ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 22 December 2013
කෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක් ("සිය වතු දේ - සුර රස දේ"):: Back to the roots
සාමාන්‍යයෙන් කියන්නේ "සියරට දේ - සුර සැප දේ" කියලා නේ. ඒ කතාවෙන් කියවෙන්නේ දේශීය නිෂ්පාදන තමයි හොඳම දේ කියලායි.
මේ කියන්නේ අර අපි පුංචි කාලේ තිබුණු ඝංඨාර මාක් එකේ සරොං ගැන හෝ දේශීය නිෂ්පාදන වෙන ගල් බමුණා, ගහපං මචං, අලහොදි හෝ කටුකම්බි ගැන විතරක් ය කියා වරදවා වටහාගන්න නම් හොඳ නෑ.
ලංකාවේ මිනිස්සු ලෝකේ කොයි හතර දිබ්බාගේ හිටියත් ලංකාවේ තේ ජාතිම හොයලා බොන්නේත් ඒ හින්දා විය යුතුයි.
"සියරට දේ - සිරි සැප දේ" වෙනුවට "පිටරට දේ - සිරි සැප දේ" වෙච්ච කේස් එකක් ගැන මං කලින් කතන්දරයක් ලියලා තියෙනවා. ඒක කියෝලා නැති අයටත්, මතකය අළුත් කරගන්න ඕනෑ අයටත් මෙන්න ලින්ක් එක.
http://kathandara.blogspot.com/2009/12/blog-post_12.html
"සියරට දේ - සිරි සැප දේ" එකේත් හොඳම එක තමයි, තමන් ගේ ගෙදරම හදාගන්න වවාගන්න දේවල් භවිතයට ගැනීම.
අපි පොඩි කාලේ මට මතකයි අපේ ගෙදර වත්ත පහල අම්මායි, මල්ලිලායි, මායි එකතු වෙලා බතල පාත්ති දානවා. මයියොක්කාත් පැල කීපයක් වැව්වා. ඒත් බතල පාත්ති තමයි නැගලා ගියේ. මොකද ඉක්මනටම වැවෙනවා නේ, මාස තුනෙන් මුල් අල ගලවන්න පුළුවනි.
මගේ තාත්තා ගේ පැත්තෙන් සීයාත් ආච්චීත් ගොවිතැනෙන් ජීවත් වෙච්ච අය වුණාට, ඊලඟ පරම්පරාවෙන් ඒක හැලිලා ගියා. ඒ ගොල්ලෝ සේරම වගේ ගුරුවරු.
මගේ අම්මාගේ පැත්තේන් නං ආච්චියි, සීයයි දෙන්නාමත් ගුරුවරුනේ.
ඒ හින්දා පොඩි කාලේ බතල හිටෙව්වාට, පසු කාලෙක ඒ බතල හිටුවීම කටෙන් විතරයි කෙරුණේ.
කතන්දර හාමිනේලා ගේ ගෙදරත් ඒ විදියට එළවළු වගා කරලා තියෙනවා. ඇත්තටම කියනවා නම් සුළු පරිමානයෙන් නොවෙයි, මහා පරිමානයෙන්. මගේ මාමණ්ඩි ඒ පලාතේ අල ගොවිතැනේ පුරෝගාමිකයෙක්. උසස් පෙළ ලකුණු වැඩිවුනේ නැති නං හාමිනේටත් පේරාදෙනියේ කෘෂි විද්‍යාව ඉගෙන ගන්න යන්න තිබුණා!
ඔය තත්වයේ සිඝ්‍ර වෙනසක් මේ පසුගිය දිනවල සිදුවුණා!
ඒක තමයි අපේ නිවස පිටුපස පොඩි කැල්ලක ආදර්ශ ගොවිපොලක් ඇරඹීම. ඔය උඩින් දාලා තියෙන්නේ ඒ එලවළු කොටුවේ එක් පැත්තක පින්තූරයක් තමයි.
පසුගිය සති අන්තයේ ඒ පාත්තිවල මුල්ම පලදාව කඩාගෙන රස විඳින්න අපිට අවස්ථාව ලැබුණා.
මෙන්න ඒ ජාති.
මේ එළවළු උයලා එදා කාපු මොහොතේ තමයි තේරුණේ කෘමි නාශක, වල් නාශක නැතුව වැවුණු අළුත්ම එළවළු කොච්චර රහයි ද කියලා.
