Sunday 29 January 2012

"බිජා" අසල "ජරා" - කතන්දර දැනුම් සාගරේ : To Jarrah via Bija

ආ කොහොමද කෂ්ටිය?

ඔන්න මං අද ඔයාලට ගෙනාවා අළුත්ම අළුත් පින්තුර දෙකක් හොඳේ. මේක කතන්දර කතා ගංගාව දැනුම් සාගරයක් බවට හරවන මහා ප්‍රයත්නයේ තවත් එකමත් එක ෂෝට් කට් එකක්.

මේවා මට එව්වේ මගේ හොඳම යාළුවෙක් ඊයක. මේ ෆොටෝ දෙක දැක්ක ගමන්ම මට මුලින් හිතුණේ "චිකේයියා, මහ කැතම කැත දෙයක්!" කියලයි. ඇයි අනේ "බිජා හරියේ ජරා!" කිව්වාම කාටද ඊයා කියලා නොකියවෙන්නේ?

හරිම කැත් හිත් නේද?

මෙන්න එහෙනම් ඕගොල්ලොම බලා ගන්නකෝ.




ලැජ්ජා වෙන්න හෙම දෙයක් නෑ. මේවා මේ කොහේදෝ රටක පාරවල් දෙකක නාම පුවරු. මගේ යාළුවා නං කිව්වේ ඔය පාරවල් දෙකම එක හරියේ තියෙන්නේ, කොටින්ම, "ජරා ක්‍රෙසන්ට්" එකට යන්නේ "බිජා ඩ්‍රයිව්" එකෙන් ගිහින් හැරිලාය කියලයි.

අපේ රටේ නං මේ වගේ පාරවල් නෑ මං හිතේ. තනමල්විල පාර, ගලේවෙල පාර, පයාගල පාර වගේ ඒවා මිස.

-කතන්දරකාරයා

ප/ලි:
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක මේ දැනුම් සාගරේ කෑල්ලක් දාන්න ලැබුණු එක ලොකු දෙයක්. එක කුරුල්ලෙක්ගෙන් ගල් දෙකක්ම මරා ගන්න පුළුවන් වුණා!

මෙන්න කතන්දර දැනුම් සාගරේ මීට කලින් ගිය දැනම වැඩුම ලිපි.

1. මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?

2. වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?

73 comments:

  1. මට හරියටම මතක නැහැ, ඒත් මම හිතන්නේ මම අහලා තියෙනවා "පයාගල කියන නම හැදුනේ පයියාගල කියන නමෙන්" කියලා.

    ReplyDelete
    Replies
    1. පහිය කියන්නේ පැස, මල්ල, කූඩය කියන එකටයි. එමගින් ආවා විය හැකියි!

      Delete
  2. ප.ලි. පයියාගල කියන එක හැදුනේ,

    ප_ය + ආ + ගල කියන එකෙන් වෙන්ටත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පයාගල හරියේ ගහල තියෙන බෝර්ඩ් ලෑලි වල තාමත් තියෙන්නේ "පයියාගල" කියල තමයි

      Delete
    2. @ ලොකු පුතා
      දන්නෝ දනිති!

      Delete
    3. තැපැල් කන්තෝරුවේ වගේම රේල්වේ ස්ටේෂමෙත් තාම තියෙන්නේ පයියාගල කියලා

      Delete
  3. මාර දැනුමක් ලබා ගත්තේ :)

    තණමල් විලේ "ණ" වෙනස් කරන්න එපා , නැත්නම් අර දෙමල මහත්තයෙක් සිංහල ඉගෙන ගනිත්දි "

    "ගොනා තණ(න) කයි"

    වාක්‍යය බහු වචනයට හැරෙව්වා වගේ තියෙයි

    ReplyDelete
    Replies
    1. මේක එන්න එන්ම දැනුම් සාගරයක් වෙනවා!

