Monday 3 March 2014

පූස් පැටියන්ට නම් තැබීමේ කලාව (උදාහරණ සහිතයි) - Naming Kittens (with examples)...!


අර සුද්දෝධන රජ්ජුරුවෝ තමන්ගේ පුතාට නමක් දාගන්න වාත වෙච්ච හැටි ගැන කියවෙන කතාව දන්නවා නේ?

ඒ දවස්වල අහුබුදුවන් හිටියේ නෑනේ. ඉතිං වෙන බමුණෝ ටික දෙනෙකුට එන්න කියලා කන්න බොන්න දීලා පුතාව පෙන්නලා තාත්තා කියලා තියෙනවා කොල්ලට නමක් දාලා දෙන්නැයි කියලා.

බමුණෝ කරලා තියෙන්නේ නිකම්ම නිකං නමක් දාන්නේ නැතුව කොලු පැටියා ගේ අංග ලක්‍ෂණ හෙම බලලා ඇඟිලි එක දෙක උස්සලා අනාවැකි කියන්න පටන් ගත්තු එකයි.

කොහොමින් හරි අන්තිමේදී 'සිද්ධාර්ථ' කියලා නමක් දැම්මාලු.

ඔයිට අවුරුදු දාස් ගාණකට පස්සේ මරදාන පුංචි බොරැල්ල හන්දියේ හොස්පිටිතාලෙක පුත් කුමරෙකු ඉපදිච්ච කතාව මතකයි නේද? ඉතිං මේ කියන පුත් කුමරාට නම දාන්න ඔය එක එක බමුණෝ කැඳෝලා නෑ.

පුත් කුමරා ගේ මෑණියෝ එක්තරා නමක් හිතාගෙන ඉඳලා තියෙනවා. හිතමු ඒක 'ජයන්ත' කියලා.

නමුත් කුමරාගේ පියාණෝ කැමති වෙලා තියෙන්නේ ඔහුගේ නැගෙණිය යෝජනා කරපු 'ජනිත' කියන නමටයි.

ඒ 'ජනිත' නාමය පින්වත් කුමරාට රෙජිස්ටර් වෙන අතරේ මේ කියන නැන්දණිය කරලා තියෙන්නේ ගෙදර ගිහින් අළුත ඉපදිලා හිටිය හිටපු පූස් පැටියාට 'ජයන්ත' කියන නම දාපු එකයි!

ඒ යාන් හෑලි කෙසේ වෙතත් නමක් දානවාය කියන්නේ සීරියස් වැඩක්.

බබෙකුට විතරක් නොවෙයි, ඇත්තටම කියනවා නම් බ්ලොග් පෝස්ට් එකකට නමක් හෙවත් ටයිටලයක් දාන එකත් හිතලා මතලා කල් අරගෙන පරිස්සමින් කළ යුතු වැඩක් කියලයි මං නං සලකන්නේ.

මේ බ්ලොග් එකේ කතන්දරවලට නම් දාන කොට වඩාත් ප්‍රශස්ත නම් මොනවාද කියලා මං නිතරම වගේ පරීක්‍ෂණ කරලා බලනවා.

මේ ලඟදී දේශකයා ලියා තිබුණු ලිපියක් නිසා මට මේ ගැන යළිත් මතක් වුණා.

මෙන්ම මං ඒ ආකාරයට මං ලියපු කතන්දර සඳහා යොදපු පර්යේෂණාත්මක නම් කීපයක්.

1. මං එක පාරක් කියන්න තියෙන මුළු කතන්දරේම මාතෘකාවෙන් කියලා දැම්මා.

W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ
http://kathandara.blogspot.com/2011/01/w3lanka.html

2. තව පාරක් ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ මාතෘකාව කෙටිම කෙටි කරලා මාතෘකාවේ මුලකුරු විතරක් දැම්මා.

සුඋදිවේකහා - HBD2UKH
http://kathandara.blogspot.com/2012/07/hbd2ukh.html

3. මෙන්න මේ කතන්දරයේ අන්තර්ගතයේ කියවෙන දේ විස්තර උදාහරණයක් වදදියට දෙන්න මං ඒ දේම මාතෘකාවටත් කෙරුවා.

