Tuesday 21 September 2010

අනේ මට ටැපලුනා!


මං කාලෙකට කලින් ලියපු පාන්ස් සහ බන්ස් කතන්දරේ මතකද? අර අපේ ගෙවල් පැත්තෙ කෙල්ලෙක් කඩේ මුදළාලි එක්ක කරපු දෙබස?

ඔය, "අනේ මට ටැපලුනා!" කියන කෑල්ලත් මං මුලින්ම ඇහැව්වේ ඒ වගේ සීන් එකක් එක්ක –- හැබැයි පස්සෙ කාලෙක මං අර තිප්පොලේ ඉන්න දවස්වලයි.

ඔන්න එක කෙල්ලෙක් ගිහින් කැන්ටිමේ මුදලාලිට කිව්වලු මෙන්න මෙහෙම.

මුදළාලි මට කටිස් එකකුයි, පැට්ලස් එකකුයි දෙන්න!

මුදළාලි අන්දුං, කුංදුං!

එතකොටයි කෙල්ලට වැරදුණු බව තේරුනේ. ඉතිං වහාම සමාව ඉල්ලුවා.

අනේ මුදළාලි මට ටැපලුනා!

* * *

මට නං ටැපලෙන්නේ ඔය කට්ලට්, පැටිස්, වඩේ වගේ සුලු, සුලු දේවල් නෙමේ.

ඔන්න මං පොඩිම කාලෙ මං හිතාගෙන හිටියෙ, කෝච්චි ටිකට්වල පස්ස පැත්තෙ ලියල තියෙන්නෙ අත්සන් කිරීම තහනම් ය කියන එකක කියලයි. ඒ අන්සතු කිරීම තහනම් කියන එකයි කියල මට තේරුනේ කාලෙකට පස්සෙ.

බඩ දරු අම්මලා ට කියන ගර්භනී (මව්වරුන්) කියන වචනෙයි, කන්ඩෙම් කරල ඩිස්පෝස් කරන ගර්හිත (බස්) කියන වචනෙයි ඒ වගේ මට ඒ දවස්වල ටැපලෙන වචන දෙකක්.

මෙන්න තවත් ඒ වගේ වචන කිහිපයක්.

1. ගුජුප්සාව එදිරිව ජුජුප්ස්
මට මුලින්ම ගුජුප්සාව කියන එක ඇහුණෙ ජුජුප්සාව කියලයි!

2. චාවාකච්චේරිය එදිරිව වාචාකච්චේරිය
මේක නං අදටත් ෂුවර් නෑ. කල්පනා වගේ ගිහින් බලන්නෝනැ.

3. පිරිසිදු/අපිරිසිදු එදිරිව වංක/අවංක
දැං පිරිසිදු කියන එකෙයි අපිරිසිදු කියන එකෙයි වෙනස අපි හැමෝම හොඳින් දන්නවනේ? හොඳ පිරිසිදු දේක මුලට අයන්නක් දැම්මාම වැඩේ කැතවෙලා යනවා, හරියට ලස්සන දේවල් අවලස්සන වෙනවා වගේ. ඉතිං හොඳ වංක මනුස්සයින්ටත් වෙන්නේ ඔය ටිකම තමයි නේද?

4. ඉංගිරිසියෙන් ලියන කතාකොරන කොට මට ඔය වගේම ටැපලුණු වචන දෙකක් තමයි ටයිඩි, අන්ටයිඩි.

මේ වගේ ටැපලෙන වචන තියෙනව නං ලියල යන්නකො බලන්න!

-කතන්දරකාරයා

ප/ලි
පහුගිය දොහේක බ්ලොග් එකක කොමෙන්ටුවක් දමන වෙලේ මට මගෙ ඇත්ත නමයි, ආරූඪ නමයි දෙකත් පැටළුණා නොවැ!

31 comments:

  1. පිටටත ද? පිටතට ද ?

    ReplyDelete
  2. NOT TO PUBLISH!!

    ගුජුප්සාව is wrong. correct word is ජුගුප්සාව

    ReplyDelete
  3. ආහ්... කසු ටත් හිටල ඉඳල ලැවෙනවා නේද පට ?