මෙන්න ඒ වෑංජන්වල ඡායාරූප.
මෙතනින් බෝංචි සහ වම්බටු ඉව්වේ මායි. බ්ලොග් කියවන පිරිමි පක්‍ෂයෙන් ඉල්ලීමක් ආවොත් ඒ රෙසිපි දෙකත් ලියන්නට පුළුවනි.
ඒ එළවළු වෑංජන්වල රස නිසා මං අර මුලින් කියපු පරණ කියමන මෙන්න මේ ආකාරයට වෙනස් කළා!
සිය වතු දේ - සුර රස දේ!
මෙන්න මගේ බත් පිඟාන. ගෙදර එළවළුවලට අමතරව, සෝයා, පරිප්පු සහ චිකන් ද තිබේ.
බත නං රතු හාලේ වගේ පෙනුනාට ඕක සුදු සහ රතු හාල් වල 3:1 පමණ මිශ්‍රණයක්. තනිකර රතු හාල් කන්න බැරි තරම් තිත්ත ඇයි?
අවසානයේ ඉතිරි වුයේ මෙපමණයි.
-කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
අවසානයෙන් සියල්ල පැහැදිළි වෙනවා
ReplyDeleteසේරම කාලා අර ඇනකොණ්ඩිය වගේ සෑහෙන වෙලාවක් පැත්තක් ගහලා හිටියා.
Deleteපෙත්තා බත් කෑවද?
Deleteකියමන නම් අපුරුයි.
ReplyDeleteබෝංචි ටික සේරම වක් ගැහිලා.වල ටිකක් උඩට යවල එල්ලෙන්න සැලස්සුවනම් කරල් කෙලින් කර ගන්න තිබ්බ.
උයන හැටි නම් මම හොදට දන්නවා.
මැස්ස ගහපු අතට වැල යන්නේ නෑ. ඒ නිසා අනිත් පැත්තට වැඩේ කොළා!
Deleteකෙනජි පෙත්තා බත් කෑවද?
Deleteකෙන්ජි අන්කල් රෑට ඇඳට යන්න ඉස්සෙල්ල සිලිං ෆෑන් එකේ එල්ලිලා ඉන්න එකේ රහස ඒකද ?
Delete:)
අද ඉරිදා නිසා තාම POOL එකේ...
Deleteකෙන්ජි අන්කල් නා කියාගෙනම ෆෑන් එකේ එල්ලෙන්න යන්නේ.
Deleteෆෑන් නම් නැහැ මගේ කාමරේ පුතේ...
Deleteමොකක්දෝ සුදු පාට දිගැටි පෙට්ටියකින් නම් එනවා සිසිලස/උණුසුම.
අද පෝස්ට් එක නම් මාර රසයි. දැක්ක හැටියේ බඩගිනිවෙනවා...:)
ReplyDeleteඇයි පිරිමි ලමයින්ට විතරක් රෙසිපි දෙන්නේ? උයන්නේ ඒගොල්ලන් විතරලුද?:D
හොඳයි ගෑල්ළමයින් ගේ ඉල්ලීම්වලටත් ඉඩ දෙන්නම්.රෙසිපිය දැනගන්න ඕනෑද, එපාද?
Deleteගෙඹි කුමාරයාගෙන් අහාල බලලා කියන්න කෝ!
රෙසිපි දෙන්ටලු. අද රෑට බඩගින්නේ ඉන්ට වෙයිද දන්නේ නෑ...:( :D:D
Delete//අද පෝස්ට් එක නම් මාර රසයි//
Deleteපොඩ්ඩි පෙත්ති බත් කෑවද?
නිවුඩ්ඩ වැඩි හාල් තිත්තයි. ඒක අයින් කරන එකේ ගෙම තියෙන්නේ මෝළේ මැෂින් බාස්ගේ අතේ. ඌට පුළුවන් කැකුළුත් සම්බා කරන්න..
ReplyDeleteඅපෝ අර සම්බා කියන හාලට නං මං කැමතිම නෑ. මහ ජරා ගඳක් එනවා උයන කොට.
Deleteකැකුළු සම්බාත් වැඩිපුර කාලා නෑ.
