ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 28 March 2014
පිටුදැක අවසන් කළ යුතු විෂම චක්කරය - Stop it right there!
දැන් අවුරුදු දෙකකට කලින් මං මේ බ්ලොග් එකේ තේරවිල්ලක් පල කළා. ඒක ඔරිම ඔරිජිනල් එකක් හින්දා අපේ කෂ්ටියට තෝරන්න සෑහෙන කාලයක් ගියා. මෙන්න ඒක කතන්දරේට පාර.
http://kathandara.blogspot.com/2012/01/original-riddle-from-kk.html
ඒ තේරවිල්ලෙන කියවුණේ පරම්පරාවෙන් පරම්පරාවට යන චක්කරයක් ගැනයි.
අද මං මේ කියන්න යන්නේත් ඒ වගේම චක්කරයක් ගැනයි.
හැබැයි මේක විෂම චක්කරයක්. අප විසින් පිටු දැක අවසන් කළ යුතු විෂම චක්කරයක්!
මෙන්න මං කියන්න යන පළමුවෙනි කතන්දරය.
මේ කියන දෙමව්පියන්ට ළමයි තුන් දෙනෙක් හිටියා. තාත්තා ෆෑක්ටරියක කම්කරුවෙක් විදියටයි වැඩ කෙරුවේ. තාත්තා පැන්ෂන් යන කොට (දැන් අවුරුදු දහයකට විතර කලින්) බාල කොල්ලා හැර අනිත් දෙන්නා විවාහ වෙලා ළමයි පවා ඉන්නවා. බාලයා ගෙදරමයි හිටියේ. හරි හමං ජොබ් එකක් තිබුණේ නෑ.
තාත්තට ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක ලක්‍ෂ දහයක් විතර ලැබුණා. ඒකෙන් ටිකක් වියදම් කරලා ගෙය තරමක් පිළිසකර කර ගත්තා. ඉතුරු සල්ලිවලින් ළමයි තුන් දෙනාට ලක්‍ෂ දෙක ගානේ දුන්නා.
අනිත් ලක්‍ෂ දෙක සේවින්ග්ස් බැංකුවේ දාලායි තිබුණේ, වැඩි පොලී ලැබෙන ගිණුමක.
අවුරුදු දෙකක් විතර ගියාම මේ තාත්තා හදිසියේම මැරුණා. හදවත් රෝගයක් ද කොහෙද. ඊට පස්සේ අම්මාට තමයි අර බැංකුවේ තියෙන ලක්‍ෂදෙක හිමිවුණේ. හැමදාම පොලිය ගත්තු හින්දා ඒක තාමත් ලක්‍ෂ දෙකයි.
ටික දවසකින් පොඩි පුතාට ඕනෑ වුණා රට ජොබ් එකකට යන්න. ඉතාලියෙද, කොරියාවෙද කොහෙද! වැඩේ සේරම සෙට්. කරන්න තිබුණු එකම දේ තමයි රුපියල් ලක්‍ෂ තුනහමාරක් දෙන එක ඒජන්ට්කාරයාට.
පුතාගේ සල්ලියි, අම්මාගේ සල්ලියි දාලා ඒක ගෙවලා දැම්මා. පුතා මාස දෙක තුනකින් ඒ ගාන පඩියෙන් ඉතුරු කරගන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ.
එහෙම ඉතුරු කරගන්න වුණත් ඉඩ තිබුණා, හැබැයි ඒ ජොබ් එකට රට යන්න ඇත්තටම ලැබුණා නම්!
අන්තිමේ දී වුනේ පුතාගේ මදිවට අම්මාගෙත් තිබුණු තුට්ටු දෙකට කෙලවීම විතරයි.
දැන් අම්මට ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ. බැඳලා ඉන්න ළමයි දෙන්නට කියල එහෙමත් ආදායමක් නෑනේ.
තාත්තා ජීවිත කාලයක් වැඩකරලා ලබා ගත්තු ලක්‍ෂ දහයේ අර්ථසාධක අරමුදලම ඉවරයි. තාත්තා නම් මිය ගිය නිසා බේරුණා.
ජීවත් වෙන අම්මා තමයි දුක් විඳින්නේ! ගේ එක්ක ඉඩං කෑල්ල තිබුණට ඒක විකුණලා ජීවත් වෙන්නයැ. කොහොමටත් ඒ පර්චස් දහයේ කෑල්ලත් පොඩි පුතාට ලියලයි තියෙන්නේ!
