Saturday 22 January 2011

රත්නායක මහත්තයා ගෑනුන් ගේ xxx හෙව්ව හැටි


මිනිහෙකු ගේ පඩියයි ගෑනියෙකු ගේ වයසයි අහන්න එපා කියලා උපදේශයක් තියෙනවා දන්නවා නේද?

මං ඕක හොඳට පිළිපදින කෙනෙක්. ඒ හින්දා මං පඩිය කීයද කියලා අහන්නේ ගෑනුන්ගෙන් විතරයි. වයස කීයද කියලා අහන්නේ පිරිමින්ගෙන් විතරයි.

අපේ රත්නායක මහත්තයා දන්නවානේ?

ඔව්, එයා තමා රත්නායක ජෝක්ස් වල නිර්මාතෘ, කීප්-අ-සයිඩ් කුකිං කලේ, මී කිරිවල ගුණ අගුණ හොඳින් දන්නේ, මං ලංකාවේ වැඩියෙන්ම භාවිතාවෙන ග්‍රීටින් එකෙන් අවුරුද්දට සුභ පැතුවෙත් එයාටම තමයි.

ආ මට කියන්න අමතක වුණා රත්නායක මහත්තයල ගේ ගෙදර දී තමයි අර තිස්ස ගේ ආගම් මාරුව ගැන කතන්දරේ කිව්වෙත්.

ඉතිං රත්නායක මහත්තයත් ගෑණුන්ගෙන් වයස අහන්නෙ නෑ, ඔය වෙන වෙන ප්‍රශ්ණ අහනව මිසක්.

යුනිවසිටි ගිය ගෑණු කෙනෙක් ගෙන් නං රත්නායක අහන්නේ ඔයා මොන අවුරුද්දෙද යුනිවසිටියට ඇතුල් වුනේ? කියලයි. යුනිවසිටි නොගිය කෙනෙකුගෙන් අහනවා, මොන අවුරුද්දේද ඒ. ලෙවල්ස් කලේ? කියලා. ඒ, එන එන උත්තරේට අනුව හිතෙන් වයස හදාගන්නවා.

සමහර අය කතාව පටන් ගන්නේම අනේ මං යුනිවසිටියෙන් අවුට් වෙලා ඉස්සෙල්ලාම ජොබ් එකට ගිය දවස්වල කියලානේ. එහෙම වෙලාවට, මොන අවුරුද්දෙ ද අවුට් වුනේ, මොන කෝස් එකද කලේ ආදී වශයෙන් ප්‍රශ්ණ අහලා ගනං හදාගන්නවා හිතෙන්.
ඔන්න දවසක් රත්නායක මහත්තයාට අළුත් තත්වයකට මුහුණ දෙන්න වුණා.

එදා පාටි එකකදි හම්බ වුණා යාළුවෙක්. පොර පිටරටක පෝස්ට් ග්‍රැජුවෙට් කරන්න ගිහිං එහේදී හමුවුණු සුන්දර යුවතියක් කරකාර බැඳන් ආපු එකෙක්. (අර ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිය සුද්දි නෙමේ, මේ වෙන කෙනෙක්.) ඉතිං අපේ රත්නායක මහත්තය යාළුවගේ බිරිඳ එක්ක කතාවට වැටුන.

මෙන්න රත්නායක ගේ ප්‍රශ්ණාවලියේ සිංහල පරිවර්තනය.

  • "ඔයයි මගේ යාළුවයි දෙන්න එකටද මාස්ටර්ස් එක කලේ?"

  • "මාස්ටර්ස් කලේ ෆර්ස්ට් ඩිග්‍රි එකෙන් කොච්චර කාලෙකට පස්සෙද?"

  • "ඔයා ගේ ෆර්ස්ට් ඩිග්‍රි එක අවුරුදු තුනද හතරද?"

  • "ඒ රටේ අවුරුදු කීයක් ඉස්කෝලේ ගියාට පස්සෙද යුනිවසිටි යන්න එග්සෑම් එක කරන්නේ?"

  • ඔන්න ඔය හරියේදී අපේ විදේශික කාන්තාවට වැඩේ තේරුණා.

    "ඔයා ඔය හදන්නේ මගේ වයස කීයද කියල හොයාගන්න නේද?" එයා කෙලින්ම ඇහැව්වා!

