Saturday 1 March 2014

කොල ඉරුණු යුරෝපයේ චාරිකාව - Unfinished business


දැන් දවස් දෙක තුනකට කලින් බකමුණු කතා බ්ලොග් එකේ පලවුණු "රොමාගේ වාසනාව සහ බස්සාගේ අවාසනාව" කියන කතන්දරේ කියවන කොට තමයි මට මේ අද මං කියන්න යන කතන්දරේ සිහියට ආවේ.

මේක මං පොඩි කාලේ කියවපු පොතක් ගැනයි.

බස්සා බාගෙට කියවලා තිබුණු පොත වගේම මේ මං කියවපු පොතෙත් කොල ඉරිලා, කැඩිලා ගිහිණුයි තිබුණේ.

පොතේ මුල හරියේ කොල කීපයක් අඩුයි. ඒක නං වැඩියෙම අවුලක් වුණේ නෑ කතාව අල්ලාගෙන යන්න. නමුත් පොතේ අවසානය තිබුණු කොලත් කැඩිලා ගිහින් තිබුණු එකේ පාඩුව නම් දරාගන්න බැරි වුණා.

මට මේ කතන්දරේ අද ලියන්න හිතුණේ, බැරිවෙලා හරි මේ මං කියන්න යන පොත මුළුමණින්ම කියවපු කවුරු හෝ මේක දැක්කොත් කියලා හිතලයි.

මේ කියන පොත ලියලා තිබුණේ ජේ.ඊ. සේදරමන් වගේ නමක් තියෙන ලේඛකයෙක්. පොතේ අන්තර්ගතය වුණේ මේ ලේඛකයා තරුණ නැට්ටුවෙක් විදියට දෙවන ලෝක යුද්දේටත් කලින් කාලෙක නැවක නැගිලා තවත් කීප දෙනෙක් එක්ක යුරෝපයට ගිහින් එහේ ගතකල කාලය තුල ලබපු අත්දැකීම්.

මේ තුන් හතර දෙනා එහේ ගිහින් තියෙන්නේ යුරෝපයේ තිබුණු සර්කස්වල සිංහල නැටුම්, බෙර ගැසීම් වගේ දේවල් ඉදිරිපත් කරන්නයි.

මට මතක විදියට ඒ විවිධාංග ඉදිරිපත් කරලා තියෙන්නේ අර සර්කස් කණ්ඩායමේ මූලික අංග අතරේ අමතර විශේෂාංග විදියටයි. මේ අයට සර්කස් කණ්ඩායමෙන් පඩි දීලා තියෙනවා. ඊට අමතරව සර්කස් බලන්න එන පිරිසත් සන්තෝශම් මුදල් දීලා තියෙනවා.

ඉතිං සර්කස් කණ්ඩායම් කියන්නේ එක තැනක ඉන්න පිරිසක් නොවෙයි නේ. එක නගරයක සතියක් විතර සර්කස් එක පෙන්නලා අහවර කරළා, ඊලඟට සේරම බඩු මුට්ටු, සත්තු සරපයි, කූඩාරම් ලොරිවලට පටෝගෙන ඊලඟ නගරයට යනවා.

යුරෝපය කියන්නේ ලංකාව වගේ දුපතක් නොවෙයි නේ. ඉතිං මේ නගරයකින් නගරයකට යනවා කියන්නේ සමහර විට රටකින් රටකට යැමයි.

සේදරමන් තරුණ නැට්ටුවා ඒ ඒ රටවල්වලදී දැකපු දේවල්, ලබපු අත්දැකීම් මේ පොතේ අවුරුදු දහයක විතර ළමයෙකු ගේ සිතේ වීරක්‍රියා වගේ ඇදෙන්නට අපූරුවට ලියලා තිබුණු බව මට මතකයි.
මෙන්න මේ පොතේ තිබුණු මට මතක කෑලි කීපයක්.

