Monday 14 April 2014

කතන්දර දහසක් ලියා පළ කළ මහන්සියේ හති රිසි සේ ඇරීමට සතියක නිවාඩුවක් ගන්නෙමි! - Puffing Billy just passed an important milestone!


මං මේ කතන්දර බ්ලොග් එක ලියන්න 2009 ජූලි මාසේ පටන් ගත්තේ මුලින්ම කතන්දර දහතුනක් ඩ්‍රාෆ්ට් කරලා ඉවර කරලායි. මගේ ප්ලෑන් එක වුනේ සතියකට එකක් ගානේ කතන්දර පළකරන්නයි. එතකොට මාස තුනකට බ්ලොග් එක රන් වෙනවා අවුලක් නැතුව.

නමුත් ප්‍රායෝගිකව ඒ විදියට නොවෙයි වැඩ සිද්ධ වුනේ.

ලියපු කතන්දරත් දැම්මා, අතුරු කතන්දරත් ලියවුණා. අළුතින් ඒවාත් එකතු වුණා. ඒ එක්කම සතියකට එකකට වඩා කතන්දර පළ කිරීමත් සිදුවුණා.

ඒ අතරතුරේ මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුවත් එන්න එන්නම දිග් වුණා මිස කවදාකවත් හිඳුණේ නෑ, වරින්වර ආපු කම්මැලිකම් මිස!

කොහොමින්, කොහොමින් හරි පෙරේදා, ඒ කියන්නේ අප්‍රියෙල් 12 සෙනසුරාදා, මට හැකි වුණා මේ බ්ලොගයේ දහස් වෙනි කතන්දරය පළ කරන්න.

මං සඟරාවකට ලියපු ලිපියක් පොඩ්ඩක් වෙනස් කරළා පළ කරපු ඒ කතාවේ මං මේ දාහේ සීමාව පසු කිරීම ගැන පොඩි ඉඟියක් දෙකක් දුන්නත් ඒවා මටම විතරක් තේරෙන ඉඟි වුණා!

මං හිතන්නේ අද එක්දහස් එක්වෙනි පෝස්ටුවත් සමගින් මේ පසුවෙන්නේ මගේ බ්ලොග්කරණ ප්‍රයත්නයේ ඉතා වැදගත් අවස්ථාවක් කියලයි.

බ්ලොග් එකක් කරනවා කියන්නේ ඩයරියක් ලියනවා වගේ හිතේ ජොලියට කරන දෙයක් වුණාට, ඩයරි වගේ නොවෙයි, ලියන ඒවා කවුරුවත් කියවන්නේ නැති නම් බලොග් එකෙන් පලක් නෑ නේ.

ඉතිං, මා මේ දක්වා ලියා පළ කළ කතන්දර දහසෙන් එකක් හෝ කියවු, කියවා ප්‍රතිචාර දැක්වූ සැමටම ස්තුති කරන්න මට අවශ්‍යයි.

අන්න ඒ නිසා මං තීරණය කළා මේ අවස්ථාව සමරන්න ලොකු උත්සවයක් පවත්වන්න!

නිකං නොවෙයි, මේ අවුරුදු කාලෙත් හින්දා, අවුරුදු උත්සවයක්ම පවත්වන්න.

ඒ තමයි සයිබර් සිහින 2014 සිංහල අලුත් අවුරුදු උත්සවය!



මේ උත්සවය තියෙන්නේ අප්‍රියෙල් 20 වෙනි ඉරිදා පැලවත්තේ බුද්ධදාස ක්‍රීඩාංගනයේ දී උදේ 9:00 සිට හවස 4:00 දක්වායි.

මං හිතන විදියට අවුරුදු උත්සවයේ සංවිධායකයෙක් වෙන නලීන් දිල්රුක්‍ෂගෙන් ලැබුණු ඉල්ලීමකට අනුව මං ගිය සතියේ දවසක මේ උත්සවය ගැන කියවෙන ප්‍රචාරක දැන්වීමත් කතන්දර බ්ලොගයේ උඩින්ම එල්ලුවා.

සයිබර් සිහින 2014 උත්සවය ගැන විස්තර මෙන්න මෙතනින් බලා ගන්න පුළුවනි.
http://cyberfestival.blogspot.com/2014/04/blog-post.html

උත්සවයට සහභාගීවෙන්න අපේක්‍ෂාකරන අයට මෙන්න මේ ෆෝර්මය පුරවලා එවන්න කියලාත් සංවිධායකයෝ ඉල්ලනවා.