    අපේ රත්නායක මහත්තයට කට උත්තරත් නෑ!

    -කතන්දරකාරයා

    ප/ලි
    මේ කතන්දරේ බලන රස්සාවල් කරන නෝනලා තම තමන් ගේ පඩිය කීයද කියලා ලියලා යන්න.

    ප/ප/ලි (ටියුබ් ලයිට් අය සඳහා)
    කතන්දරේ මාතෘකාවේ xxx කියා දාලා තියෙන්නේ වයස කියන එකටයි.

    62 comments:

    1. ඔය පිංතූරෙන් කියවෙන්නෙ "ධූමපානය " කළොත් සියක් ආයු ලැබිය හැකි බවද?
      ප/ලි දැනට රැකියාවක් නැත.
      ප/ප/ලි අත්තට කතන්දර අයියා ළඟදි මාකටිං කෝස් එකක් වත් කෙරුවද? :D

      ReplyDelete
    2. කතන්දර මගෙනුත් ඔය ටිකම ඇහුවම මාත් කීවේ කෙලින්ම වයස ඇහුවනම් කියනවනේ කියල... අපි නම් කියයි පඩිය කීයද කියල...

      ReplyDelete
    3. @හරී-පිණි පලස

      1. පින්තූරෙන් කියවෙන්නේ අවුරුදු සීයක් ගියත් නරක පුරුදු අතහරින එක සමහරුන්ට බැහැ කියලායි!

      2. නංගී කරපු ගුරු රැකියාවේ පඩි ඉතිං රාජ්‍ය රහසක් නේ?

      3. තමන්ව මාකට් කරන්නේ නැතුව කොහොමද හොඳ පඩියක් තියෙන ජොබ් එකකට යන්නේ?

      ReplyDelete
    4. @සොඳුරු සිත

      අර චාමී ගේ බජට් ලියුමට දාපු කමෙන්ට් එකෙන් අපි දැන ගත්තා ඔයා ගේ පඩිය. ගිය පාර පඩියෙන් දෙසිය පනහකටත් වැඩ සෙට් වුන බවත් මං දන්නවා.

      අනික ඩීආරෝ එකේ පඩිත් ඉතිං කවුරුත් දන්න රාජ්ජ රහස් නේ.

      මාත් ආංඩුවේ සේවකයෙක් බව සතුටෙන් සඳහන් කරමි.

      ReplyDelete
    5. මගේ නම් එහෙම එකක් නෑ වයස අහන්න ඕන හිතුනොත් කෙලින්ම අහනවා ඉපදුනේ මොන අවුරුද්දෙද මේ අහන්නේ අක්ක ද නංගිද දන්නේ නැති නිසා කියල.....:D
      මගේ පඩිය ඇහුවත් මම කියනවා. ඕක කියන්න ඇයි ලැජ්ජ වෙන්නේ. ලැජ්ජ වෙනවනම් අපේ පඩි තීරණය කරන අයයි ලැජ්ජ වෙන්න ඕන..
      සුභ දවසක්...!!!

      ReplyDelete
    6. @ප්‍රියන්ත

      ගෑනුන් ගේ වයසයි, මිනිස්සුන් ගේ පඩියයි අහන්න එපා කියන කතාවේ ලැජ්ජාවක් ගැන කියවෙන්නේ නෑ නේද?

      එතන තියෙන්නේ පෞද්ගලිකත්වය ගැන ප්‍රශ්ණයක්.
      බැඳපු අයගෙන් ළමයි ඉන්නවාද කියලත් අහන්න හොඳ නෑ. මොකද, ඒක සිත් වේදනාව ගෙන දෙන්න ඉඩ තියෙන නිසා.

      අනික ඔයා ගැන කියනවා නං, අපි නොදන්න යූ.ජී.සී. පඩි!

      ReplyDelete
    7. කතන්දරේ මාතෘකාවේ xxx කියා දාලා තියෙන්නේ වයස කියන එකටවි තරක්ම නමෙයිනේ ඔය වගේ එකක් දැක්කාම අපේ මිනිස්සු ඕක බලනවාමයි කියලා අයියා දන්නවා ඒකයි ඔය වගේ මාතෘකා දාන්නේ :P හි හී පොඩි උනාට අපිත් ඔවා දන්නවා හරිය ;)

      මම නම් වයස කියන්න බය නෑ. තාම වැඩි වයසක් නෑ නේ. අනික පඩි ගන්නේත් නෑනේ :D

      ReplyDelete
    8. @පූසා

      අනේ පූසා මල්ලියා මොනව හිතුවත් මං x-x-x කියල දැම්මේ ව-ය-ස කියන වචනේට යි.

