Wednesday 9 February 2011

හිච්චි නංගී ලොකු උණා -ටැලිගිරැං එකක් ඇවිත්

Porn Shop
මේ කතන්දරේ මං කාලෙකට කලින් ලියපු එකක්.

පෙරේද දාපු කම් හෝම් -විමලා කතන්දරේ ට ආපු කමෙන්ටු ටික දැකලා, මේක පොඩ්ඩක් වෙනස් කරලා පල කරන්න හිතුණා.

අදහස් ප්‍රකාශනය නැත්තං සන්නිවේදනය කියන එක ලේසි පාසු දෙයක් නෙමේ. භාෂාව දැන ගත්තට විතරක් මදි. තමන්ට කියන්න අවශ්‍ය දේ, අහන කෙනාට හරියටම තේරෙන්න නොකිව්වොත් වැඩේ යූස්ලස්.

ඊට අමතරව, කටින් කියපු දේවල් නං පස්සෙ වෙලාවක මං එහෙම කිව්වෙ නෑ කියල බේරෙන්න පුළුවනි. රෙකෝඩිං එකක් නැත්තං ෂේප්. හැබැයි පුතෝ ලියපු එකක් නං තමන්ගෙන් මුදා හැරියට පස්සෙ වෙනස් කරන එක බොරු.

ටැලිගිරැං වලින් කරන්නේත් පණිවිඩයක් එක තැනක ඉඳන් තව තැනකට අරින එකනේ.

මේ කතන්දරේ කියවන මොබයිල් ෆෝන්, එස්.එම්.එස්., එම්.එස්.එන්., ගූගල් බස්, ෆේස් බුක්, ට්විටර් ගැන විතරක් දන්න පොඩි උන් ගේ ප්‍රයෝජනය පිණිස මෙන්න ටැලිගිරැං වලින් පණිවිඩ යවන හැටි කෙටියෙන්.

ඔන්න මහනුවර ඉන්න සෙනෙහෙලතා ට, මාතර ඉන්න සුමනසිරි ට පණිවිඩයක් යවන්න ඕනැ වුණා කියල හිතන්න.

සෙනෙහෙලතා තමන් ට ලඟම තියෙන ටෙලිෆෝන් පහසුකම් සහිත තැපැල් කන්තෝරුවට ගිහින් (ඉස්සර කාලේ උප තැපැල් කාර්යාල වල ටෙලිෆෝන් තිබිල නෑ) තමන් ගේ පණිවිඩයයි, සුමනසිරි ගේ ලිපිනයයි ලියල දෙනව. වචන ගානටයි ගාස්තුව.

තැපැල් කන්තෝරුවෙ ක්ලාක් කාරයා ඒ පණිවිඩේ, වචනෙන් වචනේ, ටෙලිෆෝන් එකෙන් කියනවා සුමනසිරි ගේ ගමට ලඟම, ටෙලිෆෝන් තියෙන තැපැල් කන්තෝරුවේ ඉන්න ක්ලාක් ට. පොර ඒක අතින් ලියා ගන්නව. ටැලිගිරැං පණිවිඩවල නොයෙකුත් පටලවිලි වෙන්නේ මෙන්න මේ හුවමාරුවේ දී යි. ඊ ලඟට, ඒ පණිවිඩය තැපැල් කාරයෙක් ලවා සුමනසිරි ගේ ගෙදරට යවනව බයිසිකල් එකේ.

සෙල්ලම්මා ගේ ටැලිගිරැං එක නඩරාජා ට යන්නේත් ඔය විදියටමයි.

අපේ ආච්චිලා ගේ කාලේ නං ටැලිගිරැං යවල තියෙන්නේ ඉංගිරිසියෙන් විතරයි. ඒ කාලේ කෙල්ලන් ට උගන්වන්නේත්, ටැලිගිරැං එකක් කියව ගන්න තරම් දැනුමක් එන්න විතරලු.

ඒ දවස්වල පණිවිඩ ටෙලිෆෝන් එකෙන් කියද්දී, විශේෂයෙන් ම නම්, ගම් හරියට ස්පෙල් කරන්න, භාවිතා කරලා තියෙනවා අපූරු සංකේතාවලියක්.

A = ආතර්
B = බොබ්
C = චාලි
D = ඩේවිඩ්
E = එඩ්වඩ්

යනාදී වශයෙන්. උදාහරණයක් ලෙස පෙරේරා කියල කියන්නේ මෙහෙමයි.

පීටර්, එඩ්වඩ්, රොබට්, එඩ්වඩ්, රොබට්, ආතර්.

මං මුලින් කීවනේ සන්නිවේදනය ගැන. දැන් මෙන්න ටැලිගිරැං ගැන අපේ කාලේ කතන්දර දෙකක්.

