ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 2 September 2010
හරිම නෝටි හස්බන්ඩෙක්!
මේකත් බස් එකක යද්දී වුණු සිද්ධියක් ගැන කතන්දරයක්. හැබැයි අර කාලෝ ෆොන්සේකලා ගැන, චූටි ටීචර්ලා ගැන, ගර්භණී මාතාවන් ගැන, මොන්ටිසෝරි අම්මලා ගැන කියපු කතන්දර වගේ නෙමේ, තරමක් වෙනස් එකක්.
ඔන්න දැන් ටික කාලෙකට කලින්, මගේ යාලුවෙක් ලංකාවට ආවා පිටරට පස්-තාච්චි අදින්න ගිහින් ඉන්න අතරේ පොඩි නිවාඩුවකට.
ඉතිං මට ආරාධනාවක් ආවා සති අන්තයේ එහේ එන්න කියල. කොළඹින් පැය දෙකක් විතර දුර පලාතක් නිසා හවස් වෙලා ගිහින් පහුවදා එන්නයි ප්ලෑන් එක.
ඔන්න මං දවල් කෑමෙන් පස්සේ ගෙදරින් පිට වෙලා, ගෙදර ලඟින් නැග්ග බස් එකෙන් තවත් එකකටත්, ඒකේ පැය දෙකක් විතර ගිහින් තවත් එකකටත් මාරු වුණා.
මේ තුන්වෙනි බස් එක තරමක් පොඩි, අර මිට්ෂුබිෂි වර්ගයේ ආසන විසි හයේ එකක්. මං මේ බස්වලට කැමතිම නෑ, ඒ දවස්වල. මොකද, ඕවගේ යනකොට හිටගෙන යන්න වුණොත් ඉතිං බඩුම තමයි. බෙල්ල කොර වෙනවා.
මේ කතන්දර හාමිනේ හම්බ වෙන්න කලින්නේ. ඒ කාලේ මට සාමාන්‍යයෙන් අර මර්ෆි ගේ නියමය හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ, මොකක් හරි දෙයකට කෙලවෙන්න තියෙනවා නං අනිවා, ඩෙෆා, කෙලවෙනවා කෙලවෙනවා ම යි.
කිව්වා වගේම සීට් එකක් හම්බ වුනේ ම නෑ. මොනවා කරන්නද? මේ ගමේ පාරක්. බස් තියෙන්නෙත් අඩුවෙන්. අනික දැන් හොඳටම හවස් වෙලා.
ඔන්න ඉතිං අමාරුවෙන් බස් එක ඉස්සරහට ඇදෙනවා. මම් තුමා බෙල්ල නමාගෙන සීරුවන් ගමනේ. හවස් වෙලා හින්දා දාඩිය දාන්නේත් නැති නිසා ඉතිං වැඩි අවුලක් නං නෑ.
බස් එකේ එක එක වෛයිවාරණ උදවිය. ඉඳගෙන. හිටගෙන. මං අල්ලං හිටිය සීට් එකේ වාඩිවෙලා හිටියේ සීය කෙනෙකුයි, අම්මෙකුයි, පොඩි දුවෙකුයි. දුව අම්මගේ ඔඩොක්කුවේ.
මගේ පිටි පස්සෙන් හිටියා තරමක ඇහැට කණට පේන (ඇත්තටම කොහොමද බොලේ කණට පේන්නේ?) යුවතියක්. අර ඉස්සර තිබුණ කුමරි පත්තරේ පිටකවරෙට හොඳයි එයා. ඒ කියන්නේ බිත්තියෙ අලවගන්න උනත් හොඳයි.
ඔන්න ටික දුරක් යනකොට මගේ වාසනාව පෑදුණා. අර සීයා බස් එකෙන් බහින්න නැගිට්ටා.
මං ඉතිං පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වෙලා සීට් එකට පැන ගත්තා. තව ටික වෙලාවකින් ඒ සීට් එකේ එහා පැත්තේ හිටිය අම්මයි පොඩි දුවයි දෙන්නත් බස් එකෙන් බැස්සා. අර කුමරි පත්තරේ කවර් පේජ් යුවතිය ඔන්න මා ලඟින් වාඩි වුනා.