යාද්වි තිදාද ම්යනවි - topsy turvy!
http://kathandara.blogspot.com/2013/07/topsy-turvy.html

4. මේ කතන්දරේ කියවෙන්නේ මං හතරේ පන්තියෙන පහට පාස් වුණු එක හැබැයි ඇත්තටම මට ඕනෑ වුනේ මගේ බ්ලොග් එකට අවුරුදු හතරක් පිරිලා පහට ලබපු එක සමරන්නයි.

කතන්දරකුමාර හතරෙන් පහට පාස්වෙයි - Grade five, here I come!
http://kathandara.blogspot.com/2013/07/grade-five-here-i-come-kathandara-blog.html

5. මෙන්න ඒ වැඩේම, මං ඊට කලින් අවුරුද්දේ කරපු විදිය.

ගෑල්ළමයෙකුගේ අවාසනාව නිසා හතරේ පන්තියට කලර්ස් පෙන්නා පාස් වුණෙමි - Leaping into the fourth year of existence with colours!
http://kathandara.blogspot.com/2012/07/leaping-into-fourth-year-of-existence.html

6. මේ පහල තියෙන කතන්දරේ තියෙන්නේ ටෙලිකොම්/මොබිටෙල් ලා ගේ ෆෝන් සහ නෙට් පැකේජ් දෙකක් ගැන වගෙයි නේද? නමුත් මගේ අවශ්‍යතාවය වුනේ වෙන එකක්.

උපහාර" සහ "අභිමාන" (ඇඩ්වර්ටීස්මන්ට් එකක් නොවේ) - No advertisements here, yet!
http://kathandara.blogspot.com/2012/10/no-advertisements-here-yet.html

7. මෙන්ම මේ කතාවේ කතා කීයක් තියෙනවාද?

ගොරක යකා, දත් දොස්තර යකා සහ පිස්සු යකා - He is still around!
http://kathandara.blogspot.com.2014/02/he-is-still-around.html

තවත් උදාහරණ නං එමට (නිකං නොවෙයි නමසිය ගානක්!) දෙන්න පුලුවනි.

ඔහෙලා කැමති මං කතන්දරවලට දාපු වෙනත් නම් තියෙනවා නම් ඒවා ගැන හෝ ඔහෙලා දැකපු වෙනත් නම් ගැන හෝ කැමති පරිදි සඳහන් කරන්න.

-කතන්දරකාරයා

(image: http://www.lakehouse.lk/alokoudapadi/2013/06/05/_art.asp?fn=a1306051)

77 comments:

  1. වයසට යනකොට ඔහොම වෙනවා කකා. නිකම් විකාරයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. තට්ටයා කට්ටයා කියන එකට උදාහරණත් දෙන්න පුළුවන්
      කලින් මේ දැනුම් සාගරය සේර්ච් කරන්න තිබ්බ සේර්ච් බොක්ස් එක ගලවල දැන් කාලයක් වෙනවා.කතාවක් හොයාගන්න ඕන උනාම මේක අස්සේ මුල ඉඳන් හැම මගුලටම කොට කොට යන්න ඕනේ. ඒකෙන් කාටද හිට්ස් වැඩි වෙන්නේ ?

      අනේ මෙහෙම තණ්හාවක් . අනේ මෙහෙම ආසාවක්!
      :)

      Delete
    2. ඇනෝ
      අසිත තවුසා සහ අනිත් බමුණෝ වයසක අය නිසා නං දාන්නේ නැතුව බබා ගේ රෝම කූප බලමින් හිටියා කියල මේ කියන්නේ?

      Delete
    3. @මහසෝන් පිල්ලිය

      සමාවෙන්න. මා එය අයින් කළා ටික දිනකට පෙර පාඨකයෙකුගෙන් ආ ප්‍රතිචාරයක් නිසා එය ඬැඩ නොකරන බව දැන ගෙන.
      http://kathandara.blogspot.com/2013/12/blog-post.html?showComment=1386310132427#c3071422442931240458

      ඔබේ මේ ප්‍රතිචාරය නිසා ආපසු එකතු කළා.

      මං සර්ච් කරන්නේ කෙලින්ම ගූගල් එකේ. කී වර්ඩ් අවශ්‍ය පරදදි දාලා ඒ සමගම එකතු කරන්න. වැඩි වෙනසක් නෑ.