මේක මං මුලින් කියපු විෂම චක්කරය ගැන තරමක් හොඳ උදාහරණයක්.
දෙමව්පියෝ වැඩ කරන කල් තමන් උපයා ගන්න දේවල් දරුවෝ වෙනුවෙන් වැය කරනවා. පැන්ෂන් අරමුදලත් දරුවන්ටම දෙනවා. තියෙන බිම් අඟලත් ලියලා දෙනවා
අන්තිමේදී දෙමව්පියන් අසරණ වුණාම කාගේ පිහිටක් ද?
මට මතක් වුනේ අර බච්චන් ජෝඩුව රඟ පෑ බාග්බාන් හින්දි චිත්‍රපටියයි.
මගේ හිතවතෙක් වෙන රශ්මි කුරුකුලසූරිය නවකතාවකුත් ලියන්න ගියා ඒ ගැන!
-කතන්දරකාරයා
ප/ලි:
දෙවෙනි කතන්දරේ අනිද්දාට දාන්නම්. ඒක නම් මෙහෙම නොවෙයි සෑහෙන්න දුක එකක්!
එතකල් මෙන්න මේ කතන්දරේ බලන්න. මේකේ කියවෙන්නේ බල්ලෙක් වගේ පුතෙක් ගැනයි!
http://kathandara.blogspot.com/2013/08/believable-unbelievable.html
(image: http://www.express.co.uk/news/uk/396345/Why-4-in-10-won-t-get-an-inheritance)
Subscribe to:
Post Comments (Atom)
ටිකක් හිතන්න මට ඉඩ දෙන්න....
ReplyDeleteඅවශ්‍ය තරම් කාලයක් ගන්න! අවුලක් නෑ!!
DeleteM.Kenji,
DeleteÊtes-vous un tubelight?
ගැටළු රාශියක් ගොඩනැගෙනවා. දෙපැත්තක් නෙමේ සිතිය යුතු ගොඩාක් දේ එමටයි
ReplyDeleteදෙපැත්තක් නෑ, එක ඵැත්තයි තියෙන්නේ. ඒ දෙමව්පියන් ගේ පැත්තයි!
Deleteකකා... කකාගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ලිස්ට් එකේ කීයක් විතර ඉන්නවද?
ReplyDeleteහත් අටසීයක් නැත්නම් ඕන් පොරක් වෙලා හමාරයි......
සන්දර්භය කුමක්ද?
Deleteඇයි කකා දන්නෙ නැද්ද... සමහර ප්‍රසිද්ධ බ්ලොග් කාරයොන්ට ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනවලු හිටු තියලා..... සකර්බර්ග් කාරයා සම්මානෙකුත් දෙන්න යනවලු...... ජනාධිපති උපදේශක කමකුත් හම්බවෙයි වගේ.....
Deleteඅද කට්ටිය ඉලෙක්ශන් ඩියුටි වගේ.... බ්ලොග් එක වේලෙනවා...
ජනප්‍රිය බ්ලොග්කාරයින්ට ඉතින් ෆ්‍රේන්ඩ්ස් රික්වේස්ට් එනවා තමයි. කකා කවුද එහෙම රික්වෙස්ට් එවන්න?
Deleteඒක ඇත්ත.... කකාට මම බ්ලොග් එක ජනප්‍රිය කරගන්න "කතන්දර ඇහුවොත් කැමරාම තමයි" වැඩසටහන පටන් ගන්න කිව්වා ඒක කරෙත් නෑනෙ....
Deleteපෙන්ඩින් රික්වෙස්ට් හත්සීය ගානක් තියනවා කියන්නෙ ආයි ඉතින් මරාගෙ මල්ලි වගේ තමා ආයෙත්.... කොච්චර ආඩම්බරයක්ද...
ඇයි ළමයාට හරි ජොබ් එකක් සෙට් උනේ නැද්ද?
ReplyDeleteහොර ඒජන්සිකාරයා පොල්ලක් තිබ්බා. සල්ලි ආපසු ලැබුණේ නෑ.
Deleteඒජන්සි කාරයා අභීත එදිරිසිංහගෙ නෑ කෙනෙක් ද?
