Wednesday 8 September 2010

කතන්දරකාරයා ගේ ලව් සෝංග්ස් ප්‍රහේලිකා - මෙන්න විසඳුම් කීපයක්


මොන්ටිසෝරි ආදර ගීතය දන්වාද කියන ටයිටල් එක එක්ක මං දාපු පෝස්ට් එකට කීප දෙනෙකුට තරහ ගියා. තවත් අයට මේක තේරෙන්නේ නැතුවා වගෙයි පෙනුනෙ මුලින් මුලින් ආපු කොමෙන්ට්ස් වලින්.

අනික තමයි ඒ පෝස්ට් එක මං ලියන්න යන සින්දු කතන්දර කීපයක ආරම්බය බව ලියල තිබුණත් සමහරු ඒක හරියට කියවලා තිබුනෙ නෑ මගෙ හිතේ!

පස්සෙ එක දෙක විසඳුම් වැටෙන කොට පස්සෙ ආපු අයට වැඩේ තේරුණා.

තම තම නැණ පමණින් උත්තර දුන්න අයට බොහෝම ස්තුතියි.

මේ ලියන්නේ ඒ ලව් සෝංග්ස් රිඩල්ස් වලට උත්තර බඳින්නයි. හරි උත්තර එකකට වැඩිය තියෙන්න පුළුවන් නේ! ගැලපෙන එක උත්තරේ ගානෙ මෙන්න.

0. ඉස්සෙල්ලාම මොන්ටිසෝරි ආදර ගීතය:
ටික්කි ටිකිරි මගේ පුතා කොල අරගෙන කුරුටු ගාන පුංචි පුංචි රුප වගෙයි ඔබගෙ ආදරේ - මිල්ටන් පෙරේරා

1. මැත්ස්කාරයින් ගේ ආදර ගීතය?
සම කෝණී ත්‍රිකෝණයකි ඔබයි මායි ඇයයි තිදෙන. ගායනය දයාරත්න රණතුංග.

2. බයෝකාරයින් (zoology) ගේ ආදර ගීතය?
මහද නමැති වන බඹරා ලංවී කනට ඔඹේ ආදරේ කියයි මෙසේ..හ්ම්, හ්ම්, හ්ම්, හ්ම්.

3. ආට්ස්කාරයින් ගේ ආදර ගීතය?
සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධ්‍යා කඳුවැටි භූමි විසමතා, දාසෙන් මහසෙන් ගැමුණු විජයබා
(අහල නැති අයට- ඕක ලව් සෝන්ග් එකක් තමයි)

4. කොමර්ස්කාරයින් ගේ ආදර ගීතය?
බොහො කෲරයි අහෝ ලොව ධර්මේ මිල කලේ ඇයි ඔබ ප්‍රේමේ?

කැම්පස්කාරයෝ ගැන හිතලා මෙන්න මේවත් එකතු කරන්න පුළුවන්.

5. ඉංජන් ගේ ආදර ගීතය?
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලමා සාදා බලා සිටිනවා - ප්‍රියා සූර්යසේන

6. මෙඩ්ඩන් ගේ ආදර ගීතය?
හර්දේ රස මාලිගේ...ප්‍රීතිවේ මා හදේ

7. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?


8. ඩෙන්ටන් ගේ ආදර ගීතය?
මුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා

9. ඇග්‍රන් ගේ ආදර ගීතය?
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ

10. වෙටා ලා ගේ ආදර ගීතය?
රැලකින් තනිවී වන මැද සරණා කැකුළු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දල යුවලක් වාගෙයි මට ඔබගේ ප්‍රේමේ

11. සයන්ස්කාරයින් (geology) ගේ ආදර ගීතය?
මට මුළු ලොවම ඔබයි - රූකාන්ත චන්ද්‍රලේඛා

12. පුරා විද්‍යාකාරයින් ගේ ආදර ගීතය?
ඔබේ ආදරේ දෙවන පෑතිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ...

මේ රිඩල්ස්වලට දවස් ගානක් ගියා. ඔන්න මීලඟ පෝස්ට් එක නං සින්දුවක් ගැන. පදමාලාව සහ එම්.පී.ත්‍රීත් එක්ක!

-කතන්දරකාරයා

25 comments:

  1. this makes me laugh ............... thumbs up !

    ReplyDelete
  2. කතන්දර,
    "සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද"
    අවුරුදු ගාණක් තිස්සෙ ගී පද විතරක් කියවල එකම වතාවක් අහන්න හොයන සින්දුව මේ...
    පුළුවන් නම් මේ සිංදුව එකම වතාවක් අහන්න හොයාගන්න විදියක් කියන්න....

    ReplyDelete
  3. එගොඩත් මෙගොඩත් - පුන්සිරි සොයිසා...නේද?

    ReplyDelete
  4. තේරුනේ දැන් තමයි.......

    ReplyDelete
  5. එම්.පී.3 එකකුත් දෙනවා කිව්වා.