1. සේදරමන් කොළඹින් නැවට නැගලා යන්න පටන් ගන්න කොටම කෂ්ටිය වයින් බොන්න සෙට් වෙනවා. පාර රතු නිසාත් සහ මිදිවලින් හදලා තියෙන බව දන්නා නිසාත් පොර හිතන්නේ වයින් නිකං ෆැන්ටා වගේ පැණි රහට ඇතිය කියායි!

2. මේ ගොල්ලෝ අමතර සල්ලි හොයන්න එක කාලෙක දී කරන්නේ ජපානෙන් ආනයනය කරපු ප්ලාස්ටික් ජාතියකින් හදපු ඇත් රූප ලංකාවේ ඇත් දලවලින් හදපු එවා විදියට හඟවලා විකුණන එකයි.

3. මුලින්ම ප්‍රංශයේ උමං දුම්රිය පොළකට ගිහින් පොළොව යටින් කෝච්චි යන උමං දැක්කාම ලංකාවෙන් ගිය සමහරු හිතන්නේ මේ මහෞෂධ පංඩිතයා වේදේහ රජාට පැනලා යන්න හදපු උමං කියායි.

4. මේ කණ්ඩායම මුලින් සල්ලි යහමින් හොය ගත්තත් පස්සේ යුද්දේ නිසා දෝ සර්කස් කර්මාන්තය වැටිලා ජොබ් එකක් නැතුව අන්ත දුක් විඳිනවා. සමහර දවසට එක වේලක් කාලා තමයි පණ නල ගැට ගහ ගන්නේ. මාසයක් දෙකක් යන කොට සේදරමන්ට පොඩි පොඩි කැෂුවල් ඩේ ජොබ් සෙට් වෙනවා.

5. නමුත් කතාවේ අවසානයට මොකද වෙන්නේ කියලා දැන ගන්න කලින් අන්තිම කොල ටික ඉරිලා ගිහින් මේ දක්වාම සම්පූර්ණ කරගන්න බැරිවුණු හිඩසක් මගේ හිතේ ඉතුරු වෙනවා.

කෙසේ වෙතත් අපේ කතානායක සේදරමන් යහතින් ලංකාවට ආපු බවනම් සැකයක් නෑ. පොර පසුව රාජ්‍ය සේවයට බැඳිලා ලංකාවේ නාට්‍ය උපදේශකයෙක් වගේ සේවය කළ බවට සඳහනකුත් මේ පොතේ තිබුණු බවයි මට මතක!

ගූගල් සර්ච් එකකින් මං හොයා ගත්තා සේදරමන් ශිල්පියා බලි යාග ගැන පොත් පත් ලියා තියෙන බව. නමුත් මේ මං කියන පොත ගැන නම් සඳහනක් තිබුණේ නෑ!

කවුරු හරි ඉන්නවාද මේ පොත සේදරමන් ගේ යුරෝපයේ චාරිකා පොත කියෝලා තියෙන?

-කතන්දරකාරයා

ප/ලි:
වෙන කොල ඉරුණා වගේ නොවෙයි අග්ගිස්සේ කොල ඉරුනොත් වෙන්නේ ලොකු පාඩුවක් බව අමතක කරන්න එපා.

ප/ප/ලි:
මෙන්න මගෙ යුරෝපීය චාරිකාව ගැන ලියවුණු කතන්දර කීපයක්.

1. කතන්දරකාරයා අතුරුදහන් වේ! - Kathandarakaraya missing in action
http://kathandara.blogspot.com/2013/04/kathandarakaraya-missing-in-action.html

2. සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද - KK's movie marathon
http://kathandara.blogspot.com/2013/04/kks-movie-marathon.html

3. ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් දුටුවෙමි! - Metallic memories
http://kathandara.blogspot.com/2013/04/blog-post.html

4. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act
http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

5. ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?
http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html

6. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica
http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

7. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair
http://kathandara.blogspot.com/2013/06/italian-affair.html


8. රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire
http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

9. ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe
http://kathandara.blogspot.com/2013/05/train-spotting-in-europe.html

10. දුම්බීම සහ තුවක්කු - Smoking Guns
http://kathandara.blogspot.com/2013/04/smoking-guns.html

11. දින එකොළහකට පසු බත් කටක් කෑවෙමි - Oh, what a feeling
http://kathandara.blogspot.com/2013/04/oh-what-feeling.html

12. ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt
http://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html

13. යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!
http://kathandara.blogspot.com/2013/05/war-criminal-acting-will-end-one-day.html

14. ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany
http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html

15. හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere!
http://kathandara.blogspot.com/2013/05/amber-amber-everywhere.html

(image: http://www.reuters.com/article/2007/01/15/businesspro-eurotunnel-court-dc-idUSL1520276920070115)

37 comments:

  1. මම හිතුවේ කකාගේ යුරෝපේ චාරිකාව ගැන ලියලා කියලයි. :)

    කතාවේ අන්තිම දන්න කවුරු හරි ඉඳී. සමහරවිට බස්සා දන්නවාද දන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. තෑන්කියු පොඩි කුමාරිහාමි. මතක් කිරීමට ස්තුතියි.

      මෙන්න මගෙ යුරෝපීර චාරිකාව ගැන ලියවුණු කතන්දර කීපයක්.

      ප/ප/ලි යටත් දාන්නම්.

      1. කතන්දරකාරයා අතුරුදහන් වේ! - Kathandarakaraya missing in action
      http://kathandara.blogspot.com/2013/04/kathandarakaraya-missing-in-action.html

      2. සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද - KK's movie marathon
      http://kathandara.blogspot.com/2013/04/kks-movie-marathon.html

      3. ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් දුටුවෙමි! - Metallic memories
      http://kathandara.blogspot.com/2013/04/blog-post.html

      4. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act
      http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

      5. ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?
      http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html

      6. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica
      http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

      7. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair
      http://kathandara.blogspot.com/2013/06/italian-affair.html


      8. රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire
      http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

      9. ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe
      http://kathandara.blogspot.com/2013/05/train-spotting-in-europe.html

      10. දුම්බීම සහ තුවක්කු - Smoking Guns
      http://kathandara.blogspot.com/2013/04/smoking-guns.html

      11. දින එකොළහකට පසු බත් කටක් කෑවෙමි - Oh, what a feeling
      http://kathandara.blogspot.com/2013/04/oh-what-feeling.html

      12. ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt
      http://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html


      13. යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!
      http://kathandara.blogspot.com/2013/05/war-criminal-acting-will-end-one-day.html

      14. ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany
      http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html


      15. හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere!
      http://kathandara.blogspot.com/2013/05/amber-amber-everywhere.html

      Delete
    2. නයාට ගහල ‍පොල්ල වරද්දගන්න එපා කිව්ව ව‍ගේ කකාට ලින්ක් දාන්න චාන්ස් ‍දෙන්න එපා!

      Delete
  2. කකා, ඇයි දැන් දවසක් ඇර දවසක් පොස්ට් එකක් දාන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. කකා... පෝස්ට් අඩු වීම ගැන නම් හරිම දුකෙන් අපි ඉන්නේ.... වැඩ වැඩි උනාට කමක් නෑ.... පරණ කයි පදයක් වත් මේකෙ දාන්න.... කොමෙන්ට් කරන එක අපි බලා ගන්නම්....

      Delete
    2. තරමක් අවිවේකීයි.

      Delete
  3. සේදරමන් කියන්නෙත් නිත්තවෙල ගුනයා වගෙ ප්‍රසිද්ද නැට්‍ටුවෙක් නේද?

    ReplyDelete
  4. මමත් ඔහොම මොකක් හරි නවල් එකක් කියෙවුව අන්තිම කොල ටික නැති.කකාගෙ කතාව කිවුවම මතක් වුනේ.මෙ කතාවනම් දන්නෙ නැ කකා

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය නම් කොල ඉරුවේ කවුද, ඒ ඇයි යන්නයි!

