ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 7 February 2013
පොතකින් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි! - A leaf out of Akshara Senaga
"ඉනි අවන්" කරපු අශෝක හඳගම කාළෙකට කලින් "අක්‍ෂරය" කියලා මූවි එකක් කළා. ඒක තහනම් කළ නිසා හුඟ දෙනෙක් ඩීවීඩී එක දැකලා ඇතිනේ?
අක්‍ෂරය කිව්වාම මට මතක් වුනේ අක්‍ෂර සෙනග කියන පොත. මේක නිර්මාණ එකතුවක්. ප්‍රකාශනය කෙරුවේ බූන්දි කාරයෝ.
සයිබර් අවකාශයේ ලේඛන කලාව ගැන උනන්දුවක් තියෙන බොහෝ දෙනෙක් බූන්දි [boondi.lk] වෙබ් සයිට් එක සහ ගූගල් ගෲප් එක ගැන දන්නවා වෙන්න ඕනෑ.
බූන්දි වෙබ් සයිට් එක 2008 ආරම්භ කරපු දවසේ දොරට වැඩිය "අක්‍ෂර සෙනග" ග්‍රන්ථයට රසික සූරියආරච්චි ලියපු හැඳින්වීම මෙන්න.
බූන්දිය ගෝලීයකරණයේ සොඳුරු ඵලයකි
අළුත්ම පෙන්ටියම් පෙති රාජයෝ වනාහී වැඩට රුසියෝ ය. දහඩිය දමන දැඩි උණුසුමක් ජනිත කරමින් ඔව්හු පැය විසි හතරම ස්පාටකස් ලා සේ වැඩ කරති. එසේ උපදින තාපය නම් මේ පෙති රාජයන් ට අරහං බව නොකිව මනාය. නමුත් උණුව දියව යෑමක් ගැන කිසිසේත් බිය විය යුතු නැත. අසල සවි කොට ඇති අධිබලැති තාප අවශෝෂක පංකාවෝ සැණෙකින් ඒ ජනිත තාපය ණිවති. කෘතිම වූ නමුදු සුමුදු වූ පරිසරයක් එහි මවති.
කරුණු එසේ වුවද, එකී පෙන්ටියම් පෙති මත උදේ හවා ගැටෙමින්, උත්තල කැතෝඞ් කිරණ නාල තිර මත නැත්නම් ද්‍රව ස්ඵටික ප‍්‍රදර්ශක තිර මත තම නෙත් කෙවෙනි උලමින්, ප්ලාස්ටික් යතුරු පුවරු මත ගට්ටා තම අතැඟිලි ගෙවා ගනිමින්, හරි හතරැස් පික්සල් ජීවිත ගෙවන්නන් ගේ තාප ජනිත සරතස කෙලෙස නම් නිවේද? ව්‍යාපෘති, පිරිවිතර, ප‍්‍රක‍්‍රමණ, දේය දින, සම්පත් කළමනාකරණය යනාදී මෙකී නොකී මළ-ඉලව් වලින් උපදින ආතති කෙලෙස නම් සිඳී යා ද?
එදා නිල් අහස යට ගොයම් කපද්දී, තරු වියන යට හේන් රකිද්දී, හපුතලේ කන්දට ගොනු කුර ගෙවෙද්දී, ඒ දිවි දුක මකා ගනු පිණිස අපේ ඇත්තෝ කවි ගෙතූහ. ඒ කවි මුඛ පරම්පරානුගත ජන ස‍්‍රැතියෙහි ලියූහ. අද ෆ්ලොරොසන්ට් එළියෙන් මිලාන වූ දෙනෙතින් යුතුව, සංස්ථාපිත දුක් බරින් පීඩිතව, වෙළඳ ලොවේ මෙගෆෝන් විලාපය සවනට රත් යවුල් ඔබද්දී, පරිගණක අසල චූලාසන මත නිරතුරු බගන්දිරා මල් අස්වනු නෙළන අපේ ඇත්තෝ තම ආතති, සරතස සිඳලනු පිණිස ඩිජිටල් කවි ගොතති.
