Monday 16 December 2013

කොල්ලා ලොකු වුණු බව උගේ තාත්තා දැනගත් හැටි - The secret is out


මං සෙනසුරාදා කියන්න පටන් ගත් කතාව අවසන් වෙන්නේ අදයි.

එදා මං කිව්වේ කොල්ලෝ නොව කෙල්ලෝ ලොකු වුණු අවස්ථා සහිත චිත්‍රපටි දෙකක් ගැන හෑලි පමණකි.

ඕන්නං මෙන්න ඒවා කියවන්න මුලින්.
http://kathandara.blogspot.com/2013/12/boy-becomes-big-boy.html

"එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා ද, "අනුපමා" චිත්‍රපටියේ සුවිනීතා වීරසිංහ ද එලෙස විත්‍රපටිය සඳහා ලොකුවෙන විට ඔවුන් අවුරුදු තිස් ගණංවල කෙල්ලෝ වෙන්නට ඇත.

නමුත් අපේ සමවයසේ පාසලේ සිටි කෙල්ලන්ට නං ඔය සතියක් දෙකක් පාසල් නොපැමිණ සිටින්නට වෙන අසනීපය සෑදෙන්ට පටන් ගත්තේ අපි හතේ පන්තියේ අවසානයේ පමණ සිටියදී ය.

මා මිශ්‍ර පාසලට ගිය අවසාන වසරවෙන නමයේ පන්තියේ දී ද මේ ආකාරයෙන් පාසල් නොඑන ලෙඩේ සෑදෙන සිසුවියෝ වූහ. ඒ වසරේ අවසානයේ වුවද, ඒ ලෙඩේ නොසෑදුණ අය ද ඉන්නට ඇත.

ඔය වයසේ දී කොල්ලෙකු සිටින්නේ සම වයසේ කෙල්ලෙකුට වඩා ප්‍රායෝගීකව අවුරුදු දෙකක් පමණ බාල තත්වයකය. එයින් මා අදහස් කරන්නේ කෙල්ලන් එලෙස හතේ පන්තියේ දී ලොකු ළමයි වූවද, කොල්ලෝ තවමත් පොඩි එවුන් බවයි. එනම් කොල්ලෝ ලෙකු වෙන්නේ ඊට පසු කාලයක බවයි.

එයටම ගැලපෙන අනිත් කතාව නම්, මේ කාලයේ දී අපට වඩා ඉහල පන්තිවල සිටි කොල්ලෝ (අය යුගයේ ළමයි දන්නා භාෂාවෙන් කියනවා නම් අයියලා) අපේ පන්ති වටේ කරක් ගහන්නට පටන් ගන්නා බවයි. අපේ පන්තිවල සිටි සති දෙකේ නිවාඩුව ගත් කෙල්ලෝ ඒ "අයියලා" දෙස කෝල සිනාවෙන් බැලුවා මිස අප කෙරෙහි වැඩි තැකීමක් නොකළහ.

අපේ පන්තියේ කෙල්ලන් සහ ඒ අයියා කොල්ලන් අතර සෙම් සබඳතාවයක් දෙකක්ද ඒ දිනවලම ඇති විය.

කොල්ලෙක් ලොකු වුණා යයි දැන ගන්නේ උගුරු ඇටය නම් අස්ථිය පෙනෙන්නට පටන් ගැනීම, කට හඬ වෙනස් වීම, කිහිල්ලේ සහ ලිංගේන්ද්‍රිය අසල රෝම මතුවීම වැනි කාරණා සම්පුූර්ණවන විට බව අප දනිමු. නමුත් ප්‍රශ්නය නම් මේවා කාලයත් සමගම ක්‍රමක්‍රමයෙන් සිදු වෙන දේ මිස කෙල්ලන්ට මෙන් එක්තරා දවසක එක්තරා මොහොතක සිදුවෙන සංසිද්ධියක් නොවීමයි.

එනිසා කොල්ලන්ට කෙල්ලන්ට මෙන් උත්සව නැත. තෑගි බෝග ද නොලැබේ.

මා ළමාවියෙන් වැඩිහිටි වියට පා තබා ඇති බව මා දැන ගත්තේ ද ඉහත කී නිමිති නිසාය. ඒ ගැන වෙනත් අයෙක් ලෙස මුලින්ම දැන ගත්තේ මගේ ඥාති සොහොයුරෙකි. ඒ හදිසියේම මගේ සරම පැටලී කැඩී වැටීම ඔහු දුටු විටය!

ඒ කෙසේ වෙතත්, දැන් වයස අවුරුදු දොළහත් පසුකර දහතුන්වෙනි වසරේ දිවි ගෙවන මගේ පුතණ්ඩියා ලොකු කොල්ලෙකු වී ඇති බව මට පසුගිය දා වැටහිණ.

ඒ උගේ සරම කැඩුණු නිසා නොවේ.

මෙන්න මේ ආකාරයටයි.

අපේ නිවසේ ඇඳුම් මැදීම සිදුවෙන්නේ ඉතා කළාතුරකින් බව මා කාලයකට ඉහත ලියූ "මැදපු කමිස මොකුත් නැත" යන කතන්දරයේ දී කියා සිටියෙමි.

කොටින්ම එක් වරක් අපේ නිවසේ රාත්‍රිය ගත කළ මිත්‍රයෙකු පසුදා උදෑසන අපෙන් ඉල්ලූ විට අපේ විදුලි ස්ත්‍රික්කය ඔහුට සොයා දීමට මට සෑහෙන වේලාවක් ගතවිය.