      ව-ය-ස කියන්නේ නැතුව x-x-x කියලා දැම්මේ, අපේ කාන්තා පක්‍ෂය තිහ පැනපු ගමන් තමන් ගේ වයස කියන්න අකමැති හින්දයි.

      මාතෘකාවත්, ප/ලි තියෙනවා නං ඒවත්, කතන්දරේ ම කොටස් තමයි!

      ReplyDelete
    9. පඩිය කීයද කියල අහල තියෙන්නේ නෝනලගෙන් විතරක් හින්දා පඩිය කීයද කියල කියන්න යන්නේ නැහැ...

      ව්‍යංගාර්ථයෙන් අපෙන් (මහත්තුරුන්ගෙන්) අහන්නෙ වයස හන්දා ඕං වයස නං කියල යන්නං...
      දැන් නම් ජීවිතෙන් බාගයක් ඉවරයි නෙව.. මේ ගෙවන්නේ 26...

      ReplyDelete
    10. @sansarasidu

      බැංකු මහත්තය, අපිව බය කරන්නද යන්නේ?

      Life begins at forty කියලා කියනව අහල නැද්ද?

      ReplyDelete
    11. ඒ ඉස්සර නෙව....
      (ඔය කියන්නේ අත්දැකිම් එක්ක පරිණත වෙලා මිනිස්සු ජීවිතය හරියටම පටන් ගන්නේ 40 න් පස්සෙ කියලනෙ)

      ඒත් ඉතින් දැන් අපේ කටිටියගේ උපතේදී ආයු අපේක්ෂාව අඩු වෙලා නෙව...

      අද කාලේ 50 න් 60 න් ඔක්කොම ඉවරයි...

      ReplyDelete
    12. X කියන එකට තව තේරුම් තියෙන බව දන්න පූසට වයස කීයද?තවම පඩි ගන්නෙ නැති වුනාට පැහිල තියෙන හරිය ඇති වගේ.
      Post එක කියවනකොට මතක් වුනේ කතන්දරව ඉස්සෙල්ලම contact කරනකොට මම ආමන්ත්රනේ කලේ මල්ලි කියලනෙ.රත්නායක වගේ දන්නෙම නැතුව ඒ වෙනකොට කතන්දරගෙ වයස විතරක් නෙමේ පොඩි කාල පදිංච වෙලා හිටි යෙ කොහෙද ගිය ඉස්කෝල දැන් ඉන්නෙ කොහෙද එහෙම අනුමාන කරන්න පටන් අරං මම එතකොට.හැබැයි ඒ මගෙ ඥානය නිසා නම් නෙමේ,කතන්දරවල තිබුන විස්තරයි මමත් කතන්දරගෙ පොඩිහිටි කාලෙ පදිංචි පලාතට ආසන්න ගම්පහ පලාතෙ නිසයි.

      ReplyDelete
    13. @ Observer

      පූස් ලා ගේ වයස බලන්නේ පූස් අවුරුදු වලින්.

      ReplyDelete
    14. මං ඕකෙ අනිත් පැත්ත! වයස 29යි. පඩියනම් අහන්න එපා, කියන්නෙ නෑ!

      ReplyDelete
    15. @ කලිකාල
      වයස විසි නමයක් නං දැන් කලිකාල අවුරුදු පහක් විතර වැඩ කරල පලපුරුදු ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති ඉංජිනේරුවෙක් නොවැ.

      අපි හිතා ගන්නංකෝ පඩියේ බර!

      ReplyDelete
    16. ඔවනං මොනවද..?
      31 යි
      18 යි..

      හැබැයි ඔය දෙක මාරු වෙනවනං මං කැමතියි..ඔං කිව්වා..
      (අපිට ඔන දේවල් ඒ හැටියටම වෙනවනං..අර කිව්වත් වගේ ජීවිතේ මෙලෝ රහකි නැහැ..ඒ හින්දා මෙහෙමම හොඳයි)

      ReplyDelete
    17. @මාරයා
      වයසයි, පඩියයි දෙකම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා නොවැ.

