Wednesday 3 October 2012

මා දුටු බියකරුම සිහිනය (ඔබත් දැක ඇත්දැයි බලන්න!) - The scariest dream I have ever seen


මම බියකරු සිහින කිහිපයක්ම දැක ඇත්තෙමි.

එයින් බොහොමයක්ම සිහින දැක එක්වරම අවදිවෙන විට ඇත්තේ හිසරදයකි. හිසරදය පහව ගොස් නැවත නින්දට වැටුණු පසු සිහිනයේ විස්තර අමතක වේ.

අප කාගේත් සාමාන්‍ය අත්දැකීම එසේ යැයි සිතමි.

එතරම්ම බියකරු එකක් නොවෙතත්, මා මේ ජීවිත කාලය තුල කිහිප වරක්ම දැක ඇති, එනිසාම අමතක නොවී අද ද මතකයේ රැඳී තිබෙන එක් සිහිනයක් මෙලෙස වේ.

අවුරුදු පහක පමණ කුඩා දරුවකු වන මම මගේ පියා ද, පියාගේ නැගෙණියක ද සමග මුහුදු වෙරළේ සිටිමි.

මේ රාත්‍රී කාලයයි. මා අත දැල්වූ කුප්පි ලාම්පුවක් ඇත.

මම ඒ එළියෙන් පුවත්පතක ඇති යමක් කියවන්නට උත්සාහ කරමි.

එක්වනම මද සුළඟක් හමා පහනේ දැල්ල නිවේ.

"එදත් මේක වුණා නේද?" යි මට කියවේ.

එවිට මම සිහිනයෙන් අවදිවෙමි.

එදාත් මේ සිහිනය දැක්කා නොවේදැයි මට සිතේ.

ඒ සිහිනය මා හතර පස් වතාවක් දැක ඇත.

මා එක්වරක් පමණක් දැක ඇති, නැවත දැකීමට නොපතන, අද කතන්දරයේ මාත්‍යකාවේ කියවෙන බියකරුම සිහිනය මෙසේය.

පෙර දිනයක ඔබට මා කියා ඇති මා දැක ඇති සුන්දරතම සිහිනයේ මෙන්ම මෙදිනද මා සිටින්නේ යකඩ ඇඳක් මත ඇති සුවපහසු මෙට්ටයක උඩුපල්ලෙන් වැතිර, සුවපහසු කොට්ටයක හිස හොවා ගෙනය. විවිධ වයර් සහ නල ඒ මේ අත ඇදී ඇත.

මා සිටින්නේ දෙනෙත් වසා ගෙන යැයි සිතමි. දෙනෙත් වැසූවද සිහින පෙනෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ නොවැ?

මගේ බියකරුම සිහිනය ඇරඹේ.

මා ඉදිරියේ පෙනෙන්නේ මිනිස් මොළයකි. ඉහත පළකොට ඇති සටහනේ දැක්වෙන ආකාරයට එහි නහරවැල් වැනි කොටස් ඉලිප්පී පෙනේ.

මා නොදැනුවත්වම මා දෙනෙත ඉන් එක කොටසක් වෙත නාභිගත වෙයි.

එතැන් සිට සිදුවෙන්නේ වේගයෙන් දුවන දුමරියකින් යනවිට දෙපස ඇති ගස් වැල් සහිත පරිසරය වේගයෙන් අප පසුකර දිවයන්නාක් මෙන් මගේ දෙනෙත් ඉදිරිපිට මේ මිනිස් මොලය ක්‍රම ක්‍රමයෙන් විශාලනය වී පෙනෙන්නට පටන් ගැනීමයි.

හරියටම නොනවතින අන්වීක්‍ෂයකින් විශාල කර බලන්නාක් මෙන්ය.

කොපමණ මැග්නිෆයි කළද පෙනෙන දර්ශනය තව තවත් පැහැදිලිය. ඩිජිටල් සූමින් කරන විට මෙන් ෆික්සලේට් වී නොයයි.

මොළයේ නහර වැනි කොටස් ෙසෙල බව පෙනේ. ඒ ෙසෙල සෑදී ඇත්තේ තවත් ෙසෙලවලිනි. ඒවා ද එලෙසමය.

මගේ දර්ශනය අති වේගයෙන් මොළයේ ශුද්‍ර ෙසෙලතුලට ඇදී යයි.

මට මෙය දරාගත නොහැක. දැඩි පීඩනයක් දැනේ.