      Delete
  5. මේ තවත් එවැනි අන්තිම කොල ටික නැති කතාවක් මේ හරක කොහොමත් අන්තිමට කොලය ඉරාගන්නවා

    ReplyDelete
    Replies
    1. සබැඳියට ස්තුතියි. ඒ කතාවේ අවසානයක් තවම ලඟා වී නැතිවා විය යුතුයි!

      Delete
  6. මමනම් කියවලා නෑ මේක ....... ඔරුවල බන්දු සරමත් ඇදන් රුසියාවට ගිය එකනම් කියවලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පොත් කීපෙකම තියෙනවා. ඒ අතරින් මෙන්න මේ පොත නම් අජුත එකක්.
      http://kathandara.blogspot.com/2013/09/dont-buy-this-book.html

      Delete
  7. M.Conteur,

    Avez-vous visité la France en votre tournée Européenne?

    ReplyDelete
  8. ලියලා තියෙන මතක කොටස් ටිකෙන් නම් හිතෙනවා එක ලස්සන පොතක් වෙන්න ඇති කියලා.... හොයාගන්න පුළුවන් වුනොත් විස්තර අපිටත් කියන්න ..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේක අපේ නැන්දලා පොඩි කාලේ, පනස් ගණංවල එකක් වෙන්න ඕනෑ.

      Delete
  9. ඔය සේදරමන්ගේ පොත හොයාගෙන යන්ට හිතෙනවා.
    බකමුනු කතා බ්ලොග් එකට ගියා . හරිම රසවත් ගමනක්

    ReplyDelete
    Replies
    1. මෙය කියවූ කුඩා කාලේ මට දැණුනේ වීර වික්‍රමයක් ලෙසයි.

      Delete
  10. කකා දන්නවද, පොතක කොළ ඉරිලා නැති වුනත් මැදින් තමා පටන් ගන්න ඕනේ. අන්න එතකොට කතාව ඉවර වෙන්නේ කොහොමද කියන කුතුහලය විතරක් නොවේ, එය පටන්ගත්තේ කොහොමද කියන කුතුහලයත් කියවල ඉවර වෙනකම්ම (ඉනුත් පසුව පවා) තියනවා.

    ReplyDelete
    Replies
    1. තවත් මා මේ විදියටම මුළ සහ අග කොල අඩු නිසා බාගෙට කියවූ තවත් පොත් දෙකක් ගැණ මතකයේ තියෙනවා.

      1. මුල් පොත පෙම් කතාවක්. ජෝඩුව තනිමතයට බැඳලා පොර කලින් කුලියට අරගෙන තිබුණු ගෙදරකට ජීවත් වෙන්න ගිහිල්ලා මුල් රාත්‍රියේ මධු සමය ගත් කරන්න පටන් ගන්නා තැන ඉඳලා කොල ඉරී ගොස් තිබුණා.

      2. දෙවැන්න කාන්තා නේවාසිකාගාරයක් ගැන පොතක්. මේකේ හොඳ හොඳ සිදුවීම් හොඳට සවිස්තරාත්මකව විස්තර කර තිබුණා. නමුත් ඒකේත් මුල සහ අග තිබුණේ නෑ.

      Delete
    2. මේ කතා දෙකම ඉදිරියට ගෙන යන්න පුළුවන් කෙනෙක් මා දන්නවා. කියන්න බැහැ.

      Delete
    3. පෙම් කතාවක මධුසමය පටන්ගන්න තැන ඉඳන් කොල ඉරී යාමත් කාන්තා නේවාසිකාගාරයක් ගැන පොතක තැනින් තැන කොළ ඉරී යාමත් සාමාන්‍ය සිදුවීම්නෙ. ඒව කියවන්න බැරි වීම ගැනත් කකාට තවම හිතේ අමාරුවක් තියනවද?