      හැබැයි වයස වැඩිවෙන වේගයට වඩා පඩිය වැඩි කර ගන්න නම්, එකම රාජකාරිය කර කර ඉඳල බෑ.

      ඕක මං අත්දැකීමෙන් දන්න දෙයක් නිසා අවවාදයක් විදියට බාර ගන්න.

      ඒ හින්දා මෙහෙම හොඳයි කියන්නේ තමන් ගේ කේන්දරේ තමන්ම බලා ගෙන හින්දා වෙන්න ඕනැ.

      තරගෙන් දිනලත් මාරයා මගේ කේන්දරේ නොබලපු එක නොවැ වරද? මං හිතන්නේ ඒකටත් වෙලාව එන්න ඕනෑ.

      ReplyDelete
    18. ඇත්තම තමයි තිහෙන් පස්සෙ ටිකක් දුකයි..හැබැයි කෙල්ලෝ දෙන්නා දවසින් දවස වැඩෙන කොට මම වයසට යාමේ දුක අඩු වෙනවා.ආයිමත් 18..20... කාලෙට යන්න ආසයි...පඩිය නම් එකපාරට බින්දුව වුනා,පිටරටකට ආවට පස්සෙ. ආයිත් ලන්කාවට ගිහින් පරන රජයේ සේවකයා වෙලා මටම කියලා පඩියක් ගන්න හරිම ආසයි ..

      ..a housewife...

      ReplyDelete
    19. "බැඳපු අයගෙන් ළමයි ඉන්නවාද කියලත් අහන්න හොඳ නෑ. මොකද, ඒක සිත් වේදනාව ගෙන දෙන්න ඉඩ තියෙන නිසා..."

      බැඳපු නැති අයගෙනුත්, ළමයි ඉන්නවාද කියල අහන්න හොඳ නැද්ද කකා..

      පලි: මටනං 28න් පස්සෙ වයස යන එක නැවැතුනා නොවැ.. :)

      ReplyDelete
    20. @House Wife
      මං අහල තියෙන විදියට බොහොමයක් රටවල්වල රස්සාවකට යන්න වයස ප්‍රශ්ණයක් නෙමේ. ලංකාවේ තමයි මැදි වයසෙදි අළුත් ජොබ් එකකට යන්න බැරි.

      දැන් ඉන්න රටේ බැරිද රජයේ ජොබ් එකක් ගන්න?

      ReplyDelete
    21. @Buratheno
      බුරාතෙනෝ ගේ කතාව අහම මට මතක් වුනේ අර සමාජ ආශ්‍රයක් නැති මහාචාර්යවරයා ගෑනු එක්ක කතා කරන්න ගිය හැටි උපදෙස් අරගෙන.

      මුල් කෙල්ල ගෙන් ඇහැව්වලු බැඳලද කියල. බැඳල නෑ කියල කිව්වාම ඇහැව්වලු ළමයි ඉන්නවද කියල.

      ඒකෙන් පාසම ඉගෙන ගෙන ඊලඟට හම්බ වුණු ගැණි ගෙන් ඇහැව්වලු මුලින් ළමයි ඉන්නවද කියල. ඉන්නවයි කිව්වට පස්සේ තමයි අහලා තියෙන්නේ බැඳලද කියලා!

      ReplyDelete
    22. "a man is as old as he feels and a woman as old as she looks"

      ReplyDelete
    23. @serendipity

      How about this?

      "A man is younger than he feels and a woman is older than she looks!"

      ReplyDelete
    24. කතන්දරයෙ යන කතාවත් එක්කම..කමෙන්ට්ස් වල අතුරු කතා ගොඩාරියක් ගලා යනවා...

      බලන් ගියහම කතන්දර ,කතන්දරගෙ කතන්දර බලන ඒවට කමෙන්ට් ලියන අපි කාගෙත් වයසයි ,කරන රැකියාවයි, ඉන්න රටයි ඔක්කම දන්නව නෙව....

      බලන් ගියහම කතන්දර තමන්ගේ රසික රසිකාවියන් ගැන අවධියෙන් ඉන්න කෙනෙක්...

