Wednesday 9 June 2010

කල්ප, විකල්ප සහ කුණුහරුප


පෙම් කවි එක්ක ලව් ලෙටර් ගණුදෙණුවක පැටළුණු අපේ අයිය කෙනෙක් ගේ යාළුවෙක් කෙල්ලෙකුට බොක්කෙන්ම ට්‍රයිකරල, කවිත් ලියල, ඒත් බූට් කාල සෝකෙන් හිටිය කතාව ලියපු වෙලේ, මට මතක් වුනා ඒ වගේ එකම කෙල්ලට ආදරේ කරල ඒ කෙල්ල නොලැබුණාම සදහටම තනිවෙලා ඉන්න හිතන කොල්ලො ගැන ඉතාම ජනප්‍රිය කවියක්.

ජනප්‍රිය නං ඉතිං අසභ්‍ය වෙන්න ඕනැනෙ නේද?

ඉතිං ඒ ආකාරයේ කවියක් මේ කොල්ලො කුරුට්ටො සහ කෙල්ලො කිරිට්ටියොත් බලන බ්ලොග් එකේ දාන්න බැරි හින්ද මං ලිව්ව ඒකෙ හොඳ සභ්‍ය වර්ෂන් එකක්.

ඔරිජිනල් වර්ෂන් එක විකල්ප කවිය විදියට හඳුන්වල මං මගේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ කවිය දැම්ම ඊයෙ බ්ලොග් පෝස්ට් එකේ.

සමහරු නොදන්නව වගේ හිටියට මං හිතුව විදියටම හුඟක් දෙනෙකුට තමන් දන්න ඇත්ත කවිය මතක් වෙලා නිකං නලියන නලියන ගතියක් ඇවිල්ල තියෙනව. කුණුහරුප කවිය දන්නව, නමුත් ලියන්වත්, කියන්නවත් බෑ. හරිම අසහනකාරී තත්වයක් ඒක.

ඒක දැකපු වෙලෙයි මට මතක් වුනේ අද කියන්න යන පොඩි කතන්දර කෑලි දෙක.

*****

ඔන්න කෙල්ලො දෙන්නෙක් දවසක් එකතු වෙලා මුල්ලකට වෙලා පොඩි කුසු කුසුවක් ලු.

දන්වනේ කෙල්ලො දෙන්නෙක් එකතු වුනාම මොනව ගැනද කතා කරන්නෙ කියල. ඔව්, කොල්ලො ගැන. එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

ඔන්න එක කෙල්ලෙක් අනිත් කෙල්ලගෙන් අහනවලු "ඉතිං අනේ මට කියන්නකො සුදේෂ් ගැන. කෝ අද එයා කොහේ ගිහින්ද ආවෙ නැත්තෙ?"

"අනේ මං එයා එක්ක තරහ වුනා අනේ."

"අනේ ඒ මොකද අනේ?"

"එයා හරියට කුණුහරප සින්දු දන්නව අනේ?"

"ආපෝ ඉතීං, එයා ඔයා ඉන්න තැන ඒව කියනවද?"

"නෑ අනේ කියන්නෙ නං නෑ. එයා ඒව මට ඇහෙන්න උරුහං බානව!"

*****

මෙන්න තවත් කතාවක්.

ඔන්න දවසක් පොරවල් දෙකක් ටවුන් එකේ පාරක් දිගේ ඇවිදගෙන යනවලු. දෙන්න හොඳ යාළුවොලු. ඇතින් ඉස්සරහට ගෑණු දෙන්නෙකුත් එනව පේනවලු.

ඒ බව දැක්ක ගමන් එක පොරක් කඩාගෙන බිඳගෙන පාරෙ අයිනෙ තිබුණ හෝටලයක් ඇතුලට ගිහින් පස්සෙ දොරෙන් පිටවෙලා හැංගුණා ලු.

මෙන්න බොලේ බැලින්නං අනිත් පොරත් දුවගෙන එනවලු හෝ ගාල.