එහෙනං එදාට පැලවත්තට ගිහින් අවුරුදු අසිරිය සමරන ගමන් කතන්දර බ්ලොගයේ දහස්වෙනි සැතපුම් කණුව පසු කිරීමත් සමරන්න කියලා මං ඉල්ලා සිටිනවා.

කඹ ඇදීම, බනිස් කෑම, අලියාට ඇහැ තැබීම යන අතරේ අතරේ ඔය පැත්තේ එනවාය කියන නොයෙකුත් අමුත්තෝ අතර "සැඟවුණු අමුත්තෝ" හෙමත් එයිද දන්නේත් නෑ, තෑගිත් අරගෙන!

-කතන්දරකාරයා

ප/ලි:
අවුරුද්ද සමරන්නයි, කතන්දර දාහ ලියපු මහන්සියේ හති අරින්නයි, මාත් අඩු ගානේ සතියක විතරවත් නිවාඩුවක් ගන්නයි ඉන්නේ!

මෙන්න මං කතන්දර 500 මඟ සලකුණ තැබූ අවස්ථාව.
http://kathandara.blogspot.com/2011/10/five-hundred-posts-as-bday-present.html

(image: )

60 comments:

  1. සුභ පැතුම් කකා. බ්ලොග් පෝස්ට් දාහක් කියන්නෙ ඉතාමත් සුවිශේෂී කඩඉමක්. තවත් කතන්දර දස දහසක් ලියවෙන්න සුභ පතනවා....

    ReplyDelete
  2. Congratz Mr. KK !! Cheers !!!

    ReplyDelete
  3. තවත් දහසක් ලියන්නට පැතුම්!

    ReplyDelete
  4. කතන්දර 1000ක් ලියන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි... සුපිරිම කාරණේ තමයි සතියකට අඩුම කථා 3ක් වත් අප්ටේඩ් කරන එක... ඒක මාරම Achievement 1ක්...

    එහෙනම් මේ අළුත් අවුරුද්දේ 1000ට 2000ක් වැඩි වැඩියෙන් කතන්දර ලියේවා...

    (කකා හාමිනේ සහ කකා දරුවොත් මතක් කරන්ඩ ඕනෑ.. තාත්තාගේ බ්ලොග් ලිව්ල්ලට නිහැඩි දායකත්වය... ජයවේවා... )

    ReplyDelete
  5. සුභ පැතුම් කකා....... 1000 ට........ !!!

    ReplyDelete
  6. න පුප්ඵගන්ධෝ පටිවාතමේති – න චන්දනං තගරමල්ලිකා වා
    සතඤ්ච ගන්ධෝ පටිවාතමේති – සබ්බා දිසා සප්පුරිසෝ පවාති

    - Taboo Subjects

    ReplyDelete
  7. කතන්දර බ්ලොගයටත් ඔබටත් සිය පව්ලටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  8. කකා,

    අද ගොඩක් ප්‍රොෆයිල්කාරයෝ ඉන්ටනෙට් ඇවිත් නෑ වගේ. ඒ හින්දා උන්දලා දාන ඇනෝකොමෙන්ට් එහෙමත් අඩුයි.
    ඒත් ඉතිං අපි ඉතිං වෘත්තීමය ඇනෝලානේ. එහින්දා තුන්සිය හැටපස් දවසෙම ඔන්ලයින්.

    ඉතිං කකා, කකාට අපි හරි ආදරෙයි. ඒ වගේම රාජ්ටත් අපි හරි කැමතියි.
    කකා සතියක් පොස්ට් දාන්නේ නැති උනාම අපි කොමෙන්ට් දාන්නේ මොකේද කකා? කොහොම උනත් කකාට සුභ අලුත් අවුරුද්දක් කකා. අර පැන්සොන් ගිය ආමිකාරයාගේ මෝහය මේ අවුරුද්දේ වත් දුරුවී අන්දකාරයෙන් ආලෝකය කරා පැමිණෙයි නේද කකා?

    ReplyDelete
  9. ලැබුවා වූ නව වසරේ බ්ලොග් ලිපි 1000ක් පසුකරන කතන්දරටත් පවුලේ සැමටත් උණුසුම් සුබ පැතුම් පිරිනමනවා. බ්ලොග් ලොව තව බොහෝ දුර යන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

    අනිවා මෙදා අවුරුදු උත්සවය වෙනුවෙන් ඔබ ලබා දුන් සහායටත් ස්තුතියි. සැගවුණු අමුත්තා හොයාගන්න හැකිවෙයි වගේ මටම හමුවෙමු කතන්දර.......

