Saturday 5 February 2011

බ්ලොග් අවකාශයේ "පඩ ෂෝ" එක!


කාලෙකට කලින් එක චූ කතන්දරයකින් පටන් අරං මං ලිව්ව චූ කතන්දර සීරිස් එකක් ම. ඊට පස්සෙ ලිව්ව කක්කි කතන්දරයක්.

මේ කතන්දරවලට "ෂහ්, මරු!" ආකාරයේ ප්‍රතිචාර වගේම, "චීයා, අනේ!" ආකාරයේ ප්‍රතිචාරත් ලැබුණා.

අද මං මේ සැරසෙන්නේ තවත් ඒ වගේම විවිධාකාර ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි කතන්දරයක් කියන්නයි.

සේරටම කලින් කියන්නේ ඕනෑ, මේ කතන්දරේ මගේ වුණාට, ඔය දාල තියෙන මාතෘකාව නං මගේ නෙමේ බව.

දැන් ඔය පඩ කියන්නේ සාමාන්‍යයෙන් ඈනුමක්, කිඹුහුමක්, කැස්සක් යනවා වගේ ස්වාභාවික සිදුවීමක් නේ. ඒ වුනාට වැඩේ වෙන්නේ කටෙන් නෙමේ. ඒ පළමුවෙනි වරද!

ඒ වගේම, පඩයක් යනවා කියන්නේ නිකං චූ බරක් එනවා වගේ ශරීර කෘත්‍යයක් ගැන අපිට එන පොඩි සංඥාවක්. ඒ හින්දා ඕක කළබල වෙන්න දෙයක් නෙමේ. නමුත් ඉතිං, වූ බරක් හැදුනාම වගේ නෙමේ පඩේක සද්දෙයි, ගඳයි දෙකම තියෙනවානේ. ඒ තමා දෙවෙනි වරද!

මෙන්න මේ වගේ වරදවල් හින්දා, ප්‍රසිද්ධියේ පඩයක් ඇරීම සිලාචාර නොවන දෙයක් සහ නොදැනිම වගේ පඩයක් යෑම ලජ්ජාවට හේතුවෙන දෙයක් විදියට තමයි සැලකෙන්නේ.

සාමාන්‍ය පිළිගැනීම තමයි "සද්ද පඩ ගඳ නෑ, ගඳ පඩ සද්ද නෑ" කියන එක. මේක "පඩ පිළිබඳ සීරෝ නියමය" කියල මං හඳුන්වන්නම්.

නමුත් ඔය නියමය හැම තිස්සේම ඇත්ත නොවන බව අපි හැමෝම දන්න කාරණයක්. (ඒ කියන්නේ නියමයක් නෙමෙයි, නිකං කන්ජෙක්ටර් එකක් විතරයි).

මෙතෙන්දි මට මතක් වෙන්නේ අර පුටුව යට හිටපු බල්ලා සහ පඩ කතන්දරේ. ඒක හැමෝම වගේ දන්න නිසා මෙතන ආපහු ලියන්නේ නෑ. අහල තියෙන අය ඒ කතාව ආපහු මතක් කරගෙන හිනාවෙන්න.

දැන් ඔය සද්දෙ පඩ තියෙනවානේ. ඒවායේ ආවේනික ශබ්ධය අනුව මෙන්න මේ ආකාරයට ප්‍රධාන වශයෙන් කොටස් හතරකට වර්ගීකරණය කරන්න පුළුවන්.

කෙටි පඩ
මේවා හරිම කෙටි, නමුත් තීව්‍ර ඒවා. බඩ හොඳට වේලිලා හෝ තට්ටං තදවෙලා නං තමයි මේ පඩ උපදින්නේ.

දිග පඩ
පඩ නොයවා හිර කරගෙන, හිර කරගෙන, හිටියාම කෙටි පඩ වුනත් අන්තිමේදි දිග පඩ වෙනවා.

මුලින් සඳහන් කරපු පඩ පිළිබඳ සීරෝ නියමයේ කොරොලරි එක තමයි, පඩේක දිග ඒකේ ගඳට ප්‍රතිලෝමව සමානුපාතිකය කියන එක. ඒ අනුව දිග පඩ, ගඳ අඩුයි කියලා අපිට සාධනය කරන්න පුළුවනි.