"මචං මාර වැඩේ නේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, මගෙ ගෑනියි හොර ගෑනියි දෙන්න එකට එනව දැක්ක අපි ඉස්සරහට ඒකයි මං හැංගුනේ" මුලින්ම දුවපු පොර කිව්වලු.

"මටත් ඕකම තමයි මචෝ වෙන්න ගියේ.. ..!!!" ඒ අනිත් එකා කිව්ව දේ.

කතන්දරකාරයා

15 comments:

  1. හක් හක් හා....හිනා වෙනවා ඇරෙන්න මොනවත් හිතෙන්නෑ මටනම් ලියන්න...හික්ස්... :D

    ReplyDelete
  2. මොනවා ලියන්නද. හිනාවුනාම ඇතිනේ. නියමයි හික් හික්.........හික්ස්

    ReplyDelete
  3. නියමයි කියල වැඩක් නෑ....

    ReplyDelete
  4. හිනා වෙලා මැරෙනවා.. අනේ මහත්තයො. අර සර් ජෝන්ගෙයි බන්ඩාරානායකගෙයි කතාවත් ලියන්නකො රස කරළ...

    සම හරක් ඒ කතා දන්නෙ නෑ....

    ReplyDelete
  5. ඇත්තටම හිනායන කතා දෙකක් නොව ලියල තියෙන්නෙ..

    ReplyDelete
  6. නියම කතා දෙක .....හිකිස්....

    ඔබතුමාගේ පියානන්ට කෙසෙද?........
    ඉක්මන් සුවය ප්‍රර්තනාකරමි....

    ReplyDelete
  7. ඔය කතාවලයි, කලින් කවියෙයි ඔරිජිනල් ඒව තීන බ්ලොග් එකක් තීනව. ඒක දන්න අය එතනට ගිහිල්ල ඔරිජිනල් එක ලියන්න, නොදන්න අය, කැමති අය තම තමන්ගෙ email එක පොඩ්ඩක් දාල යන්න, නැත්තං sapaganna@yahoo.com එකට පොඩි පනිවිඩයක් එවන්න.

    ReplyDelete
  8. හිකි හිකි හිකි හිකි..... අම්මෝ කස්ටිය හිනාවෙන සද්දෙ මෙහෙටත් ඇහෙනවා......

    මේක කියවල අපේ ඔෆීසියේ අයටත් හිනා හික්ස්.....

    ඒකෙන් මේකෙන් අර සර් ජෝන් උන්නාන්සෙගෙ කතාවත් අහන්න හම්බුනා....... :) ( ඔෆීසියෙ කෙනෙක්ගෙන් ) අ

    නේ ඒකත් ඉතින් දැම්මනම් තමා හොඳ කස්ටියටම කියවන්න ...... :)

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. @ජේ.ඩී
    "ඒකෙන් මේකෙන් අර සර් ජෝන් උන්නාන්සෙගෙ කතාවත් අහන්න හම්බුනා....... :) ( ඔෆීසියෙ කෙනෙක්ගෙන් )"

    අහපු එකේ දාන්නකො අපටත් බලන්න

    ReplyDelete
  11. හික් හික් හික් මරු කතා දෙක

    ReplyDelete
  12. මටත් පොඩි කතාවක් මතක් උනා....

    අපෙ දන්න අක්කෙකුයි එයාගෙ යාලුවොයි එකතුවෙලා පොඩි කන්තා සන්විදානයක් හදාගත.... ඊතින් හම සිකුරදම හම්බවෙන්න තිරනය කලා (මෙහෙ නිවාඩු සිකුරාදා)
    ක්ස්ටිය 1කතු වෙලා හොදට කැම හදල සින්දු කියල විනොද වෙනව....

    එතකොට හස්බන්ල නිකම්ම 1කතු වෙනව...

    කන්තා සමිතිය එවර වෙනකොට හස්බන්ල ඩොප්..

    සති තුනෙන් කන්තා සන්විදානය ඉවරයි......

    කොහොමද ටිකිරි මොලේ..........