Deleteමී මුරේ මාමා ගැන කාලෙකින් අරංචියක් නෑ. ඉන්නවාද තවම? නැත්නම් හෙණ ගැහිලාද?
Deleteඌට හෙණ කෙසේ වෙතත්... උගේ හරහා මීමුරේ යන අයගෙ නම් පුක නෑ...
Deleteඕවා ඔාහොම තමා.. අන්තිමට තුට්ටු දෙක දීපු අම්ම ගැන බලන්නවත් එකෙක් නෑ. අනිත් කතාව දිහා ඇහැගහගෙන ඉන්නේ..
ReplyDeleteඅනිත් කතාව මීට වඩා දුක එකක්!
Deleteඅනිත් කතාව:
Deletehttp://kathandara.blogspot.com/2014/03/parenting-what-not-to-do.html
කතන්දර ඔබ ඉතා වැදගත් සංවේදී සමාජ ප්‍රශ්නයක් මතු කළා.තමන්ට කියා ආර්ථික සවියක් නැති වුනහම දෙමවුපියන්ට තමන්ගෙ ලේලිලාගෙන් බෑණලාගෙන් රොස් පරොස් අහමින් පාරට වැටෙන්නයි වෙන්නෙ. ලද දෙයින් සතුටු වීමත් අනාගත සැළැසුම් අවදානම් අවම වන අයුරින් කරන්න පුළුවන් නම් හොඳයි නේද?
ReplyDeleteවැඩිදුර කතාබහ ඉදිරියට යක්ස්!
Deleteයක්ස් ???????????????????????????????????????????????????????????
Delete//තාත්තා නම් මිය ගිය නිසා බේරුණා.//
ReplyDeleteමේක තමයි ටොප්ම කතාව.
මියගිය අයට ප්‍රශ්ණ නෑ, ඉන්න අයටයි ප්‍රශ්ණ!
Deleteමේ වගේ ප්‍රශ්ණ නිසා හුඟක් අය අද කබලෙන් ලිපට වැටෙනවා...
ReplyDeleteලිපෙන්?
Deleteහපොයි හරිම ගැටලුවක්නේ ..
ReplyDeleteකියලා වැඩක් නෑ!
Deleteකකා රජයට පවරා ගත් කෝකා කෝලා කොම්පැණියේ දේපල ආපහු ඔවුනට ලැබේවි ද?
ReplyDeleteකැස්ත්‍රෝ තමයි ඔව්ව දන්නේ
Deleteඅයි ඩෝන්ට් නෝ වයි
:)
බකාර්ඩි රම් නැවතත් කියුබාවේම නිෂ්පාදනය පටන් ගනීවි ද?
Deleteදෙමවුපියො පුලුවන් කාලෙ හරි හම්බ කරල උගන්නනවා. හරියට අධ්‍යාපනය ලබල දෙමව්පියො තනියෙන් හිටගත්ත වගේ දරුවොත් දැනගනෝනි දෙමව්පියන්ම හූරකන්න බලන් ඉන්නැතිව තමන් තනියෙන් නැගිටින්න. ඒ මිනිස්සුන්ගෙ අර්ථසාධකේ හරි පෙන්ෂන් එකෙන් හරි ඒ අයට පාඩුවේ ජීවත්වෙන්න දෙන්නෝනි. ඒ අතරෙ තම්නුත් තමන්ට හැකි විදියට සලකන්නෝනි. ඒකෙ ආයෙ තර්කයක් නෑ.
ReplyDeleteහරියට හරි!
Deleteඑතැන අම්මා වැරදියි. එක්කෝ අම්මාට තිබුණේ පුතා ඕස්ට්‍රේලියාවට යවන්න. එහෙම නැත්නම් සුද්දෙක්ගේ .... සමාවන්න, සුද්දියෙක්ගේ ඇඟේ එල්ලලා ඇමෙරිකාවට යවන්න. එහෙම කළා නම් අද පුතා ඕස්ට්‍රේලියාවේ ඉඳලා හරි ඇමෙරිකාවෙ ඉඳලා හරි අම්මාට ජීවත්වෙන්න ඇති තරම් සල්ලි එවනවා. පුතා ලියන බ්ලොග් එක කියවන නිසා පාළුවකුත් නැහැ. සන්තෝසෙන් ඉන්න තිබුණා.