ඒවා අද ලියවෙන්නේ නාග පාදයෙනි. සහෘද රස වින්දනය පිණිස ගලා යන්නේ අන්තර්ජාල නාලිකා ඔස්සේ විද්‍යුත් ලිපි පොරාතුකොළ ආධාරයෙනි. සයිබර් ජන ස‍්‍රැතිය නම් වන්නේ මෙය වේ.
දශකයක පමණ කාලයක් තිස්සේ ලක්වාසී මෙන්ම විප‍්‍රවාසී සිංහල කවි ලියන්නෝ අන්තර්ජාල සයිබර් ලෝකය තුළ තම සලකුණ තබමින් සිටියහ. සිංහල කවි එකමුතු සංහිතා ද, ඒක පුද්ගල කෘති ද වෙබ් අඩවි ලෙස පිබිද ආහ. ක්‍ෂණිකව දසත පැතිරෙන්නටත්, ක්‍ෂණිකවම ප‍්‍රතිචාර දක්වන්නටත් ඇති අපූරු හැකියාව නිසාම විද්‍යුත් ලිපි මගින් ද විශාල වශයෙන් සිංහල කවි හුවමාරු වෙමින් තිබිණ.
මේ සියලු ප‍්‍රපංචයන් එකට ගොනු කොට එක් ප‍්‍රවාහයකට හැරවීමේ ඓතිහාසික වූ යෝධ කාර්යභාරය මකුණන් හෙවත් බග්ස් ලා ගැන පමණක් එතෙක් ඇසුණු සයිබර් ලෝකයේ දී පැවරුණේ කුඩා කූඹියෙකුට වීම උත්ප‍්‍රාසය දනවන කාරණයකි. පැණි රසට කැමති කුහුඹුවානෝ ඒ ඕඝ ප‍්‍රවාහය "බූන්දි" ලෙස හැඳින්වූහ.
බූන්දිය රස ගුලාවකි. එහි එන කාව්‍යයේ ද ගද්‍ය රචනාවේ ද නව නළු රසයම ඇතුළත් වේ. සිඞ්නි වාසියාගේ සිට සියැටල් වාසියා දක්වා ද, දාසයේ ගැටයා ගේ සිට හැටහයේ වැඩිහිටියා දක්වා ද, අධ්‍යාපනය ලබන්නන් ගේ සිට ආචාර්යවරයා දක්වා ද, කවිකොලකාරයා ගේ සිට හයිකු රචකයා දක්වා ද, බෝම්බ බිය අමතක කර දින නොදැමූ මරණ සහතිකය අතැතිව බස්රියේ, දුම්රියේ සේවයට එන්නන් ගේ සිට සසර වසන තුරු ගීතය කණපිට හැරවූවන් දක්වා ද, විවිධ වූ මානයන් ගේ, විවිධ වූ මුහුණතෙහි සරන්නාවූ, විවිධ වූ චරිත රාශියක් එකම එක සයිබර් අහස් වියනක් යටට එකතු කරන්නට බූන්දිය සමත් වූ අයුරු නූතන මානව විද්‍යාව සහ තත්කාලීන ජන සාහිත්‍යය හදාරන්නන් ට කදිම කමටහනක් වනු ඇත.
බූන්දි කාව්‍ය සංග‍්‍රහය කියවන පෙදෙහි රස හව් හඳුනන්නෝ, සයිබර් අහස් වියන යට සිට කවි ලියන්නවුන් සයිබෝර්ග් ලා නොව හඬන, හිනැහෙන, රවන, ඉඟිමරණ, ඔරවන, ඔමරි කරන, ළතැවෙන, සැනසෙන, සුසුම්ලන, ඔකඳවන තවත් මිනිස් දූ පුතුන් සමූහයක් ම බව පසක් කරගනු ඇත.
රසික සූරියආරච්චි (2008)
අදට එපමණයි. කාලය හොයා ගත්තොත් සෙනසුරාදා නැවත කතන්දරයක් දාන්නම්!