පසුගිය සතියේ මා අසලට පැමිණි මගේ පුත්‍රයා මගෙන් මෙලෙස ඇසීය.

"තාත්තේ මට ෂර්ට් අයන් කරලා ඉස්කෝලේ ඇඳන් යන්න පුළුවනිද?"

"පුළුවනි. හැබැයි ඔයා ඒක පුරුදු වෙන්න ඕනෑ. ඉස්සෙල්ලාම මං පෙන්නලා දෙන්නං ඔයාට කොහොමද ෂර්ට් මදින්නේ කියලා. ඊට පස්සේ මං බලාගෙන ඉන්න කොට ඔයා මදින්න. සති දෙක තුනකට පස්සේ ඔයාටම පුළුවන් වේවි තනියම ෂර්ට් මැදගන්න". මම කීවෙමි.

"ඉතිං ඇයි ඔයාට වෙනදා නැතුව ෂර්ට් මදින්න ඕනෑ වුනේ?" මම ඒ සමගම ඇසුවෙමි.

"ඒවා පොඩිවෙලා නේ, ඒකයි".

පුතා ගේ ඒ කතාවෙන් මට කාරණය වැටහිණි.

පුතාට උවමනා වී ඇත්තේ මැදපු කමිසයක් ඇඳ එක විදියකට පාසලට යන්නය.

පුතා යන්නේ මිශ්‍ර පාසලකට ය.

කොල්ලා ලොකු වී ඇත!

-කතන්දරකාර තාත්තා

ප/ලි:
මීළඟ ප්‍රශ්නය.

මෙළෙස ලොකුවුණු කොල්ලා, එතැන් පටන් යොවුන් වියේ කල් ගෙවා එතැනින් තරුණ-වැඩිහිටි වියට පිවිසෙන දිනය ගැන දැන ගන්නේ කෙසේද?


(image: http://www.charlesmacpherson.com/default.asp?id=shirt-ironing&l=1)

92 comments:

  1. සාමාන්‍යයෙන් නම් කොල්ලො ලොකු වෙන බව දැන ගන්නේ වොශ් රූම් එකේ ඉන්න කාලේ වැඩි වෙන කොට, පිජාමා සරම් වල ලෝක සීතියම් මතු වෙන කොට නේද

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝ එකේ ඉන්නේ කකාද?

      http://www.tubechop.com/watch/1748257

      Delete
    2. @ Mayya

      ඊට කලින් තමයි කොණ්ඩේ පීරන්න, කලිසම ක්‍රීස් කරලා අඳින්න උනන්දු වෙන්නේ!

      දැන් කොල්ලෝ සරම් අඳින්නේ නෑ!

      Delete
  2. ඒ කියන්නේ කකාගේ පුත්‍ර රත්නය ලොකු ළමයෙක් වුනා.
    ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. ඔන්න අපේ අංකල් කෙන්ජිනම් අවුරුදු 4-5 දී විතර තනියම රෙදි මැදගත්තාලු. පොර එතකොට ලොකු ළමයෙක්.
      හා නැද්ද පත්තර, පිල්ලි ජීලා.

      Delete
    2. හුරේ

      කෙන්ජි මාමා නැපි‍ය අඳින කාලෙත් අයන් කරාලු කා වා ..

      ඉපදුනේත් උගුරු ඇටේ මෙව්ව වෙලා කියන්නේ .

      ඒකනෙ අපි අපේ කෙන්ජි මාමට මෙච්චර සලකන්නේ. . !!!

      Delete
    3. @ කාවා,පත්තරේ ;
      බොක්කවල් මම ඉපදෙද්දීම කඩාගන්න ඒවා කඩාගෙන ආව නිසා තමයි 20 වෙද්දී පින පහල වෙන්න ගත්තෙ.
      ඕව හැමෝටම නොලැබෙන පින් ඝනයට වැටෙන්නෙ මගේ පැටව්නේ...

      Delete

    4. අපේ කෙන්ජි මාමා වැඩකාරයා !!

      Delete
    5. @ Kenji

      ජයවේවා! ජයවේවා!

      ඊලඟට සීය කෙනෙක් වෙන කඩ ඉම!

      Delete
  3. මගේ පුත්‍රයාට ත අවුරුද්දක් හමාරක් තිබෙනවා.
    පුතාට නම් එයාගේ අක්කණ්ඩි ඔය ගැන මාසෙකට පෙර කියල දුන්න.
    ඒක අහගෙන ආපු පුතා මගෙන් ඇහැව්වා තාත්ති ට වයස කියේදිද එහම වුනේ කියල.
    හි...හි...හි...

    ReplyDelete
    Replies
    1. මෙන්න හී... හී... කියලා හිරුට යටින් කොමන්ට් දාපු කෙනා.

      Delete
    2. කෙන්ජ් මාම ලොකු ළමයෙක් උනේ අඩු වයසින්නෙ :P

      Delete
    3. අනේ අංකල් කෙනජි‍යේ මට කියලා දීහංකෝ ළමයෙක් ලොකු වෙන්න තව අවුරුදු එකක්, එක හමාරක් විතර තියෙනවා කියලා දැන ගන්නේ කොහොමදෑ කියලා.
      //පුතාට නම් එයාගේ අක්කණ්ඩි // හැක්?
      එතකොට ඒ අක්කන්ඩි කාගේ දුවද?

      (තරහා වෙන්න එපා ආයුබෝවන්. පවුලේ ඥාති අල්ලගෙන මඩ ගහන සිරිතක් මගේ නෑ. ජොක් ඔන්ලි)

      Delete
    4. පිෂ්සුද කාව....මගේ දුව පුතාට වඩා වයස 7 කින් වැඩිමල්.
      එයා මල්ලව ගොඩක් දැනුවත් කරනවා.
      ඒ ගැන මට හරි ආඩම්බරයි.

