Thursday 29 May 2014

ලොකේ හතර දිග්බාගෙම ඉන්න හස්බන්ඩලාට (සහ වයිෆරේලාට) ප්‍රශ්ණයක් - ඇයි එහෙම වුණේ? : For all husbands (and wives) out there!


මාර වැඩේ!

මට අමතක වුණා!

හැබැයි, හොඳ වෙලාවට මට විතරක් නොවෙයි, හාමිනේටයි මටයි දෙන්නටම අමතක වුනා.

මොකක්ද දන්නවාද?

අපි දෙන්නගේ ඇනිවර්සරි එක, එනම්, විවාහ සංවත්සරය.

දැන් මාසයක විතර කලින් දවසක දි නම් මැයි 28 දිනයේ එළැඹීමට නියමිත ඔය වෙඩින් ඇනිවර්සරි දවස ගැන මගේ මතකයට ආවා.

එදා මං හාමිනේට ඉතා වැදගත් යෝජනාවකුත් කළා වගේ මතකයි, විවාහ සංවත්සරය සැමරීම ගැන.

නමුත් අන්තිමේදී මොකද දන්නවාද වුණේ.

හදිසියේම සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා හාමිනේට ගෙදරින් බැහැරව යන්න වුණා. හාමිනේ දවස් දෙක තුනකට ගෙදර නැති වුණාම ගෙදර රාජකාරී කටයුතු කෙරෙන්නේ කොහොමද කියලා සැලසුම් කරන අතරතුරේ දී, අපේ ඇනිවසරි එක ගැන මතකය බැක්බර්නර් එකට ගිහින්.

කලින් කිව්වා වගේ මගේ විතරක් නොවෙයි, අපි දෙන්නාගේ ම මතකය අවුල් වෙලා.

මට මතකයි 2010 අවුරුද්දේ මං අපේ ඇනිවසරිය වෙනුවෙන් හාමිනේට සින්දුවක් ලිව්වා.

ඊළඟට 2011 දී නම් මේ කාලයේ නොදැනුවත්වම වගේ ලියවුනේ තරමක වැරදි කතන්දරයක්. වැරදිමත් නොවෙයි, නොගැලපෙන එකක්.

ඒකටත් එක්ක 2012 දී මං අපේ ව්ව්ඩින් ඇනිවසරිය සමරන්න හොඳම පිස්සු කවියක් ලිව්වා. මේ කවිය ජොනී වෝකර් විස්කි ගැනයි.

ගිය අවුරුද්දේ (2013) මං ලියපු ආදරබර ෆ්‍රයිඩ් රයිස් කතාව නං බොහෝ දෙනෙකු ගේ සිත් ගත්තා.

ඇනිවසරිය වෙනුවෙන් හාමිනේ ගැන ගිය වසරේ මං ලියපු කවි පන්තිය මං පල කෙරුවේ නොවැම්බරයේ දී යි.

නමුත් 2014 නිකම්ම බ්ලාස් වෙලා ගියා නොව, චැහ්!

මං කලින් දා දවල් ඉඳලා අපේ කොම්පැනියේ මාසික රැස්වීමේ වැඩවලට හිරවෙලා. ඇනිවසරි දවසේත් උදේ ඉඳලා හවස වෙන කල්ම.

හාමිනේ අල්ලපු රටේ!

ඒ නිසා දවසට ම එක පාරයි අපි දෙන්නාට කතා කරන්න ලැබුණේ. එක එස්එම්එස් එකයි හුවමාරු වුණේත්.

කොහොම හරි මේ වැඩ රාජකාරි හින්දාමද කොහෙද ඇනිවසරි එක ගැන මතකය දුරස්ත වෙලා!

ටිකක් හිතට දුකයි. ඒත් මක්කැයි කොරන්නේ? සිකුරාදා හවස වෙනකං ඉවසලා ඉන්න වෙනවා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙලෝ හතුරෙකුටවත් මෙහෙම අමතකවීමක් නොවේවා!

(image: http://www.jantoo.com/cartoons/keywords/brainstorms)

111 comments:

  1. සංවත්සරයට මගේ උණුසුම් සුභ පැතුම් ඔබ යුවලට.....!

    ReplyDelete
  2. සංවත්සර වගේද කකා රාජකාරිය.......????

    ReplyDelete
    Replies
    1. රාජකාරිය දේවකාරියටත් වඩා ඉහලයි කියලා පරණ කතාවක් තියෙනවානේ!