තෙත පඩ
මේවා එන්නේ බඩ ටිකක් බුරුල් වුණාමයි. සද්දෙක් නිකං තෙත ගතියක් තියෙනවා. හරියට අර පොඩි ළමයෙක් එයා ගේ නැන්ද ගේ වෙඩිමට රත්තරන් බඩු ගන්න මීගොමු ගිහින් දවල්ට කාපු දේවල් අජීරණ වුණාම වෙනවා වගේ.

හුඟක් ම තෙත පඩ
හුඟක් ම තෙත වගේ තේරුණොත් රජෝ ඉතිං, බඩු ම තමා! ඒ කියන්නේ මේ කැටගරියේ පඩයක් ගියොත්, කෙලින්ම ගිහින් වෙල්ලා හැලියට පනින්න තමයි වෙන්නේ.

ඔය සේරම විස්තර ලිව්වේ මෙන්න මේ පඩ කතන්දරය කියන්නයි.

ඔන්න මං ඉපදෙන්නත් ඉස්සර කාලේ, ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි කසාද බැඳපු අළුත පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ තාත්තා ගේ කැම්පස් එකට කිට්ටුව කුලී ගෙදරක. ඔය දවස්වල අපේ ඇන්ටි කෙනෙක් ඇවිත් එහේ නතර වෙලා තියෙනවා විභාගෙකට පාඩම් කරන්න කියලා. කැම්පස් ලඟ ඉන්න කොට නිකං පොඩි පහේ මෝටිවේෂනල් ෆැක්ටර් එකකුත් ක්‍රියාත්මන වෙනවා ඇතිනේ. පාඩම් වැඩ වලට.

දවසක් සති අන්තයේ දවාලක, අපේ තාත්තා කාලා පොඩ්ඩක් සාලේ සිළුමිණ පත්තරෙ බල බල ඉන්න කොට පොඩි පහේ පඩයක් ගිහිල්ලා තියෙනවා, තරමක සද්දෙකුත් එක්ක.

එතන අපේ ඇන්ටි පාඩම් කර කර ඉන්නවා, තාත්තා දැක්කද, නොදැක්කද මන්දා? හැබැයි අපේ නැන්දට ඇහිල තියෙන්නේ පඩයක් යන සද්දෙයි, ඊට පස්සේ අපේ තාත්තා මෙන්න මෙහෙම කියනවා විතරයි.

"හප්පා, හරිම සනීපයි...!!!"

"එදා ඉඳලා අපේ පවුල්වල අය අතර පඩ සම්බන්ධව කතාබහේ දී මෙන්න මේ වගේ කෑලි තමයි තිබිල තියෙන්නේ."

"හරි ගඳක් එනවා, කාට හරි සනීපයක් දැනුනද?"

"අනේ මේ සනීප විඳ ගන්නවා නං පොඩ්ඩක් එලියට ගිහින් සනීප විඳ ගන්න කෝ!"

-කතන්දරකාරයා

ප/ලි
ඔන්න, ළමයිනේ බ්ලොග් අවකාශයේ පඩ ෂෝ එක ඇරඹුණා!
ඔහොම යමු, ඔහොම යමු.

61 comments:

  1. matanam CHE eeeee kiyala hithenawa.

    ReplyDelete
  2. ඔන්න කතන්දරගෙන් පඩ සීරීස් එකක්ම... කතන්දර... එළියට ගිහින් සනීපේ විඳ ගන්නවාද කරුණාකරලා...... :D :D :D

    ReplyDelete
  3. හපෝයි උදේ පාන්දරම ක.කා පඩයක් ඇරල නේද. දැං ඉතිං සනීපෙයි :)

    දවසක් හොඳටම තද වෙච්ච බස් එකකදි කොල්ලෙක්ට පඩයක් ගියා. ගඳේ හැටියටනං කෙටි පඩයක් වෙන්න ඕන. දැං බුවාට පට්ට ලැජ්ජයි. ඒක හන්ද පඩේට සමාන්තරවම කටෙනුත් පොඩි සද්ද දෙක තුනක් දැම්මලු. ඔතනම ඉඳපු මනුස්සයෙක් ඊට පස්සෙ මෙහෙම කිව්වලු. ෂද්දෙට ෂද්දෙ නං ෂරි පුතා. ඒත් ගඳට මුක්කුද කරනවා...."