    ReplyDelete
  4. අසභ්‍ය එදිරිව අභ්‍යාස
    "ඒක හරී අභ්‍යාස film එකක්...."
    :P

    ReplyDelete
  5. උදේම වචන මතකයට එන්නේ නෑනේ. කතන්දර බලාගෙන තව ටික දවසකින් වචන ටපලගෙන මොනවා ලියවෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  6. පොඩි කාලෙ අපෙ ගෙදර සාංඝික දාන තියෙනකොට හාමුදුරුවො බණ පටන් ගන්න කලින් කියනවා "කළුතර මහා සංඝරත්නයෙන් අවසරයි කියලා" මම නම් හිතුවෙම කළුතර පන්සලෙන් හාමුදුරු නමක් දානෙට වැඩලා කියලා,,,,,,,, ටිකක් ලොකු උනහම තමයි තේරුනේ ඒ කියන්නෙ "කළුතර සංඝරත්නයෙන්" නොවෙයි "ගරුතර සංඝරත්නයෙන් "කියලා..............:D

    ReplyDelete
  7. මට තිස්සෙම පැටලෙන්නෙ : TOILET, TO LET
    අර දැන්වීම් පුවරු වල ගහල තියන කියන TO LETවචනෙ මට තිස්සෙම කියවෙන්නෙ කියල TOILET :S :$

    ReplyDelete
  8. කලුවර , කරුවල

    ReplyDelete
  9. මට හැමදාම පැටලෙනව.නහයයි කණයි. ඇත්තමයි... පුංචි කාලේ මම නහයට තමයි කණ කියල තියෙන්නේ... වචන දෙක සමාන නොවුනත් පුංචි කාලේ හුරුව නිසා තාමත් ඉදල හිටල කනයි නහයයි ටැපලෙනවා....

    ඒ වගේම අනිත් වචන ගත්තෝත් රාජ්‍ය සේවකයන් නිදහස් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ගන්න කොට පුරවන්න තියෙන ආකාතියේ තියෙන යාමට-ඊමට කියන එක මට හරි ප්‍රහේලිකාවක්... රාජ්‍ය අංශයේ ආකාති පත්‍ර බොහේමයක තියෙන සිංහල ඇත්තටම ප්‍රහේලිකාවක්....

    ReplyDelete
  10. හැමදාම වගේ අදත් ඔය කරල තියෙන්නේ.. "ගුජුප්සාව" නෙවෙයි කසූවෝ "ජුගුප්සාව"!!!

    ReplyDelete
  11. "ගුජුප්සාව එදිරිව ජුජුප්ස් "

    අයියෙ ඔය වචනෙ ඇත්තටම 'ජුගුප්සාව' නෙමේද? ඔයාට මේක දෙපාරක්ම පැටලිලාද මන්දා..

    ReplyDelete
  12. මට කතා කරන කොට නම් වචන පැටලෙනවා හරි අඩුයි.හැබැයි 'පිලිබඳ' කියන වචනෙ පිලිබඳ මට සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. ඕක ඇත්තටම 'පිලිබඳ' ද? 'පිලිඹද' ද? 'පිලිඹඳ' ද?

    අර සින්දුවකුත් තියෙන්නෙ ..... පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි කියලා.. ඒකෙ කියන්නෙ 'ඹ' යන්න නේද?

    ReplyDelete
  13. වැස්ස පායනකොට වැස්ස නැති වෙනව.
    අව්ව පායනකොට අව්ව වැඩි වෙනව.

    ReplyDelete
  14. ගුජුප්සාව කියලා වචනයක් නෑ නේද...? ජුගුප්සාව නේද..?

    ReplyDelete
  15. මමත් කියන්නම් කො 1ක්
    අපි අඹ බයන්න කින්නෙ පොඩි කලෙ එක මතක තියගන්න නෙද?
    ඔන පොඩි 1ක් අඹ දන්නවනෙ.
    නැත්නම් කඹ ලියන්නත් ඔක්කමනෙ ඔන...
    එහෙනම් කඹ බයන්න කියන්න ඔන...

    හරි 1ක මොකක්ද?
    මම නම් අහල තියනව එත් මතක නැ..
    අනික හරිද දන්නෙත් නැ..
    සන්‍යක නම් නෙමෙයි...

    ReplyDelete
  16. මට ලිෆ්ට් වල යනකොට පැටලෙන්නේ 'open' 'close' දෙක. ඒ කිව්වේ අර සලකුණු දෙක :
    < > එදිරිව > <
    ඔය දෙකෙන් මොකද්ද 'open' මොකද්ද 'close' කියල හිතාගන්න මට සෑහෙන වෙලාවක් යනවා.
    ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම පැටලෙන්නේ ආනයන/ අපනයන (import/export) සිද්ධිය.
    තව අර සුගත රසායනාගාරයේ දියවැඩියාව ඇඩ් එක මතකද? එකේ ගොඩක් වචන මට පැටලෙනවා. 'දියවැඩියාව හෙවත් මධුමේහය (?)' (තාමත් ෂුවර් නෑ) මං සෑහෙන කාලයක් කිය කියා හිටියේ 'මධුනැහිය' කියල.