      Delete
  11. මොනවා කියන්නද? පොත කියවලත් නෑ,
    මේ ගැන මොකුත් දන්නෙත් නෑ?

    ReplyDelete
  12. කකාගේ අග කි‍යවන්න බැරි වුණ පොතේ කතාව කියවද්දී මතක් වුනෙ, සිරස, එම්ටීවී කාලේ සිරියස් ඒකක් ගියා ඇඩ්වැන්චර් ඔෆ් බිස්කො කවුන්ටි ජුනියර්. ගෙදර ටීවී ඒක කඩිලා හරි මොකක් හරි හින්දා මට අග කොටස් ටික බලන්න බැරි වුණා. අග බලාගන්ඩ බැරිව වින්ද දුකක්. විඩියො රෙන්ට් කරනබ්තැන් වලත් හෙව්වා මං කාලයක් ඔය සිරියස් ඒක. ඩවුන්ලොර්ඩ් කරලා බලන්ඩ නේට් තිබුන ඒකැක්කැයි ඒ කාලේ.

    ReplyDelete
  13. අනේ මන්ද ..මටනම් ඔය වගේ දෙයක් කියවන්න තාම ලැබිල නෑ.

    ReplyDelete
  14. කකා මේ පෝස්ට් එක ගැන පූර්ණ විරෝධය පළ කරමි. කකා යුරෝපීය සංචාර ගැන ලියන කොට හොර බෝට්ටුවකින් ගියොත් මිසෙක කවදාවත් මේ රටින් පිට යන්නට ලැබෙතැයි සිතිය නොහැකි මාරයා, අටමා වැනි පුද්ගලයින්ගේ සිත් රිදෙන්නට පිළිවන. සමහරවිට කකාගේ අරමුණ ඔවුන්ගේ සිත් රිදවා සයිබර් බුලින් කිරීමද විය හැකිය. කකාගේ සයිබර් බුලින්ද ඇනෝලාගේ ත්‍රස්තවාදය වගේම භයානකය. කකා මේ මාරයාට අටමාට එරෙහි සයිබර් බුලින් පාර දිගටම ගෙන ගියොත් මම ඊට විරුද්ධව නඩු අසා කකා මාස හයකට හැමන්හිල් බන්ධනාගාරයට යවමි.

    මීට

    රැම්බෝ සරමෙ-වික්‍රම

    ReplyDelete
  15. "පොර හිතන්නේ වයින් නිකං ෆැන්ටා වගේ පැණි රහට"
    ඔය දෙවෙනි ලෝක යුද්දෙට කලින් තිබුනු ෆැන්ටා මොන රහයිද?

    මටත් ඔය වගේ මුල අග තියා මැදත් නැති පොත් කෑල්ලක් (පරිවර්තනයක්) කියවන්න ලැබුනා දවසක්. මේ කතාවෙ කතා නායකයා වෑන් වගේ නමක් තියන දේශ සංචාරකයෙක්. පොර දවසක් මොකක්දෝ නගරෙක නයිට් එකක් ගහන්න සෙට් වෙලා හෝටල් කාමරේ ඇඳ උඩ ඉඳන් සිගරට් එකක් ගහල කොටේ බිම දානවා. (ගෙදරදි බූරු ඇ‍ෙඳේ ඉඳන් බීඩි ගහපු පො‍රක්ද මන්දන්නෑ) එතකොටම මෑන්ට මතක් වෙනව කාමරේ බිම කාපට් එකක් තියනව නේද කියල. මළ මගුලයි ගිනි ගත්තොත් කියල මිනිහ ටක් ගාල බිම බලනකොට ඇඳ යටින් එළියට අතක් එනවා. ඒ අතින් සිගරට් කොටේට හෙමිහිට ගහල ඒක නිවනව බලාන හිටපු අපේ කතා නායකයා ඉස්සෙල්ලම කල්පනා කරන්නෙ අත පුච්චගන්නෙ නැතුව සිගරට් කොටේ නිවන්නෙ කොහොමද කියන එකයි. සෑහෙන වෙලාවකට පස්සෙයි මිනිහට මතක් වෙන්නෙ ඇඳයට කවුරුහරි ඉන්න එක මිනිහගෙ ආරක්ෂාවට තර්ජනයක් බව. ඊට පස්සෙ මෑන් කාමරෙන් එළියට පැනල බෙරිහන් දෙනව "මිනී කනවෝ" කියල.