-කතන්දරකාරයා
(image: http://www.boondi.lk/)
Subscribe to:
Post Comments (Atom)
ගොඩක්ම වෙනස් බස් වහරක් පාවිච්චි කරලා ලීව ලිපියක් කතන්දර. මගේ සිංහල දැනුම මදි මේක තේරුම්ගන්ට.:)
ReplyDeleteඔයාගේ ගොඩක් දේවල් මදි කියලා අපටත් තේරිලා තියෙන්නේ
Deleteටිකක් පරණ වුවත් අගෙයි කකා...බූන්දි යනු සයිබරයේ සුන්දරම ඉසව්වකි..
ReplyDeleteකෝ ලින්ක් එක දාන්නේ නැද්ද
Deleteඅවශ්‍ය කරන තැනකට විතරක් දැම්මම මදැ ඇනෝ
Deleteබූන්දිය නව නළු රසයම පිරිච්ච රස ගුලාවක්...සහතික ඇත්ත කතන්දර බූන්දියෙන් ලැබෙන රසය තාම වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ..
ReplyDeleteපෝස්ට් එක නමේ කොමෙන්ට්ස් කියවන්න ආවේ කකා . . ඒත් තාම පොඩ්ඩයිනේ. . ආයේ පස්සේ එන්නම්
ReplyDeleteහොදයි!ඇනොලට විතරක් උත්තර දෙන්න තිබුනනම් ගොඩේ ගොඩ :).
ReplyDeleteකතන්දර මල්ලී. ඉතාම විශිෂ්ඨ සටහනක්. ඒ වගේම කතන්දර මල්ලී මාව ආදර්ශයට අරගෙන කමෙන්ට් හැට ගානක් එක කඩු පහරින් කපා දැමීම ගැන මට හරීම ආඩම්බරයි කතන්දර මල්ලී.
ReplyDeleteඒ රසික සූරියාරච්චි කියන පොර මාර ලිවිල්ලක් ලියල තියෙන්නෙ. මේ කාලෙ ඔහොම ලියන අය වෙන ඉන්නවද මන්දා!
ReplyDeleteමං මේක අර අභීතයගේ බ්ලොග් එකේ සදරූ ගෑන තිබ්බ ලිපියට දාපු කමෙන්ට ඒකක්....ඒත් මහලොකුවට වාරණය කරන්නේ නෑ කියලා පොර ටෝක් දුන්න අභීතයා දැන් කමෙන්ට් දාන්නේ ඌට ඕනා ඒවා විතරයි.. ඒත් කතන්දරයා හොද එකා...පොර තාමත් ඇනෝලට ඉඩ දෙනවා...ඒක හින්දා තාමත් පොර වටේ බ්ලොග් ලෝකේ කැරකැවෙනවා...ඒ හින්දා අභීතයගේ පෝස්ට් එකේ දාපු කෙමෙන්ට එක මං අනිත් අයගේ දැනගැනීමට මෙතන් කොටනවා...මෙතන් කුණුහරුප නෑ..මගේ මතය තමයි තියෙන්නේ....මෙතැන මත වාරනයක් වෙන්නේ නැති නිසා මේක කැපෙන එකක් නෑ කියලා හිතෙනවා
Delete///මේ අභීතයා කියන හොරා අර ඉන්දිකයගේ සල්ලි වලට විදලා මුලු බ්ලොග් ලෝකයේන්ම චා වෙලා ඉන්නේ... මේකා දැන් අර අසරණ සදරුවගේ පිහිටෙන් හිට්ස් ටිකක් ගන්න දගලනවා...මේකගේ බ්ලොග් එකට කට්ටිය ඇද ගන්නත් , වෙච්චෙ චාටර් වැඩේ වහ ගන්නත් මේ ගස් ගෙම්බා නොකරන උප්පරවැට්ටියක් නෑ...///
Well done.Kepp it up my dear blogger visit http://sinhapedia.blogspot.com/
ReplyDeletesure we will visit you...
