Thursday 8 July 2010

විචාරකයෝ සහ විවේචකයෝ


ලංකාවේ ඉංගිරිසියෙන් ලියා පලකෙරෙන නවකතා, කෙටිකතා නිර්මාණ වලින් හොඳම කෘතිය තෝරල පිරිනමන සම්මානය තමයි ග්‍රේෂන් සම්මානය. මේක පිහිටුවල තියෙන්නේ, ලංකාවේ ඉපදිලා කොලු කාලේ පිටරට ගිහින් දැන් කැනඩාවේ ඉන්න මයිකල් ඔන්ඩච්චි තමන්ගේ ඉංග්ලිෂ් පේෂන්ට් කියන පොතට හම්බ වෙච්ච බුකර් ප්‍රයිස් එකේ මුදල් වලින්.

මේ ඔන්ඩච්චි ගේ පොතක තිබුණ කාරණයක් ගැන කියලනේ මගේ චූ කතා සීරීස් එක පටන් ගත්තේ, මතකයි නේද?

ඉතිං, මේ පාර ග්‍රේෂන් එවෝඩ් එක දීලා තියෙන්නේ ළමා කතාවකටයි. මේ වගේ කතාවල කිසිම කොලිටියක් නෑ කියල තර්ක කරන ලංකාවේ විචාරකයෙක් වෙන රාජ්පාල් අබේනායක ඔන්න අර කොවූර් වගේ මහා අභියෝගයක් කරලා. මිනිහා ලියල පෙන්නන්නං කියල දවස් හතරකින් ඔය ග්‍රේෂන් එවෝඩ් එක දීල තියෙන කෘතිවලට වඩා සාපේක්‍ෂකව හොඳ තත්වයේ පොතක්!

මේ අභියෝගය පොත් ප්‍රකාශකයින්ටයි. හොඳ අවස්ථාවක් අපිටත් ප්‍රකාශකයෙක් වෙන්න – සල්ලි ටිකක් තියෙනව නං.

පොතක ප්‍රකාශකයා කියන්නේ පොත මුදුණය කරන්න සල්ලි ආයෝජනය කරන කෙනාටයි. ඒකෙන් වැඩි වියදම මුද්‍රණයටයි. පොතක විකුණුම් මිලෙන් වැඩි කොටස ඒ හින්දා යන්නේ ප්‍රකාශකයාටයි. ලේඛකයාට 10% යි. පොත් කඩේට 40% ක් යනවා-ඒකෙන් තමයි පොත් කඩෙන් වට්ටම් දෙන්නේ. ඉතුරු ගාන ප්‍රකාශකයාටයි වියදම සහ ලාභය.

ඒ කෂ්ටියට බාහිරව ඉන්න කෙනෙක් නේ විචාරකයා.

විචාරකයෝ කියන්නේ සාමාන්‍යයෙන් නිර්මාණ කරන අය නෙමේ නේ. වෙනත් අයගේ නිර්මාණ විශ්ලේෂණය කරලා, ගුණ දොස් පෙන්නන අයයි.

ඉතිං අපේ හුඟක් නිර්මාණවල ගුණ ට වඩා දොස් වැඩි නිසා, විචාරකයෝ අතින් හුඟක් වෙලාවට ලියවෙන ලිපිවලින් වඩාත් ඉස්මතු වෙන්නේ නිර්මාණයේ වැරදි ගොඩ විතරයි. විචාර වලට බොහෝවිට විවේචන කියලා කියන්නේ ඒ හින්දා වෙන්න ඕනෑ. මොනවා වුනත් විචාර, විවේචන වලින් තමයි කොලිටි එක කොන්ට්‍රොල් වෙන්නේ.

ඉස්සර තිබුණා "දෙඤ්ඤං බැටේ" විචාරය කියලා එකක්. මේකට ඉතා ප්‍රසිද්ධ වුනේ විශ්‍රාමික මහාචාර්ය සුචරිත ගම්ලත්. මිනිහා ගේ ලයින් එක හතරවෙනි ජාත්‍යන්තරයේ විප්ලවවාදී විචාර ක්‍රමයයි. ඉතිං, ලංකාවේ ප්‍රකාශනය වෙන ඕනෑම කෘතියකට, සමාජ සමානතා පක්‍ෂයේ කෙනෙක් සම්බන්ධ නැති, ඇට්ටි හැලෙන කං බැෂ්ටිය දෙන්න පුළුවන්.

මං උසස්පෙල කරන කාලේ, මං ගිය ඉස්කෝලේ තිබුණා නොයෙකුත් සංගම්, විවිධ වැඩ කටයුතු කරන. මේ හැම සංගමයකටම වාගේ දැන්වීම් පුවරු තිබුණා ඒ අයගේ වැඩ කිඩ, නිවේදන හෙම පල කරන්න.

ඉස්කෝලේ එක ගුරුවරයෙකුට ඕනැ වුනා ළමයින් ලවා අළුතින් සංගමයක් හදන්න. මොනව කරන්නද දන්නවද? අර සංගම් විසි තිස් ගානේ වැඩ කටයුතු නිරීක්‍ෂණය කරලා විවේචනය කරන්න. ඒක හොඳ හිතින් කරපු අපූරු යෝජනාවක්. කොලිටි කොන්ට්‍රොල් (තත්ව පාලන) පැත්තේ. ඒත් අනේ කවුරුවත් එහෙම සංගමයක් හැදුවේ නම් නෑ. අපේ ගුරුතුමාට විවේචන ජිනසේන කියලා නමක් පට බැඳුණා මිසක්.

මේ සේරම මයික්‍රෝ කතන්දර දුසිම් බාගෙම මතක් කලේ මෙන්න මේක කියන්නයි.

මේ කතන්දර බ්ලොග් එකට පොසිටිව් පාඨක ප්‍රතිචාර ලැබෙනවා. සම්මානයකුත් ලැබිලා තියෙනවා. ඒව මතක් වෙනකොට ජොලි.

ඒ මොනවා වුනත්, බ්ලොග් එක දියුණු වෙන්නේ නම්, මට ලැබෙන විවේචන, විචාර, නිවරද කිරීම් සහ එකතු කිරීම් හින්දයි. කලින් කිව්වා වගේම, ඒ ප්‍රතිචාර තමයි මේ බ්ලොග් එකේ කොලිටි කොන්ට්‍රෝල් මිකැනිසම් එක.

කාලය පිළිබඳ මෙච්චර ප්‍රශ්ණ තියාගෙන, තව දවස් කීපයක් හෝ බ්‍රේක් නොගසා මේක තාමත් අද්දන් යන්නේ ඒ ගහන පෙට්‍රල් වලින් තමයි.

අපි හැමෝටම ජයවේවා.

කතන්දරකාරයා

ප/ලි
හෙට ලියන්නම් කොලිටි කොන්ට්‍රෝල් කිරීම ගැන අපූරු කතන්දරයක්.

27 comments:

  1. කවුරු මොන විවේචන විචාර කොලත් හොඳම තීරණය දෙන්නේ ප්‍රේක්ශකයා කියලයි මට නම් හිතෙන්නේ....:)

    ReplyDelete
  2. වැරදි තිබුනොත් අපි කියන්නම්. තාම ගියපු විධියෙ කියන්න තරම් වරදක් නෑ. කොහොමත් විචාරකයෝ ඔක්කොම බෝ පැලනේ. ඔවුන් අතින් නම් කවදාවත් වරදින්නේ නෑ. වරදින්න ලියන්න එපැයි.
    මතකද එක පාරක් ටෙලියක තිබුනා "වැඩි වැඩ වැඩිලෙඩ, අඩු වැඩ අඩු ලෙඩ, වැඩ නැත්තන් ලෙඩත් නෑ" කියල

    ReplyDelete
  3. ඒක නේන්නම්...
    බලාගෙන ගියහම මෙවුවට මෙවා ලියන අපිත් කොලිටි කොන්ට්‍රොලර්ලා වෙලා දන්නෙම නැතිව...

    ReplyDelete
  4. රෝහනදීර සීයා8 July 2010 at 10:00

    කොලුවො, උඹට ලියන්න දෙයක් නැහ්නං නොලියා හිටහං. දවස ගානෙ පෝස්ට් දාන්න ඕනැ කියල කොහේවත් නීතියක් නෑ. අර ටැබුවා, බියොන්ඩ් ෆ්‍රේමයා වගේ ලියන්න ඕනෑවට බයිල ලියලා කලින් දාපු පෝස්ට් වලින් හදා ගත්තු නමත් නැති කර ගන්න එපා. පහු දවස් ටිකේ උඹේ පෝස්ට් ටික නම් අජූවයි. ඉඳලා ඉඳලා ඉන්න බැරි තැනයි මේ කිව්වේ. තරහ ගන්න නං එපා ඕං.

    ReplyDelete
  5. @All
    අද මං නිවාඩු. ඒ නිසා ප්‍රතිචාර වලට ප්‍රතිවාර දක්වන්න වෙලාව තියෙනවා. හී, හූ!!!

    ReplyDelete
  6. @හේමලයා
    නමුත් විචාරයත් අවශ්‍යයි. මං කැමතිම සිනමා විචාරකයෙක් තමයි ලක්බීම ඉරිදා පත්තරේ තිස්ස ප්‍රේමසිරි. උත්පලවන්නා චිත්‍රපටිය ගැණ ලියපු එක හැර පොරගේ විචාර සේරම ඉතා ඉහලයි.

    ReplyDelete
  7. @ප්‍රියන්ත
    ඕකෙ ඔරිජිනල් එක මෙන්න මෙහෙමයි.
    More work, more trouble,
    Less work, less trouble,
    No work, no trouble at all...!!!

    ReplyDelete
  8. @මාරයා
    ඔව්, මං අරක්කු කතා එකයි ලිව්වෙ, ඒක ගූගල් එකේ ටොප් රැන්ක් වුනා! හොඳ කොලිටි.

    ReplyDelete
  9. @ රෝහණදීර
    අනේ මේ මැරෝ නේද? අපි මුණ ගැසුනා මතකද අවුරුදු දෙකකට කලින් 2008 අප්‍රියෙල් මාසේ?

    මං මැරෝ ගැනත් පොඩි සඳහනක් කළා නොවැ අර අත්තනගල්ලේ ටුවරිස්ට් ගයිඩ් කතන්දරේදි.

    ඔබ හරි, හැමදාම ලියන්න අදහසක් නෑ. දැනටත් දින දෙකතුනකට හරියන්න එකපාරට දාලා ඔටෝ පොස්ට් කරනවා.

    ටැබූලා, BF ලා එක්ක මාව එක ගොඩට දාන්න බෑ නේද? මං වෙනම Genre එකක නේ?

    ReplyDelete
  10. මමත් Shadow/හේමලයාට එකඟයි..
    ඕන කෙනෙක්ට විවේචනය කරන්න පුලුවන්.. ඒක සමාන්‍යයෙන් ලංකාවේ හැටියක්නේ.. ඒත් ඒ විවේචන හරහා තවත් ඉහළට ගමන් කරන්න පුලුවන්..

    ReplyDelete
  11. ප්‍රියන්ත කිව්වා වගෙ විචාරකයෝ කොහොමටත් බෝ පැල තමයි... මගෙ මතකෙ හැටියට විමලසිරි ගම්ලත් කියල බෝ පැලේ වගෙ විචරකයෙක් හිටිය කතන්දරට මතකද මන්දා... (මේ දවස්වල එක්සත් ජාතීන් ගැන එහෙම විචාර ලියනවලු ඔය මනුස්සයා...)
    මමත් පුරුද්දක් විදිහට ලක්බිමෙ විචාරෙ කියෙව්වා...(දැන්නම් කියවන්න සෙට් වෙනව අඩුයි ) සමහර විචාර ඒක ලියවුනු චිත්‍රපටියට වඩා ඉන්ටෙරෙස්ටින්ග්....
    කොහොමත් හොඳ යාලුවො කියන්නෙ වැරදි පෙන්නලා දෙන උන්ට නෙ නේද

    ReplyDelete
  12. විචාරකයො හරියට පෝෂන වේදියො වගේ, ලියන අපි නිකං කිකිළියො වගේ කියල කවුද කියල තිබ්බ මතකයි.
    කතාව ඇත්ත. අපි ලියන්නෙ එක අරමුණකින්, ඒගොල්ලන්ට පේන්නෙ වෙන දෙයක්!
    දැක්කෙන් නැද්ද ඔය විචාර ගැන අරුණිගෙ ලිපිය. එක කොමෙන්ට් එකක්වත් නෑ, ඒ කුහකකම හින්ද සහ යමක් ලිව්වොත් තමන්ටත් ඇඟිල්ල දික්වෙයි කියල ඔය කට්ටිය දන්න නිසයි..
    ඕනෑවට වඩා අනුන්ගෙ විවෙචන වලට ඇහුංකන් දෙන්න ගියොත් වෙන්නෙ අර බූරුව විකුනන්න ගිය අප්ටයි පුතාටයි වෙච්චි දේ තමයි.
    ඒ නිසා කත්න්දර යන ගමන ඔහොමම යන්න. මොකද බලන හැමෝම කමෙන්ට් කරන්නෙත් නෑ, කමෙන්ට් හැමවිටම අවංක සහ නිවැරදිත් නෑ.