    ReplyDelete
  17. ඔන්න මටත් නිතරම ටැපලෙන එකක් මතක්වුනා.. සමාදාන ද නැත්තං සාමදාන ද..??

    ReplyDelete
  18. ඇයි වදේ මතක නැද්ද “කලවම්“ එදිරිව “කවලම්“. කතන්තර, මම හිතන්නෙ “ජුගුප්සාව“ ඔයා හිතලම වරද්දලා. මට තාම පැටලෙන දෙයක් තමයි “ස්කර්ට්“ “බ්ලවුස්“ දෙක.

    ReplyDelete
  19. තරවනවද තවරනවද තාම ප්‍රශ්නයක්?????????

    ReplyDelete
  20. 01. සිරස කඩමන්ඩිය ගැන කතා කර කර ඉද්දි '' කොරින් අල්මේදා'' කියන එකට මට ''කොල්මේදා'' කියවුනා.
    02. කලුවයි ජයසුරියයි අම්බානෙක ඕස්ට්‍රෙලියාවෙදි නෙළන කොට මට දෙන්න ගැන කියන්න ගිහිං ''කලුසුරිය'' කියවුනා.
    03.හොදම කේස් එක අපි ප්‍රැක්ටිස් ඉවර වෙලා මම අපේ කෙනෙක්ගෙන් ''ටයිම් එක කියපන්ස්'' කියද්දි යාලුවට සිංහලෙන් කියවනවද ඉංගීසියෙන් කියනවද කියලා පැටලිලා ''ෆහයි'' කිව්වා, හවස පහට.

    ReplyDelete
  21. @ පහුගිය දොහේක බ්ලොග් එකක කොමෙන්ටුවක් දමන වෙලේ මට මගෙ ඇත්ත නමයි, ආරූඪ නමයි දෙකත් පැටළුණා නොවැ!

    ita kalin opyaama ova heli karala thiyenne. e nisa oka gana dan hithanna epa.

    man vage baya nathuwa liyanna namin.

    හොර බොරු නෑ. වංචා නෑ. boru nam ne.

    ReplyDelete
  22. Immigration/Emigration,

    ReplyDelete
  23. How about hospital & hostipal.

    ReplyDelete
  24. මටත් ගොඩක් ටැපලෙන එකක් තමා Immigration/Emigration

    ReplyDelete
  25. හත්තිලව්වයි මට ඉංගිරිසියෙන් පැටලෙන්නෙ Horizontal and Vertical කියන දෙක තමයි.

    ReplyDelete
  26. Horizontal and Vertical නම් මටත් ටැපලෙනවා.

    ReplyDelete
  27. පොඩි කාලෙ හුඟ දෙනෙකුට ත- ට-ර පැටලෙනවා.
    තඹුතන්/ අල බලන්න
    අපේ මල්ලි පොඩි කාලෙ දවසක් දුවගෙන අවා"අම්මේ මම පොඟලෙක් දක්කා" කියාගෙන
    ප.ලි.
    අපි ඉන්න රටේ කට්ටිය "හෙලෝ" වෙනුවට කියන්නෙ "අලෝ"

    ReplyDelete
  28. කටුස්සා කසුට්ටා

    ReplyDelete
  29. @All
    Thanks heaps.
    බලාගෙන යන කොට මට වෙන්නේ මොන ටැපලිලි ද, අපේ කෂ්ටියට වෙන ටැපලිලි එක්ක හිතල බලනකොට, නේද?

    වෙනදා නැති තරමේ කොමෙන්ට්ස් ඇවිල්ල තියෙන්නේ නිකමට නෙමේනේ!
    ස්තුති වේවා.

    හෙට උදේ කතන්දරේ -බෝන්චි ඇටේ!

    ReplyDelete
  30. සොයන්නා11 October 2010 at 16:29

    මට තාම පැටලෙන දෙයක් තමයි “ස්කර්ට්“ “බ්ලවුස්“ දෙක
    සිරාවටම මටත් පැටලෙනවා

    ඉදල හිටලා මගේ මායියාටත් වම දකුණ පැටලෙනවා. ගොඩක් වෙලාවට වමට හැරෙන්න කියල දකුණු ඇත පෙන්නනවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.