      ඔය XXX කතාවෙ තව පැත්තක් තියෙනව නෙ. ගැහැණු අය XX පිරිමි අය XY ලු..XXX කියන්නේ නම් අධි ස්ත්‍රී ... හිහි...

      බැංකු මහත්තරු...
      ඉංජිනේරු මහත්තරු...
      ගුරුමහත්තරු/නෝනල
      ගෘහනියො...
      රජයේ සේවකයෝ..
      විශ්ව විද්‍යාල සේවක මහත්තරු....
      පුලුල් පරාසයක් කතන්දර බලන්න එනවනේ...

      කතන්දර හිටපු රජයේ සේවකයෙක් ද?

      ****සම්මුඛ පරීක්ෂණ වලදි ඉතින් කවුරු කවුරුත් කරන්නේ තම තමන්ව මාකට් කරන එක තමයි....

      මොනා වුනත් කතන්දර අද හරිම හොඳයි....

      ReplyDelete
    25. @ සොඳුරු සිත

      ඔය මං හොඳයි කියන්න ඇත්තෙ, හැමෝටම උත්තර දුන්නු හින්දනේ.
      අද දවසම වගේ ගෙදර හිටියේ, ඒකයි කමෙන්ට්ස් කියවන්න, ඒවාටම උත්තර ලියන්න ඉඩ ලැබුනේ.

      මං 2007 පෙබරවාරියේ සිට රජයේ සේවකයෙක් වුනා. ලඟදීම අවුරුදු හතරක් පිරෙනවා.

      මං මාරයා ට කිව්වා වගේ මේ ආයතනයේම මේ මං කරන්නේ තුන්වෙනි ජොබ් එකයි පහුගිය අවුරුදු හතර ඇතුලත. ඉතිං, වයස අවුරුදු හතරක් වැඩි වෙන අතරේ, මගේ පඩියත් වැඩිවුණා!

      ReplyDelete
    26. කතාව ඇත්ත අයියෙ මගෙන්නම් වයස ඇහුවාම කියනවා එත් පඩිය ගැන එක පාරට කියන්නෙ නැහැ හේතුව ඉතින් post එකට වෙන තැන්වල වගේ පඩි නැති නිසා. අනිත් එක තවම job එකට ගිහින් මාස 6වත් නැහැනෙ. ඒත් නොකියා හොද නැහැනෙ 15 පඩිය වයස 24.

      ReplyDelete
    27. මටනං තාම මහපොල විතරයි පඩියකට තියෙන්නෙ. හැබැයි මම නං වයස අහනවා. ඒත් ප්‍රශ්නෙ සමහර ඇන්ටිලත් කියන්නෙ වයස 25යි කියලනෙ.

      ReplyDelete
    28. @Poo
      හොඳයි, ඔතන තව මාස හයක් ඉඳලා අර පඩි වැඩි තැනක තව ඉහල තනතුරකට යන්න බලන්න.

      ReplyDelete
    29. @කිරිපුතා
      ඔය ඇන්ටිලා කියන්නේ 25 කියලා නෙමේ 25+ කියලායි.
      ඒ කියන්නේ 25+24 වුනත් වෙන්න පුළුවනි.

      ReplyDelete
    30. කතන්දරෙගේ පඩිය දැන් කීයක් විතරද දන්නෑ නේද? මගේ උපන්දිනේ නම් කීව හැකි. මාර්තු 1 දා. අහන්නේ උපන්දිනේ නේ? උපන් අවුරුද්ද නෙමේනේ?

      ReplyDelete
    31. 60ත් වයසක්ද නංගි කියලත් කවුදෝ කිවුවලු.. :)

      ReplyDelete
    32. වයස නම් දැන් 32 යි. ඒත් කතන්දර කිවුව වගේ පඩිය ගැන නම් කියන්න මගේ එච්චර කැමැත්තක් නෑ. ඉලක්කම් හයක ගානක් පඩිය විදියට හම්බ වෙනව කියල විතරක් කියන්නම්.

      ReplyDelete
    33. @Podi Kumarihami
      එහෙනං, මාර්තු 1 දාට වලව්ව මගුල් සිරි ගනීවි නේද?

      මගේ පඩිය අහන්නේ ඇයි? මැනර්ස් දන්නනේ නැද්ද මේ අද කාලේ හැදෙන කුමාරිහාමි ලා?