එනමුදු මට කළ හැකි දෙයක් ද නැත.

පීඩක දර්ශනය ඔස්සේ මා ඉදිරියටම ඇදී යයි. එසේ නැතහොත්, පීඩක දර්ශනය මා පසුකජර පසුපසට ඇදී යයි.
මගේ සිත බියෙන් පිරේ.

මට මේ සිහිනයෙන් ගැලවීමට හැකිවේද?

යළිත් හිරු එළිය බලන්නට හැකි වේද?

මෙවැනි බියකරු හීනවලින් ගැලවීමට "ඉතිපිසෝ භගවා" ගාථාව කීමෙන් හැකි බව මගේ අම්මා කියා ඇති බව මා මතකයට එයි.

මම එය කියන්නට පටන් ගනිමි.

"ඉතිපිසෝ භගවා... ..."

මට එතනින් එහාට ඒ ගාථාව මතක නැත.

සිහිනය නිමවිය. මම අවදිවීමි.

-කතන්දරකාරයා

ප/ලි:
මෙවැනි සිහින ඔබත් දැක ඇත්ද?

(image: http://charltonteaching.blogspot.com.au/2010/06/this-is-your-brain.html)

47 comments:

  1. මෙච්චර බය හීනයක් නම් දැකලා නෑ. අද ඉතින් නිදාගන්ටත් බෑ ඔන්න. මේ හීනෙම පෙනෙයිද කියලා බයේ බෑ.

    පොඩ්ඩි දැකලා තියෙන බයම හීනේ තමා විබාගෙට ගිහින් ලියාගන්ට බැරිවීම. ආයෙම මුල ඉඳන් විභාග කරන්ට ඕනේ කියලා හීන් දාඩිය දාලා තමා නැගිට්ටවෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. වි-බාගේ පාස් වුණාද?

      Delete
    2. ඔය විභාග කේස් එක ඔය විදිහටම මටත් කොහොමත් මාස දෙහෙකටවත් සැරයක් පේනව නෙව.
      අම්මෝ..! ඒක හරිම භයානක හීනයක්.
      පුදුමෙ කියන්නෙ අපේ තාත්තටත් ඕකම තාමත් ඉඳල හිටලා පේනවලු.

      Delete
  2. කොහොමටත් ඔබට ඉතිපිසෝ ගාථාව මතකයේ තිබෙන්නට විදිහක් නැත. ඉතිපිසෝ ගාථාව යනු බුදුරජාණන්වහන්සේගේ නව අර්හාදී බුදු ගුණ කියැවෙන ගාථාවයි.
    කය නම් අසාරය-බවනම් බයංකායර
    කියනුව දිවාරැය-කියමි බුදුගුණාලංකාරය

    බුදුගුණාලංකාරය රචනා කරමින් වීදාගම හිමියන් බුදුගුණ කවියට නගන්නේ සංසාරයේ අනේක දුක් වේදනා වලදී බුදුගුණ සිහියට නගාගැනීමෙන් සතහට පිහිටක් ලබා ගත හැකි බැව් සිහිකරමිනි. උප්පැන්නයට බෞද්ධයන් වූ සමහරුනට පන්සලක් ලගදී ඉදසිටින ආසනයෙන් නැගිටීම පට්ට ජෝක් එකක් වුනත් තුම් මුනින් දහදිය වගුරුවාගෙන බියට පත්ව සිටින මොහොතක ඉතිපිසෝ ගාථාව නිකම්ම තොල් මැතිරේ. එවිට දාර්ශනික බෞද්ධයා කොහිදැයි සොයන්නට නැත. බියට පත්වූ විට ඉතිපිසෝ ගාථාව තොල් මැතිරීම ට අප කවුරුනුත් කුඩා කාලයේ පටන්ම පුරුදු වී සිටියි. ඒ ආගමික දැනුවත් වීමක් නොමැතිව සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමයි. බෞද්ධයන් වූ අපගේ බොහෝමයක් සිරිත් විරිත් සහ විශ්වාසයන් හැඩගැසී ඇත්තේ ඒ පරිද්දෙනි. මා විස්මයට පත්වුණේ එකම සම්ප්‍රදායික කාරණා පුද්ගලයන් හා අවස්තාව අනුව පිළිගන්නේත්, ප්‍රතික්ෂේප වන්නේත් ඇයිද යන්න හරි හැටි තේරුම් ගන්නට නොහැකිවයි.

