Wednesday 27 February 2013

කතන්දරකාරයා ගේ නිරුවත හෙළිවේ (ඇඩම්ස් ඔන්ලි) - Kathandara Karaya in drag (with photos)


මේ දවස්වල සිංහල බ්ලොග් ලෝකයේ වැඩ කෝටියයි.

නිරුවත හෙළිවෙනවා.
පුකත්වය හෙලිවෙනවා.
ඒ අල්ල පනල්ලේ ඒ අනං මනං ගැන කතන්දරත් ලියවෙනවා.

මං ලියපු බාලචන්ද්‍ර දරුවාගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන් කියන ලිපිය පලවුණාට පස්සේ ඒ කාරණය ටයිටලේට අරගෙන ශිශිර නිද්‍රාවෙන් මේ ළඟදී අවදි වුණු ඇනෝනිමස් ආතල්කාරයා පොඩි ලියුං කෑල්ලක් ලියලා දාලා තිබුණා.

ඒකේ තිබුණු උත්ප්‍රාසය තේරුම් ගන්න තරම් මස්තිස්ක වත්කමක් නොතිබුණු සමහර ඇනෝලා ඒ ගැන කියපු එක එක කතාවලට විනෝද සමයත් පරාදයි. අර කාලෙකට කලින් වර්ගපූර්ණිකාව බ්ලෝග් එක ගැන අපූරු කමෙන්ට්ස් දාපූ විදූ ගොයියාව සිහිවෙන ජාතියේ කමෙන්ට්ස් පවා ලැබිලා තිබුණා ඇනෝනිමස් ආතල් ගේ ලිපියට.

ඔය කේස් එක යන අතරේ මට මතක් වුණා ඇත්තටම කතන්දරකාරයා ගේ නිරුවත එළිවෙච්ච දවසක්.

මෙන්න ඒ ගැන පොඩි විස්තරයක් ඡායාරූප සහිතව.

මේ කාලේ මංතුමා හිටියේ පස්තාච්චි කුපාඩි වැඩකට තායිලන්තේ තියෙන ආසියානු තාක්‍ෂණික ආයතනයේ. නවක ශිෂ්‍යයින්ව පිළිගන්න තිබුණු උත්සවයට සම්ප්‍රදායානුකූලව පොඩි නාට්ටි කෑල්ලක් කරනවා විවිධ රටවලින් එතන ඉගෙන ගන්න ආපු ශිෂ්‍යයෝ.

මේ සැරේ අපේ ලංකාවේ සිසුන් කණ්ඩායම තීරණය කළා රූප සුන්දරී තරගයක් ඉදිරිපත් කරන්න. මෙතන වෙනස තමයි සේරම රූප සුන්දරියන්ට ආවේ කොල්ලෝ ගෑණු ඇඳුම් ඇඳලා, අර ඉස්සර ටීටර් කාලේ වගේ. කෙල්ලෝ ටික හිටියා විනිශ්චය මණ්ඩලයට.

එදා තමයි කතන්දරකාරයා ගේ නිරුවත හෙළිදරව් වෙච්ච එකම දවස.

මෙන්න එදා ගත්තු ෆොටෝ දෙකක ප්‍රින්ට්ස් දෙකක අද ගත්තු ඩිජිටල් ෆොටෝ දෙකක්.

මුලින්ම ෂෝ එක ඉවර වෙලා අපි ගත්තු සමූහ ඡායාරූපයෙන් කොටසක්. අනිත් රූප සුන්දරියන් සහ විනිශ්චය මණ්ඩලය කපලා දැම්මා.


මේ රූප සුන්දරී පැරේඩ් එකේ දී "මිස් එනර්ජි ටෙක්නොලොජි" වේදිකාවට ආ විදිහ. පසුපසින් ඉන්නේ "මිස් හියුමන් සෙට්ල්මන්ට් ඩිවෙලොප්මන්ට්" සහ "මිස් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරිං". ඒ දෙන්නගේ මූණූ නං පේන්නේ නෑ.


දැක්න නේද කතන්දරකාරයා ගේ නිරුවත හෙළිවුණු ආකාරය?

අපේ කොමඩි එක ඉවර වුනේ රූප සුන්දරිය "මිස් ඒඅයිටී" ට තේරුණු සාරියෙන් මූණ වහගෙන හිටපු "මිස් ජියෝටෙක්නොලොජි" ඇත්තටම මූණ පුරා රැවුල තියෙන පොරක් බව එළිවීමෙනුයි!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න මේ දවස්වලම ගත්තු තවත් ෆොටෝ දෙක තුනක්.