      Delete
    5. @ Kenji
      කොල්ලන්ට වයසක් දිනයක් හරියටම කියන්ණ බැරි එකයි ප්‍රශ්නේ!

      Delete
  4. HA, HA, MACHO DAN KOLLA HHEN WE GENA YANNE.
    YESTERDAY COMMENTS 41.
    MAWA BLOCK KARANNA VISIBLE AFTER APPROVAL DALA.
    PUKA MOOTTU WELA NEDA,
    MEKATH INVISIBLE THIYA GANNIN MACHO.

    ReplyDelete
  5. තරුණ වැඩිහිටි වෙන්නෙ ලමයෙක් දෙන්නෙක් හැදුවම වගේ නේද :D

    ReplyDelete
    Replies
    1. ඔවු මචෝ. එහෙම හදන ළමයි ලොකු වෙලා උනුත් ළමයි හදපුවාම අරගොල්ල තලත්තෑනි වෙනවා. නැත්නම් අපේ භාෂාවෙන් චමින්දලා වෙනවා. දැන් අපේ අංකල් කෙන්ජි උදාහරණයකට ගන්නකෝ.

      Delete
    2. අන්න නියම උදාහරණෙ :D

      Delete
    3. අපේ කෙන්ජි මාමා 26 +

      Delete
    4. @ සසිදු
      මං මේ අදහස් කරන්නේ ඊට කලින් වෙන සංසිද්ධියක් ගැනයි. අනිද්දාට ඒ කතාව ලියන්නම්!

      Delete
  6. වැඩිහිටියෙක් වෙන දවස දැන ගන්න එක එච්චර අමාරු නෑ නෙද? හැම රටකම වාගේ නිතීයෙන්ම දක්වලා තියෙනවා නොවැ...

    ReplyDelete
    Replies
    1. නීති පොතේ මොනවා තිබුණත් ප්‍රායෝගිකව වැඩ සිද්ධ වෙන්නේ වෙන විදියකට නේ. ලංකාවේ අවුරුදු 18 න් චන්දේ දෙන්න, අරක්කු ගන්න, සිගරට් ගන්න ඵුළුවනි.

      නමුත් ප්‍රායෝගිකව වෙනස් නේ තත්වය.

      Delete
  7. MAGE COMMENTS WALA,
    KUNUHARUPA NATHA,
    3RD PARTY WALATA NINDADA NATHA.
    KATHANDARAYATA ADALA NATHI PRATHICHARADA NATHA,
    BUT, PALAWANNEDA NATHA.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්යෑ,
      කොමන්ටුවේ ඇත්තටම ගත යුතු දෙයක්ද නැත. ඒ නිසා, පල උනාට කිසිම වැඩක්ද නැත.

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ANO NAMIN ENA KAKKO,
      COMMENTS GATHA UTHU WENNA,
      TOPICS DA WEDAGATH VIYA UTHUYA NEDA,
      OYA PUBILIK KORANA COMMENTUWALIN,
      50% MA, GATHA UTHU EWADA.
      PUKA HO.


      Delete
    3. කැපිටල් අංකල්.

      ඇයි වස්තුවේ මෙතනට නැවත නැවත ඇවිත් තමන්ගේ වටිනා කාලය නාස්ති කර ගන්නේ? අද දවසටම අඩු ගානේ තුන් පාරක් ආවා නේද?

      Delete
    4. KAKKA WASTHUWE,
      MAMA METHANATA ENNE,
      OBATA AGAINST EKATA LIYALA
      PODI ATHAL EKKAK GANNA.
      I HAVE LOT OF TIME,
      EVEN IF I COME SO MANY TIMES,
      I DONOT READ YOUR POSTS,
      I JUST GO THROUGH OTHERS COMMENTS

      Delete
    5. කතන්දර තුමා , මේ සිද්ධිය ගැන සිතීමේදී මට මුලින්ම ඇතිවුනේ ඔබ සාධාරණ, අපක්‍ෂපාතී කෙනෙක්ද ද යන ප්‍රශ්නයයි.

      පුද්ගල නිදහස අසුරණ, මානව හිමිකම් කඩකරන, නීති විරෝධී බයි-ලෝස් ඇනෝ අංකල්ට විරුද්ධව ගෙන එන්නේ ඇයි ?

      ඔහු කි සැරයක් එනවාද ? ඔහු කි සැරයක් කොමෙන්ට් කරනවාද යන්න තීරණය කිරීම ට ඔබට ඇති මානුෂික අයිතිය කුමක්ද ? එමෙන්ම කුණුහරුප නැත්නම් එය පල නොකිරීමට ඔබ අමානුෂික ලෙස තීරණය කරන්නේ ඇයි ? මෙය ඔබ තමන්ගේ අධිපති වාදය අසරණ ඇනෝ අංකල් මතින් යැවීමට ගන්නා උත්සාහයක් නොවේද ? ඔහුට කොමෙන්ට් කිරීමට ඇති අයිතිය කප්පාදු කරන්නේ ඇයි ?

      දැන් අහයි උඹට ඇති රුදාව මොකද්ද කියල ...

      Ruined police Marxists X and Y say they stand for human rights any-where
      But when it comes to the rights of ano uncle , kaka shit every-where!

