ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 24 April 2011
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා - ටීචිං කතන්දරයක් :: Sunday Extra, Sunday Extra
මේක ලියන්නේ සංජුගේ පවුලේ කතාවක් දැකලයි. සංජු කියනවා එයාගේ ඥාතීන් කොච්චර දෙනෙක් ගුරුවරුද කියනවා නං පවුලේ සුහද හමුවක් නිකං ස්ටාෆ් රූම් එක වගේ වෙනවා කියලා!
මගේ අම්මාගේ දෙමව්පියන් දෙන්නයි, එක පුංචි අම්මා කෙනෙකුයි ගුරුවරු. මගේ තාත්තාත්, බාප්පාත්, නැන්දලා දෙන්නෙකුත් ගුරුවරු. පවුල් දෙකේම බඩ පිස්සෝ විතරයි ගුරු සේවයේ නොවෙන ජොබ් කරන්නේ.
තාත්තාගේ පැත්තෙන් සහ අම්මාගේ පැත්තෙන් නෑයෝ වෙන බාප්පා, මහප්පලා, මාමලා, නැන්දලා ගත්තොත් මුළු අධ්‍යාපන කොට්ඨාශයකම ඉස්කෝල පුරවන්න අය ඉන්නවා.
කතන්දර හාමිනේ ගේ පවුලේත් නැන්දලා, මාමාලා, පුංචි ලා බාප්පලා අති මහත් බහුතරය ගුරු සේවයේ තමයි.
මේ තරම් ගුරුවරු ඉන්න හේතුව දන්නවාද?
ඉස්සර අපේ සීයලා ගේ කාලේ ගම්වල ඉගෙන ගන්න අයට, ඉංගිරිසි ඉගෙන ගන්න ටවුමේ ඉස්කෝලෙකට නොගියොත් කරන්න තිබුනේ මූලිකවම රස්සා දෙකයි. එක්කෝ වෙද මහත්තයෙක් වෙන්න ඕනෑ. නැත්තං, අවසානේ පාස් කරලා, ශිෂ්‍ය ගුරුවරයෙක් විදියට බැඳිලා ගුරුවරයෙක් වෙන්න ඕනෑ. (විභාග පාස් නැති අයට තිබුනේ කම්කරු රැකියා, ගවර්න්මන්ට් ප්‍රෙස් එකේ, මිනින්දෝරු පාටියේ හෙම).
අපේ නැන්දලාගේ කාලේ වෙනකොට ඉංගිරිසියෙන් ඉගෙන ගත්තු අයට තිබිලා තියෙන්නේත් ඔය වගේ චොයිසස් කීපයයි.
ටීචින්, ක්ලැරිකල්, නර්සින්. ඒ විශේෂයෙන් ම ගෑනු අයට.
ටිචින් නැතුව වෙන දෙයකට යන එක ගෑනු කෙනෙකුට ටිකක් අමාරුයි කියලනේ හුඟ දෙනෙක් හිතුවේ, සමතැන දීම කෙසේ වෙතත්.
ඉස්සර කාලේ අවසාන විභාගේ පසු කාලේ සීනියර් විභාගේ, ඊටත් පස්සේ ඕ-ලෙවල් පාස් වුණායින් පස්සේ තිබුණු හොඳම ජොබ් එක කළා මිසක්, වෙන හේතුවක් හින්ද නෙමේ, සංජු ලා ගේ, අපේ නෑ පරපුරම ගුරුවරු වෙලා ඉන්නේ...!!!
මොකද ඒ දවස්වල PHP, ASP ඉගෙන ගෙන වෙබ් ඩිසයින් කරන්න කියලයැ?
-කතන්දරකාරයා
ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සීරීස් එකේ මුල් එපිසෝඩ් එකයි. මේවා ටිකක් පොඩි අදහසක් විතරක් තියෙන ඒවා. ලොකු කතන්දරයක් නං නෑ, හරිය?
ප්‍රධාන කතන්දර සීරීස් එක යන්නේ සඳුදා, බදාදා සහ සිකුරාදා විතරයි. ආපහු පොඩි කතාවක් ඊලඟ සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා එකෙන්.
