Monday 1 October 2012

රෑ ඉස්කෝලේ හාමිනේ - Lady of the evening



රෑ ඉස්කෝලේ හාමිනේ කියලා කියන්නේ ලොව පැරණිම රැකියාව කරන ලාංකික කාන්තාවන්ටයි. රෑ බෝ වී ගෙන එන වෙලාවට හොඳින් ඇඳ පැළදගෙන සේවය සඳහා පිටත්ව යන නිසයි ඒ අන්වර්ථ නාමය පටබැඳිලා තියෙන්නේ.

එක දවසක් රාත්‍රියක මිතුරන් දෙදෙනකු සහ මම නුවර එළිය නගරයේ ඇවිදගෙන යන අතරතුරේ ඒ සේවා යෝජකයකු එනතුරු බලා සිටින රෑ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් දැක්කා.

ඒ ගැන ලියවුණු කවියක් තමයි මේ.

අම්බපාලී

කඩා වැටෙන කලුවරය දස අතින්
මීදුම් කඳු මැද
සීතල නගරය
දුම්වැටියෙන් නැත
සීතල මිදුණේ
උණුසුම ලැබුණේ

කහ එළි විසිරුණු පාළු මාවතේ
සෙමෙන් සැලෙන එක්
අඳුරු රුවක්

කඩා දැමූ මුදු කෙහෙරැල්ලයි
ගත සිත පොළඹන නෙතු කැල්මයි

කෝමල ඉඟි බිඟි
සිත තුල කැළඹිලි
නුපුරුදු සිතුවිලි
ආශාවක්
බියක්
?


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ අවසානය සැමරීම පිණිස පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා


(image: http://minivannews.com/politics/sri-lankan-prostitution-ring-busted-in-male-27649)

24 comments:

  1. ළොව පළමු රැකියාව. මම පුදුම අනුකම්පාවක් තියෙන්නේ මේ රැකියාව කරන ලංකාවේ අය ගැන. ඔවුන්ට රැකියාවට වඩා වෙලා තියෙන්නේ බොහෝ අයගේ ආශාවන් නොමිලේ සන්තර්පනය කරන්නයි. ඒ සුළු මුදලක් සොයාගන්න. වෙනත් රටවල අයත් සූරාකෑමකට ලකවනවා. නමුත් ලංකාවේ පහළම පන්තියේ අය ලක්වන ලිංගීක සූරකෑම අති අමානුෂිකයි. කොකොම හරි කොළඹ නගර සභාවේ මන්ති කෙනෙක් යෝජනවක් ගෙනත් මෙහෙත් රෙඩ් ලයිට් ස්ට්‍රීට් එකක් දාන්න. ඉදිරි දින කීපයේදි අපට බලාගන්න පුළුවන් සත් ගුණවත් මහතුන්ගේ කයි කතන්දර. මේ කවිය නම් මගේ හිතට වැදුනා...

    ReplyDelete
  2. අද ඔක්තෝම්බර් 1වෙනිදා
    හෙට ඉදලා අපට කතන්දරයක් කියවන්ඩ ලැබීම පිලිබඳ මගේ චිත්තප්‍රීතිය !

    ReplyDelete
  3. අපේ රංබණ්ඩා සෙනෙවිරත්න මහත්තයත් ඔය වගේ දර්ශනයක් දැකල නේ අර සිංදුවක් ලිව්වේ. ළදුනේ ළදුනේ. මම හිතන්නේ මෙම රැකියාව කරන කාන්තාව දිහා වඩාත්ම අනුකම්පාවෙන් බලපු සිංහල අදහස තමයි ඒක. මාතලන් කිව්වා හරි. ‍එහෙම ස්ට්‍රීටි එකක් පටන් ගත්තත් නැතත් කොළඹ වීදි පුරා කහ බල්බ දැල්වෙන වෙලාවේ ඒ යටට වෙලා නැගනියන් ඇම දාන හැටි බලාගන්න පුළුවන්

    ReplyDelete
  4. කකා මාසේ පුරාම දාපු කයි වලින් හිතට දැනුනම කයිය මේක තමයි...
    අනුකම්පා කරන්න පුළුවන්... ඒත් කාටද කියලයි මට ප්‍රශ්නයක් තිබුනේ....

    ReplyDelete
  5. කවිය නම් දැනෙන්න වැදුනා.

    ReplyDelete
  6. පොඩි මතක් කිරීමක්...
    සාහිත්‍ය මාසය ඉවරයි නේද ? දැන් කියවීමේ මාසය මිසක් ගායනා කිරීමේ මාසය නෙමෙයි..:D
    ආ.. ඒක නෙමෙයි, කකාගේ නම දැන් නිතරම T.V.එකේ දකිනවා. හැබෑම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඒ කොහෙද අපටත් කියන්නකෝ බලන්න

      Delete
    2. අනේ මංද සුභා මට කිංඩි කතාවක් ඇදබැවද????????

