ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday 6 August 2010
ලකී පොරවල් සහ අන්ලකී පොරවල්
වාසනාව, අවාසනාව කියන දේවල් එක එක ක්‍රමයට අර්ථ දක්වන්න පුළුවනි. අද මට මතක් වුනා මීට අවුරුදු බර ගාණකට කලින් කියවපු මරු අදහසක්.
මිනිස්සු ගොඩක් රැස්වෙලා ඉන්න තැනක් ගැන හිතන්න. මෙතන වාසනාවන්තයෝ ඉන්නවා. ඒ වගේම අවාසනාවන්තයෝත් ඉන්නවා. හොඳයි, එතන ඉන්න අවාසනාවන්තම මිනිහා හොයා ගන්න අපිට අවශ්‍යයි හිතමු. කොහොමද මේක කරන්නේ?
ඉස්සර පොඩි කාලේ අපේ සීයලා ගේ ගෙදර නිවාඩුවට ගිහින් ඉන්න කොට සීයයි, ආච්චියි එකතුකරල තිබුණ රසවාහිනී සඟරා බලපු හැටි ගැන මං ලිව්ව මතකයි නේද, අර විමල් ගේ යුධ බිමේ අත්දැකීම් පෝස්ට් එකේ?
ඔය සඟරා දාල තිබුණු පෙට්ටගමේම තිබිල මං කියෙව්ව මතකයි මෛත්‍රී මූර්ති කියල ලේඛකයෙක් (හාමුදුරුනමක් ද මන්ද? නෝට් ටු සෙල්ෆ්-පොර යන වචනය භාවිතයෙන් වලකින්න!) ලියපු පොතක්.
මේ පොතේ තිබුණු එක ලිපියක ඔය වගේ පිරිසක් අතරින් අන්තිම අවසනාවන්තය තෝරා ගන්න යෝජනා කරල තිබුණු ක්‍රමය මෙන්න මෙහෙමයි.
පොඩි ගල් කැටයක් ගන්න (එහි බර m යැයි සිතමු).
එය උඩට විසි කරන්න. (තිරසට a කෝණයකින් සහ u ආරම්භක ප්‍රවේගයකින් යැයි සිතමු).
දැන් ඔය ගල් කැටේ උඩ ගිහින් ආපහු බිමට ඇවිත් කාගේ හරි ඇඟේ වදිනවානේ වේගෙන්. තුවාල වෙන්නත් ඉඩ තියෙනවා බොහෝ දුරට.
අනිවාර්්‍යයෙන්ම, ගල් කැටේ ඇඟේ වදින එකා තමයි ඔතන ඉන්න අවාසනාවන්තම පොර. ඔන්න එයාට ඒ ගල් කැටේ හිමි වෙනවා සුවනියර් එකක් වගේ තියාගන්න.
දැන් මෛත්‍රී මූර්ති අපට ඉදිරිපත් කරන දාර්ශණික ප්‍රශ්ණය මේකයි.
මෙතනදි ඔය ගල් කැටේ වෙනුවට ඒ බරම (m) ඇති නිල් මැණික් කැටයක් අරගෙන, ඒ කෝණයෙන්ම (a), ඒ ප්‍රවේගයෙන්ම (u) උඩට විසි කළොත් මොකද වෙන්නේ. ගුරුත්වාකර්ෂණයයි, වායු ප්‍රතිරෝධයයි වෙනස් නොවී පවතිනවා.
ඉතිං මෙතෙන්දී, ඒ මැණික් කැටේ පහලට වැටිලා ඇඟේ වදින එකා තමයි එතන ඉන්න වාසනාවන්තම පොර එහෙම නේද?
ඒ කියන්නේ ගලේ වර්ගය වෙනස් වුණු ගමන් අවාසනාවන්තයා වාසනාවන්තයෙක් වෙනවා!