Deleteකුවෙන්ටින් ටරන්ටිනෝ යනු ඔහුටම ආවේනික ශෛලියකට චිත්‍රපටි නිපදවන අති දක්ෂ සිනමාකරුවෙකි. කතන්දර කාරයාත් ඒ මග යමින් ලේඛන කලාව දියුනු කර ගෙන ඇත.....
ReplyDeleteඉතාම වටිනා ලිපියක්.... සුභ පැතුම් සහෝ..... දිගටම ලියන්න.... ඔබට හොද හැකියාවක් තියනවා...... වෙලාවක් තිබුනොත් මගේ බ්ලොග් එකටත් ගොඩවෙලා යන්න....
ReplyDeleteහොඳ පෝස්ට් එකක්.
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ReplyDeleteහරිම අව්‍යාජ ලිපියක්. හරිම කලාත්මක තැනක් මේ බූන්දිය...... මේ පෝස්ටුව මාවත් අතීතයට අරන් ගියා.ස්තුතියි කතන්දර....එන්න අපේ පැත්තෙත්...
ReplyDeleteමොකද බන් කොමෙන්ට් පබ්ලිශ් කරන්නෙ නැත්තෙ?
ReplyDeleteදැන් කාලේ කිසිම දෙයක් කියන්න බයයි ප්‍රසිද්ධියේ . කොනක් අල්ලාගෙන මෙලෝ හසරක් නොදැන දඟලන පිස්සන් ඉන්න නිසා .
ReplyDeleteමෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි...
ඔයාට පිස්සු තමයි
Deleteඋබේ කතා වලින් මම කැමතිම කතා ගොඩට මේකත් වැටෙනවා... සුපිරියි...
ReplyDeleteඅළුත්ම පෙන්ටියම් පෙති රාජයෝ...පිස්සු හැදෙනව හසන්ත... බලන්න ආශ්චර්යය...
ReplyDeleteමේ තරම් සියුමැලිද කලුගල්?
ReplyDeletewww.amuthusithuwili.wordpress.com මට මේකේ මගේ wordpress id එකෙන් මොකුත් කියන්න දෙන්නෙ නෑ.ඒ හින්දා මේ විදිහට දාන්නම්.
+++++++++++
ReplyDeleteකකා නිකන් බොරුවට කලබල වෙලා ඊයේ අච්චර හොඳ පෝස්ට් එක ඩිලීට් කලා. මම දන්න විදිහට ඒ පෝස්ට් එකේ කුණුහරුප තිබ්බේ නෑ. වෙනසකට තිබ්බේ ඇනෝ කමෙන්ට් 60 ගණනක් විතරයි.
ReplyDeleteදැන් බලන්න මේ පෝස්ට් එකත්. ප්‍රොෆයිල් කමෙන්ට් 10ක් නෑ. ඔක්කොම තියෙන්නේ ඇනෝ කමෙන්ට්. කකාට ඇනෝලා එපා උනාට ඇනෝලට කකාව ඕන. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඇනෝලට හදලා දුන්න වේදිකාව, ඇනෝලගේ පෝරකය කරන්න එපා. කාගේ උනත් හරි අදහසක් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන්න. ප්‍රවීන කියලා බෝඩ් ලෑලි ගහගත්ත සුචරිතවාදි බ්ලොග් කරුවන්ට වඩා ඇනෝලගේ අයිතින් තහවුරු කරපු කකාව ඇනෝලට දාහකින්වත් හොයාගන්න බැරි සම්පතක්.
කවුරුත් දන්න කරුණක් තමයි ගොඩක් කට්ටිය පෝස්ට් එක කියවන්න එනවට වඩා කමෙන්ට් බලලා අහිංසක සතුටක් ලබන්නයි කැමති. ඒ අහිංසක සතුට ලබන්න ඉඩහසර ලබා දෙන්න.
මගේ මේ අදහස වාරණය නොවේයැයි සිතමි.
මගේ අදහස් සියල්ල ප්‍රකාශ කිරීමට ඉඩහසර ලබා දුන් කකාට ස්තුතියි.