      මා ඇනෝ අන්කල් වෙනුවෙන් කතා කරන්නේ ... මේ සිද්ධියට විරුද්ධව උද්ඝෝෂණය නොකර නිහඬව සිටියහොත්, එය අනිවාර්යෙන්ම මා මුලින් සඳහන් කළ ආකාරයේ කවිවලට අළුතෙන් නිමිති ලබාදීමක් වෙන නිසා.

      තමන් ගේ මතය ඊට හාත්පසින්ම වෙනස් වුනත් වෙනත් අයට ඔවුන් ගේ මත දැරීමට ඇති , ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් කතා කරන අය ඉන්නා බව දැන ගැනීමෙන් ඔබට ජබර කලන්තේ නොසැදෙතයි සිතමි.

      ;)

      Delete
    6. THANK YOU. WELL SAID.

      Delete
    7. කකා , සිරාවට ... ඔබ කරන , කැප් ඇනෝ අන්කල් ගේ කොමෙන්ට් වාරණය සම්බන්ධයෙන් පහුගිය ලිපි දෙකෙන් පමණක් ඔබ ලියපු වාක්‍ය අරගෙන ගලේ ගගහ ගගහ අපුල්ල අපුල්ල ඔබගේ පුකත්වය ( ©2013 කකා) සිය වර , දහස් වර පෙන්නන්න පුළුවන් බලන්න පහත ඒවා ...

      1. කැප් ඇනෝ අන්කල් ගේ කොමෙන්ට් වාරණ අවනීතිය සහ එය පැනවූ අන්දම සාධාරණීකරණය කරන්නට විවිධ හේතු දක්වමින් තැත් කරනවා නම් ඔබ කරන්නේ ඔබගේ අධිපතිවාදය මගින් ඔබට පරිබාහිර කුලකවලට අයිති අයගේ අයිතිවාසිකම් අතික්‍රමණය කර දමන්නටයි.

      2. මෙහි ඇති බරපදල තත්වය තමයි .. කැප් ඇනෝ ... සාකච්ඡා, සම්මුති නෑ. මගේ විදියට හිටපං, නැත්තං තොලොංචි වෙයං!

      3. කැප් ඇනෝ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ පළ කෙරුවේ.

      4. කැප් ඇනෝට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ කැප් ඇනෝට ඔබේ ඇති භීතිය නිසා, ඔබගේ ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ වාරණය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      5. මේ ආකාරයේ පුද්ගල නිදහස අසුරණ, මානව හිමිකම් කඩකරන, නීති විරෝධී බයි-ලෝස් ගෙන ආ කකාගේ බොග තවදුරටත් බොගක් ලෙස සැලකිය හැකිද යන පැණයත් නැගේ.

      6. කැප් ඇනෝ ලියන්නේ තමාට අවශ්‍ය දෙයකි . ඒ සඳහා ඔහුට හෝ ඇයට ඇති අයිතිය කිසිදු ප්‍රායෝගික සහ රාජකාරීමය හේතුවක් නොමැතිව තහනම් කිරීමට ඔබට ඇත්තේ කවර නම් නීතිමය පදනමක් දැයි මට නම් නොතේරේ.

      7. ඔබේ මතය දැරීමට ඔබට ඇති අයිතිය සදා රැකේවා! (පුකෙන් ද ? ( ©2013 කකා) )

      ප /ලි : සමාජ සාධාරණත්වය , යහ පාලනය , මානව නිදහස , මානව අයිතිවාසිකම් , ස්වාධීන විශ්ලේෂණ , astral body ගැන බොහෝ දෙනෙකුට නැව් ටෝක් දිය හැකිය. නමුත් ගැටලුවක් පැමිණි තැන හෝ තමන්ගේ ගෙදර දී ඒ සියලු ටෝක් පුස් ටෝක් වී අහෝසි වී යයි. නිරුවත පෙනෙන්නට පටන් ගනී ...

      කැප් ඇනෝ තමන්ගේ කොමෙන්ට් කිරීමේ ඇති අයිතිය වල් බුරු අයිතියක් බවට පත් කරගෙන ඇති බවට ඔබට තර්ක කල හැකිය. එසේ නම් සමාජයේ ඇතැම් මිනිසුන්ද මානව අයිතිවාසිකමේ නාමයෙන් වල් බුරු , නොගැලපෙන දේවල් කිරීමට ඉල්ලන බවද , බොහෝ දෙනාගේ යහපත උදෙසා එම ඉල්ලීම් නොසලකා ඉවත දැමීමට සිදු වෙන බවද පිළිගැනීමට ඔබට සිදු වේ.

      දුක තමයි කකා ....

      :)

      Delete
    8. @ මහසෝන් පිල්ලිය

      විශ්ලේෂණයට ස්තුතියි.

      ඔබේ උපාහාසාත්මක ප්‍රතිචාරය මම රස වින්දෙමි. ඔබ මෙතරම් වේලාවක් මේ ගැන ගත කිරීම ගැන ද ස්තුතියි.

      කැපිටල් ඇනෝට වී ඇති අසාධාරණය කුමක්ද? ඔහු ඔය කියන කමෙන්ටුව ද උඩින් පලවී තිබේ. ඔය කමෙන්ටු දෙකම මා හොයා ගත්තේ ස්පෑම් ගොඩේ තිබිය දී ය.

      මා වාරණයට කැමති නැති බව ඔබ දනී. මෙන්න මා ඒ ගැන ලියූ ලිපිය.
      http://kathandara.blogspot.com/2013/01/i-hate-censorship.html

      එසේම මේ බ්ලොග් අඩවියේ ඇනෝනිමස් කමෙන්ටු පල කිරීමට ද ඉඩ සලසා ඇත.