ඔය උඩින් තියෙන එක වගේ සමහර ෆොටෝ, ඒ සම්බන්ධ වීඩියෝ, ඒ පිළිබඳ ආරංචි දකින්න, අහන්න ලැබුණු අපි හැමෝම මහා අවාසනාවන්තයෝය කියලයි මට හිතෙන්නේ.
ඒ එක්කම, මේ වගේ දෙයක් වෙලත් නිකං කිඹුහුමක් ගියාම වගේ ලේන්සුවෙන් පිහදාගෙන මෙගා ටෙලි එකේ බබා ට අනේ මේ මොකද වුනේ කියල වොරි වෙවී ඉන්න පුළුවන් අය?
අන්න නියම වාසනාවන්තයෝ!
-කතන්දරකාරයා
ප/ලි:
ඒ ලෙවල් වලට මැත්ස් කරන අය ඉන්නවනං ඔය ගලේ ප්‍රක්‍ෂේපිත පරාසය උපරිමවන්නේ ප්‍රක්‍ෂේපන කෝණය අංශක 45 වන විට බව සාධනය කරන්න. (සැ.යු. ඔබ කැමති ගලක් තෝරාගත හැක).
Subscribe to:
Post Comments (Atom)
මට නං හිතෙන්න මම වාසනාවන්තයෙක්! මොකද ජීවිතේටම මම දැකල තිබුනෙ මිනිස්සු හරක් ගස් වල බඳිනව විතරයි.. ඒත් මම පහුගිය දවසෙ දැක්ක හරකෙක් මිනිහෙක් ගහක බඳිනවා! අන්න හරක්!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපව්කාරයාට ගල් ගැසීම.....:(
ReplyDeleteකියන්න දෙයක් ඉතුරු නොකරම කතන්දර ඔක්කොම ටික කියල.
ReplyDeleteඔය ලේඛකයාගේ 'නංගී වෙතටයි'කියලා පොතක් මමත් කියවලා තියෙනවා. මං හිතන්නේ ඔය නම අන්වර්ථ නාමයක් විය යුතුයි.(හරියටම ෂුවර් නෑ)
ReplyDeleteඅද කතන්දරේට පාදක සිද්ධිය අර තියරියට නම් හරියටම ගැලපෙනවා. රටේ නිදහස් මතධාරින් මර්දනය වෙද්දි, විපක්ෂ බලවේග සුන්නද්දූලි වෙද්දි, මැතිවරණ දූෂිත වෙද්දි වඩ වඩාත් වාසනාවන්ත උනු එක්තරා පිරිසක්, අහක යන ගලක් වැදිලා අන්ත අවාසනාවන්තයෝ වෙනවා තමා අපි දැක්කේ.
මමනම් හිතන්නේ අවුරුදු 30ක් යුද්ධය තිබිච්ච් රටේ ඒක නැතිවීම අපේ වාසනවක්. එහෙව් එකේ මේ වගේ දේවල් දැකලා ඒක ලොකුම අවාසනාව කියලා සිතීමම බරපතල අවාසනාවක් කියලයි මට හිතෙන්නේ. හරියට කියනවානම් අශූචි කන්දේ නිදියන එකා අධෝවාතයට නහය හැකිලීම වගෙ අවාසනවන්ත තත්වයක්.
ReplyDeleteමේක තමා ඔයාගේ හොඳම කඳුලු කතාව!
ReplyDeleteඅපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ ස්වාමීන්වහන්සේ කෙනෙක් වන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් මෛත්‍රී මූර්ති යන ආරූඪ නාමයෙන් ලිපි ලියල තියෙනවා.මේ ඒ හාමුදුරුවන්ගෙ ලිපියක්ද මන්දා?
ReplyDeleteහැබැයි ඔය පින්තූරේ කතාව ගැනනම් මට කිසිවක් කිව නොහැක.මන්ද යත් ඔතන වුණේ කුමක්ද යන්න අපි හරියටම දන්නෙ නැති බැවිනි.
මේක පවුකාරයාට ගල්ගැසීම නොව පවුකාරයා ගල්ගැසීමයි.මේ ඡායාරූපයේ එක් අයෙක් හැරෙන්නට අනෙක් හැමෝම ඉන්නේ හෙළුවෙනි.
