Thursday 5 April 2012

ටැබූ සබ්ජෙක්ට්ස් සිහිවී - Taboo, Taboo, where are you?


සිංහල බ්ලොග් ලෝකයේ පොරක් ලෙස කාලයක් තිස්සේ පිනුම් ගසමින් සිටි ටැබූ ලියූ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය එකපාරටම වගේ වහලා දාලා දැන් අවුරුද්දකුත් සති තුනක් විතර ගෙවිලා ගිහින්.

ටැබූ ගැන නොදන්නා බ්ලොග් කියවන කෙනෙක් ඉන්නවා නං ඒ පහුගිය අවුරුද්ද ඇතුලත මේ හොබිය පටන්ගත්තු කෙනෙක් විතරක් වෙන්න ඕනෑ.

මං මුලින් ටැබූ ගේ ලිපියක් කියෙව්වේ බූන්දිය හරහා ආපු ඊ-මේල් එකක ලින්ක් එකක් හරහා ගිහින් වගෙයි මට මතක. මං බ්ලොග් එකක් පටන් ගන්නත් ටැබූගේ බ්ලොගය එක හේතුවක් වෙන්න ඇති.

ටැබූ දේශපාලන ලිපිත් ලිව්වා. කතන්දරත් ලිව්වා. ඒ කතන්දරවලත් වැඩිපුර තිබුණේ දේශපාලනයයි. ඒ කියන්නේ පක්‍ෂ දේශපාලනයම නෙමේ. බොහොමයක් තහනම් මාතෘකා ගැන ලිවීමත් කතා කිරීමත් දේශපාලනය, ඒ කියන්නේ පොලිටික්ස්, තමයි.

මගේ මතකයට එන ටැබූ ගේ ලිපි කීපයක් මෙන්න.

1. චුල්ල රාජපක්‍ෂ ජාතකය
2. කැම්පස් කෙල්ල ගේ කතාව
3. ගවුමක් අඳින්න පෙරුම් පිරූ කොල්ලා ගේ කතාව
4. ගමේ මිනී මැරුම

ටැබූ මුලදී මගේ කතන්දරවලට අතුරු කතා ලිව්වේ අර පොඩි කුමාරිහාමිගේ ලිපිවලට රවී ලියනවා වාගේමයි. ඉතිං මං කලේ ඒ කතන්දර වෙනම පෝස්ට් විදියට පල කිරීමයි.

මේ බලන්න.

1. ටැබූ නමැති කතන්දරකාරයා ලියන කතන්දර
2. තුම්මුල්ල ගැන ටැබූ ලියු ටයිනි කතන්දර
3. වන් මෑන් ෂෝ - ටැබූ ලියයි.....!

ඊට අමතරව, මං ටැබූ ගැනත් වෙනම පෝස්ට් දැම්මා.

1. ටැබූ කතන්දරකාරයා වලිය ෂේප්
2. ටැබූ ගේ ප්‍රියතම බ්ලොග් එක කතන්දර බ්ලොගයද?

අන්තිම කාලේ නං ටැබූ මා එක්ක වලියට ආවා. පොර ගේ ලිපියක ගිය අදහසක් මං වැරදි විදියට විස්තර කළාය කියලා. ඒත් මං වලියට බර නැති නිසා මං පැහැදිලි කළා, පොර කියූ එක මට තේරෙන විදිය වෙනස් වීම මගේ වරදක් නොවන බව.

අන්තිමේදී ටැබූ අතුරුදහන් වුනා. ඒ කාලේම බියොන්ඩ් ෆ්‍රේම් බ්ලොග් එකත් හැක් කෙරුණා. කවුදෝ මටත් තර්ජනය කරලා තිබුණු හින්දා මං නං සුදු කොඩියක් දාලා බේරුණා. මොකද සුදු කොඩි දාපු අයට අනතුරක් නෑනේ.

මට නං හැමදාම හිතෙන්නේ බ්ලොග් එක නැති වුණාට ටැබූ අප අතර ඉන්නවාය කියලයි. මොකද මේ බ්ලොග් ලිවීම කියන්නේ මහා කොටි වලිගයක්. හැබැයි මූ හොඳ කොටියෙක්. ලේසියෙන් පුරුද්ද අතහරින්න බෑ.

අවසානයේ මෙන්න ටැබූ වෙනුවෙන් ශෝකප්‍රකාශ කවියක්.

මුලු බ්ලොග් ලොවම තනිකර රෑ අමාවකේ
ඔබ සැඟවුණා අයියෝ සයිබරේ මුකේ
ටැබූකාරයාණෙනි අප හෙලූ දුකේ
හොඳ කකුලක්ය උඹ අපගේ බජාරෙකේ

-කතන්දරකාරයා

ප/ලි:
ටැබූ ගේ සමහර ලිපි වෙබ් ආර්කයිව් එකේ තියෙනවා. මෙන්න ඒවා.
http://wayback.archive.org/web/20100601000000*/http://taboosubjects.wordpress.com

(image: http://informe.com/taboosubjects.wordpress.com/)

123 comments:

  1. ඔයා පොඩි කුමාරිහාමිට ලින්ක් දාලා නෑ...:D:D:D

    ReplyDelete
  2. ටැබූ අමතක කල නොහැකි චරිතයකි.... එයට එකඟ වෙමි.... තවමත් ටැබූගේ නම හිට් ගොඩකි.. ඒත් ටැබූ බ්ලොග් එකක් ලියනවා වගේ මට සිතේ.. ඒ භාශා ව්‍යවහාරය වගේමය....

    ReplyDelete
    Replies
    1. ඔහෙත් ලිපියක් ගෙතුවා නේද මාවත් ඈඳලා හිට්ස් ගන්න?

      Delete
  3. මමත් මේ ක්ෂේත්‍රය තුල දැකි ඉතාම ප්‍රතිභා පූර්ණ බ්ලොග්කරුවා ටැබූ. මම බ්ලොග් ලියන්න ආවේ ඊයෙ පෙරේද වුනාට මේක කියවන්නේ වසර ගනනක සිට. කොහොම හරි මම ආසම ටැබූ ලිපිය තමයි ආඩම්බොරකාර තාත්තාට ලියූ ලිපිය. මම ඒ දිනවල කමෙන්ට් දමන්න දන්නේ නැහැ. එහෙම නොවුනා නම් මම හැම ලිපියකටම කමෙන්ට් කරනවා. දැනට සිටින අය අතරින් මාතලන්, බුවා යම් තරමකට ඒ හිඩැස පිරෙව්වත් ටැබූ තමයි තාමත් එක. ඒ හැකියාව අලුත් පරම්පරාවට කියවලා දැණ ගන්න නැති වුනු එක හරිම අපරාධයක්. ටැබූගෙ අඩුව තාමත් තිබෙනවා. මමත් හිතනවා ඔහු අප අතර ඇති කියා. ඔබගේ පුනරාගමණය ඉක්මනින්ම වේවා.

    ReplyDelete
    Replies
    1. වෙදනා ප්‍රතිබාපූර්න රචනයක් වශයෙන් හදුන්වන්නෙ ආණ්ඩුවට බනින එකටද?

      මන්ද ඔය මාතලන්ට හා බුවාට වඩා ප්‍රතිබාපූර්න රචකයො මේ බ්ලොග් අවකාශයේ ඉන්නව. ඒත් ඔවුන් දේශපාලනය මාතෘකාව කර ගන්නෙ නෑ.

      Delete
    2. @ඇනෝ - මගේ භාෂා විලාශයේ හෝ ලේඛන ශෛලියේ හෝ මහ ලොකු ප්‍රතිභාවක් නැති වෙන්නේ පුලුවන් ,නමුත් විවේචනය කලයුතු තැනදි ඕනිම කෙනෙක් වීවේචනය කරන එකයි මගේ ප්‍රතිපත්තිය , ආණ්ඩුව වැඩි පුර විවේචනය වීම ගැන ඔබතුමාට දුක නම් කොරන්න දෙයක් නැහෑ

      Delete
    3. ඉතින් ඒකනේ මම කිව්වේ බුවා .

      ප්‍රතිබාවක් නෑ තමා ,තවත් එක කඩේ යන්නෙක් පමනයි බුවා කියන්නෙ. කඩේ යන්නෙ ඉතින් කාටද කියලා බුවා දන්නවනෙ. ඔන්න බලන්න තිබ්බා එයාලා බලයේ හිටියනම්.
      කරුනාකරලා ඔය ඔබ කඩේ යන උන්දැල විවේචනය කරපු තැනක් පෙන්නනවද?

      Delete
    4. මම කඩේ යනවාය කියන්නේ ඔබතුමාමනේ , ඒ නිසා ඔය කවුරු ගැනද කියන්නේ කියන එක දන්නෙත් ඔබතුමාම තමයි .ආණ්ඩුවට බැනීම ගැන ඔබතුමා ප්‍රශ්න කරන නිසා විපක්ෂයේ ක්‍රියාකාරකම් විවේචනය කරපුවත් තියන බව පමණක් සඳහන් කරන්නම් (මම සාමාන්‍යයෙන් ලින්ක් දාන්න කැමැත්තක් නැ , කැමති නම් ගිහින් බලන්න පුලුවන් )

      විපක්ෂයේ ක්‍රියාකාරකම් වලට වඩා ජනතාවට බලපාන්නෙ රජයේ ක්‍රියාකාරකම් , ඒ නිසා ප්‍රමාණාත්මකව රජය විවේචනය වීමේ අවස්ථාව වැඩියි !

      Delete
    5. ලින්ක් දාන්න ඕනි නෑ බුවා මෙන්න මෙදා මම මෙහෙම කරා කිවුවා නම් හොඳටම ඇති......
      {විපක්ෂයේ ක්‍රියාකාරකම් විවේචනය කරපුවත් තියන බව පමණක් සඳහන් කරන්නම්}

      තියෙනවා තමා තමන් කඩේ යන උන්දැලට විරුද්ධ විරුද්ධ පක්ෂෙ අයව විවේචනය කරපුව...

      ආයෙත් මට කියන්න ඕන උනේ මෙච්චරයි බුවා හා මාතලන්ට වඩා ප්‍රතිබා පූර්න රචකයන් තව මේ බ්ලොග් වල ඉන්න බවත්, මහ වෙදනාගේ ප්‍රකාශය වැරදි බවත් පමනයි. ඒ වගේම බුවා මේ කරන තමන් එකෙක්ට කඩේ යන ගමන් අනිකා තව කෙනෙක්ට කඩේ යෑම විවේචනය කිරීම වැරදි බව පමනයි. ඒ දේ මාතලන් නම් කරන්නෙ නෑ.

      Delete
    6. ප්‍රතිභාව ගැන මම කලින් කියලා තියනව නොවැ , කඩේ යාම ගැනත් මම කොච්චර කිව්වත් ඔබතුමා පිලිගන්න එකක්යැ , කොහොම වුනත් මේ දක්වා බ්ලොග් කරණයේ කිසිම තැනක මතවාදිමය වශයෙන් මිසක් පුද්ගලවාදිව කඩේ යැමක් කරල නැහැ , එහෙම පුද්ගලයෙකුට කඩේ යන්න තරම් ප්‍රභල චරිතයක් ලාංකීය දේශපාලනයේ නැහැ

      Delete
    7. ඇයි එතකොට රනිල් වික්‍රමසිංහයානෝ එයා ප්‍රභල නැද්ද

      Delete
    8. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති වල මම අගය කරන අංග තියනවා , නමුත් ඔහු කිසිසේත් සාර්ථක හෝ සම්පූර්නයෙන් අගය කල හැකි දේශපාලනික චරිතයක් නෙවෙයි , රටේ සමහර කාලින සිදුවීම් වලදි දක්වන හැසිරීම් ,එජාපය තුල දක්වන ඒකාධිපතීත්වයන්, අනෙකුත් පක්ෂ එක්ක ගණුදෙනු ආදී වශයෙන් රනිල් ගේ දුර්වලතා රාශියක් දක්වන්න පුලුවන් , රටේ ප්‍රධාන විපක්ෂය නිද්‍රාශිලි කරල රාජපක්ෂලට පිස්සු කෙලින්න ඉඩ සැලැස්වීමට එක්තරා දුරකට ඔහුත් වරද කරුවෙක්

      Delete
    9. "රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති වල මම අගය කරන අංග තියනවා"

      ඒ මොන වගේ ඒවද කියලත් කියන්නකෝ මැතිඳ?
      එහෙම අගය කරන කිසිම දෙයක් මරාගේ හෝ සජීගේ නැද්ද ඔබ දකින?

      එජාපය තුල දක්වන ඒකාධිපතීත්වය හා කෙලින පිස්සු රට පාලනය කරන්න දුන්නොත් කොහොමට නොකෙලීද කියා හිතෙන්නේත් නැද්ද බුවා මැතිඳාට

      Delete
    10. රනිගේ වසර දෙකක පාලන කාලයක් තිබුනානේ , ඔහු රට පාලනය කරන්නේ කොහොමද කියන ඒ කාලයේ දැක්කනේ , ඒ නිසා අමුතුවෙන් මොනව හිතන්නද ,

      රනිල්ගේ අගය කරන ප්‍රතිපත්ති වශයෙන් ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති හඳුන්වන්න පුලුවන් (මේ හරහා අලුත් වාදය පටන් ගන්න උත්සහ කරන්න එපා , දැනටමත් අපි ලිපියේ මාතෘකාවෙන් සැහෙන්න පිට ගිහින් ඉන්නේ )

      මහින්දගෙත් අගය කරන්න පුලුවන් දේවල් තියනවා , නිදහස් පක්ෂය පමනක් මූලික වුනු(අලියගෙන් පැනපු උන් සහ පැරණි වමත් ඇතුලුව ) රජයක් වුනා නම් මීට වඩා දකින්න ලැබෙයි , මේ වෙනකොට අන්තවාදි ලිං ගෙම්බන්ගේ ආණ්ඩුවක් බවට පත්වෙලා ඉවරයි

      සජිත් ගැන තවම නම් ඒ තරම් පැහැදීමක් නැ , නමුත් මිනිහා ලංකාවේ ඡ්න්ද ගන්න විදිහ නම් දන්න පාටයි !

      Delete
    11. බුවා මැතිඳ කවදද මෙවා මාතෘකාව පැත්තටම ගමන් කලේ ඒ හින්දා අපි ඔන්නොහේ කතාව ඇඳං යං

      ඔය රනිල්ගේ අගය කරන ආර්ථික ප්‍රතිපත්තිය ගැන ජුංඩක් විතර පැහැදිලි කරන්න බැරි වේවිද හුදී ජන පහන් සංවේගය උදෙසාවත්

      විදේශ ප්‍රතිපත්තිය කියන එක පස්සේ ගමු

      Delete
    12. දැන් ඉන්න කට්ටියගේ විදේශ ප්‍රතිපත්ති තරම ඇස් පනා පිට පේන්න තියනවා බොරු දේශප්‍රේමයෙන් අන්ධ වෙලා නැත්නම් , ආර්ථිකය ගැන කථාවත් දන්නො දනිති , නොදන්න අයට ඉදිරියේදි දකින්න ලැබෙයි , රනිල් ගේ අවුරුදු දෙකේ අදාල ප්‍රතිපත්ති සහ අද තියන එව්වා සංසන්ධනය කොරල බැලුවා නම් වෙනසක් අඳුනගන්න ලැබෙයි ,ඒ වෙනසට කැමතිද , නැද්ද කියන එක ඔබතුමාගේ වැඩක් , මම කෑමතියි ඒ නිසා අගය කරනවා එච්චරයි !

      Delete
    13. මං එකක් අහපුවාම මැතිඳා වෙන එකක් දොඩනවා

      පොඩ්ඩක් ඔය කියන ආර්ථික ප්‍රතිපත්තියේ මූලිකාංගවත් හඳුන්වලා දෙන්න බැරිද

      සංසංදනේ කරන්නවත් දැනගෙන සිටින්න උවමනායි නොවෙද

      Delete
    14. රනිල්ගේ පාලන කාලේ ලංකාවේ නෙවෙයිද හිටියේ ? ,අනික ලංකාවේ දේශපාලනය ගැන උනන්දු කෙනෙක් නම් එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන නොදැන ඉන්න හේතුවක් නැහැනේ ,මේ වගේ අදාල නොවන තැනක ආර්ථික ප්‍රතිපත්ති ගැන වාද කරන්න බැය කියල මම මුලින්ම කිව්වා නෙව

      Delete
  4. වෙබ් ආලෝචනා

    ReplyDelete
  5. මමත් මුල් කාලයේ ආසාවෙන් කියෝපු බ්ලොග් එකක්,,ටැබූ ලිපි එලකිරි,නොයෙක් පුවත් සයිට් වලන් ගෙඩි පිටින් උස්සලා සෑහෙන්න හිට්ස් ගත්තා ඒ කාලේ...

    ReplyDelete
  6. මමත් කොමෙන්ට් දාන්න දන්නේ නැති දවස්වල ටැබූ බ්ලොග් එක ආසාවෙන් කියෙව්වා, අපරාදේ ඒවගේ කෙනෙක් බ්ලොග් එකක් අතහරින එක.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කතන්දර මොකද මේ අවේලාවේ post එකක් දාලා....

    ReplyDelete
    Replies
    1. පෝය කාලෙට ඔහොම වෙනවා!