      මා කමෙන්ට් වාරණයක් කරන්නේ කුණුහරුප සහිත ප්‍රතිචාර සහ බොට් ලා දමන ඇඩ්වර්ටීස්මන්ට් වලක්වා ගැනීමටය.

      බොට් කමෙන්ටු ගැන මෙතනින් කියවන්න.
      http://kathandara.blogspot.com/2013/02/bot-hit-ouch-ouch.html

      කැපිටල් ඇනෝ එක් වරක් හෝ නොහොබිනා කමෙන්ටුවක් දමා ඇත. නැති නම් එය ස්පෑම් වීමට ඉඩ නැත.

      දැනට සතියකට ඉහත මා මැන්ඩෙලා ගැන් දැමූ කතන්දරයේදී කැපිටල් ඇනෝ යෙදූ කමෙන්ටු කීපයක්ම <a href="http://kathandara.blogspot.com/2013/12/mandela-in-parallel-universe.html?showComment=1386468195674#c9032158325769772810>පාඨක ඉල්ලීමක් මත</a> ඉවත් කරන්ට සිදුවිය.

      එයට හේතුව මිය ගිය පුද්ගලයෙකු ගැන සඳහන් තැනක මෝඩ චූන් අනවශ්‍ය නිසායි. මා ඒ කමෙන්ටු කපා දැමුවා ඟිසක ස්පෑම් කළ බවක් මතක නැත.

      තවත් වැදගත් කරුණක්.

      කැපිටල් අකුරෙන් කමෙන්ට් කරන්නේ මේ කියන කැපිටල් ඇනෝ විතරක් නොවන බව මට විස්තරවලින් පෙනේ.

      එසේම කැපිටල් ඇනෝ ගේ ලිපිනයට සමාන ලිපිනයන් ගෙන් වෙනත් ප්‍රොෆයිල් කමෙන්ටු ද ලැබී ඇත.

      Delete
    9. @මහසොහොන්

      කරුණාකර දැන් ඔබේ ස්ථාවරය පැහැදිලි කරන්න

      Delete
    10. @කකා
      විවේචනයට පරොස් වීමකින් තොරව මහත්මයෙකු ලෙස සැමදා ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි. වල් බුරු නිදහසට මම කොහොමටත් කැමති නැත. ඔබගේ පයෙන් මදක් ඇද සතුටු වුවා පමණකි.
      කැප් ඇනෝ අන්කල් හට identity crisis පැන නැගි ඇති බවද පෙනේ.

      @බු වා
      ඔබගේ ස්ථාවරය(?) අපැහැදිලිය
      උපහාසාත්මක වින්දනය ගැන ඔබගේ අදහස දැනගැනීමට කැමැතියි ....

      Delete
  8. මැදපු ෂර්ට් ඇඳලා , ලස්සණට පුතා ඉන්නකොට කාටද ඉතින් ආඩම්බර? :)

    ReplyDelete
    Replies
    1. ඌටම තමයි.

      මොකද මං මැදපු කමිස අඳින්නේ නෑ නේ!

      Delete
    2. කකා,ඔයාගෙ මැද පු ක මිස දෙක නැතිවෙලා ගොඩක් කල්ද?

      Delete
  9. කකා පුතාට 12 වසරට එනකන්ම ඇඳම් මදින්න බැරිද?
    මම නම් තනියම රෙදි මැදගත්තේ අවුරුදු 10 විතර. හුටා,
    මම එතකොට ලොකු වෙලාද?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර ඉස්තිරික්ක භාවිතයක් නෑ.

      තාත්තලාට කාර් තියෙන කොල්ලෝ හරියට 18 න් කාර් ලයිෂන් අරං එලෝනවා. අපේ ගෙදර කාර් නොතිබුණු නිසා මං කාර් ලයිසන් ගත්තේ වයස 31 දී.

      Delete
  10. එකයි මේ හදිසියේ මතක් උනේ . .. ඉතින් සතුටු වෙන්න එපයි ලොකු පුතෙකුගේ තාත්තෙක් කියල,මට නම් තව අවුරුදු අටක්ම තියනවා අඩුම ගානේ ඔය සතුට විදින්න. . .

    ReplyDelete
    Replies
    1. තානත් තරිකිට තෙයි
      කාටත් ඔය ටික වෙයි!

      Delete
  11. තරුණ වැඩිහිටි වෙන්නේ නම් ඉතිං ළමයි බමයි අතින් කටින් එල්ලං ඉන්න ගිහාම නේ!

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ, ඊට කලින්.
      එහෙනං ඊට කලින් බඳිනවාත් එක්ක නේ!

      Delete
  12. ෂර්ට් මැදලා අඳින්න, කොණ්ඩේ මොකක් හරි ඉස්ටයිල් එකකට පීරන්ඩ, කලිසම් කකුල්වල මඩ දූවිලි ගෑවුනාම මළ පැනලා ඒවා හෝදන්ඩ හෝ පිහදාන්ඩ පෙළඹීම මේ ඔක්කොම එහෙනං වැඩිවිය පැමිණීමේ ළකුණු ඈ...

    ReplyDelete
    Replies
    1. දිනුක කිව්වාමයි මට මතක් වුනේ.

      වෙනදාට හන්දියේ කඩෙන් කොන්ඩේ කොටට කපා ගන්න පුත්‍රයා මේ පාර වලියක් දාලා අම්මා එක්ක ගිහින් ලොකු තැනකින් කෝණඩේ කැපුවේත්!

      Delete
    2. කිසිදු සැකයක් නෑ

      Delete
  13. හෆොයි... පුතාට ඇඳුම් මදින්ට ඉගැන්නුවෙ අවුරුදු දොළහෙදිද?! මං අහලා තියෙනො කොල්ලන්ටත් දවස් විසිඅටේ සයිකල් එකක් තියෙනවා කියල.