කකාට ජය පතමි !!!!
මම
ඇනෝ මල්ලී ඉතාම විෂිෂ්ඨ කමෙන්ට් එකක්. ලංකාවේ ඉන්න ගොබ්බයන්ට ඇනෝ මල්ලී වැන්නගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා.
Delete1. මා කිසිවක් කැපුවේ නැත. ඒ පොස්ට් එක සහ ප්‍රතිචාර එසේම ඇත. එය ඔබට නොපෙනේ. එපමණයි.
Delete2. කමෙන්ට්ස් 60 තිබුණාට ඒවා දමා ඇත්තේ කීප දෙනෙකි.
3. මා බ්ලොග් එක කර ගෙන එන්නේ මගේ විනෝදාංශයක් ලෙසිනි. මට මේ දිනවල මෙයින් කිසි විනෝදයක් නැත.
ස්තුතියි!
1. පල නොකල ලිපියක් හා එහි ප්‍රතිචාර ලිපි ගොනුවේම තබා ගැනීමෙන් ඔබ කුමක් බලාපොරොත්තු වන්නේ දැයි මා නොදනිමි. එහෙත් එම ලිපිය ඔබගේ ලිපි ගොනුවේම තිබෙන්නට හැරීමෙන් ඔබ කිසියම් වින්දනයක් ලබන්නේ නම් එය අපේ සතුටට කාරණයකි. මන්දයත් ඔබේ සතුට අපේද සතුටකිමැ වන නිසා ය.
Delete2.කමෙන්ට් 60ක් එක් අයෙකු හෝ කිහිපදෙනෙක් දැමුවත් එය ඔවුන්ගේ පුද්ගලික අදහස හෝ ඔවුන් හුදු විනෝදය තකා දමන ලද කමෙන්ට් වේ. මෙලෙස සලකන පරිදි එක් අයෙකු කමෙන්ට් 10ක් හෝ බැගින් දැමූ කලෙක පෝස්ට් එක අතුරුදන් වීමේ අවදානමක් පවතින බව ඔබ නොකියා කියන කරුණකි. තව ද ඇනෝ කමෙන්ටු දමන්නේ කිහිපදෙනෙක් පමණකැයි ඔබ කියන්නේ කුමන පදනමක් මත ද ? ඔවුන්ගේ අන්තර්ජාල ලිපිණයන් (IP) ඔබ සතුව පවතී ද ?
3. ඔබ බ්ලොගය කරගෙන විනෝදයක් ලබන්නා සේ අපද කමෙන්ට් කර ඒ කමෙන්ටු කියවා විනෝදයක් ලබන්නෙමු. ඔබ ඔබේ විනෝදාංශයම පමණක් සිතා බ්ලොගයක් පවත්වාගෙන යාම ආත්මාර්ථය මුදුන්පමුණුවා ගැනිමකැයි මා සිතන්නෙමි. ඔබ ලබන විනෝදයෙන් කොටසක් බ්ලොගය කියවන්නා හටත් ලබාදීමට කාරුණීක වන්නේ නම් එය අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කරවන්නකි. එලෙසම එය බ්ලොගය ඉදිරියට පවත්වගෙන යාමට මහත් රුකුලක් සපයයි.
කකා හැන්ද ඔබ අතේය. ඔබේ බෙදීම මත බ්ලොගයේ අනාගතය තීරණය වේ. ඔබ ඔබටම වැඩියෙන් බෙදාගන්නවාද ඒසේත් නැත්නම් අනුන්ටත් ඉතිරි කර බෙදාගන්නවාද යන්න තීරණය ඔබ සතු ය.
කල යුත්ත කරන්න !!!
ප.ලි.- මෙම ප්‍රතිචාරයද වාරණය නොවේ යැයි සිතන්නෙමු.
කකා, පුළුවන් නම් මේකත් වාරණය කරන්න.