    අපේ සමහර අයගෙ ටියුබ්ලයිට් වැඩ දැක්කහම මට මේ කතා කෑල්ල මතක් වෙනවා. අනේ ඉතුරු ටික කියවන්න ඇත්නම්!

    ReplyDelete
  16. කතාව නං කියවලා නෑ, කකා. ඒත් කියල තියන විස්තරය අනුව නම් අපූරු කතාවක් බව පේනවා. කොහොමත් ඔය කියන වකවානුවේ ,පිටරටකට යනවා කියන එකට කිව්වෙ නැව් නගිනවා කියලනේ. සති, මාස ගණන් කමින් , බොමින් විනෝදයෙන් ගිය ඒ නැව් ගමනම අපූරු අද්දැකීමක් වෙන්න ඇති.

    යකාගෙ ලියුම නං හම්බ උනා , මෙන්න මෙතනින්

    ReplyDelete
  17. කකා තැනක කියල තිබ්බ නේද පොලිසියේ අයට ජනතාවට සේවය කරන්න ගිනි අවි අවශ්‍ය නැහැ ? ඉස්සර රාළහාමිලා ට තිබ්බ එකම දේ බැටන් පොල්ල විතරයි කියල. (ලින්ක් දාන්නේ නැහැ... "ලිංක් වාරණ ඇනෝ" ගේ ඉල්ලීම නිසා ) .

    //
    "සර්... අන්න ජුවෙල් ලංකා එකට හොරු පැනලා..."

    ප්‍රධාන වීදියේ සිටි කිහිපදෙනකු ගජනායක මහතාට කීය. ඒ වන විටත් කොල්ලකරුවන් සිටියේ රන් ආභරණ වෙළෙඳසලේය. ගජනායක තමන් පැමිණි කාරණය පසෙක දමා ජුවෙල් ලංකා වෙළෙඳසල දෙසට දිව ගියේය.

    උප පොලිස්‌ පරීක්‍ෂකවරයා රන් ආභරණ වෙළෙඳසල අසලට යද්දී කොල්ලකරුවන් මුහුණට මුහුණ මුණගැසුණේය. එක්‌ කොල්ලකරුවකු සඟවාගෙන සිටි පිස්‌තෝලය ඉවතට ඇද ගත්තේය.

    උප පොලිස්‌ පරීක්‍ෂකවරයා ඒ මොහොතේ සිටියේ නිරායුධවය. ඔහුට කර කියා ගැනීමට දෙයක්‌ නැත. කොල්ලකරුවන් දෙදෙනා මුදල් සහිත බෑගයද රැගෙන සිය සගයන් පණ ගන්වාගෙන සිටි යතුරුපැදි දෙකේ නැගී පලායන්නට වූහ.

    ගජනායක මහතාද වහාම ක්‍රියාත්මක වුණේය. තමන් පැමිණි යතුරුපැදියේ නැගී ඔහු කොල්ලකරුවන් ලුහුබඳින්නට වුණේය. ඒ අතරම ඔහු මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ගාමිණී හල්ලව මහතාටද ඇමතුමක්‌ ගත්තේය.

    "සර් ජුවෙල් ලංකා එක කොල්ල කාලා... ටීම් එකක්‌ පැනලා යනවා. මම උන් පස්‌සේ පන්නනවා. පොලිස්‌ ටීම් එකක්‌ එවන්න...."