      Delete
  9. මමත් බ්ලොග් පාඨකයෙක් වුණේ මූණු පොතේ මිතුරෙක් ලින්ක් කළ ටැබූ ගේ, මහින්ද අබේසුන්දර හෙවත් අහිංසක කසල භක්ෂකයා කියන ලිපිය කියවල.මතවාදීම ඔහු සමග එකඟනොවන තැන් තිබුනත් ඔහු භාෂාව මනාව හැසිරවූ ප්‍රතිභාපූර්ණ ලේඛකයෙක් බවට කිසිදු විවාදයක් නෑ.ඔහු නැති රික්තකය තවමත් නිසි ලෙස පිරී නැතැයි මා සිතනවා.ඒත් වෙබ් අවකාශය තුල ඔහු තවමත් ජීවමානයි.කිිහිපවිටක්ම ටැබූ නාමයෙන්ම ඔහු ප්‍රතිචාර දැක්වුවා මට මතකයි (බ්ලොගය වසාදැමුවාට පසුත්).මහ වෙදනා කීවාක් මෙන්ම මාත් ඔහුගේ පුනරාගමණය බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  10. ටැබූ බ්ලොග් අවකාශයේ එක්තරා අඩුවක් පිරෙව්වා කියල තේරෙන්නේ දැන් හිස් තැනක් තියෙන නිසා.

    ReplyDelete
  11. ටැබූ කවුද කියලා හොයන්නත් ඒ දවස් වල සෑහෙන්න කට්ටිය පොර කෑවා.මම හිතන්නේ ටැබූ විසින් ටැබූට තියපු අනන්‍යතාවය තමා ඒක.
    ටැබූ කියන ටොපික් එක දැක්කත් කට්ටිය හොයාගෙන එන්නේ එකයි

    ReplyDelete
    Replies
    1. දැං ඉතින් ලොවෙත් ටැබූව හොයන්ඩ බෑ. දැං පොරටවත් බෑ මමයි ටැබූ කියන්ඩ....

      Delete
  12. මම ටැබූගේ බ්ලොග් එක කියවලාම නෑ, මම එනකොට තිබුනේ නෑ මම හිතන්නේ. හැමෝම කතා වෙන නිසා මටත් ආස හිතුනා කියවන්න. තැන්කු ලින්ක් එකට.

    ReplyDelete
  13. මමත් රාවයෙන් දැකලා ටැබූ කියෙව්වට හිතාගෙන උන්නේ වෙබ් එකක් කියලා. මට බ්ලොග් ලියන්න කියා දුන්නේ කතන්දර. ටැබූ අපව අගය කලා, වැරදි නිවැරදි කලා. මගේ අදහසත් ඒ ස්ටෑන්ඩ් එක අනාගතේවත් බිහිවන එකක් නෑ කියලා. පරීපූර්ණ ළිපි.

    ReplyDelete
  14. ලසන්ත5 April 2012 at 18:33

    චුල්ල රාජපක්ස ජාතකය | Chulla Rajapaksa Jathakaya « Taboo Subjects
    taboosubjects.wordpress.com

    යටගිය දවස බරණැස් නුවර මායාවති නම් රැජනක රාජ්ය කර වදාරන සමයෙහි ඊට නුදුරින් රාජපක්සදීපය නමින් සසිරිබර පුණ්යවන්ත රාජ්යයක් වූයේය. පද බිඳෙන අයුරින් මේ ද්වීපයේ නම දෙ අරුතක් ගති. ඒ කෙසේද යත්: රාජ-පක්ස-දීපය (The Land of Royal-Loyals) හා රාජ-පක්-සදීපය (The Good Land of Royal Dicks) ලෙසිනි. හුදී ජනයෝ, තම තම නැණ පමණින්, තම තම උදර පෝෂණයේ හා කුටුම්භ රක්ෂණයේ අභිමතාර්ථයන්ට පටහැණි නොවන ආකාරයෙන් මේ දෙ අරුතින් එකක් භාවිතා කළෝය.

    එකල්හි මේ රාජ්යයේ රජකළ මහ රජ්ජුරුවන් වහන්සේ උත්තර දේශයෙහි වැසි අසූ කෙළක් පර සතුරු බල බිඳ විජයග්රහණයෙන් ඔද වැඩී අමන්දානන්දයට පත්ව සත් මසක් තිස්සේ ප්රීතෝත්සව පවත්වන්නාහුය. දන්සැල් පවත්වන්නාහුය. මඟ යන්නෝ සිහ ධජය ඔසවා වළක්වා ඔවුනට බලයෙන්ම ගිතෙල් මිශ්ර ඇඹුල් කිරිබත් කවන්නාහුය. පසල් දනව් වැසි මානවකයෝ දේශප්රේමයෙන් මඬනා ලද්දෝ සිහ ධජයෙන් අමුඩ ගසා, එම්බල දෙමළ කොල්ලනි, තොපිට මේ අප නිය පිටින් ගැසුවා පමණකැයි කේසර සිංහ නාද කොට මහත් වූ කෝලාහල කරන්නෝය. මහ රජාණෝද මා හා සම කළැකි අන් කවර නිරිඳකු සිංහබාහු පුත් විජයන්ගේ පටන් පහළ වී දැයි සිතන්නෝ, සිතාගත නොහී මම්ම මේ දෙරණට උතුම් වන්නෙම්ය සැක හැර දැන හැඳින, මහ සඟරුවනට ඇත් පැටවුන් පුදා බාර හාර ඔප්පුකොට, උන්ට විපක්ෂවූ රන්න පොනිල් නම් අමාත්යවරයාගේ අධෝමාර්ගයෙහි මහත් වූ ගැටැති මුගුරක් යවන්නාක් සේ වධ කොට, දැහැමෙන් සෙමෙන් රාජ්යය විචාරන්නහුය.

    මෙසේ රාජ්ය කරන කල්හි මහ රජ්ජුරුවන් වහන්සේට මහත් වූ පැණයෙක් වන්නේය. ඒ කුමක්ද යත්: උන් වහන්සේගේ සෙනෙවිරත්හු ජනී ජනයා පෙළන්නෝය. මහ සෙනෙවි පුතුනට සතුරු වූ මානවකයන් පැහැර ගොස් තළා පෙළා දමන්නෝය. උන්ට පරුෂ වචනයෙන් සංග්රහ කරන්නෝය. තමන්ට නැති හිසක් උනට ඇති නියාව දැක ඊර්ෂ්යා පරවශව ඒ හිසට පොළු මුගුරින් පහර දෙන්නෝය. මහ සෙනෙවිරදුන් හා සාද වූ නගර ශෝභිනීන්ගේ බස් අසා අහිංසකයන් මරා මහ වීදියෙහි දමන්නෝය.

    එකල්හි හුදී ජනයා මේ කවර නම් විපතෙක්දැයි සිතා තුමූම කිරිබත් කැවූ සෙනෙවිරදුන්ගේ මෑණියන් සිහිකොට නින්දාපරවශ කරන්නෝය. සෙනෙවිරත් පායයන් අභිමුඛයේ ඝෝෂා කරන්නෝය. අන්තර්ජාලයෙහි බොලොග ලියන අමනයෝ සෙනෙවිරදුන්ට කැට මුගුරු වලින් පහර දිය යුතුය බණන්නෝය. මේ සෙනෙවිරදුනට දණ්ඩන නොපණවන්නේ මන්දැයි මහරජතුමන්ගෙන් අසන්නෝය.

    එකල්හි අප මහ රජ්ජුරුවෝ කෝපාග්නියෙන් දැවී, එම්බා ජනයිනි, මේ සෙනෙවිරත්හු මගේ ප්රාණ සම මිත්රයෝය. උහු මට මන්ත්රීශ්වරණයේදී නේක උපකාර කළාහුය. මගේ එදිරිවාදීන්ගේ පායන් ගිනිබත් කළෝය. උන්ගේ අතවැස්සන්ට පොළු මුගුරු වලින් පැටි කළ බිව් කිරි මුවින් වෑහෙන්නට තරම් වන සංග්රහ කළෝය. මුන් නොවේ නම් මතු දින මගේ සැඳැ පැස (වර්තමාන ව්යවහාරය අනුව ‘ඡන්ද පෙට්ටි’) පුරවා මගේ විජයග්රහණය සහතික කරන්නාහු තොපේ මෑණියන්දෑද කියා පෙරළා හුදී ජනයා විචාලෝය. මේ පුණ්යභූමියෙහි වසන්නෝ දෙවර්ගයෙකි. දේශප්රේමියෝ හෙවත් රාජප්රේමියෝය. නැතොත් දේශද්රොහියෝ හෙවත් රාජද්රෝහියෝය. තොප අයත් වන්නේ උන්ටද මුන්ටදැයි අඩි පොළොවේ ගසා, මේඝ ගර්ජනා කළෝය. හුදී ජනයෝද වික්රමතුංග මානවකයා ගිය මඟ යනු නොකැමැත්තෝ, නුඹ වහන්සේට යහපත් නම් අපට තව කවර නම් පුක්ඛාබාධයක් වේදැයි මුවින් නොබැණ ඉවසා වදාරන්නෝ, මහරජ්ජුරුවන් වහන්සේගේ මෑණියන් වහන්සේටද පුණ්යානුමෝදනා කොට, තම මුක පූට්ටුකර ගත්තෝය.
    එතෙකින් නොනැවතුණු අප මහ රජ්ජුරුවන් වහන්සේ චුල්ල ධීවර තෙමේ දැල් පියා තෝරුන් මෝරුන් හැර හාල්මැස්සන් අල්වා ගන්නේ යම්සේද, එසේම මහ සෙනෙවිරදුන් හැර පියා, චුල්ල සෙනෙවියන් අල්ලාගෙන අධිකරණ ශාලාවට ගෙනැවිත් උන්ට මින් මතු මෙවන් අපරාධ නොකරැයි තරයේ අවවාද කොට, එමතු නොව උන්ට දණ්ඩෙන් පහර බැගින් දී නිදහස් කළාහුය. එදුටු තිස් තුන් කෝටියක් සම්යක් දෘෂ්ඨික දේවතා තෙමේ මතු නොව මරණින් මතු භූතාත්ම භාවයට පත්ව සිටින්නා වූ ප්රභාකරන් නම් වූ චණ්ඩ වු සොරදෙටුවාද චිත්ත ප්රීතියට පත්ව සාධුකාර දුන්නේය. එතෙකින් පසු යුක්තිය පසිඳලීම ගැන අප මහ රජ්ජුරුවන් වහන්සේගේ කීර්තිය දේශ දේශාන්තරයන්හි පතළේය.හුදී ජන පහන් සංවේගය තකා රචිත චුල්ල රාජපක්ස ජාතක කතා වස්තුව මින් නිමියේය.


    This entry was posted on August 18, 2009 at 2:15 pm

    ReplyDelete
    Replies
    1. එකල්හි තමගේ ගුණ වර්ණනා කල ටුබු නැමැති බ්ලොග් අමනයාට තුටු පඬුරු පිණිස රජපක්සාද්වීපයෙහි මහරජාණෝ සුදු රථයක් යොදවා ටැබුව අන්තරස්දානකොලේය.







      (ලොවෙත් නැති හාදයෙක්නේ ටුබු කියන්නේ කොහෙද මම මට ටැබුව හම්බුනේ නැහැනේ)

      Delete
  15. ටැබූගේ භාෂා ශෛලිය ඉතාහොඳයි නමුත් ටැබූගේ පහත දුර්ගුණද තිබුනා
    තමන්ට පිළිතුරු දිය නොහැකි කමෙන්ට් වාරණය...
    මතවාදයක තමන් කුජීතව ගිය පසු තම කමෙන්ට් ඉවත් කරදැමීම
    ලිපියක උෂ්ණය ඉක්ම ගිය පසු තමන් කුජීතව ගිය කමෙන්ට් වලට පිළිතුරු දැක්වීම
    තමන්ට විරුද්ධ මතවාද දැක්වූ අයගෙන් පුද්ගලිකව පළිගැනීමට යාම (වෛද්‍ය මිගාර මහතා සම්බන්ධ සිද්ධිය)

    ටැබූ වගේම ටැබූට ඇප නැතිවෙන්න ලියූ ඒ වගේම ටැබූගේ මතවාද පීචං කර දැමූ , සංවාදයන් හරහා ටැබූට යන එන මං නැති කර දැමූ මිගාර මහතාගේ බ්ලොගය ගැනත් සටහනක් තැබීම වටී... ඔහුත් දැන් බ්ලොගය වසා ඇත...

    ReplyDelete
    Replies
    1. අනේ ටැබූට පව් නේ...යන එන මං නැති කලා :-( and smirk smirk smirk

      Delete
    2. ඇනෝ සමඟ මාත් එකඟයි.පුද්ගලිකව මා මිගාර මහතාගේ බ්ලොගය කියැවූයේ ඔහු (මේ ටැබූ සම්බන්ධ සිද්ධියේ දීම) තම බ්ලොගය තාවකාලිකව නැවත විවෘත කළ විට.ඔහු පැහැදිලිවම ටැබූ ව පතුරුගසා පීචං කර තිබුණා.වෛද්‍ය මිගාර මහතාගෙන් පුද්ගලිකව පලිගැනීම මමත් අනුමත කරන්නේ නෑ.(වෛද්‍ය සභාවට ඔහු ගැන යම් පැමිණිලි කිරීමක් කර තිබුණා).

      Delete
    3. මම දන්න විදියට නම් ටැබූ මිගාර ලොක්කා ගැන පැමිණිළි කළාය කීම මතවාදීව ටැබූව පරද්දන්න බැරිවෙන කොට ඔහු අප්‍රසාදයට පත් කරන්න මිගාර ලොක්කා ගහපු අතේ රෝලක්. මොකද මේ චෝදනාව කළා මිසක ඒක කවදාවත් ඔප්පු කළේ නැහැ. මිගාර කියන්නෙ මොනවගේ ඩයල් එකද්ද කියලත් අපි නොදන්නවයැ ළමයෝ.

      Delete
    4. අපි දන්න විදියට පීචං වුණේ එකම එක්කෙනයි. ඒ ටැබූම විතරයි. ටැබූ සංවාද ව;ලින් පණින හැටි අපි ඔක්කොම දැක්කා. අනික ටැබූ මෙහෙම චෝදනාවක් කළාය කියන එක මිගාර කවදාවත් කියල තිබුණේ නෑ. ටැබූට හොරෙන් හොරෙන් පහර ගහපු පෙරමුණේ රාළගේ අටුවාවෙන් වපුරපු බොරුවක් ඒක.

      Delete
    5. පීචං උණු කුජීත වුණු එකා තමයි මිගාර. ඌට තේරුණා ටැබූ එක්ක හැප්පෙන්න බැරි බව. උගේ ඉලව් බ්ලොග් එකටත් තිබුණේ හිට්ස් 50,000ක්ද කොහෙද. බැරිම තැන ටැබූ වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළා කියල පත බොරුවක් ඇදබාලා බ්ලොග් එක වහලා ගියා. ඔන්න පොරවල්.

      Delete
    6. මිගාර මේ දිනවල බඩා මාමා ගේ ළමා කතන්දර නමින් බ්ලොගයක් කරයි!

      http://badamama.blogspot.com/

      .

      Delete
    7. ඇස් තිබිච්ච ඔක්කොම දැක්ක පීචං වුනේ කවුද කියල. අනික පීචන් වෙච්ච එක මනින්නේ හිට්ස් වලින් කියල මම දන්නේ අදනෙ? ටැබූ පට්ට විදියට මිගාරගෙන් පීචන් උණා. ඒක දරාගන්න බැරි ටැබූ ගෙ "යෙස් සර්" රෑන් තමවම්ත් පිස්සු කෙළිනවා

      Delete
    8. පීචං උණු එකා ටැබූ තමන්ට විරුද්ධව පැමිණිලි කළා කියලා පට්ටපල් බොරුවක් හදලා බ්ලොග් එක වහ ගත්තා. ඊට පස්සෙ ටැබූව හැක් කළා. මේවා තමයි ඇත්ත. දැන් උගේ හෙන්චයියෝ රෑන ඒ බොරුව දහස් වාරයක් මතුරලා ඇත්ත කරන්න හදනවා.

      Delete
    9. ඇරග තියෙන කාගෙ අපි දැක්ක ටැබුවට ඇඩරස් නැති වෙච්ච හැටි. මේවා තමයි ඇත්ත. දැන් උගේ හෙන්චයියෝ රෑන ඒ බොරුව දහස් වාරයක් මතුරලා ඇත්ත කරන්න හදනවා.

      Delete
  16. හරියට හරි කතන්දර. මේක ටිකක් හොඳ කොටියෙක්. ඒකනෙ මාත් මේ මාස දෙකක් විතර අතේරල තියල අද ආයි අල්ලගත්තෙ.

    ReplyDelete
    Replies
    1. අද ඉන්දික ගේ පෝස්ටුවෙන් තේරෙන්නේ කොටි වලිගය අතහැර වෙන නැට්ටක් අල්ලාගෙන සිටි බවයි.

      Delete
  17. මම ආපු අළුතම වගේ ටැබූ සබ්ජෙක්ට්ස් කියෙවුවා.. ඒත් අදහස් පල කරන්න ගියේ නෑ.. මොකද ඒවට මොනවා කියනවද කියලා මටම හිතා ගන්න බැරි උන නිසා..

    ReplyDelete
  18. මම නම් අහලා තිබුනට කියවලා නැහැ ඒ චරිතය ලියන ලිපි.ලින්ක් දිගේ ගිහින් බලන්න ඕන.