    දැං ඉතිං මේ ක,කා ව ආදර්ශෙට අරං බ්ලොග් අවකාශයම ගඳගස්සවන්ට හොඳා..... කෝ කට්ටියම පටං ගන්න.

    එකායි.. දෙකායි.. තුනායි..

    පූං.. පටාස්....

    ReplyDelete
  4. කොහොමද අයියේ මේවට කොමෙන්ට් කොරන්නේ?

    ReplyDelete
  5. අපේ ආච්චි අම්මා කියපු කතාවක් මතක් උනා. ඉස්සර අපේ සීයට හිටියල වෙද මහප්පෙක් ( වෙද පප්පෙක් නෙමේ ). එයා දවසක් කසායක් ලියලා දීලා. ඒකෙ තියෙන ජාති ඔක්කොම වගේ හෙව්වත් එක ජාතියක් කිසි කෙනෙක් අහලාවත් තිබුණෙ නැහැලු.
    ඒ තමයි " වැල් දෙළුම්".
    හොයලා හොයලා බැරිම තැන සීයා ගිහින් වෙද මහප්පාට කිව්වලු. වෙද මහප්පා අඩියක් එහෙම පොළවෙ හප්පලා, ගොරවලා එහෙම ඇහුවලු " ඇයි බොල තෝ පඩ වැල් අඳුරන්නෙ නැද්ද කියලා" . ඔහොම වැල් ජාතියක් තියෙනවා, වැඩිය කවුරුවත් දන්නෙ නැති උනාට.

    ReplyDelete
  6. @නවම් මාවත : ඒ බස් එකේ කථාව නම් පට්ටයි....

    ReplyDelete
  7. හරීම....සනීපයි....

    ReplyDelete
  8. හප්පා ගද...
    පඩෙ ගද අනුව කපු කැම මොකක්ද කියලති කියන්න පුලුවන්...
    එ අනුවත් පඩ වර්ග තියනව
    * ගස්ලබු පඩ
    *ලුනු පඩ
    *බිත්තර පඩ

    කොස් ඇට තම්බල කැවාමනම් බඩුම තමයි... නෙ ද?

    ReplyDelete
  9. ය.ව.හ.න්. දෝෂ එහෙම නැතුව, හරියට අක්ෂර පිහිටෝල, හරි ක්‍රමේට අධෝ වාතයක් පිට කලාම යාන්තමට නෙලුම් මල් සුවඳක් දැනෙය්.

    ReplyDelete
  10. උදේ පාන්දරම කනට ගැහුවා වගේ ඹ්ං

    ReplyDelete
  11. පඩ වැල් කියල බෙහෙතට ගන්න ගස් ජාතියක් තියෙනවා තමයි.

    පඩ ,පඩ කියවයට වඩා හොඳයි “අධෝ වාතය “ කිවනම්.

    මිනිස්සු වුන අපිට දරා ගෙන ඉන්න හොඳ නැති ශරීරාවේග තිහිපයක් තියෙනවා.
    මුත්‍රා බර.
    අනිත් ලොකු බර.
    “හචින්“
    අධෝ වාතය
    මේ දේවල් බලෙන් රදවගෙන ,දරා ගෙන ඉන්න ගියොත් ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ.

    ඒ නිසා ඔන්න ඔහේ සද්දෙන්ම පිට කරල දාන්න.

    මම බලපු ප්‍රසිද්ධ හින්දි ෆිල්ම් එකක තිබ්බ මේ වගේ සිද්දීයක්. ඒ ප්‍රධාන නළුවටත් ඕනි වෙනවා අධෝ වාතයක් යවන්න. ඉතින් මේ මනුස්සය (සලමන් ඛාන් ) ඒ ගෙදර උඩම තට්ටුවට නැගල , (එතන සුළඟ එහෙම හමන වහලක් නැති එළිමහන් තැනක්) වට පිට එහෙම බලල. පස්ස එහෙම පොඩ්ඩක් හරි ගස්සල,හරි සනීපෙට යැවුව අධෝ වාතයක්.

    යවල ඉවර වෙලා බැලින්නම් හිනා හඩක් ඇහෙනවා. බැලින්නම් එයා යාලු කෙල්ල (ඓශ්චර්යා) මේ සිද්ධිය දැකල හිකි හිකි ගාලා හිනා වෙනව.