      දෙමල් දොස්සර දිව එලියට දාන්න කියපු කතාව දන්නවා නේද?

      Delete
    2. ඒ කථාව දන්නේ නැහැනේ , මේ දැනුම් සාගරයටම එකතු කරමුද ?

      Delete
    3. ටන් එළියට දාන්න කිව්වම අනේ නොදන්න නෝන තන් එක දාල. ඔය ටන් නෙමෙයි අනික් ටන් කිව්වම ඉතුරු තන් එකත් දාල...හපොයි තව අපචාර කේස් එකක්නෙ ඉතින්.

      Delete
    4. දොස්තර අන්තිමට බැරිම තැන කිවුවලු "නේ නේ, ඕම නෙවේ අප්පා, කටේ ටන් එක දාන්න" කියලා..

      Delete
    5. ටන් එක රතු ද කියලා බලන්න වෙන්න ඇති?

      Delete
  4. මගෙ අම්මේ.... මෙහෙමත් දැනුමක්... ඔක්කොම වගේ ඉණෙන් පල්ලෙහා දැනුම....ෂෙහ්....

    ReplyDelete
    Replies
    1. දැනුම් සාගරයක්! රස ආකරයක්!!

      Delete
  5. ඉස්සර පයාගල ඉට්ටෙසමේ බෝඩ් එකේ තිබුනේ පයියාගල කියලා. ඒ මදිවට උතුරු පයියාගල කියල තව එකක් තිබුනා වගේ මතකයි. චූටිම කාළේ මේ ක දැක්කම, මට ඉතින් වෙන දෙයක් නෑ. ඔය පයියාගල ග්‍රාම සේවක මහත්තයට මාරුවක් ලැබුනලු ලුණුගලට. ඉතින් රජයේ සේවයට යන්න චරිත සහතිකයක් ගන්න ආවලු කෙනෙක්. ඉතින් එකසිය ගානට වර්ණනා කරලා දුන්නලු සහතිකේ අත්සන් කරලා.. මීට ග්‍රා: සේ: පයියාගල කියලා. මේක බලන්නෙත් නැතුව අරන් ගියපු ඉල්ලුම්කරුට ඉන්ටවීව් බෝඩ් එකෙන් කිව්වලු. ලුණුගල ඉන්න කෙනෙක් පයියාගලින් කැරැක්ටර ගෙනත් වැඩක්නෑ ඒ නිසා මේක හදාගෙන එන්න කියලා. ඉතින් ග්‍රාම සේවක මහත්තයා කලේ පයියා කියන කෑල්ල තනි ඉරෙන් කපලා එතනට ලුණු කියලා දාලා තව සීල් එකකුත් ගැහුව්වලු "පයිය කපා ලුණු දැමු බවට සහතික කරමි" කියලා.

    ReplyDelete
    Replies
    1. මම අහල තියන විද්හට දුන්න සහතිකය "පයිය කපා ලුණු දමන ලදී, ගල කැපුවේ නැත "

      Delete
    2. මට පේන්නේ බූවාටයි මාතලන්ටයි එකම රජකාලේ දඬුවමක් ලැබිලා වගේ!

      Delete
  6. ෂා මාර කමෙන්ට් ටිකක්නේ...

    ReplyDelete
    Replies
    1. මොනාද මේ කතා, කතා ආකරයක්, රස සාගරයක්!

      Delete
  7. මේ හරියේ පාරවල් දෙකක් තියෙනවා; එකක් This Way අනික That Way. ඉඩක් ලැබුණ දවසක අරගන්න ඕන පින්තූරයක් කතන්දරකාරයට එවන්න!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණී!

      පේරා ඉංජිනියරිං ෆැකල්ටියේ හිටි ආචාර්ය සනත් රණතුංග කියන්නේ Thee way and Thou way කියලායි. පොර බර්මින්හැම්වල PhD කරපු නිසා ද මන්දා?