      Delete
    4. ප්‍රීතියි , ප්‍රීතියි දැන් ලේසියෙන්ම ආයි කකිපීඩියාව සේර්ච් කරන්න පුළුවන්. ස්තුතියි කකා.ගූගල් වලින් ඔබ කිව්ව විදියට කරන්න බැලුව. හරිගියේ නැහැ
      ;)

      Delete
  2. කකා තමන්ගේ අටසිය වැනි පෝස්ට් එක ගැන ඉඟි කල මේ මාතෘකාවට කැමතියි.
    මුරලිදරනුත් පොරක් ද බං? - Is Muralitharan a hero?

    ඊට අමතරව මේකත් මතක හිටිය එකක්...
    හිටගෙන චූ කිරීම සහ සමාජවාදය බිහිකිරීම - Socialism? Piss off, mate!

    ReplyDelete
  3. 'පූස් පැටියන්ට නම් තැබීමේ කලාව (උදාහරණ සහිතයි) '

    මෙන්න අපේ ගෙදර ඉන්න පුස්රාලලාගේ නම්

    පීටර්
    එලාරිස්
    රෝඩ් ස්ටාර්
    වසුන්දරා
    ටින්කර්බෙල්

    ReplyDelete
    Replies
    1. පූසෙක් ඉන්න ගෙදරක මං ඉඳලා නෑ අවුරුදු විසි ගාණකින්!

      Delete
  4. දැන් කකා 1000වැනි කතන්දරයට දාන නම තීරණය කලාද?

    ReplyDelete
    Replies
    1. නරකද? උන්නත් දාහයි, මලත් දාහයි

      Delete
  5. මම දන්න තැනක බලුරාල කෙනෙක් හිටියා. ඌට දාල තිබුන නම තමයි "අපිට මොකෝ". ඌ හරි ආඩම්බරකාර බල්ලෙක්. ගෙදරට සතෙක් සරුපයෙක් නෙවේ හොරෙක් හතුරෙක් ආවත් ඌ නෙවේ තඹේකට ගනන් ගන්නෙ. අනෙ අපිට මොකෝ මොකා ආවත් කියලා පාඩුවෙ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ඔහෙව දැක්කෙ! මොකෑ වෙලා තිබ්බෙ?

      Delete
    2. ඔන්න ඔහේ පාඩුවෙ හිටියා ඉන්දික...
      හොයල බැලුවට තැන්කූ...
      ආයෙම මොනා හරි ලියන්න ඕනෙ.

      Delete
    3. ඊට වඩා හොඳයි නේ තොට මොකා් කියලා දැම්මා නම්!

      Delete
  6. @M.Conteur,

    Êtes-vous fou? Rencontrer un médecin.

    ReplyDelete
  7. නම් දාන එක එච්චරම ගේමක් නැහැනේ ...

    එක එකාට කාඩ් ගහන නිසාද මන්දා..

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් මානසික රෝගියෙක්ගෙන් හරි ආතල් එකක් අරන් පොර වෙන්න හදන එකානෙ.... එක එකාට කාඩ් ගැහුවට උඹේ කාඩ් කුඩු....

      Delete
    2. සෑම් ගේ ලිපිවලට දාන මාතෘකා සිත් ගන්නා සුලුයි.

      නමුත් සහහර වෙලාවට ටිකාක් විර ලිමිට් එකට උඩින් යන දවසුත් තියෙනවා නේද?

      Delete
  8. කකා.....
    කියවීම පහසු කරවන, ආයු දීර්ඝ කරන ලේඛන දිනපතා පාහේ කැමැත්තක් ඇත්නම් කියවන්නට පමණක් කැමැත්තෙන් වෙහෙසෙන අය වෙතින් ලොවට බිහිවෙද්දී හෙට දෙන බියර් පොරොන්දු වෙන ක්‍රමය මිනිස්කමක් කියා මාතෘකා යොදමින් මිනිස්සු රවටන්නට හැකි වූ කාලය අවසන් වෙමින් පවතී.

    ReplyDelete
  9. මෙන්න කකා මගේ සිත්ගත්.... මාතෘකා.... /පෝස්ට් අන්තර්ගතය/.... සමග -රිප්ලයි-......

    01. අෂුනි බුපීනෝ වෙතින්
    සහද්ඣ්ද්ඝ්ද්ක්ස්ධ්ස්න්ස්බ්න්ස්ස්බ් ජ්ක්ද්ක්ධද්සිස්ධි xම්ස්xහ්ජ්ස්ග්යස්ස්ම්ල්.......