      ReplyDelete
    34. @ Buratheno

      හහ්, හා, එහෙනං බුරා ගේ වයස 60+.

      ReplyDelete
    35. @රංග - මගේ ලෝකය
      මැල්බෝර්න් ගිහින්ලා කූගර් , බැලන්ටයින් බොන, හිල්ටන් ගිහිල්ලා දෙහි කෑලි දාලා කොරෝනා ගහන අයගේ පඩි ගැන කවර කතාද?

      ReplyDelete
    36. ලැබෙන පඩිය ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්. අනික ජීවිතේ පටන් ගන්න හදන කාලෙදි මේ තරමටවත් නැතුව මක්කටද!

      කොහොම උනත් මේ ගාන මදි කියල හිතෙන්නෙ 2012 දි ආයෙ කන්ට්‍රැක් රිනිව් කරන්න කිට්ටු වෙද්දි තමා.

      ReplyDelete
    37. හප්පේ, දාපු කතා වලින් ගෑනු ලමයි මගේ රූපෙ ගෙස් කොරා වගේ කකා මගේ පඩිය ගෙස් කොරලනේ.

      ReplyDelete
    38. මේ අවුරුද්දෙ වත් බලන්න ඕන. රජයේ නම් බැහැ. අපි ඉන්නෙ කොමියුනිස්ට් රටක.

      ..housewife

      ReplyDelete
    39. "මං අහල තියෙන විදියට බොහොමයක් රටවල්වල රස්සාවකට යන්න වයස ප්‍රශ්ණයක් නෙමේ. ලංකාවේ තමයි මැදි වයසෙදි අළුත් ජොබ් එකකට යන්න බැරි."

      කතන්දර එහෙම කිව්වට ලංකාවෙ පොලිටික්කන්ටයි එයාලගෙ නෑයන්ට ගෝල බාලයන්ට ඕක බලපාන් නෑ මගෙ හිතේ.

      ReplyDelete
    40. පොඩ්ඩි ටක්ගාලා උපන්දිනේ දැම්මෙ එදාට අපෙන් තෑගි හම්බවෙයි කියලා වෙන්ටැ.. අපි අහුවෙයි ඕවට..

      පලි: කකාට හිතෙන්නෙ නැද්ද මගෙ ඒ කොමෙන්ටුව ඊට උඩින් තියෙන කුමාරිහාමිගෙ කොමෙන්ටුවට රිප්ලයි එකක් විදියට ගන්න පුළුවන් කියලා (අහම්බෙන් උනත් ගානට සෙට්වෙලා)

      ReplyDelete
    41. පඩි ගැන කතා කරන කොට නම් හරි දුක හිතෙනව.Mrs Observer ගෙයි Mr Observer ගෙයි පඩි දෙකම එකතු කලාමත්,ආන්ඩුවෙ වැඩ කරලත් ලැබෙන්නෙ මාසෙට ඉලක්කම් හතරෙ ගනනක්නෙ.

      ReplyDelete
    42. වයස නම් ගැටලුවක් කොරගන්න එපා ඕO.........පඩිය පුරස්නයක් උනත්.......

      ReplyDelete
    43. @ඉන්දික උපශාන්ත
      මගේ අත්දැකීම නං, ඔය කොන්ත්‍රාන්තු වැඩේ - කරන කලට පව් මීරිය මී සේ වගේ එකක් කියලයි.

      ReplyDelete
    44. @Observer
      1. මං කිව්වේ දැන් ගුරු සේවය වගේ එකකට එක්කෝ උසස් පෙලින් යන්න ඕනැ, නැත්තං උපාධියෙන් පස්සේ යන්න ඕනැ. කලින් සේවය කරලා අස්වෙච්ච කෙනෙකුට උනත් පස්සෙ කාලෙක යන්න ඇප්ලිකේෂන් දාන්න ක්‍රමයක් නෑ නේ!

      2. එහෙනං රස්සාව මාරු කරන එකයි ඇත්තෙ!

      ReplyDelete
    45. @Heeniyata
      වයස ගැටළුව ගෑනුන්ටයි, පඩිය ගැටළුව මින්ස්සුන්ටයි.