    ReplyDelete
  19. ටැබූගෙ මා දැකපු විශේෂත්වය තමයි අනාගතය දකින්නට ඔහුට තිබුණු අපූරු හැකියාව. යුද්ධය ජයග්‍රහණය කළාය කියල ප්‍රීති උත්සව තියෙන කාලෙදිත් ඒක ජයග්‍රහණයක් නෙවෙයි දීර්ඝකාලීනව පරාජයක් කියල කියන්න තරම් ඔහුට බුද්ධියක් තිබුණ. අද රාජපක්ෂ ආණ්ඩුව පත් වෙලා තියෙන අවාසනාවන්ත තත්වයට ඒක පත්වෙන බව ටැබූ ඒ කාලෙම දැක්කා.

    ReplyDelete
  20. මේ වගේ කතා මැද්දට පනින්න කොහොමවත් උවමනාවක් නැහැ මොකද මේක අන්තිමේදී නවතින්නේ කොතනින්ද කියලා මට වැටහෙන හින්දා..ඒත්ටැබූ ගැන කතා කරන විට මිගාර ගැන කතා නොකරනවනං ඒක අසාධාරණයක්... ටැබූගේ ලිවිලි සුපිරි වගේම තමා මිගාරගේ නියම කරුණු දක්වමින් කරනු ලැබූ විචාර..ඒ හරහා ටැබූට තමන්ගේ ලිවීම පහසු උනේ නැහැ. ටැබූ ආවට ගියාට කතාවක් කියන පරක්කුවෙන් මිගාර ආවා ඒ ගැන කතා කරන්න නමුත් ඒ හැම වෙලාවකම දකින්න තිබුන දෙයක් තමා ටැබූ අර පෙර ඇනෝ කෙනෙක් කියා ඇති පරිදිම කටයුතු කිරීම.

    අද වෙනකොට ටැබූගේ පරණ පෝස්ට් හොයාගන්න නැති උනත් උවමනාව තියෙන කෙනෙකුට ඔය කතන්දර කලා වගේ පරණ පෝස්ට් හොයා ගන්න බැරි කමකුත් නැහැ.ඒ පෝස්ට්වල සම්පූර්ණ කමෙන්ට් එක්ක කියෙව්වොත් මැදිහත්ව බලන කෙනෙකුට තේරෙයි ටැබූට මිගාරගෙන් මොන විදියේ පීඩනයක් මතවාදීමය පැත්තෙන් එල්ල උනාද කියලා.

    අවසානයේ දැනගන්න ලැබුනේ ටැබූ හා ඔහුගේ සමීපතමයින්ගෙන් මිගාරට විරුද්ධව යම් පැමිණීල්ලක් වෛද්‍ය සභාවට එල්ල උනා කියන එක.එහි ප්‍රතිඵලය ලෙසින් මිගාරගේ පන්හිඳ සමඟ බ්ලොග් එක වැහිලා ගියා. එදා කවුරුවත්ම ඒ වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් නොවුනේ මිගාර හෙංචයියන්ව හදන්න නොගිය හින්දයි.අද කවුරු හරි කියනවනං මිගාරට එහෙම අකටයුත්තක් උනේ නැහැ කියලා සහ මිගාර බොරුවට තමන්ගේ බ්ලොග් එක වහගෙන බයේ පැනලා ගියා කියලා..ආන්න ඒ ටිකම තමා ටැබූ ගැන කියන්න තියෙන්නෙත්... කවුරු හරි කියනවනං ටැබූ ඇත්තටම හැක් උනා කියලා ආයෙම බ්ලොග් එකක් හදාගෙන එන්න උදව් කරන්න අනන්තවත් කට්ටිය හිටියා ඒ වෙලාවේ...ඒ ගැන මට වඩා හොඳට කතන්දර දන්නවා.. ටැබූගේ සියළුම ලිපි කමෙන්ට් සහිතව ලබා දෙන්න ඒ වෙලාවේ ඉදිරිපත් උන අය ඕන තරම් හිටියා උනත් ටැබූ කලේ හැංගිලා යන එක විතරයි. එයින් පස්සේ අද වෙනකල්ම හොල්මන් කරන එක තමා වෙන්නේ.

    ටැබූ ඇත්තෙන්ම සිටිය යුතු ලේඛකයෙක්..ඒ වගේම ඔහු දක්ෂයෙක්..අනිත් අතින් ඔහු බ්ලොග් කලාවේ පුරෝගාමියෙක්... ඔහු විශිෂ්ඨයෙක්..ඒ ටික නොකියනවනං ඒක කුහකකමක්..හැබැයි ඔහු මිගාර සමඟ කල ගනුදෙනුවේදී හා ඔහුගේම නික්ම යෑමේදී කලේ අමුම අමු ප්‍රෝඩාවක් කියන එකත් කිව්වේ නැත්තං ඒකත් අඩුවක්..කොයි මිනිහගෙද අඩුපාඩුකං නැත්තේ... ඒත් ඔහුගේ විශීෂ්ඨත්වය ගැන කියන ගමන්ම මිගාර ගැනත් පුංචිම හරි සටහනක් නොයෙදුනොත් ඒක ටැබූට හිමි තැනට වඩා උඩින් තැබීමක් වගේම තවත් වටිනා බ්ලොග් කරුවකු වන මිගාරට කරන මදි පුංචිකමක්...ඒ වගේම මිගාරගේ අඩුව යම් තරමකින් පුරවමින් කටයුතු කරන සුජීව කොකාවිල වැනි මධ්‍යස්ථ ලියුම්කරුවන්ට කරන අනාගත අසාධාරණයක්...

    ඒ කාරණා දෙකම සටහන් නොවෙනවනං ඔය දේවල් ගැන කතා කරලා ඇති වැඩකුත් නැහැ... මේ ටික කිව්වා වගේ නෙවෙයි දැන් මං දන්නවා මෙතනින් පස්සේ මේ බ්ලොග් එකේ කමෙන්ට් තීරුව ඇනෝලාගේ රජ දහනක් වේවි..ඒත් මේ ටික කියලා යන්න ඇනෝ කෙනෙක් හැටියට මට එන්න උවමනාවක් නොතිබුන හින්දම මං දකින ටික අවංකව කියලා දැම්මා..ඒ වගේම අනිත් අයටත් තම තමුන් දකින හැටියට මේක විග්‍රහ කරන්න ඕන තරම් අවකාශය තියෙනවා... ඒ ගැන මගේ උරණ වීමක් නැති බවත් මෙයින් එහාට කරුණු දැක්වීමක් මගෙන් සිදු වීමට ඇති ඉඩකඩක් නැති බවත් දැනුම් දෙන්න කැමතියි...

    බොහෝමත්ම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අනේ ටැබූ මොන පොරක්ද නේද බං? උබැයි මිගාරයිනෙ නේද පොරවල්? අනේ උඹ දන්න මධ්‍යස්ථ බ්ලොග් කලාව. මහින්ද අයිය්යගෙ ගෙවල් පැත්තෙ හෙම ගියේ නැද්ද?

      Delete
    2. /අවසානයේ දැනගන්න ලැබුනේ ටැබූ හා ඔහුගේ සමීපතමයින්ගෙන් මිගාරට විරුද්ධව යම් පැමිණීල්ලක් වෛද්‍ය සභාවට එල්ල උනා කියන එක./

      උඹ නිකං දැකල වගෙනෙ කතා කරන්නෙ. උඹ වෛද්‍ය සභාවෙත් සෙකියුරිටිකං කරනවද?

      Delete
    3. නාලනි චන්දිමා5 April 2012 at 21:26

      මං එක

      Delete
    4. [මහින්ද අයිය්යගෙ ගෙවල් පැත්තෙ හෙම ගියේ නැද්ද?]

      උඹ ගියාම පුක පැලෙන්ඩ හම්බ වුණාද?

      Delete
    5. යකෝ ඇනෝ, උඹල මම වගේ ඇනෝ එන්නේ නැතිව, කෙලින් කථා කරන්න මාරයාට කොන්දක් තියෙනවා. යකෝ සම්භාව්‍ය ඒවාම ලියන්න උගේ බ්ලොග් එක පත්තරයක් නෙවෙයි. ඒක උගේ ඩයරිය. උගේ සෙට් ඒක දැක්කම බොලාට ඩයරියා..

      Delete
    6. ඔව්. ඔව්. මාරයා එක සැරයක් නමින් ඇවිල්ල දහ සැරයක් විතර ඇනෝ ඇවිල්ල තියෙන බව පේනවා.

      Delete
    7. /එදා කවුරුවත්ම ඒ වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් නොවුනේ මිගාර හෙංචයියන්ව හදන්න නොගිය හින්දයි./

      ඇයි උඹව හැදුවෙ?

      Delete
    8. මාරයා වගේ ඉගෙනීමක් නැති ගොන් සෙක්කෙක් ටැබූ ගැන කොමෙන්ට් එකක් දානවා කියන්නේ ලාන්කිය බ්ලොග් කලාවේ වර්ථමාන නිරුවත තමයි.

      රියල් සමාජයේ බැලුවොත් මාරයා ටැබූ ඉස්සරහ නිකම් කටු කන බල්ලෙක් විතරයි.

      මුන්වගේ තුන්වන පන්තියේ වේ**ගේ පුත්තු දෙකට නැවෙන්නේ දේසපලුවන්ගේ කකුල් ලග විතරයි.

      ඉගෙනීමක් නැති මේ වගේ නිවටයො සභයත්වයට සහ සම්භාව්ය දේවල් වලට කැමති නෑ.

      මෙවා මුන්ගේ ජාන වල තියෙන්නේ.

      මම අත්දැකීමෙන් කියන්නේ...... මම මුඩුක්කු සහ පැල්පත් වාසින් ගැන, ත්‍රී වීල් කාරයො ගැන රිසර්ච් කරලා තියෙනවා.

      මාරයාත් මේ වගේ ජානමය නිවටයෙක්.

      Delete
    9. ඇනෝ නුඹ ජානමය පොන්නයෙක්....

      Delete
    10. මම ඇනෝ එන්නෙ මට යුසර් නේම් එකක් නැති නිසා. මම බ්ලොග් කියෙව්වට ලියන්නේ නෑ.

      මම බ්ලොග් කියවන්න පුරුදු උනේ ටැබූ නිසා......

      මට බ්ලොග් කියවන්න එපා උනේ මාරයා නැමති බඩගොස්තරවාදී මී හරකා නිසා....

      මු නිකන් සින්හල බ්ලොග් කලාව නැමති කිරි හැලියට වැටුනු ගූ තලියක් වගේ.

      හරියටම කියනවනම් ලුම්පන් පාදඩ ගූ තලියක්......

      සමාජ විරොධි පීඩිත පන්තියේ ගූ තලියක්......

      Delete
    11. සම්පූර්ණ ඇත්ත. ඔය මාරයා කියන එකා ගූ තලියක් තමයි. ඒත් ඒ ගූ තලිය වටේත් නටන නිලමැසි කැලක් ඉන්නවා.

      Delete
    12. යසිත් මියුරංගට මැස්සෙක් තියා මදුරුවෙක්වත් වටේ නැති එක ගැන දුක හිතිලා

      Delete
    13. මැස්සෝ මදුරුවෝ වටේ නැත්නම් මොකටද දුක වෙන්නේ ? එක කොච්චර දෙයක්ද?

      Delete
  21. ටෑබූ කියාල තමන්ගෙ මතේ විතරක් හරිය කියලා හිතපු රට විකුනන් කන කොටින්ම කොටි සහ වෙනුවෙන් ලියපු තමන්ට පහර දිය යුතු පුද්ගලයන්ට මට මතක විදියට කුඩු ලාල් ලෙස කොන්දක් නෑතුව නිවටයෙක් වගේ කමෙන්ට් දමාපු,බ්ලොග් අවකාශේ හයක් හතරක් නොතේරෙන චූ බබාලා ටිකක් අතරෙ පොරක් වෙච්චි කාලෙකදි ඒ බබාලට එහෙම සම්මාන එහෙම දිපු කෙනෙක්.එයා බ්ලොග් එක වෑහුවේ තමන්ගෙ කුඩු ලාල් රන්ගනය බ්ලොග් අවකාසෙට අහු උනාට පස්සෙයි.ඔබතුමාට ඒ බව මේ ලිපියෙ සදහන් කරන්න අමතක වෙලා තියෙනවා. මෙතුමා තමන් ගෑනම වර්නනා කරපුවා කුඩුලාල් ලෙස දමා ගත් කොමෙට්ටු,කුඩු ලාල් ලෙස අහු හෑටිත් මෙයා ගෑන දන්න අයනම් දන්නවා,,,,,මම හිතනවා ඔබ තුමා මේ කොමෙන්ටුව පබ්ල්ස් කොරයි කියලා.මේක කියවලා ඔබම තේරුම් ගන්න කියවලා බලන්න කුඩුලාල් ගෙ අදහස් ටබුත් එක්ක කොයි තරම් සමපාත වෙනවද කියලා.ටබු කුඩුලාල්ව තමන්ගෙ බ්ලොග් එකේ මොන විදියට හදුන්වලා තියෙනවද කියලා

    ReplyDelete
    Replies
    1. ඇර. ඇර. මාරයා ගේමට බසී.

      Delete
  22. ටැබූ සබ්ජෙක්ට්ස් හෙළිකිරීම | Taboo Subjects exposed « පෙරමුණේ රාලගේ අටුවාව
    peramunerala.wordpress.com
    ටැබූ සබ්ජෙක්ට්ස් හැක් වූවා බව පෙන්වූයේ දින කීපයකට පෙරදීය. මෙය “සිංහල වර්ගවාදීන්” කල දෙයක් බව පෙන්වීමට ටැබූ දත කෑ අතර ඔහුගේ හිත මිතුරු වඳුරු රෑන මේ කාර්යය විවිධ අය මත පැටවීමට උත්සාහ ගත්හ. ඒ මදිවාට ටැබූට විරුද්ධව යොදන පිළිතුරු වාරණය කිරීමටද ඔවුන් උත්සුක වූහ. චමිල (උගුඩුවා) තවමත් සිතන්නේ මේක මිගාරගේම ව..................

    ReplyDelete
  23. හෙලිකල නිසා ලොව සැඟවී තියෙන කතා
    මතකයි කියෙව්වා පෙරදින ටැබූ කතා
    දෙස්පලු මෙන්ම ලිංගික දිවි ගැනද කතා
    හැක්වූ නිසා ටැබුවාගේ බ්ලොගේ නැතා

    ReplyDelete
  24. බ්ලොග් අවකාශය සිසාරා හමන ටැබුවාගේ පිලී ගඳ...
    තොරතුරු යුගයේ දවසක්.. - 1 year ago
    මෙම ලිපිය ලිවීමට සිදුවූයේ ටැබූ සබ්ජෙක්ට්ස් නමැති බ්ලොගය පවත්වාගෙන යන පුද්ගලයා මාගේ අදහස් පළකිරීමේ අයිතිය ඔහුගේ බ්ලොගය තුලදී කිහිප වතාවකම කප්පාදු කල බැවිනි. බ්ලොග් අවකාශය තුල විවිධාකාර මානසිකත්වයෙන් යුතු අය සිටී. ඒ අය අතුරින් ටැබූ නමැත්තා කැපී පෙනේ. අන් බ්ලොග් කරුවන් අතුරින් මා දුටු මොහුගේ සුවිශේෂතා මෙසේය. මොහුට...





    "කුඩුලාල්" රංගනය ටැබුවාගේ අතේ පත්තු වූ වගයි!
    තොරතුරු යුගයේ දවසක්.. - 1 year ago
    ටැබූ සබ්ජෙක්ස් යනු බ්ලොග් අවකාශයේ සියලූම දෙනා හොඳින් අසාඇති නමකි. එහි කතුවරයා වන "Taboo" (ටැබූ) නමැත්තා තම පාඨකයන් ඉදිරියේ "ලොකු පොරක්" සේ හැසිරෙයි. කිසි විටෙකත් තම වරදක් පෙන්වාදුන් විට පිලිනොගනී. එසේම ලවක් දෙවක් නැතිව නොදන්නා විශයන් විවේචනය කර මෝඩ කම පෙන්වීමටද ඔහු දක්‍ෂය. මෙතෙක් කල් ටැබූ නම් "ස්වෝත්තමවාදියා" ගෙන...



    ටැබූගේ එහෙයියන්(වඳුරු) රැල තනිවෙලා නෑ! මෙන්න ටැබූගෙ අලුත් බ්ලොග් එක!
    තොරතුරු යුගයේ දවසක්.. - 1 year ago
    මේ දිනවල බ්ලොග් අවකාශයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් වන්නේ ටැබූ සබ්ජෙක්ට්ස් හැක් වීමයි. මෙහිදී ඇතැම් පාර්ශවයක් ටැබූ වෙනත් කණ්ඩායමක් විසින් හැක්වීමට බඳුන් වූ බව පවසන අතර තවත් පාර්ශවයක් පවසනුයේ මේ පිලිබඳ සිතාගැනීමට නොහැකි බවයි. මෙම සිදුවීමෙන් කම්පනයට පත්වූ ටැබූගේ එහෙයියන් රැල වඳුරන් මෙන් හැසිරෙන බව බුද්ධිමත්ව මෙම සිදුවීම් මාලාව නිරීක්‍ෂණය කරන...

    ReplyDelete
  25. මම මේ ටැබූ ලියූ ලිපියක් කියෙව්වමයි.... සෑහෙන්න උසස් රචනයක් සේරම ලිපි බලන්න තිබුනනම් හොඳයි කියලා හිතෙනවා මෙහෙම පරණ ලිපියක් දාපු එකට ඔබට බොහෝම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මා දී ඇති ල්න්ක් එක මගින් ලිපිය තිහක් පමණ කියවන්නට හැක (2009-2011).

      http://wayback.archive.org/web/20100601000000*/http://taboosubjects.wordpress.com

      .

