Monday 11 February 2013

වැසි දිනයක දර්ශණයක් : A rainy day - as seen by a grade three student ;-)


මා තුන්වන වසරේ උගන්නා කාලයේ පාසැලේ තෙවන ශ්‍රේණි පංති තුනක් විය. ඒ එක් පංතියක ලමුන් විසි දෙනෙක් පමණ ඉගෙන ගත්හ. අපේ පංතිභාර ගුරුතුමියවූ සෝමාවතී ටීචර් අපට ඉංගිලිසි විෂයය හැර අන් සියළු දේ ඉගැන්නුවාය. පාසැලේ ඉංගිලිසි ගුරුතුමා වූයේ වංකනාසික තිස්ස (මෙය දේශපාලනිකව නිවැරදි අන්වර්ථ නාමයක් නොවේ) සර්ය.

මේ සමගම කිව යුත්තේ, අපේ ගුරුවරියන් ටීචර්ලා වශයෙන් ඉංගිලිසි පදයෙන් හැඳින්නුවද, සර් කෙනෙකු ලෙස ඉංගිලිසි පදයෙන් හැදින්වුනේ වුනේ කලිසම් හැඳි ඉංගිලිසි ගුරුවරයා පමණක් බවයි. අනෙක් පිරිමි ගුරුවරු තිදෙනාම හැඳින්වුනේ මහත්තයා යනුවෙනි. ඒ නිකුලස් මහත්තයා, චන්ද්‍රසේන මහත්තයා සහ ලොකු මහත්තයා තිදෙනාය. ඔව්හූ රෙදි බැනියම්කාරයන් වූහ.

තුනේ පංති තුනක් තිබුනද, වාරාවසාන පරීක්‍ෂණයන් පැවැත්වුනේ නම් සෝමාවතී ටීචර්ගේ 3-ඒ පන්තියටද, ඥණවතී ටීචර්ගේ 3-බී පන්තියටද, මැගිලින් ටීචර්ගේ 3-සී පන්තියටද එකටය. මේ සඳහා පන්ති තුන වෙන් කරන ශබ්ද භාධකයන් වූ කබඞ් යනාදිය පසෙකට කර තරමක ශාලාවක් නිමවා, සියළු මේස පුටු එහි එක් දිශාවකට හරවා ඉඩ කඩ ඇතිව සකසනු ලැබේ. ශාලාවේ එක් කොනක කළුලැල්ලක් ද අටවනු ලැබේ. ඒ විභාග ප‍්‍රශ්ණාවලිය ලියනු පිණිසය. අපේ බොහෝ විෂයයන් සඳහා තිබුනේ ප‍්‍රශ්ණ දහයක් පමණක් බැවින් මෙසේ ලිවීම ටීචර්ලාට අපහසු කටයුත්තක් නොවේ. කළුලැල්ලේ ලියනවාත් සමගම ප‍්‍රශ්ණ හඬ නගා කියවනුද ලැබේ.

සිංහල, බුද්ධාගම, ගණිතය, ඉංගිරිසි යන මූලික විෂයයන්ට අමතරව, ඉතිහාසය, භූගෝලය, ස්වභාව අධ්‍යයනය සහ සෞඛ්‍යය යන විශේෂ විෂයයන් ද මේ වන විට අපි උගත්තෙමු. මීට අමතරව, ප‍්‍රායෝගික විෂයයන් වූ වතුවැඩද, චිත‍්‍රකර්මයද විය.

එක් වාරාවසාන විභාගයකදී චිත‍්‍රකර්ම විෂයය සඳහා අපට නියමවූයේ "වැසි දිනයක දර්ශණයක්" සහ "චීත්ත රෙදි මෝස්තරයක්" අදින්නටයි. මේවා අප සැමට හුරු පුරුදු මාතෘකාවන් විය. මම අඩ පැයක් පමණ ගතකොට වැසි දිනයක දර්ශණයක් ඇඳ නිම කලෙමි. වැස්ස වසී. වංගු සහිත පාරක් ඇත. කුඩ, හබරල කොල ඉහලා ගත් පිරිස් පාරේ යති. වාහන දෙකක් හැපී පාරෙන් ඉවතට පෙරලී ඇත. ළමෝ වතුර පාරවල් වල කඩදාසි ඔරු පා කරති.