* * *

මං අර නුවර තිප්පොලේ ඉන්න කාලේ, දවසක් හදිසියේම කැම්පස් එක වැහැව්වා. ඊරියගම බෝඩිමක හිටපු දෙවන වසරේ අපිට ගෙදර යන්න හදිස්සියක් තිබුනේ නෑ. ඉතිං අපි එක්ක හිටපු එකෙක් ගෙදරට ටැලිගිරැං එකක් ගැහැව්වා මෙන්න මෙහෙම.

"විශ්ව විද්‍යාලය වැහැව්වා. මට කරදරයක් නැහැ. පසුව ගෙදර එන්නම්."

කරදරයක් නැති නං ඇයි ටැලිගිරං ගහන්නේ කියලා හිතලා මෙන්න බොලේ පහුවදාම පොර ගේ තාත්තා බෝඩිමට එනවා මහා කලබලෙන්!

* * *

සන්නිවේදනය ගැන හොඳ පාඩමක් එන තව ටැලිගිරැං කතන්දරයක් මෙන්න.

අපේ පොරකට දවසක් ගෙදරින් ටැලිගිරැං එකක් ඇවිල්ලා තිබුණා මෙන්න මෙහෙම.

"නංගී වැඩිවියට පත්වුණා. ගෙදර එන්න එපා."

-කතන්දරකාරයා

ප/ලි
මාත් දවසක් පේරාදෙනියේ පෝස්ට් ඔෆීසියෙන් ගෙදරට ටැලිගිරැං එකක් යවලා තියෙනවා.

"දෙවන ඉහල පෙල සාමාර්ථයක් ලැබුණා. දින දෙකකින් ගෙදර එනවා."

මගේ ආදරණීය තාත්තා ගේ එක් සිහිනයක් මං සැබෑවක් කලේ ඒ විදියටයි.

38 comments:

  1. ලියන්න ගියොත් කතන්තරට ටෙලිගිරුං ගැන අවුරුද්දක් ලියන්න කතා තියෙයි. ඒ තරම් ඔය ටෙලිග්‍රෑම් ගැන කතා ඇති. ඉස්සර කාලේ ටෙලිග්‍රැම් යවන්නේ වැඩියම මරණයක් දන්වන්නනේ. ඉතින් අකුරු දන්නේ නැති කෙනෙක් තමන්ට ටෙලිග්‍රෑම් එකක් ලැබුනොත් ඒක කියවන්න යන්නේ හැඬූ කඳුලෙන්ලුනේ. මේ පණිඩිඩ වරද්දා ගැනීම නිසා ඇතිවුන අකරතැබ්බයන් ගැන කතා නම් ඕන තරම්.
    සුභ දවසක්..!!!

    ReplyDelete
  2. අර කොමිණිකේෂන් ඇන්ඩ් පෝන් ෂොප් කියලා දාලා තියෙන්නෙ ඒක porn shop එකක්ද දන්නෙ නෑ නේද.. :)

    ReplyDelete
  3. "පෝන් ෂොප්" වගේ තව එකක් දැක්ක වෙන පෝස්ට් එකක, "RELORD" කරන තැනක බෝඩ් එකක්, ඒකෙ ඉන්නෙ රීලෝඩ් වලට අධිපති දෙය්යෝ වෙන්නැති කියලය් ඒ පෝස්ට් එකේ තිබුනෙ.

    Now
    A=alpha E=echo H=hotel
    B=bravo F=fox trot I=India
    D=delta G=golf

    The best one is W = Whisky

    ReplyDelete
  4. කකා. ගෙදරට යැව්වෙ සුභ ආරංචියක් නේද? ඉතින් ඒකෙ පටලැවිලි උනේ නැතෙයි?

    ReplyDelete
  5. එහෙම වෙන්න ඇති.මටත් කිව්වෙ අක්කට බඩේ අමාරුවක් හැදිලා ලගට යන්න එපා බො වෙයි කියල.මාත් හරි බයයි නේ අවු 7 දි විතර බඩ ඌව වෙනවට.අක්ක වගේ ද මගේ බන්ඩියත් රිදුනොත් මම නෙවෙ පැත්ත පලාතෙ ගියෙ ඕව බො කරගන්න..

    ReplyDelete
  6. මෙන්න ලංකාවෙ porn ෂොප් එකක්!!!

    ReplyDelete
  7. කොහොම, කොහොම හරි දෙවන ඉහල පෙල සාමාර්ථයක් ලබාගත්තා කියලා කීවා නේද?

