Sunday 27 March 2011

කතන්දර මල්ලී ට අක්කි ලා ගෙන් අවවාද - Keeping Kathandara Blog in check


ඉරිද කියන්නේ මෙලෝ සතෙක් බ්ලොග් බලන්නේ නැති දවසක් කියලයි "මගේ ලෝකයේ" අයිතිකාර "රංග" කියන්නේ.

වෙන ඉරිදා දවස් වගේ නෙමේ නේ අද ඉරිදා. ඊයේ රෑ මැච් එක බල බල ඉඳලා තාමත් නිදිමතයි. මේ දවස්වල දවසක් ඇර දවසක් හරියටම උදේ හයට දාන කතන්දරේ අද ඉරිදා සෙට් කරන එකත් ඒ හින්දා මග හැරුණා.

කොහොමටත් අද තියෙන්නේ අළුත් ම කතන්දරයක් නෙමේ, ටිකක් පරණ එකක්. හැබැයි හුඟ දෙනෙකුට මේක මග ඇරිලා ඇති නිසායි ආපහු දාන්නේ.

මේ කතන්දරය ගෙතෙන්නේ, මගේ වැරදි හොයන්න බාර ගත්තු කීප දෙනෙක් (හෝ එක් කෙනෙක්) දාපු ප්‍රශ්ණයක් නිසයි.

මං දවස් කීපයකට කලින් පල කරපු "ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ" කතාවට ඊට දවස් තුනකට පස්සේ කමෙන්ටුවක් දාපු "WhoAmI" කියවන්නිය මෙන්න මෙහෙම කියනවා.

==============================================
.......ඒක තමන් නිවැරදියි කියලා පෙන්නන්න පස්සෙ ගොතපු බොරුවක්. කතන්දරගේ ලිවීම, සංස්තිථික භාවය (consistency) ගැන උන්නදුවන කියවන්නියන් තුල ලොකු පිලිකුලක් ඇති කරනවා.
==============================================

"හූ-ඈම්-අයි" ගේ මුළු කමෙන්ට් එක මෙතනින් බලන්න. ඒකේ තවත් වැදගත් කරුණු තියෙනවා.

http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html?showComment=1301049706279#c3828136490183718052

ඒ ලින්ක් එකෙන්ම යටට ගියාම "හූ-ඈම්-අයි" ට මං දුන්නු උත්තරයත් තියෙනවා.

මං කිව්ව එක දෙයක් තමයි මේක.

==============================================
ඔබ වැරදියි. මං බොරු ලියන්නේ නෑ. මේ බලන්න මගේ ප්‍රකාශය.
http://www.blogger.com/profile/16335149222379060633

කමක් නෑ, අක්කේ මොනව කරන්නද අක්කට එහෙම හිතෙනවනං.

හැබැයි, මං නං පිළිකුල දනවන දේවල් නං කරල නෑ.

අක්කා මේ කියන්නේ මගේ චූ කතා හෝ කක්කි කතා හෝ පඩ කතා ගැන නෙමේ නේද?

මගේ කන්සිස්ටන්සි එක එදත් එකයි, අදත් එකයි. හැබැයි ඒ ඉතිං මට හිතෙන විදියට නේ.

==============================================

මගේ සම්පූර්ණ උත්තරය මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html?showComment=1301051207422#c4859352502405669489

කතන්දරකාරයා "හූ-ඈම්-අයි" ට දුන්නු ඔය උත්තරය කියවපු "what in in a name" කියන බ්ලොග් කියවන්නිය මෙහෙම ලියලා එව්වා.

==============================================
අපොයි ඔයාගෙ කන්සිස්ටන්සි එක ගැන නම් මොකට කියනවද? ඔයගෙ ඔය මහලොකු ප්‍රකශය ගැන මීට ඉස්සෙල්ලා වෙනත් කියවන්නියක් කමෙන්ට් කරලා තියෙනවා මම දැකලා තියෙනවා. මෙන්න මෙහෙමයි එයා කියලා තිබුනෙ.