අප චිත‍්‍ර අදින අතර ටීචර්ලා තිදෙන ශාලාව මැදට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ.

ටික වේලාවකින් පාසැලේ ලොකු මහත්තයා සැපත්විය. ඔහු ඩෙස් බංකු පේලි අතර සැරිසරමින් ළමුන් වැඩ කරන ආකාරය නිරීක්‍ෂණය කරන්නට විය.

ශාලාවේ ඈත කොනේ සිටි මා මිතුරු සිසුවෙකු ලඟ නැවතුනු ලොකු මහත්තයා මද වේලාවක් මිතුරාගේ චිත‍්‍රය දෙස බලා සිට ඔහුගෙන් කුමක්දෝ විමසන අයුරුත්, මේ වන විට එතැනට පැමිණි ටීචර්ලා තිදෙනාද සමග චිත‍්‍රය දෙස බලමින් සිනාසෙන අයුරුත් මට පෙනුණි.

චිත‍්‍ර විභාගය අවසානයේ දී අප සැම දැනගත් පරිදි සිදුවී තිබුනේ මෙයයි.

විභාග ශාලාවේ ඈත කොනේ සිටි මා මිතුරාට එදින චිත‍්‍ර විභාගයේ මුල් මාතෘකාව ඇසී ඇත්තේත්, පෙනී ඇත්තේත් "වැසිදිනයක දර්ශණයක්" ලෙසින් නොව "වැසිකිලියක දර්ශණයක්" ලෙසිනි.

ඔහු අඩ පැයක් පමණ ගතකොට ඉතා අගනා චිත‍්‍රයක් ඇඳ තිබුනි. එය ගමේ ගොඩේ එවකට සුලභව තිබූ "වල කක්කුස්සි" නමින් හැදින්වෙන ආකාරයේ වැසිකිලියකි. එහි දොර පිටතට විවෘතව ඇත. වැසිකිලි වලද, පා තබන කොටස ද ඉතා හොදින් පෙනේ.

වාසනාවට මෙන් කිසිවෙකු හෝ ඒ මොහොතේ වැසිකිලිය පාවිච්චි කරමින් සිටියේ නැත!!!



-කතන්දරකාරයා


(image: http://blogs.bettor.com/Sri-Lanka-v-Pakistan-Match-Abandoned-due-to-heavy-rain-Cricket-News-Update-a162336)

61 comments:

  1. කතන්දරය කියෙව්වා. හිනා යන්නේ නැත.

    ReplyDelete
  2. අර ඇහැක් විදියට කණක් ඇඳපු එක මතක් උනා.

    මම මේ කල්පනා කලේ කකාට තුනේ පන්තියේ තමන්ගේ ටීචර් විතරක් නෙමෙයි අල්ලපු පන්ති වල ටීචර් ලාද, ඉස්කෝලේ අනිත් සර් ලාගේ නම් ද මෙහෙම හොඳින් මතක තියෙන්නේ කොහොමද කියලා...

    ReplyDelete
    Replies
    1. මේ සේරම නම් ඇත්ත ඒවා නොවෙයි. ඇත්ත ඒවාට සමානව හදාගත් ඒවා.

      Delete
  3. වැසිකිලියක් කිව්වම බ්ලොග් අවකාශයේ අයට ඉස්සෙල්ලම මතක් වෙන්නේ අපේ කකාව නේ. තවත් අරුම පුදුම දුර්ලභ විශේෂාංග රැසක් අද බ්ලොගයෙන් බලාපොරොත්තු වන්න.
    පොඩ්ඩක් ඉන්ටකෝ....

    ReplyDelete
    Replies
    1. ඉවසන්නම් කෝ ඔයා තටමනකම්!

      Delete
  4. පාඨකයෙක් :කමෙන්ට්ස් ටික පබ්ලිශ් කරහන්කෝ කකා.

    කකා : උබ ඔහොම කිව්වට කමෙන්ට් තියෙන්න එපැයි පබ්ලිශ් කරන්න.

