ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 8 July 2012
කලිසම නොගලවා ජොකා ගලවන්න හැකිද? - You may have seen this clip previously!
අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? සැබෑ ලෝකයේ ජීවත්වෙන අපි සියළු දෙනාම ඉස්සෙල්ලා ජොකා ඇඳලා ඊට උඩින් තමයි කලිසම අඳින්නේ.
හැබැයි සුපර්මෑන් නම් අපි ඔහේලාට වඩා වෙනස්.
පොර ගේ රතු ජොකා අඳින්නේ කලිසමට උඩිනුයි. බැට් මෑන් හරි, ස්පයිඩර් මෑන් හරි, වෙන මොකා මෑන් හරි ඒ විදියට ජොකා ඇඳන් ඉන්නවා මං නං දැකලා නෑ.
ඇත්තටම සුපර් වුමන් අඳින්නේ කොහොමද? දැකපු කාලයක් මතක නෑ!
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ලියවෙන මේ කතන්දරෙන් කියවෙන්නේ සුපර්මෑන්ට හැර අන් සියළු මෑන්ස්ලාට කරන්න බැරි දෙයක් ගැනයි.
ඇඳලා ඉන්න කලිසම නොගලවා ජොකා ගලවන්න පුළුවන්ද?
එහෙමත් නැත්තං, ඇඳගෙන ඉන්න කලිසම නොගලවා, ඒ කලිසමට යටින් ජොකෙක් අඳින්න පුළුවන්ද?
ඔය දෙවෙනි ප්‍රශ්නේ මහා අප්‍රභංශයක් වගෙයි බැලු බැල්මට පේන්නේ. ඒක තව ටිකක් විස්තර කරනවා නම්, හිතන්න ජොකෙක් නැතුව කලිසම ඇඳන් ඉන්නවාය කියලා සිවිල් පිට. දැන් කලිසම ගලවන්න වෙනවාය කියලා හිතමු, මූදේ නාන්න යන්න වගේ කේස් එකකට සෙට් වෙන්න.
තුවායකුත් නැත්තං කොහොමද මේක කරන්නේ තමන්ගේ පරම්පරා කුට්ටම මහජන ප්‍රදර්ශනයට නොතියා?
මේ කර්තව්‍යය කරන්න පුලුවන් එක සමතෙක් ඉන්නවා අඩු ගානේ. ඒ තමයි මිස්ට බීන්.
මෙන්න දැකලා නැති අයට, අමතක අයට, අද ඉරිදා නිවාඩු පාඩුවේ බලන්න ඒ වීඩියෝ කෑල්ල.
-කතන්දරකාරයා
ප/ලි:
මේ ජොක්කු කතන්දරවල අවසානය නොවේ!
තව දෙක තුනක් ම ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.
(image: http://thedorkreview.blogspot.com.au/2011/01/spider-man-vs-superman-back-icons.html)
Subscribe to:
Post Comments (Atom)
ada mama ekada ?
ReplyDeleteඇයි තරිඳු සිංහල අකුරු අමතකද?
Deleteඔව්වොව් එක තමයි!
ජොක්කු කතා නැවතත් කරළියට :D
ReplyDeleteතව කීපයක් තියෙනවා.
Deleteඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ (කොටකලිසම අදින කාලේ) එකෙක් ජොකා ගලවලා පෙන්නූවා ,ආපහු ඇදලත් පෙන්නුවා.
ReplyDeleteලොකු බාච්චු සකලබුජං කොට කලිසමක් එක්ක මේ වැඩේ ලේසියි!
Deleteහේ හේ මෙක දැක තිබේ.
ReplyDeleteඒකනේ මං ටයිටලයේම කිව්වේ!
Deleteඔය මිස්ටර් බීන් දකින්න කලියෙන් අපි ඉස්කෝලෙ යන කාලෙ ඕක කලා. දැං නං කකුල් දිග නිසා බැරිවෙයි. ඒ විතරක් නෙවේ, ෂර්ට් එක ඇඳල ඉන්න වෙලාවෙදි ඊට පස්සෙ බැනියම ඇඳලත් පෙන්නුව අපේ එකෙක්. ඒ විතරකුත් නෙවේ. කැම්පස් එකේ මගේ රූම්එකේ හිටිය ලකී, බැනියමයි ඊට උඩින් ඇඳල ඉන්න ටීෂර්ට් එකයි එකට ගලවනව. දැන් මේ දෙකම තියෙන්නෙ කණපිට පැත්තට. ඊට පස්සෙ ඒ දෙක වෙන් කරන්නෙත් නැතිව හොඳපිට හරවන්නෙත් නැතුව ආයෙත් අඳිනව.ඒකට ඌ කියන්නෙ නිව්ටන්ගෙ තුන්වැනි(?) නියමය අනුව අඳිනව කියල. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ.......... අන්න ඒක.
ReplyDeleteලංකාවේත් හොඳ හපන්නු ඉන්නවා වගේ!
