Thursday 7 March 2013

කොච්චි, කෝච්චි සහ කෝපරේට් නිදිමත මැද්දේ කතන්දරකාරයා ගේ දවස ගෙවුණු හැටි - Red hot chillies


ඉස්සර අපි සමහරු දිනපොත් නැත්තම් ඩයරි ලිව්වා මතකද? පස්සේ කාලේ කම්මැලිකමටම මං නම් මේ වැඩේ අතහරලා දැම්මා.

දැන් ඉතිං බ්ලොග් ලිව්වාට ලියන්නේ බොහෝවිට පරණ කතන්දර මිසක් එදිනෙදා සිදුවෙන දේවල් නොවෙයිනේ.

හැබැයි බ්ලොග් එහෙම නැත්නම් වෙබ් ලොග් එහෙම නැත්නම් ජාල සටහන් කියන එකේ මුල් අරුත නම් ජාලයේ දින සටහන් කියන එකයි මට හිතෙන විදියට.

ඒ මොනවා වුනත් මට අද හිතුණා මංතුමා ගේ ජීවිතයේ 2013 මාර්තු 6 බදාදා දිනය ගෙවි ගිය හැටි ගැන කෙටි සටහනක් ලියලා දාන්න ඕනෑ කියලා කතන්දර බ්ලොග් එකට.

ඔන්න මං අද වෙනදා නොකරන විදියට උදේ හයටත් කලින් නැගිට්ටා. එලාම් එකට ඇහැරුණත් තව පොඩ්ඩෙන් ආපහු නින්ද යනවා.

කලින් නැගිට්ට හින්දා අද මං හැදුවේ එක තේ කෝප්පයයි. හාමිනේට තේ දීලා නැගිට්ටවන්න හිතුවේ නෑ.

හාමිනේ නැගිට්ටා නං මට දවල්ට කන්න දෙයක් හදලා දෙනවා. ඒත් අද ඒක අනවශ්‍යයයි.

තේ එක බොන ගමන් ඊ-මේල් බලලා, බ්ලොග් එකේ පෙරේදා දාපු "දේශප්‍රිය ලංකාපුත්‍ර යුවලගේ ඉන්දියානු සංචාරය" කතන්දරේට ඇවිත් තිබුණු කමෙන්ට් කීපයක් අනුමත කළා.

ඉන් පස්සේ දඩිබිඩි ගාලා, ඇඟ හෝදලා, ඇඳ පැලඳගෙන කෝච්චිය අල්ලන්න දිව්වා.

ඔෆීසියේ අද දවස පුරා මීටිමක්. අපේ මාසික රැඟුම. උදේ අටහමාරට පටන් ගත්තු තොවිලේ ඉවර වුනේ හවස පහත් පහුවෙලයි.

මීටිමේ කතාබහ නතර කෙරුණේ උදේ හවස තේ බොන්නයි, දවල්ට කන්නයි විතරයි. ඔෆිසිය ගානේ ලැබුණු ලන්ච් එකට නම් වරදක් කියන්න බෑ.

ප්‍රාදේශීය කාර්යාලවලින් මීටිමට ආපු අයත් එක්ක හවස් වරුවේ පොඩි සෙට් වීමක් තිබුණත් මං ඒකට නොහිට ගෙදර ආවා.

මොකද හෙටත් (මාර්තු 7) උදේ අටහමාරේ සිට මුළු දවසම ලොකු වර්ක්ෂොප් එකක් තියෙනවා. ඒකේ වැඩ කටයුතු කීපයක්ම බාරව ඉන්නේ මංතුමා නිසා හෙටත් උදේ ම යන්නත් ඕනෑ.

දැන්නම් රෑට කාලා, බීලා, බ්ලොග් කියෝලා, දවසේ සේවා කටයුතු කරලා අහවරයි.

මේ පෝස්ට් එක එහෙට උදේ පබ්ලිෂ් වෙන්න දාලා නිදා ගන්න යන්න විතරයි තියෙන්නේ.

උදේත්, හවසත්, කෝච්චියේ යන එන ගමන් පොඩි නින්දක් ගහන්න ලැබුණු එකයි, බෝතලේකින් සෙන්ටිමීටර් එකක් විතර අඩුවෙච්ච එකයි ඇරුණාම අද වෙච්ච වැඩි දෙයක් නෑ.

ඔබ සැමටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය උඩින් තියෙන්නේ හාමිනේගෙන් මට දැන් සති තුනකට කලින් පෙබරවාරි 14 දා ලැබුණු වැලන්ටයින් ත්‍යාගයයි.

ඒක හදවත් හැඩයේ රතු කොච්චි මිරිස් පැලයක්. මෙන්න ඒකේ ක්ලෝස් අප් එකක්.

40 comments:

  1. තෑග්ගෙන් තේරෙන්නේ කතන්දර කොච්චි මිරිස් කරලක් වගේ කියලද? :D

    ReplyDelete
    Replies
    1. නෑ බබා.
      ඕකෙන් කියන්නේ කතන්දර හාමිනේ තාමත් හොට් කියන එක නේ.