ඒත් ඉතිං මට ප්‍රීතියෙන් ප්‍රීතියට ගිහින් අර චූටි ටීචර්ට වගේ කලර්ස් පෙන්නන්න නං වුනේ නෑ මෙදා. මොකද මට බහින්න තිබුනේ ඊ-ලඟ බස් හෝල්ට් එකෙන්. නැවතත් මර්ෆිගේ නියමය.
ඉතිං, එදා රෑ කයිය ගහං ඉඳලා, කාලා බීල, සේරම ඉවර වෙලා මායි යාළුවයි ගියා ඒ ලඟ තිබුණු පොර ගේ අයිය ගේ ගෙදරට.
මෙන්න බොලේ එතන ඉන්නවා දැකල පුරුදු ඩයල් එකක්.
බැලින්නං, ගමේ තුන්කාලේ බස් එකේ පොඩි දුවෙක් එක්ක ආපු අම්ම තමයි මගේ යාළුවගෙ අයියගේ බිරිඳ!
"ආ, මෙයාද මේ අද එනව කියපු මල්ලිගෙ යාළුවා?" ඒ අක්ක ඇහැව්ව මාව දැක්ක ගමන්ම. "අනේ, මං ආපු බස් එකේ නේ ආවෙ, ටවුමෙ ඉඳල".
ඉතිං ටිකක් වෙලා කතා කර කර ඉඳල තරමක් හිතවත් වුණාට පස්සෙ අක්ක කියපි මෙන්න මෙහෙම.
"ටවුමෙන් බස් එකට නගින කොට මං හිතුවෙ මේ මල්ලි නෝන එක්ක ගමනක් යන කෙනෙක් කියලයි".
මාව උඩ විසිවුණා. අක්ක මේ මගේ නෝන ය කියල හිතල තියෙන්නේ අර බස් එකේ මට පිටිපස්සෙන් හිටිය සුන්දර යුවතිය ගැනයි.
"ඒත් ඉතිං, මං පුදුම වුණා, මේ මල්ලි සීට් එකක් ඉඩ ආපු ගමන්ම ඒකෙ වාඩි වුණු එක ගැන, තමන්ගෙ නෝනට සීට් එක නොදී.
මං ඇත්තටම හිතෙන් බැණ, බැණ ආවෙ, දැං කාලෙ මිනිස්සුන් ගෙ හැටි, තමන්ගෙ නෝනට වත් සලකන්න දන්නෙ නැති උන් ය, කිය කිය!"
කාට කියන්නද බොස් මේ අවනඩු?
මං මේ බඳින්න තියා හිතලවත් නෑ. අක්කම හිතල මං බැඳල නෝනත් එක්ක ගමණක් යනව කියල, ඊලඟට ඒ වැරදි නිගමනය මත පදනම් වෙලා, මට ම හිතෙන් බැණල නෝනට සීට් එක නොදී යන අරුම පුදුම මහත්තයෙක් කියල.
හ්ම්!
-කතන්දරකාරයා
ප/ලි:
දැන් නං මර්ෆි ගේ නියමය මට අදාල නෑ. කතන්දර හාමිනේ ගේ වාසනාව වෙන්න ඕනැ. අත ගහන දේවල් කොච්චර වැරදුනත් -හාමිනේ ගේ එක උපදෙසකින් සේරම හරිගස්සා ගන්න පුළුවනි!
Subscribe to:
Post Comments (Atom)
අද මොකද 08.00 කළින්..?
ReplyDeleteකකා එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම මරලා වගේ.. කතන්දරේකුත් කියන ගමන් ගෙදරත් ගොඩ දාලා...
ReplyDeleteඑක දෙයක් තියෙනවා... අර විදිහට අක්කට හිතෙන්නත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනනෙ..... ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ... නේද? හිකිස්......
හම් අපේ කතන්දර වාසනාවන්තයා. මොකෝ ඇත්තට 8.00 කලින් කතන්දරේ දැම්මේ. අළුත් වෙනසක්ද?.