      Delete
  8. දැන් කට්ටිය කුණුහරප දානවා කියලනේ ඇනෝ ලට කැමති නැත්තේ ... දැන් බලන්නකෝ කවුද කුණුහරුප කියන්නේ ...
    එක නෙවේ කකා... දැන් ඇනොනිමස් ආතල් ලියන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න හොඳ ඇනෝ ඇවිත්!

      මං හිතන්නේ ඇනෝ ආතල් ලියපු පොරට දැන් හති වැටිලා වගේ. එහෙම නැත්තං ආතල් ඉවරවෙලා. ඩුප්ලිකේට්ලාත් ආවානේ!

      Delete
  9. මේ ලංකාවේ දී දැකපු පුවරුවක්. RENTA CAR

    ReplyDelete
    Replies
    1. පෝන් ෂොප් බෝඩ් එකට වඩා හොඳයි නේද?

      Delete
  10. පයාගල ට ඌණ පූර්ණයක්

    සිංහලෙන් පහිය නැත්නම් පයිය කියන්නේ වත්මන් ව්‍යවහාරයෙන් මල්ල කියන එනට.(අහල ඇතිනේ "අත්සුනු පයියට වැදුණ නාගයා වගේ" කියන පිරුල).එකකොට ඔය කියන ගමට නම ලැබින තියෙන්නේ ගලක් (ඒ කියන්නේ පාෂාණයක්) උඩින් මල්ලක් තියපු මොකක් හරි සිද්ධියක් නිසා වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. දැනුම් සාගරයක් මෙතන ....

      Delete
    2. @ ජයශ්‍රී
      මං හිතන්නේත් එහෙමයි, මල්ලක් වගේ ගලක් තියෙන්න ඇති, බතලේගල වගේ.

      Delete
    3. @ Gimhani
      දැනුම් සාගරයක්, රස ආකරයක්, කතන්දර මාලාවක්!

      Delete
    4. ගල උඩ මල්ල ( පයිය ) තිබ්බට ගමේ නම වෙනස් වෙනවනං මොරටුවෙ ලුනාව, ගල්කිස්ස, දෙහිවල වගේ එව්වත්, කළුතර කැලිඩෝ එහෙමත් වෙනස් කරන්න වෙයි වගේ!

      Delete
  11. කමෙන්ට් වලින් ඉගෙන ගත්තා සෑහෙන දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැනුම් සාගරේ කියන්නේ, ගංගා සේරම මේකට ගලා බසිනවා!

      Delete
  12. ප*ය කිව්වාම මතක් වුණේ. දවසක් ඉස්කෝලෙදි අපේ සර් කෙනෙක්ට වැරදිලා ඔය වචෙනෙ කියවුණා. අපි හිනාවෙන්න පටන් ගත්තා. සර් ඒ පාර සිංහල ටීචර් ගෙන්නලා ජයශ්‍රී කිව්වා වගේ වචනේ තේරුම කියලා දුන්නා! ටීචර් ඒක කියද්දි නම් හිනාව පුපුරලත් ගියා!

    ReplyDelete
    Replies
    1. ඉස්කොලේ සිංහල සර් කෙනෙක් "හෙලුවෙන් වැනීම " ගැන කිව්වාමත් ඇතිවුනේ ඔය වගේ තත්වයක්

      Delete
    2. @ විසිතුරු
      @ බූවා
      ඇයි කරණීය මෙත්ත සූත්‍රය කියන කොට?
      "කරණීය මත්ථ කුසලේන යං තං සන්තං පදං අභිසමේච්ච සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝ ච සුභරෝ ච අප්පකිච්චෝ ච සල්ලවුකවුත්තී....."

      Delete
  13. කුරුණෑගල පැත්තේ තියෙනවා පන්සලක් " නයියොත් පාන රජමහා විහාරය" කියලා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ වචන තව කප්පරක් දන්න කෙනෙක් ඉන්නවා මේ බ්ලොග් අවකාශයේ!

