ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday, 19 February 2013
තවත් එක් චූ කතන්දරයක් (නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් පහදා දෙනු ලැබේ!) : Bladder control ~ for women only
අපේ වැඩිහිටි ඥාතිවරියක් දින කිහිපයක් ගත කිරීමට අප නිවසට පැමිණියාය. සති අන්තයේ සෙනසුරාදාවේ ඇයව ද රැගෙන පොඩි පහේ විනෝද චාරිකාවක් යෑමට හාමිනේත් මමත් සැලසුම් කළෙමු.
අපට නිවසින් පිටත්වෙන්නට තිබුණේ උදෑසන දහයට පමණය. හීලට කිරිබත් කා තේ බීවේ උදේ හතට පමණ නිසා එදා මට නමයට පමණ තේ එකක් බීමට සිතක් පහළ විය.
"ඩාල්, හදන්නකෝ හොඳ ළමයා වගේ තේ. යන්න කලින් තේ එකක් බිව්වොත් හොඳයි වගේ!" මම මා ප්‍රිය බිරිඳ අමතා කීවෙමි.
"නැන්දට ඕනෑ, කිරි තේ ද, නිකං තේ ද, කෝපි ද?" බිරිද නැන්දා විමසුවාය.
මා නම් මේ වේලාවට බොන්නට කැමති හොඳවායින් ඉඟුරු තේ එකක් බව හාමිනේ දන්නීය.
"අනේ දුවේ, දැන්නම් මට තේ එපා" නැන්දා කියා සිටියාය. "දැන් අර ගමන යන්නත් තියෙනවා නේ!"
"ඒක තමයි නැන්දේ අපි යන්න ඉන්නේ දහය පහුවුණාම නේ. තව පැයක්ම තියෙනවා. තේ එකක් බොන්න. නැත්නම් කාර් එකේ පැයක් විතර යන්න තියෙන නිසා බඩගිණි ඒවි."
"ඒක හින්දාම තමයි මං තේ එපාය කිව්වේ. මං සාමාන්‍යයෙන් ගමණක් යන්න පැයක දෙකකට විතර කලින් ඉඳලා කිසි දෙයක් බොන්නේ නෑ."
"ඇයි නැන්දේ ඒ?"
"ඇයි ළමයෝ, ගිහින් එන්න පැය තුන හතරක් විතර යන ගමණක් නම් යන්න කලින් තේ බීලා අතර මගදී ටොයිලට් යන්න ඕනෑ වුණොත් මොකද කරන්නේ? පිටත් වෙන්න පැය දෙකකට විතර කලින් මං වතුර ටිකක්වත් බොන්නේ නෑ. ඒ විතරක් නොවෙයි, ගෙදරින් පිටත් වෙන්න විනාඩි කිහිපයකට කලින් ටොයිලට් යනවා. එහෙම කළාම පැය පහ හයක් වුණත් කිසි ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුළුවනි" නැන්දා කියා සිටියාය.
නැන්දා ගේ ඒ කතාව අසා මා මුළින්ම විමතියටත්, පසුව දුකටත් පත් වුණෙමි.
මේ ලංකාවේ නගරබද වෙසෙන ගැහැණියකට මුහුණ දෙන්නට වී ඇති තත්වයයි.
ශරීර අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට හරි හමන් තැනක් නැත!
කොළඹ ගියොත් මේ සඳහා ලොකු ෂොපින් සෙන්ටරයකටම ගොස් වෙනම ම මුදල් ද ගෙවා වැසිකිළි යා යුතුව ඇත.
නුගේගොඩ දී චූ බරක් හැදුණෙමි යන කතන්දරයෙන් ද මා කියූවේ මේ තත්වය ගැනයි.
පිරිමි අපි නම් ඔය අවශ්‍යතාවය කොහොම හරි ඉටු කර ගනිමු.
ඒත් කාන්තාවන්?