1. උන්මාද විත්‍රසේන

2. එකමත්එක ගමේ කතන්දරාකාරාභිධාන ස්ථවිර

මේවායේ නම් නිරුවත නැත.


(image: http://www.daydaypaint.com/blog/tag/painting-reproductions-for-sale)

55 comments:

  1. ඉල්ලං නිරුවත් වීම!

    ReplyDelete
    Replies
    1. ඉල්ලං කෑමට වාඩා හොඳයි!

      Delete
  2. KAKKA thuma hama damath hitiye heluwenma thama . ethuma e bawa danagana hitiye nehe.

    ReplyDelete
  3. හප්පේ ගවුම තව චුට්ටක් එහෙ මෙහෙ උනා නං පුකත්වයත් හෙළිදරව් වෙනවා... :D

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම් තව හිට්ස් ගානක් මරා ගන්න පුලුවන්.

      Delete
    2. හම්මෝ බඩ.. ^_^

      Delete
    3. පුකත්වය නැත, සුන්දර නිරුවත පමණි!

      Delete
    4. @අඩවි රජ

      කෝ අද
      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !

      කියන කෑල්ල කෝ

      Delete
  4. අම්මට සිරි! ගෝවේ ගෑණු පරාදයි. :)

    ReplyDelete
  5. //මත වාරනයක් සිදු නොවේ//
    ????????????????????

    ReplyDelete
    Replies
    1. අදහස් වාරණයක් නැත. මගේ මතයට විරුද්ධ මත මේ බ්ලොගයේ කමෙන්ටු ලෙස පලවේ. වාරණය වන්නේ කුණුහරුප සහ වෙනත් අයට කරන අපහාස පමණි.

      Delete
  6. Jaraa pinthoorayak. Balanakotama athpriyai.obata nam nivan labannama naha. Labana poyatavath sil ganna.

    ReplyDelete
  7. ඊයා......හිතේ ඇති හැඩයි කියලා

    ReplyDelete
    Replies
    1. රවි කුජ සත් වැන්නේ තවත් නීච ග්‍රහ දෘශ්ඨි ලබා සිටීමෙන් මෙවැනි විකෘති ලින්ගික ආශාවල් පහලවේ..... මේවා සුවකිරීමට කකාගේ XX කොඩියක් එල්ලිය යුතුය...
      ස්වස්ථි සිද්ධම්...

      Delete
    2. මෙය රට වෙනුවෙන් ගැහැණු ඇඳුම් ඇඳි අවස්ථාවක් පමණි!

      Delete
  8. අනිතිම ෆොටෝ එක දැක්කම ආසාවේ ඉපිලුනා.

    ReplyDelete
  9. මෙව්වට කියන්නෙ සමලින්ගික ආතල් කියල.... කකා සම ලින්ගිකද?

    ReplyDelete
  10. චී....යා කකා !
    හරිම ජුගුප්සාජනක ෆොටෝ එකක්. ඔයා ඇයි අනේ මේ දවස්වල පුකත්වය, නිරුවත ගැනම ලියන්නේ.

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. මතකයට එන කතන්දර ලියමි.

      Delete
  11. රනිල් එහෙම දැක්කොත් ආසන සංවිධායක කමක් ෂුවර්....

    ReplyDelete
    Replies
    1. ඊට කලින් මැහුම් පහක තුවාලය හොඳකරගන්න වේවි

      Delete
    2. නියෝජ්‍ය නායකකමක් උනත් දෙයි.

      Delete
    3. @මාතලන්,

      මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන්න එපා. එහෙම ලියන් කෙනායි පහත් තත්වෙට වැටෙන්නේ...

      Delete
    4. පස් තාච්චි අදින කාලේ ඔහොම හැඩ උනාට දැන් ඔහොම හැඩ නැතිව ඇති.හැබැයි සාගලගේ ෂේප් එකමයි.

      Delete
  12. කකා ක්‍රොස් ඩ්‍රෙස් කරන්න කැමති ඇති කියල මට කලිනුත් හිතුනා.
    ගණන් ගන්න එපා. සෑම පිරිමින් දොළහකටම එක අයෙක් ක්‍රොස් ඩ්‍රෙස් කරනවා.
    තායි ලන්තේ ගිහිල්ලත් ක්‍රොස් ඩ්‍රෙස් කරේ නැත්නම් වෙන මොන රටේ ගිහිල්ල කරන්නද ?
    මෙහෙම එකක් පසුගාමී චින්තනයක් තිබෙන රටක උදවියට කියවන්න දාන්න නම් ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ..
    # Shani

    ReplyDelete
    Replies
    1. මේක අපේ කොමඩි ස්කිට් එකක්. කොල්ලෝ සේරම ගෑණු ඇඳුම් ඇන්දා!