    ReplyDelete
  10. ලිපි දාහට සුබ පැතුම්. තවත් ලිපි දහස් ගණනක් ලියැවේවා....:)

    කකා, ඇතුලු පවුලේ හැමෝටම ප්‍රීතිමත් සිංහල අවුරුද්දකට සුබ පැතුම් ....!!!

    නිවාඩුව රසවත් වේවා!!!

    ReplyDelete
  11. බ්ලොග් ගමන් මගේ දහස් සැතපුම් කණුව පසුකරනා බ්ලොග් සක්විති කකාට සුභ පැතුම් ගෙන එන්නේ කකාගේ ගෝල බාලයෙක් වන අවංක නිහතමානි ඇල් වතුරත් නිවා බොන මහාචාර්ය මාතලන් විසිනි.

    මීට හිතවත් මාතලන්.
    (බී ඒ ගෞරව (බොග දැමීම.), සකල කළා වල්ලභ, කාව්ය සිරෝමනි, කළා බූසන, දේශ මාමක, හෙලයේ මහා පොත්කරු.)

    ReplyDelete
  12. 1001
    තව දාස් ගානක් පෝස්ට් ලියන්න ලැබේවා කියා පතමි.

    සත් දින අවුරුදු නිවාඩුවත් ලැබූ අවුරුද්දත් සතුටින් ගතවේවා කියා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  13. KATHANDARA 1000K NEVE 10,000 K LIYANA BERIDA.
    CHOO, JEE, PADA, JOKKU, OWWA GENA NE LIYANNE.
    ANY WAY, EVAN 1000 TATH, SINHALA ALUTH AWURUDDATATH
    SUBA PATHUM.

    ReplyDelete
    Replies
    1. සුබ අළුත් අවුරුද්දක් වේවා කැපිටල් ඇනෝ.. !
      ඊලඟ අවුරුද්දෙත් එන්ඩ කක්කාගේ චූ පඩ ජී ගැන කමෙන්ට් කරන්ඩ !

      Delete
    2. කැපිටල් මචං .. ෆිට් තමා ඈ .
      සුභ අලුත් අවුරුද්දක් වේවා .

      Delete
    3. WISH YOU SAME

      Delete
  14. කථන්දරටත්.....සියලු බ්ලොග් පාඨකයන්ටත් සුබ අළුත් අවුරුද්දක්ම වේවා....

    කථන්දර 1000ට ත් සුභ පැතුම්

    ReplyDelete
  15. සුභ පැතුම්....
    කතන්දර දහස දස දහහක් කරගැනීමට ශක්තිය වාසනාව ලැබේවා!!

    කකා ඇතුළු පවුලේ සැමට සුභම සභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!!!

    ජය වේවා!!!!!

    ReplyDelete
  16. 1000 සීමාව පසු කල එකටත් නවවසරටත් සුබ පැතුම් !

    ReplyDelete
  17. කකාගෙ කතන්දර දහසට සුබ පැතුම්.දාහක් ලියනව කියන එකත් ලේසි වැඩක් නෙවෙයි.
    නිවාඩුව සතුටින් ගතකරල එන්නකො.

    ReplyDelete
  18. පෝස්ට් 1000ට සුභ පැතුම් කකා අයියේ, ඒ වාගේම සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete
  19. ලිපි 1000ට සුබ පැතුම් කකා !
    සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  20. සංක්‍යාව වගේම තත්වෙත් වැදගත්. මට හිතෙන්නෙ ඒ අතින් කතන්දරගෙ බ්ලොග් එක සෑහෙන දුරකට එක මට්ටමක යනව, ඉඳ හිට රසික උන්නැහෙගෙ ලිපියක් දෙකක් දාල පිට පැන්නට. ඒත් කතන්දරයි රසිකයි කියන්නෙ එක්කෙනා කියල හිතන් ඉන්න අය මේක ගොඩක් වෙලාවට පටලවගන්නව.

    දාහක් ලියනව කියන එක කොයිදරම් අපහසුද කියල දන්නෙ ලියන කෙනෙක් විතරයි. මම හිතන්නෙ ඒකට කකාගෙ දුම්‍රිය ගමණත් උදව් වෙන්න ඇති. හැබැයි ඇබ්බැහි වෙලා තීන තරමෙ හැටියට දැන් බස් එකේ හිටගෙන උනත් බ්ලොග් ලියාවි කියන එක ෂුවර්.