      Delete
  3. වයසට ගියාම ඔහොම තමයි අමතක වීම විතරක් නෙවෙයි සමහර දේවල් දැනෙන්නෙත් නෑ. අපේ සීයා පඩ අරිනවා එක වැලට පොට පොට පොට ගාලා. උන්දැට දැනෙන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. සියා පප්පාට පොල් එක්ක පාන් කන්න දීලා පානදුරේ පාළම ළඟට යවන්න. පට පට ගා පඩ යවන්න පුළුවන් වෙයි.

      (පොඩි කාලේ කත්වක් සිහිවුණා!)

      Delete
    2. හපොයි ඇනෝ , උඹ කරපු විනාසේ !
      දැන් අපිට කකාගේ ඒ කතාවත් කියවන්න ලැබෙයි .. ළඟදීම :)

      Delete
  4. මට හිතෙන්නේ කකා සහ හාමිනේ අතරේ එච්චර හොද බැදීමක් නැතිව ඇති. නැත්තන් ඔහොම වෙන්නේ නෑ.

    ඒත් නැත්තන් දැන් කකා සහ හාමිනේ දෙන්නම නාකි වෙලා හින්දා මතකයේ ගැටළු ඇති. ඒකට නං කරන්න දෙයක් නෑ කකා. නාකි වෙනකොට ඔහොම තමයි. මතකයේ දුර්වලතා එනවා. තව ඉති පොඩි පොඩි ශාරීරික දුබලතාත් එනවා. කරන්න දෙයක් නෑ. දැන්වත් පන්සලකට,පල්ලියකට ගිහිං ආගමක් දහමක් අදහන්න කකා.

    ReplyDelete
  5. කකා, ඊයේ උදේ දහයට විතර මම ඔපිස්‌ එකෙන් පැනලා ගිහිං ගියා අර අලුතින් ඇවිත් තියන 'රන්ජා' කියන ෆිල්ම් එක බලන්න. කකාට කියන්න කකා එකේ 'රන්ජා' තට්ටේ ගලා ඇවිත් ඉන්නේ. පොරගේ තට්ටෙයි,කුක්කු දෙකෙයි එක එක පච්ච කොටලා කකා. ඉතින් කකා පොර උඩ පැනලා එකක් දුන්නම මැරයෝ හත් දෙනෙක් විතර බිම.

    ආයේ කකා එකේ සීන් එකක් තියෙනවා අර කවුද නිලියක් ඉන්නේ. පියුමි බොතේජුද මොකක්ද කියලා. එන්න එය‍ා ගෝලිප් එක ගගහා,අරක්කු බොනවා කකා. මෙට ඒ වෙලේ නං අපේ රාජ්වත් මතක් උනා.

    අද නං හරි වැස්ස කකා උදේ ඉදන් අපිට. බොන්න කියාපු දවස. අද මම නිවාඩුවක් දැම්මා. ගෙදරත් කවුරුත් නෑ.මම කලින්ම භාගයක් ගෙනත් තිබ්බා. තව ටිකකින් අඩියක් එහෙම ගහලා, අපේ රාජ්ලා එහෙම ආවම පස්සේ ආයේ එන්නං කෝ තරගෙට කොමෙන්ට් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔහේ බොන්නේ සලාකෙට වගේනේ?

      ඇයි බෝතලයක් ගෙන්නේ නැත්තේ, හිත දුර්වලද? සෙන්ටිමීටරයක් දෙකක් බීලා පාලනය කරගන්න බැරිද?

      Delete
    2. බෝතලයක් ගෙන්න සල්ලි දෙන්නේ කකාගේ හාමිනේද?

      Delete
    3. ඕං ආව. උඹ නං හැදෙන්නෙ නෑ බං. ඒත් කමක් නෑ 64000ක ණයකුත් තියනව නෙව. 'රන්ජ' එකේ රන්ජගෙ කුක්කු දෙකේ ගහපු පච්චෙ නං අජූවයි. මට නං ඌ පෙනුනෙ 'සමනලයෙක්' වගේ

      Delete
    4. මං දන්නා තරමින් බෝතල් බාග දෙකකට යන ගානට වඩා බෝතලයකට යන ගාන අඩුයි.

      ඒක නොවෙයි කොකා කෝලා නැද්ද? බාගෙ ගන්න කොට කෝක් ගන්නේ නෑ නේද?

      1. http://kathandara.blogspot.com/2009/08/blog-post_14.html

      2. http://kathandara.blogspot.com/2009/08/blog-post_15.html

      3. http://kathandara.blogspot.com/2009/08/blog-post_18.html

      Delete
    5. චි කවුද කකා අරක්කු එක්ක කොකාකොලා බොන්නේ. එතකොට අරක්කු වල රහ නැති වෙනවනේ. මම නං අයිස් කැටයක් විතරක් දාලා බොන්නේ.