ReplyDeleteකවුද ඒජන්ට්? ඔහේද?
Deleteමෙික අර කරවිල කාපු ගෙදර කථාව වගේ කලාතුරකින් වෙන එකක් ගොඩක් රට ගිහින් හරි හම්බ කරගෙන හොදින් ඉන්නවා මනුස්සයෙකුට තියෙන්නේ පොඩි කාලයයිනේ!!!!!!!!!
ReplyDeleteඔහේත් මාර විහිළුනේ කරන්නේ!
Deleteගොඩක් රට කාලා හරි හම්බ කරගෙන හොදින් ඉන්නවා
Deleteඋත්තරයක් නැති ප්‍රශ්ණයක්... කී පැත්තක් කියලා බලන්නද....?
ReplyDeleteඑක පැත්තයි, දෙමව්පියන් තමන් ගේ පැත්ත.
Deleteතමන් හිසට තම අතමය සෙවනැල්ල!
නෑ , කකා මේක දැනට උත්තරයක් නැති ප්‍රශ්ණයක් තමා.. ඔය කතාව, ඔබට ගැලෙපේවි. ඒ ඔබේ තත්ත්වය සහ ජීවත් වන සමාජය නිසා. ලංකාවෙ ජීවත්වන , සාමාන්‍ය දෙමව්පියන් ගැන බැලුවොත් මේක ඊට වඩා සංකීර්ණ ප්‍රශ්ණයක්.
Deleteඅපි මේ කතා කරන්නෙ ලංකාව ගැන. මෙහෙ තියෙන්නෙ රිටයර්මන්ට් හෝම්ස් නෙමෙයි මහලු මඩම්. මඩම්වල තත්ත්වය සෝචනීයයි. බොහෝ දරුවන් ගාව ජීවත්වන දෙමව්පියන්ගෙ තත්ත්වය ඊටත් වඩා සෝචනීයයි. එත් දෙමව්පියෝ කැමතියි, අතපල්ලෙන් වැටිලාවගේ හරි, දැරුවො ගාව ජීවත්වෙන්නෙ. ඒ තාමත් වෙනස් නොවුනු, ඒත් අදට බොහෝවිට නොගැලපෙන සමාජ ආකල්ප නිසයි.
මට කියන්න තියෙන දේ, මං කලින් කිව්වා. අදාල නිසා ආයිත් ඒකම දානවා:
මේ විශම චක්‍රයෙන් ගැලවෙන්න නම්. දෙමව්පියන් දරුවන්ගෙන් යැපෙන පුරුද්ද නවත්වන්න ඕනෙ. අපේ තියෙන සංස්කෘතික, සමාජ සහ ආර්ථික බලපැම් නිසා මේ වැඩේ හිතන තරම් ලේසි නෑ. කෙසේ වුවත්, හැමෝම " අනේ, අපිනං එහෙම නැ, අපි නං සලකනවා" කිව්වට, බොහෝ දෙමව්පියන්ගේ තත්ත්වය සෝචනීයයි. අතපල්ලෙන් වැටිල වගේ තමයි ජීවත්වෙන්නෙ. සමස්ත සමාජයේම වැඩිහිටියෙන් කෙරේ තියෙන්නෙ, "ඔන්න චමින්ද කෙනෙක්" ප්‍රයිවට් බස් මානසිකත්වය.
එහෙම නොවන, අවස්ථා දැකල තියෙනවා. ඒ හැමතැනකම, දෙමව්පියන් තමන්ගෙ ස්වායත්තබව රැකගෙන තිවුණා. හොඳම උදාහරණෙ " ආඩම්බර තාත්තා". ඔය ඉන්නෙ යස අගේට , මුළු හත්මුතු පරම්පරාවන නඩත්තු කරගෙන.