    එහෙනං, කතන්දරගෙ ලිපි පත්තරේ දැකල බ්ලොග් බලන්න ඇවිත්, කතන්දරට කතන්දරයක් දෙකක් ලියල බ්ලොග් ලියන්න ගත්තු තවත් ගෝලයෙකුගෙන් මේ ඇචීව්මන්ට් එකට උණුසුම් සුභ පැතුම්!!!

    කකාටයි, පවුලෙ හැමෝටමයි සහ විශෙෂයෙන් කතන්දර බ්ලොග් එක වර්ණවත් කරන ඇනෝ පිරිවරටයි සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!!

    ReplyDelete
  21. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  22. ඕ යේස් කකා.. කතන්දර 1000 ට සුභ පැතුම්..
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  23. 1001ට සුභ පතනවා... පෆින් බිලී කෝච්චියත් එහෙනම් නිවාඩුවක් ගනී වගේ..
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  24. කකාට සුභ අළුත් අවුරුද්දක් වේවා. අළුත් අවුරුද්දු නිවාඩුව ඵලදායි නිවාඩුවක් වේවා!

    ReplyDelete
  25. කතන්දර දාහට සුභ පැතුම් සමගින්

    කතන්දරට සහ කතන්දරගේ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්

    ReplyDelete
  26. දාහටයි ලැබුවා වූ නව වසරටයි සුබ පැතුම් කකා.

    ReplyDelete
  27. කකාගෙ කතන්දර දහසට අපෙනුත් සුබ පැතුම්... ඒ වගේම ලැබුවාවු අලුත් අවුරුද්ද සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් සුබ පතනවා..

    ReplyDelete
  28. අවුල් වන්නට පෙර 1,2,3 වශයෙන් ලියාගෙන යද්දී....1,2,3 ට අමතරව කතාවට අදාලව, හෙඩිමට තවත් පාඨයක් එක් කරන්නැයි ඔබ දුන් උපදේශයට අදත් ගරු කරමි. ස්තූතිවන්ත වෙමි!!!

    තවත් දහසක් මල් පිපේවා යැයි ඉත සිතින් පැතුම් එක්කරමි!!!

    ReplyDelete
  29. සුභ පැතුම්... මූ මරු කොටියෙක්... :)

    ReplyDelete
  30. දැන් පෝස්ට් දාහක් මේ බ්ලොග් එක ඇදගෙන ගියේ කකාද? (ඇනෝ) අපිද?

    ReplyDelete
  31. සුභ පැතුම්!

    ReplyDelete
  32. මේ මනුස්සයා හන්දා තමා අද මට මෙහෙම වෙලා තියෙන්නේ.... 1000 කතන්දර ලියන්න අද්දැකීම් විත‍රක් මදි. තව ගොඩක් දේවල් මේ වටා තියෙනවා. ඒ දේවල් ඒ විදියටම තියෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ....

    ReplyDelete
  33. වනය,ටෙනය , හන්ඩ්‍රටය,තවුසනය, මිලියනය .........වේවා!!!1

    ReplyDelete
  34. සුභ පැතුම් ....

    ReplyDelete
  35. සුභ පැතුම්

    ReplyDelete
  36. කතන්දර 1000ට සුබ පැතුම්.. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  37. 1000 කඩ ඉමට සුබ පැතුම්..

    කතන්දර සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  38. කකාගේ ප්‍රාර්‍ථනය මෙසේ වෙනස් විය යුතුය.

    (නෝටි ඇනෝලාගේ) සිත් පහන් වේවා
    (පැංසොං ආමි බුවාගේ) මොහඳුර මැකී යේවා
    (අටම්පහුරගේ) පඩිය වැඩිවේවා
    (කතන්දර සූරින්ට හා පවුලට) අළුත් වසරේ ජයම වේවා!

    ReplyDelete
  39. 1000ට සුබ පැතුම් සමඟින් සුබ අළුත් අවුරුද්දක් වේවා කකා!!!!

    ReplyDelete
  40. උණුසුම සුභ පැතුම් කකා. ඒ වගේම සුභ නව වසරක්.

    ReplyDelete
  41. හප්පේ අවුරුද්දක් දඟලලාවත් කතන්දර පනහක් ලියාගන්න මට බැරි වුණා . කතන්දර දාහක් ලියනවා කියන්නේ මොන තරම් ගේමක්ද කියල හිතෙන්නේ ඒ නිසයි. කතන්දර දහදාහක් ලියන්නට ඔබට ශක්තිය හා ඒවා කියවන්නට අපිට වාසනාව ලැබේවා !!

