Sunday 21 February 2010

කතන්දර-වාලා - ටැබූ ගේ ප්‍රියතම බ්ලොග් අඩවිය?


මං කතන්දර බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ දන්න දන්න ජොලි කතන්දර බලන අය එක්ක බෙදා හදා ගෙන දුකින් පිරී මේ ජීවිත වලට පොඩි සැනසුමක් ලබා ගන්නයි.

ඒත් ඉතිං ඉඳල, ඉඳල දුක හිතෙන කතාත් ලියවුනා.

කතන්දර අස්සෙ මට ඕනැ බයිලාත් ගහල ඇරිය දන්නෙ නෑ වගේ.

මං හිතන්නෙ මලී තමයි මට කියන්න ගත්තෙ කතන්දරේ කියල. එහෙම නැත්තං දැන් බ්ලොග් ලිවීම නොකරන තුන්වැන්නී. පස්සෙ රාජකීය සම්මානෙ ලැබුනහම මට හිතුන කතන්දර ශූරින් කියල නම වෙනස් කරගන්න ජොලියට වගේ. කීප දෙනෙක් මට ශූරින් කියලත් කමෙන්ට්ස් දාල තිබුණ. ටෑබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක ලියන ටැබූ එයින් එක්කෙනෙක්. මං "කකා" කියල අත්සන් කරන එක හරි නෑ කියල ටැබූ යෝජනා කළා මට කතන්දරසූරීන් - "කසූ" කියල ලියන්න.

ඉතිං අළුත් ම නිව්ස් එක (ටිකක් පරණයි) මේකයි.

ටැබූසූරින් ලඟදි දාපු පොස්ට් දෙකකම මා ගැන ලියල තිබුණ. මුල් ලිපියේ තව බ්ලොග් කීහිපයක් ගැණ තිබුනත් ඊලඟ එකේ තිබුණු කතාවෙන් බැලුවට පස්සෙ මට හිතුනේ කතන්දර බ්ලොග් එක තමා ටැබූසූරීන් ගෙ ප්‍රියතම බ්ලොග් එක කියල. (ලියල තිබුනෙ නං, හරියටම එහෙම නෙමේ මෙන්න මෙහෙමයි: "Kathandara – (Stories) one of my favorite Sinhala blogs carry no politics. I wish I too were a story-wallah.".)

ජොලිම කතාව තමා - ටැබූසූරීන් මට අළුත් නමක් දැමීම.

ඒක තමයි කතන්දර-වාලා (Kathandara-wallah). මේක හින්දි භාෂාවේ එන, චායි-වාලා (මතකනේ ස්ලම් ඩෝග් මිලියනර්) වගේ එකක්. හින්දි වලින් කතන්දරකාරයා (storyteller) ට වලට කියන්නේ - कथाकार - Kathākāra. කතන්දර (stories) වලට කියන්නේ - कथाएँ - Kathā'ēm.

ටැබූසූරින් ගෙ පෝස්ට් එක ගැන ලිව්වෙ මා ගැන පම්පෝරි ගහන්න විතරක් ම නෙමේ!

දන්නවනෙ, මේ දවස්වල සින්ඩිකේටර් එකේ පක්‍ෂ දේශපාලනය ගැන ලියන බ්ලොග් ප්‍රධාන පිටුවෙන් ඉවත් කළ එක ගැන වාද විවාද යන බව. මං ඒක ගැන මගේ අදහස් ලියන්න යන්නෙ නෑ මෙතන.

හැබැයි මං එක වැඩක් කළා දැන් දවසකට විතර කලින් කතන්දර බ්ලොග් එකේ.

ඒක තමයි මගෙ බ්ලොග් රෝල අළුත් කරල, විශාල කරල එයින් මං කියවන දේශපාලන අඩවි වෙන් කරල ඉහලින්ම පල කළා.

හැබැයි එකක් කියන්න ඕනැ.

මගෙ බ්ලොග් රෝලෙ ඇයි ඒක දාල නමුත් මේක නැත්තෙ ආදී ප්‍රශ්ණ නං අහන්න එපා. දන්නවනෙ කොන්තනෝන ගෙ කතාව.

මං කියවන වෙනත් ගද්‍ය අඩවි ඊලඟට දාල තියෙනව. පද්‍ය අඩවිත් වෙනම දාන්නයි ඉන්නෙ. හොඳයි නේද?

කතන්දරකාරයා හෙවත් කතාකාර්-වාලා

16 comments:

  1. නම නම් හොන්දයි තමා..ඒත් කතන්දර වල්ලාහ් කිවුවම පොඩි නොගෑලපෙන තෑන් දෙකක් තීනව.
    1. වල්ලාහ්....වලා.!!..අල්ලාහ්..!!...අරාබි බශාවෙන් වල්ලාහ් කියන්නෙ "අනේද!, ඈත්තද වගේ අදහ්සක්
    2. waalah කියන හින්දි වචනෙ pronounce කරන්නෙ වාලා කියල මිසක් වල්ලාහ් කියල නෙම්.
    දූත් වාලා - කිරි කාර්යා
    චායි වාලා - තේ කාරයා
    බඩා වාලා - ලොකු කෙනා
    චොටා වාලා - පොඩි කෙනා
    උප්පර් වාලා - උඩ ඉන්න කෙනා (දෙවියන් හන්දුන්වන්න පාවිච්චි කරයී )

    ReplyDelete
  2. බහුත් ධන්‍යවාද්. ආප්කා නාම් කථාකාර්-වාලා නහි හේ; කථාකාර් රාජ් හේ.

    සිංහල බ්ලොග් අඩවියේ මා දුටු නිර්මාණශීලීම පුද්ගලයා - කිසිම තරගයකින් තොරව මකබාස්. මෑත කාලයේ ඔබේ අඩවිය මා නිතර කියවන එකක්. එය තමන්ද දිනපතා කියවන්නක්ය කීවේ 'මගේ අතීතය' http://taboosubjects.wordpress.com/2009/12/20/2234-2

    - Taboo

    ReplyDelete
  3. අනේ කසූ පොඩි වැඩක් කරන්න. මගේ අච්චාරුවේ ලිපිනය වෙනස් වෙලානෙ. http://mihisara.net/achchaaru
    ඒක පොඩ්ඩක් හදන්න හොඳේ...

    ReplyDelete
  4. කතන්දරවල්ලාහ්.... කැත නැතුව , බය නැතුව , දෙහිතක් නැතුව කිව හැකි දෙයක් ඇත්තේය...
    මාත් වැඩියෙන්ම රස විඳින, සරලතම, රසවත්ම, කෙටිම, එහෙත් ප්‍රබලතම නිර්මාණාත්මක කතා ඇති බ්ලොග් එක ඔබ සතුයි....
    සම්මානයට සුදුසු තරමටම රසය ඉහලය....
    බටර් හෝ සුදු හුණු නොවේ ..
    ජය වේවා!

    ReplyDelete
  5. කතන්දරෙ... අපිත් මිනිස්සුනෙ බන්, අපිටත් ,පෙ දෙවලුත් තව කවුරු හරි කෙනෙක් අතන මෙතන දාලා තියන වනෙ, අපිත් ඔහෙ කස්ටිය අපෙ එකෙ දාගමු. අරවා මෙව්ව්වා කියලා වෙන් නොකර.

    ReplyDelete
  6. කතන්දර රස කර කර නොකියවන කවුරුත් නැහැ මම හිතන්නේ. පැදුරක් දාලා වටේ වාඩි වෙලා ඊළඟ එක එනකම් බලාගෙන ඉන්නේ.

    මාවත් රෝලට දාගත්තට තුති වෙන්න ඕනෙ. මගේ රෝලත් අලුතින් රෝල් කරලා නෑ කාලෙකින්.

    ReplyDelete
  7. What Indika said is 100% correct. "Wallah" is an Arabic world with the meaning of "Ane" in sinhala.

    ReplyDelete
  8. @ ඉන්දික - (also Kanchana)
    බෝම ස්තුතියි. මං ඔන්න හැදුවා. ඔය බැනර් එක හැදුවෙ මං ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් තේරුම් සහ අකුරු අරං. ඒකෙ තියෙන්නෙත් කතාකාර්-වාලා කියල තමයි.