"(2) භින්නෝන්මාදය (schizophrenia, මම දන්න විදිහට නම් මේ වචනෙ හැදිලා තියෙන්න්නෙ භින්න + උන්මාදය කියන වචන වලින්) භින්න කියන්නෙ පැළුනු කියන එක (split). මනස ගොඩක්ම පැළුනු කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් තමයි එක පැත්තකින් තමන්ගෙ බ්ලොග් එකේ තමන්ගෙ නොවන ඡායාරූප යොදා ගැනීමයි අනෙක් පැත්තෙන් තමන් හොර බොරු නැති වංචා නැති ප්‍රතිපත්ති ගරුක කෙනෙක් හැටියට හඳුන්වා දීමයි දෙකම එක පාර කරන්න පුළුවන් වීම. මට හිතෙන හැටියට තමන්ගෙ නොවන ඡායාරූප යොදා ගන්නයි, තමන් හොර බොරු නැති වංචා නැති කෙනෙක් විදියට හඳුන්වාගන්නයි දෙකම කරන ගමන් තමන්ව ප්‍රතිපත්ති ගරුක කෙනෙක විදියට හඳුන්වා ගන්න මනස පුදුම විදියට පැළිලා තියෙන්න ඕනෙ ඇති."

http://kathandara.blogspot.com/2011/02/blog-post_11.html

මේ තවත් කියවන්නියක්.

"කතන්දරකාරයා හොර බොරු වංචා නෑ කිව්වට අන්තර්ජාලයන් පිංතූර අරගෙන තම බ්ලොගයේ අනවසරයෙන් භාවිතා කරන බවක් පෙනෙනවා. ඉතින් මෙහෙම බ්ලොගයක පලවෙන දේවල් ගැන ඒ තරම් බරපතළ විදිහට හිතන්න හොඳ නෑ."

http://kathandara.blogspot.com/2010/11/w3lanka.html

භින්නෝන්මාදී තත්වයක් ඇතිවුනාම එකිනෙකට පරස්පර ලෝක දෙකක ජීවත්වෙන්න පුළුවන් වෙනවා. ඒත් තමන් ඉන්නෙ පරස්පර වල කියලා භිනෝන්මාදි කෙනාට තේරෙන්නෙ නෑ. භිනෝන්මාදී කෙනෙකුගෙ කන්සිටන්සි එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

මෙන්න මේ වෙබ් සයිට් එකට ගියාම පුළුවනි මොකක් හරි පිංතූරයක් පළවෙලා තියෙන වෙනත් වෙබ් අඩවි මොනවද කියලා බලා ගන්න.

http://www.gazopa.com/

උදාහරණයක් විදියට කතන්දරගෙ මෙන්න මේ පෝස්ට් එකේ
http://kathandara.blogspot.com/2011_01_01_archive.html
තියෙන පිංතූරේ මෙන්න මෙතනත් තියෙනවා.

http://i237.photobucket.com/albums/ff201/pinoyblogero/writersblock.jpg

හැබැයි කව්ද ඉස්සෙල්ලා පිංතූරෙ දැම්මෙ කියලා නම් මම හිතන්නෙ ඔය සයිට් එකෙන් හොයන්න බෑ.

==============================================

මෙන්න "what is in a name" ට මං දුන්නු උත්තරය.

==============================================
හිතවත් [what is in a name] කියවන්නිය වෙත,

මගේ බ්ලොග් එක ගැන ඔබේ උනන්දුව ගැන ස්තුතියි. මා වංචාකාරයෙක් සහ ස්ක්‍රිට්ශ්‍රෝෆීනියා වෙන් පෙලෙන්නෙක් යැයි පවසා ඔබ හදන්නේ,

(1) මට ඒ තත්වයන් ගෙන් ගැලවීමට උදව් කීරිමට
සහ
(2) මේ කතන්දර කියවන පාඨකයින් හට නිවරද තත්වය වටහා දී ඔවුන් මගේ කතන්දර නිසා යම් කිසි මුලාවීමක් වෙනවා නම් එයින් ගලවා ගැනීමට

යැයි සිතමි.

