Tuesday 22 June 2010

කතන්දර දෙකහමාරේ කතන්දරේට ඌණ පූර්ණයක්


මං අද උදේ පෝස්ට් කරපු කතන්දර දෙකහමාරේ කතන්දරේ සමහර කෂ්ටියට තේරිලා ම නෑ. ඒකෙ මුල කතන්දර දෙක කෙසේ වෙතත් අන්තිමට තිබුණු කතන්දර බාගෙ තමයි ඔය අවුලට මුල.

මං හින්දම හොඳයි! වෙන කෙනෙකුට හෙම කිව්වනං "අනේ ඔයා කියපු කතාව මට තේරුනේ නෑ" කියල අහගන්න තිබුණා "තේරෙන්න නං තේ කන්න ඕනැ නේ හලෝ!" වගේ අප්‍රභංස කතාවක්.

රසවතිය ලියන හෂිතකාරයට නං ඔය අන්තිම කතා බාගෙ තේරිලා වගේ පොරගේ කමෙන්ට් එකෙන් පෙනුණ.

හොඳයි දැං ඉතා කෙටියෙන් විස්තර කරන්නං කෝ මගේ කතන්දර දෙකහමාරේ කතන්දරේ. ඒක කියවපු නැති අය ඉන්නව නං ඉස්සෙල්ල ගිහිං කියවල එනව හොඳා!

කතන්දරයක් ගත්තහම ඕකෙ නමත් කතාවෙම කොටසක්. කතන්දරේ බ්ලොග් එකේ දානකොට මං දාන පින්තූරෙත් අනිවාර්යයෙන්ම කතන්දරේට සම්බන්ධයි.

කතන්දර දෙකහමාරේ කතන්දරේ උඩින්ම දාල තියෙන පින්තූරේ ඉන්නේ පූසෙක් ඒ කියන්නේ කැට්. ඌ ෆොටෝ කොපි මැෂිමක් උඩින් වාඩි වෙලා (ඇත්තටම කියනව නං මේක A4 ප්‍රමාණයේ 3-in-1 ස්කෑන්, කොපි, ප්‍රින්ට් ජාතියේ ප්‍රින්ටරයක්) උගේ ම කොපියක් ගන්නවා. මේ පින්තූරෙන් මං අදහස් කලේ කොපි-කැට් (copy cat) කියන තේරුම දෙන්නයි. පූසා කොපි කරන්නේ උගේ පස්ස පැත්ත වීම බෝනස් එකක්. දැං මේකා කොපි කැට් ආස් කෙනෙක්.

දැන් කතන්දර දෙකහමාරේ කතන්දරේ දෙවෙනි කතාවේ තිබුණ විදියට, දාස් ගනං සල්ලි අරං ප්‍රියා සූරියසේන ගේ සින්දු විවෘත වේදිකාවල කියන "ගැටව් තරු" කරන්නේ කොපිකැට් වැඩක්. ඒ මදිවාට ඒක සින්දුවේ සෑබෑ ගායකයා වන ප්‍රියා සූරියසේනගේ, පද රචකයාගේ සහ සංගීත රචකයාගේ කොපි රයිට්ස් උල්ලංඝණය කිරීමක් ද වෙනවා.

ටැබූ සර් කියනවා මේ එක ප්‍රොඩක්ට් එක නෙමේලු, පැකේජිං වෙනස් නිසා වෙනම ප්‍රොඩක්ට් දෙකක් ලු. ඒ තර්කයේ තියෙන දෝෂයත් ඒකමයි, ඒ කියන්නේ පැකේජිං වෙනස් වුනාට කිසි ලෙසකින් මේක වෙන ප්‍රොඩක්ට් එකක් නොවීමයි.

ගැටව් තරු සර්විස් කරන්නේ වෙන මාකට් සෙග්මන්ට් එකක් බව නං පැහැදිලියි.

ඔන්න දැං ඔතෙන්ට එනවා කතන්දර දෙකහමාරේ කතන්දරේ පලමුවෙනි කතාව, අර නැපෝලියන් බොනපාට් ගැන තියෙන. එතන පොඩි කොල්ලගේ හිත ගිය යුධ වීරයා වුනේ නැපෝලියන් බොනපාට් නෙමේ, බොනපාට්කාරයා නැගල හිටිය අස්සයායි. තාත්තලා හිටිනෙ නැත්තං හරි වැරැද්ද කියල දෙන්න මේ පොඩි උං ලොකු වෙනකොට උන් ඇත්තටම බොනපාට් කියල අඳුනගන්නේ බොනපාට් ගේ අස්සයාවනේ නේද? එතකොට උන්නෙ ළමයි?