    ReplyDelete
    Replies
    1. කව්ද බස්සද කිව්වේ .... එහෙනම් ටිකක් එයාව පරිස්සා කොරලා බලවන්න වෙනවා

      Delete
    2. යශෝදා

      මාත් පොඩි කාලේම මදින්න ෙඊගන ගත්තා ඒ කාලේ පොල්කටු අඟුරු ඉස්තිරික්කෙන්ම. ඒ ඉතිං අපේ තාත්තා සති අන්තයේ ඇඳුම් මදින නිසයි.

      මාස ගානකට පස්සේ අපේ ගෙදර අයර්න් එක එලියට ආවේ ගිය සතියේ.

      Delete
  14. හා......දැන් කවද්ද කොටහලු මගුල ගන්නෙ.. ගන්නෙ..?

    ReplyDelete
  15. කොල්ල වැඩිහිටියෙක් වෙන්නේ ඔය මැදපු කමිස ඇදන් ගිහින් රැ දහය පහුවෙලා ගෙදර එන්න පටන් ගත්ත කාලෙටය

    ReplyDelete
    Replies
    1. ඒ එනකොට කමිසෙ පොඩි වෙලා තිබුනොත් හොදටම බඩු ෂුවර්!

      Delete
    2. බඩු ෂුවර් කියන්නේ??? හනේ අම්මපා තමංගෙ ලමයට ඔහොම කියන තාත්තලත් ඉන්නවා නේ හැබෑටම??? ඒක කකාගේ අයිතිය, හැබැයි මම කැමති නෑ මගේ තාත්තා ප්‍රසිද්ධියේ මං ගැන ඔය විදියේ කතා කියනවාට!!

      Delete
    3. @ Ano
      බඩු ෂුවර් කියන්නේ ස්ථීරව ඔප්පු වුණා කියන එකයි.

      මට ඔබ හිතූ අදහස සිතා ගත හැකිය. මේ එය නොවේ. මැලේ රාල ගේ වැකියට සහ මා එයට ලියා ඇති පිළිතුරු වැකියේ ආකෘතියට ඔබ කියන අදහස ගැලපේද?

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. උගත් පාඩම් අංක 1: කොල්ලෙක් ලොකු වූ බව සරම කැඩීමට අමතරව ශ්ර්ට් අයන්කරන්ට පටන් ගැනීමෙන්ද දැනගත හැක.

    ReplyDelete
    Replies
    1. අන්න හරි.

      ඒ සමගම කොණ්ඩේ හොඳින් හැඩේට කපා නිතර පීරිම.

      Delete
  18. ලොකු වෙන දවස හරියටම කියන්න බැරි වුණාට, ලොකු වෙලාද කියන එක නම් විනාඩි කීපයක් ඇතුලත හරියටම ටැස්ට් කොරලා කියන්න පුළුවන්... ඒ කාලේ බැලු බැල්මට ලොකු වෙලා කියලා පේන්නෙ නැති කොල්ලන්ට ඔය ක්‍රමයෙන් පෙන්නන්න වුණා තමන් ලොකු වෙලා කියලා...

    තරුණ වැඩිහිටි වියට පිවිසීම දැනගන්නේ නේද? .... අනේ මන්දා... අමරකීර්තිගේ අටවක පුත්තු පොතේ නම් තිබ්බා... "ඇය (අනුලා අක්කා?) මියගියේ මා වේගයෙන් වැඩිහිටි වියට තල්ලු කර දමමිනි" වගේ වාක්‍යයක්.

    ReplyDelete
    Replies
    1. මගේ වැඩිහිටි වීමේ තියරිය සරල එකක්. අනිද්දාට කියවන්න.

      Delete
  19. එතකොට කැම්පස් වල (ඒ කාලෙ) හිටපු ගොඩක් එවුන් ලොකු වෙලා නෑ නොවැ, මම නම් ඒකාලෙ මැද පුක මිස ඇන්දෙම නැද්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. මං නං මුල් කාලේ ගෙදර ගිහින් එනකොට මැදගෙන ආවා. අක්බාර් එකෙත් අයන් එකක් තිබුනා වගේ මතකයි.

      හිල්ඩා එකේ හැම වින්ග් එකේම තියෙනවා නේද මෙඩ්ඩෝ නිසා?

      Delete
    2. සෙහ්. . . මම නම් කැම්පස් අවුරුදු හතරෙන් තුනක්ම හොදට හෝදල මැදල ඇදුම් ඇන්ද. . . හෙහ් හෙහ් . . . සමාර එසයින්මන්ට් හිට කරගත්තා. . .

      Delete
  20. කකා
    පිරිමි ලමයි ලොකු වෙලා කියන එකට තව නිර්නායකයක් තමයි
    ඉස්කෝලෙන් කියනවා
    " හෙට එද්දි උඹේ අම්ම හරි තාත්ත හරි එක්ක වරෙන් "
    කියලා.

    අන්න ඒ කියන්නෙ බඩු බනිස් තමා !!!

    ReplyDelete
    Replies
    1. ^ බුද්ධිමත් :D

      Delete
    2. පත්තරේ

      ඒ වගේ අකලංචියක් නං තාම වෙලා නෑ අපේ එකාට.

      Delete
  21. ආඩම්බරයි නේද කකා

    ReplyDelete
    Replies
    1. ආඩම්බරද ජිල්ජෝනා?
      ආඩම්බරයි වැන්දබෝනා!