එය එසේ නම්, මගේ අවංක ස්තුතිය ඔබට පුද කරමි.

බ්ලොග් අවකාශයේ අපට ඕනෑම දෙයක් කීමට ඇත්තේ එක්තරා ආකාරයක "වල් බූරු " නිදහසක් නිසා, එහි "චෙක් ඇන්ඩ් බැලන්ස්" තබා ගැනීම පිණිස, ඔබ වැන්නියන්ගේ සේවය අවශ්‍ය වී ඇත.

තව ඉදිරියටත් මෙසේ මගේ බ්ලොග් කතන්දර කියවා ප්‍රතිචාර දක්වන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

මෙහිදී කරුණු දෙකක් වැදගත් නිසා සඳහන් කළ යුතුය.

1. මා වලියට බර පොරක් නොවේ.
http://kathandara.blogspot.com/2009/11/blog-post_19.html

2. එසේම, මා සියළු පවින් තොරවූවෙක් ද නොවේ. නමුත් හොඳ පුද්ගලයෙක් වෙන්නට උත්සාහ කරන කෙනෙකි.
http://kathandara.blogspot.com/2010/05/blog-post_27.html

දැන් මෙන්න ඔබේ ප්‍රති-උත්තරයට පිළිතුරු කෙටියෙන්.

1. ඔබ ඔය කියන චෝදනාව, එනම් මා අනුන්ගේ පින්තුර දානවාය කියන චෝදනාව, සත්‍යයකි.

මා දැම්මේ ගූගල් ඉමේජස් සර්ච් එකක් කර සොයා ගන්නා පින්තුර යි. මෙහි ඇති වරද නම්, ඒ පින්තූර උපුටා ගත් තැන සඳහන් නොකිරීම යි.

නමුත්, ඔබ නැවත උපුටා දක්වා ඇති පරිදි, ඒ වරද මට පෙන්වා දුන් පසු, මා මේ කතන්දර බ්ලොග් එකේ පල කළ හැම ඡායාරූපයකම පාහේ මා ඒවා උපුටාගත් තැන් සඳහන් කර ඇති බව මෙය කියවන අයට පෙනෙනු ඇත.

මා වරද නිවරද කර ගත්තේ එලෙසයි.

පහත කතන්දරයේ දී නම් එය උපුටාගත් තැනක් සඳහන් කලේ නෑ.
http://kathandara.blogspot.com/2011/03/heres-another-world-cup-cricket-song.html

ඒ, එහි ඇති ඡායාරූපය මා ගත් එකක් නිසයි.

2. ඔබ දෙතැනක ඇතැයි සඳහන් කර ඇති කාටූනයේ හිමිකම ඒ කාටුනයේම සඳහන් කර ඇත. [blogcomis.com]

නැවතත් ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙමි.

==============================================

මගේ බ්ලොග් එකේ කතන්දර ඉතා පරිස්සමින් කියවමින්, මේ ලෙස කරුණු සොයා බලා මා හරි මගර යොමු කරන්නට සාර්ථක උත්සාහයක් දරන අතරම, කතන්දර පාඨක පිරිස නොමග යෑමෙන් වලක්වා ගැනීමටත් උත්සාහ කරන මේ , සහ කලින් ප්‍රතිචාර දැමූ ඇනිස්ටා අක්කලා ටත් මගේ ස්තුතිය මෙයින් පිරි නමමි.

ඔවුන් ගේ සහයෝගය අනෙකුත් බ්ලොග්වලට ද ලැබේවා!

-කතන්දරකාරයා

ප/ලි
මෙය සරදමට ලියූ ලිපියක් නොවේ. කොලිටි කොන්ට්‍රෝලර්ස් ලා අපිට අත්‍යවශ්‍යයි!