-කතන්දරකාරයා
ප/ලි:
නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් තවදුරටත් පහදා දිය හැක!
ප/ප/ලි
කමෙන්ට්ස් සඳහා අළුත් ක්‍රමයක් අත්හදා බලමින් පවතී. මෙය ආනන්දවර්ධන ගේ වෙබ් ආලෝචනා, ඩීප්ස් ගේ ලෝකය වැනි බ්ලොග්වල කාලයක් තිස්සේ භාවිතා වූ disqus ක්‍රමයයි.
(image: http://www.hivehealthmedia.com/try-some-lifestyle-strategies-for-better-bladder-control/)
Subscribe to:
Post Comments (Atom)
ලංකාවේ දැන් හොඳ ටොයිලට්ස් තියනවලු. මම මේ අලුත් කමෙන්ට් දාන හැටි බලනවා.:)
ReplyDeleteහොදම එක ඔයානෙ
Deleteඅප්පො මටත් ඒ බර නම් මඟදි හොඳටම දැනි ඇතෝ................
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මනසින් කැසිකිලියට ගොඩවදින්න (කක්කි බර සහ තදබල චූ බර )
Deleteඕන මඟුලක්! ඇනෝ බ්ලොක් නොකර.
ReplyDeleteපුහුල් හොරා කරෙන් දැනේ.නැද්ද රාජෝ..
DeleteThis sucks
ReplyDeleteහම්මෝ මේක කිව්වම මතක් වුනේ හෝටල් වල තියෙන ටොයිලට් ගැන. හැබැයි දැන් හැම හෝටලයටම ප්‍රමිති සහතිකයක් දෙන නිසා හැමෝම පිරිසිදුවට තියා ගන්න බලනවා.
ReplyDeleteමොකද්ද කකා මේ මල ජරාව ! මේ කමෙන්ට් සිට්ටම් එක නම් මෙලෝ රහක් නෑ.
ReplyDeleteගෑණු අයට පැම්පර් (ඩයපර්ස්) ඇඳන් යන්න කිව්වනම් අහකයි නේ.. පස්සත් ළොකුවට පේනවා..
ReplyDeleteගෑණු අයට පැම්පර් (ඩයපර්ස්) ඇඳන් යන්න කිව්වනම් අහකයි නේ.. පස්සත් ළොකුවට පේනවා..
ReplyDeleteකමෙන්ට් 1යි නම් 1යි.
Deleteඇදගෙනම නෑවද මංදා...
මම මේ දාන අන්තිම කොමෙන්ට් එක.... එපා වෙනව මෙහෙම කොමෙන්ට් දාද්දී.... මොකක්ද බන් මේ මගුල.... මේක එපා වෙනව බන්... ආයෙත් මේ රෙද්ද පරණ විදිහට දානකන් මම මේ බ්ලොග් එකේ කොටන්නෙ නෑ......
ReplyDeleteකමෙන්ට් සහතික පත්‍ර පාඨමාලාව ගැන උනන්දු සිසුන් විමසන්න. ඉඩකඩ සීමිතයි..
ReplyDeleteලේකම් ,
කකා සුරැකීමේ ජාතික සංවිදානය .
අපොයි ඔවු. කමෙන්ට් එකක් කොටන්න නහුතෙට ලොකු ෆෝර්ම් එකක් පුරවන්න ඕන. සංසාරේ එපා වෙනවා.
ReplyDeleteඔය හේතුව නිසා, චූ බර තිබ්බත් නැතත් ගමනක් යන්න කලින් චූ කරලා යන්න කාන්තාවෝ පුරුදු වෙලා තියනවා. පිටකොටුවේ නම් වැසිකිලි ලඟට ගියාම, ඇදලා අරං වැසිකිලියක දාල, ආපහු දොර ඇරපු ගමන් වතුර බාල්දියකුත් ගහලා.. එළියට එනකොට ටිකට් එකක් දීලා සල්ලිත් ගන්නවා... පස්සෙ තමයි තේරෙන්නෙ ආ... මම මේ ටොයිලට් ගිහින්නේ කියලා
ReplyDeleteඔය අය අපට හිනා උනාට වයසට ගිහාම කාටත් ඒ කියන්නෙ දෙපාර්ශවයටම ඔය දේ උරුම වෙනවා. ජීවිතේ හැටි ඔහොම තමා.