      Delete
    2. නැහැ කතන්දරගෙ සයිස් එක ගැන තමයි ඔය කියල තියෙන්නෙ......

      Delete
    3. @ Podi Kumarihami
      හොට් මදි කියා විය යුතුයි.

      Delete
  2. ඔය තෑග්ගෙන් කියවෙන්නේ කතන්දර හාමිනේ කොච්චි මිරිස් කරලක් වගේ සැර‍යි කියන එකද ? එහෙමත් නැත්නම් කොච්චි මිරිස් කරලක් වගේ හොට් කියන එක ද ?
    පහදා දෙනු මැන කකා.

    ReplyDelete
  3. හොට්ම හොට් තාග්ගක්නේ කකා ට වැලන්ටයින් ඒකට හම්බෙලා තියෙන්නේ! එතකොට කකා දුන්නේ මොනවාද?

    ReplyDelete
    Replies
    1. ජොකෙක් !

      Delete
    2. @ නාඩියා
      මං දුන්නේ හාට් ෂේප් එකේ චොකෝ එකක්.

      Delete
  4. වටින සිරා තෑග්ගක් .....

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් කල තුන්වෙනි කෙනා ලෙස ඔබ චූ බෑගයක් ජයග්‍රහණය කර තිබෙනවා.
      ඉදිරියට පැමිණ ත්‍යාගය පිලිගන්න.

      Delete
    2. කියා ගන්න බෑ
      ඔව්, වටිනාකම කියාගන්න බෑ!

      Delete
  5. කමෙන්ට්ස් කෝ යකෝ

    ReplyDelete
  6. KAKKA buwata ude patan paha wanathuruma meeting ekaka. Meetime weda wedi kamata joka galawila, choo gihin, pada gihin, jee gihin, awasanaye sukrath 5 wela.

    ReplyDelete
    Replies
    1. කක්කා බුවා පහ වෙනකන්ම 'කජු බිස්නස්' කර කර ඉන්න ඇති.

      Delete
  7. comments hanga gena indala athinuth dala thogayakma eliyata ei.

    ReplyDelete
  8. ඒ මිරිස් කරල් වල හදවත් හැඩයක් පේනවද හැබෑටම ? දින චරියාව දානවා කී හින්දා මාත් දුවන් ආවා..හොට් හොට් එව්වත් දාලා ඇතියි කියලා..අනේ මන්දා ???

    ReplyDelete
    Replies
    1. හොට්, හොට්, හොටේ හොට්, ඔය කොච්චි මාර සැරයි!

      Delete
  9. //උදේත්, හවසත්, කෝච්චියේ යන එන ගමන් පොඩි නින්දක් ගහන්න ලැබුණු එකයි, බෝතලේකින් සෙන්ටිමීටර් එකක් විතර අඩුවෙච්ච එකයි ඇරුණාම අද වෙච්ච වැඩි දෙයක් නෑ.

    I cant understand this couple of lines. what did you mean ??

    ReplyDelete
  10. අද පෝස්ටුවෙන් පස්සේ කකාගේ පවුල රැකේ ද ??
    ඔබේ පිලිතුර ඔවු Y නම් ලෙසද නැත N නම් ලෙසද Type කර 7788ට SMS කර වටිනා ත්‍යාගයක් දිනාගන්න.

    ReplyDelete
  11. කකා හොද කෙනෙක්නේ.. දවසටම සෙන්ටි මිටරයය් බෝතලෙන් ඉවර කරලා තියෙන්නේ... එහෙම නං මාසෙටම එකක් ඇතිවෙයි.. බලන්න ඕන මේ ක්‍රමට මටත් ගැලපෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. ටිකයි, හොඳයි, හීනියට!

      Delete
    2. හීනියි දිගයි හයියයි

      Delete
    3. අපිට ඕක ගැලපෙන්නෙ නැහැ නලී,අපේ උගුර හැදිල තියෙන්නෙ අගල් වලින්නෙ :).

      Delete
  12. ප්‍රොෆයිල් කාරයොන්ට විතරක් කමෙන්ට් රිප්ලයි දාලා තියෙන්නේ අපිට (ඇනෝලට) රිද්දන්න හිතාගෙනද ?
    ඒවා නම් හඳේ !

    ReplyDelete
  13. ඔය දිනේට දෙන්නෙ පැණි රස දේවල්.ඔබගේ දයාබර හාමිනේ තුමිය ඇයි දන්නෙ නැහැ පලදාවත් සමග සැර පැලයක් දුන්නෙ.ඕක සෙන්ටි මීටර් දහයක් විතර අහවර කරල තමයි කල්පනා කරන්න ඕන.ඒ අතින් මගේ හාමිනේ රත්තරන්නෙ.එදාට විතරක් "සැර"වචනයක්වත් කියන්නෙ නැහැනෙ :).

