Sunday 5 September 2010

මොන්ටිසෝරි ආදර ගීතය දන්නවාද?


සින්දු වලට කවුද අකමැති?

මාත් ඉඳල හිටල සින්දු ගැන කතන්දර ලියල තියෙනව. මේ කතන්දර බ්ලොග් එක පටහ් ගත්තු කාලෙ ලියපු සුදා ල ගෙ කඩේ ප්‍රේමේ කතන්දරය තමයි පලමුවෙනි එක. ඒකට ආවා හොඳ ප්‍රතිචාරයක්. හුඟ දෙනෙකුට තිබුණා ඒ හා සමාන කතන්දර.

ඇයි මතකනේ මං ලියපු බාත් රූම් ගීතය. ඒ කට හොඳ තනුවක් දාලා මියුසික් කරන්න කැමති කෙනෙක්ව මං තාම හොයනවා.

කතන්දර හාමිනේ ගැන ලියපු සින්දුව නං මං ඉඳල ඉඳල කියනවනේ. තාම රෙකෝඩිං එකක් නං නෑ.

ඉති සින්දු ගැන තව කතන්දර දෙක තුනක් ලියන්නයි මේ පටන් ගන්න යන්නේ!

ඉස්සෙල්ලාම කියන්නකෝ බලන්න මෙන්න මේ ප්‍රශ්ණ වලට විසඳුම් දන්නවද කියල? මේ සේරම ලව් සෝන්ග්ස් A/L කරන අය ගැනයි.

හරි උත්තර එකකට වැඩිය තියෙන්න පුළුවන්.

1. මැත්ස්කාරයින් ගේ ආදර ගීතය?
එක් නිවරදි පිළිතුරක් මෙන්න: සම කෝණී ත්‍රිකෝණයකි ඔබයි මායි ඇයයි තිදෙන. ගායනය දයාරත්න රණතුංග.
(ස්තුතියි රන්)

2. බයෝකාරයින් ගේ ආදර ගීතය?

3. ආට්ස්කාරයින් ගේ ආදර ගීතය?

4. කොමර්ස්කාරයින් ගේ ආදර ගීතය?

කැම්පස්කාරයෝ ගැන හිතලා මෙන්න මේවත් එකතු කරන්න පුළුවන්.

5. ඉංජන් ගේ ආදර ගීතය?

6. මෙඩ්ඩන් ගේ ආදර ගීතය?

7. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?

8. ඩෙන්ටන් ගේ ආදර ගීතය?

9. ඇග්‍රන් ගේ ආදර ගීතය?

10. වෙටා ලා ගේ ආදර ගීතය?

11. සයන්ස්කාරයින් ගේ ආදර ගීතය?

12. පුරා විද්‍යාකාරයින් ගේ ආදර ගීතය?

දීපල්ලකෝ පුළුවන් නං උත්තර!!!

-කතන්දරකාරයා

ප/ලි:
ඇයි බොලේ එතකොට අද මාතෘකාව අමතක කරන්න පුළුවනියැ? මොන්ටිසෝරි ආදර ගීතය දන්නවාද?

47 comments:

  1. නොදනිමි.

    (පුදුමෙකුත් නෙවෙයි. දේශපාලනය මිසක ඔය කිසි තැනෙකදි ටැබූට ආදරය කරන්න වෙලාවක් තිබුනයැ?)

    ReplyDelete
  2. හපොයි කාකා ප්‍රශ්න ගොඩාක් අහලා ගිහින් නේ :O

    ReplyDelete
  3. විකාර.... මේවටද අර සම්මානෙ හම්බුනයි කියන්නේ.
    කිසිම වින්දනාත්මක බවක්නම් මේ බ්ලොග් අඩවියේම මම දැක්කේ නම් නෑ (Sorry comments are moderate ද?)

    ReplyDelete
  4. " දීපල්ලකො පුළුවන් නම් උත්තර "...............ඇයි දෙයියනේ ප්‍රශ්න කීයක්ද? ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කරලා කතාව මඟ ඇරලා නේද?
    ඒකත් හොඳ පොත !!!!

    ReplyDelete
  5. අයියෝ...ආදර ගීතයක් තියෙනවා කියලා බ්ලොග් එකේ දැකක්හම ටක් ගාලා ආවා ගීතය බලන්ඩ....
    මේ මනුස්සයා ඒ වෙනුවට ප්‍රශ්න වගයක් දාලා ගිහිල්ලනේ...
    ඒ... කෝ කසූ මේ හෙඩින් එකේ තියෙන සින්දුව...
    මේ මනුස්සයගේ වැඩත් හරියට මර්වින් සිල්වාගේ වැඩ වගේම තමයි..
    ටයිට්ල් එක පෙන්නලා බොරුවක් රඟ දක්වනවා....
    හපොය්... හපොයි...

