Friday, 23 May 2014

සම-සෞඛ්‍ය ශිෂ්‍යයින් සමග විනාඩි පහක් - Equals and unequals!


විශ්ව විද්‍යාල සම-සෞඛ්‍ය (Allied Health Sciences) කේස් එක ඇදි ඇදි ගිහින් අන්තිමේදී ශිෂ්‍යයින් පිරිසක් ලඟදී දවසක පොලිස් "මිනිමම් ෆෝස්" පහරදීම්වලට ලක්වෙලා ය කියලා පත්තරවලින් ආරංචි වුනා. හරිම කණගාටුදායක, නමුත් පුදුමයක් නැති පුවතක්!

එදත්, අදත් කවදත් විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්ණ තිබුණා!

අපේ කාලේ තිබුණු උං ගේ ආණ්ඩුවෙන් ඒ ප්‍රශ්ණ විසඳුවෙත් දැන් කාලේ ඉන්න මුං ගේ ආණ්ඩුවෙන් ප්‍රශ්ණ විසඳනවා වගේම ඉතාම සුමුදු සුසිනිදු "මිනිමම් ෆෝස්" ක්‍රමවේදවලින් තමයි.

උනුයි, මුනුයි නැතුව අරුං ආණ්ඩුවක් පිහිටෙව්වා වුනත් ඔය ප්‍රශ්ණ විසඳිල්ලේ වැඩි වෙනසක් වේවි ය කියලා මං හිතන්නේ නෑ.

සමහරවිට උනුයි, මුනුයි නැතුව අරුං ආවොත් ඔය වගේ ප්‍රශ්ණ ඇති වෙන එකක් නෑ ය කියලා කෙනෙකුට කියන්න පුළුවනි. නමුත්, ඇත්තටම කියනවා නං අරුං ආවොත් කොහොමටත් ඔය තියෙන නිදහසවත් නැති වෙන බවයි මගේ අදහස. මොකද අරුං යටතේ (ඉස්සර විදියට නං) තියෙන්න පුළුවන් එක මතයයි, ඒකට විරුද්ධතාවයක් තියෙන්න කිසිම විදියක් නෑ!

ඒ වල්පල් මොනවා වුණත්, මෙන්න මං කියන්න පටන් ගත්තු කතන්දරේ.

දැන් සති තුන හතරකට විතර කලින් දවස්වල මං ගියා පේරාදෙනිය පැත්තේ ඔය පරණ ජෙට් එන්ජිමක් හෙම නරඹලා එන්නයි කියලා. ඔය අතරේ, ගලහා හන්දිය ඉස්සරහිනුත් තුන්-හතරපාරක්ම යන්න ඉඩ ලැබුණා.

ඒ යන අතරේ දී තමයි මං දැක්කේ ගලහ හන්දියේ පැවැත්වෙන ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය.

අන්තිම දවසේ දී මට පොඩි ඉඩක් ලැබුණා ඒ ලඟට ගිහින් විනාඩි පහක් විතර මේ උපවාසකරුවන් සත්‍යග්‍රහකාරයින් එක්ක කතා කරන්න. මෙන්න අපේ දෙබස මට මතක හැටියට.

මම- මොකක් ගැනද මේ විරෝධතාවය?

ශිෂ්‍යයෙක්- මෙහෙමයි, දැන් අපේ සම-සෞඛ්‍ය පීඨයේ දෙවෙනි තුන්වෙනි අවුරුදුවල ඉන්න අයියලා අක්කලාට අවුරුදු හතරේ පාඨමාලාව කරන්න දෙන්නේ නෑ. ඒක වෙනස් කරන්න කියලයි අපි මේ උපවාසය සත්‍යග්‍රහය ගෙනි යන්නේ!

මම- ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පවුල්වල අයියලා, අක්කලා මේ පාඨමාලාව කරන හින්දා ද ඔය අයත් මේ පාඨමාලාව තෝරා ගත්තේ.

වෙනත් ශිෂ්‍යයෙක්- නෑ, අංකල්, අපි විශ්ව විද්‍යාලේ සීනියර්ස්ලාට කියන්නේ අයියලා අක්කලා කියලයි. ඒ අය අපේ පවුල්වල අය නොවෙයි

මම- එතකොට මට අංකල් කිව්වේ ඇයි? අංකල් කියන්නේ විශ්ව විද්‍යාලයෙන් අවුට් වෙච්ච අයටද? කොහොමද ඔය අයියලා සහ අංකල් ලා වෙන් වෙන විදිය තීරණය කරන්නේ? අයියා කෙනෙක් අවුට් වෙලා අවුරුදු කීයක් ගියාමද අංකල් කෙනෙක් වෙන්නේ?

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- දැන් ඔය සම-සෞඛ්‍ය විද්‍යා පීඨය (Faculty of Allied Health Sciences) මං මෙහේ ඉන්න කාලේ තිබුණේ නෑ. ඒකේ ඉගෙන ගන්න අය මොනවාගේ රැකියාවලටද යොමුවෙන්නේ.

ශිෂ්‍යයෙක්- සෞඛ්‍ය සේවයේ හෙදියන් සහ දොස්තරලා අතර තියෙන හැම සේවාවකටම පිරිස් පුහුණු කරන්නේ මේ සම සෞඛ්‍ය පීඨ පාඨමාලාවලින් තමයි.

මම- එතකොට, මේ සම-සෞඛ්‍ය පීඨ පිහිටුවන්න කලින් ඒ ජොබ්වලට පිරිස් පුහුණු වුනේ කොහොමද?

ශිෂ්‍යයෙක්- ඒ අය රැකියාවලදීම පුහුණු වුනා!

මම- ඇයි, දැන් එහෙම කරන්න බැරිද?

ශිෂ්‍යයෙක්- නමුත් හැම දෙයක්ම දියුණු වෙන්න ඕනෑ නේ.

තවත් ශිෂ්‍යයෙක්- මෙහෙමයි, මීට අවුරුදු හතරකට(?) කලින් A/L කෙමිස්ට්‍රි පේපර් එකේ ලකුණුවල පොඩි වරදක් සිද්ධ වුණා. ඒ නිසායි, මේ සම-සෞඛ්‍ය විද්‍යා පීඨ පිහිටෙව්වේ!

මම- ඒ කියන්නේ මේ සම-සෞඛ්‍ය විද්‍යා පීඨ පටන් අරගෙන තියෙන්නේ වැරදීමකින් එහෙනම්?

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- පුතා, ඔයගොල්ලෝ මීට වඩා හෝම් වර්ක් කරලා එන්න ඕනෑ මේ වගේ ප්‍රශ්ණවලට උත්තර දෙන්න.

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- හොඳයි එහෙනං ජයවේවා. මං ගියා!

මට තිබුණු විනාඩි පහ ඉවර වුණු නිසා මං එතැන තිබුණු ආධාර පෙට්ටියට සල්ලි කොලයක් ඔබලා ආපහු එන්න ආවා.

-කතන්දරකාරයා

ප/ලි:
කෝකටත් කියලා, මං එතැනදී ගත්තු ෆොටෝ එකේ කොල්ලන් ගේ මුණු තියෙන හරිය කපලා දැම්මා.

137 comments:

  1. ඇත්තටම මේ සම සෞක්‍ය උපාධිය මොකක්ද?
    අවුට් වෙන අය දොස්තරලද, නර්ස්ලද? ඒ අතරද නැතිනම් සෞක්‍ය පරිපාලකයොද?
    ඇතුලත් වෙන සුදුසුකම් මොනවද?
    සයන්ස් ෆැකල්ටි එකේ බයෝ සයන්ස් වලට වඩා වැඩි ලෙවල්ද අඩු ලෙවල්ද?
    කරුණාකර දන්න කෙනෙක් පැහැදිලි කරන්න

    ReplyDelete
    Replies
    1. අනිත් එක මේ සම සෞක්‍ය උපාධියට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?

      Delete
    2. සම-සෞඛ්‍ය විද්‍යා = Allied Health Sciences

      Delete
    3. They are not doctors.

      Delete
  2. කකා .. ඔතන හරිහමං එකෙක් හිටියෙ නැති හැටි කකාට මිනිමම් ෆෝස් පාවිච්චි කරන්ඩ !! තට්ටෙත් එක්කනේ.එක ටොක්කක් ඇති :D ඕ යේස්.

    එහෙනං කකාටත් එතනම අට්ටාලයක් ගහං පොඩියට උපවාසයක් කරන්න තිබුනා. නැද්ද මං අහන්නෙ ??


    ඕ යේස් ..

    ReplyDelete
    Replies
    1. කසුජාසෙ ත් බහිනවා ගේමට සොහොනේ එහෙනං .. ඇනෝල උපවාසෙ .. සෙල්ලං නෑ.!!

      Delete
    2. කවුද ඩෝ අපිට ගහන්න එන්නේ එතැන? ඕක අපේ වැයික්කිය නේ!

      Delete
    3. අන්න කකා . ගින්දර .. ඔන්න ඔහොම ඉන්නකෝ බොස්.. :D

      Delete
  3. මෙතන්දි බලන්න ඕන කාළයද? එහෙම නැත්නම් උපධියේ කොලිටියද? තුනෙන් ගත්තත් හතරෙන් ගත්තත් ලැබෙන උපාධිය එකම නම්, මට නම් අවුලක් පේන්නේ නෑ. මොකෝ, සම සෞඛ්‍ය නෙමෙයි, සෞඛ්‍ය සේවයේ ඉහලම එක වෙන ඩොක්ටර්ස්ලගෙත් බහුතරය දෙන බෙහෙත් වලට වඩා, ෆාමසිවල ඉන්න පොඩි කෙල්ලෝ කොල්ලෝන්ගේ බෙහෙත් අළුත් ඒවා. උපාධී ගත්තට වැඩක් නෑ. අප්ඩේට් වෙන්නෙ නැත්නම්. ඒකනේ ඔය බන්දුල ගුණවර්ධනලට එහෙම වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කැම්පස් වලට වෙලා තියෙන්නෙත් ඒකමයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඕක post graduate කරන්න බලාපොරොත්තු වෙන අයට බලපානව.
      ජපානෙනම් 4-year degree එකක් නැතුව බෑ.