    කොල්ලට දැන් ලැජ්ජයි. ආහ් ඒ කතාවේ ඒ නලුවට තිබ්බ නම “සමීර්“

    හින්දියෙන් සමීර් කියන්නේ සුළඟලු.

    ඉතින් ඒ සමීර් ශීග සමීර් කියල එතනින් මාරු වෙලා ගිහින්...

    කොහොම හරි ඉතින් හින්දි චිත්‍රපටියකට “ අධෝ වාතයත්“ කලාත්මක විදිහට එකතු කරල තියෙනවා.

    “හම් දිල් දේ චුකේ සනම් “ තමයි ෆිල්ම් එක...

    කතන්දරගෙ පින්තූරයට අනුව නම් අධෝ වාතය ගිහින් තියෙන්නේ රැජිනගේ වල්ලභයට වගෙයි... බලන්න කෝ රැජින මුහුණ හකුළුවන් අහක බලන හැටි සහ රැජිනගේ හස්බන්ඩා මුල ඉදලම කට අමුතු කරන් ඉන්න හැටි...

    මුණුබුරාට නම් හරිම හිනහයි වගේ...

    නියම පින්තූරය කතන්දර....

    පලි
    මේ කතන්දර අපේ කමෙන්ට් පල කරන්නෙ නැහැ කියල මම දොස් කීවා ... පස්සෙ තමයි ඒ ගැන කරුණු කාරණා දැන ගත්තේ. සමාවෙන්න ඕනි. සිද්ධ වෙච්ච වැරැද්දට.

    ReplyDelete
  12. පඩ වැල් කියල බෙහෙතට ගන්න ගස් ජාතියක් තියෙනවා තමයි.

    පඩ ,පඩ කියවයට වඩා හොඳයි “අධෝ වාතය “ කිවනම්.

    මිනිස්සු වුන අපිට දරා ගෙන ඉන්න හොඳ නැති ශරීරාවේග තිහිපයක් තියෙනවා.
    මුත්‍රා බර.
    අනිත් ලොකු බර.
    “හචින්“
    අධෝ වාතය
    මේ දේවල් බලෙන් රදවගෙන ,දරා ගෙන ඉන්න ගියොත් ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ.

    ඒ නිසා ඔන්න ඔහේ සද්දෙන්ම පිට කරල දාන්න.

    මම බලපු ප්‍රසිද්ධ හින්දි ෆිල්ම් එකක තිබ්බ මේ වගේ සිද්දීයක්. ඒ ප්‍රධාන නළුවටත් ඕනි වෙනවා අධෝ වාතයක් යවන්න. ඉතින් මේ මනුස්සය (සලමන් ඛාන් ) ඒ ගෙදර උඩම තට්ටුවට නැගල , (එතන සුළඟ එහෙම හමන වහලක් නැති එළිමහන් තැනක්) වට පිට එහෙම බලල. පස්ස එහෙම පොඩ්ඩක් හරි ගස්සල,හරි සනීපෙට යැවුව අධෝ වාතයක්.

    යවල ඉවර වෙලා බැලින්නම් හිනා හඩක් ඇහෙනවා. බැලින්නම් එයා යාලු කෙල්ල (ඓශ්චර්යා) මේ සිද්ධිය දැකල හිකි හිකි ගාලා හිනා වෙනව.

    කොල්ලට දැන් ලැජ්ජයි. ආහ් ඒ කතාවේ ඒ නලුවට තිබ්බ නම “සමීර්“

    හින්දියෙන් සමීර් කියන්නේ සුළඟලු.

    ඉතින් ඒ සමීර් ශීග සමීර් කියල එතනින් මාරු වෙලා ගිහින්...

    කොහොම හරි ඉතින් හින්දි චිත්‍රපටියකට “ අධෝ වාතයත්“ කලාත්මක විදිහට එකතු කරල තියෙනවා.

    “හම් දිල් දේ චුකේ සනම් “ තමයි ෆිල්ම් එක...

    කතන්දරගෙ පින්තූරයට අනුව නම් අධෝ වාතය ගිහින් තියෙන්නේ රැජිනගේ වල්ලභයට වගෙයි... බලන්න කෝ රැජින මුහුණ හකුළුවන් අහක බලන හැටි සහ රැජිනගේ හස්බන්ඩා මුල ඉදලම කට අමුතු කරන් ඉන්න හැටි...

    මුණුබුරාට නම් හරිම හිනහයි වගේ...