    ReplyDelete
  6. ප්‍රශ්ණ පත්තරයක් නොවැ. අනික කතන්දරගේ හිතේ තියෙන උත්තර අපි දන්නවයැ.

    ReplyDelete
  7. බුදු අම්මෝ ඔච්චර ආදර සිංදු වර්ග තියෙනව ද? කක ම කිව්වනං

    ReplyDelete
  8. දන්නවා. එ වුනාට කියන්නෙම නෑ.

    ReplyDelete
  9. මටත් හිතා ගන්න බෑ...

    මොකද මං ඔය එකක්වත් කරල නැති නිසා...

    ReplyDelete
  10. හුටා . . . මෙන්න බොලේ ගීතයෙන් ගීතය . . . !

    ReplyDelete
  11. මම නම් මේ එක ආදර ගීතයක් වත් නොදනිමි.. :) :)

    ReplyDelete
  12. මැත්ස්කාරයින් ගේ ආදර ගීතය => samakoni thrikonayaki obath math eyath thidena...

    ReplyDelete
  13. අද පොඩි බොරුවක් කරලද මන්ද?
    මම දන්නෙ 1යි 2යි නෙ..
    එකත් නොකිය ඉන්න 1ක තමයි හොද?
    මොන්ටි සොරි ආදර ගිතයනම් මා බාල කලේ වෙන්න ඇති...
    නැත් නම් සමනලය ගැන සිංදුව වෙන්න ඇති...
    පොඩි ලමයි වෙන මොනවට ආදරය කරන්න ද?

    ඇයි හාහා හරි හාවා..

    මම මොන්ඩිසොරි ගියේ මාස 3යි... දග නිසා යවාගන්න බැරිවෙලා..
    අම්ම තමයි ගෙදර උගන්නල තියෙන්නෙ...
    ක.ශු. ම කියන්න උත්තර...
    ප්‍රියන්ත කිව්ව වගෙ අපි දන්නවයැ හිතේ තියන එව...
    අන්තිමට ක.ශු. FM ප්‍රශ්න නෙ අහන්නෙ..
    ක.ශු. දනි... අපි නොදනි...

    ReplyDelete
  14. මේ සින්දු කතන්දර කිහිපයක ආරම්බය විතරක් බව මං කිව්වා නේ?

    ප්‍රශ්ණ පත්තරේ මං හිතුවට වඩා අමාරුයි වගේ.

    ඔන්න "රන්" ට නං පොට පෑදිලා.

    ReplyDelete
  15. කල්පනා කරමින් පවතී... මතක් වූ විගස පිළිතුරු දෙමි.
    නරකද මේකට දවස් දෙකතුනක් කල් දුන්නොත්???

    ReplyDelete
  16. මැත කාරයොන්ට තව එකක් මතක් වුනා කලින් එක O/L මැතට හොඳා. මේක A/L මැතට දාන්න පුළුවන්. හිකිස්

    නන්දා මාලිනීගේ
    අහස සේ ඔබ අනන්තයි...
    සයුර සේ ඔබ අනන්තයි...
    මේ විශ්වයේ මා දකින්නේ...
    ඔබමැ පමණයි... ඔබ අනන්තයි...

    ReplyDelete
  17. වෙටාලාගේ:-1.රැළකින් තනිවී වනමැද සරනා කැකුළු තුරුණු යාමේ......ඇතෙකුට ඇත්දළ යුවළක් වාගෙයි මට ඔබගේ ප්‍රේමේ.....

    2.නීල වර්ණ නීල කොබෙයියෝ....මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ....

    ආට් කාරයන්ගේ:-කලා වැවෙන් ගත් දියදෝතක්සේ වටී වටී ඔබ මටමැ වටී......

    පුරා විද්‍ය කාරයන්ගේ;-ඉසුරුමුණියේ පැතැලි ගලක ආලය ලීලය පෑ.......

    ඉංජන්ගේ:-1.එදා තරම් මගේ හිතේ රැඳුනේ නැහැ තව දවසක්...දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්.....

    2.අසුරුසැණින් එක මොහොතකදී....කාලය නැවතී යළි ඇරඹී....විශ්වය අළුතින් බිහිවේවා....ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා......

    ඇග්‍රන්ගේ:-පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම්...සුළඟේ පාවී හිතට දැනෙනදා....

