Thursday 4 November 2010

කාගෙන කාගෙන කාගෙන යෑම


මං 1994 ඉලෙක්ෂන් එක ගැන කතන්දර දෙක තුනක් ම පල කළා පහුගිය දොහේ. විකල්ප පත්තර නැතිවෙන්න ගිය හැටි. හබරල ගාලේ කබරගොයි විවාදය. රුපියල් විස්සේ පෙට්‍රෝල්.

මේ කතන්දරයත් ඔය කියන ඉලෙක්ෂන් එක ගැනයි.

ඒ දවස්වල, ටෙලිවිෂන් එකේ යන "ජන හඬ" වගේ විවාද බලනව වගේම මං කැමති දෙයක් තමයි, අර විනාඩි පාලහේ පොඩි දේශපාලන කතා බලන එක.

මේ දේශපාලන කතා පැවැත්වුනේ මැතිවරණ නීතියෙම කියල තිබුණ හින්දයි. පස්සෙ, විපස්සෙ හැමෝටම විනාඩි පාලහ ගානෙ ලැබුණ රේඩියෝ එකෙයි, රූපවාහිනියෙයි දෙකේම.

පොඩ්ඩක් අතීතය මතක් කළොත්, මේ මැතිවරණය කියන්නේ ලොකු දේශපාලන පෙරලියක් වුනු එකක්. තිබුණු ආණ්ඩුව අවුරුදු දා හතක් බලයේ ඉඳල රටේ, බහුතරයකට එපා වෙලයි හිටියෙ.

අපි හුඟ දෙනෙක් බලං හිටිය නෝන ආවට පස්සේ දාහත් අවුරුද්දක දුෂණයයි, 1993 මැයි මාසෙ ඉඳන් ටික ටික නැතිවෙලා ගිහින් තිබුණු භීෂණයයි නැත්තටම නැති වෙලා, උතුරේ ප්‍රශ්ණයත් විසඳිලා රටට සාමය උදාවේවි කියල.

ඉතිං මං මේ කියන දවසෙ, රූපවාහිනියේ ඔය කතාව කරන්න ඇවිල්ල හිටියෙ මං කලින් කතන්දරවල කියල තියෙන නුවර පැත්තෙ තිප්පොලක ඉගෙන ගත්තු කෙල්ලෙක්. මෙයා නියෝජනය කලේ, කතුර ප්‍රෝග්‍රෑම් එකේ භාෂාවෙන් කියනව නං, සහෝදර පස්සෙ.

හරිම චතුර කථිකත්වයක් තිබුණු කෙල්ලෙක් වගෙයි මට මතක. මුල් මිනිත්තු කීපය එයා ගත්තේ, ඒ වෙනකොට තිබුණු ආණ්ඩු පස්සේ හම පතුරු අරින්නයි.

ඊ ලඟට එයා මෙන්න මේ මගේ තක්සේරවේ හැටියට ඓතිහාසික ප්‍රකාශය කළා!

"සහෝදරවරුණි, දැන් මේ විපස්සෙ අය මැතිවරණයට ඇවිත් මොකද කියන්නේ දන්නවද?"

"අනේ දැං ආණ්ඩුව කරණ උං රට කාගෙන, කාගෙන, කාගෙන යනව. උං රට කාගෙන, කාගෙන, කාගෙන යන එක නවත්තල, ඒ නවත්තන තැන ඉඳන් රට කාගෙන, කාගෙන, කාගෙන යන්න අපිට බලය දෙන්න කියල තමයි සහෝදරවරුණි මේ විපස්සේ අය චන්දෙ ඉල්ලන්නේ!"

මරු කියමන නේද?

-කතන්දරකාරයා

ප/ලි
මං මේ පරණ ඉලෙක්ෂන් කතන්දර ලියන කොට දේශපාලන පක්‍ෂවල නං දාන්නෙ නැතුව පස්සෙ, විපස්සෙ කියල කියන්නෙ ඇයි කියල දන්නවද?

ඔය දෙගොල්ලො ඉන්ටර්චේන්ජබල් හින්දයි.

මේ කතන්දරවල උං වෙනුවට මුං දැම්මත්, මුං වෙනුවට උං දැම්මත් කිසි වෙනසක් වෙන්නේ නෑ!!!