      Delete
    2. පාන ඔයිය පැත්තෙ පොරක් නේද?

      Delete
  14. ඔය නවසීලන්තේ තියනවා ඇල්ලක් ඒකෙ නම හුකා ෆෝල්. මේ වගේ නම් වැහි වැහැලා නවසීලන්තේ. තැනක නමක් කියන්න බැරිතරම් වල්. මහ වල්ම වල් වුන් තමා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය ෆොටෝ දෙක නං නවසීලන්තයේ නෙමෙයි!

      Delete
    2. ඇයි ලංකාවෙ වටඇල්ල

      Delete
    3. @ හරී
      මාළු ජාතියකුත් ඉන්නවා නේද?

      Delete
  15. ඉන්දියාවෙ තැනක් තියෙනවා ගෑණුන්ට කුණුහරුපෙන් බනිනකොට කියන නමක්...
    http://www.maplandia.com/india/karnataka/raichur/hutti/
    ඔය වචනෙ Google කළාම බොහොමයක් දේවල් එනවා...

    වැඩේ තියෙන්නේ එක භාෂාවක වචන තවත් භාෂාවක කුණුහරුප වීම...
    සිංහලෙන් පුතා කියන වචනෙ යුරෝපීය භාෂාවකින් කුණුහරුපයක්.. සිංහලෙන් නංගි කියන වචනෙත් එහෙමයි...
    මේක මහ ලොකුවට අවුස්සන්න දෙයක් නෙමෙයි... මහ ලොකු දේකුත් නෙවෙයි...

    කතන්දර කරන්න හදන්නෙ අපේ මිනිසුන්ගෙ පහත් මානසිකත්‍වය අවුස්සලා ආතල් එකක් ගන්නවා කියලයි මට නම් හිතෙන්නෙ... මොකද දැන් බ්ලොග් අවකාශයේ රැල්ල තියෙන්නේ ලිංගික දේවල් ගැන නේ.... වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ වැඩක්...

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තුතිය!

      මේ දැනුම් සාගරේ ලිපි දැමීමේ මගේ අරමුණ නම් එය නෙමෙයි. නමුත් මගේ සැබෑ අරමුණට වඩා මගේ අරමුණ ලෙස ඔබට හිතෙන දේ මට වැදගත්.

      මං බ්ලොග් ලියන්න පටන් ගත්තේ මට ඕනෑ පැත්තට වැල ගෙන්වා ගන්න බව කියන්න ඕනෑ. බ්ලොග් අවකාශය යනු මුද්‍රිත මාධ්‍යය නොවේ. මං මුල සිටම සම්මත රාමුව බිඳ දාන්නයි වැඩ කළේ!

      Delete
  16. මෙහෙම ඒවත් තියෙනවලු...

    http://www.oddee.com/item_96898.aspx

    ReplyDelete
  17. පකයා යන නමින් ගෝතමාලාවේ ගිනි කන්දක් තියෙනවා වගේම, අපේ අය සිරි පාදේ, ජපන්නු ෆුජියාමා යනවා වගේම ගෝතමාලානුවනුත් පකයා කන්ද නගිනවා.

    පකයා නමින් මාලි රටේ නගරයකුත් තිබෙනවා.

    මේවා දැන ගත්තේ නිකමට ගුගල් කල නිසයි. :D

    ReplyDelete
    Replies
    1. ගුගල් ඉමේජ් සර්ච් එකකුත් කළාද?

      Delete
  18. උදේ හවා අපි කියන රතන සූත්‍රයෙත් කොච්චර "කුණුහරුප" තියෙනවද, ?

    ReplyDelete
    Replies
    1. "කරණීය මත්ථ කුසලේන යං තං සන්තං පදං අභිසමේච්ච සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝ ච සුභරෝ ච අප්පකිච්චෝ ච සල්ලවුකවුත්තී....."