නිපුන කාරයා, අරලිය කාරයා ඔය හාල් වලට පාට දෙන්න, හාල් පොලිෂ් කරන්න, කුයිල හදන්න, කීයක් ජාති කොරනවද කකා. පිළිවෙලකට මංතුමා දන්නේ නෑ. නැත්නම් ලියලවා.
Deleteබත් උයද්දී රම්පෙ කෑල්ලක් දාන්න.එතකොට බඩගිනි එන සුවදක් දැනේ...
Deleteඋයද්දී හාල් බදුනට දාන්න කලින් ඉගුරුයි ,පොතු පිටින්ම සුදු ලුණු ටිකකුයි තලලා ඕනේ නම් එනසාල් ඇටයකුයි බටර් කෑල්ලක් එක්ක චුට්ටක් තෙම්පරාදු කරලා හාල් වතුර එකතු කරන්න එතකොට ආස හිතෙයි කාකා තුමණි ,
Deleteදෙයියෝ සාක්කි නිකම්ම තම්බලා ගන්න බත් එකට ඔච්චර වදයක් දෙන්න ඕනෙද?
Deleteඅපොයි, ඔයිට මෙයිට වැඩිය හොඳයි දැන් පුරුදු වෙලා තියෙන හීනටි හාලේ බත් කනවා.
Deleteරම්පෙ වැඩේ නම් මාත් කරනවා පට්ට සුවඳයි එතකොට.
Deleteදෙයියනේ හීනටී ඔහේ තියනවද ...................මෙහේ හොයාගන්න හෙනට අමාරුයි , වැව් ඉස්මත්තලගේ වෙල්පෙයා කඩේට එන එව්වා සුටුස් ගාලා ඉවර වෙනවා , ... හේ හේ .. බල්ලෙක්වත් නොගන්න පච්ච පෙරුමාල් ඕන වෙලාවක තියනවා
Deleteඇත්තටම යස්සයෝ නිකම්ම බත් උයනවට වඩා මොනවාහරි දැම්මහම ගතියක් තියනවා
Deleteඅටං දාන්නේ
රම්පේ කෑල්ලයි
සුදුරු ඇට දහයයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
ලුණු හැන්දයි
පොල්තෙල් බින්දු පහයි
(හාල් කප් හතරකට)
ඔහොම උයන බත නිකනුත් කතහැකි
ඒ බෝන්චිද මං හිතුවේ මෑ කරල් කියලා
ReplyDeleteමේක හොඳ රට එක අටම්!
Deleteහැබැයි අර දාර බෝංචි වල වගේ බෝංචි ඇට නෑ.
http://kathandara.blogspot.com/2012/02/how-not-to-cook-beans.html
බෝචිවල මෑ වල ඇට තමයි රසම
Deleteමෑ ඇට කන්න මාත් ආසයි
Deleteහ්ම්ම්...මෑ ඇට හරි රසයි.
Deleteගුණයක් නැහැ කොච්චර කෑවත් .
අටම්තුමා@දවල් වෙලාවක ආයෙමත් පෝස්ට් එක කියවන්න :( ඊයේ ටිකක් වැඩිවෙලා තිබ්බේ මං හිතන්නේ :)
Deleteඅනේ පල කෙල්ලෙ
Deleteඒ රහ වැඩි උනේ තමන් අතින් වගාවක පලදාව ගැන ඇති උන සතුටකුත් එක්ක කන නිසා.මටත් මම කොටු කරන පොඩි කාලෙ ඔහොම හිතුන
ReplyDeleteනෑ, නෑ ඇත්තටමත් රහයි.
Deleteතෙල් දාල උයන එකට කතන්දර හාමිනේ එපා කියන්නෙ නැත්ද?මොකද ඩොක්ටර් කෙනෙක් නිසා
ReplyDeleteබත් කැම අඩු කරන්නයි උපදෙස් ලැබෙන්නේ!
Deleteඅම්මෝ බටු ගෙඩි ටිකේ ලස්සණ!!!
ReplyDeleteපොලිෂ් කරලා වගේ දිලිහෙනවා...:)
ශෝ සෝ ෂෝ..................... මළ කෙළියයි කකා. වම් බටු ගහට ඇස් වහ කට වහ නොවදීවා.
Deleteමගේ ඩිෂ් එකත් හොඳට ආවා. රෙසිපිය පසුව දිනයක දාන්නම්!