    ReplyDelete
    Replies
    1. කොහොමටත් ඔබට ඉතිපිසෝ ගාථාව මතකයේ තිබෙන්නට විදිහක් නැත :D

      Delete
    2. ගාථාව මතක නැති වීම ද සිහිනයේම කොටසක් බව සලකන්න.

      Delete
    3. ගාථාව ගැන කථාවට නම් ......... හූ ඈ ....:D:D:D
      රතු රජරටයා මේදවස්වල හෙන දිග කොමෙන්ට් කොටන්නේ මේකව රස්සාවෙන් පන්නලාවත්ද හැබෑටම :D::D

      Delete
    4. මෙච්චර කාලෙකට කියවපු හොදම කොමෙන්ට් ඒක

      Delete
    5. ඔය සංස්කෘතිය කියන හිරගෙයි ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගෙ සිර කුටියට පොඩ්ඩක් අව්ව වැටුණත් කේන්ති යනවා. කකා ගණන් ගන්න එපා.

      Delete
    6. KK is owned by RR!

      Delete
    7. පෝස්ට් එක කියවන් යනකොට මට මතක් උනේ මේ කතාව. මෙන්න පහලට එනකොට රතු රජරටයත් කියල ඒ වගේ කතාවක් අමුවෙම්ම.

      ඔන්න මහත්තයට සිසත්තෙයක් ලැබිල රට ගියපු පවුලක නෝන කෙනෙක් ආයි ලන්ඩන් ඉඳන් ලංකාවට ආවලු බබා හම්බුවෙන්න. ආපු දා ඉඳල මෙයාගෙ කතාව සිංහල නොදන්න සුද්දියෙක් ගානටලු. කොහොම කොහොම හරි අන්තිමට බබා ලැබෙන දිනෙත් ඇවිත් ඉස්පිරිතාලෙට ඇතුල් කරල ලේබර් රූම් එකටත් දැම්මලු. ඔන්න දැන් නෝන කෑ ගහනවලු...ඕ...මයි ගෝඩ්..අයි කාන්ට්...අයි කාන්ට්...ඉට්ස් පේනී...වගේ අමුතු කතා කිය කිය. ටික වෙලාවක් ගිහින් අර මිඩ් වයිෆ් නෝන ළමය එළියට අදින කොටම මෙන්න මේ ලෝකල් සුද්දි මාහඬ දෙනවලු " බුදු අම්මෝ...මට බැරියෝ... කියල.

      කොටිම්ම අළුත උපන් පොඩි එකාටත් හිනාලු සීන් එකට.

      Delete
  3. හීන පේන්නෙ නම් කලාතුරකින්... දැකලා තියෙන බය වෙනම හීනෙ උඩ ඉඳලා බිමට වැටෙන ඒවම තමයි..ගැස්සිලා ඇහැරෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මනෝකායෙන් යනවා ඇති ෆොටෝ ගහන්න?

      Delete
  4. මොනා වුනත් අපුරු සිහිනයක් නොවැ... මට නම් සිහින පෙනුනත් එවා උදෙට මතක හිටින් නැනෙ.... :-(

    ReplyDelete
    Replies
    1. හරි හමං හීනයක් දැකලා නෑ වගේ?

      Delete
  5. මම දැක්ක බයානකම හීනය දැක්කෙ මේ ලඟදි. ඒක කියන්න බැරි තරම් ශෝකජනකයි. හීනවල ආතල්ම දේ තමයි අවදිවුනාටත් පස්සෙ ආයෙත් නිදාගත්තම ඒකෙ පාට්2 පේනඑක.

    භය සහ ඉතිපිසෝ ගාතාව අතර සම්බන්ධයක් මගේ නං නෑ. අධික භයක් ඇතිවුන ගමන් වික්ෂිප්ත ස්වභාවයක් ඇතිවෙන්නෙ. ගාථා මැතිරිලි එන්නෙ ඊට මොහොතකට පස්සෙ මං හිතන්නෙ.

    සුපුරුදු කතන්දර වලට ආයෙත් ආව එක නං සතුටට කාරණාවක්.