      Delete
    2. මේක රතන සූත්තරය නෙවෙයිනෙ.

      Delete
  19. පයාගලද පයියාගලද... ??

    උඩුගම පැත්තෙනම් තියෙනව බල්ලො හු** හන්දිය කියල එකක්.. ඇත්ත නම නෙවෙයි දාගනිපු එකක්කේ උනාට බස් එකේ ටිකක්ට් එකක් උනත් ගන්න පුලුවන්


    "අර බල්ලො හන්දිය එකයි"

    ReplyDelete
  20. අපේ ඉන්න හරියට කියන්නේ බෙල්ලකපපු හංදිය කියලනේ.. ඒත් ඒක වැඩිය දැං පාවිච්චි වෙන්නේ නෑ.. ඒත් කොට්ටාව මාකුඹුර කිවුවම නම් දැං හැමෝම දන්නවා..

    ReplyDelete
    Replies
    1. බෙල්ල නං ඉතිං ප්‍රශ්ණයක් නෑනේ?

      Delete
  21. මං ඉන්න පලාතෙත් ඔය වගේ නම් තියනවා දැක්කා එහෙමෙහෙ කරක් ගහනකොට...
    East Breast (near Glasgow)
    Butt Hole Road
    Sluthole Lane
    Penistone Street (පයියාගල වගේ)

    ReplyDelete
  22. ඔය බෙල්ල කපපු හන්දිය කියල සියඹලාපේ හන්දියටත් කියනවා ඒකනම් ඈත්තටම එක්කෙනෙක්ගෙ බෙල්ල කපපු හින්දලු

    ReplyDelete
  23. බොරුවටත් බෙල්ල කපන්න පුළුවන්ද?

    ReplyDelete
  24. අපි හිටිය අප්‍රිකාවේ බොහොමයක් නගර ඔය වගේ නම්. අපිට ඉතින් හරුප වගේ තමා.

    ReplyDelete
  25. කකත් අකුරු ලොකු කරන් නැහැ වගේනේද .

    ReplyDelete
  26. ඇයි 'බඩගින්නෙ' තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ..

    http://en.wikipedia.org/wiki/Baddaginnie,_Victoria

    සිංහලයින්ගෙ වැඩ තමයි..

    ReplyDelete
  27. තව පොඩ්ඩක් හොයලා බැළුවොත් ලංකාවේ වචන ගොඩක් වෙනත් රටවල් වලින් හොයාගන්න පුළුවන් වෙයි...ස්තුතියි කසූ මේවා අපිට කියනවට....

    ReplyDelete
  28. මතකය [මේ වගේ කතා ගැන] අවදි කලොත්...

    පුක පුක දිවයින් හා නැ පුක දිවයින් අයිති වන්නේ ප්‍රංශ පොලිනීසියාවට. "පුක පුක" ට මදක් පහලින් "වන වන" දූපතද ඇති බව මේ සිතියමින් බලාගත හැක. මේ දිවයින් සමූහයේ ප්‍රධාන නගරේ නම Te Puka Maru Ayiya වේ.

    [කුනුහරුපෙට එළියෙන් තූර් හියද්‍රල් ගේ කොන්ටිකි වීර චාරිකාව හෙවත් එක්ස්පෙඩිෂන් එක ගැන දන්නා අයට මේ දිවයින් වල විශේෂ වැදගත් කමක් ඇත. පොලිනීසියාවට මිනිසුන් පැමිණීම දකුණු ඇමරිකාවෙන් වූ බවට ඔප්පු කිරීමට පහුරක නැගී පැසිෆික් එකේ බාගයක් ගිය ඔහු මෙහි ලඟා විය. තූර් හියද්‍රල් සුවිශේෂී චරිතයකි. ඒවා අවශ්‍ය අයට කියවන්නට. මෙතන ඉතින් යන්නේ වෙන ආතල් එකක් නේ]