    ReplyDelete
  13. මොනා උනත් මසුරන් කතාව අප්පා....... තාම හිනා යනව :D

    ReplyDelete
  14. @ priyantha.ඒබී: දාන්න තමා හිටියෙ මචෝ. කොහොද ඉතින් ඔෆීසියේ වැඩ අස්සෙ ඔව්ව ලියන්න වෙලාවක් හෙහ් හෙහ් හෙහ්

    මෙන්න මෙහෙමයි කතාව. මම කෙටියෙන්ම කියන්නම්කෝ......

    දවසක් දා සර් ජෝනුයි, ෆ්‍රැන්සිස් මොලමොරෙයි සාජ්ජයකදි සෙට් වුනාලු. මේක ඉතින් පවුලේ සැමට සාජ්ජයක් හන්දා පවුල්පිටින් කස්ටිය සෙට් වුනාලු. ඔහොම ගිහින් ඉතින් සාජ්ජෙ ඉවරවෙන්නත් කිට්ටූනාලු. ඔහොම ඉන්නකොට සර් ජෝන් ෆ්‍රැන්සිස් කාරයෙගෙ ඔලුවට දැම්මලු නියම අදහසක්. හිහ් හිහ් හිහ් මරු අදහස තමා.....

    සර් ජෝන් : "ෆ්‍රැන්සිස් තමුසෙ මොකද කියන්නෙ අද අපි බලමුද කාටද වැඩියෙන්ම ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නෙ කියලා"

    ෆ්‍රැන්සිස් : "අහ් එළ මචං එළ ඔන්න මං ඔට්ටුයි".

    ඔන්න දැන් ඉතින් සාජ්ජෙ ඉවරවෙලා කස්ටිය හිමින් සීරුවේ ග්වල් වලට ගාටන්න පටන්ගත්තා. මේ දෙන්නත් සාජ්ජෙ තිබ්බ පොට් එකේ දොරගාවටවෙලා කෙල්ලො එතනින් යනකොට ඒ කෙල්ල තමගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක්නම් අතින් ටික්ගාලා සද්දයක් දානවලු.

    දැන් ඉතින් වැඩේ නැගල යනවලු. දෙන්නම සටපටගාල සද්ද දානවලු. ඔන්න ඉතින් ඔහොම දෙන්නගෙ ගේම යත්දි සර් ජෝන්ගෙ වයිපරේ ඔතනින් ගියාලු. මෙන්න බොලේ ෆ්‍රැන්සිස් උඩ පැනල සද්දයක් දැම්මලු. සර්ට කරකියාගන්න දෙයක් නෑ මිනිහ ෆුල්ඩිම්ලු.

    ටිකක් වෙලා ගියා සද්දයක් නෑ දෙන්නගෙම. ඔන්න එතකොට ඈතින් එනවලු ලම්ස්සියෙකුයි ඒ ලමිස්සිගෙ අම්මණ්ඩියි. මේ පාර සර් ජෝන් සද්ද දෙකක්ම දැම්මලු. ෆ්‍රැන්සිස් බලනවලු මේ මොකො මේ උනේ කියලා.

    හ්ම්........ තත්පරයයි ගතවුනේ අරගෑණුකෙනා ෆ්‍රැන්සිස්ගෙන් අහනවලු.........

    ෆ්‍රැන්සිස් ඔයා කීයටද ගෙදර එන්නෙ කියල.........

    මේ මේ හිනාගියේ නැත්තම් කුචිකවාගන්නවද ප්ලීස්.......

    හික්ස් සහ ලොල් :ඵP

    ReplyDelete
  15. @ All
    මං හිතුව හරි, කුණුහරුපයක් ගෑවිලා තියෙනවා නං තමයි අපි කවුරුත් කතන්දර රස විඳින්නේ, නේද?

    ජේ.ඩී ට ස්තුතියි සර් ජෝන් ගේ කතාව ලිව්වාට. මාතලන් හිතුවේ ඕක බණ්ඩාරනායක එක්ක වෙච්ච එකක් කියලනේ. බණ්ඩා මැරුණේ 1959 නිසා එනං ජෝන් කාරයා බාලාපරාධකාරයෙක් වෙනවා.

    මොලමුරේ තමයි "ඇත්ත" කතාන්දරේ ඉන්නේ.

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.