    මෙඩ්ඩන්ගේ:-හර්දේ රස මාලිගේ...ප්‍රීතිවේ මා හදේ....


    ඩෙන්ටන්ගේ:-1.මුව හසරැළි සාගරේ මුතුවැළක් වෙලා....

    2.මුව මුක්තා ලතා පිපි හංසංගනා නිල් නෙළුමා ලෙසින් මා ළඳේ...නුඹ භාග්‍යා සරෝජාවියේ.....

    මොන්ටිසෝරි:-හිච්චි නගේ බාලේ හිඳ හැංගිහොරා...ළපටි හිතින් මට මතකයි විහිළු කළා

    ලෝ කාරයන්ගෙ;-පැමිණිළිකාරිය මම‍ වෙමි..වද හිංසා දී නිදොස් ළඳක සිත පාරන වරදට විත්තිය ඔබවේ....

    ReplyDelete
  18. මේක ප්‍රේමකීර්ති මහත්තය ලියපු ගීතයක්. ගයන්නේ ජෝජ් ප්‍රමුඛ ලා තණකොළ පෙත්තාස්. දැන් කාලේ මොන්ටිසෝරි අයට හොඳයි.

    ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව්

    කුමාර වීරෙන් (............) ඉලන්දාරි හැඩවෙයි
    ආදර වන්නම් තක්කිට තරිකට උඩ පැන පැන නටතෙයි
    ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවොත් වරදි
    දෙමාපියන්ගේ ආශීර්වාදෙන් විවා වුනොත් ජයවෙයි

    ආලය කියනා මාලය වැටුනොත් රජුන්ද පිස්සන් වෙයි
    අටැවෙනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමැයි
    ආලෙන් පැරදුනු අය වස විස බී ජීවිත වනසාලයි
    දුර දිග නොබලා කලොත් අපොයි ඔව් ලව් එක ඉලව්ව වෙයි

    නාහෙට නාහන ඉලන්දාරිකම ඔය වයසට ඔහොමයි
    ඉලක්කෙ වැරදුන දවසට ආලෙන් විපත්ති (.....)
    දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි (......)
    එහෙම නොවෙයි නම් ඔපේ හපේ වී ආපායටම වැටෙතියි

    ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව් ලව්

    ReplyDelete
  19. 1.පිළිතුරු දී ඇත

    5. ඉංජන් ගේ ආදර ගීතය?
    එගොඩත් මෙගොඩත් ගම් යාකරලා පාලම සාදා.... පුන්සිරි සොයිසා

    9. ඇග්‍රන් ගේ ආදර ගීතය?
    ප්‍රේමයේ අස්වැන්න... දිවුල්ගනේ

    12. පුරා විද්‍යාකාරයින් ගේ ආදර ගීතය?
    සීගිරි ගීයක් ... නිරෝශා

    ***මොන්ටිසෝරි ආදර ගීතය
    මං බොළඳවියේ බැඳි හාද... ෂර්ලි වෛජයන්ත

    ReplyDelete
  20. කුදු රම්බෝ අහල තියෙන පුරස්න කන්දරාව... එකක්නං මතක්වුනා, පුරා විද්‍යාකාරයින් ගේ ආදර ගීතය - "ඔබේ ආදරේ ශිලාලිපියක් වගේ.." අනිත්ටික මතක්වෙන විදියට දාන්නං.. :)

    ReplyDelete
  21. හුටා ඔය ඇවිත් තියෙන්නෙ උත්තර එහෙ බලල මෙහෙ බලනකොට..

    ReplyDelete
  22. 12. පුරා විද්‍යාකාරයින් ගේ ආදර ගීතය
    සඳකඩ පහනක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැඟුම් ගනී
    (සුනිල් එදිරිසිංහ)

    අනේ මම දන්නෙ නැහැ එකක් වත්....

    ReplyDelete
  23. හෆෝයි දෙයියනේ....කල්පනා කොලොත් නම් එක එක මතක් වෙයි...දැන්නම් බෑ කල්පනා කො‍රන්න...ක්ලාස් ගිහින් ආවා විතරයි...වැඩ තියේ කොරන්ට....

    ReplyDelete
  24. ඔන්න මමත් උත්තර දුන්න ... මේ දවස් වල වැඩිපුරම කරන වැඩේ ඔය උත්තර ලිය ලිය ඉන්න එක තමා .....