      Delete
  26. කතා ඔන්න හිට් මදි වෙලා බැහැලා යන කාලේ නිසා ටැබු ඇදලා අරන්...

    අර සුපුරුදු ලෙඩේ ලින්ක් ගොඩාක් එක්ක පොස්ට් එක දැම්මත් ඉතින් මේ ගෙවෙන්නේ කතන්දරේගේ බහින කලාව කියලා නම් දැන් බ්ලොග් කියවන ගොඩාක් දෙනෙක් දන්නවානේ..

    ටැබු කියන්නේ බ්ලොග් වලට ඉන්න ඕන චරිතයක්... අර ගොන් පාට් වැඩ නම් අත හැරලා දාපු ටැබු තමයි ඉන්න ඔනේ...

    කවදත් ටැබුට ඕන උනේ ඇත්තටම තමන් මහ පොරක් කියන සංකල්පේ ප්‍රචලිත කරන එකයි...

    මෙයින් එහාට කරුණු දැක්වීමක් මගෙන් සිදු වීමට ඇති ඉඩකඩක් නැති බවත් දැනුම් දෙන්න කැමතියි...

    (මෙහෙම කියන්න මාරයා හෙන පොරක්ද? පරණ බ්ලොග් එකක් නම් තමා.. ඒත් දැන් ලියන ඒවා කියවන්න පුලුවන් කාටද?

    කාලයක් පොස්ට් 500න් නවත්වනවා කියලා කියව කියවා උන්නානේ.... )

    දැන් බ්ලොග් ලියන අය අතර ඉන්න මාරයා.. කතාන්දරේ වගේ අය කරනවා වගේම...

    හැබැයි මේ අයට වඩා නම් ටැබු වටින කියන කියවන්න දෙයක් ලිවා කියන එක කියන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ඔහේ කියනව නං ඉතිං මං පිළිගන්නංකෝ!

      Delete
  27. මම දන්න විදියට තොරතුරුයුගයෙ තමයි ටැබුව විනාසකරලදැම්මෙ අද එ වෙබ්සයිය් එක නැ ටැබුව අවජාතකයා

    ReplyDelete
  28. නාලනි චන්දිමා
    මං එක

    ReplyDelete
  29. අපට ටැබූ ආපහු ඕනේ.. !!!!

    ප.ලි.

    ටැබූගේ ලිපි වලට ලින්ක් එකක් දීපු එකට බොහොම ස්තුත්යි.. මන් මේ ලිපි ආපහු කියවන්න තියෙනවනම් කොච්චර හොඳද
    කියල සිය දහස වාරයක් හිතල තියෙනවා.. මෙතුවක් කාලෙකට කතන්දරගේ බ්ලොග් එකෙන් වැඩකට ඇති දේකට මන් දකින්නේ මේක විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් යමක් කරගත්ත එක මදෑ!

      Delete
  30. ටැබූ ගැන කළ පෝස්ට් එකක ටැබූගේ පා දූවිලි තරමට වත් නොවටිනා මාරයා ගැන ලියන්නට වීම කණගාටුවට කාරණයකි. මාරයාට ටැබූ බියොන්ඩ් ෆ්‍රේම් වැනි චරිත ගැන බද්ධ වෛරයක් ඇති වීම ස්වාභාවිකය. මාරයා කරන්නේ මෝඩ ගෑණු මෝඩ පිරිමි ටිකක් ගොනාට අන්දාගෙන මිථ්‍යාව වපුරා ඔවුන්ගේ පොකැට් එකට කෙළවන ප්‍රෝඩාකාරී රැකියාවකි. ඒකටම ඔහු බඩගෝස්තරවාදී බ්ලොග්කලාවක් නිර්මාණය කරගෙන තිබේ. ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම් වැන්නන් මේ මිථ්‍යාව ප්‍රශ්න කරනවාට ඔහු අකැමැති එයින් කෙළින්ම තමන්ගේ බඩගෝස්තරයට පාර වදින නිසාය. එනිසා ඔහු එබඳු චරිත බ්ලොග් අවකාශයෙන් ඉවත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනී. එසේම තමන්ට ලෙහෙසියෙන් ගොනාට අන්දා ගත හැකි චරිත කමෙන්ට්කරුවන් හා විශේෂයෙන්ම කමෙන්ට්කාරියන් සේ වර්ධනය කර ගැනීමටද වෙහෙසක් ගනී. පොඩ්ඩක් අතමිට හිඟවන විට ඉස්ස්‍ර බස් එකේද, දැන් බුකියේද කේන්දර ගැන මොකක් හෝ වල්පල් ටිකක් කියා මෝඩයින් මෝඩියන් දෙන්නෙක් තුන්දෙනෙක් රවටා ගාණක් කඩා ගැනීමට මාරයාට ඇත්තේ සහජ දක්ෂකමකි. ටැබූලා හිටියා නම් අනිවාර්යයෙන්ම මේ කෙළි හෙළිවන නිසා ටැබූලා නැතිවීම කාට කෙසේ වෙතත් මාරයාට නම් රජ මඟුල්ය.

    ReplyDelete
  31. ආතතිය නිසා විශ්රාම යන්ට ඕනෑය කියූ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මැතිවරණයෙන් පසු බටහිර රටක තානාපති වන්නට යයි. – පුවතක්

    පෙර අත් බව පවින් අපට හිමිවූ ආතතියා
    රජ මැතිඳුට දරදිය ඇද මෙහෙ කළ ආතතියා
    කටවුට් දැක නොදුටු ලෙසින් ඉවසූ ආතතියා
    අසාධාරණය හමුවේ බලු වූ ආතතියා

    අපෙන් පඩි කකා අපටම විණ කැටි ආතතියෝ
    ලජ්ජාවක් කියල දෙයක් නැතිවද ආතතියෝ
    තානාපති කමට ලොබින් පව් කළ ආතතියෝ
    හනිහනිකට නිවන් පුරේ පලයන් ආතතියෝ

    ආතතියා | The stressed one........Posted by Taboo on March 24, 2010

    ReplyDelete
  32. දයානන්ද දිශානායක නම් වූ රාජපක්ෂියා | True face of Dayananda Dissanayake
    Posted by Taboo on December 18, 2009


    තෙර නමක ගැමුණු කුමරු දෙමළුන් සමඟ සටනට යන පවත් අසා, සිවුරු හැර පියා ‘ථෙරපුත්තාභය’ නමින් ඔහු සෙබළමුළුවට එක්වූ බැව් මෙරට ප්රචලිත මිථ්යාවකි. ඊටත් වඩා ප්රචලිත මිථ්යාවක් වන්නේ මැතිවරණ කොමසාරිස් පදවි ලත් දයානන්ද දිශානායක නම් රජයේ නිලධරයා කාර්යශූර, අවංක, අපක්ෂපාතීව තම රාජකාරියෙහි නියැළෙන මහාජන සේවකයකු (public servant) බවය.

    දයානන්ද දිශානායක නම් මේ පුද්ගලයාගේ වැටුප ගෙවනු ලබන්නේ මැදමුලන දොන් ඇල්වින් අන්කල්ගේ බූදලයෙන් නොව මහජන මුදලිනි. එසේ හෙයින් ඔහුගේ පක්ෂපාතීත්වයක් ඇතිනම් ඒ ඇතිවිය යුත්තේ මෙරට පොදු ජනතාවට මිස අන් කිසිවකුට නොවේ. විශේෂයෙන්ම මැතිවරණයකදී තරග වදින අපේක්ෂකයකුට නොවේ.

    පොදු ජනතාව ඔහුගෙන් බලාපොරොත්තුවන කාර්ය භාරය කවරේද? (i) කොයිතරම් කම්බා හොරකුට වුව, අවශ්ය සුදුසුකම් සපුරාලන්නේ නම් හා මැතිවරණයකට ඉදිරිපත් වීමට අවශ්ය නම් ඊට පහසුකම් සපයා දීම, (ii) එහිදී ඡන්ද අපේක්ෂකයාගේ/ අපේක්ෂිකාවගේ තරාතිරම, ධනය, බලය නොසළකා, ඔහුට හෝ ඇයට තම මැතිවරණ ව්යාපාරය ඉදිරියට ගෙන යාමට අවශ්ය පරිසරය සකසා දීම, (iii) කිසිම අපේක්ෂකයකුට, අපේක්ෂිකාවකට තම ධනය හා බලය භාවිතා කොට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ඉඩ නොදීම හා (iv) මැතිවරණයකදී (දිශානායක ගොයියා සේම මහජන මුදලින් යැපෙන) රාජ්ය මාධ්යයන්හි සමබරතාව ආරක්ෂා කිරීම මේ අතර ප්රධානය. මැතිවරණ කොමසාරිස්ගේ පුටුවේ ඔළුව ලොකු, වේලිච්ච පොල් අත්තක් නොතියා, මහජන මුදලින් මාසිකව වැටුප් ලබන රජයේ නිලධරයකු පත්කොට ඇත්තේ එනිසාය. ඒ රජයේ නිලධරයාට වැටුපට අමතරව මහජන මුදලින් ඉන්ධන පුරවනු ලබන මෝටර් රථයක් ඇතුළු වරප්රසාද දී ඇත්තේද එනිසාය.

    අවශ්යතාවයක් තිබේ නම්, හා කොන්දක් කියා අවයවයක් ඇත්නම් තම රාජකාරිය, තමන් වග කිවයුතු මහජනතාව වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කිරීමට දයානන්ද දිශානායක නම් මේ රජයේ නිලධරයාට කිසිම බාධාවක් නැත. ඔහු සාමාන්ය රජයේ සේවකයකු මෙන් පදවියෙන් පහ කළ හැක්කේ නොවේ. ඔහු පදවියෙන් පහ කළ හැක්කේ මැතිවරණ කොමිසමක් පත්කිරීමෙන් පසුව පමණකි. මැතිවරණ කොමිසමක් පත් කිරීම තුළින් තමන්ට අවාසියක් වන බැව් දන්නා වර්තමාන පාලකයා විවිධ බොරු හේතු මවමින් ඒ මඟ හරින බවද රහසක් නොවේ. ඉදින් තමන්ගෙන් මහජනතාව වෙනුවෙන් ඉටු විය යුතු සේවාව ඉටු නොකිරීමෙන් මොහු වළකන්නේ කවුරුද? මොහු කාට නම් බිය විය යුත්තේද?

    එසේ නම් මොහුගේ වර්තමාන හැසිරීම සිය කැමැත්තෙන්ම බලැත්තන්ගේ කටුකන බල්ලාගේ තත්ත්වයට පත්වීම බව උපකල්පනය නොකළ හැක්කේද?

    දයානන්ද දිශානායක නම් මේ පුද්ගලයා පසුගිය වසර කිහිපය තුළ පක්ෂග්රාහීව හැසිරී ඇති අවස්ථා ගැන උදාහරණ ගණනාවකි.

    1. 2005 ජනාධිපතිවරණයේදී උතුරු නැඟෙනහිර ඡන්ද පොළ ගණනකම ඡන්දදායකයින්ට තම ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය අහිමි කරන ලද්දේය. (LTTEයේ බලපෑමකින් තොරව මේ පිරිස නිදහස්ව ඡන්දය ප්රකාශ කළේ නම් රටේ ජනාධිපති වන්නේ රාජපක්ෂ නොව රනිල් වික්රමසිංහ බවටද කෙනකුට අවශ්යනම් ඇක්සිමයක්ද ගොඩ නැඟිය හැකි මුත් එය මෙතැනට අනදාළය.) මෙවන් අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස් විසින් කළ යුත්තේ අදාළ ඡන්ද පොළ වල වාර්තා වූ ඡන්ද සංඛ්යා ශූන්ය කොට ඒවාට පමණක් මැතිවරණය නැවත පැවැත්වීමය. එහෙත් ඔහු කළේ ඡන්දදායකයින් ඡන්දය ප්රකාශ කිරීමෙන් බලහත්කාරයෙන් වළක්වන ලද බැව් දැන දැනම ඒ ඡන්ද පොළ ඡන්ද ශූන්ය නොකොට නීත්යානුකූල ලෙස පිළි ගැනීමය.

    ReplyDelete
  33. 2. පසුගිය වසර කිහිපය තුළ පවත්වන ලද සියළුම පළාත් සභා මැතිවරණ වලදී රජයේ දේපොළ හා රාජ්ය මාධ්ය ඉතාම නිර්ලජ්ජි ලෙසින් එළිපිටම බලයේ සිටින පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ලද්දේය. මෙහි කූට ප්රාප්තිය දකුණු පළාත් සභා මැතිවරණයේදී බන්ධනාගාර රැඳවියන් පිරිසක් පවා බලය හිමි පක්ෂයේ මැතිවරණ වේදිකා ගොඩ නැඟීම සඳහා යොදා ගැනීමයි. මේ කිසිම අවස්ථාවක, ඒ ගැන පැමිණිළි ලැබීමෙන් පසුව පවා දයානන්ද දිශානායක විසින් ඒ වැලැක්වීමට ගත් කිසිම පියවරක් නොවේ. මෙය මේ පුද්ගලයා තම රාජකාරිය පැහැදිළි ලෙස පැහැර හැරීමකි.

    3. 2010 ජනාධිපතිවරණය ප්රකාශ කිරීමේ සිට මේ දක්වා රටේ හැම තැනෙක ගම නියම් ගම් සිසාරා බිම්හතු පිපෙන්නාක් සේ වේගයෙන් දැවැන්ත කටවුටයන් මතු වන්නට පටන් ගත් බැව් අන්ධයකු නොවන ඕනෑම කෙනෙකුට පෙනී යායුතුය. ඇස් දෙකක් කියා දෙයක් තිබේ නම් මේ කටවුටයන් අද ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගන්නා ලද තම කාර්යාලයට කිලෝ මීටරයකට නොඅඩු දුරින් මතුව ඇති බවත්, මේ වන තුරුම ඒවා නොගැලවී “අඩෝ දිශානායක, උඹ කවුද ඩෝ මට පාට් දාන්න?” යි අසන්නාක් සෙයින් ඇඟිල්ල දිගුකොට ගෙන ඍජුව නැඟිට සිටින බවත් මේ හැට හැවිරිදි මහල්ලාට වුව නොපෙනී යාමට කාරණාවක් නැත. ඒවා ඉවත් කරනවා තියා, ඉවත් කරන ලෙස නීත්යානුකූලව පොලීසියට දැන්වීමටවත් මොහු උත්සුක වී ඇතිද? මොහු මේ සම්බන්ධයෙන් පොලීසියට එක ලිපියක් හෝ ලියා තිබේද?

    දයානන්ද දිශානායක විසින් මැතිවරණ කටයුතු සඳහා රාජ්ය සේවකයන් යොදා ගැනීමේදී ආණ්ඩු පක්ෂයේ බලවතුන් ලබාදෙන ප්රමුඛතා ලේඛන අනුව කටයුතු කරතැයි එක්සත් ජාතික පක්ෂය කාලයක පටන් කරන චෝදනාවකි. විරුද්ධ පක්ෂය හැමවිටම ඡන්ද දූෂණ ගැන අතිශයෝක්තියෙන් කතාකරන බැව් සැලකුව මනාය. එසේ වෙතත් දිශානායකගේ මෙතෙක් ක්රියා කලාපය ගැන සලකා බලන විට මෙය නොවිය හැක්කක්ම නොවේ. එසේම පළාත් සභා මැතිවරණයන්හීදී හැමවිටම යම් දිස්ත්රික්කයක ආණ්ඩු පක්ෂය ලබන තැපැල් ඡන්ද ප්රතිශතය අදාළ දිස්ත්රික්කයේ ආණ්ඩු පක්ෂය ලබන සාමාන්ය ඡන්ද ප්රතිශතයට ඉදිරියෙන් ඇති බැව් හිතළුවක් නොව ඔප්පු කළ හැකි කාරණාවකි. උදාහරණයක් හැටියට දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට, ගාල්ල හා මාතර දිස්ත්රික්ක වලින් ආණ්ඩු පක්ෂය (රාජ-පක්ෂය) ලබා ඇති සාමාන්ය ඡන්ද ප්රතිශත 67%, 68% හා 68% වෙද්දී, එම දිස්ත්රික්ක වලින්ම රාජ-පක්ෂය ලබා ගන්නා තැපැල් ඡන්ද ප්රතිශතය පිළිවෙළින් 75%, 77% හා 74% වේ. මෙය හුදෙක් අහම්බයක්ද?

    මේ සියල්ල අමතක කරමු. දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස් නාම යෝජනා දිනයේදී නාම යෝජනා භාරදීමේ කටයුතු ආවරණය කිරීම පිණිස රජයේ ඍජු පාලනය යටතේ පවත්නා ‘ජාතික’ රූපවාහිනියට පමණක් අවසර දෙන්නේ එහි පක්ෂග්රාහීභාවය නොදන්නා තොත්ත බබකු නිසාද? මේ ‘ජාතික’ යැයි කියා ගන්නා රූපවාහිනිය ජනාධිපතිවරණයේ ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකු වන සරත් ෆොන්සේකාගේ රූපය පෙන්වනවා තියා ඔහුගේ නම පවා සඳහන් නොකිරීමෙන් ජනාධිපතිවරණ සටනේ සමතුලිතභාවය නැතිවන බැව් මේ හැට හැවිරිදි ළදරුවාට වැටහෙන්නේම නැත්ද?