    නියම පින්තූරය කතන්දර....

    පලි
    මේ කතන්දර අපේ කමෙන්ට් පල කරන්නෙ නැහැ කියල මම දොස් කීවා ... පස්සෙ තමයි ඒ ගැන කරුණු කාරණා දැන ගත්තේ. සමාවෙන්න ඕනි. සිද්ධ වෙච්ච වැරැද්දට.

    ReplyDelete
  13. ආත්මයක් නැතිව ඉපදිලා. සංගීතයෙන්ම මියදෙනව කියලත් කියනව නේද?

    ReplyDelete
  14. දැන් ඉතිං බලමුකො පඩ සීරීස් එක යන හැටි.

    ReplyDelete
  15. දැන් ඉතින් බ්ලොග් අවකාශයේ කට්ටිය හිටු කියල පඩ අරියි අප්පා !!!!

    ReplyDelete
  16. මගේ යාලුවෙක් ඉස්සර පඩ ගැන කරපු විස්තරයක් තමයි මේ තියෙන්නෙ.
    --------------------------

    පඩස්සෝ පඩ ජාතස්ස
    ඩෝං පඩස්ස අතිසද්ධං නථ්ති ගන්ධං
    චූස් පදස්ස නථ්ති සද්ධං අති ගන්ධං

    KNP

    ReplyDelete
  17. සුවඳ දැනී දැනෙනවා..!!

    ReplyDelete
  18. වෙල්ලා හැලිය.....තෙරුනේ නැහැ නොවැ.....

    ReplyDelete
  19. අෆ්ෆා මේ පෝස්ට් එකේ ගඳ :D

    ReplyDelete
  20. ea witharak dha
    thawa oya raaBu pada
    ehemath thiyenne, hikizzz
    sudhu lunu padath thiyenawaa.
    hikzzzzz

    ReplyDelete
  21. ඒ විතරක් ද
    තව ඔය රාඹු පඩ
    එහෙමත් තියෙන්නෙ, හිකිzzz
    සුදු ලුනු පඩත් තියෙනවා.
    හික්zzzzz

    ReplyDelete
  22. චීයා අනේ... මෙන්න කකා පඩ යවන්න පටන් අරන්.. දැන් ඉතීන් සනීපද ඈ... :D
    හප්පා ගඳ :@

    ReplyDelete
  23. මං ඒත් බැළුව මොකක්ද මේ උදේ පාන්දර හීනියට ගදක් ආවෙ කියලා... :)

    ReplyDelete
  24. ඇයි චූස් පඩ......
    ඊයා ගඳේ බෑ.....

    ReplyDelete
  25. නැත ලොවේ අන් රසදුනා....

    ReplyDelete
  26. පඩ ගිනි තියල තියනවද . . . ???

    අවශ්ය උපකරන,
    -පඩයක් (කොස් ඇට, අල වර්ගයේ එකක් නම් වඩා සුදුසුය) නිකුත් වීමට ආසන්න අවස්තාවක්
    -ගිනි පෙට්ටියක් (ලයිටරයක් උනත් කමක් නැත්)
    -සරමක් වැනි තුනී සැහැල්ලු ඇදුමක් (අමුවෙන්ම කරන්නට යාමේදී . . . "රෝමය ගිනි ගැනීමේ" තර්ජනයක් පවතී)

    මෙතඩය:
    පඩය නිකුත් වීමට ඉතා ආසන්න මොහොතේ (99%දී) අදාල ස්තානය වැසෙන සේ රබන් සමක ආකාරයට සැහැල්ලු ඇඳුම (සරම) හොඳින් ඇදගන්න. ඉන්පසු දල්වා ගත් ගිනි කූර (තමන්ට තනියම කරගැනීමට අපහසු නම් . . . 3වන පාර්ශවයකගේ සහාය ලබා ගන්න) ඇදුමට මිලි මීටර් 2ක් පමන දුරින් රඳවාගන්න. ඉන් පසු . . . හැකි තරම් ඩම යොදා සිරවී ඇති වායු ස්ඛන්ධය මුදා හරින්න . . . .

    නිකුත් කල වායු ස්ඛන්ධයට අනුලෝමව සමානුපාතික ගිනි ජාලාවක් නිකුත් වනු ඇත . . .