    ReplyDelete
  8. මමත් මේ ලගදි දවසක intercity බස් එකක දැක්කා FIRST AIDS BOX කියලා ගහලා තියෙනවා

    ReplyDelete
  9. කොල්ලුපිටියේ තියෙන සාමාන්‍ය අවං හලකට ඊයේ ගොඩ වැදුනා. එකේ ලියලා තිබ්බා.

    U'r satisfaction is our concern

    ReplyDelete
  10. ඉතින් කතන්දර "දෙවන ඉහල පෙල සාමාර්ථයක් ලැබුණා. දින දෙකකින් ගෙදර එනවා." කිව්වම ගෙදර අය විශ්වාස කළා ද?

    මම උසස්පෙළ කරනකොටත් ටැලිග්‍රෑම් යුගය ටෙලිෆෝන් යුගයට ඇවිත් තිබ්බෙ, ඒත් මම ගෙදර නොගිහින් කෝල් කරල ප්‍රථිපල කිව්ව ම අපෙ අම්ම නම් විශ්වාස කළෙ නෑ....

    ReplyDelete
  11. @ප්‍රියන්ත
    මං දන්න කතා දෙක තමයි ඔය කිව්වේ. ඔබටත් සුභ දවසක්!

    ReplyDelete
  12. @Buratheno
    ඕක මොබයිල් ෆෝන් උගසට ගන්න කඩයක් මගෙ හිතේ.

    ReplyDelete
  13. @Observer
    W වලට විස්කි නං, X වලට මොකක්ද?

    ReplyDelete
  14. @හරී
    මං යනකොට ගෙදර තොරණක් ගහලා තිබුණා. අපේ තාත්තටත් ගන්න බැරි වුණානේ ක්ලාස් එකක්.

    ReplyDelete
  15. @පැන්da
    අනේ පව් පොඩි මලයා!

    ReplyDelete
  16. @blog gadol
    ගණයක් ගන්න යමුද ඒ පැත්තේ?

    ReplyDelete
  17. @Podi Kumarihami
    ඇයි අනේ පශ්තාච්චි කුපාඩි වැඩ කරනන් හිතුනේ ඔය සෙකන්ඩ් අපර් එක හින්දනේ!

    ReplyDelete
  18. @Petta

    Black-Fat ඉඳලා Kandy-Light යන බස් එකේ ද?

    ReplyDelete
  19. @Sujeewa
    අවං නෙමේ අවලං හලක් වගේ!

    ReplyDelete
  20. @චේජනා
    මං ඒ ලෙවල් කරන කාලෙත් ටෙලිෆෝන් යුගය ඇවිත් තිබුනේ.
    හැබැයි අපේ ගෙදරට ඇවිත් තිබුනේ නෑ.
    තැපැල් කන්තෝරුවට විතරයි!

    ReplyDelete
  21. x = xray

    ඕනේ නං මුළු ෆොනටික් අල්ඵබට් එකම දෙන්න පුළුවන්.

    මම වරකපොළ ටවුමෙ පෝස්ටර් දැක්ක "Speaken English" පන්තියක.

    ReplyDelete
  22. ෆෝන් එකක් අපේ කන්තෝරුවටත් ලැබුනට පස්සෙ අපේ තාත්තත් ඇති පදං චාලි ආතර් කිය කියා හිටියා මට හොඳට මතකයි

    ReplyDelete
  23. කතන්දරට අඩු ගානේ ටැලිගැරැන් එකක් යවන්න කෙනෙක් හිටියා. මට පළමු පංතියේ විශිෂ්ඨ සාමාර්ථයක් ලැබුණයි දැනගත්ත දා කියන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ. යාළුවෝ සේරම දුෂ්කර පළාත් සේවයේ. පවුලේ අය සී සී කඩ ගිහින් කවුද කොහේ ඉන්නවා ද නොකියන, එක්කෙනාට එක්කෙනා කතා නොකරන කාලේ.

    පොඩි කුමාරිහාමි: මගේ ක්ලාස් එක ගැන නම් සෑහෙන්න නයි නටවලා තියෙන්නෙ!!! සමහර විට එදා කියන්න කෙනෙක් හිටියෙ නැති හන්දාත් වෙන්නැති!!!!

    ReplyDelete
  24. අර පින්තූර කෑල්ල නං මල් හතයි. මෙහෙ නං ඕව්ව ගාණක් නැති වුනාට, මාව නිකං කරකෝල ඇතැරියා වගේ උනා,යකෝ ලංකාවට ගියකල කියලා.හෙහ්..හෙහ්..නියමයි.

    හැබැයි, අර අන්තිම හරියෙන් පොඩි නයි පැටියෙක් ගියා වත්දෑ. මං නං දෙකේ කැලෑසිය කම්මුතු කොලා ඉතරයි, කකා, මේක ලිව්වෙ නං ඊරිසියාවටමයි.

    ReplyDelete
  25. අපි හොස්ටල් හිටපු කාලෙදි කොල්ලෙක් 'මට හරි' කියලා ෆිල්ම් එකක් බලන්න ගොහින්. පස්සෙ තමයි දැනගත්තේ මූ බලලා තියෙන්නෙ 'මාතා හරී' කියලා.

    http://en.wikipedia.org/wiki/Mata_Hari

    ReplyDelete
  26. මේ අපේ PMT එකේ පාවිච්චි වෙන විදිය.

    D - Donkey
    F - Fu..
    P - Pu..
    M - Malaka (wanker in Greek)
    P - Pesevengi - (pimp in Greek)

    ග්‍රීකයොන්ගෙ ආයතනයක් නිසා මං හිතන්නෙ එහෙත් මෙහෙම වෙන්නැති. ඒත් ඉතිං අපි වගේ non Greeks අය සමහරවිට ගෙවල් වල අයට නැත්තං ලංකාවෙ නෑ හිතවතුන්ට අමතනකොට මේව කියෞනාම තමයි නැට්ට පෑගුන බව මතක් වෙන්නෙ!

    ReplyDelete
  27. @Observer
    මං හිතුවේ X වලට පාවිච්චි වෙන්නේ XXX වත් දෝ කියලා!

    ReplyDelete
  28. @Aruni
    ක්ලාස් එක ලොකු වෙන්න ලොකු වෙන්න අමාරුවේ වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒ එක්කම, ලංකාවේ නං, පඩිය අනුලෝමව යි සමානුපාතික.

    ReplyDelete
  29. @අරුණී
    පොඩි කුමාරිටත් මේ ලිපිය බලා ක්ලාස් එකක් ගැනීමට සිත් පහල වේවා කියා ප්‍රාර්ථනය කරමු.

    ReplyDelete
  30. @Siribiris
    සිරිබිරිස් ට හතරේ කැලෑසියෙන් ෆර්ස් එකක් ලැබේවා යැයි ප්‍රාර්ථනය කරනවා.

    මං යුනිවසිටි වල කොච්චර කල් තැප්පාද කිනවා නං, ඔය අවුරුදු ගනං කිරීම පස්සේ අතහැරලා දැම්මා.

    ReplyDelete
  31. @Sampath
    ඔය කියන්නේ අර මනමෝහනීය කාමෝද්ගාමිනියක වූ සිල්වියා ක්‍රිස්ටල් රඟ පෑ 'මට හරි' පිචෑර් එක වෙන්න ඇති!

    ReplyDelete
  32. @ඉන්දික
    කමක් නෑ, ලංකාවේ අපිට ඔය Malaka, Pesevengi වගේ ඒවා ග්‍රීක් නේ.

    ReplyDelete
  33. @ ඉන්දික උපශාන්ත,
    ග්‍රීසියේ ඉන්නව නං එහෙ M ලගෙන් උඩින් තිබුන P පරිස්සම් කරගෙන...!!!
    ආපහු එනකම්.

    @ ක.ශු.
    අපෝ ක.ශු.ගෙ ඔළුවෙ තියෙන්නෙම X X X තමා මට පේන්නෙ.

    ReplyDelete
  34. අපිට හිටියා නිලවීර කියලා සින්හල ගුරෙක්. මිනිහා කිව්වා පත්තරේක තිබ්බලු
    සිංහලයා වනා හි කීමෙහි හා බිනීමේ දක්ශයෙකි
    "හි" අකුර පලවෙනි වචනෙන් 2කට අවිල්ලා

    ReplyDelete
  35. ප.ලි. කෑල්ල කියවනකොට හිත ටිකක් බර උනා වගේ....

    @ඇනෝ...අපිටත් සාපෙට සිOහල කොරේ ඔය සිවුරු ඇරපු ගුරාම තමයි ඕO....මාරය එහෙමත් සාක්කි ඉතිO.....

    ReplyDelete
  36. @ Sujeewa Kokawala: oka mokakada?, Ara KK ge paschat kupadi aayathanye SU snak bar ekegahala thiyanawa, ///please remove the plates after used/// kiyala.

    ReplyDelete
  37. කැම්පස් ගිය මගේ යාලුවෙක් කිව්ව ටෙලිග්‍රෑම් කතන්දරයක් මතක් වුනා. මෑන්ගේ යාලුවෙක් තවත් යාලුවෙකුට ටෙලිග්‍රෑම් එකක් ගහල තියෙනවා මෙහෙම
    "කූඹියාගේ අම්මා මැරුණා. වහාම වරෙන්"

    "වැද්දා" කියල. පෝස්ට් ඔෆිස් එකේ මෑන්ගේ ඇස් දෙක උඩ ගියාලු මේක දැකල.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.