එක.

    :P

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.