Deleteඔයාගේ ජන්ගිමෙනියාව දැන් බෙහෙත් ගන්න තරමට වැඩි වෙලා තියෙන්නේ. හැමදාම ලියන්නේ ජංගි කතා.තමන්ගේ මනෝවිකාර මෙහෙම අනුන්ට පටවන්න යන්න එපා. ඔයා ගෑනුන්ගේ ඇඳුම් (ජංගි, බ්‍රසියර්) හොරකම් කරගෙන ඇවිත් ඉඹ ඉඹ ඉන්න කෙනෙක්නම් වහාම මනොවයිද්ය වරයෙක් හමුවන්න. ඔබට තියෙන්නේ mental disorder එකක්.
ReplyDeleteඅවවාදයට ස්තුතියි.
Deleteමං දැනටම බේත් ගන්නවා, අර රෝවන් ඇට්කින්සන් බේත් ගන්ණ දොස්තරගෙන්මයි!
මේක බැලුවේ මං හෙන සූටි කාලේ :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි දැන් ලොක්කෙක් ද?
Deleteමං හිතන්නේ කාකාට අදනං වැරදුනා... ඕක කරන්න පුළුවන් සුපර් මෑන්ටයි මිස්ටර් බීන්ටයි විතරක් නෙවෙයි... ඇයි යකෝ "මයිකල් ජැක්සන්"...:D
ReplyDeleteමයිකල් ජැක්සන් කියන්නේ අර බස්වල යන කෙනාද?
Deleteඔය ඔක්කෝටම වැඩිය ලේසියෙන් ඕක කරන්න පුළුවන් සිවුරු අඳින අයට. හැබැයි සිවුරයි ජොකායි එකට යන්නෙ නැති දෙකක් නෙ.
Delete@ කකා,
Deleteතේරුනේ නෑ. ඔය කියන්නෙ පනා පුත්‍ර කුහුඹු පැනියා ගැන ද? ඒ යකා බස්වල යන්නෑනේ.
DDT , මයිකල් ජැක්සන් කියන්නේ බස් වල යන ගමන් ජැක් එක ගහගෙන ඒ මදිවට තව මයික් එකත් දා ගෙන ඒ කියන්නේ කතාව දා ගෙන යන එවුන් ට..
DeleteBTW , කොහෙද මයිකල් ජැක්සන් මේ දේ කරනවා තියෙන්නේ.. දාමු කෝ බලන්න ලින්කුවක්..
ඕ ... තෑන්ක්ස් තුසිත, මට එකපාරට ඒ වගේ දෙයක් මතක් වුනේ නෑ. හෙහ් .. ඒකත් නරක නෑ.
Deleteආ ... ඕකෙ මෝඩය වෙන්නෙත් මිස්ටර් බීන්මනේ. අර ඉන්න මනුස්සයට පේනවට මිනිහ දන්න වැඩ කෑලි ඔක්කොම දැම්මට අන්තිමේදී බලනකොට ඒ අන්ධ මනුස්සයෙක්.
ReplyDeleteඔය සුපර්මෑන් ටයිප් එකේ පොරක් ගැන මම අහල තියෙනව. පොඩි මෙන්ටල් ලූස් එකක් තිබුණු කොල්ලෙක්. මිනිහත් යටට අඳින එක ලස්සනට උඩට ඇඳගෙන පාරෙ යනවළු.
හෙලුව වැහෙනවා නං කාටවත් ඇති රුදාව මොකක්ද නේද?
Deleteසින්ඩියේදි මාතෘකාව දැක්ක ගමන් මට ඔය වීඩියෝ කෑල්ල මතක් වුණා..
ReplyDeleteමට නං මාතෘකාව මතක් වුනේ වීඩියෝ කෑල්ල දැක්කහමයි!
Deleteඔය මාතෘකාව දැක්ක ගමන්ම මට මිස්ටර් බීන් තමා මතක් උනෙත් එකෙන්ම
ReplyDeleteබීන් කියන්නේ අපේ කාලයේ වීරයෙක්!
Deleteලොල් ටයිටල් එක රීඩර් එකේ දැක්ක ගමන් ගමන් දුවන් ආවෙ බීන්ට පුලුවන් කියන්න. බැලින්නම් තියෙන්නෙත් බීන් ගැනම තමා. :D
ReplyDeleteබීන් ෆෑන්ස් ලා වැහි වැහැලා!
Deleteමේ විඩියෝවත් මෙතනම අමුණලා තියමු... :) තත්පර දහයකටත් අඩු කාලෙකින් කමිසය, බැනියම, කලිසම සහ ජොකා ගලවන අයුරු... :)
ReplyDeletehttp://youtu.be/ecVHt8eDdBg
හෑ...... මාරයි
Deleteමේක නං මාරයි! Thanks.
Deleteලොවෙත් නෑ.
Deleteෂෙහ් .... පොර වෘත්තීය මට්ටමේ නිරුවත් වන්නෙක් !
Deleteමම් බැලුවේ කකාට ජොකා අමතක වෙලාද කියලා !
ReplyDeleteමේ තියෙන්නේ ඒකටත් එක්ක ජොකා කතා !!!