    ReplyDelete
    Replies
    1. අංජනම් දේවිගේ සහකරු වගේ බලං හිටිය වගේ කියපු හැටි!

      Delete
    2. පාඨකයෙක් :කමෙන්ට්ස් ටික පබ්ලිශ් කරහන්කෝ කකා.

      කකා : උබ ඔහොම කිව්වට කමෙන්ට් තියෙන්න එපැයි පබ්ලිශ් කරන්න.
      පොඩ්ඩක් හිටපන් මම ඇනෝ කොමෙන්ට් ටිකක් දාල එනකන්

      Delete
    3. කොටින්ම [Anonymous February 11, 2013 at 3:30 PM] එකත් මං තමයි දැම්මේ!

      Delete
  5. වංකනාසික තිස්ස සර් ඕකම ඉගිලිසියෙන් "රේනි ඩේ" එකක් අඳින්න කියා කිව්ව නං, අර වැරදියට ඇහිච්ච එකා ඉතුරු ටිකත් අඳින්න තිබ්බ මයෙ හිතේ..!

    ReplyDelete
  6. වල කක්කුසියේ ඩිමේන්ශන් අප්සේට්...පලලට සරිලන උසක් නෑ....

    ඉංග්‍රීසී ද ඉංගිලිසිද?.......

    ReplyDelete
    Replies
    1. 1. මේක තුන්වෙනි ශ්‍රේණියේ ලමයෙකුගේ චිත්‍රයක්!

      2. E-n-g-li-sh = ඉංගිලිසි (there is no "R" in English!)

      Delete
  7. කෝ යකෝ කමෙන්ට්ස් ???

    ReplyDelete
  8. කතන්දර කාරයාගේ බ්ලොග් සටහනේ ඇති ලිපිද මේ ආකාරය....

    අපි ඉල්ලන්නේ වැසි දිනක දර්ශනයකි නමුත් මොහු අපිට ලබා දෙන්නේ වැසිකිලියක දර්ශනයකි.... අවාසනාවන්ත කරුණ වන්නේ එම වැසිකිලිය ඇනෝ කොමෙන්ටු කරුවන් විසින් භාවිතා කිරීමයි.... කෙසේ වෙතත් මේ දිනවල වැසිකිලිය භාවිතය සීමා පනවා පාලනය කර ඇත.....

    නමුත් වැසිකිලි යාම මිනිස් අවශ්‍යතාවයකි.... එය නීති මගින් පාලනය කිරීමට ගන්නා උත්සාහයේ දී එම සමාජයේ සෞභාග්‍යය ක්‍රමයෙන් නැතිවියනු දක්නට හැකිය....

    කෙසේ වෙතත් මිනිසුන් වැසිකිලි යන ආකාරය බලා විනෝද වන පිරිසක් මෙම සමාජයෙ සිටී.... එවැන්නන්ට කතන්දරගේ බ්ලොගය දැකීමෙන් නොස්ටැගියා එකක් ඇතිවිය හැක......

    ReplyDelete
  9. හොඳ වෙලාවට කවුරුත් වැසිකිලිය පාවිච්චි නොකරන වෙලාවක් වුණේ...;)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, කෙනෙක් හිටියා නම් දොර වහලා නේ, වැඩි වෙනසක් නෑ!

      Delete
  10. කතන්දරයේ ඇති කටුසටහනේ වැසිකිළිය තුල බාල්දියක් තබා නොමැති බැවින් අපට ගත හැකි නිගමනය වන්නේ එය ඇදි පුද්ගලයා පුක නොසෝදන්නෙකු බවය.

    ReplyDelete
    Replies
    1. බාල්දිය ඇතුලේ තියන්නේ ඇයි? එතන ටැප් එකක් නෑනේ. පිටත සිට බාල්දියට වතුර ගෙන ආ යුතුයි!

      Delete
  11. කියවන්නෝ කතන්දර විවිධ අවැසිතා මත කියෙවූවත් මේ කතන්දරය නම් කාලෙකට පසු මම ඇසූ රියල් කතන්දරයක් බව නොකියාම බැරිය...