    ගජනායක තම ජ්‍යෙෂ්ඨ නිලධාරියාට කීවේය. වහාම ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ගාමිණී හල්ලව පොලිස්‌ කණ්‌ඩායමක්‌ද රැගෙන කිඹුලාපිටිය දෙසට ඉගිලුණේය.

    පොලිස්‌ නිලධාරියකු තමන් පසුපස පන්නාගෙන එන බව දුටු කොල්ලකරුවන් පවනට බඳු වේගයෙන් යතුරුපැදිවලින් පලායන්නට වූහ. එහෙත් පොලිස්‌ නිලධාරියාගෙන් ඔවුන්ට ගැලවීමක්‌ නැත.

    කිඹුලාපිටිය ප්‍රදේශයේ දී එක්‌ යතුරුපැදියක්‌ නතර කළේය. ඉන් බැසගත් කොල්ලකරුවකු ගජනායක දෙසට පිට පිටම වෙඩි ප්‍රහාර එල්ල කරන්න ගත්තේ අනපේක්‍ෂිත අවස්‌ථාවකදීය.

    නිරායුධව සිටි පොලිස්‌ නිලධාරියාට කළ යුතු යමක්‌ නැත. ඔහු වෙඩි ප්‍රහාරවලින් බේරීමට යතුරුපැදිය නවතා අසල තිබූ කැලෑවට පැන ගත්තේය. //

    දිවයින පුවතක්

    කකා තාමත් ඉන්නේ ඒ මුග්ධ (©2014 ශපීරෝ, අරුණි ) මතයේද ?
    ගිනි අවි භාවිතා කරන දරුණු මංකොල්ල කාරයෝ එක්ක රස්සාව කරන පොලිසියේ අය ස්ව ආරක්ෂාවට පාවිච්චි කරන්න ඕන පිරිත් නූල් ද ? ;)

    ReplyDelete
    Replies
    1. උඹ දැන් ලින්ක් එක නොදා කකා කිව්ව දේ මොකද්ද, කකා හරිද උඹ හරිද කියලා අපි දැන ගන්නේ කොහොමද?

      Delete
  18. පොත කියවා නැත තොරතුරක් හොයන්න උත්සාහයක් ගන්නම්.

    ReplyDelete
  19. @කකා,

    මම ලියන්නෙත් ඔබට අවශ්‍ය වාක්‍ය නොවේ. මම ලියන දැයක් පිළිගන්නටය කියා ඔබට හෝ මෙය කියවන කිසිවෙකුට කියා නැත. සිංහලෙන් ලියන්නෙක් යැයි ලිව්වේ එය සිංහලෙන් ලියා ඇති නිසයි. ඉංග්‍රීසියෙන් ද එහෙම ලියන අය ඕනෑ තරම් සිටිති. අපේ ජනාධිපති සහ ඔහුගේ බිරින්ඳෑ ද මේ හා සමාන කතා නිතර ඉංග්‍රීසියෙන් කියති!!!! ඔවුන් නොව මෙය ලියා ඇත්තේ සිංහලෙන් ලියන්නෙක් නිසා ඒ ගැන සඳහන් කළෙමි. ඊට එහා, “ඔබ ප්‍රදර්ශනය කරන්නේ බරපතල හීනමානයකි,” වගේ, ලියන්නා ගැන නොදන්නා දේවල් එයින් මම අදහස් කළේ නැත.

    ReplyDelete
  20. ඔව් ඔව් කකා....අග්ගිස්සේ කොළේ ඉරාගත්තොත් නම් හොදි ඕන් නැහැ.

    ReplyDelete
  21. //කවුරු හරි ඉන්නවාද මේ පොත සේදරමන් ගේ යුරෝපයේ චාරිකා පොත කියෝලා තියෙන?//
    අපි ඔය පොත් කබල් කියවලා නෑ. කියවන්න ඕනැත් නෑ. ඒත් අපේ දැනුම ඉතා ඉහළයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.