      Delete
    2. ආණ්ඩුවේ රැකියා සම්බන්ධයෙන් වුණත් අවුරුදු තුනේ ඩිග්‍රියට වඩා හතරේ ඩිග්‍රියට වැඩි පිළි ගැනීමක් ලැබෙනවා.

      Delete
    3. ඒවගේම පඩිය සම්බන්ධවත්
      ඒක නිසා අවුලක් තියෙනවා මාතලන්

      Delete
    4. ඕකට ආණ්ඩුවටත් ලේසි උත්තරයක් තියෙනවා "නිකම් දෙන අස්සයාගේ දත් ගනින්න එපා බොලව්" කියලා. හැබැයි හැම එකාටම නිකං අස්සයො ලැබෙද්දි හා හැමෝම නිකම් ලැබුණු පළියට භාර ගන්න සූදානම් නොවෙද්දි එක පිරිසකට විතරක් එහෙම කියන්න බැහැ.

      Delete
    5. ඔය හැම තර්කයක්ම දැන් තියෙන තත්වය ගැනනේ. මම අහන්නේ ඇයි මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරි.

      Delete
    6. ජපානේ විතරක් නෙවෙයි ලංකාවෙත් එහෙම තමා . සමහර වෘත්තීය ආයතන සහ සංගම් අවුරුදු 3 උපාධිය පිළිගන්නේ නෑ. එහෙම එකක සාමාජිකත්වය ගන්න තව අමතර සුදුසුකම් සපුරන්න් වෙනවා එහෙම වුනාම

      Delete
    7. වෙනස් වෙන්න බැරි නෑ මාතලන් ඒ වෙනස එක තැනකින් වෙලා හරියන්නේ නෑ, ඔය හා බැඳුනු ආයතන , උසස් අධ්‍යාපන නීති , සංගම් වල සාමාජිකත්වය වගේ හැම දේම වෙනස් කරන්න ඕනේ එහෙමනම් , එක වෙයි කියලා හිතන්න අමාරුයි ,

      Delete
    8. @මාතලන්,

      උඹට හැම එකකටම හැම එකකටම හරි ලේසි උත්තරයක් තියෙනවා. ඇයි මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරි?

      මිනිස්සු වෙනස් වෙනවා තමයි. ඒත්:

      1. මිනිස්සු හැමෝම අපට ඕනැ විදිහට වෙනස් වෙන්නෙ නෑ.
      2. මිනිස්සු අපට ඕනැ විදිහට වෙනස් වුණත් ඕනැ වේගයෙන් වෙනස් නොවෙන්න පුළුවන්
      3. මිනිස්සු හැමෝම තාර්කික නැහැ (එහෙම නම් මොනවා කරන්න බැරිද?)

      ඉතින් තියෙන්නෙ විසඳුම් දෙකයි. එකක් පිස්තෝලයක් ඔළුවට එල්ල කරලා "වෙනස් වෙයන් ඩෝ!" කියන එක. ඉතිහාසයේ ඔප්පු වෙලා ඇති පරිදි මේක අසාර්ථකයි. අනෙක මිනිස්සුන්ට වෙනස් වෙන්න ඕනැ පසුබිම හදන එක. මේක දීර්ඝකාලීන අමාරු වැඩක්.

      Delete
    9. එතනදි පුරවැසියන් හැටියට අපෙත් යුතුකමක් තියෙනෙවා මේ දේවල් වෙනස් වෙන්න ඕන කියන හඬ නගන්න. මම කරන්නේ ඒ දේ..

      Delete
    10. මේ ප්‍රශ්නේ ගැන නම් දන්නේ නෑ . හැබැයි අවුරුදු හතරේ උපාධි වලට සහ තුනේ උපාධි වලට ගොඩක් රටවල තියෙන්නේ පිළිගැනීම් දෙකක් කියන එක නම් ඇත්ත. සමහර වෙලාවට honours කියන්නේ හතරක් තියෙනවා නම් මම දන්නා විදියට. අපිට අනිත් රටවල් වල ස්ටෑන්ඩර්ඩ්ස් වෙනස් කරන්න අමාරුයි නේද?

      Delete
    11. මාතලන්, ඔයා කියන්නෙ පරස්පර විරෝධී අදහස් දෙකක්.

      1. ඔයා අහනවා ඇයි පුරවැසියන්ට වෙනස් වෙන්න බැරි කියලා
      2. ඔයා ඊළඟට කියනවා පුරවැසියන් වෙනස් වීම වෙනුවෙන් හඬ නැඟිය යුතුයි කියලා.

      එකක් කියන්න. කවුද වෙනස් විය යුතු? ආණ්ඩුවද? පුරවැසියන්ද? දෙගොල්ලන්මද (එහෙම නම් කවුද වැඩියෙන්/මුලින් වෙනස් විය යුතු)

      Delete
    12. @ Maathalan
      /* සෞඛ්‍ය සේවයේ ඉහලම එක වෙන ඩොක්ටර්ස්ලගෙත් බහුතරය දෙන බෙහෙත් වලට වඩා, ෆාමසිවල ඉන්න පොඩි කෙල්ලෝ කොල්ලෝන්ගේ බෙහෙත් අළුත් ඒවා. */

      මොන මෝඩ කතාවක් ද?
      රෝග විනිශ්චය නොකරද ෆාමසිස්ට්ගෙන් බේත් ගන්නේ?

      Delete
    13. රෝග විනිශ්චය නොකර, සුඑන්සු වගේ ඒවා ගන්න පුළුවන් කකා, ඒවා නරක නැහැ. අනික ඕනෙම ලෙඩකට හොඳයි. හොරණ සුගත රසායනාගාරයේ හදන්නේ.

      Delete
    14. @ raigama

      දිව ඔසුවකි සුඑන්සු!

      ඇයි එතකොට ඩියුරෝල්, වැල්මිලෙක්ස්, ප්‍රිප්සන්?

      Delete
    15. අය ජාඇල හදපු හෝමියෝපති බේත් ජාතිවල නං මොනවාද මතකද?

      Delete
    16. ඇලි මැලි කම් දුරුකරවන
      වෑවෙන සිරුරට පණ දෙන
      ළදුනගෙ ඇති රුව වඩවන
      හෙළ ඔසුවකි සුඑන්සූ
      හෙළ ඔසුවකි සුඑන්සූ!!!

      Delete
    17. ඔය ඈලි මෑලි කම් යන්නේ, ඕවයේ තියන එක සංඝටකයක් නිසා. අර වයින් ස්ටෝර්ස් කියන පාමසි වල සාන්ද්‍රණය ටිකක් වැඩිපුර වෙන්න හදපු සුඑන්සු තියනවා. (අර "දන්නෝ දනිති" කියන කොමෙන්ටුවට නම්, මට සිනහා නොවී ඉන්න බැරි වුනා).

      Delete
    18. ආයුර්වේදේ තරලසාරේත් ඔය වගේද දන්නේ නැහැ හදන්නේ. ඉස්සර සිංහල බේත් කඩවල් වල වැඩියෙන්ම විකිණෙන්නේ තරලසාර.
      ප්‍රදීප වයින් ස්ප්‍රිතු එකත් කාලයක් නැගලා ගියා. මම ඉස්සර පොඩිකඩේක මුදලාලි කෙනෙක් ගෙන් ඇහුවා ඇයි මේ ක්‍රේට් ගණන් තියෙන්නේ, කවුද ඔච්චර මේවා ගන්නේ කියලා. ලූස් විකුණනවා වීදුරුවලට දාලා. වතුර කෝප්පයකුත් එතනම තියලා තියෙනවා ෂැන්ඩි කරගන්න.

      Delete
  4. මුල් කොටසයි,ප්‍රශ්ණ ටිකයි බැලුවාම..
    මේ අවුරුද්දේ කැන්පස් ආපු කොල්ලො කෙල්ලො ටිකක් අරූන්ගේ අරුන්ගේ අණට යට වේලා බොඩ් උස්සන් ඉන්නවාද මන්ද?
    ඒ කොහොම වුනත් සුවසේවේ වෘතීය කුහකකම් අජූතයි.

    ReplyDelete
    Replies
    1. බහුතරයක ගේ වැඩ තමන්ගේ වාසියට විතරයි!

      Delete
  5. කොල්ලෝ ටික සීනියර්ස්ලට අයියලා අක්කලා කියලා කියපු එක බයිට් එකට ගත්තු කකා, එවෙලේම උන්ට ආපහු පුතා කියල කියනකොට උන්ට මොලේ පහල උනේ නැද්ද අපි කොහොමද ඔයාගේ පුතාල උනේ කියලා අහන්න? :D

    ReplyDelete
    Replies
    1. නිකං නෙමෙයි පුතා කිව්වේ, හෝම් වර්ක් කරන්න කියලා අවවාදයත් එක්කයි.
      (මගේ පුතාට මං හැමදාම වගේ ඔය කතාව කියනවා!)

      Delete
    2. මං ඒ ශිෂ්‍යයින්ව බයිට් එකට ගන්න එතැනට ගියා නොවෙයි. ඒ අයියා මල්ලී කතාව මං කාලෙක ඉඳලා කියන කතාවක් බව මා ලින්ක් කර ඇති මේ කතාවෙන් පැහැදිලි විය යුතුයි.
      http://kathandara.blogspot.com/2011/11/comradery-or-decadency.html

      !