    ReplyDelete
    Replies
    1. මේක රියල් එකක් තමයි! මං තුනේ පන්තියේදී වුණු දෙයක්. මේ චිත්‍රය ලකුණු දාන්නට බාර නොදුන් නිසා මං විභාගයට පස්සේ දැක්කා!

      Delete
  12. ඇටසැකිල්ල ගැන උගන්නන්න ගිහින් ඇටකැසිල්ල කියල වැරදුන කතාවක් මතක් වුණා මේ පෝස්ටුවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඕල් ඉන් එ ඩේස් වර්ක්! (All in a days work)

      Delete
  13. MONA KATHAWAK LIWWATH KAKKA TA KAKKA NETHUWAMA BEHE.

    ReplyDelete
    Replies
    1. මං හිතුවා ඔයා කක්කා හොයා ගෙන එයි කියලා.

      කෝ අද අර කයි පද ගැන කෑල්ල නැත්ද?

      Delete
    2. ADA KAI LIYALA NAHANE. KAI LIYAPU DAWASATA ENNAMKO KAI PADA BADINNA

      Delete
  14. හික්ස්!නිර්මාණාත්මක කොල්ලෙක්!

    ReplyDelete
    Replies
    1. ත්‍රිමාන රූප ඇඳිමට හපනෙක්!

      Delete
  15. මටත් පස්සෙ ඉස්කෝලෙ ගිය කකා ගෙ ටිචර්ලට මේ නම් තියෙද්දි,මගේ 3වැනි පංතියෙ ටීචර්ගේ නම "ප්‍රීති"උනේ කොහොමද??ඒ ටීචර් හරියටම රේණුකා බාලසුරිය අක්කගෙ,බෝල මුණ,බෝල පපුව,බෝල බඩ,බෝල පුක වගේමයි ශරීර කූඩුව.[අර රොබින් කුරුල්ලව එලවන ඇඩ් එක කලේ වගේ]

    ReplyDelete
    Replies
    1. මං දන්නා තවත් චිචර් කෙනෙක් හිටියා නම මාලනී. නමුත් ඒක ගත්තු නමක්. මුල් නම මාගරට්.

      මං හිටියේ ගමක. ගම්වල නම් ඔහොම තමයි ඒ කාලේ. අනික මේ ටිචර් ලා වැඩි දෙනා පැන්ෂන් ගන්න ඔන්න මෙන්න හිටපු අය.

      Delete
  16. කකාගේ තවත් කක්කා කතාවක්..
    තව එකෙක් වැඩි දිනයක් අඳින්න කිව්වම, තනිකර කළු පාට කොලයක් ටීචට දීලා. මේ මොකෝ ළමයෝ කියලා ඇහුවම් කිව්වලු. වැහි අන්දකාරෙට මුකුත්ම පේන්නේ නෑ කියාලා....

    ReplyDelete
    Replies
    1. කක්කා කතා ලිව්වාට කක්කා වැඩ නෑ, හරිය?

      ඔය කතාවේ වෙන වර්ෂන් එකක් මං අහලා තියෙනවා - එදා ලයිට් කපපු රාත්‍රියක්!

      Delete
  17. සිංහල, බුද්ධාගම, ගණිතය, ඉංගිරිසි, ඉතිහාසය, භූගෝලය, ස්වභාව අධ්‍යයනය, සෞඛ්‍යය, වතුවැඩ, චිත‍්‍රකර්මය...

    ඈ කකා, හොඳටම ෂුවර්ද මේක තුනේ පන්තිය කියලා..!? අපට නම් තුනේ පන්තියෙදි ඔච්චර විෂයයන් තිබුනේ නෑ, ඒකයි ඇහුවේ.. :-O

    ReplyDelete
    Replies
    1. ෂුවර්, ෂුවර් - ඇයි මං අර [http://kathandara.blogspot.com/2012/07/leaping-into-fourth-year-of-existence.html] කතන්දරේත් ලිව්වේ.

      ස්වභාව අධ්‍යයනය, ඉතිහාසය, භූගෝලය සහ සෞඛ්‍යය අච්චු පොත් පවා තිබුණා. ඒවා ලියා තිබුණේ පී. රූබන් පීරිස්.