(image: http://www.thesun.co.uk/sol/homepage/news/article149538.ece)
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
මොකෝ කෙම්මුර දවස් වලට විතරක් ලොකු කතා ලියන්නෙ
ReplyDeleteමොකෝ කෙම්මුර දවස් වලට විතරක් ලොකු කතා ලියන්නෙ. සාමාන්‍යයෙන් පත්තර වලනම් ඕකෙ අනිත් පැත්ත. සති අන්තෙට තමයි ලොකුම පත්තරේ එන්නෙ
ReplyDeleteඒ කාලේ ඉතින් ගුරුවරු කිව්වාම හරි ප්ලේස් නේ. ඉස්කෝලේ මහත්තයා, ඉස්කෝලේ හාමීනේ කියලා මිනිස්සු වුණත් හරි බය පක්ෂපාතී නේ.
ReplyDeleteමට මතක් වුණේ ඉලංගරත්න මහත්තයාගේ විලම්බීත් පොතේ තියෙනවා "ගමේ ලමයි ලොකු ඉස්කෝලේ මහත්තයාව පාරෙදී දැක්කත් වඳිනවා" කියලා.............
ඒකට කොහෙද දැන් සර් කියලා දකිද්දී කීයලා නැති වෙලාවට ඕකා එහෙමත් නැත්නම් හොඳ කාඩ් එකක් :))
ටීචින් හා පින්තූරේ අතර තියෙන සම්බන්ධේ මොකක්ද කියල මම කල්පනා කරන්නේ. සමහර විට සංජුගේ කලින් පොස්ට් එක ගැනත් හිතලවත්ද මේ පින්තූරේ ගත්තේ'
ReplyDelete@Chanaka Aruna Munasinghe
ReplyDeleteදෙයියො ලෝකේ මවලා ඉරිදට නිවාඩු ගත්තාය කියනවනේ.
අපිත් ඉරිදට නිවාඩු.
සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා කතන්දරේ සෙනසුරාදා රෑට සෙට් කරනවා.
@Hasitha
ReplyDeleteගමේ ඉගෙන ගත්තු අය සේරම ගුරුවරු, ඒකයි ඒ සැලකිල්ල.
@ priyantha
ReplyDeleteඔය ඉතිං ටිචර්ස් ලා ගැන සර්ච් කළාම ගූගල් දෙයියා මට හොයල දුන්න බඩුව තමා!
හික්.. මං හිතුවේ බෝතලේ තියෙද්දී බොන කතාවක් තමා කියලා... හෙන ආසාවෙන් කියවන්න ගත්තා...
ReplyDelete@ prasanna86k
ReplyDeleteඑහෙනං සඳුදට ආපහු එන්න, බෝතල්, කබරයෝ, කුකුල්ලු, සේරම දෙන්නං!
හහ් හහ් හා .......ටීචර් කෙනෙක් වෙන ගැහැණු කෙනෙක්ට අද කාලෙත් සෑහෙන වාසි කන්දරාවක් තියෙනවා.
ReplyDeleteවිශේෂයෙන් විවාහයකදි , මනමාලි ටීචර් කෙනෙක් නම් ඒ ඇත්තිට තියෙන ඉල්ලුම වැඩී. දැන් බලන්න විවාහ යෝජනා වලදි මනමාලයෝ සොයන්නෙම ගුරුවරියො නෙව.
හැබැයි ඉතින් ඒකට හේතුව නම් ඔය කතන්දර කීව එකම හේතුවක් වත් නෙමෙයි. දවසින් බාගයක් වැඩ කරල පඩියකුත් ගේන්නත්, ඉතිරි බාගේ ගෙදර වැඩ කරන බිරිඳකුත් ගේන්නත් ඒ මනමාලයට අවස්ථාවක් ලැබෙන නිසයි.
සන්ඩේ එක්ස්ට්‍රා , අනිත් ඒවට වඩා හොඳ වෙයි කියලයි මට නම් හිතෙන්නේ.
කතන්දර ලගදි කවි ලිවේ නැහැ නේද? තරහ නැතිව මට කතන්දර දිව්‍ය ලෝකයට ගිය කතන්දරයේ ලින්ක් එක දෙන්න පුලුවන් ද?
@සොඳුරු සිත
ReplyDeleteඔයා ට නං ඉවක් තියෙනවද කොහෙද? මං සඳුදාට දාන්න සෙට් කරලායි තියෙන්නේ කවි-කතන්දරයක්.
මෙන්න ලින්ක් එක මුල් කොටසට.
http://kathandara.blogspot.com/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html
මෙතනින් අනිත් ඒවට ලින්ක්ස් තියෙනවා.