      Delete
    3. අනිත් කාරණය තමයි ඔය අංකල් කතාවට ඇත්තටම කේන්ති ගියා නම් මෙන්න මේ කතන්දරේ තියෙන විදියට කරන්නත් තිබුණා!
      http://kathandara.blogspot.com/2012/05/thus-have-i-heard.html


      Delete
    4. දැන් කකා ඔතැන පුතාලා විතරද හිටියේ? දුවලා හිටියේ නැද්ද? අපේ නලින්, කෙන්ජි, මාතලන් වගේ කෙනෙක් ගියා නම් මුලින්ම කතා කරන්නේ දුවලට. කකා නිසා පුතාලට කතා කරන්න ඇති.

      Delete
    5. වැඩි දවසක් නෙමෙයි ගිය දැන් දවස් තුනකට කලින් මම ඔය ටෙන්ට් එක පිටිපස්සෙ ඉන්න දුවලත් එක්ක කතා කරලා, මුදල්මය ආධාරයකුත් කරලා ආවා. එයාලා මොකට උපවාස කරනවද කියලා සමහර දුවලා දන්නෙත් නෑ. ඒ කට්ටිය තේ හදනවා ඉස්ටේජ් එක පිටි පස්සේ. උපවාස කරන අයටද කියලා හරියටම කියන්න දන්නේ නෑ. හැබයි ඉතින් මුන් නම් ගලේ ගහලවත් මරන්න බැරි දූලා පුතාලා වෙන්න ඕන. මොකෝ දවස් 150 ක් උපවාස කරලත් ආතල් එකේ ඉන්න අපූරුව.

      Delete
    6. ලෙමන් පෆ් උපවාස ගැන ආදර්ශය ඇමති කෙනෙක් දුන්නනේ

      Delete
    7. ඔන්න මං කිව්වෙ නැද්ද කිරි ගහට ඇන්නා වගේ මාතලන් ගියා නම් දුවලට කතා කරලා තමයි එන්නේ කියලා?

      Delete
    8. මාතලන්,
      උපවාසය සහ සත්‍යග්‍රහය කියන්නේ දෙකක්...

      Delete
    9. අපේ කාලෙ ඉස්කොලවල තිබුනට උසස් අද්යාපන ආයතනවල තිබුනෙ නෑහෑ අයියා-මල්ලී ආමන්ත්‍රණය.

      දෑන් ඒක ටයිට්ල් එකක් ගාණට ගිහිල්ල. ලගදී මට ඈහුන සහකාර කතිකාර්යවරයෙක් ගෑන කියනවා "එයාට සර් කිව්වට හරියටම කියන්න ඕනෑ අය්යා මොකද එයා අපේ කාලෙ ඉගනගත්ත නිසා" කියල

      Delete
    10. ඔව් ඔව් මට ඈතදි ඇහුනා බං.. මං කිව්ව කමක් නෑ මට අයියෙ කියන්ඩ කියලා :D

      Delete
    11. මීහරක් ටිකක්ද කථාකරකර හිටියේ පත්තරේ...

      Delete
    12. හරියට හරි.. උඹත් ඒ සෙට් එකේ හිටිය නේ :D

      Delete
    13. ඈයි පත්තර මල්ලි අය්යෙ කියන්නෙ මල්ලි පොඩි වෑඩිද?

      Delete
    14. //මොකෝ දවස් 150 ක් උපවාස කරලත් ආතල් එකේ ඉන්න අපූරුව.//

      මාතලන්, උඹලගෙ ගමේ කැම්පස් එකේ නොකා නොබී ( හොරාට ලෙමන්පෆ් වගේ ඒව කෑවට ඉටූ නෑ තමයි) වැතිරිල උපවාස කරනව කියන්නෙයි කකා බිබී ඉඳගෙන සත්‍යගර්හ කරනව කියන්නෙයි දෙකක් කියල දන්න උන් හිටියෙම නැද්ද එතකොට?

      Delete
    15. @ All
      මෙතන මගේ වරද තමයි උපවාසය කියා ලිවීම.

      මේක සත්‍රග්‍රහයක්. ඔය ෆොටෝ එකේ යට හරියේ තියෙන බැනර් එක බලන්න.

      හැත්තෑ හතට කලින් ජේආරුත් කරලා තියෙනවා සිරිමා ගේ ආණ්ඩුවට එරෙහිව.

      Delete
    16. ප්‍රා ජේ.. නම්බුකාර මිනිස්සුන්ට එහෙම තමා මචෝ

      Delete
  6. සම-සෞඛ්‍ය...???

    ලංකාවේ මේ හැමෝටම නෑකමක් කියලා කතා කරන පුරුද්ද එක අතකට හොඳයි. එක අතකට ගමේ ගියාම එහෙම හරි පැටලිල්ලක්. කවුරු තමන්ගේ නෑයොද කියන එක හොයාගන්ටත් බැරිවෙනවා...

    ReplyDelete
    Replies
    1. @PK
      Dermatological- health

      Delete
    2. ගමේ මොනවා කිව්වත් මෙතනදී අයියා මල්ලී කීම වෘත්තීය වශයෙන් අවුලක්.

      දැන් සම-සෞඛ්‍ය අය අවුට් වෙලා රෝහල්වලදී කතාකරන්නේත් අයියා අක්කා කියාද? උසස්වීම් දෙන්නේත් අයියා, මල්ලී අනුපිළිවෙලටද?

      Delete
  7. ලංකාවේ පරිපාලන සේවා නිලධරයකු හැටියට මගේ අත්දැකීම නම් කිසිම විට වැරද්දක් පැලැස්තරයකින් නොවැසිය යුතු බවයි. වරද වරද ලෙස හඳුනාගෙන ඊට පිළියම් කළ යුතුය. (පිළියම කොයි තරම් වේදනාකාරී වුවත්) එසේ නැත්නම් වෙන්නෙ පැලැස්තරය තවත් ලොකු වරදකට මුල් වීමය. දැන් මෙතැන රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අවුලක් නම් (මතක හැටියට එය රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ නොව විභාග ක්‍රමයේ අවුලකි.) එය එතැනදීම නිවැරදි කළ යුතුව තිබුණි. ඒ වෙනුවට දෙස්තරලාත් නොවන, හෙදියනුත් නොවන, පැහැදිළි කැටගරියකට අයත් නොවන ඊනියා සම-සෞඛ්‍ය උපාධියක් නිර්මාණය කර දීමෙන් ආණ්ඩුව කර ඇත්තේ නැති ප්‍රශ්නයක් ඇති කිරීමකි. මෙය ශිෂ්‍යයින්ගේ වරදක් නොවේ. වැඩිපුර වසරක් ඉගෙනීමට ශිෂ්‍යයින් කැමැති නම් ඊට ඉඩ සලසා දිය යුතුය. (ඊට ඉතාම සාධාරණ හේතුවක් ඉහත ඇනෝවකු විසින් දී ඇත.) මේ හුදෙකලා උදාහරණයක් නොවේ. පැලැස්තර නිසා ආණ්ඩුව අනාගෙන ඇති තැන් සිය ගණනක් මට උදාහරණ ලෙස දැක්විය හැකිය.

    ReplyDelete
    Replies
    1. මම දන්නා හැටියට සම සෞඛ්‍ය උපාදිය කියා එකක් නොමැත
      ඇත්තේ සම සෞඛ්‍ය පීඨයකි

      එහි හෙද උපාධිය ඇතුලුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල උපාධි පිරිනමයි

      වෛද්‍ය සිසුන් සහ වෛද්‍ය වරුන්ට මෙම පීඨය කඩාකප්පල් කිරීමට ලොකු උවමනාවක් තිබූ බව පේරා වෛද්‍ය සිසුවෙක්ගෙන්ම අසා ඇත්තෙමි

      මට නොවැටහෙන ප්‍රශ්නය වන්නේ , නිදහස් අධ්‍යාපනයේ ඇති වටිනාකම ගැන උදම් අනන දොස්තර පැටවුන්ම තම සහෝදර ශිෂ්‍ය කොටසකට ලැබුන ආණ්ඩුවෙන් ලබා දුන් නිදහස් අධ්‍යාපන වරමක් කප්පාදු කිරීමට උත්සාහ කිරීමයි

      Delete
    2. Asanka Udara ඔබ නිවැරදියි. ඇත්තේ සම සෞඛ්‍ය උපාධියක් නොව පීඨයකි. එහි පහත උපාධි ලබා දෙයි.

      B.Sc. in Nursing Degree Programme
      B.Sc. in Medical Laboratory Science Degree Programme
      B.Sc. in Physiotherapy Degree Programme
      B.Sc. in Radiography Degree Programme
      B.Sc. in Radiotherapy Degree Programme
      Bachelor of Pharmacy ( B.Pharm) Degree Programme

      හැබැයි එය මීට වඩා අවුලකි. මන්ද මේ රැකියා සඳහා වෙනත් සාපෙක්ෂව කෙටි ඩිප්ලෝමා පාඨමාලාද ඇති හෙයිනි. එකම රැකියාවකට උපාධිධාරියෙක් හා ඩිප්ලෝමාධාරියෙක් බඳවා ගත් පසුව ඔවුන්ට සැලකිය යුත්තේ කෙසේද? වෙනස් වැටුප් තලයන්ද, සමාන වැටුප් තලයන්ද? වසර හතරක උපාධිය හා වසර දෙකක ඩිප්ලෝමාව සමානද? අසමානද?