    ReplyDelete
  42. සුභ පැතුම් කතන්දර..
    සිතන්නට වටිනා අදහස් කැටි වූ බ්ලොග් ලිපි තවත් දහස් ගණනක් ලිවීමට හැකිවෙන්න සුභ පැතුම්..
    කතන්දර බ්ලොග් කලාව වෙනුවෙන් ඇප වී කාලය කැප කරන කතන්දර පවුලේ හැමෝටමත් ස්තුතියි..

    ReplyDelete
  43. සුබ පැතුම් කකා. ස්තුතියි බක්මහ උළෙල ගැනත් මතක් කළාට.

    තවත් දහස් ගණනින් කතා ලියවේවා!

    ReplyDelete
  44. සුබ පැතුම් ඔබට !

    ReplyDelete
  45. කකාගේ 500 වැනි පෝස්ට් එක වෙනුවෙන් සුභ පතන්නට පැමිණි එහෙත් 1001 පෝස්ට් එක වෙනුවෙන් සුභ පතන්නට තවමත් නොපැමිණි කිහිප දෙනකුගේ එදා සුභ පැතුම් (මින් සමහරුන් අද නොපැමිණියේ මන්ද පැහැදිළිය.)

    Observer (ඔබාමාමා):
    Wish you a "Happy Birthday & Many Happy Returns" also hope to read your 1000 th post a.s.a.p.

    තිස්ස දොඩන්ගොඩ:
    සුභ උපන් දිනයක් කතන්දර මහත්තයෝ..
    කිව්වත් වාගේ කතන්දර පන්සීයක් ලියනවා කියන්නේ ලේසි කාරණාවක් නෙවේ..
    අපටත් අඩුපාඩු කියාදී මේ සිංහල බ්ලොග් අවකාශයේ තවත් බොහෝ කල් රැඳෙන්න නිදුක් නීරෝගී වාසනා සම්පත්තියම ලැබේවායි පතමි..

    අභීත:
    ගුරුතුමාට සුභ උපන් දිනක් වේවා........! චිරාත් කාලයක් කතන්දර ලිවීම සඳහා යෙහෙන් වැජඹේවා.................!

    වෙද ගෙදර මහ වෙදනා:
    සොයුර ඔබ සිංහළ බ්ලොග් කරුවන් අතර ප්‍රමුඛයෙක්. මමත් ආසාවෙන් ඔබේ කථා කියවූවා හැමදාම. මට බ්ලොග්කරණයට එන්න සිතුනේ ඔබ මාරයා වැනි අය නිසයි. මම හැමදාමත් ඔබට ගරුකලා. මගේ ලිපියකට ඔබෙන් කමෙන්ටුවක් ලැබුනු දවසේ එය මට මහමෙරක් වුනා. මම බල බලා හිටියේ ඔබ මට කවදා කමෙන්ට් කරයිද කියා.
    ඔබට සුභ දෙමගුලක් වේවා! තව බොහෝ දේවල් ඔබෙන් ලියවේවා!
    මිතුර ඔබට සුභ උපන්දිනයක් වේවා!!!!!!!!

    සොඳුරු සිත:
    පන්සියයක් කතන්දර තව ලියවෙන්න
    ඒ හැම කතාවම මෙමටත් කියවෙන්න
    ඊයේ අද මෙන්ම හෙටටත් හිනහෙන්න
    පතනව දිගාසිරි පැතුමන් ඉටු වෙන්න

    මාරයාගේ හෝරාව:
    සුභ පැතුම් කාකා..!
    අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ..මොකද උඩ කට්ටිය කියලා තියෙනවා නෙව මදි නොකියන්ටම... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා..!

    හිස් අහස:
    සුබ උපන්දිනයක් වේවා කතන්දර අයියේ . තව තවත් වැඩි වැඩියෙන් කතන්දර ගොතන්න වාසනාව හා හයිය හත්තිය ලැබේවා !!
    මේ ලියාපු කතන්දර පන්සීයම නම් මම කියවලා නෑ ඒත් දව්සක් දාගෙන ඒ වැඩේත් පටන්ගන්න ඕන ..සේරම කියවලා බලන්න ඕන
    අපි හැමදාම මේ කතන්දර කියවනවා . ජයෙන් ජය වේවා කතන්දර

    ReplyDelete
  46. මේ කතන්දර බ්ලොග් අඩවියට වසරක් පිරුණු දා මාරයා පළකළ අදහසක්. අද නම් මාරයා මේ වගේ නිහතමානීව අදහස් පළ කරතැයි හිතන්නේ නැහැ, මොකද එයා හිතාගෙන ඉන්නේ එයා මහින්ද මාමාගෙ මල්ලි කියලනෙ. (මහින්ද නම් මෙයා කවුද කියලවත් දන්නෙ නැතුව ඇති.)