ReplyDeleteමොන මඟුලක්ද මේ? wtf kk?
ReplyDeleteකෝ මේ කකා සුරැකීමේ සංවිධානය?
tytyyt
ReplyDeleteType your comment here.ඩ්ෆ්ඩ්ඩ්
ReplyDeleteමෙම කමෙන්ට් කිරීමේ ක්‍රමවේදය ඉතාම දුර්වල මට්ටමක පවතී.කමෙන්ට් කරන්නන්ට විවිධ තොරතුරු පිරිවීමට සිදුවේ. එලෙසම කමෙන්ට් රසවිඳින්නන් හට ලෝඩ් මෝර් බොත්තම කිහිප විටක් ක්ලික් කර කමෙන්ට් රසවිදීමට සිදුවේ මේ නිසා හුදී ජන පාඨක රසවින්දනයටත් බාධා සිදුවේ. මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි පරණ කමෙන්ට් ක්‍රමවේදය කරා එලබෙන මෙන් අප සංවිධානය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු. අපගේ මේ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර ලබා දෙනු ඇතැයි අප සංවිධානය අපේක්ෂා කරමු.
ReplyDeleteස්තුතියි.
මෙයට
සභාපති
කකාව සුරැකීමේ ජාතික සංවිධානය
සබාපතී
ඇනෝ අයිතීන් සුරැකීමේ ඒකාබද්ධ සංධානය
සභාපති
කතන්දර බ්ලොග් පාඨක සංගමය
කැඳවුම්හරු
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය
What the F is this kaka !!
ReplyDeletethis comment system is sucks ! need old comment system !
why do you apply these shits on your blog ? no need any new methods for commenting. old system works fine for all blogs !!!
thanks kaka
Federation of University Teachers Association
a b c
ReplyDeleteඇවරිබොඩී...
ReplyDeleteහැම උලුදු වඩේම හිලක් තියෙනවා වාගෙම කකාගෙ අලුත් කොමෙන්ටු සිස්ටොම් එකෙද පත හිලක් ඇත.දහසකුත් එකක් පෝරම නොපුරවා සනිකව කොමෙන්ටු කෙටීමේ අති රහස්ය ගුප්ත කරම.පරසිද්දියේ නොකියනු ලැබෙ.
විමසීම්- andakolla@gmail.com
මේ කමෙන්ට් මගුල නම් විකාරයි..... කරුණාකර පැරනි ක්‍රමය නැවත ස්ථාපනය කරන්න....
ReplyDeleteසභාපතිනි
කිලි නැති බොක්ක ගැලවූ අන්තර් ජාතික කාන්තා එකමුතුව
මේ කමෙන්ට් මගුල නම් විකාරයි..... කරුණාකර පැරනි ක්‍රමය නැවත ස්ථාපනය කරන්න....
ReplyDeleteසභාපතිනි
කිලි නැති බොක්ක ගැලවූ අන්තර් ජාතික කාන්තා එකමුතුව
ත්‍රාස්ය,භීතිය, කුතුහලය පිරි 'ඉල්ලන් කක්කි නෑමෙ මෞලි මංගල්‍ය්'. කතන්දර බොගයේ දැන් තිරගත වේ...
ReplyDeleteප්‍රචාරක අංශය,
කකා සුරැකීමෙ සංගමය.
what the heck
ReplyDeleteplease, please?
ReplyDeletetest 2
ReplyDeleteඇනෝ බ්ලොක් කරන්න කකා .මේ තරන් නටන්ට දෙන්න හොද නැහැ .