      ඊනියා සම සෞඛ්‍ය සිසුන් දකින්නේ මෙහි අක් පැත්තක් පමණෙකි. නමුත් මෙය ඔවුන්ට පමණක් නොව තවත් විශාල පිරිසකට බලපාන ප්‍රශ්නයකි. එක්කෝ මේ උපාධි පැහැදිළිව වෛද්‍ය උපාධියට පහළින් තැබිය යුතුය. එසේ නොවේ නම් එය සිව් වසක් කොට ඩිප්ලෝමා වලින් ඉහත තනතුරු වලට බඳවා ගැනීම නතර කළ යුතුය. රැවුලත් කැඳත් දෙකම බේරාගෙන ප්‍රශ්නය විසඳිය හැකි ආකාරයක් මට නොපෙනේ.

      Delete
    3. //"එකම රැකියාවකට උපාධිධාරියෙක් හා ඩිප්ලෝමාධාරියෙක් බඳවා ගත් පසුව ඔවුන්ට සැලකිය යුත්තේ කෙසේද? ,// මම හිතන්නේ පෞද්ගලික අංශයෙ නම් ඔය ගැන එතරම සැලකිල්ලක් දක්වන්නේ නෑ, දැනටමත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මේ විෂමතාව ඉතාම ඉහලින් අත්විඳිනවා , ඩිප්ලෝමා, සහතික පත්‍ර සහ උපාධිධාරීන් සියලුම දෙනා එකම පහසුකම් සහ වටුප්ත්ල වල සේවය කරන්වා,

      Delete
    4. පෞද්ගලික අංශය එහෙම කළාට ඉවාන් ආණ්ඩුවකට එහෙම කරන්න බැහැ. විශේෂයෙන්ම පාඨමාලා දෙකම ආණ්ඩුවෙන් කරන ඒවා නම්. ඒ දෙකම සමාන නම් ඇයි එකකට වැඩිපුර අවුරුදු ගණනක්? ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඕනැනෙ. ඔය අවුරුද්ද කැපීම මා හිතන්නෙ එක්තරා මට්ටමකට ඒ ප්‍රශ්නෙට අසාර්ථකව උත්තර හෙවීමක්.

      Delete
    5. ඔව් එක ඇත්ත මේක රාජ්‍ය අංශයේදී වෙනස් වෙනවා , රාජ්‍ය අංශයේදී පුද්ගලික අංශයේ වගේ හිතුමතේ කටයුතු කරන්න බෑ

      Delete
    6. ඔය උපාධි සෙට් එක ලංකාවට අවුල් උනාට කලාපෙ අනෙක් ඔක්කොම රටවල තීනව. ඒ නිසා දොස්තරල මේ කරන ගොබ්බ වැඩේ නතරකරන්න ඕන.

      ඊලඟට ආන්ඩුවෙන් මේ උපාධි සහ ඩිප්ලෝමා දෙකට වැටුප් තල දෙකක් හදන්න ඕන, හරියට අර පරිපූරක සහ උපාධිදාරී දොස්තරලට වගේ.

      තුන, දැනට විද්‍යාපීඨවල ක්‍රමයක් තියෙනව ඉහලම ලකුණුගන්න ශිශ්‍ය ගුරුන් ජාතික පසල් වලට යොමු කරන. අන්න ඒ වගේ ජාතික රෝහල, ශීක්ෂන සහ මූලික රෝහල් වලට උපාධිධාරීන් යොමුකරවල, ග්‍රාමීය රෝහල් වගේ අවශේශ ආයතනවල ඩිප්ලෝමාධාරීන් යවන්න ඕන.

      අනෙක මේ වෙනකොට ඩිප්ලෝමා දෙන ආයතන වලට විසාල මුදලක් වියදම් කරල ඒව යම් මට්ටමක තියෙන නිසා ඒ ආයතන දිගමට පවත්වාගෙන යන්නත්, පුහුණුවෙන් පසු ඒ අයට පුද්ගලික අංශයෙ රැකියා තෝරාගැනීමේ නිදහසත් දෙන්න ඕන.

      ඉංජිනේරු ක්ශේත්‍රයෙ මේ වෙනකොට වසර හතරෙ උපාධි සහ තුනේ ඩිප්ලෝමා වර්ග කිහිපයක් යටතෙ සේවයට එකතුවෙන අය ඉන්නව. ඉතින් එතන පුලුවන්නම් ඇයි මෙතන බැරි?

      අවසානෙට ආන්ඩුවට ලෑස්තිවෙන්න වෙනව ඔය අද සම සෞක්‍ය පීඨෙ උපාධියට අවුරුදු හතර දෙන්න කියල වැඩ වර්ජන කරන වර්ථමාන සේවකයන් සහ ඒ හතර ඉවරවෙලා සේවයට යන උපාධිධාරියො අතරෙ එන වැටුප් සහ වරප්‍රසාද වලට මුවා වෙලා අනෙකාගෙ තත්වයට/ උඅගත්කමට ඉරිසියා කිරීමේ වර්ජන වලට.

      Delete
    7. // තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මේ විෂමතාව ඉතාම ඉහලින් අත්විඳිනවා , ඩිප්ලෝමා, සහතික පත්‍ර සහ උපාධිධාරීන් සියලුම දෙනා එකම පහසුකම් සහ වටුප්ත්ල වල සේවය කරන්වා//

      මේක නම් ඇත්ත නෙවෙයි. තාමත් IT ෆීල්ඩ් එකේ වැටුප් පරාස වල උපාධිය ගන්න ආයතනය අනුව පොදුවේ ගත්තම සෑහෙන වෙනසක් තියනව. මේක හැබැයි ආණ්ඩුවෙ වගේ මේ උපාධියට මෙච්චරයි කියල පොතේ තියන එකක් නෙවෙයි මාකට් එකෙන් ස්වභාවිකව හැදෙන දෙයක්. එක්සෙප්ෂනල් කේසස් තියෙනව කලාතුරකින්. IT උන්ට ඕක ලොකු කේස් එකක් නොවෙන්නෙ කොහොමත් අවුට් වුනාම බහුතරය තමන්ගෙ ටැලන්ට් එකෙන් ඕපන් ජොබ් මාකට් එකේ ෆයිට් කරන නිසා. පොඩි තැනින් එන එකත් අවුට් වෙලා පස්සෙ සර්ටිෆිකේෂන් එහෙම අරන් එක්කො ප්‍රමෝට් වෙනව නැත්නම් වෙන හොඳ ජොබ් වලට යනව. ඉඳ හිට එකෙක් වැඩ පෙන්නල අවුට් වෙන කොටම හොඳ තැනකට එනව.

      මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙත් ආණ්ඩුවෙ රස්සා වල ඔය පොත් වල තියන රෙගුලාසි වැටුප් තල වලට හරි යන්න, ඉගෙන ගන්න උන් (තමන්ගෙ හෝ අනුන්ගෙ) උපාධි කපන්න කොටන්න යන නිසා මම හිතන්නෙ. වැටුප් තල / තත්ත්වෙ කියන දේ මේ අවුරුදු ගාන කියන එකෙන් ගැලෙව්ව නම් දොස්තරලට ඔය අනුන්ගෙ කෝසස් වල දිග ගැන ඔච්චර අමාරු වෙන එකකුත් නෑ, අනිත් පැත්තට දැන් මේ අවුරුදු තුන හතර කරන් ඉගෙන ගන්න මාර උනන්දුවක් තියන උනුත් හදිස්සි කරාවි පුලුවන් තරම් ඉක්මනට අවුට් වෙලා ජොබ් වලට යන්න.

      මිනිස්සුන්ගෙ වියදමෙන් උගන්නන මූලික කෝස් වල කන්ටෙන්ට් එක/කාලය තීරනය වෙන්න ඕනෙ රටේ අවශ්‍යතාවන් උඩ මිසක් අවුට් වෙන උන්ගෙ හෝ උන්ගෙන් බඩේ පාර වදින උන්ගෙ අවශ්‍යතා‍ව උඩ නෙවෙයි. එතනින් එහාට ඕනෙ ජොබ් එකකට career path එකක් තියෙන්න ඕන හැබැයි සුදුසු කම් අනුව ඉහලට යන්න.

      Delete
    8. මෙතන ඉන්දිකගේ අදහස්වලට මං එකඟයි. ඒත් නරසින් වගේ උපාධි නම් අවුරුදු තුනයි නේද? අනික ඔනර්ස් වලට කරන්නේ සුවිශේෂී පරීක්‍ෂණ මිස ස්කිල් ඩිවෙලොප්මන්ට් වෙන වැඩ නොවෙයි.

      මී අමතරව කළ යුතු දෙයක් වන්නේ වෘත්තීමය දියුණුව එන වැඩ පිළිවෙලවල් සෑදීමයි. උදාහරණයක් ලෙස මොරටුවේ එන්ඩීටී කළ අයට හි විභාග ලියා උපාධි මට්ටම ගන්න පුළුවනි. එහෙම නැතිනම් වෙනත් වෘත්තීමය ආයතන තියෙනවා.

      සෞඛ්‍ය ක්‍ෂේත්‍රයටත් ඒ ආකාරයේ වැඩ පිළිවෙලක් අවශ්‍යයි.