Deleteකකාගේ පිඟාන දකිද්දි මට හිතෙන්නේ කකා ව්‍යාන්ජන සමඟ බත් ටිකක් කනවා කියලා.
ReplyDeleteඒක තමයි ක්‍රමේ. නමුත් අපි නොකරන්‍නෙත් ඒක තමයි.
DeleteRaj...+++++++++++++++
Deleteඑල කියමන රාජ්....
Deleteපටන් ගන්නේ ඔහොම බත් අඩුවෙන් කන්න කියලා තමයි.
Deleteඒත් මට නිතරම හොඳි ඬැඩි වෙනවා, ඉතිං බත් බෙදා ගන්නවා. ඊට පස්සේ බත් වැඩි වෙනවා, ඉතිං හොදි ගන්න වෙනවා.....
;-)
අවසාන photo එකෙන් තේරෙනවා ආදර්ශ ගොවිපොළ කොඉතරම් ආදර්ශමත් විදියට කරන්න ඇතිද කියලා......
ReplyDeleteඇත්තටම උස්මුරුත්තාවට එන කල්ම කෑවා!
Deleteහීනියට කොරටුව අයිනෙන් නයි හාමිනේ කෙනෙක් ගියාදත් වගේ හිතුන...
ReplyDeleteTo be frank කොහොමිං කොහොම හරි සෑහෙන්න කෙල තොගයකුත් ගිලුන. කෝකටත් හෙට සිකී එකක් දාල ගෙදර ඉන්න කකා ....
මහසෝන් පිල්ලියට ඕවත් නයිද?
Deleteහෙට වැඩ, ගිය සිකුරාදා නං චක්ඩ් එ සීකී!
මේ කතාව හරියට ජීවිතේ වගේ. අන්තිමේට කටුටික විතරක් ඉතුරු කරල. වෙලාවට එතැනින් නතර වුනේ
ReplyDeleteමොකෝ වැව ඔබ පට්ට බිසී ද...? පෝස්ට් එකක් අපිට දෙන්න බැරි තරම්.
Deleteජීවදතේ සමහර දාට දුකයි නේ. මෙහෙම කන නං සදාකාලික සැපක්!
Deleteනෑ කෙන්ජී අයියා ඉස්සරහට අඩවියේ සැරිසරනවා තෑන්ක්ස් මාව මතක් වුණාට
Deleteකතන්දර මහත්තයා,
ReplyDeleteඔබතුමාගෙ එළවළු වල කෘමි නාශක, වල් නාශක නැති වුනාට පරිප්පු වලයි,සෝයාවලයි,හාල්වලයි ඒවා සුපිරියටම තියෙනවා.
ඒ වගේම හෝමෝන සාත්තුවෙන් හදපු කුකුළගෙ තියෙන්නේත් විසම තමයි!!!
දුලාගේ අඩවියේ™ දුලා
දුලා...ඒ උඹ ඉන්න රටේ...
Deleteකුකුල්ලුන්ට නං හෝමෝන හිටගෙන තියෙනවා නේන්නං මොකද කිකිළියෝ රොත්තකටම ඉන්නේ එක කඛඔකුලා නේ.
Deleteඅපි වවමු - රට හදමු කකා
ReplyDeleteඇයි වගා සංග්‍රාමය කියලා එකක් අහලා නැද්ද? ඒක සැබෑ මානුෂික මෙහෙයුමක්.
Deleteඒ බත් පිගාන දැක්කම බඩගිනි එනවා ,, කොච්චර ශෝක්ද..රතුහාල් එහෙම මිශ්‍ර කරලා අපේ අත්තම්මත් උයන්ව අපි රතු හාල් වලට අකමැති නිසා
ReplyDeleteඔයා මට හොඳට උයලා දෙනවා නේද?
Deleteකෝ මේ පත්තරේ. අපූර්වී තමයි වග කියන්න ඕන පොරට මොනවාහරි උනෝත්.
Deleteකකා අර පඹයාද එළවළු වත්ත බලා කියා ගන්නේ.
ඒ මොකෝ මුන්නා ,,
Deleteපත්තරේගේ කනේ සිනි වැඩි වෙලා.
Deleteඔමායා මාතලන් කියලා තියෙනවා වගේ නිවුඩ්ඩ ටිකක් අඩු කරලා කෙටුවා නං රතුහාල් කන්න ලේසියි!