    ReplyDelete
  27. එල කතා ටික :D

    ReplyDelete
  28. මේ කතාව මතකද?, අර දොස්තරල දෙන්නගෙ කතාව,

    ඔන්න දොස්තරල දෙන්නෙක් පාර අයිනෙ කතාකර කර ඉන්නකොට දැක්ක ඈතින් වයසක මනුස්සයෙක්, දෙකට නැමිල බොහොම අමාරුවෙන් වගෙ හෙමිහිට කකුල් මාරු කර කර එනවා,

    එක්කෙනෙක් කිව්ව" අර එන මනුස්සය ෂුවර් එකටම බඩේ අමාරුවකින් එන්නෙ"

    අනික් දොස්තර විරුද්ධ උනා,"නැහැ, මිනිහට තියෙන්නෙ පපුවෙ අමාරුවක්"

    "හරි, අපි අහලම බලමු "

    මනුස්සය ලඟට ආහම එක දොස්තර කෙනෙක් ඇහුවා "ලොකු උන්නැහේ, ඔහේ ඔය බොහොම අමාරුවෙන් ඇවිදින්නෙ පපුවෙ අමාරුවක් නිසාය කියලයි මම කියන්නෙ, ඒත් මගෙ මේ යාලුව කියන්නෙ ඔහෙට තියෙන්නෙ බඩේ අමාරුවක් කියලයි, ඇත්තටම මොකක්ද ඔහෙට තියෙන ලෙඩේ?"

    ඒ පාර අර මනුස්සය එහෙම්මම නැවතිලා, ටිකක් වෙලා මේ දෙන්න දිහාවෙ බලන් ඉඳල කිව්ව මෙහෙම,

    "මහත්තයො, ඔය මහත්තයට වැරදුනා, මහත්තයගෙ යාලුවටත් වැරදුනා, ඔය දෙන්නටම වැඩිය මට වැරදුනා මහත්තයො, පඩයක් කියල හිතාගෙන ඇරිය, මහත්තයො, මගෙ සරම පුරා බඩ ගියානෙ"

    ReplyDelete
  29. අනියෝ.... මට මේ පැත්තේ එද්දිම සද්දේ ඇහුනා වේරම්භ වාතයේ

    ReplyDelete
  30. "හඩ පඩ ගඳ නෑ, ගඳ පඩ හඩ නෑ" අපි නම් දන්නේ ඔහොම!!........... හික් හික්

    ReplyDelete
  31. කාලය ගියොත් ගියාමයි
    පඩයද ගියොත් ගියාමයි

    එමනිසා

    කාලය = පඩය

    ReplyDelete
  32. මගේ ෆියුචර් ලිස්ට් එකෙත් පඩ කතා දෙක තුනක්ම තිබුනා... දාම්දෝ, නොදාම්දෝ හිත හිත තමයි හිටියේ....කසූට තැන්ක් යූ වේවා... හොඳ ආරම්භයක් ලබා දුන්නාට....

    ඔය කියුව පඩා ජාති නැතිව වෙන පඩ ජාතිත් තිබේද ?

    ReplyDelete
  33. ඇයි පොඩි කාලේ(එක වසර දෙක වසර කාලේ) කියපු සින්දුවක් තියෙන්නේ. ඔකෙ පද තුනයි මම අහපු දවස් වලත් තිබ්බේ.
    ආච්චි ගියා කොච්චි කඩේ
    ගත්ත දෙකක් මසල වඩේ
    ඇරිය එකක් චූස් පඩේ.....
    පොඩි කාලේ හෙනම ජොලි කවිය ඒක.

    ReplyDelete
  34. පඩ නියමය

    හඬ පඩ ගඳ නැත
    ගඳ පඩ හඬ නැත

    ReplyDelete
  35. කොහොම උනත් නිතර නිතර පඩ යන එක වගේම ගඳට පඩ යන එකත් ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තියෙන බවට ඉඟි !!!!

    නොසලකා හැරීම සුදුසු නැහැ !!!!!!

    ReplyDelete
  36. ගොන් ආතල් එකක්! මනුස්සයෝ රසික සූරියාරච්චි වෙයන්. ට්‍රෙන්ඩ් වලට නොලියා හිතට හිතෙන දේ බරට ලියපන්. දුකයි උඹට මෙහෙම වෙච්ච එකට. මේවා විකුනන්නේ නෑ. එනිසා "බොඳ මීදුම්" කාරයා වගේ වෙන්න හදන්නෙපා. මේක පබ්ලිෂ් නොකලත් කමක් නෑ. මම කිව්වේ හිතට දුක නිසා.