(image: http://blog.sweetestmemories.com/default.asp?Display=1153)

35 comments:

  1. ඔය තියෙන පින්තූරෙ කතන්දර අයියා ඇඳපු එකක් වෙන්න ඇති නේද? උපුටාගත් තැනක සඳහනක් නැති නිසයි ඇහුවෙ :D :D

    ReplyDelete
  2. @හරී
    ඇයි ඔය යටින් ම දාලා තියෙන්නේ - දැන් මාස ගාණක ඉඳන් කරනවා වගේ. හැබැයි චීනක්කණ්ණාඩි ඕනෑ බලන්න.

    ReplyDelete
  3. අ‍පොයි ‍දෙයිය‍නේ....... මම මුල ඉදලම කතන්දර බලපු ‍කෙ‍නෙක් නිසා . ‍මේ ‍පෝස්ට් එක කියවීම අනවශ්‍යයි කියල හි‍තෙනවා. අනික ‍මේ ‍පෝස්ට් එක තමයි කතන්දර බ්‍‍ලොග් එකේ තියන අතිශය සංකීර්ණ ව‍ගේම අතිශය අමිහිරිම , කිසිම රසවත් බවක් නැති ‍පෝස්ට් එක. හරියට නිකම් එක පාරක් උත්තර ලියල, ඒකට ලකුණුත් හම්බුනාට පසුව ආ‍යෙත් ඒ ප්‍රශ්ණ පත්තරය සාකච්ජා කරන තරමට මට නම් නීරසයි...

    අච්චර කතා ‍ගොන්නක් ති‍යෙද්දි , ‍මොකටද ‍මේ සංකීර්ණ ‍දේවල්....

    අනික දැන් මට කතන්දර ගරන සාධාරණ සැකයක් මතු ‍වෙලා තියනවා... ‍මේ එක එක නම් වලින් ක‍මෙන්ට් කරල ති‍යෙන් ‍නේ කතන්දරම ද කියල....( මම ‍මේ කී‍වේ තව ‍කෙ‍නෙක් නගන්න පුලුවන් පැනයක් )

    ReplyDelete
  4. @සොඳුරු සිත
    ඔබ හරි. නීරසයි තමයි. මොනව කරන්නද?

    ලියපු කතා හයක් තියෙනවා. වෙන්ට කතන්දර ලයිස්තුව දැන් 130+ වෙලා.

    පරණ පවක් ගෙවනවා කියලා හිතන්න.

    ReplyDelete
  5. කතන්දර එකසිය තිස් ගානක් තියෙනවනෙ, ඔන්න ඔහෙ ඒවා ලියන්න පටන් ගන්න ක. ශු.

    ReplyDelete
  6. ඕවා අල්ලලා දාන්න කතනදර. ඕන දෙයක් කලොත් ඒකෙ වැරදි දකින්න ඕන තරම් අය ඉන්නවා. ඒ එක්කම මම මගේ ස්තුතිය ඔබතුමාට පුද කරනවා මගෙ ආධුනික බ්ලොග් එකට පැමිණ ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීම ගැන. ජීවිතේ කිසි දිනක පාසලේ බිත්ති පුවත් පතේවත් කිසිවක් නොලියූ කෙනෙක් මම. මම ජීවිතේ ඉස්සෙල්ලාම කියවපු බ්ලොග් එක ඔබේ බ්ලොග් එකයි. ඊට පස්සේ තමයි මමත් මගේ ලිවීම දියුණු කරගන්න බ්ලොග් එකක් පටන් ගත්තේ.
    නැවතත් ඔබට ස්තුතියි.

    ReplyDelete
  7. අනේ අයියා කතා ටික ලියන්න. එක එක්කෙනා කියන ඒවා ගැන හිතන්න​ ඕනේ නෑ. මේක ඔයාගේ බ්ලොග් එකනේ..

    ReplyDelete
  8. අඩේ මමත් ඔය විදියට පින්තූර දාල තියෙනව.. මම නම් හිතන්නේ Referencing හා Citation මේ බ්ලොග් වලට දාන පින්තුර වලට මොකටද? මොකද ඔය එකකවත් ඕක මගේය කියල නෑනේ.අර උඩ කියල තියෙනවා වගේ කතන්දර අඩවියේ මම කියවපු නීරසම Post එක තමා මේ.අර දීලා තියෙන උත්තර නම් මල් හතයි. එල එල..