      Delete
    9. මේක පරිපුරක සහ හෙද සේවය විසින් කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමක් අනුව ලැබුනක් . මෙයට සමගාමිව විවෘත විශ්ව විද්‍යාලයේද මෙම උපාධි වැඩසටහන පටන් ගත්ත . දැනට සේවයේ ඉන්න අයත් එම උපාධිය සඳහා ඉල්ලුම් කර බඳවා ගනු ලැබුවා . රජයේ දොස්තර වරුන්ගේ සංගමය [සියලු දොස්තරලා මෙයට පාලි නැහැ ] මේ වැඩේට කොක්ක දැම්ම . වරක් දොස්තරවරු කිවා ඔවුන්ගේ ආරම්භක පඩිය අනික් සියලුම සෞඛ්‍ය සේවකයින්ගේ ඉහලම වැටුප් තලයට වඩා උඩින් තියෙන්න ඕන කියල . එහෙම කර ගත්තද දන්නේ නැහැ . නමුත් එහෙම ඉල්ලුව බව මට මතකයි. රසායනාගාර වල ,විකිරණ අංශ වල දොස්තර ලා හරියට දැන් . එයට හේතුවක් තියෙනව . වේලාසන ගෙදර යන්න . වාට්ටුවල වගේ වගකීම් නැහැ . ඉතින් දොස්තර පඩිය ගන්න ගමන් ලේසි පහසු අංශවල වැඩ කරන්න මේ ගොල්ල කැමතියි. නිසි උපාධියක් ඇතුව ඒ ඒ අංශ වල සේවකයින් එනවට මේගොල්ල අකමැතියි . තමුන්ට තියෙන මේ වරප්‍රසාද අඩු වෙයි කියල . අනික් රටවල මේ අංශ වලට උපාධි තියෙනව . අනික මේ ළමයි උසස් පෙළ හොඳට පාස් වුන අය . අපේ රටට කවදාවත් දියුණු වෙන්න බැරි මේ ආත්මාර්ථකාමී පන්ති මානසිකත්වය නිසා.

      Delete
    10. /මෙතන ඉන්දිකගේ අදහස්වලට මං එකඟයි./

      කොයි ඉන්දිකගේ අදහස් වලටද කකා? ප්‍රොෆයිල් ඉන්දිකගෙද ඇනෝ ඉන්දිකගෙද?

      Delete
    11. ප්‍රොෆයිල් Anonymous23 May 2014 17:24
      සෞක්‍ය සේවය පෞද්ගලික කරනය කිරීමට හේතු ඔබේ ලියවිල්ලේ ඇතුලේ ම තියෙනවා. මේ විකාර විෂමතා නැතිකිරීමට සහ සෞක්‍ය සේවයේ කාර්යක්ෂමතාවය , ඵලදායිතාවය වැඩිකිරීමට එකම විසඳුම ලෙස මම දකින්නේ සියලුම සෞක්‍ය වුර්තිකයන්ට නිදහස් ආර්ථිකය තුල තම දක්ෂතා /අධ්‍යාපනය විකිනීමට අවස්තාවක් ලබාදීම.

      දැනට සැබෑවටම සුළු කොටසක් වෙන ලංකාවේ දරිද්‍ර පුරවැසියන්ට රජය මගින් යම්කිසි සෞක්‍ය රක්ෂණ සේවයක් ලබාදිය හැකියි...

      Freeloaders ... දැන් මාව මරාගෙන කාපියව් ! :)

      Delete
    12. මෝඩ කතා කියන්න එපා ඇනෝ. Lab එකක සහ radiology department එකක radiographer/ MLT කරන්නේ අදාල පරීක්ෂණය කරන එක. doctor එනම් radiologist / Pathologist කරන්නේ පරීක්ෂණ සිදු කල යුතු ආකාරය (special ඒවා) ගැන උපදෙස් දී ඒවා ව්‍යදීවේදී ලෙස විස්තර කරදීම. Radiologist ල oncall කරනවා. oncall නොකරනවා නම් extra duty allowance නොලැබේ .නොදන්නා දේ ලියන්න කලින් හොයල බලන්න. ඔයත් අපේ media පොරවල් වගේ

      Delete
  8. කතාව මොනව වුණත් අපේ පාලකයන්ට ඕන කෝම හරි නිදහස් අධා්‍යපනයට කෙලවන්නඒකයි ඔය දැනෙන නොදැනෙන ගානට කෙණහිලි කම් කොරන්නෙ...

    ReplyDelete
    Replies
    1. මාළුවාගේ ඇඟේ මැක්කන් නැත.

      Delete
    2. නිදහස් අධ්‍යපනය යනුවෙන් අදහස් වෙන්නේ නොමිලේ දෙන අධ්‍යාපනයයි. එය පාසල් කාලයේදී නම් නොමිලේම නොවේ. ඔය විවිවල ඉන්නා අයගෙන් අතිබහුතරය මසකට රුපියක් දාස් ගනං ටියුෂන්වලට වියදම් කළ අයයි.

      එහෙම බැලුවාම විවිවල විතරයි නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ නේද? මොකද මා දන්නා තරමින් විවි සිසුන්ට (කුප්පි මිස) ටියුෂන් පන්ති නෑ!

      Delete
    3. ටියුෂන් වලට වියදම් කිරීමට සිදු වන්නේද නොමිලේ අධ්‍යාපනය නිසාමයි.
      මොකද කිවොට් උසස් පෙළ සමත් වී රජයේ වෛද්‍ය ,ඉංජිනේරු උපාදියක් ගන්නට බැරි එකා සමාජය ප්‍රතික්ෂේප කරනවා නම් , කෙසේ හෝ එතනට යාමට උත්සාහ කිරීමේ වරදක් කියන්නට බෑ නේද ?

      Delete
  9. අවුරුදු තුන හතර කරන්න කියල නේ ඔය ලමයි ඉල්ලන්නේ..

    ඉතිං දෙයියනේ තුන හතර කරල සැරින් සැරේ නිවාඩු දුන්න නම් අවුරුදු 4ක් සැට් වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. කොහෙද බං. අපෙ උන්ට එච්චර මොළයක් තියන එකක්යෑ. :)

      Delete
    2. සෑම් තමයි අධ්‍යාපන අැමති වෙන්න තිබ්බ්...

      Delete
    3. ඉස්කෝලේ කොහේද ??? ලග්නේ වෘෂභ ද ?

      Delete
    4. සෑම්,
      ඉස්කෝලේ කොහේද ??? ලග්නේ වෘෂභ ද ?

      Delete
    5. @ sAm

      /* අවුරුදු තුන හතර කරන්න කියල නේ ඔය ලමයි ඉල්ලන්නේ */

      නෑ, ඒ අය ඉල්ලන්නේ අවුරුදු හතර තුනක් කරන්න එපාය කියලයි.

      Delete
    6. අවුරුදු තුන, හතරක් කරන්න කියල ඉල්ලීම සහ අවුරුදු හතර තුනක් නොකරන්න කියල ඉල්ලීම මුළුමණින්ම එකිනෙකට වෙනස් ඉල්ලීම්. ජනතාව හරියට ප්‍රශ්නය තේරුම් අරගෙන නෑ.

      Delete
  10. මේකේ දි ශිෂ්‍ය්‍යන් නිකං බුරන බල්ලන් පමණක් වී ඇති බවද කකා කියන්නේ. හුගක් විශ්විවද්‍යාල අරගල එහෙමයි..

    ReplyDelete
    Replies
    1. නෑ, මේ අය තාම පොඩි ළමයිනේ, මගේ ප්‍රශ්ණවලදී ෆේල් වුනා, එච්චරයි.

      Delete
  11. අවුල මොකක් උනත් හෙදියන් උපාධි ගන්නවට දොස්තරල අකමැතියි. ඕක සෞඛ්‍ය ක්ෂේත්‍රයේම තියන අවුලක්. පහල එකා තමන්ගෙ කිට්ටුවට එයි කියල උඩ එවුන් බයයි. මේක දොස්තරලගෙ ඉඳල කම්කරුව දක්වා වලංගුයි. මතකනෙ එක සැරයක් නිල ඇඳුම් වල සමානකමක් අල්ලගෙන හෙදියන් නටපු නාඩගම.

    ReplyDelete
    Replies
    1. හැබයි සම සවුක්ක කියන්නේ නම් හෙදියෝ නෙමෙයි. ඒ උපාධිය වෙනම එකක්.

      Delete
    2. // හැබයි සම සවුක්ක කියන්නේ නම් හෙදියෝ නෙමෙයි. ඒ උපාධිය වෙනම එකක්.//


      Anonymous23 May 2014 08:32

      Asanka Udara ඔබ නිවැරදියි. ඇත්තේ සම සෞඛ්‍ය උපාධියක් නොව පීඨයකි. එහි පහත උපාධි ලබා දෙයි.

      B.Sc. in Nursing Degree Programme
      B.Sc. in Medical Laboratory Science Degree Programme
      B.Sc. in Physiotherapy Degree Programme
      B.Sc. in Radiography Degree Programme
      B.Sc. in Radiotherapy Degree Programme
      Bachelor of Pharmacy ( B.Pharm) Degree Programme

      Delete
    3. අවශ්‍යතාවය ඇති උපාධිධාරී හෙදියන්ටත් දිනක විභාග සමත් වී, පුහුණුව ලබා දොස්තරකමක් ගන්නට හැකි වැඩ පිළිවෙලක් අවශ්‍යයයි.

      Delete
    4. එවැනි ක්‍රමයක් ඇත. එනම A level නැවත කර ඉහලින් සමත් වී MEDICAL SCHOOL එකට ඇතුල් වීමයි. nursing school එකෙන් out වී Doctor wiya හැකි රට වල් නැත.