කොහෙ අමතක වෙන්නද? උදේ හවා හමුවෙනවානේ? අමතක වුනොත් ඉතිං මල කෙලියයි!
Deleteකකා මේ දවස් වල බිසිද කොහෙද...රාවණාව වෙල්කම් කරන්න පෝස්ට් එකක් ලියනවද?
ReplyDeleteඅද ඉරිදා- සන්ඩේ සැපැෂල් එක නොවැ!
DeleteLIYANNA DEYAK NATHNAM OLUWE MOKAWATH NATH NAM JANGI KATHA LIYANAWATA WADA HONDAI NOLIYA INNA EKA.
ReplyDeleteතැන්කියු අංකල්,
Deleteහැබැයි එතකොට අංකල් ට ඉරිදාට බලන්ණ කතන්දරයක් නැතුව යනවා නේද?
මිස්ටර් බීන්ගේ ඒ වීරක්‍රියාව කොම අමතක කරන්නද? අර ලංකාවේ බීන් ඔකත් කරලා පෙන්නුවා නේද?
ReplyDeleteලංකාවේ බීන් ගේ මේ සීන් එක මං දැකලා නෑ! දිනේෂ්ටවත් බැරිද ලංකාවේ ක්‍රමය වීඩියෝ කරලා දාන්න?
Deleteමම නම් කථන්දරගේ පෝස්ටු කියවලා ඊට පස්සෙ ඇනෝලගෙ කමෙන්ටු ටික කියවන්න කැමතියි...පට්ට ආතල් කමෙන්ටු උන් දාන්නෙ...මේ තරම් ඇනෝලගෙන් බැනුම් අහන තවත් බ්ලොගියක් නැතුව ඇති...
ReplyDeleteඒ බනින්නේ ආදරේට!
Deleteඅර පොඩි කාලේ අපේ දෙමව්පියෝ වගේ.
සිරා තමා සිරාම කතාව කියලා තියෙන්නේ...
ReplyDeleteමේකෙ ඉන්නෙ පට්ට ඇනෝලා...
තව ජොකා ස්ටෝරි බලාපොරොත්තු වෙමු කකා අයියේ..
තව කතන්දර ඉදිරියට.
Deleteමගේ කතාවලින් ඇනෝලාටත් ආතල් ලැබෙනවා නම් ඒක බෝනස් එකක්!
එක්කො මම මේ දැනට ගලවන විදියටම ගලවන්නං කියලා හිතාගත්තා.
ReplyDeletehenryblogwalker the Dude
දන්නවද, සමහරු කලිසම ගලවන්නේ උඩින් සරම ඇඳලා ඊට පස්සේ?
Deleteබලපු වීඩියෝවක් ආයේ මතක් කලාට තුති
ReplyDeleteඔබටත් ස්තුතියි. මාත් ඕක මුලින් ටීවී එකේ දැක්කේ, පස්සේ මේ ලඟදී දවසක ආයේ මතක්වෙලා යූ ටියුබයේ බැලුවා.
Deleteඅවංකවම මම ඕක කරල තියෙනවා :)
ReplyDeleteකොට කලිසමක් අස්සෙන් ජොකා ගලවද්දි. හැබැයි ටිකක් නැවෙන්න වෙනවා :ඩී
ඒ වගෙම ජොකා ඇදෙනවා. දිගටම කලොත් අපරාදෙ !!
පටි ජොකෙක් හරි වවුල් ජොකෙක් හරි ගත්තනං වැඩේ ලේසි වෙයි!
Deleteමමනම් ඉස්සර ඔය මිස්ටර් බීන්ගේ වීඩියෝ එක බලල ඔය වැඩේ සාර්ථකව අත්හදා බලල තියෙනවා.
ReplyDeleteමං ඕක ටීවී එකේ දකින කාලේ වෙනකොට ඒ මෝඩ කං ගිහින්!
Deleteරාජ් අයියා කිව්වා වගේ මාත් ඕක බීන්ගේ වීඩියෝ බලන්න කලින් කරා ස්විමින් කරන කාලේ.
ReplyDeleteමිස්ට බීන් ස්විමිං පුල් එකට ගිය කතාව තියෙන එපිසෝඩ් එක දැකලා තියෙනවාද?
Deleteසියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමිස්ටර් බීන් කියන්නේත් සුපර්මෑන් කෙනෙක්ම තමා... :ඩී (උඩින් ඇන්ද නම් )
ReplyDeleteඑහෙම ගම්ලවන්න පුළුවන් ජාතියක් ඉස්සර කාලේ තිබුනා. ඒවා එක පැත්තකින් ගැට ගහල තිබුනේ.. ඒ පැත්ත ගලොපුවාම අනිත් පැත්ත සිම්පල්. එලියට එන්නේ කලිසම් කකුල දිගේ !
ReplyDeleteකතන්දර, මාත් ඕක කළින් බලල තිබුණ..හැබැයි මේවගේ අයිසින් දාපු කතාවක් එක්ක බලනකොට රහ වැඩියි...
ReplyDeleteතැන්කූ වේවා!