      Delete
    6. පුහ්! ඔන්ද රොක්ස් එතකොට ඈ?
      මෙන්න මේ කතන්දරේ යටම ෆොටෝ එකේ තියෙන්නේත් එහෙම තමයි.
      http://kathandara.blogspot.com/2011/10/being-single-parent-for-two-weeks.html

      Delete
    7. පේන විදියට ඔය වීදුරුවේ තියෙන අරක්කු ඩිංග බොන්න කකා අයිස් කැට දෙක තුනක්ම දාලානේ.(වෙරි හින්දා මට එහෙම පේනවද දන්නෑ.) ඉතින් කකා, එතකොට කකා බිලා තියෙන්නේ අරක්කු යෑ. වතුරනේ. ඔය වගේ වීදුරුවක් පුරවලා අරක්කු ටිකක් බොනවා නං මම දාන්නේ එක අයිස් කැටයක් විතරයි.

      Delete
    8. වෑඩිය අයිස් දානව නම් ඉක්මනින් බොන්න වෙනව. නෑත්නම් අයිස් දියවෙලා වතුර රහ තමයි එන්නෙ.
      Happy Anniversary KK and KH

      Delete
    9. ක කා..
      අපිට ළඟ පාත නං ඇවිල්ල හරි සමරන්ඩ තිබ්බා.. චැහ්. නැද්ද ප්‍රා ජේ.

      Delete
    10. අයිස් රහිතවම ! PM

      Delete
  6. අයියෝ කකාගේ නෝනා තාම සම්මන්ත්‍රණ වලට යනවද? අපි නම් ඕවට ගියේ ඒ ලැවල්, ඕ ලැවල් කරන කාලේ.. හැබයි ඉතින් සම්මන්ත්‍රණේ මෙහෙයවන්න ගියාද කව්ද දන්නේ නේද?

    කොහොම හරි කකාට බ්ලොග් ලියනවා වගෙම. ඩයරියක් වගේ එකක් මේන්ටේන් කරන්නත් කාළේ හරි වගේ. මොකෝ සමාන්‍යයෙන් මේ වගේ ඒවා ලේසියෙන්, මීට කලින් අමතක නොවුන හින්දා..

    ReplyDelete
    Replies
    1. ඕං ඉතින් මාතලන්ගෙ දැනුමෙ තරම.
      ස්ම්මන්ත්‍රනයක් කියපුවම මාතලන් දන්නෙ ටියුෂන් කාරයො එග්සෑම් එකට කලින් ගානක් කඩන්න කොරන සම්මන්ත්‍රන විතරමයි.

      Delete
    2. කාලෙකට ඉස්සර තිබුණු දූ දරුවෝ කියන ටෙලියේ පුන්සිරි (ජයලත් මනෝරත්න) ලොකු විභාගයක් පාස් කරා (පරිපාලන සේවා විභාගය) කියලා කිව්වාම ඩයස් මහත්තයා (එච්.ඒ. පෙරේරා) කියනවා අයියෝ ඔය හාදයා තමා ඉස්කෝලෙත් යනවාද මේ විභාග කරන්නේ කියලා!

      මතකද?

      Delete
    3. අපි නම් ඉස්කෝලේ කාලේන් පස්සෙ යන ඒවට කියන්නේ සෙමිනර්ස් කියලා...

      Delete
    4. මෙතන තියෙන්නේ මං හිතන්නේ සෙමිනාර්ස් සහ කන්ෆරන්ස් වචන දෙකේ අර්ථදැක්වීම්වල ප්‍රශ්ණයක්.

      විවිධ වෘත්තින්වල නිරත වෙන අය එකතුවෙලා තමන්ගේ පරීක්‍ෂණ ගැන හෙම පවත්වලන රැස්වීම්වලට කියන්නේ කන්ෆරන්ස් (සම්මන්ත්‍රණ) කියලායි.

      මෙන්න මේ අවුරුද්දේ December ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් (Conference).

      http://www.iciafs.org/

      සෙමිනාර් යනු පැයේ දෙකේ කේස්ය. සම්මන්ත්‍රණ සාමාන්‍යයෙන් දින කිහිපයක් පැවැත්වෙයි.

      Delete
    5. මේ කතාවත් මට මතක් වුණා...

      පුතා: මට ඉස්කෝලෙ යන්න බෑ අම්මේ..
      අම්මා: ඇයි පුතේ එහෙම කියන්නේ ඉස්කෝලෙ නොගිහින් කොහොමද?
      පුතා: අනේ මට බෑ අම්මේ... ළමයි මට එක එක නම් කියනවා... ටීචර්ලත් මට කැමති නෑ. මට යන්න බෑ.....
      අම්මා: ඒත් ඉතිං පුතා යන්න එපැයි. පුතානෙ එතන ප්‍රින්සිපල්...

      Delete
    6. කකා... ආනන්දෙට පැරෂුට් වලින් බැහැපු එවුන්ගෙ මොන කඩ්ඩද...ගඩ්ඩොන්ට ඉන්ග්‍රීසි කියලා දෙන්න හදනවද... අනෙක රෝයල් ගිය ගඩ්ඩෙක් කියන්නෙ ආයෙ ලේසි පාසු පොරක්ද... සීයට බක් ෆියට් එකකුත් තිබිලා තියනවා.....

      Delete
    7. ඇනිවසරියට සුභපැතුම්! අපිට නං ඕක අමතක වෙන්නෙ නෑ.

      Delete
    8. ආනන්ද නාලන්ද රෝයල්.........කාටද ඔය සෙමිනාර් කන්ෆරන්ස්.....මොනවද ඒ

      Delete
    9. ඕන්න කකා ඊළන වතාවෙනම් අපහාස නඩු දානවා.. ආයේ නොකිව්වයි කියන්න එපා ඕන්... සීයට නෙමෙයි අනේ බක් ෆියට් එක තිබුනේ... තාත්තට.. සීයට තිබ්බේ තිරික්කලයක්.. ඒකට හරකෙකුත් බඳිනවා.. හරකගේ පුකට පයින් ඇන්නම, තිරික්කලේ දුවනවා..

      Delete
    10. ගුතලන් ලොක්කා, ඔහේගේ පොටෝ එකක් දැක්කා මම. තමුසේ මහා ලොන්තපෝල් ඩයල් එකක් නේ ඔයි එකේ. නොදකින් විතරක්, මම හිතුවේ ආර්සී එකේ ගියා කිව්වම හොදට ඉන්න එකෙක් කියලා. මූ නිකන් ලොම්බා පී ඩයල් එකක් නේ.

      Delete
    11. ඒ උනාට ඔහේගේ ඩයල් එකට වඩ මගේ ඩයල් එක දහස් ගුණයක් හොඳයි කියලා එතන හිටපු අය කිව්වා.. ඒක ඔයාටත් ඇහුනද දන්නේ නෑ..

      Delete
    12. /ඇනිවසරියට සුභපැතුම්! අපිට නං ඕක අමතක වෙන්නෙ නෑ./

      දැන් උඹ මොකටද කකාගෙ ඇනිවර්සරි එක මතක තියාගෙන ඉන්නෙ? වෙන කරන්න දෙයක් නැත්නම් දෙකක් දාලා මම ටැබුවටත් වැටෙන්න ගැහුවා කියලා සද්දයක් දාලා චූ කරලා නිදා ගනින් අනුන්ගෙ දේවලට ඇඟිලි නොගහා.

      Delete
    13. /මූ නිකන් ලොම්බා පී ඩයල් එකක් නේ/

      එහෙම කියන්න එපා කොල්ලා මාර හැන්ඩියා. ඉස්සර කාලගෝල නාඩගමක් නටන කාලේ කාලගෝලට හිටපු එකා එක එක තැන් මිරිකන්න ආවා කියලා මෙයාම ලියල තිබුණෙ.

      Delete
    14. යකෝ මටවත් මතක නැති ඒවනේ මූට මතක තියෙන්නේ.. උඹේ මෙමරි චිප් එක දෙන්න බැරිද මචෝ මට..

      Delete
  7. අනේ පව් අප්පා...දුක හිතුණා වෙච්ච වැඩේට. ඒත් ඉතින් text messages නම් ඔයිට වඩා යවාගන්ට තිබ්බනේ.:)

    සුබ පැතුම් දෙන්නටම!!!

    ReplyDelete
    Replies
    1. මොනවද අනේ මේ ඔයා කියන්නේ?

      උදේ හයාමාරේඉඳලා හවස හයාමාර වෙනකල්ම ගෙදරින් පිට.
      අටේ ඉඳලා පහ විතර වෙනකල් ඔෆීසියේ මීටින් වල.

      මොන ඇස්ඇම්ඇස්ද? එකක් යවා ගත්තා මදෑ.

      Delete
  8. හප්පේ කකාට වෙන වැඩ...
    පුස්න ඔක්කම අමතක වෙන්නත් එක්ක හාමිනේආවාම හොද පාටියක් දාන්න අය්යෝ....

    ReplyDelete
  9. හැපී ඇන-වසරියක් වේවා..

    කකාට ඔච්චර කල් ගිහින් අමතක වුනේ.. මට නම් දැන් නම් දවසත් අමතකයි වගේ.. :)

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක්වත් ගියේත් නෑ නේද බොලේ?

      Delete
    2. වසර හයකට පෙර අපි යාලු වුණ දවසත් එයා ඇනවසරියක් විදිහට ගන්නවා නොවැ.. :ඩී

      Delete
  10. Replies
    1. අමතක වුනේ දිනේ පමණේ
      ඔබව අමතක නැත පනේ
      දිවිගමන් මග එක්ව යන්නට
      පතමු ඇනිවසරියේ දිනේ ... කියලා කතන්දරහාමිනේ එක්ක පොඩි පාටියක් දාන්න කකා

      ඔන්න අපේ උණුසුම් සුභ පැතුම් ....

      Delete
    2. ඉස්තුතියි කිව්වා!

      Delete
  11. හැපී අනිවසරි කකා

    ReplyDelete
  12. ඒකත් හොදයි කකා. මොකද 2014 හොදට මතක හිටීවි.. හැපි ඇනිවැසැරියක්..

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි, අමතක වෙන්න ඕනෑ, අමතක නොවෙන්න!

      Delete
  13. අපේ නම් අමතකවීම් වැඩියෙන් වෙන්නේ හාමිනේට නිසා අවුලක් නැහැ. අපෙත් ඇනිවසරියක් අමතක වෙලා මතක් වුණේ අපේ අක්කා මතක් කලාට පස්සෙයි. අනික අපිට ඇනිවසරි බර ගානක් තියනවා.. යාළු වෙච්ච දවස, බැඳපු දවස, වෙඩිම ගත්ත දවස...

    ඇනිවසරි අමතක වුණාම 'අනිවා-සොරි' වෙන අයත් ඉන්නවා තමයි.

    ReplyDelete
    Replies
    1. මතක් උනාමත් අනිව සොරි තමයි බං මට නං

      Delete
    2. ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී!

      Delete
  14. Piriminta me wage ewa amathaka wunata ganunta amathaka wen na. Ganunta amathaka wenawa kiyanne eyata eke wadagathkamak na kiyana eka.

    ReplyDelete
    Replies
    1. ඒකනේ පිරිමින්ට ඔය එකක්වත් වැදගත් නෑ...

      Delete
    2. ඇනී @ 29 May 2014 09:04

      ගැහැණු වර්ග දෙකකි.

      ඔබ වැනි එලෙස වැදගත්කමක් නොදැණෙන ගැහැණු සහ අනෙක් අය.

      Delete
  15. මම හරිනම්, මේ කතන්දරගෙ 22 වනි විවාහ සංවත්සරේ.සංවත්සර අමතකවීම නම් වැඩ බහුලවීම නිසා සිදුවන්නක්. හැබැයි හොඳම වැඩේ ඔය birthdays, anniversaries වගේ දේවල් තමන්ගෙ smart phone එකේ reminders විධියට දා ගැනීම. දැන් මං හිතන්නෙ උසස් පෙල කරපු (හෝ කරන ) නාඹර දුවෙකුයි, සාමාන්‍ය පෙල කරන පුතෙකුයි ඉන්න ඕනෙ. හැබැයි දූ පොඩ්ඩවනම් බේර ගන්න වෙනවා, මොකද මේ බ්ලොග් එක බලන එවුනුත් ඉව අල්ල අල්ල ඉන්නෙ. මොනවා වුනත් කතන්දර, 90 මුල් භාගයෙ දුප්පත් අහිංසක පෙම්වතාගෙ චරිතෙ, දැන් පොහොසත් ඉහල සමාජෙ පෙම්වතියගෙ තාත්තගෙ චරිතෙ. හැබැයි මේ දෙකේ සමානකමකුත් තියෙනවා, මොකද පෙම්වතියව දුෂ්ඨයගෙන් බේර ගැනීම තමයි මේ දෙන්නගෙම අරමුණ. කතන්දරගෙ විවාහ සංවත්සරයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!
    අකිල

    ReplyDelete
    Replies
    1. පරණ තාලේ කතාවක්, කාලෙකින් පස්සේ ඇහැව්වේ!

      Delete
  16. එදාට විතරක් නෙමේ හැමදාටම සුභ පැතුම් එක්කරමි

    ReplyDelete
    Replies
    1. අද හවස ඉඳලා හැමදාම නත්තල්!

      Delete
  17. ගොඩාක් වෙලාවට, දෙන්නා දෙ-මහල්ලෝ එදා වගේම ආදරෙන්, සන්තෝසෙන් දේවල් බෙදාහදාගෙන ජීවිතේ ගෙවන කොට ඔය ඇනිවසරි, බර්ත්ඩේස් වගේ ඒවා එච්චරම වැදගත් නැති හින්දා වෙන්න ඇති, දෙන්නාටම අමතක උනේ. අපේ අම්මලා තාත්තලා ඕවා කරාද කියලා මටනම් මතකයක් නෑ..මොකෝ ඒගොල්ලෝ තාමත් කුරුලු ජෝඩුව වගේ ඉන්නේ..ඒකයි මෙහෙම කිව්වේ...
    හැපි ඇනිවසරියක්ම වේවා..සිකුරාදාටම හාමිනේ ආවාම විනාඩි දහයක් විතර මූනට මූන බලාගෙන හිතන්න ඇයි අපි දෙන්නාටම අමතක උනේ කියලා...

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා කෙසේ වෙතත් අම්මා නම් නිතරම නොවැම්බර් 20 ගැන සිහි කළා!

      Delete
  18. සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා!! ඔබට ලිවීමට කතන්දර මවමින් ඇයට ඔබ ලඟ කල්පයක් කල් ආදරයෙන් සිටීමට මෙසේ සුබපැතුම එක්කරමි.

    ReplyDelete
    Replies
    1. කල්පයක්?
      හාමිනේ බුදු අම්මෝ කියයිද මන්දා?

      Delete
  19. සුභ පැතුම්... මටත් ඇන්වසරි එක මතක නෑ.

    ReplyDelete
    Replies
    1. අවුරුදු කීයක්ද මූ බ්ලොග් වලට ඇවිල්ලා... තාම අකුරු ගලපගන්න බෑ.... උඹ බහ තේරුවෙ ඉස්කෝලෙ යන කාලෙද බූරු පුතේ...

      Delete
    2. ඔහොම තමයි සංජීව, එක දවසක ඔහොම වෙනවා, බලමු ලබන අවුරුද්දේ!

      Delete
    3. ඇනේ පු$%^ නොදි පාඞුවෙ ඉන්නවාද

      Delete
    4. කාකා සමාවෙන්න, කුනුහරැප නොකියා කොහොමද මුන් වගේ ඇනේලාට.

      Delete
    5. මෙහෙමයි සංජීව-
      ඔහොම ඇනෝලා කියන ඒවා ගනං ගන්න ගියොත් බ්ලොග් ලියන්න නං බෑ. කියවලා කමෙන්ට් කරන්නත් බැරි වෙයි.

      Delete
  20. ඇනවසරියයට සුබ පැතුම් කකා. එදිනටම නැතිවුණත් සිකුරාදට හැකිනේ සමරන්න මහත් ඉහළින්ම.

    ReplyDelete
    Replies
    1. බලමු අද හවස!
      ස්තුතියි, නලීන්.

      Delete
  21. කතන්දරටයි හාමිනේටයි ෆේස්බුක් නැද්ද? නැත්නම් ඒකෙ මෙන්න මෙහෙම රිමයින්ඩර් එකක් එනවා:
    "Your anniversary with Mrs Kathandara is tomorrow" කියලා. ඊට පහලින් "Send her a message" කියලත් කියනවා :D :D

    PS : ඔය දෙන්නාටම ආදරබර සංවත්සරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ වැඩේ. ෆේස් බුක් රිමයින්ඩර්!

      මං හිතන්නේ ඔහොම එන්නේ ලයිෆ් ඉවෙන්ට් එකක් විදියට දිනය එකතු කළාම. අපි කරලා තියෙන්නේ රිලේෂන්ෂිප් එකක් දාන එක විතරයි. දිනයක් නෑ.

      ස්තුතියි!

      Delete
  22. හප්පට බොල, කකා සුබ ඇනිවසරියක් වෙවා..

    අපිට නං තාම මතකයි. පහු වෙද්දි කියන්ඩ බෑ..

    ReplyDelete
    Replies
    1. පහු පහු
      කොහු කොහු?

      නහී, නහී!

      Delete
    2. පත්තර මල්ලී බ්ලොග් එකක් ලියනවාය කියලා කොහෙද දැක්කා නමුත් මොකක්ද කියා හොයා ගන්න බැරිවුණා!

      Delete
    3. අනේ කකා මං බ්ලොග් ලියන්නෙ නෑ කකා.. අපේ අටං අයියා මට එකක් අටෝලත් දුන්නා.. ඕං ඔහෙ තියනවා එක පෝස්ට් එකක්වත් නෑ කකා.. බොහෝම ස්තුතියි ඇහුවට..

      Delete
  23. රාජකාරිය එක පුද්ගලික දේවල් දෙක එහෙම නේද කකා.
    එහෙනං කතන්දර යුවලට සුබ ඇනිවසරියක් වේවා කියල මමත් පතන්නම්.

    ReplyDelete
    Replies
    1. නෑ ඇත්තටම අපේ වැඩපොලේ නම් කියන්නේ ෆැමිලි ෆස්ට් කියලායි.

      වැඩට ගියත් සේෆ්ටි ෆස්ට්.

      Delete
  24. ඇනිවසරියට අපෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
  25. කන්ඩ බැරි වැඩේ කියන්නෙ දවස් දෙක තුනකට කළින් මතක් වෙලත් ආයෙත් නියමිත දවස වෙනකොට අමතක වෙලා යන එකනෙ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ හෙනහුරෝ?

      Delete
  26. සුබ පැතුම් අපෙත්...!!!!

    ReplyDelete
  27. ඇනිවසරි කියන්නෙ ගෙදරනම් වයිෆ් බයිට් හදනවා අපි බොනව වගේ එකක්නෙ නේද?අපේ ගෙදරනම් එහෙමමයි මොක තිබ්බත්.දුව හමුබ වෙන්න ඉන්න කාලෙ පට්ට අමාරුවෙන් හිටිය නිසා මම ඒවා මේව කඩෙන් ගෙනත් ඒවා බලා ගෙන හැදුවා.ඒත් ඉතිං බර වියදම් වීසි කරන්න වෙනවා.මාව පිච්චෙනවා.ජංජාල ගොඩයි.
    කොහොම හරි සංවත්සරයට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද?

      අළුත් නාට්‍යය සාර්ථක වේවා කියා පතමි!

      Delete
  28. ඇයි අනේ බ්ලොග් ලියන්න කියවන්න පුලුවන්නම් එයාට msg දෙක තුනක් වත් යවන්න තිබුනනේ ඔයාට. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. මගේ බිත්තිය ලියන පැතුම් අයියත් අනිවසරි එක ගැන ලියලා තිබ්බා ඊයේ රෑ

    ReplyDelete
    Replies
    1. ළමයෝ මේ අමතකවීම මතක් වුනේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා.

      ඒ වෙලාවේ මොන ඇස්ඇම්ඇස් ද?

      මේ පෝස් ටික ලියලා ඔටෝ පබ්ලිෂ් වෙන්න දාලා නිදා ගත්තා.

      පහුවදා ඇස්ඇම්ඇස් එකක් දැම්මා බ්ථලොග් එක කියවන්න කියලා.

      Delete
  29. ඇනිවසරි එකට සුබ පැතුම්.

    ReplyDelete
  30. කතන්දර ඇනිවසරියට අපෙනුත් සුභ පැතුම්......

    අපේ නමත් දාගන්න. අපිත් එනවා පාටියට................ අපි කෑවට බිව්වට සද්දේ නෑ........... ෂුවර්
    ...

    ReplyDelete
    Replies
    1. වාන් පාටියක් තමයි තියෙන්නේ.

      Delete
  31. පුදුමේ කියන්නේ ඔය වගේ දවස් ඩිමාන්ඩ් කර කර ලියන කකාටම මේක අමතක වුනා කියන එකනේ.

    සුභක් එහෙනම් දෙන්නටම.... !!!!!

    ( අනිවාර්යෙන් කකා නෝනේ බ්ලොග් බලනවා වෙන්න ඕනේ ඒකනේ සමාව ඉල්ලීමක් වගේ පේන්නේ... හා හා...)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රංගි.
      සෆාරිවලින් සිංහල යුනිකෝඩ් පේන්නේ නැතිලු!
      අර ඇනී ගේ කමෙන්ටුව විතරයි දැකලා තියෙන්නේ.

      Delete
  32. විවාහ සංවත්සරේට හදවතින්ම සුබ පැතුම් කකා…

    ඔය ආදරය සදා කල් පැවතේවා……!!!

    ReplyDelete
    Replies
    1. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!

      Delete
  33. නලින්ට තමන්ගේ ලිපිය සොයාගැනීමට බැරිවීම බණ පදයක් සිහිකළා!



    ඕ යේස් නලින් අයියා.. කැමරමන්ලා දෙන්න තමා වෙඩිම හැන්ඩ්ල් කරන්නේ.. කපල් එකට තියෙන්නෙ පොටෝ වලට විරිත්තං ඉන්ඩ !!!


    Naleen Dilruksha samakayawateMay 27, 2014 at 4:00 PM
    කකා මගේ පරන පෝස්ට් හා පරණ පිංතුර සියල්ලම වැනසී ගියා මෙයිට ටික කාලයකට පෙර. එයින් පසු සොයාගන්න නොහැකියි ඒවා. ගූගල් මැසේජ් එකක් ආවා බර වැඩියි මේවා මකන්න කියලා මාත් මැකුවා. අවසන මගේ ලෝගෝව පවා නැතුව ගියා. ලෝගෝව යළි දාගත්තෙත් වෙන අයෙකු ළග එය තිබි මා වෙත එවීමෙන් පසුවයි. මගේ මුල් පෝසට් එකකවත් දැන් පිංතුර නෑ.

    අනිත් කාරණය පරණ ලිංකු සොයාගැන්මට ඔබ තරම් සමත් කම් දක්වන්නෙක් නෑ. ඒ ගැන උවදෙස් ටිකක්ද බලාපොරොත්තු වෙනව. හැකිනම් ඒ ගැන මට මේලක් දාන්නකෝ. සොයාගැන්මට සරළම ක්‍රමය. දැනට මම සොයන්නේ අදාල දින වකවානු අනුව ගොස් සර්ච් කිරිමෙන් එය තරමක් අසාර්ථකයි.

    Naleen Dilruksha samakayawateMay 29, 2014 at 5:54 PM
    සිද්ධිය මතකයි.... ඒත් එය ලියු කාලය අමතක නං හොයන්න අමාරුයි. හේතුව පැරණි ලිපි තියෙන්නේ ඒ ඒ වසර හා මාසය අනුවයි මගේ එකේ නං ඉතින් හරියටම ඒ අදාළ මාසය විවෘත කරන්නම වෙනවා. ඉතින් මාසය අමතක නමි හොයන්න කරදරයි.

    මේ ගැන ඔබ දන්නා දෙයක් පවසන්න කකා...

    ReplyDelete
    Replies
    1. මා සිතුවේ බ්ලොයේ ඇති ලිපියක් ඔබටම සොයා ගන්න බැරි ඬුණාය කියායි.

      1. archive.org ආර්කයිව් අඩවයේ බලන්න.
      https://web.archive.org/web/*/http://samakayawate.blogspot.com.au/

      2. විටින් විට බ්ලොග් එක බැක්අප් කර ගන්න.

      3. මා නම් ලියන හැම කතන්දරයක් ම මුලින් ලියන්නේ වර්ඩ් වලයි, එනිසා සෑම ලිපියක් ම මා ළඟ තියෙනවා.

      Delete
    2. බ්ලොග් එකේ තියෙන ලිපි සර්ච් කරන්න පුළුවන් ටෙම්ප්ලේට් එකට සර්ච් බටන් එකක් එකතුකර ගැනීමෙන්, නැතිනම් කෙලින්ම ගූගල් වලින්.

      මගේ බ්ලොගේ නලීන් දාපු කමෙන්ටුව අනුව මං මුලින් මා ඒ කතාව කියූ තැන හොයා ගත්තේ කෙලින්ම සර්ච් කරලායි.

      මෙන්න මෙහෙම:
      Click Here

      Delete
  34. අහලා තියෙනවා නේද, නෝනගේ උපන් දිනේ හරි විවාහ සංවත්සරේ හරි අමතක නොවෙන්න නම් කරන්න ඕනි එකම දෙයයි . එක වතාවක් අමතක කරන්න ඕනි . කතන්දර යුවලට උණුසුම් ශුභ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව.

      මෙන්න හාමිනේ ගේ උපන් දිනේ අමතක වෙච්ච දවස ගැන කතන්දරේ.

      http://kathandara.blogspot.com/2011/07/married-men-out-there-dont-forget-your.html

      Delete
  35. හැපි ඇනිවසරියක් වේවා කතන්දර ජෝඩුවට!!

    ReplyDelete
  36. ජෝඩුව ටම සුබ අනාගතයක් වේවා...

    ReplyDelete
    Replies
    1. සුභ අනාගතෙය ඉතිං කොහෙමාටත් හොඳයි නේන්නං සමස්ත පවුල් සංස්ථාවටම.

      Delete
  37. වාසනාවට වගේ දෙන්නටම අමතක වුනේ.. නැත්නම් ඉතින් ඉදලා හමාරයි.. කොම වුනත් සුබ ඇනිවසරියක් වේවා දෙපලටම..

    ReplyDelete
    Replies
    1. දෙන්නාටම අමතක වුණු එක ඇත්තයි,
      හැබැයි මටයි ඉස්සෙල්ලාම මතක් වුනේ!

      Delete
  38. වෙලාවට පවුලටත් ඒක අමතක උනේ.නැත්තං නේ යම යුද්ධේ පටං ගන්නේ.දැං ඉතිං දෙන්න දෙන්නට සමාව දීලා, පොඩ්ඩක් අඬලා දෙන්නට දෙන්නා ඉඹලා පරක්කු වෙලා ඇනිවර්සරිය සමරන්ඩනේ තියෙන්නේ.

    ReplyDelete
  39. හිතන්න එපා.ලබනපාර ලොකුවට කරමු

    ReplyDelete
  40. මටනම් තාම වෙඩින් එකක්වත් ගන්න බැරි උනා නෙව, ඇනිවසරි තියා ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.