Deleteසනීප නෑ මචංලා !!
Deleteඉන්ෆ්ලුවන්ස් එකක් බෝ කරගත්තා !!
මගේ පත්තර මල්ලට ඉක්මන් සුවය පතමි...!
Deleteතැන්කියු කෙන්ජි මාමේ
Deleteගෑනිගෙ සාත්තුව හින්දා තමා ඇඟිලි වත් වැඩ කොරන්නේ !!
ස්තූතියි කෙන්ජි මාමේ
Deleteමොනවත් කියන්න ඕන නෑ අන්තිම ෆොටෝවෙන් සියල්ල පැහැදිලියි.
ReplyDeletePraසන්ன ගේ ගෙදරත් නිතරම මේ වගේ නේද?
Deleteනියමයි කකා...මමත් පෝච්චිවල කැරට්,බීට්,ස්ප්‍රින්ග් අනියන්, තක්කලි සහ බෝංචි වැල් දෙකක් හැදුවා. රසේ කොච්චර වෙනසක් තියෙනවාද කියලා හොඳට තේරෙනවා. ශීත කාලේ නිසා දැන් ඔක්කොම කපූට් වෙලා.
ReplyDeleteකකාගේ මේ පොස්ට් එක දැක්කම අරූ අපි පොඩි කාලේ ඉඩමෙ ඉබේ වැවුන,තිබ්බටු තලන බටු තමයි කෑවෙ රසට කඩාගන්න කලවම් මැල්ලුම් සමග.
Deleteපෝච්චිවල කැරට් වගේ අල ජාති හදන්නත් පුළුවනිද? ලොකු ඒවා වෙන්න ඕනෑ!
Deleteකකා මම කැරට් වලටයි අර්තාපල් වලටයි ගත්තේ කොම්පෝස්ට් ගෝනියෙන් බාගයක් විතර වැටෙන ලොකු ප්ලාස්ටික් පෝච්චි. වත්තක් නැති නිසා ජනෙල් අයිනේ පෝච්චි තියාගත්තා. බීට්වලටනම් සාමාන්‍ය පොඩි ඒවා. බෝන්චි වලට අර ගාඩ්නින් සෙන්ටර් වල තියෙන උස බම්බු කූරු ගහන්න වැල යන්න.
Deleteකාකා දන්නවද ඔය මෙගා බෝතල් කැරට් . සහ රාබු වලට නියමයි. බීට් නං හිටවලා නැ
Deleteඒත් ඔයාලගේ ගෙදර තියෙන්නේ ගිනිවතුර බෝතල් විතරනේ කිසිම වැඩකට නැති ... :D
Deleteහරිම ශෝක්... ගෙදර හිටවපු දෙයක් උයලා කනකොට දැනෙන රස වගේම හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බැරි තරම් නේද ...
ReplyDeleteඇත්තටම පුදුම රසක්!
Deleteකඩා ගත්තා ගමන් කිරි රහට බෝංචි කරලක්, මෑ කරලක් චව් චව් ගාලා කද්දී දිව්‍ය ලෝක රහයි. නියමයි කකා වැඩේ නම්
ReplyDeleteපාත්තියේ හිටවපු බීට්රූට් ගහේ කොළත් අපි මලවලා කෑවා පස්සේ දවසක. ඒවාත් මාර රහයි.
Deleteබලාගෙන ගියාම තණකොළත් නරක නැතුව ඇති නේද?
කාටවත් ඇහෙන්න කියන්න එපා අවසාන ටික
Deleteකකා තණකොළ මැල්ලුම් කන විත්තිය කවුරුත් දන්න රහසක් බං
Deleteඔය බත් පිඟානෙ බෙදලා තියෙන පරිමාන වලිනුත් සෑහෙන ආදර්ශයක් ගන්ට පුලුවනි.
ReplyDeleteඊටත් වඩා හොඳ ආදර්ශේ දෙවෙනි පිඟාන.
Deleteතුන්වෙනි එකේ බත් තිබුණේම නෑ. එලෝළුයි, මසුයි විතරයි!