      Delete
  12. පැහැදිලිවම අාණ්ඩුවේ වරදින් සිදුවී අැති දෙයට සම සෞඛ්‍ය සිසුන් වන්දි ගෙවිය යුතුද?... පීඨය අාරම්භයේදී වසර හතරක පාඨමාලවක් තිබුණි.. අමාරුවෙන් හෝ පලමු කණ්ඩායම් දෙක වසර හතරේ පාඨමාලාව අවසන් කර අැත.. ඉන් පසු පාඨමාලාව වසර 3ක් දක්වා කප්පාදු කර අැත.. (සායනික පුහුණුවේ ගැටළු අැතැයි කිමින්) සායනික පුහුණුව ලබාදෙන්නේ රජයේ රෝහල් වලිනි.. දොස්තර සංගමය මොවුනට පුහුණුව ලබාදීමට කිසිසේත් කැමති නැත (වෘතීය කුහකතාව)..
    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් මෙම උපාධීය සිව් අවුරුද්දක් ලබා දීමට කැමතිය.. නමුත් දොස්තර සංගමයෙහි තර්ජන වලට බියවී අාණ්ඩුවේ ප්‍රතිපත්ති අකුලාගෙන අැත.. මෙතැනදී අාණ්ඩුව පාලනය කරන්නේ දොස්තර සංගමයයි... තවත් දෙයකි.. දැන් පීඨාධිපති වරුන් මෙම පීඨයන් වසාදැමීමට සැරසෙයි... සිසුන් මේවාට විරෝධතාව නොදක්වා කුමක් කලයුතද??.............................

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය නි ඇමතිය පාර්ලිමේන්තුවෙදිම පිලිගත්ත විදියට වෛද්‍යවරු කියන විදියට තමයි වැඩ කරන්න ඕන. මුන්ගෙ තර්කය තමයි හතරවෙනි අවුරුද්දට වියදම් කිරීම අපරාධයක් කියල. ඔය කතාවම තමයි හෙදියන්ට සූතිකා පුහුණුව දීම ගැනත් කියන්නෙ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන බෙහෙත් ගෙන්වීම වගේ මගඩි ගැන කතා නොකර මේ වගේ වැඩ ගැන විතරක් කතා කිරීම විහිළුවක්

      Delete
    2. වයිෆ්ට සපෝට් එකට මොනව හරි කියන්නත් එපායැ. නැත්නම් ගෙදර ඉන්නයැ.

      Delete
    3. ඇනෝ
      ඉහලින් දාපු කමෙන්ටුව දැක්කෙ නැද්ද? (තමුන්ගෙ පෞද්ගලික ජීවිතය අනුන්ට ආදේශ කිරීම හරි නෑ බං)

      Delete
    4. ඔයාගෙ වයිෆ් නර්ස් කෙනෙක්ද රාජ්?

      Delete
    5. ඇනෝ, තාර්කිකව බැලුවොත් වෙන්නෙ මේ උපාධි කරයො ටික එන්න ගත්තම රාජ්ලගෙ නෝනලට තීන තැන නැතිවෙලා දෙකේ කොලේට වැටෙන එකයි. හරියට අර ඉස්සර ලංගමේ හිටපු ඉන්ජිනේරුවන්ට උනා වගේ.

      Delete
    6. අනේ පව්. රාජ්ගෙ නෝනා දෙකේ කොළේට වැටෙනවා කිව්වම මට හරී....ඊ....ඊ....ඊ....ඊ...ඊ....ම දුකයි.

      Delete
    7. වෘත්තීය සංගම් යනු සාමාන්‍යයෙන් ගෝත්‍රවාදී සංගම් ය.

      එයිනුත් ජී.එම්.ඕ.ඒ. එකනම් අන්තිම ප්‍රතිගාමී එකකි.

      මුරුත්තෙට්ටුවේලා ගේ හෙදි සංගමයද ඊට දෙවෙනි නැත!

      Delete
  13. කකා ඔයවගේ අවදානං වැඩ කරන්න එපා. වෙලාවට කකා බේරුනේ. ඔය වසවර්තියෙක් පොල්ලකින් වත් ගැහුව නං ඔලුවට?

    ReplyDelete
    Replies
    1. උඹ ටැබුවට ගහන්න ගිහිලා කවුද උඹේ ඔළුවටත් ගැහුව වගේද?

      Delete
    2. ඔහේට හරියට රිදිල නේද මේ තාම කෑගහන්නෙ. අපි නං ටැබූ බිම තියල ආව? පව්! පැනඩෝල් පෙත්තක් බොන්න. එතකොට හරියයි.

      Delete
    3. උඹ නම් ටැබූ විතරක් නෙවෙයි බුදු හාමුදුරුවොත් බිම තියල එන්න බැරි නැති පොරක්. ඒත් නැති එකෙකුට පෙරළගෙන ගහන එක කැතයි.

      Delete
    4. රාජ්ගේ බ්ලොග් එකේ ඉස්සර නම් කියවන්න දෙයක් තිබුණා. දැන් නම් හිට්ස් ගන්නද කොහේද ඇනෝලා ටිකකට වත්ත බදු දීලා උන් ලොවි ගහෙත් නැති පිස්සු කෙළිනවා. අළුත්ම පෝස්ට් එකේ හිටු කියලා කෙමෙන්ට් යනවා තමන්ගෙ පුත්තුන්ගෙ භාර්යාවන් සමඟ සමලිංගික සම්බන්ධකම් පවත්වන අම්මලා ගැන. මේවා වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගෙ බ්ලොග් වල තියෙන්න ඕනැ දේවල්ද රාජ්?

      Delete
    5. රාජ්, මේ කෑකුණබල් සිටුවේෂන් එකක්ද?

      PM...?

      Delete
    6. ඉස්සර දේවල්ම තමයි දැනුත් තියෙන්නෙ. ඇනෝල ඇවිල්ල මොනවද කියල යනව. ඒක ගැන වදවෙන්න ඕන නෑ. අනෙක දැන් තියන පෝස්ටුවෙ කමෙන්ට් කලේ සැමට මිතුරු සහ වනිතා හඬ කියන ටොම් & ජෙරී දෙන්න නෙව.
      රාජ්‍ය නිලධාරියෙක් විදියට ලියන බ්ලොග් එකක් විතරක් නෙවේ මගේ ‍බ්ලොග.

      ප්‍රා,
      අනේ එන්න එපා අපේ පැත්තෙ. එතන තියෙන්නෙ වෙනම කේස් එකක් :-)

      Delete
    7. ප්‍රා ජේ ..

      පත්තරේ හියර් .. :D වෙඩි වගේ බඩු ටිකක් ඇරං ආවෙ .. ලා කැකුණ . මෝරපුව හෙම නෙවෙයි

      Delete
    8. Raaj, //අනේ එන්න එපා අපේ පැත්තෙ.//
      තම කෑකුණ තමන්ම තලාගෙන කන්න තරම් ඈන්ටි සෝශල් වෙන්න එපා. මම නම් ඕවට නෑති නිසා මට ප්‍රශ්නයක් නෑහෑ එන්න එපා කිව්ව්වට. ඒත් අර මල්ලිල, පිල්ලිල?

      PM,
      අඩේ කෑකුණත් දෑන් ඉටෑලියන් ආ ! La කෑකුණ !!

      Delete
    9. ඕ යේස් ප්‍රා ජේ. හැක් හැක්. La කැකුණ. මරු කතාව. :D

      Delete
    10. රාජ්, මෙතැනත් රුහුණේ වගේම කොල්ලෝ බෙදිලා ගහගෙන තියෙනවා අපේ කාලෙත් වතාවක් දෙකක්. නමුත් මොනවා වුණත් ගලහ හන්දිය මගේත් හන්දියයි.

      Delete
  14. ආණ්ඩුව ඔය විදිහටන නැති ප්‍රශ්නයක් තමයි ඇති කලේ හෙදියන්ගෙයි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙයි කතන්දරේදී

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් ඇති කරන්නම අවශ්‍ය නෑ. ඕවා ඝණත්ව ස්වායත්ත සාධක!

      Delete
  15. සාමන්යයෙන් ශිෂ්යයන් වෑඩිදෙනා ආසයි ඉක්මනට ඉගනගෙන ඉවරවෙලා රස්සාවක් කරන්න.
    ලන්කාවෙ විශ්වවිද්යාල වල හරි ආසයි පුලුවන් තරම් කල් ඉගනගනිමින් ඉන්න නේ? ඉගනීම (සහ ඉගනීම පිලිබද සටන් කිරීම ) රස්සාව ලෙස කරන නිසාද

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඉස්කෝල වල ඕව නැත්තේ.. ඔය ඉස්කෝල වලත් අවු 13 අවුරුදු 5 ට විතර අඩු කරොත් නරකද..අවුරුදු 12 න් විතර එකේ පන්තියට බාර දෙන්න ක්‍රමයක්.. :D අපේ ළමයෙක්ට වත් උදේ ඩිංගක් නිදාගත්තෑකි !!

      Delete
    2. එ් කාලෙම ඔ්ක අාවනං මාත් එකපයිං පත්තරේ...... දං නං ලමයිගේ අම්මලාට පිස්සු හැදෙයි.. ශිෂ්‍යත්ව පන්ති එක්ක යන්න නැතුව...

      Delete
    3. අපේ ගෙවල් වල උන්ට පිස්සු හැදෙයි දවසෙම අපි ගෙදර හිටිය්ත් හැබැයි. ඒ අතිං ඉස්කෝලෙ කරේ ලොකු සේවයක් ""

      Delete
    4. //අවුරුදු 12 න් විතර එකේ පන්තියට බාර දෙන්න ක්‍රමයක්..//
      PM, එතකොට අර බස්වල මාලිගා හදනවද මොකක්ද, දෙකේ පන්තියෙ ඉදල පටන් ගන්නවද?

      Delete
    5. Pra Jay
      /* ඉගනීම (සහ ඉගනීම පිලිබද සටන් කිරීම ) රස්සාව ලෙස කරන නිසාද */

      නෑ, සමහරවිට දෙමව්පිය සහ රජයේ ආධාර නිසා වෙනත් රටවල මෙන් ආර්ථික ප්‍රශ්න සෑහෙන පිරිසකට නැතුව ඇති?

      ඒ වගේම, අවුරුදු හතරේ උපාධියට පඩිය වැඩියි! පිළිගැනීම වැඩියි.