    ReplyDelete
    Replies
    1. /* මම දැක්ක බයානකම හීනය දැක්කෙ මේ ලඟදි. ඒක කියන්න බැරි තරම් ශෝකජනකයි. හීනවල ආතල්ම දේ තමයි අවදිවුනාටත් පස්සෙ ආයෙත් නිදාගත්තම ඒකෙ පාට්2 පේනඑක.
      */

      නැන්දම්මා ගේ ගෙදර ඉන්න කොට ඔහොම තමයි!

      Delete
  6. කකා තමා මාර හීන දකින්නේ
    මේ ළඟකදිත් දැක්කා කිව්වා නේද වයිවර්ණ හීනයක්?

    ReplyDelete
  7. ඕවා තට්ටේ බාපු අයට පේන හීන. තට්ටේට පිනි බාල නිදාගත්තම කතන්දරට ඕවා පේනවා

    ReplyDelete
  8. නිදාගන්න කලින් සිරාවටම බයෝ පොතක් බලලා තියෙනවා වගේ :) :) :) :) :)

    ReplyDelete
  9. අර අරන් තියන් ඉන්න බෝතල් වලින් පොඩි අඩියක් ගහල නිදා ගන්න. අත්දුටුයි සත්‍යයි

    ReplyDelete
  10. මේ දවස්වල නම් මට එක දිගට හීන පෙනවා. පහුවෙනිදාට ඒ හීන ඇත්ත වෙනවා.... :D

    ReplyDelete
  11. මටනං බය හිතෙන්නේ මගේ වටේට තියෙන හැමදේම ප්‍රමාණයෙන් සෑහෙන්න විශාලව පේන හීනවලට.ඔලුව විකාර වෙලා බය වෙලා ඇහැරෙන්නේ.

    කොච්චර බය උනත් ගාථානං කියවෙන්නේ නැත.

    ReplyDelete
  12. මම නම් දකින බයම හීනේ තමා.හීන කොටස් වශයෙන් පේනවා වගේ දැනෙනෙක.
    හරියට කියනව නම් සමහර හීන දැකල ඇහැරුනාම හිතෙනවා , “ඊයේ දැක්ක හීනෙ ඉතිරි ටික නේද “ කියලා
    මෙගා හීන............

    ඇයි තව හීන තියෙනවා පටන් ගත්ත අය නෙමෙයි අන්තිම වෙද්දි වෙනම චරිත...

    අනෙ මන්දා.සමහර දවස් වලට හීනයක් දැක්ක කියල මතක් වෙන්නේ ඒ දවසෙ මොනා හරි සිද්ධියක් වුනාම. “ආහ් මම මෙහෙම එකක් හීනෙන් දැක්ක “ නේද කියලා මතක් වෙනව.

    “ බුදු අම්මෝ............මාව හීනයක් ඇතුලෙ හිර වෙලා “

    බයේ බෑ.......

    ReplyDelete
  13. මෙක කියෙව්වාමයි මතක් උනේ..... කාලෙකින් හීනයක් දැක්කේ නෑ නොවැ!

    ReplyDelete
  14. මමත් ගොඩක් වෙලාවට දකින්නේ මාර බයානක හීන. අනර්කලි, පබා, හිරුනිකා, ගීතා මාලනී සමහර වෙලාවට මගේඇඟ උඩට නගිනවා. මම මාර විදියට බය වෙනවා, කොටින්ම ඒක මරණ බයක්, වයිෆ්ට නෙමෙයි අනේ. සුදු වෑන් වලට. ඉතින් කොච්චර හොඳ කෑලී උනත් මම නැගිටිනවා. පස්සෙ වෙන එකක් පෙනීයන් කියලා. ඒත් එන්නෙම මෙයාලා තමයි.

    ReplyDelete
  15. සිහින කියන්නෙ මිනිස් මොළයෙ unlearning effort එකක්. දවස තිස්සෙ අවදියෙන් ඉන්න වෙලාවට අපි මොළයට දාගන්න තොරතුරු ප්‍රමාණය අපේ මොළයේ ධාරිතාවයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ගොඩාක් වැඩියි. ඒ නිසා මොළය යම් පියවරක් ගන්නවා මෙයින් කොටසක් දිනපතා ඉවත් කරන්න. සිහින කියන්නේ එසේ ඉවත් කිරීමේදී (හා මොළයේ තොරතුරු ගබඩා කිරීම යළි සැකසීමේදී) ඇතිවන ප්‍රතිඵලයක්. මේ නිසා සිහින් ගණන් ගත යුතු දේවල් නෙවෙයි. (නිදා නොගන්නා උරගයින් වැනි සත්ත්වයින් අවදි වී සිටිද්දීම 'සිහින' දකිනවා.)