Deleteඔබ, මාතලන්, මාරයා, අජිත් පැරකුම් බඳු "ප්‍රවීණ' බ්ලොග්කරුවන් දැන් සිතා සිටින්නේ ඔබලා මොන කක්කා ගොඩක් පළ කළත් පාඨකයින් ඒක "අනේ චෝයි/කකා/මාරයියේ/පැරා" කියා පිළි ගනී කියලාය. දැන් අහවල් එකෙන් කරපු යුගය අහවර වී එළඹ ඇත්තේ අහවල් දෙකෙන් කරන යුගය බව මේ කාටවත් අවබෝධයක් නැත. හිට්ස් කප්පරක් තියෙනවාය කියා ඔක්කෝම මාර ආඩම්බරයක් හිතට අරගෙන තිබේ. ඊට ලැබෙන ප්‍රතිචාර තමයි මේ.
මහන්සි වී වැදගත් ප්‍රයෝජනවත් බ්ලොග් සටහනක් ලියන හැටි චාර්මි, ලක්මාල්, ඇල්කෙමියා, රාජ්, අමිල ගෙන් බැරි නම් අරුණිගෙන් හෝ උදිතගෙන් වත් ඉගෙන ගන්න. කකාට විතරක් නෙවෙයි උඩ හැමෝටම කියන්නේ.
බ්ලොග් කියවීම ආරම්භ කල මුල් අවධයේ සිටම අප හට බුන්දිය කෙරෙහි විපුල භක්තියක් විය. ඒ හා සමාන අමිල භක්තියක් අප තුළ ජනනය කිරීමට සමත් වූ අනෙකුත් බ්ලොග් අඩවිය වූයේ කතන්දර අඩවියයි.
ReplyDeleteකතන්දර ලියන මේ උත්තුංග මිනිසාව ලේඛකයා අදත් මෙනෙහි කරන්නේ කෘතඥපුර්වකවය. ලේඛකයා ඔහුගේ පූර්ණ අනුගාමිකයකු නොවූ මුත් ඔහුට අවිද්‍යාවෙන් විද්‍යාව වෙන්කොට ගත හැකි වූයේ මේ මිනිසා විසින් දැල්වූ පහනිනි. හෙතම ඔහුගේ බුද්ධියේ නිම් වළලු නිතොර පුළුල් කළේය. පවුල් හා අධ්‍යාපන පසුබිම අනුව චන්දන ජයරන්ත කෙනෙක්, ගුණදාස අමරසේකර කෙනෙක්, නලින් ද සිල්වා කෙනක් හෝ චම්පික රණවක කෙනෙක්ව වැරදි තැන නතර නොවී පුළුල්ව ලොව දකින්ට දෑසක් ඔහුට ලැබුණේ මේ මිනිසා නිසාය. සිංහල බ්ලොග් ගෝත්‍රවාදය අළුයම ලූ කෙළ පිඬක් සේ සලකා බැහැර කරන චින්තනයක් ඔහුට උරුම කොට දුන්නේ මේ මිනිසාය. සමහර විට කහ සිවුරු වලින් පවා අලංකාරව වසා ඇත්තේ මොනතරම් ගඳ ගහන ලොකු වසුරු ගොඩවල්ද දකින්ට දෑස් ලබා දුන්නේ මේ මිනිසාය.
ක්‍රමයෙන් දිවි හිණිමඟෙහි ඉහළ පුරුක් වලට පය තබද්දී කතන්දර ලියන්නා පුද්ගලිකව ඇසුරු කරන්නට නොලැබුනත් ඔහු ලියූ කියූ දෑ හා ඔහු ලැබූ ප්‍රතිචාර දෙස වඩා ගැඹුරින් සිතා බලා බ්ලොග් අවකාශය පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමට ලේඛකයාට අවස්ථාව ලැබුණේය. උදාහරණයක් හැටියට බ්ලොග් අවකාශය තුල ඇනෝ කමෙන්ට් මහත්වූ පෙරලියක් කරන බව ඔහුට අවබෝධ විය.
ප.ලි. ටැබූ ගෙන් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි!