
බොහොමයක් කන්තෝරුවල තවමත් ඉන්නව "පියන්" කියන සේවයේ නිරත වෙන පිරිසක්. මේ තමයි සාමාන්‍යයෙන් කාර්්‍යාල සේවාවේ තියෙන පහලම මට්ටමේ රැකියාව. ඒ වගෙම ඉතිං පඩියත් අඩුයි.
මේ පියන් කියන ජොබ් එක සුද්දගෙ කාලෙ ඉඳල තියෙන රැකියාවක් මං දන්න හැටියට. ටී.බී. ඉලංගරත්න ගෙ "තිලක" නවකතාවෙ තියෙන හැටියට ඒ කාලෙ ප්‍රධාන පියන් ගෙ පඩිය මූලික තලයේ ලිපිකරුවා ගේ පඩියට වඩා වැඩියි.
පියන් ල ගෙ ප්‍රධාන රාජකාරිය ඔෆීසියේ එක එක අංශ අතර ලිපි එහා මෙහා ගෙන යෑම. මීට අමතරව සුළු සුළු කඩේ යෑම් කිරීමත් කළ යුතුව තිබුණ.
කොළඹ විස්ස විජ්ජාලෙ සරත් විජේසූරිය ලොක්ක ගෙ "මගේ නඩුව ඉවරයි" කියන නවකතාවෙ අපූරුවට විස්තර කරල තියෙනව ලොක්කන් ගෙ ජඩ වැඩ වලට පියන් ල ව යොදා ගන්න හැටි, නිළ බලය පෙන්නල පියන් ල ගෙ අසරණ කමෙන් අනිසි ප්‍රයෝජන අරගෙන.
අපි හුඟ දෙනෙක් දන්න විදියට පියන් කියන ඉංගිරිසි වචනය වෙනුවට භාවිතා වෙන සිංහල නම තමයි කා.කා.ස. එහෙම නැත්නම් කාර්යාල කාර්ය සහායක. ඔෆිස් ඇසිස්ටන්ට් කියල කියන්න පුළුවන් ව්‍යවහාරික භාෂාවෙන්.
අද මං කියන්න යන්නෙ මං වැඩ කරපු තැනක හිටිය කාර්යාල කාර්ය සහායක ගැනයි.
ජයසේන හරිම හොඳ මනුස්සය. වයස හතලිස් පහක් විතර ඇති. අපේ ඔෆිස් එක තිබුනෙ කොළඹින් පොඩ්ඩක් දුර පලාතක. මිනිහ වැඩට ආවෙ පොඩි මෝටර් සයිකලේක. මිනිහ කසාඳ බැඳල. පාසැල් යන දරුවො තුන් දෙනෙකුත් උන්න.
ජයසේනට ආවේණික වුනු හරිම අපූරු ලක්‍ෂණයක් තමා මිනිහ ගෙ කටේ කවදාවත් ඔව්, නෑ, බෑ, හා වගේ කෙටි වචන තිබුණෙ නෑ. මිනිහ මේ වචන පාවිච්චි කළේ කිසි ලෝබ කමක් නැතුවයි.
ජයසේන හෙට වැඩට එනවද?
ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්.
ජයසේන මේ ලියුම ගිහින් එකවුන්ට් ඔෆිස් එකට දෙන්න පුළුවන්ද?
හා, හා, හා, හා, හා.
ඔය විදියට තනි වචනෙ කතාවක් මිනිහ ගෙ තිබුනෙම නෑ.
නමුත් එක හොඳක් තිබුනෙ ඇත්තටම අපි එක පාරක් ඔව් කියන්න කලින් මිනිහට පුළුවනි පස් පාරක් ඔව් කියන්න ඒ විදියට. ඒ වේගෙන් එක පාරක් විතරක් ඔව් කිව්ව නම් අපිට නොතේරෙන්නත් ඉඩ තිබුණ.
ජයසේන ගෙ නරක පුරුද්දකට තිබුණෙ නිතරම බුලත් විට කන එක විතරයි කියලයි මං හිතන් හිටියෙ. ඒත් ඔන්න එක දවසක, එදා ඔෆිස් එකේ සැලරි ඇඩ්වාන්ස් දෙන දවස, මිනිහ ගාවින් පොඩි සුවඳක් ආව. දන්නවනෙ මොන සුවඳද කියල. මිනිහ පොඩ්ඩක් පාවිච්චි කරල හිටිය බවකුයි මට හිතුනෙ.
ඊට පහුවදා ඔෆිස් එකේ දි, ඇතුළුවෙන දොර ලඟම තිබුණු ජයසේන ගෙ මේසෙ ලඟින් යන ගමන් මං නිකමට වගේ කිව්ව මෙහෙම.