හා , තව එකක්. වෙනස් වෙන්න ඕනෙ සමාජ ආකල්ප - වැඩිහිටියන් ගැන තියෙන ආකල්ප. එතකොට න බාගදා මේකට විසඳුමක් ලැබෙයි. ඒක මේ කපේදි වෙනස් වෙන්නෙ නෑ. දැං මේ බ්ලොග් අටමගලම ගමුකො. අපි මේ පොර-ෆයිල් හදාගෙන එන්නෙ , අපේ පෞද්ගලික විස්තර එලියට දාන්න ඕනෙ නැති නිසා වෙන. දැච් බලාන්ට, මේකෙ එකාලට ඉස්සෙල්ලම දැන ගන්න ඕනෙ ලියන් එකාගෙ වයස. එහෙම අනුමාන කරල, කියනව " අම්මට හුඩු, ඔහේට අපේ තාත්තටත් වඩා වයසයි නෙව" කියලා. හැල්පයත් මේ ගැන වංගියක් බොහොම හිතේ අමාරුවෙන් කතාකරනව මං දැක්කා.
Deleteඒත් ආඩම්බර තාත්තා වගේ ස්වායත්ත වෙන්න ගමේ ඉන්න ඇවරේජ් ජෝන් බාස් උන්නැහේටයි, සිම්පල් ජේන්නෝන ටයි බෑ,. කකා. ඒක ගෙවෙන්නෙ පන්සලත්, ගෙදරත් අතර.
කතාවෙ ඉන්න අම්මා වගේ , බොහෝ අම්මල ඔහොම අවස්ථාවල බඩේ තියන බිත්තර හැරි දරුවන් වෙනුවෙන් දෙනවා. ඒ තමා අපේ අම්මලගෙ හැටි. සමාජය ඔවුන්ගෙන් බලාපොරත්තු වෙන්නෙත් ඒකමයි. මං කියන්නෙ, ඔය අම්මා එහෙම නොදුන්නා නං, අර පුතත්, අසල්වාසියොත් අම්මා ජීවත්වෙලා ඉන්න කං ඔය ගැන කුටු, කුටු ගාවි. ඒ වගේම වත් කිව්ව වගේ, පුතාගෙ වැඩේ හරි ගියා වුනත්, "හත්මුතු පරම්පරාවම" ගොඩ දාංඤ්ඤං කියන ඔහොම යන අයට අලගිය-මුලගිය තැන් බොහොම ඉක්මණට අමතක වෙනවා.
සංසාර චක්කරේ බොහොම දිගයි, කකා
මම කියන්නේ ඇනෝ...මේක පුද්ගලාණුබද්ධයි. හැබැයි වෙනස් විය යුතුයි. වෙනස් කල හැක්කේ ඒ ඒ පුද්ගලයාට පමණයි. මම පෞද්ගලිකව තාත්තාගේ ෆන්ඩ් එක පවුලේ පොදු වස්තුවක් බවට පරිවර්තනය කරා. ඒ තුල ඔවුන් දෙදෙනා ඉතා සතුටින් ඉන්නවා. ඒ මුදල් දරුවන් කාගෙවත් පෞද්ගලික උවමනා වෙනුවෙන් යෙදවුනේ නැහැ. ඒ මුදලට අපි ඔක්කොම තවත් යම් දායකත්වයක් දී යම් කාර්‍යයක් කරා. ඒ දේවල් මෙහෙම ලියන්න බැහැ ඇනෝ මචෝ. අපේ පවුලේ දරුවන් හත් දෙනෙක් බවත් අමතක කරන්න එපා.
Deleteඑකඟයි අරූ.
Deleteලැට් මී ගෙස්, ඔබ සහ සොයුරු, සොයුරියන් ඔක්කොම හොඳ සමාජ තත්ත්ව වල ඉන්න අය? ඔබට, කකාට ඒදේ කරන්න පුළුවනි. ඒ ඔබේ සමාජ තත්ත්වය, අධ්‍යාපන පසුබිම සහ දැනට ජීවත්වන පරිසරය නිසා. ඒත් , කොහොම හරි රට ගියොත් ගොඩ කියල හිතන අපේ ගමේ බුවාලට, ඕක ඇප්ලයි වෙන්නෙ නෑ, අරූ.