    /බුහ්... බුහ්....බුහ්... බුහ්....බුහ්... බුහ්....බුහ්... බුහ්....බුහ්... බුහ්..../

    < හරි ෂෝක් අක්කේ.... මතුගම ගොඩයො දන්නවද අපේ ඇමරිකාව ගැන >
    -ඒකනෙ මල්ලියේ -

    02. වටින් පිටින් ගොතා....

    /පුෂ්... පුෂ්... ෂ්... ෂ්....පුෂ්... පුෂ්... ෂ්... ෂ්.... පුෂ්... පුෂ්... ෂ්... ෂ්.... පුෂ්... පුෂ්... ෂ්... ෂ්.... මම කන්නෙ අරවා... බොන්නෙ මේ කෝපි... අර වයින්... අහවල් චොකලට්... මම මෙහෙමයි... මගෙ යාළුවො මං ගැන හිතන්නෙ මෙහෙමයි... මම රෑට කෑවෙ මේවා... උම්බෑ.... /

    < හයි ෂෝයි අක්කියෝ >
    - පුෂ්... පුෂ්..... පූපූපූෂ්... -

    ( වෙන තිබ්බත් ලියන්න බෑ කකා... හරිම බිසි කාලයක්... වැඩ වැඩ වැඩ...)

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි බං බ්ලොග් කියන්නේ. තමන්ට කැමති දෙයක් ලියන්න තියෙන පෞද්ගලික අන්තර්ජාල ස්පේස් එක. උඹලට තියෙන කිරිපණු ගායට පුක කහ කහ ගිහිල්ල ඒවා බලල නයි දෂ්ට කර ගත්තට ලියන මිනිස්සු පලිද ? අකමතිනන් නොබලා හිටපල්ලා.

      Delete
    2. @මහසොහොන් පිල්ලිය

      ++++++++++++++++++

      අප කතාකල යුත්තේ තමන්ට කැමති දෙයක් ලියන බ්ලොග් රචකය ගැනද? බ්ලොග් ලෝකයේ ගෝඩ් ෆාදර්ලාගේ හැසිරීම නොදැක්කාසේ සිට්න අපි ගැනමද යන්න ප්‍රශ්ණයකි.

      Delete
    3. ඇනෝ ලා ගේ ස්වයං මානසික ප්‍රතිකාර විහිළු කතා සීරීයක් ගැනීමේ වරද මං නං කරන්නේ ඉතා අඩුවෙන්!

      Delete
  10. @කකා,

    පහත පැණ වලට, උගත් බුද්ධිමත් මැවිසුරුවකු ලෙස ඔබේ පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    නෝනා කෙනකු සිටියි. මේ නෝනාගේ පුක කළුම කළු වුවත් ඇය සිතා සිටින්නේ එය රත්තරන් පාට බවය. ඒ අස්සේ මතුගම පැත්තේ ගොඩයෙක් නෝනාගේ සාය උස්සා "හූ හූ ඔයාගේ පුක කළුයි..." කියා කිණ්ඩිය දායි. (උගෙත් තරමට නෙවෙයි වැඩ!) නෝනාට මළ පැණ එය ෆ්‍රෙඩෙරික් බැස්ටියාට්ට කම්ප්ලේන් කරයි. ෆ්‍රෙඩෙරික් බැස්ටියාට් අම්බානට නෙළා දැන් ගොඩයා ඉස්පිරිතාලේලු.

    දැන් කකා විසින් උත්තර දිය යුතු ප්‍රශ්න:

    1. මේ සිද්ධියේදී නිවැරදි නෝනාද, ගොඩයාද, බැස්ටියාට්ද?
    2. ඉහත සිද්ධිය නිසා වැරදිය කියා ඔප්පු වෙන්නේ සමාජවාදයද, ධනවාදයද?

    ReplyDelete
    Replies
    1. සියල්ලටම පෙර ඔබ අංගොඩ මානසික රෝහලේ නේවාසිකයෙක් වෙන්න.

      Delete
    2. මං මොකෑ අංගොඩ නවතින්න යන්නෙ මටයැ පිස්සු?

      Delete
    3. නියම්යි බන් මාතෘකා ටික ..අපි කකාට ලියන්න කියමු

      Delete
    4. ඇනෝ ලා ගේ ස්වයං මානසික ප්‍රතිකාර විහිළු කතා සීරීයක් ගැනීමේ වරද මං නං කරන්නේ ඉතා අඩුවෙන්!