      ReplyDelete
    46. @Observer,
      ගාන ඉලක්කම් හතරෙ වුනාට පඩි ලැබෙන්නෙ ඩොලර්ස් වලින්නෙ මෙයා.. ඉතිං මොටොද බොරුවට නහයෙන් අඩන්නෙ.. :) කිවුවට මොකොද අපිටත් එහෙම තමා ඕං ඉතිං..

      ReplyDelete
    47. @All
      මේ පාර නං මාර කොමෙන්ට්ස් ගොඩක් ලැබුණා. මටත් ඒවාට උත්තර බඳින්න කාලය ලැබුණා.

      ස්තුතියි හැමෝටම.

      ReplyDelete
    48. observer is correct.. see all the embassies.. full of family members..

      ReplyDelete
    49. අදත් පරක්කුයි වගේ...
      වයසයි පඩියයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද?

      “ප/ලි
      මේ කතන්දරේ බලන රස්සාවල් කරන නෝනලා තම තමන් ගේ පඩිය කීයද කියලා ලියලා යන්න.“
      නෝනලාගෙන් විතරනේ අහල තීන්නේ ඒක නිසා කියන්නැ

      ඔයා දීපු උපදෙස තාම තේරුනේ නං නැහැ.
      http://kpgtharaka.blogspot.com/2010/05/to-be-programmer.html?showComment=1275049928622#c5424736699661165314

      හැබයි දැන් ප්‍රෝගැමිං නං කරන්නැහැ :)

      ReplyDelete
    50. වයස 26 ... පඩිය නම් අහන්නෙපා වියදම් ටික ඕනනම් කියන්නම් ... ලොල් ...

      ReplyDelete
    51. @ගයාන් තාරක
      එක පුද්ගලයෙක් ගැන සලකා බලන ඛොට වයසත් පඩියත් අනුලෝමව සමානුපාතික විය යුතුයි.

      අන්න පිලිතුරක් දැම්මා තාරක ගේ බ්ලොග් එකේ. හැබැයි ඔබ නොදන්න එකක් නොවේ.

      ReplyDelete
    52. @ Darshana
      හොඳයි පඩිය කීයද කියන්න එපා, වියදම් ටිකයි, ඉතුරු/ණය ප්‍රමාණයයි කියන්න. රත්නායක ක්‍රමයෙන් අපි හිතාගන්නම්.

      ReplyDelete
    53. @ Anonymous,I know a person who has no education qualifications at all, but he is a High Commissioner representing our country.

      ReplyDelete
    54. පුලුවන් නන් මගෙ පඩිය හොයලා කියන්න. තාම පොඩි එකා නිසා වයස කියනවා තව 18 වෙන්න මාස 1 1/2

      ReplyDelete
    55. කතන්දර ගේ රීඩර් මැට්‍රික්ස් එකේ ඩේටා පිරිලා වගේ.

      අපිට මොටද අනුන්ගේ සීනි?

      ReplyDelete
    56. මමත් වයස් කතාවක් තිබ්බනම් කියවන්නෙ නෑ...ඒත් කතාව හින්දා කියෙව්වා..අපිට බබා පාට් එපා...

      ReplyDelete
    57. @Pasindu

      මේවා බබා පාට් නෙමේ XXX කතා!

      ReplyDelete
    58. මෙන්න කසු අපේ ඝන කතා ජොබ් එකටත් තට්ටු කරන්න වගේ හදන්නේ.අනේ ඒකට නම් තට්ටු කරන්න එපා..............හිහ් හිහ් ..............

      ReplyDelete
    59. සිරා කතාව.මටත් මේ කේස් එකම වෙලා තියනවා ඩුබායි වලදි....

      ReplyDelete
    60. මගේ ලෝකයේ රංග ඉලක්කම් 6 ක පඩියක් තියෙනවා කියලා තිබුනා.. හරිම සතුටුයි. ඇයි එක සමාන පඩියක් ගන්න හාදයෙක් හම්බු වෙච්ච එකට. හැබැයි චූටි පරහක් තියෙනවා... මගේ පඩියෙ ඉලක්කම් 6 න් අන්තිම දෙකට කලින් චූටි තිතක් තියෙනවානේ. ඒකයි. වයස නම් ඉතිං කවුරු ‍නොදනීද ... තාම කිරෙන් ඇරිච්ච ගමන්නෙ.. 22 යිනෙ.

      ReplyDelete

    මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.