ReplyDeleteඔයත් ඇනෝ කෙනෙක් නේද සුදූ.
Deleteකමෙන්ට් කිරීමේ ක්‍රමය ගැන මේ කමෙන්ට් එක දාල ඉවරවෙලා කමෙන්ට් කරන්නම්.
ReplyDeleteකතාව ගැන කමෙන්ට් කරනවානම්,
මට හිතෙන්නෙ කාන්තාවො ගවුම් හෝ සාරි අඳිනවානම් පිරිමින්ට වඩා පහසුවෙන් කාන්තාවන්ට චූ කරන්න පහසුයි සාමාන්‍යයෙන් පාරක් අයිනට වගේ ගිහින්. (වැඩි විස්තර අවශ්‍යනම් කියන්න පුළුවනි)
ඇනෝලාට ඇනෝලා වශයෙන් කමෙන්ට් කිරීමට නොහැකියි. ප්‍රොෆයිල් සහිතව කමෙන්ට් කිරීමේ කිසිම අපහසුවක් නොපෙනේ.
ReplyDeleteකමෙන්ට් අයින් කරන්න බැරිද?
ReplyDeleteකෝ මගේ ප්‍රොෆයිල් එක එන්නෙ නෑනෙ.
ReplyDeleteදැන් මෙතන නියම ප්‍රොෆයිලයෙන් කමෙන්ට් කල හැක්කේ
මට පමණද ? මා හැර වෙනත් අඹ ගස් සිටීද ? :D
මොකද්ද මේ මඟුල!!!!!
ReplyDeleteහුටස්පරයයි.... ට්‍රැෆික් ඇනෝගේ රෙදි ගැලවේ.ඔහු සුදත් මුනසිංහ නැමති අයෙකි. හුක්කි හුක්කි හූඌඌඌඌ
ReplyDeleteඒක ඉතින් මේක ලියන මහ එකාගෙන් තමා අහන්න වෙන්නේ. වෙනදට ඇනෝලා රෙන එකේ මෙදාපාර කකා රීලා. රීලා විතරක් නෙමේ හැමතැනම ගාගෙන. ඔයිට වඩා හොඳයි බල්ලා පොල් අත්තක රිව්වා නම්....
ReplyDeleteඒක තමයි කාන්තාවන්ටත් මොකක් හරි උපකරණයක් හොයාගන්න වෙනවා මේකට.
ReplyDelete:)
ReplyDeleteකකා මාමේ.. ඒ ඇන්ටිට චූව බර විතලමද හැදෙන්නෙ.? කක්කි බර හැදෙන්....නෙම නැද්ද අලේ...
ReplyDeleteමේ කමෙන්ට් ක්‍රමයේ මොකක් හරි මගඩියක් තියෙනවා...ඇනෝලව අදුර ගන්න කකාගේ උප්පරවැට්ටියක්ද?වහාම පෙර තිබූ පරිදි කමෙන්ට් කිරීමට ඉඩ සලසනු!
ReplyDeleteඅර අපේ රටේ ඉන්න කාන්තා විමුක්තිවාදියො ටිකට මේ ප්‍රශ්ණය කිවුවනම් සමහර විට මොකක් නමුත් විසඳුමක් ලැබෙන්න ඉඩ තියෙනව.
ReplyDelete@ All
ReplyDeleteමා දින තුනක් තිස්සේ අත්හදා බැලූ කඟෙන්ට් ක්‍රමය අත්හැර දැමූවෙමි.
එහි යම් යම් ප්‍රයෝජන තිබුණේ වුවද, හිත් පිත් නැති ඇනෝනිමස් බොට් ලාට එතුලින් රිංගා ගොසින් මා ලියූ ඇගේ බෙල්ල කතන්දරයට ප්‍රහාර එල්ල කළ හැකි වව පෙණුනි.
යම් අපහසුතාවයක් සිදුවුනේ නම් ඒ ගැන කණගාටුවෙමි.