කතන්දර දෙකහමාරේ කතන්දරේ අන්තිම කතන්දර බාගෙන් කියවුනු විදියට, මන්දා නාලනී කලේ ග්‍රැමෆෝන් යුගයේ දී සරත් විමලවීර පද රචනය කරලා වසන්තා සඳනායක ගායනා කරපු "දොළ ළඟ ගුරු පාර දිගේ ඒවි" කියන සින්දුව තමන්ගේ ග්‍රැමෆෝන් ගී සී.ඩී. එකට ආපහු රීකන්ඩිෂන් කරලා ගායනා කරපු එකයි. නන්දා නැන්දා ගේ මේ සී.ඩී. එකේ මේ වගේ සින්දු දාසයක් තියෙනවා.

නන්දා කරල තියෙන්නේ අමු අමුවේ කොපි කිරීමක් නං නෙමේ. එයා මුල් ගීත වල ගායක ගායිකාවන් ගෙන්, අයිතිකාරයින් ගෙන් අවසර අරගෙනයි මේ සී.ඩී. එක කරල තියෙන්නේ. ඒ අයගේ විස්තරත් සී.ඩී. කේස් එකේ සඳහන් කරලා තියෙනවා.

එතන නෙමේ ප්‍රශ්ණය.

මගේ කතන්දර දෙකහමාරේ කතන්දරේ අන්තිම කතන්දර බාගේ තේරුනේ නැති කෂ්ටිය වගේ අපි අතර ඉන්න හුඟ දෙනෙක් ගාව ඔය සී.ඩී. එක නෑ. ප්‍රයිවේට් බස්වල යනකොට හරි රේඩියෝ එකෙන් හරි සින්දුව අහන කොට ඒවයෙ සුල-මුල දැනගන්න වෙන්නේ නෑනේ.

ඉතිං දොළ ළඟ ගුරුපාර සින්දුව නන්දා මාලනී ගේ ඔරිජිනල් එකක් කියල හිතෙන එක වලක්වන්න බෑ.

නන්ද ගෙ සින්දු සේරම වගේ ලියන්නේ සුනිල් ආරියරත්න නිසා දොළ ළඟ ගුරුපාරත් සුනිලුන්ටම සින්න වෙනවා සින්නක්කරේටම!

ඔන්න ඕකයි ළමයිනේ මගේ කතන්දර දෙකහමාරේ කතන්දරේ පිළිබඳ අටුවා ටීකාව.

මේ පොස්ට් එක ඔරිජිනල් එකට වගේ දෙගුණයකටත් වැඩි වුනා! හොඳයි නේද වැඩේ?

-කතන්දරකාරයා

ප/ලි
දැං කියන්න බලන්න ඔය උඩින් තියෙන පින්තූරෙයි මේ පොස්ට් එකෙයි තියෙන සම්බන්ධය, හපන්නු නං!

ප/ප/ලිඃ
ඔන්න මේ දැං දැක්ක වත් සහ ප්‍රියන්ත දෙන්නටත් වැඩේ තේරිලා කියල!

27 comments:

  1. ඇත්තටම ඔය කියනකම් මම හිතන් හිටියේ ඒක නන්දා මලිනි ගේ සින්දුවක් කියල..

    ReplyDelete
  2. ටියුබ් ලයිට්

    ReplyDelete
  3. හප්පා ටියුබ්ලයිට් ස්ටාටරයක් නේද? හත්තිලවුවේ දැනුයි මට කල්පනාවට ආවෙ!

    ReplyDelete
  4. ස්ටාටර් නැතිව ටියුබ් ලයිට් පත්තු වෙනවයැ. මේක නන්දා මාලනීගෙ නෙවෙන බව මං හිතුවෙත් කතන්දරේ ගිය විධිය නිසා‍. පස්සෙ තමා හොයා ගත්තෙ වසන්තා ‍සඳනායකගෙ කියා. කොහොම නමුත් මේ වගේ බාගෙට කතන්දර කියන එක නම් මරු. කියවා අවබෝධ කර ගන්න බැරිනම් කියවන එකේ වැඩක් නෑ.

    ReplyDelete
  5. හෆොයි.. කවුද දෙයියනේ මෙහෙවු දෙයක් දන්නේ. දැනගත්ත එක ලොකු දෙයක්. :)
    අපි ටියුබ් ලයිට් කියන එකේ හොද එක. :)

    ReplyDelete
  6. ඔන්න ආයෙත් කට්ටිය පටල ගන්නව වගේ!

    ඔය තියෙන එක ටියුබ් ලයිට් එකක ස්ටාටර් එකක්.

    ළමයිනේ දන්නවා නේද? ටියුබ් ලයිට් කියන්නේ පහුවෙලා හරි පත්තුවෙන එකටයි.

    නමුත් ස්ටාටරේ නැත්තං පත්තු වෙන්නෙම නෑ.

    නන්දා මාලනී / දොළ ළඟ / සුනිල් කතන්දර බාගේ තේරුණ අය මං සමාන කරන්නේ, විහිළුවට හොඳේ, ස්ටාටර් එක ගහල ගිය ටියුබ් ලයිට් එකකටයි.

    පත්තු වෙන්නෙම නෑ!!!

    ReplyDelete
  7. උඹේ හිතේ තියෙන ඒව කියන්න.. අපි සාස්තර කාරයෝ කියල හිතුවැයි....

    ReplyDelete
  8. මාතලං, මේකට උත්තර දිපං එහෙනං.

    "තල වලට තෙල් ආවේ කොහොමද?"

    ReplyDelete
  9. කාකාත් කරන්නේ හරිම හොඳ වැඩ තමා...අනේ අනේ

    ReplyDelete
  10. ටියුබ් ලයිට් කියල නොකියා කියපි

    ReplyDelete
  11. Copy Cat ගැන මමත් කතන්දරයක් ලිවුවා කාලෙකට කලින්

    http://status-chanaka.blogspot.com/2009/04/blog-post_08.html

    ReplyDelete
  12. නියම වැඩෙ....
    ඉස්සෙල ට්යුබ්ලයිට් 1ක දුන්නේ ස්ටාටර් 1ක නැතුව නේ........
    ඉස්සර කලාකාරයින්ට සල්ලිදෙන්නෙ කවරෙක දාලලු....
    නම්බුවට එක එතනම කඩන්නෙ නැතිලු....
    සමහරු හිස් කවරත් දුනලු........

    " රස ආහර කවලා..... රන් කුඩුවෙ දමල......." සිංදුව කගෙද කියල දනව නම් කියන්නකො කවෘරුහරි.....
    මම අහල තියන විදියට ඔක ලියුවෙ කව්ද කියල කව්රුත්ම දන්නෙ නැලු.....

    ReplyDelete
  13. මේ පොස්ට් එකේ හා කමෙන්ටුවල factual errors කිහිපයක් තියේ.

    1. ගීත දෙක එකම product එක වෙනවා නම් වන්නේ කලාවට. ආර්ථික විද්‍යාවට අනුව ඒ දෙකක්. නිදහස් වෙළඳපළක එකම භාණ්ඩය සඳහා වෙනස් මිළ ගණන් දෙකක් (හෝ වැඩි ගණනක්) පැවතිය නොහැකියි, ආර්ථික විද්‍යාවට අනුව. A/L වලට econ කරපු ඕනෑම කෙනකුගෙන් අහලා බලන්න.

    2. ඔය පෙන්නා තියෙන විදියේ ස්ටාටරයක් නැතිව ෆ්ලොරසන්ට් ටියුබ් එකක් පත්තු කළ හැකි ආකාර අවම වශයෙන් දෙකක් ටැබූ දන්නවා. එකක් සාමන්‍ය ලෙස AC විදියට. අනෙක DC විදියට.

    AC ක්‍රමය: ඔය ස්ටාටර් එකේ condenser කියලා ගහලා තිබුණට ඒක ඇතුළෙ තියෙන වැදගත්ම කොටස කන්ඩන්සරේට සමාන්තරව ඇති bimetallic strip එකක් සහිත බල්බ් එක. ඒකෙන් කරන වැඩේ වෙන විදියකට කළත් ටියුබ් එක පත්තු වෙනවා.

    (ලයිට් වැඩ නොදන්නවා නම් අත්හදා බලන්න එපා.) ස්ටාටර් එකක් නැතුව ටියුබ් ලයිට් එකේ දෙපැත්තෙන් වයර් දෙකක් ඇදලා ඒවායේ කොන් ඉක්මණින් ගාවලා කඩන්න. ෆ්ලොරසන්ට් බටය පත්තු වේවි.

    DC ක්‍රමය: පවර් ඩයෝඩ් හතරක් අරන් AC to DC converter එකක් හදලා DC කරන්ට් එකක් දෙන්න. ටිකක් වෙලා යයි නමුත් පත්තුවේවි.

    මෙවා නිතර ටැබූ තමන්ගේ ශිෂ්‍යයින්ගෙන් අහන ප්‍රශ්න. කියන්න කණගාටුයි, කොච්චර පොතේ දැනුම තිබුණත් වැඩි දෙනකුට මේ වගේ ප්‍රායෝගික කාරණාවන් ගැන කිසිම අවබෝධයක් නැහැ.

    ReplyDelete
  14. ටැබූ හරි.

    1. ටැබූ ගේ packaging කතාවට හොඳම උදාහරණය තමයි වතුර සහ බෝතල් වතුර.

    නමුත් අපි කතාකරන්නේ කලා කෘතිය ගැණයි, ටැබූත් කියපු විදියටම.

    2. ස්ටාටරේ නැතුව ටියුබ් ලයිට් පත්තු කරන විදිය මෙතනට අදාල නෑනේ. මේක ප්‍රායෝගික පාඩමක් වත්, මැගයිවර් ෂෝ එකක්වත් ගැන කතාවක් නෙමේ.

    මං ඒ උදාහරනය පාවිච්චි කලේ නිකං අපි තට්ටු කලාට එහා පැත්තේ ඉන්න කෙනා ළඟ යතුරක් නැතිනං එකේ මොනවා කිව්වත් දොරක් ඇරෙන්නේ නෑ වගේ අදහසක් කියන්නයි.

    ටැබූ කියන්නේ - අපෝ යතුර නැතිවුනාට මෙන්න මේ ක්‍රම දෙකෙන් දොර අරින්න පුළුවන් වගේ කතාවක් නේ. හැක් සෝ බ්ලේඩ් දාලා, බැංකු කාඩ් දාලා දොරවල් අරින හැටි, යකඩ කම්බි දාලා කාර් දොරවල් අරින හැටි අපිත් දන්නවා.

    මේ තර්ක වලින් පෙනෙන්නේ ටැබූ ආර්ථික විද්‍යාඥයෙක් වහෙයි, ඇයි හැම දේටම counter argument තියෙනවා.

    අපි නොදන්න අර්් සාස්තරේ!! අපිත් ලක්‍ෂ්මන් ගොයිය ගෙන්, අමිල නෝන ගෙන් ඔය අංඩර කාලයි ඉන්නේ!

    ReplyDelete
  15. Taboo's methods:
    ================
    AC ක්‍රමය: ඔය ස්ටාටර් එකේ condenser කියලා ගහලා තිබුණට ඒක ඇතුළෙ තියෙන වැදගත්ම කොටස කන්ඩන්සරේට සමාන්තරව ඇති bimetallic strip එකක් සහිත බල්බ් එක. ඒකෙන් කරන වැඩේ වෙන විදියකට කළත් ටියුබ් එක පත්තු වෙනවා.

    (ලයිට් වැඩ නොදන්නවා නම් අත්හදා බලන්න එපා.) ස්ටාටර් එකක් නැතුව ටියුබ් ලයිට් එකේ දෙපැත්තෙන් වයර් දෙකක් ඇදලා ඒවායේ කොන් ඉක්මණින් ගාවලා කඩන්න. ෆ්ලොරසන්ට් බටය පත්තු වේවි.

    DC ක්‍රමය: පවර් ඩයෝඩ් හතරක් අරන් AC to DC converter එකක් හදලා DC කරන්ට් එකක් දෙන්න. ටිකක් වෙලා යයි නමුත් පත්තුවේවි.

    MY METHOD
    =========
    යන්න පිටකෝට්ටේ හන්දියට. ගන්න රුපියක් 10ක් දීල ස්ටාටර් එකක්. ගෙදර ඇවිල්ලා බලන්න මැගයිවර් ෂෝ එක ඕන්නං. ඊට කලින් ලයිට් එක දාගන්න ස්ටාටර් එක හයි කරලා!

    ReplyDelete
  16. අයියෝ............!!!
    තර්ක ගොඩයි.........
    මෙතන ට්යුබ්ලයිට් කියන්නෙ ඇත්ත එව නෙමෙයි නෙ...... අපෙ අවබෝද කරගැනිම නෙ....
    තව electronic ගැජ්ට් තියනව ම්ට වඩා ඉක්මනට දාපුගමන් ට්යුබ්1ක දල්වගන්නපුලුවන්......
    මොක උනත් කශු අපිට ට්යුබ් ලයුට් කිව 1කට......... දුකයි.......

    ReplyDelete
  17. ඇත්තටම කකා ඔය පොටෝ එක හොයාගත්තේ කොහින්ද ? copy cat google කරලද?

    ReplyDelete
  18. කට්ටිය ටියුබ්ලයිට් ගැනනෙ කතා කරන්නෙ.

    ReplyDelete
  19. ඔන්න ඔහොමයි උනේ එහෙනම්.........
    @ ටැබූ :ඔය ක්‍රම වලට අමතරව තව ස්ටාටරේ වෙනුවට බල්බ් එකක් දාල පත්තු කරන ක්‍රමයකුත් තියෙනවා..

    ReplyDelete
  20. My Method
    =========

    අල්ලපු ගෙදරින් ස්ටාටර් එකක් පොඩ්ඩකට ඉල්ලා ගන්න. ටියුබ් ලයිට් එක පත්තු වුනාට පස්සෙ ස්ටාටරේ ආපහු ගලවලා පරිස්සමෙන් භාර දෙන්න.

    ( පිටකොටුව හන්දියට යන බස් ගාස්තුවත් ඉතුරුයි. අල්ලපු ගෙදරත් එක්ක සම්බන්ධකමුත් වැඩි දියුණු වෙනවා )

    ReplyDelete
  21. මගේ ඔලුව කරකල අත්හැරිය වගේ .බොහොම අමාරුවෙන් ටියුබ් ලයිට් එක පත්තු උනේ .

    ReplyDelete
  22. දොළ ලග ගුරු පාර ගීතය ලියලා තියෙන්නෙ පණ්ඩිත විමල් අබේසුන්දර මහත්මයා. 60 දශකයෙ විශිෂ්ඨ ගීත රැසක් ලියා තිබෙන ඔහුගෙ පළ වෙනි ගීය මේක. ඔහු මිය ගිහින් ජූනි මාසෙට වසර 12ක් පිරුණා. ගීතයක් ප්‍රචාරය වෙද්දී රචකයාගෙ නම නොකියන එක නම් හරිම ඛේදවාචකයක්.

    ReplyDelete
  23. මට ටැබූ කියන මෝඩයා ගැන දුකයි

    ReplyDelete
  24. ඩග්ලස් ඇඩම්ස් ගේ නව කතාවක් වන හිච්හයිකර්ස් ගයිඩ් ටු ගැලක්සි නවකතාවේ කියවෙනවා අපේ මන්දාකිනියේ නැගෙනහිර පිටත වලල්ලක් ගැන. බැලූ බැල්මට මේකේ විෂේශයක් නොදැනුනත් මන්දාකිනිය චක්‍රාවාට සහ විශ්වය ගැන කතා කරද්දී උතුර, දකුන, නැගෙනහිර, උඩ, යට කියන දේවල් කිසිම තේරුමක් නැති වචන විතරයි! ඒත් හොයාගෙන ගියාම මේක මුලින්ම අපිට හම්බ වෙන්නෙ ස්ටාර් වෝර්ස් චිත්‍රපට වල. පෘථිවි සිතියමක අපි දිෂාව නිර්නය කරනවා වගේ පෘථිවියෙන් පිටත එහෙම කරන්න බැහැ. ඔය උතුර, දකුන, බටහිර, නැගෙනහිර, උඩ යට කියන දේවල් ඇත්තටම තේරුමක් නැති දේවල්. ඒක තමයි ටියුබ් ලයිට් කියන්නේ! :ඩ් ලොල්ස් ර්ඔට්ෆ්

    ReplyDelete
  25. කොපියට ඇති ඉල්ලුම තේරැම්ගන්න ඔබේ පෝස්ට් එකේ ඔරිජිනල් එකටයි මෙම පෝසට් එකටයි ඈති ඉල්ලුමේ වෙනස බලන්න.

    පරන එකට කමෙන්ට් අඩුයි අලුත් එකට කමෙන්ට් වැඩියි මෙහෙම වෙන්නේ කොහොමද?

    ඒක නම් මටත් පුරශ්නයක් ඒත් ඒක තමයි ලොක සභාවය.

    වැඩිම මැරකම් හා දුශන කරන ඈමතිටනේ වැඩිම ජන්ද ලැබෙන්නේ.

    කිරිස්තුස් වහන්සේව කුරැසියේ ඈන ගසන්නත් බරබ්බාස් නැමැති සොරාව නිදහස් කරන්නත් මිනිසුන් ඉල්ලා සිට්යේ ඒකනේ.

    මේක ඔය ආර්ථික විද්‍යාවෙන්වත් වෙන කිසිම විද්‍යාවකින්වත් පැහැදිලි කරන්ඩ බැහැ

    ReplyDelete
  26. puusata oluwen hita ganna bari nisa thamai. purudu vidihata wadi wela, uge photo copy eka gahanne. e unata print wenne mokakkada kiyala balana ayata penawa. oka thama anunnge ewa copy karana ayatath wena deee??

    ReplyDelete
    Replies
    1. අප්පොච්චෝ! පත්තුවෙන්න ගොහින් තියන කාලයක්.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.