ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 7 October 2009
ඇන්ටි ලා ගෙ කතා
මුල කාලෙම මං අංකල් ල ගෙ කතා කිහිපයක් ම ලිව්ව එකේ ඇන්ටි ල ගැන නොලියා හිටියොත් ඒ ගොල්ලො තරහ වෙයිනෙ. ඒ හින්දයි මේ කතන්දරය ලියන්න හිතුවෙ.
ඇත්තටම කියනවනං ගමේ ගොඩේ පුරුද්දටයි ඇන්ටි කියන්නෙ. පොෂ් විදියට කියන්න ඕනෙ ආන්ටි කියල නේ. ඔය නම් දෙකම ඉස්සර ගමේ ඉන්න කාලෙ නං භාවිතා උනේ නෑ. නෑකම ටයි හිතවත් කමටයි දෙකටම කිව්වෙ නැන්ද කියලයි. පුංචි අම්මල, ලොකු අම්මල, කුඩම්මල, මහම්ම ල වෙනම හිටිය. ඒ අය නෑයො වෙන අය. ඉංගිරිසියෙන් නං ඒ සේරම ඇන්ටි ලා, එහෙම නැත්තං ආන්ටි ලා තමයි.
ඉතිං කතාව කියන්න නම් පුළුවනි. හැබැයි, මුලින් ම ලොකු අනතුරු හැඟවීමක් කරන්න තියෙනවා. මේක කියවල පපුවෙ අමාරු හෙම හදාගන්න එපා. සත්‍යය කටුකයි කියන එක මතක තියාගෙන කියවන්න.
ජාතිවාදී කලබල වලින් පස්සෙ අනාථ වෙච්ච දෙමල මිනිස්සු කට්ටියක් මහා විද්‍යාලෙ කඳවුරක් දාල රඳවල තිබුණ. දවසක් මේ ලඟින් ගිය අපේ කතා නායිකා ඇන්ටි ඒ ගැන මෙන්න මෙහෙම තව කට්ටියක් එක්ක කියනව මට ඇහුණ.
"මං අද කෑම්ප් එක ලඟින් යන කොට දැක්ක අර දෙමල හැතිකරේ ගාල් කරල ඉන්නව. කාලකණ්ණි. මුංව මොන එකකට ආරක්‍ෂා කරං ඉන්නනවද මංද? එලෝල දාන්නෙ නැතුව යාපනේ ට ම."
"මං දැක්ක එතන පොඩි පොඩි දෙමල පැටවුනුත් ඉන්නව. මට හිතුණ ඇත්තටම, අපේ පොඩි එවුන් ව දාල ටොකු ඇණල මරංඩයි ඕනැ කියල එවුන්ව."
"සර්පයො පොඩි පැටියොයි කියල විස අඩුයි යැ!"
මේ කියන ඇන්ටිට ඒ කාලෙ අවුරුදු පහක විතර පොඩි දරුවෙකුත් හිටිය. දෙවෙනි දරුව බඩේ.
විශ්වාස කරන්න පුළුවන්ද? අමාරුයි නේද?
අනිත් කාරණේ තමයි, මේ සිද්ධිය වුනේ, අද ඊයෙක නෙමේ. අවුරුදු 26 ක ට කලින් 1983 දී.
මේ ඇන්ටි ගැන වෙනත් කතාත් වෙනත් ඇන්ටිල ගැන තවත් කතාත් ලියන්න පුළුවන්. නමුත් මේ කතන්දරේ එක්ක සසදන කොට ඒව නිකං හුලං විස්කෝත්තු වගේ කතා. ඒ හින්ද ඒව වෙනම ලියන්නම්.
එතකං බලන්න කෝ අංකල් ල ගැන ලියපු කතා.
අංකල් නම්බර් වන්.
අංකල් නම්බර් 2 සහ නම්බර් 3.
කතන්දරකාරයා http://kathandara.blogspot.com/
I am now in Facebook.
Subscribe to:
Post Comments (Atom)
"අඟුරු දාච්ච ගෙදර මොකට පුළුං හොයනවද ? . . " කියල කතාවක් තියෙනවානේ කතන්දර . . . . මනුස්සකම් පස්සා දොරෙන් පියාඹලා පැනල ගිය හදවත් වලින් . . තවකෙනෙකුගේ වේදනාවකට තෙත් වෙන හදවත් ගැන කවර කතාද . . . ?
ReplyDeleteහරි මචෝ දැන් ඔය ඔක්කොම නවත්තලා...අපේ ඇනකොන්ඩලා...බින්කුන්ඩලා....ගැන මුකුත්ම කතන්දර නැද්ද..???
ReplyDeleteඔන්න අපි දිගටම කියවනවා දිගටම ලියන්න ඔනේ...මක්කැයි..??ලංකාවේ අපි ඉතින් වැඩිය කැමති කතන්දර වලටම තමයි...?????????
ඔවු යාලුවෙ, මේවගේ කතා නම් අනන්ත ඇහිල තියනව. දවසක් මම දමිල ලෙඩෙකුට "සෞඛ්‍ය අවවාදයක්" සිංහලෙන් කිවුවොත් Health Education දෙනව ඩෙංගු ගැන. ළඟ හිටපු සිංහල ලෙඩෙක් අර මනුස්සයට ඇහෙන්නෙ නැතිවෙන්න මට කියනව, මහත්තය ඕකුන් මැරෙන්න අරින්නෙ නැතුව මොකට ඕව කියල දෙනවද කියල!
ReplyDeleteඔන්න සම-හරක් ගෙ හැටි..!
ස්තුතියි සහෝදරයා.......! ඇත්තටම අර ප්‍රදීපා කියනවා වගේ අපේ රටේ මනුස්සකම කොළොම්තොටින් නැව් නැගලා දැන් ගොඩක් කල්...! දැන් මේකෙ ඉන්නේ අමනුස්සයෝ කොට්ඨාසයක්..........
ReplyDelete@දුකා,
ඕක 'යකඩ දාච්ච ගෙදර' නෙමෙයිද?? මට නම් මතක එහෙමයි....