    ReplyDelete
  9. හෆ්ෆා මට මේක තේරෙන් නැහැ ..

    ReplyDelete
  10. @Observer

    හය හතක් ලියලා තියෙන්නේ, වැඩේ කියන්නේ ලියනවාට වඩා වේගෙන් ලයිස්තුව දික් වෙනවා.

    ReplyDelete
  11. @ඉස්තෝප්පුව

    ලිවීම දියුණු කර ගන්න නම් -කියවන්න ඕනෑ. හොඳ සම්භාව්‍ය පොත්, නවකතා යනාදිය කියවන්න.

    ReplyDelete
  12. @prasanna86k

    දන්නව නේද, පොන්තනෝනා ගේ කතාව?

    ReplyDelete
  13. @කැන්ඩි

    ගත්තු තැන දැමීම තමයි නිවරද ක්‍රමය. පබ්ලික් ස්පේස් එකේ තිබුණත් වැඩේ අනුන් ගේ එකක් නේ.

    ReplyDelete
  14. @kool

    ගනන් ගන්න එපා, මටත් තේරුනේ නෑ මේකේ අරමුණ.

    ReplyDelete
  15. මම කතන්දර විචාරකයෙක් නෙවේ...ඒත් මේව කියවන අය මේව ගැන මොලෙන් හිතන්න හොද නෑ..එතකොට ඒක තමන්ටම ඇනයක් වෙනවා!මම නම් හිතන්නෙ උන්ඩුක පූච්චෙන්..ඒ වින්දනය මට මොලෙන් හිතල ගන්න බැ..මේ මට හිතෙන විදිහ..ඔගොල්ලොන්ට කොහොමද දන්නෙ නැ..මේ මගේ හැටි..
    ප/ලි: මම උන්ඩුක පූච්චෙ කියල කිව්වෙ මම දන්න විදියට එක තමයි තියන කුඩාම අවයවේ..මම හිතන්නෙ කුඩාම තැනින්...හිතල බලන්නකෝ....මමත් බ්ලොග් එකක් පටන් ගත්තෙ කතන්දර බ්ලොග් එක කියවල..ඔයාගේ වෙන්න කතන්දර 130 260ක්ම වේවා..ඔබට ජය...

    ReplyDelete
  16. මමත් මේතරම් කාලයක් පින්තූර බ්ලොග් එකේ දානවා ඒත් අයිතිකාරයාගේ නම දැම්මේ නෑ ! අදින් පස්සේ එහෙම කරන්න ඕන දිගටම . අදනම් චුට්ටක් නී රහයි ... ඒත් කතන්දරනේ ! ඒක නිසා නහය වහගෙන බේත් බොන්නා වගේ කතන්දරෙත් බැලුවා

    මම හදන පින්තූරවලත් මම මගේ නම කොටනවා අදින් පසු .

    ReplyDelete
  17. මේක තමා මේ බ්ලොග් අවකාශ්යේ මම කියවපු හොඳම පොස්ට් එක... ඉතාම ප්‍රොෆෙශනල් ප්‍රතිචාරයක්!!

    ReplyDelete
  18. හොඳ ප්‍රතිචාරයක්.... මම බ්ලොග් කියවන්න අරං මහ කාලයක් නොගියට කකාගෙ ස්ටයිල් එක තේරුම් ගත්තා. කතන්දර කියන ජාතිය අඳුරන්නැති අක්කලා ඉඳීම ශෝචනීය තත්ත්වයක්! පුංචි කාලෙ අපේ ආතගෙ කතා දිහා බලපු කෝණෙන් මිසක් කතන්දරයක් දිහා දත කට පූට්ටු කරං බැලීම නුසුදුසුයි කියන එකයි මගේ හැගීම.....