    මාරයාගේ හෝරාව11 July 2010 12:16

    ඔන්න ඉතිං මාත් ආවා කාකාට සුභ පතන්න.
    ඒත් ඉතිං ඔය කේක් ගෙඩි අප්පු නැතිවාට කමක් නැහැ.

    ඇත්තටම සිංහල බ්ලොග් අවකාශය තුළ තමාටම ආවෙණික රටාවක් තුළ වෙසෙමින්, ඔබ කරගෙන යන්නා වූ මෙම කටයුත්ත ලේසි පහසු නොවනා බව අමුතුවෙන් කියන්න ඔන නැහැ.
    මොකද බ්ලොග් එකක් නීරස වෙන්නේ නැතිව, අනුන්ගෙන් කොපි කරන්නේ නැතිව, කියවන්නන් ඇඳ බැඳ තබා ගනිමින් එක දිගටම පවත්වා ගෙන යාමෙ තිඛෙන ම තිඛෙන අපහසුව මාත් දවසින් දවස විඳින දෙයක්.
    ඔබ ඒ කටයුත්ත පිළිවෙළකට කරගෙන යන හැටි පුදුමාකාරයි.

    ඔඛෙ බ්ලොගය මට අහු උනේ මම මෙ පැත්තේ කරක් ගහන්න ඇවිත් ටික කාලයක් ගියාට පස්සේ උනත් එදා ඉඳලා මෙවනතුරු මාත් නිරන්තරයෙන්ම කියවන බ්ලොග් එකක් තමයි කතන්දර.
    දවසින් දවස වෙනත් ආකාරයේ මාර්ග වලින් යමින් මෙය තුළ විවිධත්වය රඳවාගනිමින් අද යන ගමන එසේම සැමදා රැදේවා.

    ReplyDelete
  47. සියලු සුබ පැතුම්වලට ඉතාමත් ස්තුතියි!

    මගේ නිවාඩුව හොඳින් ගෙවේ. සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  48. සුභපැතුම් කසූ! 1000ට 2000ක් ලියමු!

    බ්ලොග් බැලිල්ල ටිකක් නතර උනා, අවුරුදු කාලෙ හින්ද, එකයි එන්න ටිකක් පරක්කු උනෙ.

    ReplyDelete
    Replies
    1. කසූට වගේම බ්ලොග් බලන හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  49. සුභ පැතුම් කකා ...තව තව කතා ලියන්න හැකි වෙවා ..
    සැගවුණු අමුත්තා කවුද දන්නෙ නෑනේ ;))

    ReplyDelete
  50. කකා.... පැන්සොන් පොරගෙ බුද්ධි අංශයක් තියනවා... එයට ඔබව සොයාගන්න ගතවෙන්නෙ පැය කිහිපයක් විතරයි..... පරිස්සමින්..

    ReplyDelete
  51. සුබ පැතුම්, දිගටම කරගෙන යන්න.නියමයි.

    ReplyDelete
  52. සුබ පෑතුම්.....! කතන්දර 1000ක් ලියනවා කියන්නේ ලේසී වැඩකුත් නෙවෙයි...ඉදිරියටත් තව තවත් හොද දේවල් සමාජයට තිලිණ කරන්න හැකියාව ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා......! :)

    ReplyDelete
  53. තව තවත් වැඩියෙන් කතා ලියන්නට කසූට අදහස් පහළ වේවා :)

    ReplyDelete
  54. මට හිතෙන්නේ මේ බ්ලොග් එක නදියක් වගේ. විටක සැරෙන් ගලයි, විටෙක ඔහේ ගලයි. ඇතමුන් ඔරු පදිත්. ඇතමුන් පස්චාත් ප්‍රදේශය සෝදත්. ඇතමෙක් මාලු බාති, ඇතමෙක් නාති , දියබුන් ගසති

    මේ කඩ ඉම පසු කල ඔබට, බොහෝවිට කියෙව්වත් කිසිවිට ප්‍රතිචාර නොදැක්වු මගේ උනුසුම් සුබ පැතුම්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.