      Delete
  16. මම නම් හරි ම කැමති යි අප්පා අඩු අවුරුදු ගාණකින් මූලික උපාධිය ගන්න පුළුවන් නම්... වැදගත් වෙන්නෙ ගත කරන කාලය නෙමේ... ඒ කාලය අර්ථ සම්පන්න ව ගත කිරීම!

    ReplyDelete
    Replies
    1. නරකද කැම්පස් එකට නොගෙනම උපාධිය දීල දැම්මනං (උසස් පෙලින් පස්සේ) ... එතකොට ඔය වගේ ප්‍රශ්ණ නෑනේ... මිනිස් අවුරුදු බරගානක් ඉතුරුයි.. රජයේ වියදම කොටි ගානක් ඉතුරුයි.. ඉබේම බුද්ධිමතුන් බිහිවෙනවා..

      Delete
    2. පට්ට කතාව විදානේ. හැබෑටම ඉන්දියාවෙ නම් දැන් එහෙමයිලු. කොලෙජ් එකෙන් එලියට දාන්නෙ උපාධිත් එක්කලු. මේක මේ මාත් එක්ක වැඩකරන කේරලේ එකෙක් කීවේ. හැබැයි උන්ගෙ සහතික වලට වැඩිය පිලිගැනීමක් නෑ. ඒක නිසා මුන් අඩු පඩිවලට බුරුතු පිටින් පිටරටවල වැඩ කරනවා. පස්සෙ වැඩ කරන ගමන් වැඩ ඉගෙන ගෙන ඩිමාන්ඩ් කරනවා. උන්ට අපිට වගේ පුහු මාන්නයක් රකින්න ඕන නෑ. අහුවෙන ඕන ජොබක් කරනවා. ඇයි ඉතින් එලිටය බැස්සෙ කොලෙජ් එකෙන්නෙ. විස්ස විද්‍යාලයෙන් නෙමේනේ.

      Delete
    3. @ කුරුටු ගෑ ගී පොත
      මං හිතුවේ අවුරුදු හතරක් අරගෙන වැඩේ ඉවරයක් කළාය කියලයි!

      Delete
    4. @ තෙලිදිය වාඩිය
      මං දන්න තරමින් ඔය ලියලා තියෙන ඉන්දියානු කොලේජ් කතාවට පොඩි උෘණ පුර්ණයක් අවශ්‍යයි.

      ඔය කොලේජ් කියන්නේ ආනන්ද කොලේජ්, විශාකා කොලේජ්, රොයක්, ලේඩීස් වගේ ඒවා නොවෙයි.

      ඉන්දියානු කොලේජ්වලින් කරන්නේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක උපාධියක් ගන්නට සිසුන් ට අධ්‍යාපනය දීමයි.

      ලංකාවේත් 1925 පමණ සිට තිබිලා තියෙනවා යුනිවසිටි කොලීජිය කියලා එකක්. ඒකේ ඉගෙන ගත්තු සිසුන් පෙනී සිටියේ ලන්ඩන් විවියේ විභාගවලටයි. තාමත් කොළඹ විවියේ කොලේජ් හවුස් එක තියෙනවා.

      Delete
    5. වැඩේ නම් ඉවර කළා. ඒත් බලන්න කොච්චර කාලයක් නාස්ති වෙනව ද කියලා. සා/පෙ ප්‍රතිඵල එන තුරු + උ/පෙ ප්‍රතිඵල එන තුරු+ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා තුරු+ වර්ජන. ඕවත් එක්ක බලනකොට දවසෙ වැඩි කොටසක් වැඩ කරලා, නිවාඩු අඩු කරලා අවුරුදු දෙකකින් විතර උපාධිය දෙනව නම් හොඳ යි හිතෙනවා.

      Delete
    6. මයික්‍රොසොෆ්ට් එකේ CEO ට තියෙන්නෙත් ඔය වගේම බාල උපාධියක් වෙන්න ඇති. පොර බිල් ගේට්ස්වත් අන්දලා වගේ. ඕකට ඔය තෙලිජ්ජ කාරයා වගේ එකෙක් දැම්ම නම් ඊට හොඳයි.

      Delete
    7. @කකා

      ඔයා හරි කකා. හැබැයි මම වැඩ කරන තැන බොසා කේරලේ කෙනෙක්. එයා තමයි කීවෙ බුරුතු පිටින් කොලෙජ් එකෙන් උපාධිකාරයො එලියට දැම්මට වැඩ කාරයො හොයා ගන්න අමාරුයි කියල. අනික ඔය කොලෙජ් වලට එහේ ඕලෙවල් වලින් යන්න පිලිවන්ලු.

      @ Anonymous23 May 2014 19:57
      මම කීවෙ බහුතරයක් ගැන. ඔයා ඒකට කේන්ති ගන්න කාරිනෑ. අනික වැඩ පෙන්නල තියේ නම් උපාධි කොල අවශ්‍ය නෑ.

      Delete
  17. මට නම් මේ ගැන අවබෝධයක් නැහැ. ඔය කොයිකටත් කලින් ශිෂ්‍යයන්ගේ යෝජනා, චෝදනා බාරගෙන ඒවට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් හදාගත්තා නම් හොඳයි වගේ. හැමදේටම සත්‍යග්‍රහ, උපවාස තියන එක නිකං පුරුද්දට ගිහින් වගේ. හැමෝගෙම කාලෙ නාස්තියක්.

    විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයන්ට ආචාර්යවරුන්ට එකතුවෙලා සාකච්ඡා කරලා මේ වගේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. උඹ කාලයක් නවසීලන්තෙ ඉඳල දැන් හීතලට වෙනස් වෙල වගේ. සාක්ච්ඡා කරල විසඳුන ප්‍රස්නයක් තීනවද ලංකවෙ ඉතිහාසෙටම?

      Delete
  18. සම සෞඛ්‍ය උපාධිය යනු කුමක්ද?එය ඩිප්ලොමා පාඨමාලාවක්ද? එයින් පිටවන සිසුන් යොමුවන රැකියා ක්ෂේත්‍ර මොනවාද?එංගලන්තයේ කවර කවර සරසවි පාඨමාලාවට මෙය සමාන වේද?
    මෙයට දසක ගණනාවකට පෙර තිබූ ඇපොතකරි Apothecary පාඨමාලාවට සිදුවුයේ කුමක්ද?
    ඉතාම කණගාටුදායක කරුන නම් සරසවි පාඨමාලාවල ප්‍රමිතිය තීරනය කරන්නේ සරසවි පාලනාධිකාරිය බව මෙම සිසුන් නොදැන සිටීමයි.ලෝකයේ කොහේවත් සිසුන් විසින් පාඨමාලාවල ප්‍රමිතිය තීරනය කරන්නේ නැත.
    කරුනාකර මේ ගැන දන්නා අයෙක් පිළිතුරු දෙන්න.
    සරසවි සිසුනි, දෙමාපියන් ඔබලාව දුක් මහන්සිවී නොකා නොබී සරසවි එවන්නේ පාරවල් ගානේ පෙළපාලි යාමට නොවේ.ඉගෙන ගැනීමටය.
    ආනන්ද

    ReplyDelete
    Replies
    1. සරසවි පාඨමාලාවල ප්‍රමිතිය නිවැරදිව තීරණය කළ යුත්තේ වෙළඳපල විසින්. වෙළඳපළ අවශ්‍යතා අනුව ඒක හැඩ ගැහෙනවා. නමුත් අපේ රටේ සරසවි පාඨමාලා පැවැත්වෙන්නේ වෙළඳපල පිණිස නොවන නිසා හැම කොල්ලයි බල්ල්යිම හිතනව ඒක තීරණය කිරීම මගේ වැඩක් කියලා. උන්ට බනින්නත් බැහැ.

      Delete
    2. අනේ මන්දා ආනන්ද!

      Delete
    3. ආනන්ද, සරසවිය පොදු දේපොලක්. ඒකෙ අයිතිය තියෙන්නෙ පාලනාධිකාරියට නෙවෙයි, මහජනයාට. පාලනාධිකාරියක් පත් කරල පඩි ගෙවන්නෙ ජනතාවයි. ඉතින් පාඨමාලා තීරණය කළ යුත්තේ ජනතාවට අවශ්‍ය විදිහට මිසක් වෙනත් කෙනෙකුට අවශ්‍ය විදිහට නෙවෙයි.

      මෙතන තියන ගැටළුව ජනතාව තමන්ගෙ අවශ්‍යතාවය ගැන කතා කරන්නෙ නැති වීමයි. ඒ නිසා ශිෂ්‍යයෝ (හෝ ඔවුන් මෙහෙයවන අය) ඉදිරිපත් වෙනවා. ඒත් ඒ අයගෙ තීරණ, ගන්නා ක්‍රියාමාර්ග, වැරදි වෙන්න පුළුවනි. බොහෝ විට වැරදියි. ඒ නිසා වියයුත්තේ ආනන්ද වැනි දැනුම් තේරුම් සහිත අය මේ වගේ දේවලදි ඉදිරිපත් වීමයි.

      එහෙම නැතුව අධ්‍යාපන පාඨමාලා ගැන කතාකරන්න ඔවුන්ට අයිතියක් නැහැයි කියන එක වැරදියි.

      Delete
  19. කකාට මතකද මන්දා ඉස්සර රේඩියෝ එකේ ලෙඩවලට බෙහෙත් කියපු ජාඇල ජිනපාල ද සිල්වා වෙද මහත්තයා. වැටකොලු ප‍තෝල ගුනයි, නෑම ,පිනිබෑම ,මාලුබෑම අගුනයි කියල කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. මතකයි, මතකයි, ඉස්සර අපි ඕක රසකරමින් අහනවා පොඩි කාලේ! මුවන්පැලැස්ස හෝ එවැනි නාට්‍යයකට කලින් 8:15ට වගේ ගියේ.