දැං මාතලං කියාවිද මන්දා ,මේකෙ ඉන්න එකාල උපන්ගෙයි කම්මැලියො, නැත්නම් දැං ලංකාව ඇත්තටම වෙනස් වෙලා. ආස්චර්ය්‍ය පහල වෙන්න ඔන්න මෙන්න තියන්නෙ කියලා
නැහැ ඇනෝ....උඹ උපකල්පනය කරන සමාජ තත්වය කියන එක මට එතරම් පැහැදිලි නැහැ. මට ඇති අධ්‍යාපනික සුදුසුකමකුත් නැහැ...ආර්ථික ස්ථාවරයකුත් නැහැ. අපේ ගෙදර කිසිම කෙනෙකුට එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. මම සහ අපේ පවුලේ අනිකුත් අය යනු එදිනෙදා ජීවිතය ගැට ගසා ගෙන යන තවත් පවුල් කංඩායමක් විතරයි. මම ඉන්නේ සුද්දාගේ රටේ වුනත් ඔය මාසෙට පඩියක් ගන්න අනිත් එකෙක් පමණයි. පඩිය මාසේ අන්තිමට වැටෙනකම් බලා ඉන්න තවත් බුවෙක් විතරමයි. නමුත් මේ ආකල්පමීය වෙනස ඇතිවිය යුතුමයි. මම කියනදේ උඹට මගේ බ්ලොගයට ඇවිත් කියවපන් කියනවා කියා වරදවා හිතන්න එපා. නිකන් ඉන්න ගමන් අරූගේ ගොන් ජෝක් එකක් හැටියට කියවපන්. මම අත්විඳි දේ කියවලා බලපන්. කමෙන්ට්ස් කියවපන්, මාව කියෙව්ව නැති වුනත්. මේ සංවාදයට මම කැමතියි.
Deleteමොකෑ නොකියවන්නෙ? හුටා, 34 දාලා නේද? :) ඔබෙත්, හැලපෙගෙත්, තිලකෙගෙත් පෝස්ට් මට මිස් වෙන්නෙ නෑ.
Deleteඇත්ත වෙනස් වෙන්න ඕනෙ. මං කියන්නෙ, අරටු බැහැ ගත්ත සමාජ ආකල්ප එච්චර ඉක්මනට වෙනස් වෙන්නෙ නෑ කියලයි. ස්වාභාවයෙන්ම මිනිස්සු වෙනස් වෙන්න අකමැතියි. ඒකට හේතුවකුත් තියනවා. සැලකිය යුතු වෙනසක් නම්, ඒ එක්කම බලාපොරොත්තු නොවන "සයිඩ් එෆෙක්ට්" එහෙමත් එන එක.
රට වෙනස් වුනාට , අපේ ජීවිත කාලයක් පුරුදු පුහුණු කරපු, මුල් බැස ගත්ත පුරුදු වෙනස් වෙන්නෙ නෑ. මං උදාහරණයක් දෙන්නම්. මෙන්න ,අපේ දෙන්නෙක් පිටරටකදී හම්බ වුනොත් , ඉස්සෙල්ලාම අහන , බටහිර සමාජයේ "අශෝභන" යැයි සැලකෙන ප්‍රශ්ණ සැට් එක.
1. වයස කීයද?
2. බැඳලද?
3. ලමයි කීයද?
4. පඩිය කීයද?
මේක ලිව්වෙ නිහාල් ගුරුසිංහ. ප්‍රබන්ධයක්මද මන්දා? එත් කියවෙන්නෙ අපේ දෙමව්පියන්ගෙ ඛෙදවාචකය.
Deleteදූ-දරුවෝ
මචං.. ඔය ප්‍රශ්ණ වල හතරම ඇතුලේ අහන තව ප්‍රශ්ණයක් තියෙනවා ඒ තමයි...ලඟඳි ලංකාවට ගියාද කියලා.....ඒ වෙන යෝනියකට නෙමේ...උඹට වීසා තියෙනවාද කියලා හොයා ගන්න...
Deleteඅනේ බං මම ලියන්නම්....අපේ සංසර්ඝයෝ ගැන. ඒවා වැඩක් නැහැ බන්. අපි යමක් බ්ලොග් කියවන අයට දෙන්න බලමු.
@ ඇනෝ 1.35......නිහාල් ගුරුසිංහ ගැන නම මම දන්නේ නැහැ. හැබැයි සිඩ්නි බංඩාරනායක ගැන නම් දන්නවා. මැරිච්ච මිනිස්සුනට අපහාස නොකරයුතු නිසා නොකිය ඉන්නම්. දුක අහිංසක දරුවෝ ගැන සහ ඒ දෙමව්පියන් ,සහ මා දන්නා ඔහුගේ බිරිඳ ගැන. බ්ලොග් ලෝකයේ ඕන දෙයක් ලිව්ව හැකිනේ.