බත් අඩු කරලා වැංජං වැඩි කොරන්ඩ තරං ආර්ථිකයක්වත් වෙලාවක්වත් අපිට නැ කතා . ( මෙහේ ඉන්න ගොඩක් උන් එකක් දෙකක් තම්බන්නෙත් අමාරුවෙන් )
Deleteමෙහෙම කොටුවක් වවාගෙන කන එක කොච්චර වටිනවාද . බඩයි හිතයි දෙකම පිරෙනවා
ReplyDeleteසමහර විට අල්ලපු ගෙදර කොරයුවෙන් හොරෙන් කඩාගෙන කෑවොත් මේච්තර රස නැතිවෙයි!
Deleteරතු හාල් තිත්තයි කිව්ව????
ReplyDeleteඅපේ ගෙදරත් එළවලු වගා කරනව පොඩියට. අපේ තාත්තත් ලිපිකාර වෘත්තියක් කළාට තාත්තගෙ පරම්පරාව ගොවිතැන කළේ. තාමත් කුඹුරු කරනව. දැන් තාත්ත පොඩි එළවළු කොටුවකුත් කරනව, ගෙදර, ගෝව, බටු, මිරිස් වගා කරල තියෙනව.
රතු කීවට මේවා දුඹුරුයි නේ. මිශ්‍ර නොකර ඉව්වාම තිත්තක් එනවා.
Deleteපුතාත් කැම්පස් එකේ පොඩි මල්පාත්තියක් කරනවා නේද?
කකා, ගෙදරින්මයි වාගේ කෑම. මං කියනවාට ඉඳලා හිටලා හොඳ හොටලයකිනුත් කාල බලන්න. එව්වා බොගේ නොදැම්මාට කාරි නෑ.
ReplyDeleteKK monogamous by compulsion!
Deleteගෙදර හෝටලයේ රස මසවුල් තියෙද්දී වෙන හෝටල් හොයන්නේ කුමටද?
Deletemonogamous බයි වොයිස්
"බයි වොයිස්" ?? Wife's voice right? not by choice?
Deleteදිව බොරු කිව්වත් යුනිකොඩ් බොරු කියන්නෙ නෑ
කවුද මේ C අකුරයි, V අකුරයි එක ලඟ දාලා keyboard එක ඩිසයින් කරපු එකා?
Deleteඑකද කතන්දර හාමිනෙට දෙන excuse එක? Good luck KK. Hope you'll survive this disaster in one piece.
Deleteකෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක්
Deleteසියල්ල නැසෙනසුලු යි :-D
ReplyDeleteතාම නං සියල්ල වැවෙන සුලුයි. නැසුනොත් ඊලඟ කන්නෙට ආහු වපුරනවා!
Delete"වවන්නෝම දිනන්නෝය ටීචැර් කිවුවා.....එදා ඉඳන් මමත් මගේ කොඩය වැවුවා....."
ReplyDeleteඅල්ප දයන්නටයි මං ඬැඩියෙනා ආස හෝඩියෙන්
Deleteකොන්ද වකටු අපෙ ටීචර් සිහිවෙයි ඒකෙන්
ගමටම කරපිංචා බෙදිය හැකි ගහක් තියනවා අපේ ගෙදර.. පොඩි පොඩි ජාති ටිකක් අපේ මමණ්ඩි වගා කරලා තියනවා, බලන්න ඕනේ අද ගෙදර ගියාම....
ReplyDeleteපඹයෙකුත් ඉන්නේ...
පඹයෙක් ? චීයා!
Deleteඒ පඹයෙක් නෙමේ - ස්කෙයාක්‍රෝවෙක්
මේක නම් පංකාදුයි කකා... මට නම් පට්ටෙට ඊරිසියයි.... (ලංකාවේ කෑමක් කෑවේ අන්තිමට සැප්තැම්බර්... අනික විවිධ කෑම ජාති 5-6ක් එකට මට නම් දැන් බත් කන්න හම්බවෙන්නෙම නෑ.... )
ReplyDeleteගොඩක් වටින වැඩක්, මමත් පුන්චිකලේ ඉදන්ම ගෝඩක් අසාකලා ගහකොල එකක් ජීවත් වෙන්න, දැන්නම් ඉතින් ලෙඩ්ඩු එක්ක තමයි.. :-)
ReplyDeleteකටට කෙළ උනනවා බං....වවන්නෝ දිනන්නෝ කියලා පැරණි කියමනකුත් තියෙනවනෙ.චිකන් රයිස් පාරක් වගේද මේවල රස නේද??
ReplyDelete