      Delete
  11. නමක් දාන එකත් ලේසි නෑ ...

    කොහොමවුනත් කකා පොස්ට් වලට නම් දාන විදිහ නම් අපූරුයි...

    ReplyDelete
  12. ම්ම්ම්ම් ..එකත් ලොකු වැඩක් තමා ..බලමු එහෙනම් නම ...

    ReplyDelete
  13. යාලුවෙක් බලු පෑටව් දෙන්නෙක්ට නම් දාල තිබුන "හපයි" සහ "කයි" කියල.
    පොඩ්ඩක් ඈක්සන්ට් එක්කක් දාල කිව්වහම Hapai and Kai කියල ජෑපනීස්, Finnish හෝ අප්‍රිකානු නම් වගෙ

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ දාන කොමන් නමක් තමයි
      බල්ලන්ට - ගුලු බායි
      පූසන්ට - ගුලල් බායි

      Delete
  14. නම් දාන එකත් ලේසි නෑ තමයි.හැබැයි මම නම් හිතන්නෙ නම් කියන්නෙ කිසිම තේරුමක් නැති දෙයක් කියලයි.හදුනා ගන්න විතරයි නේද නමක් ඕන වෙන්නෙ.
    හැබැයි නම් වල විවිධ තේරුම් තිබෙනවා. දැන් යකා කියන එක ගනිමු.මේකෙ තේජවන්ත බවක් තිබෙනවා.එසේම නිර්මලත්වය වැනි හැඟීමක් තිබෙනවා. නොබියව ඉදිරියට යනවා වගෙ හැඟීමකුත් එනවා.කටටත් හුරුයි යකා කකා පැරා වගෙ ඕන කෙනෙකුට ටග් ගාල කටට එනවා.

    හැබැයි අහුබුදුවන්ගෙ නම් වල නම් කිසිම තේරුමක් නෑ.ඒව නිකම් වචන හුටප්පර.

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න ගොබියා ,උඹට මාර උනක් නේ තියෙන්නෙ ..
      කටටත් හුරුයි යකා කකා පැරා වගෙ ඕන කෙනෙකුට ටග් ගාල කටට එනවා.////
      උඹ හිතන් ඉන්නෙ උඹත් කකා වගේ පොරක් කියලා ද ?උඹට කලින් සිරා යකා හිටියේ උඹ එක එකාව කොපි කරන එකනේ කරන්නෙ ....

      Delete
    2. "හැබැයි මම නම් හිතන්නෙ නම් කියන්නෙ කිසිම තේරුමක් නැති දෙයක් කියලයි."

      එක වාක්‍යයකට පසු

      "හැබැයි නම් වල විවිධ තේරුම් තිබෙනවා."

      තේජවන්ත බව කෙසේ වෙතත් පොඩි මොංගල් ගතියක් නම් පේනවා....

      Delete
    3. යකා ගොඩ යන්න හදන්නෙ සමරපාල මෙතඩ් එකට බොලව්. පව් නෙ මූ ගැන උඹලත් මේ කියන විදියට හිතපල්ලා.... තේජවන්ත නිර්මල ඔහොම. මොකද බොලව් බ්ලොග් එකක් ලියල වැඩ පෙන්නල ප්‍රතිරූප හදා ගන්න යකාට වෙලාව නෑ බොලව්.

      Delete
    4. ඇයි මූ පැරාගෙ බ්ලොග් එකේ සමාජවාදෙ ගැන දෙසන්න ගිහින් අහගත්තෙ හොඳට..... දන්නෙ නැති රෙද්ද ගැන කතා නොකර හිටින් බං...... උඹ නිකන් පත්තර තට්ටුවේ මෝඩ සෑම් ගෙ හරි රං ගොජාගෙ හරි සහෝදරයෙක් වගේනෙ.....

      Delete
    5. මේ පිස්සු යකා හිතන් ඉන්නෙ ගොබෙල්ස් ක්‍රමේට උගෙ "නිදහස් මතදාරී/අමුතු විදියට හිතන" වරුනාව උගෙ බ්ලොග් එකේ මදිවට අනික් බ්ලොග් වල කමෙන්ට් වලත් වපුරලා වපුරලා... මිනිස්සුංට ඒක කියවලාම යකා මාර පොරක් කියල හිතයි කියලා....

      ඔහොම හිතන එක වරදකුත් නෑ එක අතකට අර ඉවාන් පවුලූෂා කියන ගොන් බාස්, කෝරලේ මහත්තය කියන (ලකෆ්රෑන්ස් හැක් කරනව කියල ගොන් ටෝක් දීල පීචන් උනු) මොට්ට වාහෙ, අපුර්වි කියන හිත හොඳ ගෑනි, ගිලට් රේසර් එකක් අරගෙන ඔෆිස් එකේ ගිහින් පොරටෝක් දුන්නු සුදීක කියන කබ්බ ඩයල් එක වගෙ උනුත් ඉතින් මීහරකෙක් ඇවිත් උම්බෑ කිව්වත් ඒකට හුරේ දාල කමෙන්ට් කරන නිසා.... අර අසහන් කියන ලෝකය ට කඩේ ගියෙත් මුන් සෙට් එක ම නේද මචන්ස් ලා...

      Delete
    6. හැබැයි අහුබුදුවන්ගෙ නම් වල නම් කිසිම තේරුමක් නෑ.ඒව නිකම් වචන හුටප්පර./////
      උඹ නිකන් මී හරකා වගේ නොදන්න එවා නොකියා හිටපන් ..උඹ එච්චරම දන්නවා නම් කරපු වැඩක් කියහන් .නිකන් මිනිස්සුන්ට පද හදන්නෙ නැතුව....

      උඹ එක සැරයක් අර දිලිනි කෙල්ලට බැණලා පස්සෙ අයේ ගිහින් දණ ගහලා අඩා වැටුණා නේ ..කෝ උබ හදනවා කියපු .මහා ලොකූ අලුත් බ්ලොග් කියවන රටාව ...කටෙන් පම්පොරි ගහන්න එපා බන් ...උඹේ රෙදි ගලව ගන්න හදන්නෙ ඔය..

      Delete
    7. උඩ ඇති සියලු කොමෙන්ටු යකා වන මා විසින් පොඩි රහස් පරික්ෂක වැඩක් සදහා හොම්ස් ගේ උපදේස් මත දෑමු එවාය ..

      මීට පොර උණ සැදුණු
      යකා මහත්තයා

      Delete
    8. AnonymousMarch 3, 2014 at 12:25 PM @

      සිරා යකා කියන්නෙ මොකෙක්ද බන්.උබ වගෙ එකෙක්ද?

      AnonymousMarch 3, 2014 at 2:43 PM @

      මම කියපු එක මූට තේරිලා නැති හැටි.මම කිව්වෙ නම් වල තේරුම් තිබෙනව.ඒත් එව්ව පුද්ගලයන්ට දැම්ම කියල වැඩක් නෑ.නම් තියෙන්නෙ හදුනගන්න විතරයි කියල

      AnonymousMarch 3, 2014 at 2:48 PM @

      සමරපාල මෙතඩ් එක කියන්නෙ මොකක්ද බන්.මම ඉතින් මොකුත් නොදන්න එකා හින්ද අහන්නෙ

      AnonymousMarch 3, 2014 at 2:57 PM @

      පැරාගෙ බ්ලොග් එකේ වුන දේ කවුරුත් දන්නව.ඇනෝ බයගුල්ලො පරාද වෙලා අපහාස කරන්න ගත්ත.මම නතර වෙයි කියල හිතල.ඊට පස්සෙ අදල නැති ලිපි ලියන්න කිව්ව,පොත් ප්‍රදර්ශනවලට එන්න කියල ඉන්විටේෂන් එවන්න කිව්ව.ඒ වගෙ අරක මේක කියල ලිස්සල ගියා.

      AnonymousMarch 3, 2014 at 7:23 PM @

      මම කොහොමත් මාර පොරක් බන් ඒකනෙ යකා කියන්නෙ හෙහෙ හෙහෙ

      AnonymousMarch 4, 2014 at 9:13 AM @

      අහුබුදුවන්ගෙ නම් උබ අහල තියෙනවද? දිලිනිගෙ ප්‍රශ්නෙ වුනේ මේකයි.මට හිතුන මම අනවශ්‍ය දෙයක් කළා කියල.මටත් ඒ ප්‍රශ්නෙ බලපාපු නිසයි කතා කලේ

      AnonymousMarch 4, 2014 at 9:18 AM @

      අන්තිම ඇනෝට. උබ කවුද කියල දන්නව බන්

      Delete
    9. ඇනෝ ඇවිත් බියගුළු වැඩ නොකර පුළුවන්නම් වරෙන් මගෙ බ්ලොග් එකට.

      http://nawadakmakapelahara.wordpress.com/

      Delete
    10. අර ගෑනුන්ගෙ හිත ගන්න ක්‍රම 45ක් තියන ඊමේල් කට් ඇන්ඩ් පේස්ට් කරපු බ්ලොග් එක නේද බන් ඔය.කියන්නෙ ...