    බොහෝ දෙනකුට නිතර පෙනෙන 'භයානක සිහින' එකක් හෝ කිහිපයක් තියෙනවා. වැඩියෙන්ම සුලබ භයානක සිහිනය ලෙස බොහෝ දෙනකු දක්වා තියෙන්නේ විභාගයකට කලින් ශාලාව සොයා ගන්නට බැරිවීම හෝ විභාග අංකය මතක නැති වීම. මගේ වඩාත්ම සුලබ 'භයානක සිහිනය' ලෙක්චර් එකකට යන්න ලැහැස්ති නමුත් ඒ මොනවා ගැනද කිසිම හැඟීමක් නැති වීම. (සමහරවිට මේකම පොඩි වෙනස් කමක් ඇතිව නාට්‍යයක රඟපාන්නට යන්න ලැහැස්ති මුත් දෙබස් මතක නැතිවීමට මාරු වෙනවා.)

    කකාගේ අන්තිම භයානක සිහිනය ගැන කියන්න තියෙන්නේ මේ ශාරීරික අපහසුතාවයක් (රෝගයක්, අධික මහන්සිය, නිදි වැරීම) නිසා වෙන්න පුළුවන් දෙයක් කියලයි. මේ අන්තිම අමාරු අවස්ථාවක්. මේ තත්ත්වයට ආවාම ඇහැ පියවෙන හැටියෙම හා සමහරවිට ඊටත් පෙර මොළේ විකාර කරන්න ගන්නවා.අප්‍රසන්න අත්දැකීමක්.

    සාමාන්‍ය සිහින ගැන කිව්වොත් ඒවා පෙනෙන්නේ නින්දේදි REM Phase එකේදි විතරයි. එක රාත්‍රියක REM phases කිහිපයක් එනවා. වඩාත්ම දිග එක එන්නේ උදේ 4.00 - 5.00 අතර කාලයේ. මේක පැය එකහමාරක් විතර දිගයි. සිහින පෙනීම වාගේම පුරුෂ පක්ෂයට ශිශ්නය ඍජු වීමකුත්, සමහරවිට ශුක්‍ර තරලය පහ වීමකුත් වෙන්නේ නින්දේ මේ අදියරේදි.

    සිහින සම්බන්ධ තව අපූරු දෙයක් තමයි සිහිනයකදී යමක් කියවන්න බැරි වීම හෝ දුවන්න බැරිවීම. ඇවිදින්නත් අමාරුයි. මෙසේ වන්නේ මේ අදියරේදී ශරීරයේ පේශීන් සියල්ල අක්‍රිය ත්ත්ත්වයට පත්වන නිසා. මොළය ක්‍රියා කරද්දී පේශීන් අපට නොදැනුවත්වම ක්‍රියාත්මක වුණොත් බලාපොරොත්තු නොවෙන දේවල් වෙන්න පුළුවන්. "නින්දෙන් ඇවිදීම' කියන්නේ එසේ අනපේක්ෂිත විදියට පේශීන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල.

    සිහින හා ආගම් අතර සම්බන්ධයක් නෑ.

    ReplyDelete
    Replies
    1. තව එකක් කියන්න අමතක වුණා. අද අප සිහින ගැන දන්නා තොරතුරු අනුව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ 'The Interpretation of Dreams' පොත එහෙම් පිටින්ම වැරදියි.

      Delete
    2. "සිහින හා ආගම් අතර සම්බන්ධයක් නෑ." - ගොඩක් වේලාවට මිනිසුන් ආගම සිහිකරන්නේ ඇහැරුනාට පස්සෙ නේ. ඒකෙන් ඵලක් නැත. මුලාවීමකි.

      මම මේක කතන්දරගේ පොතේ ලියන්නේ කියපු කතාව නිසයි. මේ ඇනෝනිමස් නම් බටහිරින් කෑලි අරං අටවල වගෙයි.

      දන්න අයෙක් මම කියන එකට පිළිතුරු දීම අගයමි.