    ReplyDelete
  37. හප්පා දැන් මේ ගඳට මොකෑ කොරන්නෙ

    ReplyDelete
  38. අපේ යාළුවෙක්ගේ ගෙවල් පැත්තේ ඉන්නවාලු අංකල් කෙනෙක් වන ජීවී සංරක්ෂණේ වැඩ කරන. මෑනුත් පඩ අරින වැඩේට කප්පිත්තාලු. ඉතින් ඒ පැත්තේ නම් පඩයක් ගියාම කියන්නේ "මං සංරක්ෂණේ කළා" කියලාලු :). එතකොට ගඳ නැතත් කට්ටිය දන්නවාලු මෙයාට පඩයක් ගියා තමා කියලා :)

    ReplyDelete
  39. දුමීට වගේම මගෙත් ‘ෆියුචර් ලිස්ට්’ එකේ සටහනක් තියනවා. දුමී නම් කට කහනවාට ඉක්මණින්ම දායි වගේ. ඒත් දුමීයි කතන්දරයි තරම් .... ද මමත්?!!!

    ReplyDelete
  40. මේක මතකද, 3 Idiots film එකේ චතුර්ගෙ ශ්ලෝකය..

    උත්තමම් දදදාත පාදම්
    මධ්‍යම් පාදම් තුචුක් තුචුක්
    කනිෂ්ඨම් තුඩ් තුඩීය පාදම්
    සුර් සුරී ප්‍රාණ ඝඨකම්

    @Observer,
    අරක යවන විදිය පොඩ්ඩක් විස්තර කොරලම දෙන්න බැරිද.. :)

    ReplyDelete
  41. සද්ද පඩේ සීදේවි පඩේ . . . .
    චූස් පඩේ මිනි මරන පඩේ . . . .

    @බ්ලොග් ගඩොල් : ඕක කවුරු නමුත් කියපු ශ්‍රේෂ්ඪ කියමනක්.
    "කාලය පඩයක් මෙනි . . . . ගියොත් ගියාමය . . . ."

    @ඔබ්සර්වර් : එතකොට අයිය ගන පිහිටෝනවද ?

    ReplyDelete
  42. කතා කැටිගරි එකක් දැම්මනම් හරි අධෝ මුඛ කතා කියලා . එතකොට ඔය චූ කතා , පඩ කතා ඔක්කොම ඒකෙ දැම්ම හැකි

    ReplyDelete
  43. @ Buratheno & ඕනයා,
    නැතුව.... නැතුව, ඔව්... ඔව් ... ගුද වාතයක් අරින වෙලාවට හරියට අක්ෂර, ඝන පිහිටෝල,යවහන් දෝෂ ඇරලා ඒක පිට කලාම මහානුභාව සම්පන්නය්.අත්දුටුවය් සත්තය්. විස්වාස මදි නම් ඔය පත්තරේ ඇඩ් දාන්නේ නීච කුල වශී ගුරුකම් එහෙම කරල දෙනව කියල කස්ටියක්, ඒ ගොල්ලන්ගෙන් අහල බලන්න බොරුද කියල.
    බුරා, මාර්තු අප්‍රියෙල් හරියෙ ලංකාවට ආවොත් හරියටම ගුද වාතෙකින් කවියක් ලියන හැටි, ඔයා ගේන විස්කි බෝතලයක් හිස් කරල, උපදෙස් ඒක ඇතුලට දාල කාටවත් ගන්න බැරි විධියට සීල් කරල දෙන්නන් .
    "උගත මනා ශිල්පය මය් මතු රැකෙනා."

    ReplyDelete
  44. මගේ පඩ කතාවට පිලිතුරු සැපයු සියළුම පඩයින්ට, පඩිච්චියන්ට සහ අනෙකුත් නෝනාවරුන්ට සහ මහත්වරුන්ට ස්තුතිවන්ත වෙමි.

    දහසක් මල් පිපේවා, දහසක් තව පඩ කතා ඇසේවා යන්න මගේ පැතුමයි.
    එකක් කිව යුතුව ඇත.