      Delete
    11. යේ පෝෂ්ටෙක යෙකා ඩෙලීට් කුරල තමා තීනවා.... මොකත යෙකා "පියගුළු වෙඩ" කීවට ඔයා ඇනෝට පයේ පෝෂ්ට් යෙක්ක ඉට්ටං ඩෙලීට් කුරනවා නේත යෙකා....

      Delete
    12. යකා නොවෙයි මොකෙක්වත් ඇනෝ ලට බය නෑ බන්.යුතුකමක් විදියට හිතල උත්තර දෙනව.බ්ලොග් ලෝකෙ ගොඩ්ෆාදර්ල ඇනෝ විදියට එන බව කවුරුත් දන්නවා.එක බ්ලොග් එකක ඒක කරන කෙනාම ඇනෝ ඇවිත් උත්තර දෙනවා.ඒ වාගෙම අලුත් බ්ලොග්කාරයො වට්ටන්න කරන මේ සෙල්ලම නිසා හුඟක් බ්ලොග්කාරයො බ්ලොග් කෙරුවාව අත ඇරල තියෙනවා.ලංකාවෙ බ්ලොග් කරයො උපරිම ඇති 1000 ක්.ඒකෙන් සක්‍රිය බ්ලොග්කාරයො පනහක් හැටක් වත් නෑ.

      Delete
    13. @ යකා

      /* දැන් යකා කියන එක ගනිමු. මේකෙ තේජවන්ත බවක් තිබෙනවා.එසේම නිර්මලත්වය වැනි හැඟීමක් තිබෙනවා. */

      මං හිතන්නේමෙහෙම හැඟීමක් එන්නේ යක්කුන්ටම විතරක් වෙන්න ඕනෑ!
      මට නං යකා කිව්වාම එන්නේ වෙනත් ආකාරයක හැඟීම්!

      Delete
    14. නව දැක්මක පෙළහර බ්ලොග් එක දැන් ඔබ අතට

      http://nawadakmakapelahara.wordpress.com/

      Delete
    15. කකා,

      යකා ට ලින්ක් දාන හැටි කියල දෙන්න කකා

      Delete
    16. @AnonymousMarch 5, 2014 at 9:12 AM

      මොකෝ මාලන් ඇනෝ එන්නේ?

      Delete
  15. මම පූසන්ට අකැමති නිසා එයාලට නම් තියෙන ප්‍රශ්නයක් එන්නේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මහත්තයා පුසන්ට කැමතිද ?

      Delete
    2. මමත් කැමති පුසෝ හුරතල් කරන්න ..

      Delete
    3. ඔස්ට්‍රේලියා Vs මැලේසියා වගේ . බලලගෙ නම කෙසේ වෙතත් බලල් අතක් නම් පේනවා :)

      Delete
    4. මාත් පුස්ලාට විතරක් නොවෙයි, පපීලාටත් අකමැතියි!

      Delete
  16. කතන්දරවලට පෝස්ට් වලට නම් දැමීම කෙසේ වෙතත්, පාසැල් කාලයේ මගේ පංතියේ යාළුවෙක් හිටියා කාඩ් ගහන්න කියාපු බඩුව. සමහර කොල්ලන්ට දැම්මේ සත්තුන්ගෙ නම්. එකෙක් හෝතඹුවා හෙවත් හොටෑම්ස්. ආයේ ඇරපු අතක් නෑ ඌ හෝතඹුවෙක්ම තමයි. වැඩේ කියන්නෙ නම තියනකම්ම අපට ඒ හෝතඹු මූණ පෙනුනෙ නෑ.
    පෝස්ට් වලට නම් තියන්න ඔච්චර මහන්සි වෙන්න ඕනැද? බලන්නකො අරුණි ශපීරෝ නම් දාල තියන හැටි!