    ReplyDelete
  6. වේජනා අක්කා කිවුව දේ ඇත්ත.මමත් ඒ සින්දුව නම් අහලා නෑ.

    ReplyDelete
  7. IT ayage sinduwa
    "email kavikariye" by Athula

    ReplyDelete
  8. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා කියන සින්දුව කියන්නේ පුන්සිරි සොයිසා මයෙ හිතේ..

    ReplyDelete
  9. අම්මප බං උඹටත් හිතෙන දේවල්..... එල එල......
    කිවුවත් වගේ "සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද" කියන සිංදුවෙ MP3 එක හොයල දාපන් මචෝ....

    ReplyDelete
  10. ලෝ ෆැකල්ටි ගීතය
    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්-විජය

    ReplyDelete
  11. ටිකක් එහාට, ඒ කියන්නෙ වෘත්තීය මට්ටමට ගියොත් අපිට මේ ගීත හමුවෙනවා,

    1. Anaesthetist
    නිදන්න ඔබ නිදන්න......

    2. Eye Specialist
    ඔබේ දෑස දැක ගත්තෙමි...............
    නීල නුවන් යුග කවියක් විය...........
    දෑස නිලුපුල් තෙමා...........

    3. E.N.T. Surgeon
    සවන් පුරා පිරීලා වස්දඬු රාවේ..........

    4. Cardiologist
    හදවත ඉල්ලා........
    හදවිල කලඹන පෙම් ජල රේඛා........

    5. Haematologist
    ලෝහිත ගංගා ගලා ගියාවේ........

    6. Meteorologist
    හිත මිතුරු සුලඟ........
    වැහිදිය බිම තෙමුවට........

    7. Geologist
    මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී..........

    8. Agriculturist
    අඹ දඹ නාරං කෙසෙල් දෙල්.......


    9. Jailor
    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්....
    හද ලෙන් දොර වසනු මැනැවි මා එහි සිර කරලා......


    10. Life Guard
    සඳලතා නඟේ ගඟ ගැඹුරුයි........



    මාතෘකාවට අදාල නොවුනත් බුදු හාමුදුරුවෝ ගායනා කොට වදාළ එකම ගීතය දන්නව ඇතිනේ,

    යශෝධරා......යශෝධරා...... හිතේ නැඟුනු කළකිරීම......

    ReplyDelete
  12. මදැයි කොලා . . . ගිය සතියේ කඩුවක් ගිලින්න දීල ගිහිල්ල ඔන්න දැන් තමයි කඩුව එලියට ගන්න හැටි කියල තියෙන්නෙ . . . . !

    ReplyDelete
  13. @ Ano
    ඒක ආදර ගීතයක් නෙවේ.

    ReplyDelete
  14. ආට්ස්කාරයින් ගේ ආදර ගීතය?


    කතන්දර අයියේ නැද්ද මේක අහන්න කරමයක් ??

    ReplyDelete
  15. ක.ශු. ගෙ ආදර ගීතය මොකක්ද?
    මගෙ ආදර ගීතයනම් " දම්පාට හැන්දැවෙ"

    හදවත ඉල්ලා 1ක ට අපි කිව්වෙ යක්සයාගේ ආදර ගීතය කියල...

    ReplyDelete
  16. අම්මෝ.. කසූටත් මල පැනලා වගේ...
    හික් හික්.. කතන්දර පොතේ ප්‍රශ්න පත්තරයක් තියෙන කොට මොනාද නොහිතෙන්නේ...
    හරි හරි නෝ ප්‍රොබ්ලම්... ඔය සින්දු ටික ඉක්මනට දාන්ඩකෝ අහන් ඉන්නවත්....

    ReplyDelete
  17. egodat megodt sinduwa kiyanne punsiri soysa.

    ReplyDelete
  18. Nanda Malini Charulathata kiyana lesbian sinduwa "Avanhale ran diyaren"

    ReplyDelete
  19. ගිනි නිවන්නාගේ ආදර ගීතය...
    ඇවිලුනු ගිනි දැල් නිවි නිවි යද්දී - ඈ මට හමුවුවා.. - සනත් නන්දසිරි මයා

    ඉබිබාගේ ජාතික ගීය...
    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න - දීපිකා මිය

    ReplyDelete
  20. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය:- නිකං ඉන්න එපා කොහොම හරි දාපං දාපං පෙත්සම්..

    ReplyDelete
  21. සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
    වින්ධ්‍යා කඳුවැටි භූමි විසමතා, දාසෙන් මහසෙන් ගැමුණු විජයබා..meka hoyala denna ko plz

    ReplyDelete
  22. @කකා. ඒකනේ මම ඇහුවේ කකාවත්ද කියලා. ඒකේ ටිකක් ඒ ශෛලියත් තියෙනවා.
    කොහොම වුනත් හොඳම නිර්මාණයක්. මගේ ප්‍රණාමය. ඒ වගේම ඒ පෝස්ට් දෙකේ කමෙන්ට්ස් වල තව අදහස් ගොන්නක් තියෙනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.