      (ලන්දේසි දූපත නාට්‍යයේ කෑල්ලක්)

      Delete
  22. ගොන් ආතල්. තමන්ගේ කසිකබල් බ්ලොග් එක hit කරගන්න තමන්ගේ දරුවන්වත් විකුණගෙන කනවා. විලිලජ්ජයි .

    මේවට comment කරන්න කට ඇරන් බලන් ඉන්න ලෝකෙට වැඩක් නැති හාල්පාරුවෝ සෙට් එකකුත් ඉන්නවනේ

    ReplyDelete
    Replies
    1. නිකං වෙස්සන්තර ජාලිය ක්‍රිෂ්ණජිනාව දන් දුන්නා වගේ නේද?

      ඇයි මං කතන්දර හාමිනේ ගැනත් ලියලා තියෙනවානේ කතා මහ ගොඩක්.

      1. කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දුන්නු හැටි
      http://kathandara.blogspot.com/2011/02/blog-post_25.html

      2. සුඋදිවේකහා - HBD2UKH
      http://kathandara.blogspot.com/2012/07/hbd2ukh.html

      3. යකෝ, උඹ බැඳලා නේද බං? - Aren't you married, you bastard?
      http://kathandara.blogspot.com/2011/12/blog-post.html

      9. පොඩි චීනෙට ගොස් පැමිණි හාමිනේගෙන් මට ලැබුණු තෑගි - KK is showered with presents
      http://kathandara.blogspot.com/2011/12/kk-is-showered-with-presents.html

      10. දූරියන් චොකලට් කාලා තියෙනවාද? - Durian Chocolates, oh, yum!
      http://kathandara.blogspot.com/2012/12/durian-chocolates-oh-yum.html

      Delete
    2. 11. හාමිනේගෙන් කතන්දරකාරයා ට ගුටි හෙවත් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයේ සරදම් ස්වභාවය - The irony of domestic violence (but not funny)
      http://kathandara.blogspot.com/2011/09/irony-of-domestic-violence-but-not.html

      12. කහ සාරිය සහ මල් සාරිය -කොල්ලන් ට නොතේරෙන කතන්දරයක්!
      http://kathandara.blogspot.com/2010/12/blog-post_29.html

      13. ස්ට්‍රෝබෙරි ජෑම් කාපු හැටි
      http://kathandara.blogspot.com/2010/12/blog-post_16.html

      14. කතන්දර හාමිනේ පශ්චාත් උපාධි කළ හැටි - What a cruel husband?
      http://kathandara.blogspot.com/2012/03/what-cruel-husband.html

      15. බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ
      http://kathandara.blogspot.com/2010/11/blog-post_19.html

      16. හාමිනේ ගේ බඩු ලයිස්තුව හෙවත් අපි නොදන්න ස්ප්‍රැට්ස්! - What on earth are Sprats?
      http://kathandara.blogspot.com/2012/01/what-on-earth-are-sprats.html

      17. දෙන්නම වැඩට යන විවාහකයින්ට ආදරබර ෆ්‍රයිඩ් රයිස් - Fried rice with love
      http://kathandara.blogspot.com/2013/05/fired-rice-with-love.html

      18. "කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා " - ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක් : Two very short drama sketches featuring Mr and Mrs Kathandarakaraya
      http://kathandara.blogspot.com/2012/12/two-very-short-drama-sketches-featuring.html

      19.ගෑල්ළමයින් ට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්‍රමයකි - Roti making for dummies : A reference for the rest of us
      http://kathandara.blogspot.com/2013/03/roti-making-for-dummies-reference-for.html

      Delete
    3. ANO 4.58 PM.
      UMBA HARI MACHO,
      I AGREE WITH YOU

      Delete
    4. ආයෙ නම් එකෙක්වත් කකාට තරහ අවුස්සන එකක් නැහැ.. . හෙහ් හෙහ්

      Delete
  23. ඉස්සෙල්ලාම දැලි රැවුල කපන දවසේ කොල්ලන්ගේ කොටහළු මගුල ගන්නවා කියල පොඩි කාලේ අපව රවට්ටලා තිබ්බා .

    ReplyDelete
    Replies
    1. මං මුලින්ම රැවුල කැපුවේ කැම්පස් යන්ණ මාසෙකට විතර කලින්. එතකොට අවුරුදු 18 පැනලා!

      Delete

  24. KAKKO, AFTER 24 HOURS YOU HAVE RECEIVED 66 COMMENTS TO YOUR USELESS POST,
    OUT OF WHICH, 05 USELESS COMMENTS FROM ME,
    02 USELESS REPLIES FROM YOU,
    //VISIBLE AFTER APPROVAL// NAM OHOMA THAMA,
    NOW TRY TO GET SOME HALPARUWOS TO COMMENT
    OR PUT SOME ANO COMMENTS


    ReplyDelete
    Replies
    1. ඔබේ කාලයෙන් ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් වෙන දෙයක් කළොත් නරකද අංකල්?

      Delete
    2. METHENAMA THIYANAWA NE OBA LIYANA KISI WEDA GEMMAKATA NATHI KATHA GENA
      PUKA. JEE, CHOO, PADA PUKA, PUKA PIHADAMANA HATI ETC.
      I TOO HAVE TO SAY THE SAME THING TO YOU.
      ME WEDA GAMMAKATA NATHI BOGA NODA, WENA PRAYOJANAWATH DEYAK KALOTH NARAKADA, KAKKA

      Delete
  25. kaka remove this
    http://kathandara.blogspot.com/2013/12/boy-becomes-big-boy.html?showComment=1387230361390#c8690829853048877451

    ReplyDelete
    Replies
    1. ඉවත් කළෙමි. ස්තුතියි. ඔය ක්‍රින කමෙන්ටුව කීප වරක්ම යොදා තිබුණා විවිධ කතන්දරවල. මට එකක් මග හැරිලා.