    ReplyDelete
    Replies
    1. සෙන්ටිමීටර් එකක් විතරක් බීලා නතර කරන්නත් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනෑ!

      Delete
  14. Is this true 'Kochi?' plant? Where can I buy this? Davasak Mama battaramulla, diyavanna gavata aapu velave plant sale ekak thibba.. eke chooti plant ekakata 8500/= kivva.. Ape aachchi ganna epa kivva. Aachchita ekaale loku kochchi vagaavakma thibbalu. nikan boru kathaa. apinam eka vishvaasa karanne naha. Gamvala koheda me vage plant sales thiyanne. aachchiva den mahalu madamakata yavannai inne. meka lassanai..koheda ganna puluvan? aachchita horen thamai ganna one. mata ganna puluvan thanak kiyanna.

    ReplyDelete
    Replies
    1. Ane Kathandara uncle mata meke price ekath koheda ganna puluvan kiyalath aunty gen ahala kiyanna. Mom gen karadara mehe.

      Delete
  15. ඒ මිරිස් කරල් වල හාට් එකක් හැඩයක් කෝ? ඔය කොච්චි එච්චර සැර නැහැ නේද කකා?

    ReplyDelete
    Replies
    1. හාට් ශේප් එකක් හිට්යෙනව කියලා හිතාගෙන බලන්න ඕන කොල්ලෝ.
      උබලට තාම ඕවා තේරෙන් නෑ. උබලා පොඩි වැඩියි.
      කවදහරි බැඳපු කාලෙකට ගෑනි, රවුම් පිගානක් ගෙනත් දීලා මෙන්න මං හඳ ගෙනාවා කියලා කිව්වොත් ඒක හඳමයි කියලා හිතාගෙන බලන්න ඕන.
      මේක හඳ නෙමෙයි. මේක පිඟානක් නේ කියලා බලහන්කෝ මොකද වෙන්නේ කියලා.
      පවුල රැකේ එදාට !!

      Delete
    2. @ නිශාන්
      ඔළුවෙන් හිටගෙන බලන්න. එතකොට පේනවා!

      Delete
  16. සෙන්ට්මීටරයක් අඩු වුන බෝතලයේ විෂ්කම්භය ගැන අදහසක් දෙන්න පුළුවනිද?

    ReplyDelete
    Replies
    1. ඒක සාමාන්‍ය එකක්.
      සෙන්ටිමීටර් එකක් විතරක් බීලා නතර කරන්නත් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනෑ!

      Delete
  17. ඇයි කකා බෝතලයෙන් සෙන්ටිමීටරයක් අඩු වෙච්ච එක විතරද දැක්කේ? ජීවත් වෙන්න තිබ්බ දවසක් අඩු වෙච්ච එක දැක්කේ නැද්ද ?
    දවසින් දවස අඩුවෙලා ගිහින් ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා.
    අද අද එයි මරු පින් කර ගන්නේ.
    මේ නිසා දහම කෙරෙහි සිත යොමු කරනවනම් හොඳයි. නැත්නම් කකාට ඊලඟ භවයෙදි මනුෂ්‍ය ආත්මයක් ගන්න අමාරුයි. පින් කර ගන්න කකා මහත්තයෝ.. පින් කර ගන්න.

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !


    මනසින් දිවියට ගොඩවදින්න (සරල බව හා තදබල උනන්දුව)

    ReplyDelete
  18. බොනවා කියලා කියන්නත් ඕනෑ.
    කණමදයා වගේ නම් බොන්නෙ නැහැ, ගානට ජෙන්ටල්මන් වගෙයි බොන්නෙ කියලා කියන්නත් ඕනෑ.
    කොච්චර වයසට ගියත් වයිෆ් හරි ලව් කියලා කියන්නත් ඕනෑ.

    මම හිතුවේ මේ ප්‍රශ්න තියෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට කියලා.
    බලපුවම කතන්දර කාරයන්ටත් එහෙමනේ,
    එහෙමනම් මොකට ද කතන්දර කියන්නේ?

    ReplyDelete
  19. මගේ කමෙන්ට් එක වාරණය උනා ද

    ReplyDelete
  20. අඳ කඩිච්ච දෙන්

    පුක පලිච්ච දෙන්

    මන් මරිච්ච දෙන්

    අතුලටම කවුවන්න මාත්තියා ,අතුලටම කවුවන්න

    ReplyDelete
    Replies
    1. පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ.
      මෙන්න ඒකට සාක්කි

      http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

      Delete
  21. හුටා නෝනා කකාට රෝස මල් වෙනුවට කොච්චි මිරිස් පැලයක් දීල තියෙන්නේ මේකේ යටින් මොකක් හරි සැඟවුන පණිවිඩයක් කකාට හාමිනේ දීල තියෙන්නේ . කකා හිත හදාගන්න මේකේ හාට් ශේප් එකක් තියනවා කියල හිතනවා.එහෙමත් නෑ. කකාට මිරිස් දීමේ සැඟවුන අරුත කුමක්ද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.