      "මෙය රෝගී තත්වයක් නොවේ.
      වාතතයත් පිතත් සෙමත් දෝශ කෝප තත්වයකට පත්වීමකි.
      මැදියමට නෑම, පිනීබැම, සෙම අධික කැම බීම ගැනීම අගුණයි.
      අමනා රෝග පරීක්‍ෂණයකින් පසු ප්‍රතිකාර ගැනීමෙන් නිට්ටාවටම සුවකර ගත හැක."

      Delete
    2. මුවන් පැලැස්සට ඉස්සෙල්ලා ගියේ. කොල්ලෝ විහිළුවට හදාගෙන තිබුනා "ඔබේ බල්ලාට වැලඳී ඇත්තේ ගුල්ම රෝගයයි...කරෝල කටු, මාළු ඔළු අගුණයි" කියලා කතාවක්.

      Delete
  20. //අයියා කෙනෙක් අවුට් වෙලා අවුරුදු කීයක් ගියාමද අංකල් කෙනෙක් වෙන්නේ?//
    තට්ටයත් පෑදුන කෙනකුට අයිය කියන්න කියලද කියන්නෙ?

    ඔතන තිබුනෙ උපවාසයක් නෙවෙයි සත්‍යග්‍රහයක්. සමහර කමෙන්ට් කරපු අය වැරදියට වටහගෙන තිබුනා.

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න අයියා කෙනෙක් ඇවිල්ලා!

      කාගෙද හලෝ තට්ටේ පෑදුනේ? මතුකර ගත්තා මිසක.

      (උපවාසය කියා වැරදියට ලිව්වේ මායි!)

      Delete
  21. සම සෞඛ්‍ය ගැටළුව සහ වෛද්‍ය කුහක කම සම්බන්ධව ලිපියක් ලිවීමට බලාපොරොත්තු වන නිසා වැඩි දෙයක් කියන්ඩ යන්නෙ නෑ කකා.මොනවා උනත් සම සෞඛ්‍ය උං පව්.

    ReplyDelete
  22. ඇත්තටම අරුන් ආවොත්නම් උපවාසයක් තියා පාරට බහින්නවත් හම්බෙන්නේ නැත.. අවම බලය ඉතා ඉහලින් බාවිතා කරාවි... අනිවාර්‍යයෙන් රජයේ උපධි ආයතන මෙන්ම උසස් ඩිප්ලෝමා ආයතනයද දැන් ඔය කප්පාදු කිරීමට සැරසෙමින් සිටිනවා

    ReplyDelete
  23. මම දැක්කා විවිප්‍රතිපාදන කොමිසමේ හිරේකුඹුර නෝනා කියනවා සිසු ඉල්ලීම අනුව වසර හතරක් වුනාට වරදක් නැහැ කියලා. අනිත් එක මේ පාඨමාලාව 2005 ඉඳන් වසර 4ක් තිබුනාලු නේද?

    ReplyDelete
  24. කතන්දර,

    ඔබ මෑත කාලීන ව විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දැවැත්ත විරෝධතා රැල්ලක් ගෙනියපු පිරිසක් ගැනයි කතා කරලා තියෙන්නේ. මේක ඔවුන් පිළිබද අදහස සමාජයට යන්න තවත් හොද ක්‍රමයක් කියලත් හිතනවා. මුලින් ම ඒකට ස්තූතියි. ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ වෙන්නේ ඔවුන් අවුරුදු තුනක උපාධියකට කොටුවීම තව දුරටත් කරන්නට ඇති අධ්‍යාපන කටයුතු වලට බලපාන නිසාය. නමුත් රටක අලුතින් ම ආරම්භ කරපු උපාධියකට එසැනින් ම අවුරුදු 4 ක උපාධියක් දෙන්නේ නැත. මේ ගැටලුවට මුහුණ දීමට විශ්ව විද්‍යාල සමයේ මටද සිදු විය. ඒ කැළණිය විශ්ව විද්‍යාලය් සාමය හා ගැටුම් නිරාකරණය උපාධි පාඨමාලාව තුළදීය. අපේ සෙට් එක ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් ද දමා යුක්තිය බලාපොරොත්තු වූ නමුදු එය නොලැබුණි. ඊට හේතුව මං පෙර කී හේතුවයි.

    නමුත් ඔවුන්ගේ ඉල්ලීම සාධාරණ වන්නේ වසර 4 ක උපාධියක් ලබා ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති නිසාය. නමුත් ඔවුන්ට සිදුව ඇත්තේ පරීක්ෂණයක් සදහා යොදා ගත් මීයන් පිරිසක් බවට පත්වීමට ය. මේ සම්බන්ධයෙන් අපි ද සහයෝගය දැක්විය යුතු බව අපගේ අදහසයි. මෙම උපාධියට විරුද්ධ ව කටයුතු කරමින් සිටින බොහෝ පිරිසක් ද සෞඛ්‍ය ක්ෂේත්‍රෙයහි හිදීම කණගාටුවට කරුණකි. ඔවුන් විසින් වින කරමින් සිටින්නේ රටේ ජනතාවගේ සුභ සිද්ධියට බව ද ඔවුන් දැනගත යුතුය.

    ReplyDelete
  25. සම සෞඛ්‍යය යනු උපාධියක් නොව පීඨයක් බව සැබෑය.නමුත් ලංකාවේ සම සෞඛ්‍යය පීඨය යනුවෙන් වෙනමම පීඨයක් පවතින්නේ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ පමණි.මෙම උපාධි පාඨමාලා පැවැත්වෙන අනිකුත් විශ්වවිද්‍යාලවල මෙම උපාධි සියල්ල ඇත්තේ වෛද්‍ය පීඨය යටතේය.GMO එක මේ සම්බන්ධයෙන් මෙතරම් විරෝධතාවක් දක්වන මූලික කාරනාව වන්නේ මේ වන විට සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ සිටින එකම උපාධිධාරී කණ්ඩායම ඔවුන් බැවින් ද පසුකාලීනව මෙම සම සෞඛ්‍යය පිරිවර මෙම උපාධිධාරී ගොඩට එක්වූ විට රෝහල් පරිපාලනයට එක්වීමට ඔවුන්ටද ලැබෙන අවස්ථාව පිළිබඳ ඇති කුහක මානසිකත්වයයි.

    "ලංකාවට උඹලාගෙන් වැඩක් නැත.ඩිප්ලෝමාධාරීන් සිටීම ප්‍රමාණවත්ය.නර්ස් කෙනෙක් විහිහට ආවානම් නර්ස් කෙනෙක් උනාම ඇතිය.උඹලට අවුරුදු 4 දුන්නොත් 5ත් ඉල්ලයි.උඹල 4ක් අරන් ආවොත් උඹල එක්ක එකට වාඩි වෙන්නෙත් නෑ උගන්න්නනෙත් නෑ." වගේ සුන්දර දෙබස් වලින් ජී එම් ඕ එකට සම්බන්ධ ලෙක්චරර්ස්ලා (වෛද්‍යවරු) තම සිසු සිසුවියන් අමතන්නෝය.

    උපාධියේ කාල සීමාව ප්‍රහ්නයක් නැති බව සැබෑය.නමුත් ප්‍රශ්නය වන්නේ මෙම පාඨමාලා වලට ලෝකයේ වෙත් රටවල ඇති පිළිගැනීමත් සමඟ වැඩිදුර අධ්‍යාපනයට යොමු වීමේදී වසර තුනක උපාධියක් යනු විහිළුවක් වීමයි.ඉල්ලන්නේ අළුත් දෙයක් නොව තිබූ අවුරුදු 4ය.අවුරුදු 4ක මූලික උපාධියකි.කොතලාවල වෛද්‍ය පීඨයට සහ මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට අවුරුදු 4 කැප වී මොවුන්ට අකැප වන්නේ ඇයි?

    එමෙන්ම මෙම සිසුන්ගේ සම්පූර්ණ අයිතිය ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටයි.ඔවුන් ඵිළිගන්නේ යමි වෘත්තීය සමිතියක(රපයේ වෛදළ්‍යවරුන්ගේ සංගමය) තීන්දුව නම් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මුල් පුටුවට එම වෘත්තිය සංගම් සභාපති පත්වීම සාදාරණය.

    සිසුන් සත්‍යග්‍රහයේ යෙදෙන්නේ පංති වර්ජනය කරන්නේ ඔවුන්ට උගෙනගැනීමට ඒනෑ නැති නිසා හෝ සිහින නැති නිසා නොවේ.වෙන කරන්නට දෙයක් නැති බැවිනි.මේ උතුම් ලංකාවේ පවතින ක්‍රමය අනුව එසේ නොකර බැරිය.දැන්විය යුතු සැමට දන්වා සාකච්ඡා කළ යුතු සැම සමග සාකච්චා කර තර්ජන හා බිය වැද්දීම් වලට ලක්වීමේන් අනතුරුව අවසාන පියවරයි මෙම සත්‍යග්‍රහය හා පෙළපාලි.

    සැබැවින්ම මොවුන් සත්‍යග්‍රහ කලා කියා ලොකු ලොක්කන් කිසිකෙනෙකුට මෙය දැනේනේ නැත.විශ්වවිදයයාල සිසුන් හිටියත් ඔවුන්ට එකය.නැතත් එකය.ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඔවුන්ට යම් පාඩුවක් සිදු වනු දුටුවහොත් පමණි.

    නුදුරේදීම මෙම ගැටළු විසඳී මොවුන්ට තම සිහින ජයගැනීමට හැකි‍වන අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලැබේවා !

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.