    ReplyDelete
  9. @ ටැබූ
    මකබාස් - හොඳයි ඒත් ටිකයි. දැන් අවුරුද්දකින් ලිපියක් දාල නෑ. ලිව්වෙත් තුම්මුල්ලෙ වලි ගැන නේද වැඩි වශයෙන්?

    @ All
    නැවතත් කියන්න ඕනෑ, මං මේ පෝස්ට් එක දැම්මේ මා ගැන කතා කරන්න නෙමේ, පොලිටිකල් බ්ලොග් ගැණ කියන්නයි. මේ ඒ ගැණ මගේ ප්‍රකාශනයයි.

    Thanks for your comments.

    ReplyDelete
  10. මචන් කතන්දර,

    මගෙ comment එකට ඈහුන්කන් දුන්නට thanks.
    මන් ලන්ගදි ඉන්දන් තමයි මේ බ්ලොග් බලන්න් සෙට් උනේ ලක්බිමට පින් සිද්ද වෙන්න.
    මුලු සින්ඩ්යෙන්ම හිතට ඈල්ලුවෙ කතන්දරයි, ටොපියි,පිස්සයි විතරයි (මම දේශ්පලන සත්වයකු නොවුනත් උපහාසයට කෑමත්තෙමි ).
    ඔයාගෙ කතන්දරකරයා කියන නමේ තීනව අපේ ගතියක්. ඒක කතන්දර වලත් තීනව.
    ඉතින් ඈයි මෙ Indian කාරයෙක් වෙන්න හදන්නෙ (මේකනම් අලුත්ම trend එක ලන්කාවට sorry වේවා )

    ප.ලි

    නම මොකක් උනත් බඩු හොන්දනම් බලන්න අපි ඉන්නව..ඒ නිසා දිගටම ලියන්න.

    ReplyDelete
  11. Wallah? How silly. I remember Rajpal Abeynayake trying to use this idiotic term in his Times columns for comic relief.

    We're not Indians. We should either speak proper English, and if we want any vernacular terms, we should use Sri Lankan ones, not bloody Indian slang.

    ReplyDelete
  12. කතන්දර සූරීනි,

    අපි මෙහෙම කියමු.

    ඔබේ පෝස්ට රසවත්ය. හරියට කිරි පැණි සේය. නමුත් මිරිස් කා පුරුදු අපට කටට රහට කෑම වේලකට 'සැරක්' ඕනෑය. ඒ දේශපානමය සැර දිය හැක්කේ මකබාස් වැනි ලේඛකයකුට පමණකි.

    එයින් කියැවෙන්නේ කිරි පැණි නීරස බවක් හෙම නොවේ. :-)

    ReplyDelete
  13. @ Indika
    @ Bardo
    About being an Indian - why do you try to be serious about what I write while I am am trying to be hilarious? Ha, ha!!

    ReplyDelete
  14. @ Taboo
    මිරිස් රහ කතාව එක්න මං 100% එකඟයි. මගේ ලිපියේ අරමුණ උනෙත් මගේ පොලිටිකල් බ්ලොග් රෝල ගැන කියන්න බව අමතක කරන්න එපා.
    කෑම වේල සම්පූර්ණ වෙන්නේ කිරිපැණි වලින් බව මතක් කිරීම ගැන ද ස්තුතියි.
    යෝගට් එකක් වත් කන්න ඕනැ හෙට!

    ReplyDelete
  15. නම් ගැන ඔච්චරටම මහන්සි වෙන එකේ, අපි කතන්දරට ආදරේට කියන්න කෙටි නමකුත් (සුරතල් නාමයක්) දාගත්තොත් නරකද? නයා-නාගසේන-මුචලින්ද (කෙටියෙන්- මුචා) වගේ එකක්... ඕන නම් බයිලා වගේ නමකුත් දාන්න පුලුවන්....:D.


    (විහිලුවක් කලේ, මමත් මෙකේ කතන්දර රස විඳිනවා....)

    ReplyDelete
  16. ආහ්... කසු ටත් හිටල ඉඳල ලැවෙනවා නේද පට ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.