      මම සැබෑ ලොව කරමින් සිටින දේම සිහිනෙන් ද කරමි. සමහර විට මම නිදාගෙන ගොරවන බව දැනගන්නේ මට නින්ද ගියේ නැතැයි මා දුක්වෙන විට බිරිඳ කිව් පසුය. බොහෝ විට මම ගොරවන හඬ මටම ඇසී විමතියට පත්වීමි. මම දකින සිහින බොහෝය. ඒ ගැන නොකියමි. මේ ඇනෝනිමස් කියන්නේ ඉතා අල්ප සිහින ප්‍රමාණයක් ගැනය.

      මම දකින සිහින මට අභිමත නොවේ නම් නැවත දැක මට ඇවැසි ලෙස වෙනස් කරමි. මම සිහිනය මට සුදුසු ලෙස හසුරමි. හොඳ මෙන්ම දරුණු සිහිනද දකිමි. දින කිහිපයකට පෙර සුද්දකු මගේ ගෙට පැන බඩු ගෙන යනු දුටිමි. සැබැවින්ම මෙයට මුල සැබෑ හේතුවකි. ඌ අතරමග නැවතුන වාහනය සමඟ අසුවිය. මට ඒ සිහිනය මදි විය. මට ඕන වූ ලෙස නැවත සිහිනය දුටුවේ, ඌ වාහනය සමඟ පෙරලී ගලක් උඩ වැටී හිස සුන් වී නැසීමෙනි. මම දකින සිහින මම පාලනය කරන ඒවාය.

      හැම සිහිනයම සිහින නොවේ. සමහර දෑ සැබෑ දේ මත ගෙතුනු දේය. නොඑසේ නම් බාහිර ඇමතුම්ය. වරක් මම අජන් බූආ ගැන යමක් කීමි. එය විකිපීඩියා වලින් උපුටා ගත්තකි. එදින තායි ගැහැණියක් උන්ගෙ බසින් ගොඩක් කී ය. මම නොදන්න බසක් වුවද කී දේ මට දැනිනි.

      මා කීවේ සුළු කොටසකි. මා වැනි සිහි ලොවත් සැබෑ ලොවත් බැඳිය හැකි හෝ සිහින ලොව පාලනය කල හැකි අය සිටීද? පිළිතුරු අගයමි. මෙය මා කරන අධ්‍යයනයකටද බැඳේ.

      කකාට මගේ හැකියාව තිබී නම් කුමක් කරනවාද?

      Delete
    3. තමන්ගේ සිහින එක්තරා මට්ටමකට තමන්ට පාලනය කළ හැකිය. දැන හෝ නොදැන එය අපි සියළු දෙනාම කරමු. ඔබට ඇත්තේ සමාන්‍ය මිනිසකුට වඩා වෙනස් නිද්‍රා රටාවක් බව පෙනෙයි. එනිසා ඔබට එම හැකියාව වැඩි වන්නට පිළිවන.

      Delete
  16. /එයින් බොහොමයක්ම සිහින දැක එක්වරම අවදිවෙන විට ඇත්තේ හිසරදයකි./

    හිසරදයක් ඇති වෙන්නේ සිහිනයක් මඟදි ඇහැරුණොත් විතරයි. සිහිනයක් හරියට නිමා වීමෙන් පසු ඇහැරුණොත් ඇතිවන්නේ ඉතාම ප්‍රසන්න ප්‍රබෝධජනක හැඟීමක්.

    ReplyDelete
  17. ඇත්තටම මම නම් සිහින වින්දනය කරන කෙනෙක්. මේ සිහින වින්දනය කිරීමටම මගේ දින චර්යාව සකස් කරගෙන තියෙන්නේ. සිහින තොරතුරු ලියන්ට පොඩි පොතක් හා පෑනක් ඇඳ ළඟ තියාගෙන ඉන්නේ.

    මට පෙනෙන්නෙත් මා දන්නා කිසිවකුටත් නොපෙනෙන ආකාරයේ සිහින. මේවා ලියන්ට යන්නේ නැහැ, ලිව්වොත් අර ඇදුරුතුමාගේ නයා වගේ වේවි. එකම එකක් කියන්නම්.

    දවසක් බරක් ඔබාමා මට පෞද්ගලිකව assignment එකක් භාර දෙනවා. (මේ ගැන විස්තර පොතේ ලිව්වා. තවම ඇති.) අවසානයේ ඔහු "You can mail me at any time" කියලා මට ඊ-මේල් ඇඩ්‍රස් එකක් දෙනවා. මට එවේලේම ඇහැරුණු නිසා ඒක මතකයි.

    box#com2.au

    (ඔව්. @ වෙනුවට තිබුණේ # සයින් එක. මට එවෙලේම වැරද්ද පෙණුනා. මට හිතුණේ ඔබාමා නිසා මේල් ඇඩ්‍රස් එකත් වෙනස් ඇති කියලයි.)