    රජයේ සියළුම ජනමාධ්ය එක් අපේක්ෂකයකු වෙනුවෙන් අන්තවාදී ලෙස පට්ටපල් බේගල් ඇදබාමින් පක්ෂග්රාහීවීම වැළක්වීමට තමා සතු බලතල උපයෝගීකරගනු වෙනුවට දයානන්ද දිශානායක කරන්නේ කුමක්ද? “එකක් පක්ෂග්රාහී කියා හිතෙන්නේ නම් වෙනත් චැනල් එකක් බැලුවා නම් හරිනෙ” කියා ෂේප් න්යාය පාවිච්චි කිරීමය. මේ මොහු තමන් නිරුවත් බව දැන දැනම ඒ වසා ගැනීමට කිසිදු උත්සාහයක් නොකොට “අනේ ඕයි, මං දිහා නොබලා වෙන දිහාවක් බලනවකො” කීමක් නොවන්නේද?

    මේ ලියන්නේ අප සරත් ෆොන්සේකාගේ දේශපාලනය ගැන එකඟ වන නිසා නොවේ. සරත් ෆොන්සේකාගේ දේශපාලනය ගැන අපට බරපතළ ගැටළු ඇත්තේය. (සරත් ෆොන්සේකාගේ පමණක් නොව ඔහුගේ ප්රධාන ප්රතිවාදියාගේද මගෝඩි දේශපාලනය ගැනද අපි ලියා ඇත්තෙමු.) නමුත් ප්රජාතන්ත්රවාදී රටක මැතිවරණයකට තරග වදින, සරත් ෆොන්සේකාද ඇතුළු සියළු අපේක්ෂකයින්ට සාධාරණය ඉටුවිය යුත්තේය. මැතිවරණ කොමසාරිස් වැටුප් ලබන්නේ ඒ පිණිසය.

    ඉදින් ඔහු ඒ රාජකාරිය ඉටු නොකරන්නෙහි නම් ඒ රජයේ නිලධරයකු හැටියට තමන් විසින් මහජනයාට ඉටුවිය යුතු රාජකාරිය පැහැර හැරීමකි. එය මහජන මුදල් කොල්ල කා පුද්ගලික බැංකු ගිනුම් තර කර ගැනීමට, මහා ප්රාසාද ගොඩ නැංවීමට සමාන ජඩකමකි.

    මොළය කළඳක් හෝ තිබේ නම්, දේශපාලනයට නවමු සරත් ෆොන්සේකාට කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට පෙනී යා යුත්තේ දයානන්ද දිශානායක පදවියෙන් ඉවත් කිරීම (හෝ වඩා ප්රශස්තව එම පදවිය අහෝසි කොට මැතිවරණ කොමිසමකට ඒ කාර්යය භාර දීම) විධායක ජනාධිපතිකම අහෝසි කිරීමටත් වඩා රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි හා ගත යුතු පියවරක් බවය.

    ReplyDelete
  34. දිළිඳුකම නිසා ඇති දැඩි කිරීමට මඟක් නැතිය කියමින් සිය මෑණියන් විසින් කළු ගඟට විසි කරනු ලැබූ අමිල සඳරුවන් ළදරුවා දින කිහිපයක් අසාධ්ය තත්ත්වයෙන් සිට සෙනසුරාදා රිජ්වේ ආර්යා රෝහලේදී අවසන් හුස්ම හෙළුවේය. එදිනම රාත්රී ඔහු මෙරට බොහෝ දෙනකුගේ සිහිනයන්හි අනාරාධිතව පෙනී සිටිමින් ප්රශ්න ගණනාවක් ඇසුවේය. ඉන් සමහරක් මෙසේය.

    [සිය මවගෙන්] අනේ ඇයි රත්තරං අම්මෙ මාව ගඟට විසි කළේ? උස්සගෙන ගෙදර යන්න බර වැඩි වුනාවත්ද?

    [සිය පියාගෙන්] අනේ ඇයි රත්තරං තාත්තෙ, කන්න දෙන්න බැරිනම් මාව මේ ලෝකෙට බිහි කළේ? මාව බිහි නොකර වින්දනයක් ගන්න කොන්ඩෝම් එකක් වත් හොයා ගන්න බැරි වුනාද?

    [ජනාධිපති මහින්ද රාජපක්ෂ "ආඩම්බර තාත්තා" ගෙන්] ආඩම්බර මාම මහින්ද චින්තනයෙ කියපු විදියට අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් තුන් දාහක් දීල, සමෘද්ධි දීමනාව 50% කින් වැඩි කරල, ළමයකුට අවුරුදු පහ පිරෙනකල් කිරි ගන්න මාසෙකට රුපියල් දෙසීයකුත් දුන්න නම් අපේ අම්මට මාව කළු ගඟට වීසි කරන්න හිතෙන එකක් නෑ නේද මාමෙ? එහෙම උනා නම් ආඩම්බර මාමගෙ ආඩම්බර පුතාල තුන්දෙනාට වගේම මටත් ‘සුභ අනාගතයක්’ උදාවෙන්න තිබුන නේද? මාම මාව ‘කුක්කු පැටියා’ කියලා උස්සගෙන ඉන්න ෆොටෝ එකකුත් සුදත් අංකල්ට ගන්න තිබුන නේද එහෙනම්?

    [විපක්ෂ නායක රනිල් වික්රමසිංහගෙන්] මං ඉස්පිරිතාලෙ ඇඳේ පණ අදින වෙලාවෙ අංකල් රෝයල් තෝමියන් බිග් මැච් එකට ගිහින් නටල සිංදු කියල පොඩි සොමියක් ගත්ත කියල ආරංචියි. දැන් සන්තෝසද? දරු සෙනෙහෙ දැනෙන්න ළමයි හදන්නම ඕනැද? දුප්පත්කම තේරෙන්න දුප්පත්වෙලා ඉපදෙන්න ඕනැමද අංකල්?

    [මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙන්] රටේ ආර්ථිකය බලා ඉඳිද්දි දියුණු වෙලා, ඒක පුද්ගල ආදායම දෙගුණ වෙලා, අපේ රට මධ්යම ආදායම් ලබන රටක් වෙලා තියෙද්දිත් දුප්පත්ය කියලා මාව ගඟට වීසි කරන්න අපේ අම්මට පිස්සුද අංකල්?

    [සෝමා එදිරිසිංහ ගෙන් හා ස්වර්ණවාහිණි පාලනාධිකාරයෙන්] කල්ල මරේ නේද? මං මැරුණෙ නැත්නම් තව ටිකක් විකුණගෙන කන්න තිබුණ නේද ඇන්ටි?

    [සිද්ධිය රූ ගත කළ දික්වැල්ලේ තරුණයාගෙන්] අයියට කොච්චර හම්බ වුනාද ස්වර්ණවාහිණියෙන්?

    [තිලංග සුමතිපාලගෙන්] අපේ තාත්ත දවස ගානෙ අතට හම්බවෙන සොච්චම දිය කලේ අංකල්ගෙ බුකියෙ. අංකල් ඡන්දෙන් දිනුවමවත් ඔය කාලකණ්ණි බුකී වහනවද?

    [සිද්ධිය තලුමරමින් වැලඳු සියළු සත් ගුණවත් ලාංකීය පුරවැසියන්ගෙන්] මම මැරුණා. දැන් ඒක ඉවරයි. දැන් අයි.ටී. එන්. එකට චැනල් මාරු කරල ‘ඉතිං ඊට පස්සෙ’ බලන්න කාලෙ හරි නේද?
    “කළු ගඟට විසි කළ අමිල සඳරුවන් පණ්ඩිතකමට අහපු ප්රශ්න | Amila Sandaruwan’s questions”Posted by Taboo on March 21, 2010

    ReplyDelete
  35. ඔන්න ඔය ටික නං ඉතා ඕනෑකමින් කියෙව්වා අතීතයේදී

    ReplyDelete
  36. මම හොයා ගත්තා ටැබූ කියන්නේ පොඩි කුමාරිහාමි

    ReplyDelete
  37. ටැබූගේ ගොඩක් ලිපි මගේ ළඟත් තවම තියනව. කියවන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉල්ලන්න. අහඹු ලෙස තෝරා ගත්ත ලිපි කීපයක් පහළින් දමනව.

    DST...

    මර්වින් සිල්වා හා තෝල්ස්තෝයි | Mervin Silva and Tolstoy

    Posted by Taboo on March 23, 2010

    මේ සටහන ජූලි 18, 2009 දින කරන ලද එකකි. කාලීන වැදගත්කම සලකා ඉදිරියට ගෙන එමි.

    1. මොන තරම් අහිංසක මිනිසුන් සපා කෑවද, අපේ සත්වැනි මහින්ද මහ රාජෝත්තමයානන් වහන්සේ මර්වින් සිල්වා නැමැති සුනඛයා බැඳ නොදමන්නේ ඇයි? බැඳ දමනවා තියා, තමන්ගේ ප්‍රතිරූපයට වන හානිය ගැන සිතාවත්, කෝපයෙන් වචනයක් වත් නොතෙපළන්නේ ඇයි?

    2. කැළණිය, පෑලියගොඩ පැත්තේ තමන් කරන හැම ව්‍යාපෘතියක්ම මර්වින් සිල්වා ‘ඩී. ඒ. රාජපක්ෂ’ (දොන් ඇල්වින් රාජපක්ෂ, එනම් පිය-රජ්ජුරුවන් වහන්සේ) නමින් නම් කරන්නේ ඇයි? – (ලේඛකයා විශ්වාස නොකරන්නේ නම් ටිකක් පෑලියගොඩ, කැළණිය පැත්තේ ඇවිද බලන්න.)

    මේ බැලූ බැල්මට එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්න දෙකකි. නමුත් එකට ගත් කළ ප්‍රඥාවන්තයකුට මිනිස් ජීවිතයෙහි ගුඪ පක්ෂය පිළිබඳව බොහෝ දේ උපකල්පනය කොට ගැනීමට ඒවා ආධාර කර ගත හැකිය.

    මොහොතකට මර්වින් සිල්වා අමතක කර තෝල්ස්තෝයිට එමු. මේ කියන්නට යන්නේ ‘යුද්ධය හා සාමය’ ලියූ සාහිත්‍යධරයාගේ ජීවිතයේ බොහෝදෙනකු නොදන්නා පැතිකඩකි.

    ප්‍රාග්-කොමියුනිස්ට්, වැඩවසම් රුසියාවේ යස්නයා පොල්යානාහි ලෙව් නිකොලායෙවිච් තෝල්ස්තෝයි දිවි ගෙවන්නේ රදළ සිටුවරයකුට සැම අතින්ම ගැළපෙන ආකාරයටය. හැම රදළයකු ලෙසින්ම තෝල්ස්තෝයිද තම වැයික්කියේ හැම බිම් අඟලක්ම තමගේ රාජකාරි සීමාව කරගනී. මීට දුප්පත් ගොවියන්ගේ පැල්පත් වල කීරි ගහන පරණ ඇඳන්ද අයත්ය. රදළයා ඇතුළුගෙයි තම තරුණ රූබර දියණිය සමඟ යහන් ගත වෙද්දී ඇගේ පියා හූල්ලමින් පිලේ ඈඳිගෙන සිටියි.

    මොවුන් ගැබ්බර වූ විට (මේ ප්‍රාග්-කොමියුනිස්ට් පමණක් නොව ප්‍රාග්-කොන්ඩෝම් යුගයක්ද වේ.) සිටු මැදුරෙහි සේවය කරන නෝංජල් මිනිසකුට සරණ පාවා දෙනු ලබන්නේය. තරුණිය ලබන දරුවන් කාගේද යන්න ටික දෙනකුට රහසක් නොවන මුත් උප්පැන්නය ලියැවෙන්නේ අර නෝංජල් ‘පියාගේ’ නමටය.

    මේ තෝල්ස්තෝයිට අවමන් කිරීමකැයි වරදවා වටහා නොගත යුතුය. මෙය වැඩවසම් යුගයේ සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදායයි. රදළයකුසේ තෝල්ස්තෝයිද මේ ගැන දෙවරක් නොසිතුවාට සැක නැත. වඩා ආසන්න පරිසරයකට ආවොත් ලංකාවේ හොරණ ශ්‍රීපාලිය බිහිකළ විල්මට් ඒ. පෙරේරාද මීට සමාන ජීවිතයක් ගතකළ රදළයෙකි. එවක සාරධර්ම අනුව මේවා අසාධාරණ හෝ අසම්මත චර්යාවන් සේ සැලැකුණේ නොවේ.

    සමාජය රැවටුවද ජීව විද්‍යාව රවටනු බැරිය. කරදඬු උස්වන විට මෙකී දරුවෝද තම ජීව විද්‍යාත්මක පියාගේ ගති ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමට පටන් ගනිති. නෝංජල්ව ඇකිළී සිටිනු වෙනුවට රදළයන්ට පොදු ගතියක් වන ‘චණ්ඩිකම්’ ප්‍රදර්ශනය කරන්නට පටන් ගනිති.

    තෝල්ස්තෝයිටද මෙබඳු මැර ‘අවජාතක දරුවකු’ සිටි බව සඳහන්ය. මේ සිය ගණනකින් එකකු විය හැකිය. පසු කලෙක ඔහුගේ අස්ස කරත්තයේ රියැදුරා වූයේ මේ තරුණයාය. කොයි තරම් පැමිණිලි ආවත් තෝල්ස්තෝයි තම ‘රියැදුරාගේ’ මැරකම් මුවින් නොබැණ ඉවසූ බවත් සඳහන්ය.

    තවමත් පූර්වාපර සන්ධි නොගලපා ගත්තවුන්ට මේ තොරතුරුද වැදගත් විය හැකිය.

    මහ රජ්ජුරුවන් වහන්සේගේ පිය රජ්ජුරුවන් වහන්සේ දොන් ඇල්වින් රාජපක්ෂද තෝල්ස්තෝයි බඳුම ප්‍රාදේශීය රදළයෙකි. මර්වින් සිල්වාගේ මෑණියන්ගේ ගම ද අයත් හම්බන්තොට වැයික්කිය පුරා තම අණසක පතුරුවාගෙන සිටි පාලකයෙකි. සුදු ඒජන්තයකුට සෙරෙප්පුවකින් ගැහුවාය කියන චණ්ඩියෙකි. මර්වින් සිල්වාගේ ‘පියා’ බව කියන විලියම් සිල්වා මේ පිය රජ්ජුරුවන් වහන්සේගේ වලව්වේ සුළු සේවකයකු වූ (දු)ටුගැමුණු (රා)ජ (ව)ංශයේ (ප්‍රෙහේළිකා ඉවත් කොට තෙරෙන බාසාවෙන් කීවොත් ‘දුරාව’ නම් කුලයේ) නෝංජල් මිනිසෙකි. දැනට මහළුව ජරාජීර්ණවී සිටිතත් මර්වින් සිල්වාගේ මව තරුණ කාලයේ ඇහැට කණට පෙනෙන ගැටිස්සියක්ව සිටි බවද සිතා ගැනීම අසීරු නැත.

    මර්වින් සිල්වාගේ අද අප නිරීක්ෂණය කරන මේ අභූත හැසිරීම් රටාව වැඩවසම් ප්‍රාදේශීය රදළ පාලනයේ කිළිටි පැතිකඩක් දක්වන නෂ්ඨාවශේෂයක් නොවිය නොහැකිද? මේ ප්‍රභසනය මර්වින්ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් ස්වාධීන රූපවාහිනියේ හරසුන් ටෙලි නාට්‍යයක් සේ, දිගින් දිගටම නොනැවතී ගලා යාමේ රහස වතුරට වඩා රුහිරය ඝනකම්ය කියන ඉංගිරිසි කියමන (blood is thicker than water) මඟින් පහදා දෙනු නොලබන්නේද?

    මගේ මාක්ස්වාදී මිත්‍රයන් නම් මේවා ‘ඕපාදූප’ කියා බැහැර කරණු ඇත. එහෙත් මාක්ස්වාදයට විෂය නොවන බොහෝ දේ අපේ වැඩවසම් දේශපාලනයේ තීරණාත්මක සාධක වන්නේය.

    ReplyDelete
  38. DST ...

    රැග ලිංගික වදයක් සේ | Ragging as a Sexual Harassment

    Posted by Taboo on February 27, 2009

    සිංහල බ්ලොග්කරුවන්ගෙන් අති බහුතරය වත්මන් හෝ ආදි සරසවි සිසුන් වෙතත් රැග (නවක වදය) මේ දක්වා ඔවුන් කිසිවෙකුත් ගැඹුරින් නොකතා කළ මැයකි. ඔවුන් එය නොකළ යුතු කතාවක් (taboo subject) හැටියට දකින්නේ මන්ද යන්න මට නම් ගැටළුවක් නොවේ. නවක වදයට භාජනය වූ මාද ඇතුළු 90%කට එය අතිශය අමිහිරි කතා නොකර මඟ හැරීමට තරම් අප්‍රසන්න මාතෘකාවකි. මින් අදහස් කෙරෙන්නේ ඉතිරි 10%ට එය ප්‍රසන්න මාතෘකාවක් බව නොවේ. එහෙත් මේ සුළු පිරිස රැග් කඩතුරාවට මුවා වෙමින් ඊළඟ අවුරුද්දේ තමන්ට ලැබුනාට වඩා ඉතා දරුණු ආකාරයේ වදයක් ඊළඟ බැචයට ලබාදී රැග ගැන කතා කිරීමේ සදාචාරාත්මක අයිතිය තමන් විසින්ම නැති කරගෙන ඇත.