      මා කමෙන්ටු මොඩරේට් කරන්නට ආපසු පටන් ගත්තේ ඔය නිසයි.

      Delete
  26. ප්‍රශ්නෙට උත්තරේ :
    කොල්ලා 4න් එක දිහා බලාගෙන තනියම හිනා වීම, වැරදිලාවත් 4න් එක වෙන කෙනෙක්ට අහුවෙන්න නොතැබීම , ලැප දාගෙන හොරාට හොරාට එව්ව මෙව්වා කිරීම, වැඩිය කාමරෙන් එලියට නොපැමිණීම යන ලක්ෂණ ඇති වූ විට

    ReplyDelete
    Replies
    1. ඕවායින් සමහරක් දැන්මම තියෙනවා.

      Delete
  27. පුතා ලොකු උනාට කකාට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. තෑන්කූ, තැන්කූ. ඔහේට තව ඉතිං කල් තියෙනවා නොවැ!

      Delete
  28. මීලඟ පෝස්ටුවේ මාතෘකාව

    මෙළෙස ලොකුවුණු කොල්ලා, එතැන් පටන් යොවුන් වියේ කල් ගෙවා එතැනින් තරුණ-වැඩිහිටි වියට පිවිසෙන දිනය ගැන දැන ගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඔව්!
      මං ඔය ප/ලි යේ ලියලා තියෙන්නේ. ඇයි මේ කොපි පේස්ට්?

      Delete
  29. මෙලෙස පෝස්ටු සිය ගණනක් වුවද ලිවිය හැකිය....

    උදාහරණ :

    1.නිවැරදිව වැසිකියකට ඇතුල් වෙන හැටි

    2. වැලිසිකියේ වාඩි වෙන හැටි.

    3. දමන බොග ගණන් කිරීම

    4. පුක හෝදගන්න හැටි.

    5. නැවත කලිසම ඇඳගන්න හැටි...

    මේ විදිහට පෝස්ට් 5ක් එක මාතෘකාවකින් ලිව්වොත් මාතෘකා 20කින් පෝස්ට් 100ක් ලිවිය හැක...

    මේ කමෙන්ට් එක පබ්ලිශ් වේ යැයි මා සිතන්නේ නැත. පබ්ලිශ් වූවොත් එය පුදුමයක්මැයි. ඔබ මෙම කමෙන්ටුව කියෙව්වේ නම් එය මගේ සතුටට හේතු වේ !

    ReplyDelete
  30. දැන් මොකක්ද අවුල?

    මගේ බ්ලොගයේ ලියවෙන්නේ මගේ අත්දැකීම් සහිත මට ඕනෑ කතන්දර මට ඕනෑ විදියටයි.

    ඔය ඔබ කියා ඇති දේ එලෙසම ලියන්නට මගේ අදහසක් නැත. ඒ ඉහත හේතුව නිසායි.

    නමුත් මයිට ලඟින් යන කතන්දර මා ලියා ඇත.

    මේවා කියවන්න.

    1. වැසිකිලියක දර්ශනයක්
    http://kathandara.blogspot.com/2013/02/rainy-day-as-seen-by-grade-three-student.html

    2. චමරියේ අපි චූ කළ හැටි
    http://kathandara.blogspot.com/2010/05/blog-post_12.html

    3. ක්‍ෂණිකව බොග දාන ක්‍රමය
    http://kathandara.blogspot.com/2010/07/blog-post_26.html

    4. පුක පිහදාන කක්කි කොල
    http://kathandara.blogspot.com/2012/03/toilet-papers-and-cleanliness.html

    5. ජොකා ඇඳීමේ නිවරද ක්‍රමවේදය
    http://kathandara.blogspot.com/2011/12/theodolite-assisted-method-to-correctly.html

    ස්තුතියි.

    ReplyDelete
  31. පිරිමි ළමයි වැඩිහිටියො වගේ හැසිරෙන වයසෙදි නීට් එකට ඇදුම් ඇඳිම, කොන්ඩය පීරා හැඩවැඩවිම නිරන්තරයෙන් දකින්න පුළුවන්. අර අම්මා කෙනෙක් කියන ගීයක් තිබුණනේ "පිච්චුන ගිනි කූර අරන් රැවුල අඳින්නේ- පැහැච්චකම් මොටද පුතේ රැවුල වැවෙයිනේ" කියලා.

    ReplyDelete
  32. කොල්ලා ලොකු වෙලා.....කෙල්ලෝ ගෙට වෙයව්....

    මට අපේ බාලම මලයා කමිස මැදපු හැටි මතක් වුනා..හරි දැන් තමයි වැඩේ තේරුනේ.

    ReplyDelete
  33. මගෙ මල්ලිටත් දැන් 13 ක් වෙනවා. මිනිහගෙ සරම නම් ඕනතරම් කැඩෙනවා මන් දැකලා තියෙනවා.ඒ උනාට අපි ඉස්සරහදි නම් ඌට ගානක්වත් නැහැ. එහෙම සරම කැඩුනු සමහර වෙලාවල මන් තමයි ආයෙත් අන්දන්නෙත්. ඌට ඕනෙ කොයි වෙලෙත් අපිට තුරුල් වෙලා ඉන්න තමයි. මලයා තාම ලොකු වෙලා නැතුව ඇති මයෙ හිතේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.