    ReplyDelete
  13. @සිරකරුවා
    ස්තුතියි.

    ReplyDelete
  14. @පුතා
    ප්‍රියන්ත බෝ පැල උපමාව ලිව්වේ ඇයි කියල දන්නවද?

    තවත් විචාරකයෙක් හිටිය ඉස්සර චින්තන ජයසේන කියල. දැං ලියන්නේ නෑ. මිනිෑ එක විත්තර පටියක් ගැණ මෙහෙම ලිව්වා.

    මේ චිත්‍රපටිය බැලුවත්, ඒ රුපයික් දහයෙන් රන් කුකුලා ලකුණ දරන කේක් ගෙඩියක් කෑවත් දෙකම එකය. වඩා හොඳ කේක් ඝෙඩ්‍රි කෑමය.

    ReplyDelete
  15. @ඉන්දික උපශාන්ත
    අරුණි ගෙ ලිපිය දැක්කෙ නෑ. ගිහින් බලන්න ඕනෑ.

    අද පෝස්ට් එක දාන්න හේතුව නං මං හෙට දාන්න ලියල තියෙන කතාවයි. ඒක ලියන කොට හැඳින්වීඟට මාර ගොඩක් දේ ලියවුනා.

    ඒ නිසා, මුල් කොටස අද පලවෙන්න schedule කළා.

    ReplyDelete
  16. @ඉන්දික උපශාන්ත
    මං අරුණිගේ පෝස්ට් එක බලලා දුන්නා හොඳ CONSTRUCTIVE CRITICISM එකක්.

    ReplyDelete
  17. කතන්දරගේ කතන්දර වල පෙන්වා දෙන්න තරම් වරදක් තාම නම් නැහැ.ඒකනේ කමෙන්ටු නොදැම්මත්, මොන වැඩේ තිබ්බත් දවස් දෙක තුනකට සැරයක් ඇවිත් හරි බ්ලොගේට ඔලුව දාලා යන්නෙ. අනික මම නම් විචාර දෙන්න තරම් ලොක්කෙකුත් නෙමෙයි. කතන්දර ළඟදී අපි කවුද. විවේචන එතරම්ම ගණන් ගන්න එපා.

    හැබැයි අර චූ කතා සීරිස් එක නම් හරි නැහැ කියලා මට හිතෙනවා.
    :)

    -මම හැමදාම බ්ලොග් එක බලන, හොඳටම දන්න කෙනෙක් අදට විතරක් මේ කමෙන්ටුව ඇනෝනිමස් දාන.

    ReplyDelete
  18. @Ano
    හොඳයි ඇනෝ. ස්තුතියි.
    එහෙනං තව ටික දවසකින් හමුවෙමුකෝ F2F.

    ReplyDelete
  19. කතන්දරගේ කතා වල තියන එකම වරද තමයි හිටි ගමන් මට ඒ සමහර කතන්දර ටියුබ් ලයිටි වීම...
    ඒකත් ඉතින් මගේ වරද මිසක් කතන්දරගේ වරදක් නෙමෙයි නේ...