    ජ්‍යෙෂ්ඨ උත්තමයන් මට වසර කිහිපයකට පෙර කියා දුන් ආකාරයට රැග දෙන්නේ වෙනස් වටපිටාවන්ගෙන් සරසවි එන මානවක මානවිකාවන් එකම තලයකට ගෙන ‘අපේ එකෙකු හෝ එකියක’ කිරීම සඳහාය. මෙය නප්පියට ගැසූ බේබද්දකු බීම සදාචාරීකරණය කිරීමට කියන කතාවකට සමානය. රැග මුන් කියන ජාතියේ නම්නීකරණයක් (orientation එකක්) නොවේ. රැග දෙන්නේ එක්තරා සරසවි සිසුන් කොටසකගේ (හැමදෙනාගේම නොව) මනෝ ව්‍යාධීන් දෙකක් නිසා ඇතිවන තත්ත්වයකට ප්‍රතිචාර වශයෙනි. එකක් දරුණු ඉරිසියාවය. අනෙක ලිංගික අතෘප්තිමත්භාවයය.

    ඉංගිරිසි වාක්‍යයක් කතා කර ගන්නට බැරි එකාට අනෙකෙකු ඉංගිරිසියෙන් දෙඩීම මහා වදයකි. පාපැදියක් හෝ අහිමි එකකුට සම වයස් මානවක මානවිකාවකට කාර් එකක් හෝ මෝටර් සයිකලයක් තිබීම දරා ගත නොහැකිය. හැමෝටම එකසේ ලැබෙතැයි දේශපාලකයන් නිරතුරු කියන නිදහස් අධ්‍යාපනය කොළඹටත් ගමටත් වෙනස් ලෙස ලැබී ඇතිබව මොවුනට වැටහෙන්නේ විශ්ව විද්‍යාලයේදීය. මේ වෙනස්කම් සමනය වෙතැයි මොවුන් සිතන්නේ ‘අලයන්ට’ අම්බානට රැග දීමෙනි.

    එහෙත් මගේ අදහස රැග දීමට මූලික හේතුව ඉරිසියාව නොව ලිංගික අතෘප්තිමත්භාවය යන්නය. සිංහල බෞද්ධ යැයි අප සිතා සිටින, අපේ වික්ටෝරියානු සමාජ ක්‍රමය මල්වර වියට පැමිණියත් ඉතා ප්‍රාථමික මට්ටමේ ලිංගික අභ්‍යාසයක වත් නිරත වීමේ ඉඩ තරුණ තරුණියන්ට අහුරා තිබේ. ගම් මට්ටමේදී තත්ත්වය වඩා බරපතළය. සරසවි එන සමහර මානවකයන් නිරුවත තියා ගැහැනියකගේ පියයුරක්, කලවාවක් වත් දැක නැත. කෙල්ලකගේ අතින් ඇල්ලීම තියා කෙළින් බලාවත් නැත. මෙසේ ගොඩ ගැසෙන ලිංගික අතෘප්තිමත්භාවය අවස්ථාවක් ලැබුනු විගස දෝරේ ගලා යයි. සමාජයේ තව එකකුටද වදයක් වෙමින් රැග බවට පත්වන්නේ ඒකය.

    ජ්‍යෙෂ්ඨ උත්තමයෝ රැග දීමෙන් විරුද්ධ ලිංගිකසේම එක්තරා ආකාරයක සමලිංගික තෘප්තියක්ද ලබති. නවක සිසුවියන් ලවා තමා ඇති දැඩි කළ දෙමාපියන්ට අමු කුණුහරුපයෙන් බැන්නීම තුලින් ඔවුන් ලබන්නේ පරපීඩා කාමුකත්ව (sadist)විරුද්ධ ලිංගික තෘප්තියකි. එහෙත් නවක සිසුන් නිරුවත් කිරීම හා ඔවුන් ලවා විවිධ ලිංගික ක්‍රියා කරවීම යොමුව ඇත්තේ සමලිංගික තෘප්තිය ලැබීම කෙරෙහිය. (මෙය සිසුන්ට පමණක් නොව සිසුවියන්ටද අදාළය. ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ නවක වදය ගැන වෙනම සටහනකින් කතා කරමු.)

    මොවුන් විසින් මා භාජනය කළ එක් අප්‍රසන්න වදයක් වූයේ විශ්ව විද්‍යාල භාෂවෙන් කිවතොත් ‘බෝංචි කැඩීමය’. මෙහිදී නිරුවත් කළ නවක සිසුවකුගේ ශිශ්නය වැරෙන් බඩේ වදින ලෙස දබර ඇඟිල්ලෙන් ඉහළට ගැසීමට තවත් නවක ශිෂ්‍යයකුට අණ කෙරෙයි. සිය වතාවක් පමණ කෙරෙද්දී (බෝංචි කරල් සීයක් කඩද්දී) මෙය අතිශය වේදනාකාරී අත්දැකීමකි. මගේ ශිශ්නය මේ නිසා මාසයකට වැඩි කාලයක් රිදුම් දුන්නේය. ඒහා බැඳුනු මානසික වේදනාව ඒ හා සිය ගුණයකින් වැඩිය. එය මට පමණක් සීමා වූයේද නොවේ. ඒ වන විට මගේ ලිංගික ජීවිතය හවුල් අත්දැකීමක්ව තිබුණු හෙයින් මේ කිසිවකට සම්බන්ධ නොවූ පිටස්තර කෙනෙකුටද ඒ නිසා මානසික වදයකට ලක් වීමට සිදුවිය. (ඒ කතාව පසුව)

    වෙන ඕනෑම තැනකදී සිදුවූයේ නම් මෙය නීතිමය ක්‍රියා මාර්ගයට පිවිසිය හැකි ආකාරයේ ලිංගික බලහත්කාර කමකි. එහෙත් සරසවි කොටු පවුර තුළ මොවුනට ඒ නීති අදාළ නැත. LTTE ය රටේ නීතිය රකීදැයි අසන දේශප්‍රේමියෝ සරසවිය තුළ රටේ නීතිය රැකේදැයි නොඅසති. කාට තිබුණත් නවක සිසුන්ට මානව හිමිකම්ද ඒ ගැන කතා කරන්නට NGOද නැත. උන් තව දුරටත් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ ලිංගික ගොදුරු බවට පත්විය යුතුය.

    අපි තව කොතෙක් කල් මේ අමානුෂික ක්‍රියාවලිය ඉවසමුද? අප ලැබූ මේ අමිහිරි අත්දැකීම් කවදා හෝ දවසක අප අපේ දරුවන්ටත් උරුම කළ යුතුද?

    ReplyDelete
  39. DST...

    යටිවතට ඇයි මේ තරම් සරදම්? | Are we ashamed of our underwears?

    Posted by Taboo on April 27, 2010

    මේ සටහනට ආසන්න හේතුව මෙම බ්ලොග් අඩවියේම වෙනත් සටහනකට එක් පාඨකාවියක දැක්වූ ප්‍රතිචාරයක්. අඩ නිරුවත නිරුවතට වඩා සුන්දර බව සිතන ඇය අඹු සැමියන් අතර පවා එකිනෙකාට අනන්‍ය වූ පෞද්ගලිකත්වයක් තිබිය යුතු බව කියනවා. ඔවුන් පවා තම යටැඳුම් (underwear) එකිනෙකාට පෙනෙන සේ නොතැබිය යුතු බවයි ඇගේ අදහස. ඒ යටැඳුම් පුද්ගලිකත්වයේ සංකේතයක් සේ දකින නිසාද නැතොත් සාමාන්‍යයෙන් ඒවා අප්‍රසන්න දර්ශනයක් සේ සැලකෙන නිසාද යන්න පැහැදිළි නැහැ.

    හේතුව කවරක් වෙතත් මෙය විවාදාපන්න අදහසක්. පශ්චාත් වික්ටෝරියානු ලාංකීය කල්තරය තුළ යටැඳුම් යනු අනෙකුන්ට නොපෙන්විය යුතු දෙයක්ය යන මතය මුල් බැස ගෙන තිබෙනවා. (ඒ කල්තරය තුළම නූගත් ගම්වැසියකු දවස ගානේ සරම උනා අමුඩය පිටින් ප්‍රසිද්ධියේ දියනෑම අනුකූල වන්නේ කෙසේද යන්න වෙනම ප්‍රශ්නයක්.) විශේෂයෙන් කාන්තා යටැඳුම් මොනම අවස්ථාවකවත්, ඒවා හැඳ නොගෙන සිටින අවස්ථාවල පවා, වැලක දමා වේලන අවස්ථාවෙක පවා පිරිමි ඇසකට ගැටෙන්නට ඉඩ සැලසීම වරදක් හැටියටයි සැලකෙන්නේ. සරසවි නේවාසිකාගාර, හමුදා ඛණ්ඩ වැනි සාපේක්ෂව ‘විවෘත’ පුරුෂ-සීමිත (men-only) ප්‍රජාවන් සම්බන්ධයෙන් හැරුණු විට යටැඳුම් ‘සැඟවීම’ අන් සියළු අවස්ථාවන්ට අදාළයි. මේ පුරුෂ-සීමිත සමාජ වල නම් යටැඳුම් කිසිම තහංචියකින් තොරව රෙදිවැල්හි එල්ලී සිටිනු දැකිය හැකියි. නමුත් මේ සිරිතම අපේ රටේ කාන්තා-සීමිත (women-only) සමාජයන්හි දකින්නට ලැබේ යැයි ලේඛකයා සිතන්නේ නැහැ.

    මේ සන්දර්භය තුළ තමන්ගේ යටැඳුම් සැමියාගෙන් පවා සැඟවීමට ලාංකීය කාන්තාව උත්සාහ දරණවා නම් එය විස්මයට කාරණාවක් නෙවෙයි. (අපේ සමහර කාන්තාවන් නම් සිතන්නේ නිරුවත පවා සැමියාගෙන් හෝ පෙම්වතාගෙන් සැඟවිය යුතුය කියලනේ.) බටහිර සමාජයන් තුළ තම පෙම්වතියන්ට නිතොර යටැඳුම්, තිසර පට හා ඉණකඩ දෙකම තෑගි දීම පෙම්වතුන්ගේ සාමාන්‍ය සිරිත වුවද, ලංකාවේ නම් එවැන්නක් වැලන්ටයින් දිනයේදී ත්‍යාග ලෙස ලබන යුවතියක පත්වන අසීරුතාවය අපට වටහාගැනීමට හැකියි.

    ‘නිර්වස්ත්‍ර භීතිකාව’ (nudophobia) සේම ‘අභ්‍යන්තර වස්ත්‍ර භීතිකාව’ද (innerwearphobia) අපේ රටට ආගමනය වූයේ වික්ටෝරියානු යුගයේ බවට කිසිම සැකයෙක් නැහැ. කෝට්ටේ යුගයේදී සවැනි පැරකුම්බාවන් දවස සැළලිහිණි සංදේශ කතුවර තොටගමුවේ සිරි රහල් හිමියන් ලෝස් නැතිව නාරි යටිවතක් වන ‘මිණි මෙවුල’ වර්ණනා කරනවා කවි ගණනාවකින්ම. මිණි මෙවුල හුදෙක් විළි වසන්නට අඳින රෙදිකඩක් ලෙස නොව ආභරණයක් සේ ගෙන වටනා මිණි කැට අල්ලා චිත්තාකර්ෂණීය කිරීම සේම, ඒ කාව්‍යෝත්කියට නැඟීමද පූර්ව-වික්ටෝරියානු රජ දවස අරුමයක් වූයේ නැහැ. නිකමට හිතා බලන්න අද භික්ෂූන් වහන්සේ නමක් කාන්තා ඉණකඩක් ගැන කවියක් ලීවා නම් ඇතිවන්නට ඉඩ ඇති කෝලාහලය.

    ලේඛකයාගේ අදහස නම්, කාන්තා වේවා පිරිමි වේවා අපට යටැඳුම් අප්‍රසන්න දෙයක් සේ පෙනේ නම් එය කර ගෙන ඇත්තේ අප විසින්ම බවයි. උඩැඳුම් ලස්සනට අඳින්න අප යම් උත්සාහයක් ගත්තත්, යටැඳුම් සම්බන්ධයෙන් අප බොහෝ දෙනකු පුම ඉතිරි ලිංග භේදයකින් තොරව එවන් උත්සාහයක් දරන්නේ නැහැ. යටැඳුම් තෝරාගැනීමේදී පාට ගැන පවා සැලකිලිමත්වන්නේ කීයෙන් කීදෙනෙක්ද? (කාට පෙනෙන්නද හිතනවාද මන්දා.) පොඩ්ඩක් හිතා බලන්න අපේ සමහර යටැඳුම් වල පැහැය කෙතරම් අප්‍රසන්නද කියා. මේ පැහැයන්ගෙන් යුතු උඩැඳුම් අප මොනම අවස්ථාවකවත් තෝරාගන්නවාද? වැඩිදෙනකුගේ වෑයම හැකි ඉක්මණින් යටැඳුම් තෝරා ගැනීම කියන ලජ්ජාසහගත කර්තව්‍යය නිමා කිරීම. මේ නිසා අප වැඩි දෙනකුට ඇත්තේ සමාජයෙන් සැඟවිය යුතු කැත යටැඳුම්. කාටවත් නොපෙනෙන නිසා කිළිටි වනතුරු ඇඳීම නිසා මේවා තවත් කැත වුනාම කොහොමටවත් වෙන කෙනෙකු ඇස ගැටෙන්න ඉඩ දෙන්නට හැකියාවක් නැහැ.

    බටහිර සමාජයේ හා සමහරවිට ජපානයේ හා කොරියාවේ පවා යටැඳුම් ගැන ආකල්ප මින් ඉඳුරා වෙනස්. ඔවුන්ට යටැඳුමක් යනු හුදෙක් විළිවසන රෙදිකඩක් නොවේ. ඔවුන්ගේ හැම යටැඳුමක්ම ශෘංගාරාත්මක මෙහෙයක් ඉටුකරනවා. මේ නිසා රෙදි කැබලි කිහිපයක් මූට්ටු කොට මහනවා වෙනුවට ඉතා සූක්ෂ්ම යටැඳුම් කලාවක් නිර්මාණය වී තිබෙනවා. වෙනෙකක් තියා සමහර නිෂ්පාදකයින් මධුසමය රාත්‍රියට හෝ වැලන්ටයින් දිනයට වෙනමම යටැඳුම් නිර්මාණය කිරීම සිරිතක්. මේ දැවැන්ත ව්‍යාපාරයක්. සමහර විට යුරෝපයේ කාන්තාවක් තිසර පටයක් සඳහා අපේ රටේ යුවතියක් සම්පූර්ණ මඟුල් ඇඳුමක් පිළියෙළකොට ගැනීමට දරණ වියදමට වැඩි වියදමක් දරණවා. මධුසමය වෙනුවෙන් පිටත් වන ඇඳුම (උඩැඳුම) සඳහා කොපමණ උත්සාහයක්, වියදමක් දැරුවද ඒ ඇඳුම් කට්ටලයේම යටැඳුම් ගැන සැලකිලිමත්වීමේ සිරිතක් අපේ මනමාලියන්ට ඇත්ද?

    ReplyDelete
  40. බොහෝදෙනකු නොසිතන මුත් යටැඳුම් පිළියක් වීමට අමතරව තවත් මෙහෙයක් ඉටුකරනවා, ලිංගික උත්තේජකයක් සේ. රමණයේදී පෙරකෙළි (foreplay) අවස්ථාව තුළ යටැඳුම් ‘රුචෝත්ප්‍රේරකයක්’ (appetizer) ලෙස භාවිතාකිරීම දුලබ නැහැ. අප්‍රසන්න යටැඳුම් නිසා වන්නේ මේ වින්දනය අහිමි වීම. නමුත් තමන්ගේ සහකාරියගේ සහකරුවාගේ සිරුර පවා අඳුරට මුවාකොට කඩිමුඩියේ කොත්තු දානවා සේ, ඉන්ස්ටන්ට් ලිංගික ක්‍රියාව නිමා කරන්නට වෙහෙසෙන අපේ බොහෝ මිනිසුන්ට ගැහැනුන්ට මේ බව වටහා දෙන්න තැත් කිරීමත් මෝඩකමක්. අපේ සමාජය පොදුවේ මේ මට්ටමට එන්න තවත් බොහෝ කල් ගතවනු ඇති බව නිසැකයි.

    ලාංකීය තරුණ පරම්පරාවවත් අපේ සමාජයේ යටැඳුම් ගැන පවතින මේ දුර්මත හකුලා දමන්නට උත්සාහ දරන්නේ නම් ඔවුන්ට වඩා සුවකර (healthy) ජීවිතයක් පමණක් නොව යහපත් ලිංගික ජීවිතයක්ද ලැබෙනවාට සැක නැහැ.