      Delete
    3. @ මාතලන්,
      "බොරළු පාර" වගේ නමක් තියෙන ටෙලියක රුපවාහිනී රචනය, පිටපත සහ තේමා ගී රචනය වගේ තමයි මට මට මතක... අද රැ 9.00 ට රුපවාහිනී බලන්නකෝ.

      Delete
    4. මිනිහ රසික සුරවීර ආරච්චි නේද? මාත් එක පාරක් ඇබෑර්තු ඇත එක නාට්‍යෙ ඔය නම දැකල රැවටුනා!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ආශාවයි බයයි දෙකම දැනෙන්නේ සමාජයෙන් නැගෙන ආකල්පය නිසාද?

    ReplyDelete
  9. මේ මාතෘකාව ගැන කතා කරනකොට මට මතක් වෙන්නෙම ගුණදාස කපුගේ මහත්මයාගේ මංමුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ.. මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ කියන ගීතය .... ගීතයේ තේරුම මේ මාතෘකාවට අදාල නොවෙනවා ඇති.. ඒත් මට මතක් වෙන්නෙම ඒ ගීතය.

    ReplyDelete
    Replies
    1. kapuge gayana karana , "Abhisarikawange" geeyata nam thema wenne mee marthukawa.

      Delete
  10. අනුකම්පාවෙන් ඔවුන්ට ඇති පලය කුමක්ද?ඔව්න්ගේ ජීවිත වලට ඉතා කුඩා හෝ සහනයක් ලැබේවිද?

    පෑන

    ReplyDelete
  11. \\කෝමල ඉඟි බිඟි
    සිත තුල කැළඹිලි
    නුපුරුදු සිතුවිලි
    ආශාවක්
    බියක්//

    ඉතින් ආශාව ඉෂ්ට කරගත්තද? :)

    ReplyDelete
  12. ඕක නීතිගත කළොත් ප්‍රශ්න ගොඩක් අඩුවෙයි කියලා හිතනවා

    ReplyDelete
  13. තායිලන්තෙ තමයි ආසියාවෙ වැඩිම රෑ ඉස්කෝලෙ හාමිනේල ඉන්න රට.. කකා ත් එහෙ ඉන්නකන් හොඳවයින් තායි රස බලන්න ඇති නේද ?

    ReplyDelete
  14. Ha, Ha, Asaw Asaw ape maha kai, Kakka thuma Nuwara eliye jee keliye gihilla. ema wistharath ethuma has tho pak kramayen pasuwa eli dakwala.

    ReplyDelete
  15. මා විසින් පන්හිඳ, පෑන යනාදි වශයෙන් වර්ඩ්ප්‍රෙස් හි පවත්වාගෙන ගිය බ්ලොගය මින් මතුවට අමාවක -යනුවෙන් බ්ලොග්ස්පොට් හි පවත්වාගෙන යන බව සියල්ලෝ මෙයින් දැන ගනිත්වා..

    ReplyDelete
  16. එරැය මුළු දියත පනැතියන්
    අප දෙදෙන පමණි
    සලු- අදුර පලා නැඟි
    සුදු සිසිල් සෙලු කැලුම්
    දෙකඳ මත සැගවුණු දෑ සෙවූ,
    දඟකරු අතැගිලි හතුරකු නොලද සැටි
    මද විවර අදරින් වැලදින
    අඳුරින් අඳුර ,සෙලුවෙන් සෙලුව
    සිසිල් නල කිහිරකට පමණ ඉඩ කඩ
    මිරිකි මොහොත මසින් මස
    මැනික ඔබ දෙතොල නොවතල'
    අගලකුදු මා සිරුර කොද
    කොද ඒ මිහිර ඒ උණුසුම
    ඒ සෙලුව

    (සිරි ගුණසිංහයන්ගේ ඊයෙ සොඳුර පැදියෙන් උපුටා ගන්නා ලදී )

    ReplyDelete
  17. KALAMADIRIYO, AMAWAKE THIYANA POST KIYEWWA, HONDAI. KAKA TA EHEMA EWWA LIYANTA DANNE NEHENE.

    ReplyDelete
  18. @ All

    නැවතත් දවස් දෙකක නෙට් නැති ජොලි කාලයක් උදා වුනා!

    කියවූ, කමෙන්ට් කළ සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  19. පහන් කණු යට සෑඳෑවේ සලෙල පහසේ මියෙන දැරියන්
    දෙතොල මත දිය පොදක් වේවා මේ කව.....
    කතන්දරට සුබ පැතුම්
    මම
    http://samakayawate.blogspot.com/2012/10/18-330.html?showComment=1349704329645#c4496502405086915789

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.