    මීට අමතරව ඕස්ට්‍රේලියාවේ ඇති බඩගිනි නගරය එහි ජනාවාසය හදන්න ගිය ශ්‍රී ලාංකීය කම්කරුවෙකු කෑමපරක්කුවට තරහ ගොස් දැමු නමකි. අබෝරිජිනි මූලයන්ගෙන් එන වග වග හා වන්නියා නගර ද එහි තිබේ. අබෝරිජින් මිනිසුන් දකුණු ආසියාවෙන් ආ බවත් ඔවුන්ගේ ඩින්ගෝ අපේ වල් බල්ලා ගේ ළඟ නෑයෙකු බවත් සිතු කල මෙහි පුදුමයක් නැත.

    කෙසේ වෙතත් ග්‍රාම නාම අතර සුවිශේෂීම ග්‍රාමය ඔස්ට්‍රියාවේ ෆකින් ග්‍රාමයයි. ඉංගිරිසි අහවල් වැඩේට කියන මේ වදන ඉංගිරිසියට ගියේ ජර්මානුන්ගෙන් වන අතර ජර්මානු බස හා සංස්කෘතිය ඔස්ට්‍රියාව තුල අතීතයේ පටන් මුල් බැහැගෙන ඇත. මෙම ගමෙහි වයස වසර 1500 ක් විතර නිසා ඒ කාලයේ මේ කුනුහරුපය බිහිවී නොතිබුණු බව විශ්වාසයි. ජර්මානික් මිනිසුන් එංගලන්ත දූපතට සංක්‍රමණය වන්නේ මීට පස්සේ [මේ පොස්ට් එක හයි ජැක් නොවේවා].

    පයිය යනු පසුම්බියයි. පසුම්බියේ වදන ගැජමැටික් එකට සෙට් වූයේ අද අප මීයා කියා ව්‍යංගයෙන් කියන සෙ ඒකාලේ අය ද කෙලින් නොකියා වැදගත් වදනක් ලෙස එය යෙදු බැවින් කියා මං තුමා විද්වත් අදහසක් දරමි. ඉතිරි කුණුහරුප වල එටිමලොජිය නම් දන්නේ නැහැ.

    රිටිගලගේ කුණුහරුප හා අවලං වදන් එකතැන් කිරීමේ මහා ප්‍රයත්නයට පුංචි විසිට් එකක් මෙතනින්

    මං නම් මේවා අහලම නැහැ. සයිට් එකෙන් තමයි දන ගත්තේ කුණුහරුප කියලා.

    ReplyDelete
  29. අපේ පැත්තෙත් ඔහොම හදාගනිපු නං වානං නම් එමටයි ..

    අපේ පැත්තේ "රෙන ගල" කියලා ගලක් එහෙමත් තියෙන්නේ ..

    මේවාගේ දැනුමක් ආයේ අපි කවදා ලබන්නද ?

    ReplyDelete
  30. ස්ටේසමේ පයියාගල කියලා පරන බෝඩ් එක තිබුනට ගාළු පාරේ ඒක මොඩිෆයි කරලා පයාගල කියලා....

    ReplyDelete
  31. කසු දන්නවද දන්නෑ සීගිරිය තියෙන්නේ කිඹිස්සේ කියලා...
    ගලේවෙල පාරේ යන්න ලැබුනා කියන්නේ ගමන හරි. ගලේවෙල හන්දියෙන් උඩහට සීගිරිය, එතනින් හැරිලා එනවනම් තංගල්ල.

    ReplyDelete
  32. the two names in the sign board are from Australia.Jarra is a name of a kind of TREEs

    ReplyDelete
  33. උඩ උන් ඇයි වහන් දොඩන්නේ පහිය නොවේ පයිය ,පයිය කියන්නේ මල්ල ,කූර පයිය ,බුලත් පයිය සහ තවත් පයි ගනනාවක් ඇත

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.