    මොන්ටිසෝරි ආදර ගිතය : පොඩිකාලේ මරද වැල්ලේ ... වැලි බත් උයාපු කෙල්ලේ
    ඇග්රන් : ගහක මල් පිපිලා ඉතින් ඒ ඇයිද නොදන්නෙමී
    පුරා විජ්ජා :
    අතීතය සිහිනයාක් පමනයි සැබෑ සුවදක් නෑ
    එලාර දුටුගැමුනූ යුද්දේ තේමාඋනු නාට්ටියක් නැටුවලු ඉස්සර කාලෙ

    ඉන්ජින් : විදුලි දුම්රියේ චන්චල නාදේ සවනට වැටෙන කලේ
    කොමර්ස් : මතුදාක 'කාසී' නිසා ...
    ලෝ : අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් ... කුමට එරට දඩුවම් දෙන නීතිය සහ විනිසුරන්
    ආර්ට් : නීල නුවන් යුග කවියක් විය ඔබගේ ... පන්හිද තුඩගේ පැටලී

    ReplyDelete
  25. මේ තව එකක් මතක් උනා කසූ ........
    ඇග්රන් : සල්සපුනා ... නිල්මානෙල් .. කුමුදු .. සමන් මල් අතරේ ... කිඩාරම් මලේ පවා සුවද දිග හැරේ ...
    (ඔය මල් ගැන ඔච්චරම දන්නෙ උන්වෙන්න ඇති)

    ReplyDelete
  26. බොලේ මෙතන නෙවෑ සින්දු තියෙන්නේ...
    පිස්සා ගේ යෝජනා ඉහලින්ම ඉස්තීර කරමි...
    කදිම නිමිත්ත මහත්තයෝ...

    @බුරාතෙනෝ: අර කෑල්ල "අක්බුදු රම්මෝ" නේද...?
    අර සිරිල් වික්‍රමගේ කරාටි කාරයෙක් කියලා පොල් කඩන පොරක් ගේන ටෙලි නාට්‍යයේ නේද ඕක තිබ්බේ...? ඒ පොර මහරගම යූත් සෙන්ටර් එකේ ඇත්තටම කාරාටේ කල පොරක්...

    ReplyDelete
  27. පිස්සා තමා දවසකටවත් මිනිහා.
    පිස්සු නැති එකෙක්වත් මෙච්චර හොදට සින්දු ටික තේරුවේ නැහැනේ.

    පිස්සාට ජයවේවා...

    උත්තර දීපු අනිත් අයටත් ජය වේවා...

    ReplyDelete
  28. ආට්ස්කාරයින් ගේ ආදර ගීතය => sandakada pahanak obe hadawathe nelanna denawada...

    ReplyDelete
  29. @ Randika Sedara
    ෂා .. නියමයි... මට බැහැනේ මේ වගේ හිතන්න....

    ReplyDelete
  30. ප්‍රශ්ණ අංක (11) සයන්ස් කාරයින් ගේ ආදර ගීයක් කවුරුවත් දාලා නැති නිසා මේකත් ලිස්ට් එකට දාගන්න.
    1. ඈත එපිට දුර ආකාසේ ...
    2. මට මුළු ලොවම ඔබයි ...
    3. මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා සඳ ඔබ ...

    හික් හික් ...

    ReplyDelete
  31. සයනො ගොඩක් Chemistry, Physics කරන නිසා මේ සින්දුවත් හොඳයි..

    ඔබගේ රුව මාගේමයි....
    .. . . . . . .
    .. . . . . . .
    රන් රස සේ පෑහේ මයි....

    ඔය විද්‍යාගාර වලදි රසදිය එක්ක සෙල්ලම් දාන්න ගිහින් තමන්ගෙ අගනා වටිනා රන් භාන්ඩ විනාස කරගත්ත අය ඕනෙ තරම් ඉන්නවනෙ..

    Buddhi

    ReplyDelete
  32. අයියෝ...ආදර ගීතයක් තියෙනවා කියලා බ්ලොග් එකේ දැකක්හම ටක් ගාලා ආවා ගීතය බලන්ඩ....
    මේ මනුස්සයා ඒ වෙනුවට ප්‍රශ්න වගයක් දාලා ගිහිල්ලනේ...
    ko aiya ආදර ගීතය

    ReplyDelete
  33. ක්.ශු. / ප්‍රියන්ත මමත් පොඩි ටෙස්ට් 1ක් කරන්න යන්නෙ
    තාම හොර වැඩක් මට්ටමෙ තියෙන්නෙ...
    පස්සෙ කියන්නම්...

    ReplyDelete
  34. එකක් දෙකක් ඈරෙන්න ගොඩක් ඒව දන්නේ නැහැනේ අප්පා

    ReplyDelete
  35. අද උත්තර දෙන්ට ඔන්නැ. කොමෙන්ට් කියෙව්වම බඩ පිරෙනවා. අර පිස්සා පිස්සා කිව්වට පිස්සා නියමෙට වැඩේ දීලා නේ...