ReplyDeleteඒක හරි මචං . . . අනේ එකෙත් හැටි කියලා ඊලඟ නාට්‍ය මොකද්ද කියලා බලන් ඉන්න බැරිව ඇඟේ ලේ පුච්චගත්තු අපි තමයි අන්තිමේදී අවසනාවන්තයෝ
ReplyDeleteවැඩෙ නම් වැරදී...
ReplyDeleteඑත් මෙතන අවාසනාවන්ත මදුරුවොයි එ අවට පර්සරයෙ ඉන්න අනිත් එවුනුයි කියලයි මට හිතෙන්නෙ..
බයට හරි ප්‍රොගැම් 1ක සාර්තක උනොත් වාසස්තානයි ජිවිතයි අහිමි වෙන්නෙ එ සත්තුන්ටනෙ..
හැබැයි දැන්නම් හැමොම වගකිමෙන් වැඩ කරයි (නි. ඇමති තුමා නම් දන්නෙ නැ)
නි. ඇමතිතුමාගෙ වැඩෙ වැරදී.. එගැන තර්කයක් නැ...
හැබැයි මිනිහගෙ ඔයිට වඩා හෙලාදකින්න ඔන දෙවල්වලට හැමොම නිහඩව හිටිය..
එ ඇයි දන්නෙ නැ..
ගස් බැදපු 1කයි බැන්ද1කයි 1ක පැත්තක ( බයටද දන්නෙනැ) එයල කියනවිදියට එක පවුලෙ ප්‍රශ්නයක්...
අපිට අදාල නැ....
ඩෙංගු මර්දනය වෙනවනම් හොදයි...
කළණියෙ බාර් වැහුවෙත්, මස් කඩ වැහුවෙත් ඔය කැලැ නිතියෙන්ම තමයි......
මෙ ගැන අපි 1ක 1කෙනා දකින්නෙ 1ක 1ක විදියට......
වෙන රටක ඉන්නකොට ලංකාවෙ ප්‍රශ්න ගැන ඉන්නවට වැඩ්ය 1ක 1ක කොනවලින් පේනව...
ඔන්න සක්විත්තත් අහුවෙලාලු...
ක.ශු. ගෙ පියතුමාට ඉක්මන් සුව පතනව....!
ක.ශු.ත් දැන් මට මගෙ පව්ලෙ කෙනෙක් වගෙ වෙල නෙ..
තව 1ක් මම ඊයෙ E71 ෆොන් 1ක් ඇහින්ද.. ගුවන්තොටුපොලෙදි...
ReplyDeleteමම දවසම ඔන් කරන් හිටිය අයිතිකාරය කොල්කරයි කියල...
උදෙ එස්.එම්.එස් බැලුව. ..ඊයෙ 9:30 ට ඉන්දියාවට යන කෙනෙකුගෙ..
ඉතින් මම පවිචියට ගත්ත..
ගිය සතියෙ මගෙ රියාල් 20ක් නැතිවෙලා...
ඔන්න වාසනාවයි අවාසනවයි.....
මෙම සිද්දියෙන් පෙනෙන්නේ මනුෂත්වයේ පිරිහීම - තත්වය තරාතිරම කුමක් උනත් මනුෂයන් වශයෙන් හැමෝට ගරු කරන්න ඕන. අපේ දේශපාලකයන් දෙන ආදර්ශ මේවද?
ReplyDeleteදුකා අයියා කියපු කතාව තමා මටත් කියන්න තියෙන්නේ.....
ReplyDeleteසියලු දෙනාටම ස්තුතියි!
ReplyDeleteමාත් හිතන්නේ මේ පොත බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ලියපු එකක් කියලයි. මං වරහන් ඇතුලේ දාපු නෝට් එක දැක්කනේ?
හැමෝගෙම කමෙන්ට්ස් තේරෙනවා. නමුත් මේ Nana කියල තියෙන හරුපේ නං තේරෙනවා හොරයි.