      (වතු වැඩ මට දැන් හිතෙන්නේ හතරේ පන්තියේ ද කොහෙද)

      බුද්ධාගම පොත ජයසේකර අබේරුවන්. අනිත් පොත් ආණ්ඩුවේ ඒවා.

      Delete
  18. කතන්දර බ්ලොගයද වත්ත පහල පාළු වෙන්නට හැරි වල කක්කුස්සියක් සිහි කරවයි. ඉදහිට අයෙක් දෙන්නෙක් ඇවිත් කක්කා දැම්මද වැඩි වචයෙන් පාවිච්චි කරන්නේ වත්තට හොරෙන් ඇතුළු වන්නන් වේ. සමහරු කක්කුස්සිය් වටේට චූ දමා කැත කරයි. දුගඳ ද හමයි. කක්කුස්සිය වටා ගණ සැරේට වල් බිහිවෙයි. ගෙදර අයටද ගානක් නැත. එහෙත් ගෙදර අයද ඉදහිට ප්‍රයෝජන ලබයි.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඉඳහිට ඔබ වැනි මී මැස්සියක ද පැමිණ කමෙන්ටුවක් තබා ආපසු හැරී යයි!

      Delete
  19. //මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    අඩ පෝස්ට් එකට අදාල වන මාතෘකා පහත දැක්වේ

    වල කක්කුස්සිය
    කක්කා
    චූ දැමීම
    කකා
    කක්කුස්සියට පැමිණෙන්නන්
    හෝදගැනීමට භාවිතා කරන වතුර බාල්දිය
    පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිනිස ඇති ලෑලි දොර
    බොග
    බොග දැමීම


    මීට අමතරව

    කොමඩ් එක
    ශවර් එක
    ටොයිලට් පේපර්
    සනීපාරක්ෂක තුවා

    යන මාතෘකාද යම්කිසි අදාලත්වයක් තිබිය හැකි අතර ඉහලින් ඇති මාතෘකා වැඩි අදාලත්වයක් උසුලයි. එහෙයින් එම මාතෘකා වලට අදාලව කමෙන්ට් කරන කරන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. එසේ නොකරන කමෙන්ට් වාරණය විය හැකි බව කරුණාවෙන් සලකන්න.

    මෙයට,
    කතන්දර බ්ලොග පාඨක සංගමය

    ReplyDelete
    Replies
    1. දවසේ හොඳම කමෙන්ටුව!!!

      Delete
    2. ඇගයිමට ස්තුතියි කකා

      Delete
  20. ඊලඟ පෝස්ට් එකේ මාතෘකාව වැසි දිනයක වැසිකිලියක දවසක් !
    හික්ස් :)
    කමෙන්ට් ටිකයි පෝස්ට් එකයි පට්ට ය.

    ReplyDelete
    Replies
    1. ඇයි මගේ පිළිතුරු ටික?
      අද මද විවේකයක් ලැබුණා!

      Delete
    2. //අද මද විවේකයක් ලැබුණා!

      ඔය ටික නොකිව්වත් හැම කමෙන්ට් එකටම රිප්ලයි වැටිලා තියෙන එකෙන් ඒ බව පසක් වෙනවා.
      සුබ රාත්‍රියක් කකා.

      Delete
  21. පව් අහිංසකයට එතකොට ඒකට ළකුණු ලැබුන්නෑ?

    ReplyDelete
  22. අපාරදේ අච්චර කැටයම් දාලා චිත්රේ අඳින්න ගත්ත මහන්සිය

    ReplyDelete
  23. //වාහන දෙකක් හැපී පාරෙන් ඉවතට පෙරලී ඇත//
    මට වැසි දිනයක් අඳින කිසිම දවසක මේ වගේ දෙයක් මතකයට ආවෙ නැහැ.

    ReplyDelete
  24. මේක මං අහපු කතාවක් හැබැයි ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ...