Deleteමම මම මිසක් ඇට දෙකෙන් මොකක්ද වහගෙන ඉන්නේ නැහැ. තීරණය ඔබ සතුයි. මම මගේ කතාව ලියා තබනවා.
සමාවෙන්න....හිතට ආවා ලිව්වා.
@ඇනෝ , ඔබ කියන දෙයි නොගැලපෙන බවක් තියෙනවා. එක තැනක කියනවා මහල්ලන්ට කිසිවෙක් සලකන්නේ නැහැ කියා. අනිත් තැන කියනවා ආඩම්බර තාත්තට හැමෝම සලකනවා කියා. ඔබගේ තර්කයට පිළිතුරත් මෙතනම නේද ?
Deleteතමන් ස්වාදීන නම් , මුදල් බලය සමාජ බලය තිබෙනවා නම් වයෙසේ ප්‍රශ්නයකින් තොරව දරුවන් , අසල් වැසියන් සමාජය යන සියල්ලන්ම එම පුද්ගලයාට ගරු කරනවා . මේක ලංකාව පිටරට කියා වෙනසක් නැහැ.
ඉගෙන ගත්තෙත් නැති, හරි හමන් රස්සාවකුත් නොකරපු , දියුණු වෙන්න ආශාවකුත් නොතිබුණු , උපයපු දෙයින් යම්කිසි කොටසක් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත නොකරල , කාලා , බිල ජෝගි නටල කාලේ ගෙවපු නිකම්ම නිකමෙක් නාකි උනාම නං මොකෙක් වත් ගණන් ගන්නේ නැහැ තමයි. දරුවොත් ඔවුන් දෙස බලන්නේ අවඥාවෙන්. ඒක දරුවන්ගේ වැරැද්දට වඩා මනුෂ්‍ය ස්වභාවය. තමන් සාර්ථක නොවුනොත් , මහලු වියේදීත් අතේ මුදල් නොගවසුනොත් ... තමන්ව සුනකයෙක් වත් ගණන් නොගන්නා බව සිති තබා ගත යුතුයි.
වලිගය (මුදල්/සාර්ථකත්වය ) ඇති ගොනා මැස්සන්ට බැට දුනි
දුප්පත් (සහ නාකි ) මමත් වලිගය නැති ගොනා වැනි
හා හා ... දැන් එයි ප්‍රසිද්ද ප්‍රශ්නය .... ඒත් ආඩම්බර තාත්තා වගේ ස්වායත්ත වෙන්න ගමේ ඉන්න ඇවරේජ් ජෝන් බාස් උන්නැහේටයි, සිම්පල් ජේන්නෝන ටයි බෑ,. ඒක ගෙවෙන්නෙ පන්සලත්, ගෙදරත් අතර.
කාගේද වැරැද්ද ? පන්සලේද ? ගෙදරද ? ආඩම්බර තාත්තාගේද ?
පන්සල් යන මිනිස්සු , පවුල් නඩත්තු කරන මිනිස්සුනට දියුණු වෙන්න බැරිද ? එකට ඕනේ සිම්පල් ප්ලැන් එකක් සහ උවමනාව නෙමෙයිද ? අනුන්ට වරද දාල අරුන් නිසා , පන්සල, දරුවන්ට සලකපු නිසා , උගන්නපු නිසා නිසා අපි දුප්පත් කියන්න ලේසියි. තමන් පිටට වගකීම අරගෙන කටයුතු කරන්න අමාරුයි.
/* මං කියන්නෙ, ඔය අම්මා එහෙම නොදුන්නා නං, අර පුතත්, අසල්වාසියොත් අම්මා ජීවත්වෙලා ඉන්න කං ඔය ගැන කුටු, කුටු ගාවි. */
දැන් ඔය අසල්වාසියොත් , පුතත් අම්ම බලාගත්තද සල්ලි දුන්න නිසා. පුදුම කතාවක් නේ මේක ? අනිත් උන් කුටු කුටු ගාන විදියටද තමන්ගේ ජීවිතය පවත්වාගෙන යා යුත්තේ ? බුරුවව පොලට ගෙනිච්ච තාත්ත/පුතාගේ කතාව අහල තියෙනවද ? කලිනුත් කිව්වා වගේ දරුවන්ට කතන්දර කියල දෙන දෙමවුපියෝ කි දෙනෙක් ගේ මොලේට ඒ කතන්දර වල තේරුම යනවද කියන එක තමයි හාස්‍යයට කාරණය.