ප/ප/ලි
ඔය රූපවාහිනී කතාව කරපු කෙනා දැං ලංකාවෙ නෑ මයෙ හිතේ.

17 comments:

  1. කව්රු ගියත් කරන්නෙ රට කාගෙන කාගෙන කාගෙන යන එක තමයි.

    ReplyDelete
  2. දැං ඔය සහෝදර කට්ටිය ඡන්දෙ ඉල්ලනනේ උනුයි මුනුයි අපිට නොදී රට කාගෙන කාගෙන යනවා අපිට බලන් ඉන්න බෑ ඉරිසියයි. අපිටත් රට කාගෙන කාගෙන යන්න ඉඩදෙන්නකෝ කියලනේ.

    ReplyDelete
  3. එතැන් සිට කාගෙන යෑමක්.....

    ReplyDelete
  4. ලංකාවේ ඉන්නකම් පමණි.

    ReplyDelete
  5. ගොඩක් ජාති හිතෛෂියො ඔය වගේ තමයි :) හී හී පස්සෙ රටෙත් නෑ

    ReplyDelete
  6. කාගෙන කාගෙන යනකොට මටත් ඉතුරුවෙයිද දන්නෙ නැ..
    මට නම් ඔන SWIT+TZERLAN වලින් කැල්ලක්...
    එක විතරනෙ රස.. ඔය නමෙම තියෙන්නෙ...
    සිරියාවට මොකක්ද ප්‍රශ්නයක් අපුවෙලාවෙත් මම බයෙන් හිටියෙ
    සිරියාව නැතිවෙලා මුලු ලොකයම මුස්පෙන්තුවෙයි කියල...

    ReplyDelete
  7. බණ ටෝකිං මෙන්න මෙයා රට ඉල්ලනවා - වට් නොන්සන් මේක අපිට කන්න තියෙනවා. (මතකද ඕල්වේස් බ්‍රෙක් ඩවුන්)

    ReplyDelete
  8. අනේ මන්ද. කවුරු හරි ඇත්තක් කිව්වත් කතන්දර පදයක් හදනවා.

    ReplyDelete
  9. ටියුබ් ලයිට් .....

    කවුරුත් කරන්නේ රට කන එකනෙ ඉතින්....

    ReplyDelete
  10. @All
    සියළු දෙනාටම ස්තුතියි.

    රටේ ඉඳලා රට කන්නේ නැතුව පිටරට යන එක කොච්චර හොඳ දෙයක්ද නේද?

    ReplyDelete
  11. කතන්දර,
    සමහර අය කාගෙන කාගෙන යනව විතරක් නෙවෙයි අපේ ගමේ බාසාවෙන්ම කිව්වොත් '-කාගෙන -කාගෙන' යනව නේද...?

    -ලොකු

    ReplyDelete
  12. Expiry Date පනින්න කලින් කාල ඉවර කරන්න එපැයි. ඒකයි කාගෙන කාගෙන යන්නෙ

    ReplyDelete
  13. පට්ට කථාව... කෙල්ල නියෝජනය කලේ ආණ්ඩු පක්සෙද?... විපක්සෙද?... :))

    ReplyDelete
  14. @Chanaka
    එල කතාව

    @Sathan
    කතාවෙ තියෙනව කථිකාවිය ගේ පක්‍ෂේ.

    ReplyDelete
  15. මගේ කමෙන්ටුව කතන්දරට තේරුනේ නෑ වගේ. සහෝදර පස්සෙත් අයිති වුනේ විපක්සෙටනෙ... ඉතිං මේ කෙල්ල තමනුත් එන්නෙ කාගෙන කාගෙන යන්න කියන එක නේද කියල තියෙන්නෙ?.... :))

    ReplyDelete
  16. @සාතන්
    අපෝ නෑ. ඒ ගොල්ලෝ දන්නවා තමන්ට බලය එන්නේ නැති බව. මේ විපස්සේ ගැනයි කියන්නේ.
    සහෝදර පස්සේ මතු කාලෙක ඇමතිකම් පවා දැරුවා නේද? හම්බන්තොට ප්‍රාදේශීය සභාවත් පාලනය කළා නේ. කොහොම ද දන්නේ නෑ, කාගෙන කාගෙන යෑම, දන්න කෙනෙක් ඉන්නව නං ලියන්න.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.