ReplyDeleteඔය වගේ වැරදි වටහාගැනීම් කොච්චර තියනවද. අර රඟපෑමක් අපි වරද්ද ගත්තනේ වෙන එකක් කියල.
ලඟින් හිටගෙන හිටියටම නෝනා කියලා හිතෙන්නෙ නෑනෙ. කකා මොකක් හරි මෙවුවා එකක් කොරන්න ඇති මගෙ හිතේ.
ReplyDeleteළඟින් හිටපු ගෑනු ළමයෙක් පිට අයට නෝනා කියලා හිතුන කතාවක් ලියලා, "ප/ලි"යෙන් අන්තිමේදි කතන්දර හාමිනේවත් ෂේප් කර ගත්තනේ...
හපෝයි කතන්දරත් කාල තියෙන්නේ.... හිතාගත හැකි බස් එකේ ගිය ගමන ගැන. :p
ReplyDeleteකතන්දරේගෙ කාමරේ බිත්ති ඉස්සර කුමරි පත්තරෙන් වැහිල තිබිල වගේ නේද
ReplyDeleteමට නම් හිතෙන්නේ කතන්දර අර කෙල්ලත් එක්ක දාන පැනි හිනාවල් දැකල තමයි අක්කට එහෙම හිතෙන්න ඇත්තේ... ඔය කාලේ ඉතිං ස්පෙයා වීල් හොයන කාලේ නේ... හැම වීල් එකක්ම හිතිං ෆිට් කරකර බලනවා නේ.
ReplyDeleteඔය තියෙන පින්තූරයෙ වගේ මනමාලයා වාඩිවෙලා, මනමාලි නැගිටලා ෆොටෝ ගන්න එක ඉස්සර කාලෙ මෝස්තරයක් නේද ? ඒ කාලෙ බස් වල යනකොටත් එහෙමද දන්නෙ නැහැ නේද ?
ReplyDeleteමේක නම් මේ අර අක්ක කියපු කතාවට හිතේ අමාරුවෙන් දාපු එකක් නෙමයි. අර 'කෑල්ල' ලඟ ඉඳගෙන තව දුරක් යන්න බැරි වීම නිසා පැනපු 'මල' නිසා 'ලියවෙච්චි' එකක්.
ReplyDeleteඅක්කට එහෙම හිතෙන්න නම් මොකක් හරි වෙන්න එපයි.මොකක් හරි පරහක් තියනවා මෙතන හික් හික්
ReplyDeleteමන් දන්නෙ නැද්ද ක.ශු. ගැන..
ReplyDeleteඅර ගැනු ලමය ක.ශු. ට බැල්ම දාන්න ඇති....
නැත්නම් අපේ ක.ශු. හරි හොදා....
මේකෙ යටිපෙල මම හිතන්නෙ කතන්දර හාමිනේගෙන් මද සිනාවක් සමග ලකුණු කිහිපයක් එකතු කර ගැනීම වෙන්ඩ ඕනි.
ReplyDeleteඔව්. ගින්නක් නැතිව දුමක් නඟින්නෙ නෑනෙ ... මොකක්ම හරි තිබිලා තියනවා :P
ReplyDelete@ මාරයා
ReplyDeleteඅද උදේ අටට මාරයාගේ හෝරාව. ඒකයි උදේ අටට කලින් දැම්මේ!
@අභිත
ReplyDeleteපිස්සුද මලේ? මං ඒ කුමරිය දිහා ඇහැක් ඇරලා බැළුවේ නෑ!
@ප්‍රියන්ත
ReplyDeleteවැඩේ කියන්නේ ප්‍රියන්ත, මෙතන මං කිසිම රඟපෑමක්වත් කලේ නෑනේ!
@mptalks
ReplyDeleteනෝනලා මහත්තයලා ගේ හැසිරීම බැඳපු දවසේ ඉඳලා වෙනස් වෙනවා.
මං දුරින් හිටි නිසාත්, ඒ යුවතිය ගැන නොබැලුව නිසාත් තමයි අක්ක හිතන්න ඇත්තේ මේ දෙන්නා කපල් එකක් කියලා!