@ සොඳුරු සිත
ReplyDeleteපොඩි දෙයක් ඔයාට ටැපලිලා. මං කියලා තියෙන්නේ අපේ ආච්චිලා, නැන්දලා ටීචිං කරන්න ගිය හේතු මිස, අද කාලේ ඉන්න සංජු ලා, අංජු ලා, මංජු ලා, මංජුලා ලා ගැන නෙමේ.
නිවාඩු නම් පවුල් දිවියට ඕනෑම දෙයක්. අපි බැඳපු කාලේ හාමිනේ සෙනසුරාදාත් වැඩ නිසා තරමක රැගක් කෑවා!
ඔය තරම් නිවාඩු ඕනි නම් , රැකියා නොකරන යුවතියක් හොයන්න ඕනි නේද අපේ මනමාල මහත්තරු...
ReplyDeleteකවි කතන්දරය කියවන්න මඟ බලමි.
ලින්ක් එකට ගොඩක් ස්තූථියි....
අවරුදු විස්සකටත් ඉස්සර අඩු වයසෙන් පැන්ෂන් ගිය ටීචර් කෙනෙක් Mrs. Observer ඒ වුනාට තාම හිතන් ඉන්නෙ එයා මගෙ පන්ති භාර ටීචර් කියල.
ReplyDelete@ Observer
ReplyDeleteඅනේ මන්දා අවුරුදු විස්සක්ම තාම එක පන්තියේ පොල් ගානවද?
ආහ්, මිරිස් අඹරලා දෙනවත් ඇති නේද?
ඇයි, රෙදි හෝදා වේලා දෙන එක?
ටීචර්ස් ටීචර්ස් විස්කි විස්කි.....
ReplyDeleteපවුලේ සෑහෙන දෙනෙක් ගුරුවරුනේ.. එක අතකට ළමයින්ට උගන්නනවා කියන්නෙත් කොච්චර ලොකු පිනක්ද...
ReplyDeleteහලේ අයියන්ඩි ඇත්තම තමා කතාව නම්...ඇත්තත් කියනන් එපායෑ දැන් අයට එහෙම දැනුමක් නම් නෑ. බහුශ්‍රැත කියන එක බිංදුවයි. එහෙම අය නැතුව නෙවෙයි නමුත් දැන් ගොඩක් දෙනෙක් තමන්ගෙ විෂය පථය ගැන විතරක් දැන ගත්තම ඇති කියලා හිතන අය.
ReplyDelete@සර්ප්‍රියා : ඔන්න ඔන්න ඉතින්.... ග‍්රර‍්රර‍්රර‍්රර‍්රර් (අයියට සර්ප්‍රියා කියන්න හේතුව මම දැන ගත්තෙ අයියගෙම බ්ලොග් එකේ ලිපියකින් හික් හික් නැත්නම් මෙච්චර දවසක් මම කල්පනා කලා ඇයි මෙහෙම කියන්නෙ කියලා)
මාත් හෙව්වෙ ඔයිං ටීචර් කෙනෙක් නෙව. නූලෙන් ගැස්සිලා ගියේ වැඩේ. හරිගියානං මත් ලියනවනෙව මෙහෙම.......
ReplyDeleteඒත් ඉතිං වේවැල් කෝටු නාරං සියඹලා අතු වලට වැඩිය සේලයින් බටේ හොඳා [පෙරළුණු පිට හොඳයි කියනවා //]
කොල්ලත් ආසාවෙන් හිටිය ටීචර් කෙනෙක් බඳින්ඩ.... ඒත් දැන්නම් බැරි වෙයි වගේ යන විදිහට...............
ReplyDeleteඔය කිව්වත් වගේ මගේ ( තාත්තාගේ පැත්තෙ ) සීයාත් ආත්තම්මත් මුල් ගුරුවරු. ඒ වගේම සීයාගේ සහෝදරියෝ 6 දෙනාම ගුරුවරියෝ. ඒ ආච්චිලාගේ දූ වරුන්ගෙනුත් වැඩි හරියක් ගුරු වරු. මටනම් ඒ ඔක්කොමල්ලවම පැටලෙනවා. මොකද ඒ කාගෙ ගැන හරි කතා කරනකොට කියන්නෙ, අර අහවල් ඉස්කෝලෙ උගන්වන නැන්දා, අර ගමේ අර ඉස්කෝලෙ විද්‍යාව උගන්න්වන නැන්ද වගේ ඔළුව කරපට් වෙලා යන විස්තර....
ReplyDeleteමේ කතාව කියවද්දි අර "මහින්දගේ ආගිය කතාවක්" මතක් උනා. ඔන්න ඉතින් අතුරු කතාවක් විදිහට මතක විදිහට මේකෙ කොටලා දාන්නං කසූ කැමතිනම්.