    ReplyDelete
    Replies
    1. ට්‍රෑ මොකද ඔය බත්කූරෙක් ගේ ෆොටෝ එකක් දාගෙන ඉන්නේ?
      ඇරපු අතක් නෑ බත්කූරෙක් වගෙයිද?

      ;-)

      Delete
  17. ඒ කාලේ ඉදන්ම පොඩ්ඩ ඇත්නම් කාර හරි නමක් පර බැදලා පුරුදු හන්දා නම් දාන එක නම් එච්චරම අමාරුවක් නෑ වගේ බලන් යද්දී හැමෝටම..

    ReplyDelete
    Replies
    1. වර්ණ?

      (මෙ ්කතන්දරය සිහිවුනේත් දේශකයා ගේ ලිපිය නිසයි!)

      Delete
  18. මම නම දාගන්නෙ හොදට කම්පනා කොරල....පේනවනෙ Kanji කියන නමේ ඝනකම ..... හෙහ්....හෙහ්.....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි කන්ජි වෙලා තියෙන්නේ කෙන්ද කන්ද කරනවා වගේ වැඩක් නිසාද?

      Kanji කියන නම ඝනකම ඇති ඒත් Kenji කියන නම?

      Delete
  19. කෝඩු අපිට හොඳ උපදෙසක්..

    ReplyDelete
  20. නම් දාන එක මහම එපා කරපු වැඩේ. මට නම් තෙරෙනෙ නැහැ :(

    ReplyDelete
    Replies
    1. දෙමව්පියකම ලැබුණු දවසක?

      Delete
  21. බළළට දැම්මත් බලල නම දාන්න ඕන කියන්නෙ ඕක තමයි!

    ReplyDelete
    Replies
    1. පූසාට නම දාන්න ඕනෑ පූස් පාට් එකෙන්!

      Delete
  22. මම දන්නා හොඳම නම් දාපු හාදයෙක් තමයි ඉස්සර මනහර සඟරාවේ සංස්කාරක රිචර්ඩ් විජයසිරි. දවසක් සඟරාවේ කවරයේ කතාවට නම දාලා තිබ්බේ ' මට බබා හම්බ වෙච්ච හැටි' කියල.
    කියවලා බැලින්නම් ලංකාවේ හාදයෙකුට ඉන්දියාවෙදී සායි බබා හම්බ වෙච්ච හැටි තමයි ලියලා තිබ්බේ.

    ReplyDelete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  24. මෙන්න අපේ නැසීගිය සහ දැනට ජීවත්ව සිටින එකම පූසාගේ නම..

    කළුවා ▬ ඇඟ කළුයි බඩ යට සුදුයි..
    සුද්දා ▬ කළුවගෙ නිවුන් සොහොයුරා.. ඇඟ කළුයි බඩ යට සුදුයි.. ඒ අමතරව රැවුලෙ පැත්තක් සුදුයි.. ඒ පොඩි වෙනස නිසා සුද්ද
    බෙල්ලෙන් තල්ලු :P ▬ අරුන් දෙන්නගෙ අනික් නිවුන් සොහොයුරා හෝ සොහොයුරිය. ශුවර් නෑ. ඉපදිලා වැඩි දවසක් උන්නෙ නෑ.. සෙල්ලම් කරනකොට අනික් උන් දෙන්නව බෙල්ලෙන් තල්ලු කරනව.. ඉතිං ඔය නම තිබ්බ..

    උන් තුන්දෙනාම නැසී ගිය..

    දැන් ඉන්න එකා තෝර්.. (ඔව් ලෝකිගෙ සහෝදරය :P) ඌව ගැටගහල තියෙන්නෙ මිටියක.. හැමතැනම යනවට.. ඉතිං ඌ යන යන තැන මිටිය.. එනයින් ඌ තෝර් නම් වූ සේක :P

    ReplyDelete
  25. නම තමා වැදගත් හැමදේටම. පෝස්ට් එකකට වුණත් මිනිහෙකුට වුණත් ව්‍යාපාරේකට වුණත්. මට මතක් වුණේ අහුබුදුගේ කතාවක්. එයා දාපු නම්ලුනේ "සලාකා සහ දම් රෝ" කියන දෙක. දෙකම හිට්නේ. කොටින්ම බස් හෝල්ට් එකත් සලාකා වුණානේ :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.