    ReplyDelete
  41. රැග ලිංගික වදයක් සේ | Ragging as a Sexual Harassment

    Posted by Taboo on February 27, 2009

    සිංහල බ්ලොග්කරුවන්ගෙන් අති බහුතරය වත්මන් හෝ ආදි සරසවි සිසුන් වෙතත් රැග (නවක වදය) මේ දක්වා ඔවුන් කිසිවෙකුත් ගැඹුරින් නොකතා කළ මැයකි. ඔවුන් එය නොකළ යුතු කතාවක් (taboo subject) හැටියට දකින්නේ මන්ද යන්න මට නම් ගැටළුවක් නොවේ. නවක වදයට භාජනය වූ මාද ඇතුළු 90%කට එය අතිශය අමිහිරි කතා නොකර මඟ හැරීමට තරම් අප්‍රසන්න මාතෘකාවකි. මින් අදහස් කෙරෙන්නේ ඉතිරි 10%ට එය ප්‍රසන්න මාතෘකාවක් බව නොවේ. එහෙත් මේ සුළු පිරිස රැග් කඩතුරාවට මුවා වෙමින් ඊළඟ අවුරුද්දේ තමන්ට ලැබුනාට වඩා ඉතා දරුණු ආකාරයේ වදයක් ඊළඟ බැචයට ලබාදී රැග ගැන කතා කිරීමේ සදාචාරාත්මක අයිතිය තමන් විසින්ම නැති කරගෙන ඇත.

    ජ්‍යෙෂ්ඨ උත්තමයන් මට වසර කිහිපයකට පෙර කියා දුන් ආකාරයට රැග දෙන්නේ වෙනස් වටපිටාවන්ගෙන් සරසවි එන මානවක මානවිකාවන් එකම තලයකට ගෙන ‘අපේ එකෙකු හෝ එකියක’ කිරීම සඳහාය. මෙය නප්පියට ගැසූ බේබද්දකු බීම සදාචාරීකරණය කිරීමට කියන කතාවකට සමානය. රැග මුන් කියන ජාතියේ නම්නීකරණයක් (orientation එකක්) නොවේ. රැග දෙන්නේ එක්තරා සරසවි සිසුන් කොටසකගේ (හැමදෙනාගේම නොව) මනෝ ව්‍යාධීන් දෙකක් නිසා ඇතිවන තත්ත්වයකට ප්‍රතිචාර වශයෙනි. එකක් දරුණු ඉරිසියාවය. අනෙක ලිංගික අතෘප්තිමත්භාවයය.

    ඉංගිරිසි වාක්‍යයක් කතා කර ගන්නට බැරි එකාට අනෙකෙකු ඉංගිරිසියෙන් දෙඩීම මහා වදයකි. පාපැදියක් හෝ අහිමි එකකුට සම වයස් මානවක මානවිකාවකට කාර් එකක් හෝ මෝටර් සයිකලයක් තිබීම දරා ගත නොහැකිය. හැමෝටම එකසේ ලැබෙතැයි දේශපාලකයන් නිරතුරු කියන නිදහස් අධ්‍යාපනය කොළඹටත් ගමටත් වෙනස් ලෙස ලැබී ඇතිබව මොවුනට වැටහෙන්නේ විශ්ව විද්‍යාලයේදීය. මේ වෙනස්කම් සමනය වෙතැයි මොවුන් සිතන්නේ ‘අලයන්ට’ අම්බානට රැග දීමෙනි.

    එහෙත් මගේ අදහස රැග දීමට මූලික හේතුව ඉරිසියාව නොව ලිංගික අතෘප්තිමත්භාවය යන්නය. සිංහල බෞද්ධ යැයි අප සිතා සිටින, අපේ වික්ටෝරියානු සමාජ ක්‍රමය මල්වර වියට පැමිණියත් ඉතා ප්‍රාථමික මට්ටමේ ලිංගික අභ්‍යාසයක වත් නිරත වීමේ ඉඩ තරුණ තරුණියන්ට අහුරා තිබේ. ගම් මට්ටමේදී තත්ත්වය වඩා බරපතළය. සරසවි එන සමහර මානවකයන් නිරුවත තියා ගැහැනියකගේ පියයුරක්, කලවාවක් වත් දැක නැත. කෙල්ලකගේ අතින් ඇල්ලීම තියා කෙළින් බලාවත් නැත. මෙසේ ගොඩ ගැසෙන ලිංගික අතෘප්තිමත්භාවය අවස්ථාවක් ලැබුනු විගස දෝරේ ගලා යයි. සමාජයේ තව එකකුටද වදයක් වෙමින් රැග බවට පත්වන්නේ ඒකය.

    ජ්‍යෙෂ්ඨ උත්තමයෝ රැග දීමෙන් විරුද්ධ ලිංගිකසේම එක්තරා ආකාරයක සමලිංගික තෘප්තියක්ද ලබති. නවක සිසුවියන් ලවා තමා ඇති දැඩි කළ දෙමාපියන්ට අමු කුණුහරුපයෙන් බැන්නීම තුලින් ඔවුන් ලබන්නේ පරපීඩා කාමුකත්ව (sadist)විරුද්ධ ලිංගික තෘප්තියකි. එහෙත් නවක සිසුන් නිරුවත් කිරීම හා ඔවුන් ලවා විවිධ ලිංගික ක්‍රියා කරවීම යොමුව ඇත්තේ සමලිංගික තෘප්තිය ලැබීම කෙරෙහිය. (මෙය සිසුන්ට පමණක් නොව සිසුවියන්ටද අදාළය. ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ නවක වදය ගැන වෙනම සටහනකින් කතා කරමු.)

    ReplyDelete
  42. මොවුන් විසින් මා භාජනය කළ එක් අප්‍රසන්න වදයක් වූයේ විශ්ව විද්‍යාල භාෂවෙන් කිවතොත් ‘බෝංචි කැඩීමය’. මෙහිදී නිරුවත් කළ නවක සිසුවකුගේ ශිශ්නය වැරෙන් බඩේ වදින ලෙස දබර ඇඟිල්ලෙන් ඉහළට ගැසීමට තවත් නවක ශිෂ්‍යයකුට අණ කෙරෙයි. සිය වතාවක් පමණ කෙරෙද්දී (බෝංචි කරල් සීයක් කඩද්දී) මෙය අතිශය වේදනාකාරී අත්දැකීමකි. මගේ ශිශ්නය මේ නිසා මාසයකට වැඩි කාලයක් රිදුම් දුන්නේය. ඒහා බැඳුනු මානසික වේදනාව ඒ හා සිය ගුණයකින් වැඩිය. එය මට පමණක් සීමා වූයේද නොවේ. ඒ වන විට මගේ ලිංගික ජීවිතය හවුල් අත්දැකීමක්ව තිබුණු හෙයින් මේ කිසිවකට සම්බන්ධ නොවූ පිටස්තර කෙනෙකුටද ඒ නිසා මානසික වදයකට ලක් වීමට සිදුවිය. (ඒ කතාව පසුව)

    වෙන ඕනෑම තැනකදී සිදුවූයේ නම් මෙය නීතිමය ක්‍රියා මාර්ගයට පිවිසිය හැකි ආකාරයේ ලිංගික බලහත්කාර කමකි. එහෙත් සරසවි කොටු පවුර තුළ මොවුනට ඒ නීති අදාළ නැත. LTTE ය රටේ නීතිය රකීදැයි අසන දේශප්‍රේමියෝ සරසවිය තුළ රටේ නීතිය රැකේදැයි නොඅසති. කාට තිබුණත් නවක සිසුන්ට මානව හිමිකම්ද ඒ ගැන කතා කරන්නට NGOද නැත. උන් තව දුරටත් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ ලිංගික ගොදුරු බවට පත්විය යුතුය.

    අපි තව කොතෙක් කල් මේ අමානුෂික ක්‍රියාවලිය ඉවසමුද? අප ලැබූ මේ අමිහිරි අත්දැකීම් කවදා හෝ දවසක අප අපේ දරුවන්ටත් උරුම කළ යුතුද?

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනෝ, තෝ මෙතන මාගල් වගේ ඒවා දාන්නේ මේක blogspot.kathandara.blogspot.com කියලා හිතුවද ?

      Delete
    2. ඕන තැනක කමෙන්ට් කරන්න පුළුවන් උන පළියට උම්බෑ කියන්න එපා. ටැබූගෙ ලිපි කීපයක් මෙතන පළ කරපු ඇනෝ මම. මම එහෙම කළේ මෙතන කමෙන්ට් කරපු සමහරු ටැබූගෙ ලිපි කියවල නෑ කියල හිතුනු නිසයි. ඇත්තෙන්ම ටැබූ කියන නම දැක්ක ගමන් එතනට ඇදිල එන අයත් ඉන්නව. ටැබූ වෙලාවකට බකපණ්ඩිත වුනත් හිටපු ටික කාලෙට එයා ඒ වගේ තත්වයක් බ්ලොග් අවකාශය තුළ ඇතිකරගෙන තිබුණ. මම කියන්නෙ නෑ එයාගෙ ලිවීම අති ඉහළයි කියල. ඒත් අද බ්ලොග් අවකාශෙ ඉන්න අය ටැබූගෙ ලිපි කියවල තිබුණ නම් හොඳයි කියල මට හිතෙනව. මොකද එයාගෙ ලිවීම සාපේක්‍ෂව හොඳයි. එයාගෙ පුද්ගල චරිතයෙන් මට වැඩක් නෑ. මොකද මම බ්ලොග් අවකාශෙට එන්නෙ කියවන්න මිස අනුන්ගෙ කුණු හොයන්න නෙවෙයි. ඉතින් ටැබූ ගැන කතාකරපු ලිපියක ඇරෙන්න වෙන කොතන එයාගෙ ලිපි දාන්නද?

      DST...

      Delete
    3. හා හොඳයි...

      Delete
  43. පොඩි එකාගෙ ලියුම – අඩම්බොරුකාර තාත්තා | Podi Ekaage Liyuma

    Posted by Taboo on November 10, 2010

    අපේ අඩම්බොරුකාර ආඩම්බොරකාර තාත්තා අපේ අම්මලාගෙ ගෙදර බින්න බැහැලා මේ පුර පහළොස්වක පෝයට අඋරුදු පහක් පිරෙනවාය. ඒ හන්දා අද රචනය අපේ ආඩම්බොරකාර තත්තා ගැන වෙමි.

    අපේ අම්මලාගෙ පැත්තේ නෑදෑඕ මිනිස්සුලා අපේ ආඩම්බොරකාර තත්තාට බොහොම කැමති වෙමි. ඒ අපේ අම්බොරුකාර ආඩම්බොරකාර තත්තාට අඋරුදු තිහක් තිස්සේ අපේ අම්මලාගෙ පඋලට මරිසිය දාගෙන හිටි අලපු ගෙදර තඩි මරිසියා සරෙන්ඩර කරපු හන්දාය. තඩි මරිසියා හිතාන හිටියේ වන්දි චන්දිරිකා නැන්දාට, පිරේමදාස මමාට, ජූනියොස් සීයාට කොළා වගේ ආඩම්බොරකාර තත්තාටත් පු බය කොරන්ටය. ආඩම්බොරකාර තත්තා එව්වට අහු උණේ නොවෙමි. තඩි මරිසියා දවසක් හවස බොකු දිරස් බාගයක් දමා “උබෙ අමට… ” කියාගෙන එනකොටම ආඩම්බොරකාර තාත්තා උගෙ බොටුවෙන් අල්ලා, දෙතුන් පාරක් එආට මෙආට කරකවා පදුරකට වීසි කොර ඌට අඟල් හයක් බැස්සුවාය. තඩි මරිසියා එතනින් ඉවර වුනෙමි. පොලෝසිය මාත්තුරු ඒක සිය දිවි නසා ගැනීමක් බඔට තීරණය කළෙමු.

    අඩම්බොරකරා තැත්තාට වැරදුනේ තඩි මරිසියාට පීයෙන් අනිනවා කට ඔඳ නැති කලවැද්දා මාම දැකපු නිසාය. කලවැද්දා මාමාට ආඩම්බොරකාර තාත්තා එක්ක පොඩි තරාක් තිබුණෙමි. ඉට පස්සේ කලවද්දා කලවැද්දා මාමා ඒක පොලෝසියේට කීනවා කියා තර්ජනය කොළෙමි. ආඩම්බොරකාර තාත්තා එව්වට බයවුනේ නැතිය. ආඩම්බොරකාර තාත්තාගෙ මල්ලි, ආඩම්බොරකාර චන්ඩි බාප්පාට කියා කලවැද්දා මාමාට පු බඩට දෙකක් අන්නා ගෙදර ගෙනැවිත් සොල්දරේ හිර කොළෙමි. දැන් කලවැද්දා මාම සොල්දරේ හිර වෙලාය. ඔහු ඉඳලා හිටලා උබෙ අම් කුණු අරුප කියති. ආඩම්බොරකාර තත්තා එව්වට ඉනාවෙල නිකම් ඉන්නවාය.

    කලවැද්දා මාමට ඉතවත් රතු අයියලා ටික නම් ඉඳලා ඉටලා කසිප්පු බීගෙන ඇවිත් ගෝරි දමති. ඒ උනාට ආඩම්බොරකාර චන්ඩි බාපා මොකද මොකද කියාගෙන ගෙදරින් බඉන කොටම රතු අයියලා සරං උස්ස ගෙන අං කොට ගොනා එළෝන කොට වගෙ එළෝ මෙළෝ නැතිව දුවනවාය. ඇස්බියා වගේ නෙවයි මට අහුවුණොත් ඕකුන්නෙ හතර හන්දි කඩලා ගඟේ දානවා කියා එතකොට ආඩම්බරකාර චන්ඩි බාපා කියමි. බාප්පා ඇස්බියා කියන්නේ රතු අයියලා එක්ක නිතරම කොක්ක ඇද ගන්නා මැන්ටල් මාමාටය.

    ආඩම්බොර තාත්තා කාටවත්ම බය නැත්තෙමි. ඒ වුණත් ලොකු වලිඅක් නම් තමන් මූණ නොදා අයියව යවනවාය. දවසක් බැන්කුවෙ මහතයා මහත්තයා ආඩම්බොරකාර තතාට ලෝන් එකක් පාස් කර දුන්නේ නැත. ඒකට තරා ගීන් ආඩම්බොරකාර තාත්තා අයියාට කිව්වේ බැන්කුව ඉස්සරාට ගීන් උපවාසයක් කොරපන් කියලාය. අයියාත් ලොකු මිනිආ වගේ ලෙමන් ප බිස්කට් පෙට්ටියක්ම කා බැන්කුව ඉස්සරාට ගීන් උපවාස කළෙමි. බැන්කුවේ මහතයා ඒක දැක අයියාට ඔලුව ඉල්වෙන්ඩ පොල් ටොක්කක් ඇන්නෙමි. අයියාට එතනම ගූ මුත්තරා පිට වුනාය. ඉට පස්සෙ අයියා බැන්කුව ඉස්සරහ උපවාස නොකළෙමි.

    ආඩම්බොරකාර තතාගෙ ලොකුම වැරද්ද නය ණය ගන්නා එකය. බැන්කුවෙ මහතයා ආඩම්බොරකාර තත්තාගේ කාලක්‍රියා කල්කිරියාව ඔඳ නැති බව කියා ලෝං පාස් නොකළාට පස්සෙ දැං අහමඩ් නානාගෙනුත්, කොණ්ඩෙ බැඳපු චීනා ගෙනුත් දිගට හරහට නය ණය ගනිමි. ආඩම්බොරකාර තත්තා නම් කියන්නේ ඒ අය කල්යාන මි ඔඳ යාළුවන් නිසා ණය දෙන බවය. ඒත් අහමඩ් නානා ගැනත්, කොණ්ඩෙ බැඳපු චීනා ගැනත් අපි නොදන්නවාද කියා අම්මා නම් නිතරම කියමු. අම්මාගේ බය මේ දෙන්නාගෙන් එක් කෙනෙක් අපි ඉන්නා ගෙදර ආඩම්බොරකාර තාත්තා රවටා ලියා ගනියි කියලාය.

    ආඩම්බොර තාත්තා නය ණය ගන්න එක අපට නම් ඔඳය. මොකද අතේ සල්ලි ඇති දාට ආඩම්බොරකාර තාත්තා අපට ලෝබ නැතිව සීනිකරික්ද සීනි බෝල, සෙල්ලම් බඩු අරන් දෙනවාය. නත්තල් සීයා වගේය. ගෙදර දන්සැල් දාලා වගේ ගමටම කන්ඩත් දෙමි. නිකම් නොවේ බුරියානිය. මාමලාට නම් බොකු දිරාස්ද දෙති. ඒම බොකු දිරාස් බොන්ඩ දුන්නාට කමක් නැතිය, බුදු ආංදුරුවෝද ඒම දෙන්ඩ එපාය කියලා නැති බවත් දවසක් බනට කිව්වේ ගමේ පංසලේ මේදානන්ද ආංදුරුවෝය. රනවක උපාසක මාමා ඒකට ඒමයි ආංදුරුවනේ කියා හූමිටි තැබුවෙමි.

    අම්මා නම් ආඩම්බොරකාර තාත්තාට කියන්නේ පොඩි එවුංට සෙල්ලම් බඩු අරං දුන්නට කමක් නෑ, ඒත් ඔයා ඔය ණයට ගන්න සල්ලි නාස්ති කරංඩ එපා ඩාලෝ කියලාය. ඔය කුරකන් කුරක්කන් ටිකක් විකුණුවාම ණය ගෙවංඩ බැරිය කියලා ආඩම්බොරකාර තාත්තා ඒකට උත්‍ර දෙමි. ඒ කිවාට ආඩම්බොරකාර තාත්තාට කුරක්කන් හේනක් නැත. අහමඩ් නානාගේත් චීනාගේත් ණය ගෙවන්නේ මොනවා විකුණලාදැයි දන්නේ ආඩම්බොරතාර තාත්තාත් දෙඉයෝත් විතරක්ය.