    ReplyDelete
  19. කතන්දර අර පොඩිකාලේ රාහුල හාමුදුරුවෝ වැලි කැට දෝතක් උඩ දාලා, අද මට මෙච්චරකට අවවාද අනුශාසනා ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා වගේයි. හොඳ සංයමයක්. :)

    ReplyDelete
  20. අනේ සෑර්, අපි නං ඉතින් ඔය උගත් මිනිස්සු නෙවෙයි. ඒත් මේ නිකමට වගෙ අහන්නෙ. ඇයි සෑර් හොඳ වෙන්න උත්සාහ කරන්නෙ? කොච්චර හොඳ වෙන්නද සෑර් හිතං ඉන්නෙ? ජේසුතුමා, බුදු හාමුදුරුවෝ ලෙවල් එකේ හොඳ වෙන්නද, බොරැල්ලේ චොප්පෙ, ඩප්පි සිරා වගේ බොක්ක හොඳ ඩයල් එකක් වෙන්ඩද?

    ReplyDelete
  21. ගනන් ගන්න එපා. මම නම් ඒ වගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න වත් වෙලාව නාස්ති කරන්නෙ නෑ. ඒත් එක පාරක් නම් මල පැනල පෝස්ට් එකක්ම දැම්මා

    ReplyDelete
  22. @අච්චාරු මුදලාලි
    මාත් හිතන්නේ කුඩා මොලෙන් හෙවත් අනු-මස්තිෂ්කයෙන්.
    ජයවේවා එහෙනං.

    ReplyDelete
  23. @හිස් අහස

    අන්න බලන්න අපි හැමෝටම හොඳ වෙන්න පුළුවන් නේද?

    ReplyDelete
  24. @Mahathun ge

    මං වලියට බර නැති, හොඳ වෙන්න බලන කෙනෙක් කිව්වෙ කට කහනවටයැ?

    ජයවේවා!

    ReplyDelete
  25. @අළුත් කොල්ලා

    අනේ මන්දා............!!!!!!!!!!

    ReplyDelete
  26. @සකුස්
    මම පොලිටිකල් වචනයක් ලිව්වොත් ඇවිලෙන කට්ටියක් ඉන්නවා. ඒ ගොල්ලෝ මට කරන්නේ උදව්වක්.

    ReplyDelete
  27. @namaknehe

    ඔබටත් ජයවේවා!

    ReplyDelete
  28. @soosthigune

    එකක් ෂුවර්.

    මං පසේ බුදු කෙනෙක් නං වෙන්නේ නෑ. ඇයි, කතන්දර කියන්නම නේ හිත යන්නේ.

    දැන් බයිලා වෙනුවට, එදාට බණ!

    ReplyDelete
  29. @රංග

    කවුද කොල්ලෝ ඕව ගණං ගන්නේ.

    මං මේ ඒ කමෙන්ට්ස් වලින් එක පෝස්ට් එකක් කවර් කර ගත්තා!

    ReplyDelete
  30. කතන්දරකාරයා දාලා තියන අද පින්තූරේ නම් හරි ෂෝක්. කතන්දරකාරයා කතන්දර ගොතන හැටි මැවිලා පේනවා!!!

    ReplyDelete
  31. @arunishapiro (අරුණි)

    ඒ මං නෙමේ ඉන්නේ. මට කොමෙන්ට් එවූ අක්කී කෙනෙක්.

    මෙයා "whoami" ද, "what is in a name" ද කියා හරියටම අඳුණා ගන්න අමාරුයි.)

    ReplyDelete
  32. Kathandara,
    හාස්‍ය රසයෙන් පිළිතුරක් දැම්මාම ඒක පැහැදිලි කරලා දෙන්න ගියොත් රස අඩුවෙනවා නේද?!!!

    ReplyDelete
  33. @අරුණී

    අරුණි ගේ කමෙන්ටුව මට ටියුබ් ලයිට් විය.

    ReplyDelete
  34. මට පොස්ට් එක නන් තෙරුනෙ නෑ එත් මේක කතන්දරට උදව් වෙයි...

    http://www.tineye.com/search/6accfadf0beaf039e9c14c4a0d81200c940924cd/

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.