      Delete
  13. කකාත් බලන් යනකොට එල කෑල්ලක් නොවැ !

    ReplyDelete
  14. කකා හරි හැඩයි වගේනේ!!!!

    ReplyDelete
  15. කකා සම ලින්ගිකද?
    මේක අහන තුන් වෙනි වතාව... ඇඹරෙන් නැතිව කෙලින් උත්තරයක් දෙන්න....

    ReplyDelete
    Replies
    1. මෝඩ ප්‍රශ්න අහන්න එපා බං. ගෑනු ඇඳුම් ඇන්ද කියල මිනිහෙක් සම ලිංගික වෙන්නේ නැහැ. ඇත්තටම සමලිංගික උන් ගැහැනුන්ට කැමති නැහැ. ගැහැණු ඇඳුම් අඳින පිරිමින්ට කැමතිත් නැහැ....

      Delete
  16. ගෑනු විදියට ඇන්ද පිරිමි තායිලන්තේ තොග ගානට ඉන්නේ....පතායා පැත්තට වෙන්න.පුදුමයි කකා බේරිලා ආ එක ඒ පැත්තෙං.

    ReplyDelete
    Replies
    1. මම අහවල් එක වටේ යන අහවලා.

      කෝ නලින් ලින්ක් එකත් දාන්නකෝ. නමටත් එක්ක ලැජ්ජයි නේ.

      Delete
    2. මොකක්ද මේ නලින් එක්ක අවුල? අත්සන සමග තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දාන්නේ නලින් විතරද? ඇයි එහෙම දාන අනිත් අයට බයද?

      මට නම් ඊ-මේල් සිග්නේචර් බ්ලොක් එකක් වගේ, කඟෙන්ටු සමග තමන්ගේ විස්තර දැමීමේ අවුලක් නෑ.

      Delete
    3. ඇනෝ මං පැහැදිලිව කියලා තියනවා බ්ලොග් ලියන්න ආ අලුත හා අලුත් බ්ලොගකට ගියොත් තමා මං ලිංකුව දාන්නේ. ලිංකුව නැති එක ඇනෝට අප්සට් ද?

      Delete
    4. //මට නම් ඊ-මේල් සිග්නේචර් බ්ලොක් එකක් වගේ, කඟෙන්ටු සමග තමන්ගේ විස්තර දැමීමේ අවුලක් නෑ.

      ඔවු ඉතින් මාත් ඒ බ්ලොග් වල නහුතෙට ලින්ක් දානවනෙ. ඒ නිසා සිග්නේචර් එක දැම්මට කමන් නෑ.

      Delete
  17. Kaka,
    Are you gay ?
    If yes, you can join with us and take a maxa fun. we hoping to join you into our company.
    Need Reply !

    ReplyDelete
  18. තායිලන්තේ ඔය වගේ රුපසුන්දරී තරගයක් ඇත්තටම තියෙනවා නේද ? ඒ කියන්නේ පිරිමි ඉන්න එකක්.

    ReplyDelete
    Replies
    1. මං නං ඒ කියන රුපසුන්දරී තරගය දැකලා නෑ.

      නමුත් එක නැටුම් සංදර්ශනයක් අන්තිමේ දැක්කා ඒ සේම නිළියෝ ඇත්තටම මිනිස්සු බව.

      Delete
  19. ම්... දැන් ඉතිං කොල්ලන්​ගෙන් බේරෙන්න වෙයි... :D

    ReplyDelete
  20. ඔය තරඟයෙන් පස්සේ කකාව කොල්ලෝ අතරේ සෑහෙන ජනප්‍රිය වෙන්න ඇති නේ.

    ReplyDelete
  21. හායි කකා... ඔයා ගේ ද?

    ReplyDelete
    Replies
    1. ඔවු. මං ම (ගේ) ,බිරිඳ (ගේ) සහ දරුවන් (ගේ) පුද්ගලයෙක් !

      Delete
  22. KAKKA THUMA INNE JOKEK WATH NATHIWA NIRUWATHINI. EVITA JEE, PADA, CHOO, HOTU, PITAWE. E WELAWATA EKA PALIYEYA

    ReplyDelete
  23. හික්ස් අයියෝ කකා :)

    ReplyDelete
  24. තමන්ගේ ශරීරය පරදුවට තබා බ්ලොග් අවකාශයට 50 + පාටකයන් එකතු කිරීමට ගන්නා මහගු සත්කාර්යයට කාකාට බ්ලොග් ලියන්නන්ගේ උත්තමාචාරය........



    ReplyDelete
  25. මට නිකං සමනල් හැගීම් පිබිදෙනව වගේ අප්පා . . . .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.