    ReplyDelete
  44. ආඩම්බොරකාර තාත්තා අනෙක් කෙලී අක්ක එක්ක යාලුයි කියා ගමේ මිනිස්සුලා අපේ අමාට අම්මාට කේලාම් කියමු. අනෙක් කෙලී අක්කා කියන්නේ ඉස්සර දුමින්ද අයියා එක්කත් පස්සෙ නාමල් අයියා එක්කත් යාලු වෙච්චි අක්කාටය. අම්මත් ඒ කේලාම් ඇහුන නෑහුන ගාණට ඉන්නේ ආඩම්බොරකාර තාත්තාට තරා ගියෝතින් කලවැද්දා මාමා වගේ අමාවත් සෝලරේද සොල්දරේට දාන්ඩ බැරි නැති නිසාය. ආඩම්බොරකාර තාත්තා චන්ඩියෙකි. චන්ඩින්ට ඕනැම දෙයක් කරන්ඩ පුළුවන්ය. මිනිස්සුලා ඒ මොකද කියා අහන්නේ නැත.

    අපේ ආඩම්බොරකාර තාත්තාගේ අළුත්ම වියාපොරතිය වයංප්‍රතිය ව්‍යාප්‍රතිය ව්‍යාපෘතිය සූදු පොළක් පටන් ගන්නා එකය. අන්න අයියෙ සල්ලි ඔයා ගන්ඩ ඕනෑ අයිඩිඅල් විදිය කියා උපදෙස් දුන්නේ බැරිසිල් බාපාය. මිනිස්සුලා සූදු කෙළිනවිට මට කල්ල මරේ කියා ආඩම්බොරකාර තත්තා කියමු. රනවක උපාසක මාමා පොඩ්ඩක් බර බරේ දැම්මත් ආඩම්බොරකාර තාත්තාට ගූ පන බයය. ඒ හින්දා කිසිම අවුලක් නැත. ආඩම්බොරකාර තාත්තා දැන් සූදු කෙලින්ඩ කාඩ් කුට්ටමක්ද ගෙනැල්ලා තිබෙමු. හෙට අනිදාම වැඩේ පටන් ගන්නවාය.

    මොන වැරදි තිබුණත් ඔයා නම් මට ඔඳා ඩලෝ කියලා අම්මා නිතරෝම ආඩම්බොරකාර තාත්තාට කියමි. ඒ කියන්නෙ අම්මට ආඩම්බොරකාර තාතාට කලින් දීග දෙන්න ලැහැස්ති වෙච්චි පොනිල් බාප්පා ගැන කිසිම පොර කැමැත්තක් නැති නිසාය. පොනිල් බාපා මිනියෙක්ද ගෑනියෙක්ද කියලාවත් දන්නේ නැතයි අම්මා නිතරම කියති. ඒක නං පොනිල් බාපාගේ ගෙදර ඉන්න සාගල අරි අකිල අරි කොලුඅන්ගෙන් අහලා දැන ගන්ඩ පුලුවන් කියලා කිව්වේ ජොංස්ටොං මාමාය. ඒක කතාව නම් මට තේරුම් නොගියෙමි.

    ආඩම්බොරකාර තාත්තා ගැන තවත් දේවල් ලියන්ඩ තියෙන නමුත් එව්වා ලිආ ආඩම්බොරකාර චන්ඩි බාපාට මාට්ටු වුනෝතින් දත් නැතුව පොල් සම්බෝල එක්ක බත් කන්ඩ වෙන නිසා මෙයින් නවතිමිය.

    ආඩම්බොරකාර තාත්තා ගැන රචනය මෙයින් නිමි.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනෝ, තෝ මෙතන මාගල් වගේ ඒවා දාන්නේ මේක blogspot.kathandara.blogspot.com කියලා හිතුවද ?

      Delete
  45. හිප්පි හිප්පි හිප්පි හිප්පි මේක ඇනෝ විමානේ....
    ඇට දෙක හොලවා නටමු විමානේ. .....

    ReplyDelete
  46. මම බ්ලොග් කරණය ආවෙ ටැබුගේ ලිපි නිසා කිව්වොත් නිවැරදියි , ඔහුගේ අදහස් සියල්ල සමඟ එකඟ නොවුනත් එදත් අදත් ගරු කරන ලේඛකයෙක් , අපි ඕනිම කෙනෙකුගෙ වගේම ටැබු චරිතය තුලත් අඩුපඩු කම් තිබුනා , පුද්ගලයා අනුව ඒ අඩුපාඩුකම් දුටුව විදිහේ වෙනස් කම් තිබුනා ඒක ස්වාභාවික තත්වයක් , අදටත් බ්ලොග් කරණයේ සිටිනවා නම් වටින පුද්ගලයෙක් , තර්කයකින් හෝ පදනමකින් තොරව "මම නම් කඩේ යනවෝ" කියාගෙන පොර වෙන්න හදන උන් ඉන්න වටපිටාවක ටැබු , බියෝන් ෆ්‍රේම් වගේම මිගාර වගේ අයත් සිටිය යුතුමයි !

    ReplyDelete
    Replies
    1. අනේ පල ඩෝ යන්න

      Delete
    2. බුවා මහත්තයා ඇයි මේ ‍කමෙන්ට් ඩිලීට් කරලා?

      Delete
  47. මං මේ ලිපිය ලිව්වේ මීට සති කීපෙකට කලින් ටැබූ අතුරුදහන් වී අවුරුද්දක් ගෙවුනු දිනවලයි.

    ලිපියේ අරමුණ අප අතර නැති ටැබූව සිහි කිරීමයි. පොර ගේ වැරදි තියෙන්න ඇති. නමුත් පොර නැති තැන අපි ඒ වැරදි කිය කිය පොරට බණින එක හරි නෑ කියලයි මට හිතෙන්නේ.

    ඒ මොනවා වුනත්, අපේ බ්ලොග් ලෝකයේ සහෘදයෝ ටැබූ ලිපි සුරක්‍ෂිත කරගෙන ඉඳලා අද මේ පෝස්ටුව හරහා අන් අයත් එක්ක බෙඳා ගැනීම නං ලොකු දෙයක්.

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. 'පොර නැති තැන අපි ඒ වැරදි කිය කිය පොරට බණින එක හරි නෑ කියලයි මට හිතෙන්නේ.'

      අනේ පලයන් තට්ටයෝ, ඌ ඉන්න තැන ඌට බන්නම, ඌ කොමෙන්ට් කපල අතුරුදහන් කරනවනෙ

      Delete
  48. මම මිට කලිනුත් Blog පැත්තේ ඇවිල්ල තියනවා එත් Elakiri එකේ WImal wirawansha ගැන Taboo ලියපු ලිපියක් දැකලයි මම බ්ලොග් බලන්න පුරුදු උනේ. Taboo නැති අඩුපාඩුව අපිට බොහෝ සෙයින් දැනෙනවා. taboo නැවත පැමිණෙනවා නම් ලොකු දෙයක්

    කළු පූසා

    ReplyDelete
    Replies
    1. විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපතියාණෝ | Wimal Weerawansa, the Happy-go-Lucky Millionaire

      Posted by Taboo on November 7, 2009

      ගරු විමල් වීරවංශ මැතිසඳ බැං කි-මූණාගේ සුම්මට අකපු හැටි | Hon. Wimal Weerawansa’s Final Odyssey

      Posted by Taboo on July 6, 2010

      ගරු විමල් වීරවංශතුමා සැබෑ වීරයකු ලෙස මාරාන්තික උපවාසයෙන් මියයයි | Breaking News! Hon. Wimal Weerawansa dies from his ‘Fast unto Presidential Intervention’

      Posted by Taboo on July 10, 2010

      ඊයේ අවසන් ගමන් ගිය සැලිනෝනා වීරවංශ මෑණියන්ට දයාවෙනි | The last letter to Wimal Weerawansa’s mother

      Posted by Taboo on July 13, 2010


      විමල් වීරවංශ හා ජවිපෙ: “යාළුයි අපි යාළුයි” | Wimal Weerawansa and JVP in a marriage of convenience?

      Posted by Taboo on October 9, 2010

      සැලිනෝනෝ නුඹටයි මේ ලියන්නේ | To Salinona (who died on the final day of her son’s ‘upavasa’)

      Posted by Taboo on December 4, 2010

      Delete
  49. ඔන්න ඕක තමා කිව්වේ මිගාර ටැබූ ගැන මොකුත් කියල නෑ කියල. ඒක පෙරමුණේ රාළගේ අටුවාවෙන් ඇරපු රෝලක්. හැබැයි, මිගාරගේ පටි ගලවන්ඩ ඕන කියල නම් ටැබූ තැනක් කියල තිබුණ. ටැබූ මෙන්න මෙහෙම කියල නම් තිබුණ.

    "අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි."

    http://www.blogger.com/comment.g?blogID=7230280378891801123&postID=6576373916885156699&isPopup=true

    ReplyDelete
  50. කතන්දරගේ අඩවියට පලමු කමෙන්ටුව. සිංහල බ්ලොග් කලාවට නවමු අරුණැල්ලක් ගෙනා ඔහුගේ මතකය සිහිගැන්වීම ඇත්තටම වැදගත් දෙයක්. ස්තුතියි.

    ReplyDelete
  51. ටැබූ ගේ පළමු පොස්ට් එක. මගේ රීඩර් එකේ ටැබූ ගේ පොස්ට් ඔක්කොම වගේ තියනව. අපහු ආපහු උනත් කියෙව්වට එපා වෙන් නෑ

    සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects
    by taboosubjects Feb 27, 2009 11:57 AM

    ඕනෑම බ්ලොග් එකක් ආරම්භයේදී එහි අරමුණු පැහැදිළි කර දීම සිරිතක්. ඉතාම කෙටියෙන් අප මේ කරන්නට සැරසෙන්නේ එයයි.

    මේ බ්ලොග් එක මුලුමනින්ම වෙන් වන්නේ සාමාන්‍ය ජීවිතයේදී අප බොහෝ දෙනෙක් එළිපිට කතා කරන්න මැළිවන විෂය කරුණු ගැන සංවර භාෂාවෙන් කතා කරන්න. සමහරවිට මේ සඳහා වෙන්වන එකම සිංහල බ්ලොග් අඩවිය මෙය විය හැකියි.

    මුලින්ම මේ බ්ලොග් එක අප නම් කරන්න හිතුවේ ‘අ-සභ්‍ය කතා’ හැටියට. ඒ Pornographic යන අර්ථයෙන් නොව ‘සභාවකට අයොග්‍ය’ හෝ ‘සභාවකට අනුචිත’ යන අරුතින්. සභාවකට අනුචිත වන්නේ ලිංගික කරුණුම පමණක් නොවෙයි. කුලය, ආගම ආදිය ගැන කරන කතා පවා සභාවකට අනුචිත විය හැකියි. උදාහරණයක් හැටියට ඉස්ලාම් භක්තිකයන් ඌරු මස් නොකන්නේ මොකද කියා අප සභාවක කතා කරන්නේ නැහැනේ. දේශපාලනය වුනත් අප සභාවක කතා කරන්නේ පරිස්සමින්නේ.

    නමුත් වැරදි අරුතක් ලැබෙයි කියා අප මේ නම ‘සාමාන්‍යයෙන් නොකරන කතා’ හැටියට වෙනස් කළා. ඉංගිරිසි යෙදුම Taboo Subjects ඊට වඩා පැහැදිළියි.

    ඉතින් මොකද අපට මේ කවුරුත් කතා නොකරන දෙයක් ගැන කතා කරන්න මේ තරමට ඕනෑකමක්?

    විසි එක් වන සියවසේ ජීවත්වන තරුණ පරපුර හැටියට අප තව දුරටත් මේ කරුණු කතා නොකරම වළ දැමිය යුතුද? ඇයි අපට වඩා විවෘත වෙන්න බැරි? එසේ විවෘත වීමෙන් පමණක් නේද අපට වඩා අර්ථවත් සමාජයක් බිහිකර ගත හැක්කේ?

    මුහුණට මුහුණලා කතාකරන්න බැරි විෂයයන් කතා කිරීමට හොඳම විදිය අන්තර්ජාලයේ නිර්නාමිකත්වයට මුවාවීම යැයි අප විශ්වාස කරනවා. අපි නිර්නාමිකත්වය නිර්මාණශීලීව භාවිතා කරමු.

    ඇත්තටම ආදි ලාංකික සමාජයට අප මේ කතා කරන්නට බලපොරොත්තුවන බොහොමයක් දේ කුණුහරුප වුනේ නැහැ. ඒවා කුණුහරුප කරගත්තේ වික්ටෝරියානු සංස්කෘතියට යටවුනු අපමයි. ගැටළුව අප තවදුරටත් සුද්දන් පවා ප්‍රතික්ෂේප කළ වික්ටෝරියානු සංස්කෘතිය තව දුරටත් කර ගසා ගෙන යා යුතුද යන්නයි. ඇයි අපට අපටම අවංක වෙන්න බැරි?

    ඉදිරියට අපට මල් පොකුරු වලට වඩා ගල් මුල් එල්ල වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. මොකද ලිංගිකත්වය සාමාන්‍යයෙන් නොකරන කතා බොහොමයකට සම්බන්ධයි. එහෙමම නොවුනත් අපේ විවෘත කතාබහ සමහරුන්ට වහ කදුරු වන්නට ඉඩ තිබෙනවා. එහෙම කියලත් ඉතින් කට පියාගෙන ඉන්න බැහැනේ. අපේ සමාජය රූපවාහිනියේ ‘අපේ ගම’ වැඩසටහනින් විස්තර කරන විදියට සුන්දර නැහැනේ.

    දැනට ඇති. ඉදිරියේදි තව කතා කරමු. රැඳී සිටින්න අප සමඟ. අපේ ලිපිනය swimfanlk@gmail.com

    ReplyDelete
  52. මිගාරගේ අතේ රෝල එළිවෙලා හින්දා එයා මීක් සද්දයක් නෑ. මිගාරලා මාරයලා කියන්නෙ ටැබූගෙ පා දූවිලිවත් නොවටිනා හිස් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. කුඩුලාල් රංගනේ පත්තු වුණාට පස්සේ ට්බුවට දෙක පුන එවුන් ඉන්නේ නොරොක් වෙලා. ටැබුව කියන්නේ උදේ දාන බොගක් තරංවත් වටින්නෙ නැති එකෙක්. තොපි දේට යන පඩයක් ගානටවත් වටින්නෙ ණැති එවුන්.

      Delete
    2. මිගාර මොකද ඇනෝ ඇවිල්ලා?

      Delete
    3. /ටැබුව කියන්නේ උදේ දාන බොගක් තරංවත් වටින්නෙ නැති එකෙක්. /

      දැන් මිගාර මහත්තයා උදේට බොග නොදා තදකරගෙන පැය දෙක තුනක් විතර ඉන්නකො ඒකෙ වටිනාකම දැන ගන්න.

      Delete
    4. මෙන්න කුඩු ලාල් ඇනෝ ඇවිදිල්ලා!

      Delete
  53. මිගාරට මෙව්වට උත්තර නෑ. මොකද තව කතා කළොත් බොරු වැලම එළි වෙනවනෙ.

    ReplyDelete
  54. දේශපාලන මාතෘකා කතා කරන බ්ලොග් අඩවි තවත් තිබුනත්, ටැබූගේ බ්ලොග් අඩවියේ විශේෂත්වයක් තිබුනා. අනෙකුත් බ්ලොග් වල එදිනෙදා ප්‍රවෘත්තිමය මට්ටමෙන් දේශපාලන සිදුවීම් කතා කරද්දී ටැබූසබ්ජෙක්ට්ස් මගින් වඩා විශ්ලේශාත්මක සහ ගැඹුරක් සහිතව සංවාදයට ලක් වූවා. දේශපාලනයට අමතරව "ටැබූ මාතෘකා" සාකච්ඡා කිරීමට පොදු වේදිකාවක් (common forum) ලබා දීමද ඉතා අගය කලයුතු දෙයක්. විවේචන සහ අඩුලුහුඬුකම් තිබිය හැකි වුනත් Taboo ගේ නික්මයාම තුලින් මේ දක්වා නොපිරවුන රික්තයක් ඇතිවූ බව නම් කිසිවෙකුටවත් ප්‍රතික්ශේප කරන්න පුලුවන් වෙන්නේ නෑ.

    - මහෝදර

    ReplyDelete
  55. man nam hitanne tabu wage liyanna puluwan ekek inna eka jatika awashtawak..koheda dan inna pattara karayanta konda pana nahane..adu gane me samahara blog karayoth kade yana dial ne inne....

    ReplyDelete
  56. Kathandara , i know who taboo is i can give you his real name . And i also know that you know him too cos he mentions you in his new blog :)

    ReplyDelete
    Replies
    1. Wow, Taboo has a NEW blog?
      and he has mentioned me there?

      Delete
    2. You dont hv to feign ignorance buddy ! He mentioned ur real name and he also attended funeral of your father . You know who he is . In the FB he goes by another name but I like you know the real name of that guy . And he has an FB profile by his real name as well . Brilliant guy bit Ayn Randish

      Delete
    3. Ah, that’s what you mean!
      But hey, that’s old news mate. A few people have previously claimed that they know Taboo’s identity by theorising along those lines.
      There were similar rumours recently about Anonymous Aathal blog as well.
      But, I doubt if there are any concrete evidence.
      What’s this second FB identity you have mentioned?
      You can always send me an eMail – that is if you have an email address as Maverick!

      Delete
  57. අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි

    කොහොමද ටැබුවගෙ වැඩ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.