    ඇයි ඔබාමා .au ඇඩ්‍රස් එකක් භාවිතා කළේ? මොකද්ද අර com2 කෑල්ල? box කියන්නේ මොකද්ද/කවුද? සෑහෙන්න බොන්න ඕනැ ප්‍රශ්න.

    ReplyDelete
  18. අප දකින සිහින කවදා එළිවෙයිද මහත්මයා. අප සියල්ලන් දකිනුයේ භායනක සිහිනම නොවේද....?

    ReplyDelete
    Replies
    1. ඉනාමළුවේ බුද්ධදාසලාට පෙනිය හැකි භයානකම සිහිනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ පරාජයයි!

      Delete
  19. මා දැක ඇති බියකරුම සිහිනය මෙන්න මේකයි.... මම බ්ලොග් එකක් පටන් අරන් තිබේ.... ඒ උනාට කවුරුත් ඒ පැත්තේ ඇවිත් මොකවත් ලියන්නේ නැත.... ගෑල්ලමයින් ආඩම්බරකමට බලල නොදැක්ක සේ යයි.... කොල්ලෝ මේකෙ බලන්න තරම් වටින දෙයක් නැහැ කියමින් ආපසු හැරී යයි... ඉතින් මම ඉකි ගසමින් බ්ලොග් එක ලඟ ඉඳගෙන සිටිමි... කාත් කවුරුවත් නැතැයි මට හැඟෙයි... බැලු බැලු අත කළුවරය... කට්ටම කට්ට කලුය... මම බියෙන් වෙවුලා යමි.... වචන පිට නොවේ... ඉක්මනට මැරෙනව නං කියා මට සිතේ...

    "මේහ්... ඔය කොම්පියුටරේ බදං හිටියා ඇති... ඇවිත් කෑම කන්ඩ... " බිරිඳගේ හඬින් මගේ සිහිනය බිඳේ....

    ReplyDelete
    Replies
    1. onna mama nam awa oyage blog eka paththe...

      Delete
  20. ආවර්තිතා වගුව හදපු එක්කෙනත් හීනෙන් පෙනිලලුනේ ඕක හදලා තියෙන්නේ

    ReplyDelete
  21. මම් හිතුවේ කතන්ද්‍ර තුමාට පෙනිච්ච බයානකම හීනේ ඇඳුරුගේ නයා ය.

    ReplyDelete
    Replies
    1. කතන්දර දැන් හරියට ගෑණුන්ගෙන් කිච වෙනවා, මුලින්ම සපීරෝ නෝනාගෙන් දැන් ඇදුරු බිරිඳගෙන්. ග්‍රහදෝසයක්ද මන්දා

      Delete
    2. ඇදුරුගේ නයා හීනෙන් දැක්ක නම් කකා බය වෙනවම තමයි. මොකද සුළු පටු නයෙක්යැ! නාග රාජයෙක්නෙ.

      Delete
    3. බොලට නයි... අපිට නෝමල්... ඔව්ව පෙර පින් යකෝ...

      (දැන්මම ඇදුරු බ්ලොගේ ආශිර්වාදාත්මක කොමෙන්ටුවක් දමා එන ආත්ම වල මහානුභාව සම්පන්න මහඇදුරු සම්පත් ලබාගැනීමට පින් ලබාගන්න....)

      Delete
  22. වෙල් කම් බැක්

    ReplyDelete
  23. මමත් නිතරම දකින හීනයක් තියෙනවා... කොහොමත් ඒක මාසෙකට දෙතුන් පාරක් දකිනවා.. තවම මට එකට හේතුව හොයාගන්න බැහැ ..

    ReplyDelete
  24. බයෝ පොත් කියවා නිදැගැනීමෙන් වලකින්න.

    ReplyDelete
  25. matath me dawaswala peenawa heena. Bonawa, buuru gahanawa, sudu kodith thiyanawada koheda.


    Ane mata nam hema deyakma heenayak thamai. E nisa amuthuwen mathaka hitina ewa ne.

    ReplyDelete
  26. හීනත් එක්ක ජීවත් වුනොත් ජීවිතේම හීනයක්ම වේවි
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.