    ReplyDelete
  20. වැඩිපුර ලියන්න ගියාම කොලිටි අඩුවෙන කතාවට මමත් එකග වෙනව

    ReplyDelete
  21. ප්‍රියන්ත අයියා බෝ පැල කතාව කියන්න හේතු 2ක් තියෙන්න ඇති... එකක්.. පොස්ට් එකට දාල තියෙන ඉමේජ් එක.. අනික බෝ පැලෙන් ඇති ප්‍රයෝජනයක් නැති එක... මම හිතපු විදිහට නම් ඔය බෝ පැලේ දාල තියෙන්නේ විචාරකයන් කියන්නෙ තමන් හරි අනිත් උන් වැරදියි කියලා හිතන ජාතියෙ උදවිය නිසා කියල... මම හිතපු හැටි වැරදි නම් නිවරදි කරන්න... ලොකු කතා කියෙව්වට අපි තාම පොඩි එවුන්...
    ඔය විමලසිරි ගම්ලත් තමයි හිරු පත්තරෙ සිනමා විචාරෙ ලිව්වෙ... දැන්නම් පොරට තමයි "මවුබිමේ පංචායුධේ" කියන්නේ...
    අපරාදේ ඇයි දන්නේ නෑ චින්තන විචාර ලියන එක නැවැත්තුවෙ... (කේක් කෑල්ලක් තරම්වත් වටින් නැති චිත්‍රපටිවලට මොන විචාරද කියල හිතෙන්ට ඇති නේද....)

    ReplyDelete
  22. @wath
    වත් ගේ ගෙදර නං ලයිට් බිල හරිම අඩු ඇති නේද?

    ReplyDelete
  23. මට නම් මේ කතන්දන්දර මැක්සා

    ReplyDelete
  24. @පුතා
    බෝ පැලේ කතාවෙන් මම කියන්න ගියේ අර කතාවට කියන්නේ අපි බෝපැල වගේ ලමයි නිකං නරක් කරන්න එපා වගේ කතා. ඒවගේ සමහර විචාරකයිනුත් (ඔක්කොම නොවේ) විචාර කරන්නේ තමන් කවදාවත් වරද්දන්නේ නෑ වරදින්නේත් නෑ හරියට බෝපැලේ වගේ. මේක ලියපු එකා තමා ඔක්කොම වැරදි කරල තියෙන්නේ වගේ. බෝපැල කතාවේ නියම අරුත ඒකමද කියන්න මමත් හරියටම දන්නේ නෑ ඔය මම අහල තියන මට හිතෙන විධිය.

    ReplyDelete
  25. 100 % එකඟයි . . . සමහර වෙලාවට පෝස්ට් එක ලියන්න වුනු මහන්සිය කොහෙන් ගියාද කියලා හොයා ගන්න අමාරු වෙනවා විවේචන හා විචාර දැක්ක ගමන් . . .. වැය කරපු කාලය හා කරපු කැප කිරීම් ගැන පොඩ්ඩක් වත් පසු තැවෙන්න සිදු වෙන්නේ නෑ ඒත් බැනලා වත් ප්‍රතිචාරයක් නොලැබුනාම . .. . ?????

    ReplyDelete
  26. ඇමෙරිකාවේ උසස් පෙළ පංතිවල ඇඩ්වාන්ස් ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන අයගෙ කතන්දර පොත් ලැයිස්තුවට මෙන්න ඇමෙරිකන් කර්තෘවරයෙක් වශයෙන් මයිකල් ඔන්ඩච්චිව ඇතුළු කරගෙන. දුව ඒක දැකලා වගකිව යුත්තෝ දැනුවත් කළා ඔන්ඩච්චි ලංකාවෙන් ආපු දැන් කැනඩා ඉන්න මිසක් ඇමෙරිකන්කාරයෙක් නෙමෙයි කියලා. පොත ලැයිස්තුවෙන් අහක් කළා. බොහෝ චිත්‍රපටි එයට පාදක වුන පොතට වඩා දුර්වලයි. හැබැයි ඉංග්‍රීසි ලෙඩාගෙ පොතට වඩා නම් චිත්‍රපටිය සෑහෙන්න අගෙයි. මමත් ලංකාවේ පොත් මුද්‍රණය ගැන පෝස්ට් එකක් දාන්න හිතනවා. ඔයාගෙ ඊ ළඟට දාන පෝස්ට් එකත් කියවලම ලියන්නම්.

    ReplyDelete
  27. හැමදාම උදේ පත්තරේ කියවනවා වගේ මම බොහොම ආසාවෙන් කියවන බ්ලොගයක් තමයි කතන්දර... කොහොමින් කොහොම හරි දිගටම කරගෙන යං.. කොලිටි කන්ට්‍රෝල් එක කියවන උන්ට බාර දීලා, ඔහේ දිගටම ලියාගෙන යන්... ගුණ දොස් කියන්න අපි ඉන්නවා නේ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.