
මට මතකයි මං ඒ ලෙවල්ස් කරල වාත වෙවී ඉන්න කාලෙද කොහෙද එක දවසක් ගියා යාළුවෙකු ගෙ ගෙදර නිකං ගිහින් එන්න.
පොර මාව පිලි අරගෙන කිව්ව වාඩි වෙන්න කියල. ඒ ගෙදර ඉස්තෝප්පුවක් නෑ. කෙලින්ම දොර ඇරෙන්නෙ සාලෙට.
ඒ කාලෙ හැටියට හොඳ පුටු සැට් එකකුයි, තව පොඩි පුටු කීපයකුයි, කෑම මේසෙ, ටී.වී. එක, කැබිනට් එක යනාදී සුපුරුදු බඩු තිබුන සාලෙ.
ඔන්න මං වාඩිවෙන්න බලන කොට තමයි දැක්කෙ අර හොඳ පුටු සැට් එක සාරි වලින් වහල බව.
පුටු වහල තිබුනෙ සුදු සාරියකින් උනා න සහ මං හාමුදුරුනමක් නං ඔන්නවාඩිවෙන්න තිබුන ඒ සැප පුටුවල පිරුවට උඩින්ම.
මක්කොරන්නද? මං වාඩි වුනා බිත්තිය අයිණෙ තිබුණු සාමාන්‍ය පුටුවක, පොඩි පහේ තරහවකුත් හිතේ අරාගෙන, හැබැයි මුවින් නොබැන.
ඔය විදියට බඩු පරිස්සං කිරීම අපේ කට්ටියගෙ සිරිතක් නේ! ගෙදරට බඩුවක් ගේන්නත් කලිනුයි, ඒක වහන්න කවර මහන්නේ!!
කොට්ට වලට කොට්ට උර දානව තමා, ඒත් පුටුවලට පුටුකවර, මේසවලට මේස රෙදි, පොත්වලට පිට කවර, .. .. .., කවර දැමිල්ලෙ ඉවරයක් නෑ.
ඒ විතරක් නෙමේ දැන් කාලෙ උනත් ඔය අළුතින් පුටු ගන්නකොට ෆැක්ටරියේදී ම දාපු පොලිතීන් කවර තියෙනව නේද? සමහරු ඔය පොලිතීන් එක කීතු, කීතු ඉරිල යනකංම ඒව ගලවන්නෙ නෑ. කැතේ බෑ.
මේ වගේ අපේ අයගෙ විහිළු වැඩ ගැන කතා දෙක තුනක්ම තියෙනව. හෙට අනිද්ද දිහාට ලියන්නං.
-කතන්දරකාරයා
ප/ලිඃ
අද කතන්දරේ වැඩි ආතල් එකක් නැති හින්ද තව පොඩි කෑල්ලකුත් කියන්නං කෝ.
කවද හරි යාළුවෙකු ගෙ ගෙදර ගිහින් කතා කර කර ඉඳල ආපහු යනකං ම තේකක්වත් හම්බ වුනේ නැති නං මොකක්ද දන්නවද කරන්න ඕනැ?
යන්න නැගිටල යාළුවගෙන් අහනව මෙන්න මෙහෙම.
"මචං මේ ලඟ තියෙනවද කඩයක් හෙම?"
පොර අහයි "ඇයි මොනව ගන්නද මචං?" කියල.
"නෑ, මේ යන ගමං තේ එකක් බොන්න"!
(මට නං එහෙම කියන් වෙලා නෑ කවදාක්වත්).
කතාව ඇත්ත. අපේ ම්නිස්සු සාක්කුවෙ අඩිය අතගාලා ගන්න පුටු සෙටිය කෑම මේසෙ ඉන්දවන්න බලාපොරොත්තු වෙන්නෙ VIP උන් විතරයි. ගෙදර උන්ට වැල් කැඩුන පුටු තමා.
ReplyDeleteඕකට පලවෙනි හෙතුව මල පෙරේත කම. ( අන්තිමට දිරල ගියාම විසිකර්න්නෙත් නෑ, පිලිකන්නෙ දාල තියෙනව බල්ලන්ට ලගින්න )
අනික් හේතුව කම්මැලි කම. දවසගානෙ හොන්දට දූවිලි යන්න පිහිදානවනම් මොකා පුක ත්ව්වම මොකෝ!
තව හෙතුවක් තමා කරුමෙ. අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ..
කතන්දර මචෝ, දෙවැනි කතව නම් එල...I'll try it!
ඈයි පොටෝ ප්රෙමි කරලා ගේද්දි දාලා දෙන ඉටි කවරෙත් කටිටිය ගලවන්නේ නැහැනෙ නේ!
ReplyDeleteචැහ් :D මේ විදිහට රෙදි භාවිතා කොට පරිගනක ප්‍රවේසම් කරන දිසාපති කාර්යාලයක් තියෙනව මේ පැත්තෙ. මගේ මිත්‍රයෙක් ඒකෙ වැඩ කෙරුව. ඒ පරිගනක සදා සුදු රෙදිවලින් වහලා ප්‍රවේසම් කරන්න දිසාපතිතුමිය කටයුතු කරලා නිසා එහේ වැඩමුලු ආදිය තියෙනකොට මගේ මිත්‍රයා ගෙදරින් පරිගනකයක් අරන් යනව ඒ දවස්වල :P පොඩි එකක් නෙමේ ඩෙස්ක්ටොප් පරිගනකය බස් එකේ අරන් එනව. මොකද කාර්යාලයේ තියෙන ඒව හොල්ලන්න තියා අල්ලන්නවත් නොලැබෙන නිසා.
ReplyDeleteI know a person who took a flask full of tea and offered it to his friend and the family because he was not offered a cup of tea.
ReplyDeleteඅලුතෙං මරුටි ගත්තම සීට් කවර ගලවන්නෙත් නෑ නේ..
ReplyDeleteඔව් ඔව්... අපෙත් එකෙක් හිටිය ඔහොම. අඩුම ගානේ අර ජනෙල් වල ලියල තියන අකුරු මකන්නෙත් නෑ. අන්තිමට මිනිහට කාඩ් එකකුත් වැටුනා අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ කියලා..... LOL
Deleteහෆොයි, මාත් අනන්තවත් දැකලා තියෙනවා ඔය ජාතියේ සාරි අඳින පුටුසැට්.
ReplyDeleteඅර දෙවෙනි වැඩේ නම් මම කොරන්නේ නෑ. හයියෙන් කෑ ගහල අහනවා ඇයි මේ ගෙදර සීනී තේ කොල ඉවර වෙලාදෝ කියලා . .. . හික් හික්. ..
එතකොට තේ විතරක් නෙමෙයි කේක් බිස්කට් පවා ලැබෙනවා . ..ට්‍රයි කොරලා බලන්න බොරුනම්
සිරා කතාව මචෝ. මටත් ඕක වෙලා තියෙනවා.
ReplyDeleteදවසක් අපේ නැන්දගේ ගෙදර ගිය වෙලාවෙ අලුත් පුටු සෙට් එකක් ගෙනත් තිබුණා. හැබැයි 80000 විතර වටිනවා. අප්සෙට් එක වුනේ ඉටි කවර එක්ක තමයි තිබුණේ.
විනාඩි පහකට වඩා ඉදගෙන ඉන්න බැරි වුනා, ලිස්සලා පහලට යනවා. බැරිම තැන මම ටයිල් එකේ බිම ඉදගත්තා.
යාලුවෙක් අලුත් කාර් එකක් (ඇලියොන්) එකක් අරගෙනත් ඔය වැඩේම කරලා තිබ්බා. පැයක් විතර ඉන්නකොට පස්ස දනවා ඉන්න බෑ.
දැන් මේක හිතට ආවේ. අපේ සින්ඩියෙ ඇඩ්මින්ලා අපි වගේ අළුගුත්තේරුවො කිළුටු කරනවාය කියල සින්ඩිය පරෙස්සම් කරන්නෙත් ඔය වගේ තමයි. අන්තිමට සින්ඩිය හරිම පිරිසිදුයි. "වාඩිවෙන කෙනක්" නෑ නෙවැ.
ReplyDeleteමම නන් දවල් වෙලා වගේ ගෙවල් වලට ගිහින් මේ බත් කන වෙලාවේ මොන තේ ද කියල අහනවා :D
ReplyDeleteතව තියෙනවා remote control වල පොලිතින් ගලවන්නේ නැ :P
ReplyDeleteඕවා මොනවද, මගේ යාලුවෙක් හිටිය මකන කෑල්ලේ තියෙන ඉටි කවරෙත් ගලවන්නේ නැති! ඉතින් පුටු සෙටි ගැන කවර කතාද?
ReplyDeleteපිස්සු කේස්, පුටුවක් ගත්ත නම් ලස්සනට ඉඳගන්න තියෙන්න එපයි..ඔච්චර පරිස්සම් කරන්න නම් නොගෙන ඉන්න තිබ්බ එක හොදයි ඔයිට වඩා ,.,.,.
ReplyDelete