    ReplyDelete
  36. අැග්‍රන්ෙග් අාදර ගීතය

    මඩ කඩෙ හිට්ය නගෙ නුඹට හිත බැඳුනා මගේ

    ReplyDelete
  37. ඔච්චර අමාරු ප්‍රශ්න අහන එක වැරදි.ඒත් උත්තර ටිකත් එක්ක ගත්තම එළ ප්‍රශ්න.පංකාදු උත්තර ටික.

    ReplyDelete
  38. @ taboo..

    ඒ කියන්නෙ ටැබූ සර් මොන්ටිසෝරි යන කාලෙත් දෙශපාලනේ කරල වගේ.

    ReplyDelete
  39. @තිස්ස අයියා,

    වෙන්න ඇති.. මට හරියට මතක නෑ.. කටට ආපු එක එහෙමම ලියලා දැම්මා..

    පලි: මම අහලා තියෙන ලස්සනම මොන්ටිසෝරි ආදර ගීතය තමා මේ..

    http://www.youtube.com/watch?v=12Z6pWhM6TA

    ReplyDelete
  40. ඉන්ජන්ගෙ (ටෙලෙකොම් කරන ඉන්ජන්ගෙ ) තව හොද ගීතයක් තියනවා...
    "දුරකතනයකින් මම ඔබ අමතමි, හමුවිය නොහැකි නිසා....."

    ReplyDelete
  41. කතන්දරයා ගේ ආදර ගීතය කවුරුවත් දන්නවද???
    මේ කතන්දරයා කතන්දර හාමිනේ ගේ ප්‍රේමය හඹා යනකාලේ කියපු (ගයපු නොවේ) ගීත...
    1.මම දනිමි ප්‍රියේ ඔබෙ කතන්දරේ...
    (මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා..)
    2.අපෙ ආදර කතන්දරේ..
    (උඩු ගුවන යටින්.....)

    ReplyDelete
  42. කතන්දරයා ගේ ආදර ගීතය කවුරුවත් දන්නවද???
    මේ කතන්දරයා කතන්දර හාමිනේ ගේ ප්‍රේමය හඹා යනකාලේ කියපු (ගයපු නොවේ) ගීත...
    1.මම දනිමි ප්‍රියේ ඔබෙ කතන්දරේ...
    (මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා..)
    2.අපෙ ආදර කතන්දරේ..
    (උඩු ගුවන යටින්.....)

    ReplyDelete
  43. කතන්දරයා ගේ ආදර ගීතය කවුරුවත් දන්නවද???
    මේ කතන්දරයා කතන්දර හාමිනේ ගේ ප්‍රේමය හඹා යනකාලේ කියපු (ගයපු නොවේ) ගීත...
    1.මම දනිමි ප්‍රියේ ඔබෙ කතන්දරේ...
    (මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා..)
    2.අපෙ ආදර කතන්දරේ..
    (උඩු ගුවන යටින්.....)

    ReplyDelete
  44. කතන්දරයා ගේ ආදර ගීතය කවුරුවත් දන්නවද???
    මේ කතන්දරයා කතන්දර හාමිනේ ගේ ප්‍රේමය හඹා යනකාලේ කියපු (ගයපු නොවේ) ගීත...
    1.මම දනිමි ප්‍රියේ ඔබෙ කතන්දරේ...
    (මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා..)
    2.අපෙ ආදර කතන්දරේ..
    (උඩු ගුවන යටින්.....)

    ReplyDelete
  45. කතන්දරයා ගේ ආදර ගීතය කවුරුවත් දන්නවද???
    මේ කතන්දරයා කතන්දර හාමිනේ ගේ ප්‍රේමය හඹා යනකාලේ කියපු (ගයපු නොවේ) ගීත...
    1.මම දනිමි ප්‍රියේ ඔබෙ කතන්දරේ...
    (මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා..)
    2.අපෙ ආදර කතන්දරේ..
    (උඩු ගුවන යටින්.....)

    ReplyDelete
  46. @All
    සියළු දෙනාටම ස්තුතියි.

    @Rupika
    රූපිකා ගේ නම් තැටිය ප්‍රතිවාදනය වෙනවා වගෙයි නේද?

    ReplyDelete
  47. ඇයි මෙතනට නොදැම්මෙ බ්ලොග් කරුවන් ගේ ආදර ගීතය?

    "ඊමේල් කවි කාරියේ...."-අතුල අදිකාරී කියන්නෙ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.