ඊයෙ ජයසේන ලඟින් පොඩි සුවඳක් ආව නේද?
මිනිහ සද්ද නෑ.
පොඩ්ඩක් පාවිච්චි කරල නේද හිටියෙ?
නෑ, නෑ, නෑ, නෑ, නෑ!
එහෙම කියපු මිනිහ මෙන්න බොලේ එක පාරටම මං නොහිතපු විදියට පරල වුනා.
සර්, මං කිසිම දෙයක් කට හරියෙ තිබ්බෙ නෑ. සර් ට සැක හිතුන නං ගුණසිංහ මහත්තයට කියල මාව මෙඩිකල් එකකට යවන්න තිබුණනේ!
මං මිනිහට කිව්ව මෙහෙම.
මේ ජයසේන මේ, මට වැඩක් නෑ ඔයා බිව්වත් නැතත්. මං නිකමට මතක් කලේ හිතවත් කමට. මට ඔහේව මෙඩිකල් ගන්න යවන්න ඕනැ නම් අද වෙනකං ඉන්නවද මේක කියන්න? හැබැයි මතක තියා ගන්න එක දෙයක්. රෑ වෙලාවකට, එහෙම නැත්නං සති අන්තයට බොනව වගේ නෙමේ මේ මහ දවාලෙ ඔෆිස් එකේ දි බොන එක.
මිනිහ කට වහ ගත්ත.
රජයේ ආයතනික සංග්‍රහය අනුව සේවා වේලාවේ බීමත් ව සිටීම වැරද්දක්. වෛද්‍ය පරීක්‍ෂණයකින් ඔප්පු උනොත් වැඩ තහනම් වෙන්නත් පුළුවනි. එදා ජයසේන කලබල වුනේත්, මට චැලේන්ජ් කරල පොර ටෝක් දුන්නෙත් ඒකයි.
මේ කතාවෙ අවසානය දුකයි. අපේ කාර්යාල කාර්ය සහායක ජයසේන මේ සිද්ධියෙන් මාස කීපයකට පස්සෙ මැරුණ.
ජයසේන මැරුණෙ කොහොමද කියල හිතාගන්න පුළුවන් නේද?
එදා ටිකක් පොද වැස්සකුත් තිබුණු රාත්‍රියක, ජයසේන මෝටර් සයිකලෙන් ගෙදර යද්දි බස් එකකට ඉස්සර කරන්න යනකොට ඉස්සහට ආපු ලොරියක හැප්පිලා. ඒ තුවාල නිසා ඉස්පිරිතාලෙට ගෙනියන කොටමත් මිනිහ මැරිල.
එදා රෑ අනතුර වෙනකොට ජයසේන ගෙදර යමින් හිටියේ යාළුවෙකු ගේ අම්මගෙ මළ ගෙදර ගිහින් ඉඳලයි. දුකටත් එක්ක වගෙ එදා කට්ටිය පොඩ්ඩක් පාවිච්චි කරල තියෙනව. ඒ කික් එකත් එක්කයි ජයසේන ගෙදර යන්න පිටත් වෙලා තියෙන්නේ.
මාර්ග අනතුරු වලට එකම හේතුව ඩ්‍රයිවර්ල මත්පැන් බීල වාහන පදවන නිසාම නෙමේ. නමුත් බීල කාර් එලවන්න, මෝටර් සයිකල් පදින්න ගියා ම අනතුරකට ලක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි වෙනව. රෝද දෙකේ වාහන වල අනතුරුදායක කම කොහොමටත් වැඩියිනේ රෝද හතරේ ඒවට වඩා.
අන්තිමේදි ඉතින් මල හිරු බසිනා සැන්දෑ යාමෙක ජයසේන අපෙන් සමුගෙන අවසන් ගමන් ගියා. බිරිඳ වැන්දඹු වුනා. දරුවො තුන් දෙනෙක් අසරණ වුනා.
එදා ජයසේන දවල් වරුවෙ ඔෆිස් එකේ බීල ඉන්න ගඳ මට දැනුන වෙලේ මං ලොක්කට පැමිණිලි කරල විනය පරීක්‍ෂණයක් තිබ්බ නම් සමහර විට ජයසේන ට මේ ඉරණම අයිති නොවෙන්න තිබුණ කියල මට හිතුණ.
ජයසේන හිටිය නම් කියයි සමහර විට ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව් කියල.
ඒත් ඒක නිකම් කල්පිත සිතුවිල්ලක් මිස කිසිම ප්‍රයෝජනයකට ඇති එකක් නෙමේ.
කතන්දර කාරයා
I am Facebook.
Add me.