    පඩයක් යෑම සාමාන්‍ය ජීවිතයේ ස්වාභාවික සිද්ධියක් වුවද, මෙය එලිපිට කතා කිරීමට අප සහමරු තවමත් ලජ්ජා බව පෙනේ. මේතරම් වුවත් කතා බවක් සිදු වුනේ බ්ලොග් අවකාශයේ නිසාය.

    පඩ ෂෝ සම්බන්ධයෙන් මට අන්තෝ-වලි ද, බහි-වලි ද තිබේ. මගේ කතන්දර කීමේ අරමුණ සරල වින්දනයක් ලබා ගැනීමයි. ඒ අතරතුර වෙනත් දෙයක් කිව හැකි වුනොත් එය ප්‍රසාද දීමනාවක් ම වේ.

    මට හිතෙන්නේ ම මෙන්න මේ දෙයයි.

    පඩ අරින්න හොඳ නං පඩ ගැන කතා කළාම මොකද වෙන්නේ?

    ReplyDelete
  45. මට ආපු පොඩි! පඩ ප්‍රශ්ණ දෙක තුනක්.

    ඔය ඔබ්සොවර් කියන මල් සුවඳ පඩ යවන විදිය හරියටම කොහොමද?

    ඕනයා ගේ පඩ ගිණි තියන කතාවේ දෙවෙනි පාර්ශවය කවුද?

    දුමී ගේ පඩ කතා එන්නේ කවදාද?

    අරුණිගේ ---- වචනය හරියටම මොකක්ද? ඒක ෆෝ ලෙටර් වර්ඩ් එකක්ද?

    ReplyDelete
  46. මං මේ පොස්ට් එකේ මෙන්න මෙහෙම ලිව්වා.

    "මේ කතන්දරේ මගේ වුණාට, ඔය දාල තියෙන මාතෘකාව නං මගේ නෙමේ බව."

    මේ මාතෘකාව මගේ හීට ආවේ ටැබූ ගේ පොස්ට් එකකට ආපු කොමෙන්ටුවක් නිසායි.

    ReplyDelete
  47. සහමරු කිව්වෙ ටපලීමකින් වෙන්නැති.
    හැබය් ගුධ වාත කවියක් විධියට සහ සුවඳ එන්න එහෙම පිට කරන විධිය, බුරාටය්,ඕනය ටය් කියල දුන්න.
    ක.ශු.ට අවශ්‍යම නං පුද්ගලික ටියුෂන් පන්තියක් දාන්නං.

    ReplyDelete
  48. පඩ කථා කියන කොට මතක් වෙනවා අපෙ හොස්ටල් ජීවිතේ.
    ඉස්සර අපි පාඩම් කරන කොට පඩ තරග තියනව
    දිගම පඩය, ගඩම පඩය වගේ.
    එ දවස් වල තැන නොතැන නොබලා අපි පඩ යවන්න උත්සුක උනා.

    ReplyDelete
  49. thawath kiyanna deyak nehe.shareerayatama epawela yana eka keedenek hithata aran da kiyala hithenawa.

    ReplyDelete
  50. අම්මෝ පඩයක් ගිය දුරක්

    ReplyDelete
  51. මේක කියවන්න ගද්දිම මටත් මැවිලා පෙනුනේ බුරුතනෝ කියන්නා වගේ ත්‍රී ඉඩියට් ෆිල්ම් එක.

    පඩය මිනිස් ජිවිතය හා කෙතරම් බද්ධ වී පවතීද යන්න මේ ලැබුනු කමෙන්ට් සාක්ෂි දරනු ඇත.

    ReplyDelete
  52. mata kawuruhari kiyala denna sinhalen kohomada LIYANNE kiyaLA

    ReplyDelete
  53. ලේසි නැහැ පඩේ කියන එකත්.........

    ReplyDelete
  54. මේ පඩ කවිය මතකද?

    නිරිඳු වලගම්බා
    රැජිණ ගේ බඩ සිම්බා
    රැජිණ බඩ පුම්බා
    ඇරිය පඩයක් රජ කලම්බා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  55. @ uwiniran

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  56. Ai rabu pada

    ReplyDelete
  57. මහා රජ පැරකුම්බා
    දේවිගේ පු* ඉම්බ
    දේවිය පු* පුම්බා
    ඇරිය පඩයක් මහා
    රජු කලම්බ

    ReplyDelete
  58. පඩේ කල කලබැගැනියක්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.