කෝ කවුරුත් ඇප්ලයිඩ් මැත්ස් ප්‍රශ්ණය විසඳලා නෑනේ?
කතන්දර අයියා. අද අලුත් කතාවක්, එකත් ලස්සනයි.
ReplyDeleteමොළය පශ්චාත් භාගයේ පිහිටා ඇති අපූරු ඇමතිවරයාගේ වීරක්‍රියාව.........
ReplyDeleteඅපිත් වාසනාවන්තයි මෙහෙම ඉළ ඇදෙන වීරක්‍රියා බලන්න.
1.සිරස
2.රූපවාහිනි
3.ඩෙංගු
මේ සිනමා වෘතාන්ත,වේදිකා නාට්‍ය ලෙස බෝල සෙල්ලම් ආදිය දැක්විය හැකිය
දුක අර අහිංසක මිනිසා ගැන.
වාසනාව අවාසනාව හෙවිල්ල කෙසේ වෙතත් බිමට වැටෙන්නේ ගලක් නම්.... අපේ මිනිස්සු අනික් උන්ව පෙරලගෙන පණ එපා කියලා දුවයි.... මැණිකක් නම් කොහොම හරි පොරකාගෙන අල්ලන්ඩ උත්සහ කරයි....
ReplyDelete@Indika
ReplyDeleteඔබතුමා සමහර විට කටාර් වෙන්ඩ ඇති... (දැන ගැනීමට පමණයි)
එහෙම නම්....
සාපේක්ෂ වශයෙන් බැළුවොත් නම් ඔබතුමා වාසනාවන්තයි...
මොකද ඊ 71 එකක් දැන් රියාල් 1,100. ඔබතුමාට නැතිවුණේ රියාල් 20....
ඕකේ අයිතිකාරයා ඉන්දියාවට ගිය හින්දා හොඳයි... නැත්නම් ගොඩක් දුරට පොලෝසියේ රාලහාමිලා ඔබතුමාව හොයාගෙන එනවා සිකුරුයි...
(මම දන්න තරමට කටාර් වල ඔය තාක්ෂණය තියෙනවා)
එහෙම වුණොත් වෙන්නේ වාසනාවේ අවසානය....
(ඔබතුමා කටාර් නොවේනම් කරැණාකර මෙම කමේන්ට් එක බාර නොගන්න)
අපිට තියෙන්නෙ මේ ගොන් වැඩ බලලා අනේ අනිච්චං කියන එක විතරයි? මාමාටත් මේවා පේන්නේ නැහැනේ
ReplyDelete@jeew
ReplyDeleteමම කටර් නෙමෙයි.. ඔමාන් වල..
හැම තැනම ඔය තාක්ශනය තියනව...
එත් එක පාවිචිකරනකොට සිස්ටම් 1ක ම ස්ලො වෙනව..
චොම්පැනි එවට කැමති නැ..
අදත් මම එ සිම් 1ක ඔන් කරල බැලුව..
මිස් කොල් ඇලට් මැසෙජස් වත් නැ..
අයිතිකාරය හිත හදාගෙන ඇති.. නැත්නම් අයෙත් එන කෙනෙත් නෙමෙයි..
ස්තුතියි...
@ Indika
ReplyDeleteඑහෙනම් කතාව ටිකක් බරපතලයි වගේ. ඕමාන් රියාල් එකේ අගය ටිකක් වැඩියි නේද? එහෙමනම් වාසනාවන්ත බව අඩුයි මම හිතන්නේ.
ලෝකේ ඔහොම තමයි සහෝදරයා. ලැබෙන එකයි....කෙලවෙන එකයි තමා ජීවිතේ කියන්නේ....
මේ නංගී වෙතටයි පොත් ලියූ මෛත්‍රී මූර්ති ඒ කාලයේ පැවිදි වෙලා හිටියේ.70 දශකයේ. මගේ මහත්තයා ගේ මහප්පාගේ
ReplyDelete