    කටු බැද්ද කැම්පස් එකේ ආකි ෆැකල්ටියට ඇතුලත්වීමේ විභාගයක් තියනවනෙ. ඒකෙදිත් චිත්‍ර දෙකක් අඳින්න ඕනේ. එක පාරක් එක චිත්‍රයක මාතෘකාව වෙලා තියෙන්නෙ "වැසි දිනයක්" කියන එක. හැමෝම ලස්සන ලස්සන චිත්‍ර අඳිනවලු.(මේකට ගොඩක් ඉන්නෙ ඉස්කෝල වල චිත්‍රවලට කප් ගහපු බුවාලා බුවීලා).
    ඒත් එක පොරක් දුඹුරු පාට (මඩ පාට ) දුය සායම් දිය කරලා , පොරගෙ සපත්තු මේස් ගලවලා, කකුල සායම් එකේ ඔබලා තිබ්බලු කොලේ උඩින් කකුල. ඒක තමයි පොරගෙ චිත්‍රෙ. කතාවෙ හැටියට කියන්නෙ පොර විභාගෙන් උඩින්ම පාස් උනා කියල තමයි.

    ReplyDelete
  25. මම නම් පෝච්චි තියෙන කක්කුස්සි වලට වඩා ආස වල කක්කුස්සි වලට.
    කක්කා වැටෙනකොට ඇහෙන බොග් බොග් සද්දෙට මම ගොඩක් ආසයි. ඒකෙන් අපි ගැන ගන්නවා කොච්චර කක්කා ගොඩක් දැම්මද කියලා. පෝච්චි කක්කුස්සි වල ඒ ආතල් එක නෑ.

    ReplyDelete
  26. අපි ඊලග කතන්දරයට දාමු වැසි දවසක පොදු වැසිකිලියක් කියල.... ඇනෝ අර කකා හන්ගන් ඉන්න පෝස්ට් එකත් නිකන් ඒ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.
      ඒ පෝස්ට් එකත් හරියට පොදු වැසිකිලියක් වගේ. වැසිකිලියට ගියපු අය බිත්තිවල අනන් මනන් කුරුටු ගාලා. ඒත් ඒ කුරුටු අතර කිසිම කුණුහරුපයක් නැහැ. බිත්තියේ කුණුහරුප ලියන්න තරම් එදා වැසිකිලියට ගියපු අය පහත් තත්වයට වැටිලා නෑ. එහෙම උනත් වැසිකිලිය නඩත්තු කරන හාදයාට (මගේ ආදරනීය කකාට) කේන්ති ගිහින් නඩත්තු කිරීමට කියලා ඒ වැසිකිලිය තාවකාලිකව වහලා !

      -හුරතල් ඇනී-

      Delete
  27. නියම කතාවක්.... අපේ පැත්තෙත් එන්න.

    ReplyDelete
  28. kakka, jee, pada, kakussiya, comode, beti adiya nathi thana kathandarath nahe.

    ReplyDelete
  29. ඇනෝ කොමෙන්ට් වැටීම වැලැක්වීම පිනිස කකා කොමෙන්ටු අප්ඩේට් කිරීම හිතා මතා ප්‍රමාද කරනු පෙනේ.... කකා බ්ලොග් කන්සල්ටන් කෙනෙක් චැනල් කර ඇත......

    ReplyDelete
  30. මේ වැඩේ නම් කරන්න බෑ කකා. එක්කෝ මොඩරේශන් අයින් කරන්න එහෙම නැත්නම් පැයකට සැරයක්වත් වාරණයට ලක් නොවූ හෝ ඔබ විසින් පල කල යුතු යැයි තෝරා ගන්නා ලද කමෙන්ට් ටික පල කරන්න, එහෙම බැරි නම් මේ කෙහෙල්මල අතරලා දාන්න.

    ඇයි යකුනේ, අපි ආසාවට කමෙන්ට් එකක් රස විඳින්න ආවහම පරණ කමෙන්ට් විතරමයි තියෙන්නේ. නෙද්දකින් !

    මෙයට,
    කකාව සුරැකීමේ ජාතික සංවිධානය

    ReplyDelete
  31. වාසනාවට මෙන් කිසිවෙකු හෝ ඒ මොහොතේ වැසිකිලිය පාවිච්චි කරමින් සිටියේ නැත!!!

    :D :D

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු අනේ

      Delete
  32. මදෑ බත් කන ගමන් කතාවක් කියවන්න ගියා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.