ReplyDeleteඔන්න දවසක් කොළඹ හරියෙ බාර් එකක තමන්ගෙ පරණ යාළුවෙක් එක්ක පැන්ෂන් ගිය ඉස්කෝලෙ මහත්තයෙක් හීනියට මන මත් වෙවී ඉන්නකොට දෙන්නාගේම පුරා ජේරු කතා අඩු වැඩියක් නැතිව ගලා ගෙන යනවලු. ඔය පැන්ෂන් ගිය ඉස්කෝලෙ මහත්තය තමන්ගෙ ගෝල පරපුර ගැන මහ ඉහලින් පුරාජේරුව දෙසනවලු, මගේ ගෝලයන්ගෙන් දැන් වැඩි හරියක් ඉන්ජිනේරුවො, දොස්තරවරු, උසස් රාජ්යද නිලධාරීන් එහෙම කියලා.
ඔන්න ටික වෙලාවකට පස්සෙ අනුමත තත්වෙන් මන මත් වෙලා දෙන්නාම පාර අයිනේ බස් එකක් එනකන් ඉන්නකොට, බොලේ අළුත්ම බී.එම්.ඩබ්ලිව් එකක් ඇවිල්ල මේ දෙන්න ගාව නැවැත්තුවලු. ඒකෙන් බැහැලා ආපු ටයි කෝට් දාපු පොරක් ඇවිත් අපේ ඉස්කෝලෙ මහත්තයගෙන් ඇහුවලු,
"සර්... ! චිත්තප්පලම් ගාඩිනර් මාවත කොහෙද තියෙන්නෙ ? “කියලා.
යාළුවත් එක්ක මෙච්චර ගහපු පුරා ජේරු ඇස් පනා පිටම සැබෑ වෙච්ච අපේ ඉස්කෝලෙ මහත්තය යාළුවා දිහා හොරැහෙන් බලන ගමන් කාර් එකේ ආපු බුවාට කිව්වලු,
"හානේ පුතා දැක්ක කල්.... දැන් මොනවද කරන්නෙ ? පුතා මාව දැක්ක ගමන්ම අඳුර ගත්ත නේද, හැබැයි මට මතක නෑ පුතා මගෙන් ඉගෙන ගත්තෙ මොන ඉස්කෝලෙදිද මොන කාලෙදිද කියලා ?".
ඒ පාර බුවා කිව්වලු,
"මොකක් ? කවුද ඕයි තමුසෙගෙන් ඉගෙන ගත්තෙ....? මම ඇහුවේ 'සර් චිත්ත්ම්පලම් ගාඩිනර් මාවත' කොහෙද කියලනේ....කොහෙද යන ඩෝප් කාරයෙක්.." කියලා ආපහු කාර් එකට නැගලා යන්න ගියාලු.
අනේ ඉතින් අපේ ඉස්කෝලෙ මහත්තයා, යාළුවවත් එතනම දාල වෙන කොහෙවත් යන බස් එහෙක එල්ලුනාලු....!
ඒකටත් එක්ක අපේ පරම්පරාව මගේ තාත්තගේ සහෝදරයෝ හතර දෙනා සහ සහෝදරියන් දෙදෙනෙක් වැඩ කරේ ලංගමේ . ඒක නිසා මම නොමිලේ සීසන් එක ලබාගෙන පාසල් ගිය වාර ගාන නම් අනන්තයි ..
ReplyDeleteමගේ අම්මාගේ පැත්තේ ගොඩ දෙනෙක් තැපෑලෙට සම්බන්ධ අය ..හැබැයි ලියුම් බෙදන අය කවුරුත් නම් නෑ .. ඔක්කොම ඉතින් ඉහල තැන් වල තමයි ,
බස් කාරයොයි ,තැපැල් කාරයොයි හැමෝම මට බනින්නේ පරම් පරාවේ රිදමය කෑවේ මම කියලා . යන්තම් මේ දැන් කරන ජුංඩි ජොබ් කට්ට්ට වත් නැත්තම් මම මුං මට බැනලම මරලා ගොඩක් කල්
:)
ReplyDeleteඅපේ ඊ ලග පරම්පරාව මෙහෙම කියාවි
"අපේ තාත්තත් Software Engineer, අම්මත් Software Eng. එයාලගේ පවුල්වලත් බාගෙකට වඩා ඉන්නේ Software Engineers ලා"