@කාංචන දිනුක
ReplyDeleteඇයි මන්දා මටම මේ සේරම දේවල් වෙන්නේ බස්වලදී. පරණ පව් තමයි!
@sameerausa
ReplyDeleteසමීරට වැරදිලා.
යාළුවෙන්න කලින්නේ පැණි හිනාවල් දාන්නේ. යාළුවුණාට පස්සේ බස් අස්සේ මුකුළු. ඒත්, බැන්දට පස්සේ බස්වල යනකොට අතින්වත් අල්ලනවද?
මේ අක්කගේ ලොජික් එක හරි. අපි දෙන්නා බැඳල වගේ කිව්වේ ඒකයි.
@හරී
ReplyDeleteඉස්සර ගෑනු දන්නවා මිනිස්සුන්ට සුදුසු තැන දෙන්න, නේද?
@දුමී
ReplyDeleteදුමීට නං හොඳ තියෙනවා වගේ. දාන්නකෝ කතන්දරයක් දෙකක්.
@පුබුදුවා
ReplyDeleteඔයාත් ඒ අක්කගේම මල්ලී කෙනෙක් වගේ, අනේ අසරණ මං!
@Indika
ReplyDeleteඔය තේරිලා තියෙන්නේ!
මගේ යාළුවෙක් දවසක් කතන්දර හාමිනේට කියලා තියෙනවා, අපි බඳින්න කලින්, කතන්දරකාරයා හරියට බෝ පැළයක් වගේ කෙනෙක් කියලා.
@බුද්ධි
ReplyDeleteහහ්, හා, ඒ කියන්නේ අර මැරියන්ගෙන්, නැන්දම්මාගෙන් ලකුණු ගන්න කතා ලිව්වා වගේද?
@ස්වප්නා
ReplyDeleteඅනේ ළමයෝ කිසිම දෙයක් නෑ. තිබුණා නං මෙහෙම කතන්දරයක් ලියනවායැ?
අපොයි කාකාටත් වෙච්ච දෙයක්... කාට කියන්නද නේද?
ReplyDelete"මං මේ බඳින්න තියා හිතලවත් නෑ."
ReplyDeleteහ්ම්.. කතාව ඇත්ත. ඒකාලේ බඳින්න නෙමෙයිනේ හොයන්නේ...
කසූ නම් ඇත්තම කියලා තියෙනවා.
(මේක කතන්දර හාමිනේට එහෙම පෙන්නන්න එපෝ..)
කතන්දරටත් ඉඳල හිටලා හැමොටම උත්තර බඳින්න හිතෙනවා නේද?
ReplyDelete/කාංචන
මම කියන්නම් උන වැඩේ ගෙස්ටිමේට් කරලා. ඔය ගෑනු ළමයා නගින කොට කොන්දොස්තර වෙනදා දාන තට්ටුව දාන්න බැරිවෙන්න ඇති මොන හේතුවක් හරි හිංඳා. මේක අර අක්කා දකින්න ඇති. කතන්දර ගමේකෙනෙක් නොවන නිසා අක්කා හිතන්න ඇති ඒ ගෑනු ළමය කතන්දරව බැඳල කියල.
ReplyDeleteෂිහ්! අපරාදේ නේද?
ReplyDeleteබැරි වෙලාවත් කලින් චූටී ටීචර්ට පෙන්නපු කලර්ස් ටික පෙන්නගන්න පුළුවන් වුණා නං....
මඟුල් ෆොටෝ එකම කුමර් පත්තරේට දාගන්න තිබුණා නෙව...
හික්ස්...
හුගක් ස්ත්‍රීන් ඔහොම්ම තමයි.. තමන් ම නිරික්ෂන කරලා ඒව හොයන්නෙ බලන්නෙ නැතුව නිගමනය කරල අන්තිමට ව්වේචනය කරල කපලත් දානව.. අන්තිමට හැලුනම තමයි අපි දන්නෙ.. ඉතින් එතකොට පැහැදිලි කරපංකො සීන් එක මුල ඉදන් එයාට අනෙ අපොයි
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි ප්‍රතිචාරවලට.
ReplyDeleteඅළුත් කතන්දරයකින් නැවත හමුවෙමු.