අරූට , ඔබත් මාසේ පඩිය එනකං බලන් ඉන්න කෙනෙක් නම් මහලු කාලය ඉතා සොරි වෙයි . ආණ්ඩුවට , ටැක්ස් ගවන මිනිස්සුන්ට වදයක් .....
මම දන්නා ඉතා දුප්පත් මුස්ලිම් මිනිස්සු බොහෝ දෙනෙක් දියුණු වුනේ pay yourself first ,හෝ induced economic sacristy. ක්‍රමයට ඉදිරියට ගිහිල්ල . ජෝන් බාස් ටයි , ජේන් නොනටයි බැරිද ? පුළුවන්. ඕන කමක් නැහැ. කම්මැලි මෝඩ හැත්ත. තමන් වගකීම නොගෙන එක එක කාලෙට ආණ්ඩුවට , සමාජයට , ධන පතියන්ට .. වයසට ගියාට පස්සේ නොසලකන දරුවන්ට බැන බැන ඉන්නවා. අන්තිමට තමන්ගේ අසාර්ථකත්වයට සංස්කෘතිය , සමාජය , ආර්ථිකය පන්සල , ආගම ඔබාමා ආදී ඔක්කොම පලි.
ජීවිතය අකුරු කරන එකයි ....කතා අකුරු කරන එකයි දෙකක් ඇනෝ..
Delete@ මහ සොහොන්....උඹ මගේ කතාව තාම දන්නේ නැහැනේ. උඹ කියන දේ හොඳ උපදෙසක් කාට කාටත්. ඔහොම යන්කෝ...මම කියන්නම්.
Delete@ arugeadaviya
Delete//ජීවිතය අකුරු කරන එකයි ....කතා අකුරු කරන එකයි දෙකක් ඇනෝ..//
එකඟයි
@මහසොහොන් පිල්ලිය
ඔබ සාකච්චාවක වඩා විවාදයකට අර අඳින බව හැඟෙන නිසා පිලිතුරු දීමෙන් වලකිමි.
විවාදය - හරි වැරැද්ද කෙසේ වතක්, තමන්ගේ මතය හරි බව අනෙකාට ඒත්තු ගැන්වීමට තැත්කිරීම
ඇනෝ , සොරි විය යුතුයි. වාදයක් ලෙස පෙනී ගොස් ඇත්තේ භාෂා විලාශය නිසා විය හැක. වාද කිරීමට අදහසක් නැත .
Deleteසමාජවාදය ගැන හෝ ධනවාදය ගැන හෝ මොනයම් වෙතන් කාරණයක් ගැන හෝ මේ වයස තිස්පහ, හතළිහ පැන්න මනුස්ස පරාණ අතර කෙරෙන වාද වල අවසානයක් නැත. ( ©2014 කකා )
සාකච්චාවක් ද නොවේ. සති අන්තය ටිකක් බිසී විය හැකි නිසාය. අදහස් දැක්වීමක් ( statement එකක්) ලෙස ගන්න.
Delete@ මහසොහොන්
ස්තූතියි. මම මහේ අදහස කිව්වා, ඔබ ඔබේ අදහස කිව්වා. මේ කිසිවක් ගලේ කෙටූ අකුරු නෙමෙයි. නොදන්නා දෙයක්, වැරදි අදහසක් තියේ නං එකඟ වෙන්න කැමතියි.
දරුවන් යනු දෙමව්පියන්ගෙ ඉන්ෂුවරන්ස් පොලිසි එක නොවිය යුතු බවත්, කල් වයස පැමිණි පසු දරුවන්ට අනුන්ට බරක් නොවී ජීවත් වීමට පුරුදු පුහුණු කල යුතු බවත් අවිවාදයෙන් පිළිගනිමි. මෙය බටහිරි ක්‍රමයයි. එය එසේ වීමට අවශ්‍ය ආර්ථික සහ සමාජයීය පසුබිම ඒ රටවල සකස් වී ඇත. උදාහරණ: ආණ්ඩුවෙන් සපයන ශිෂ්‍ය ණය, අර්ධ කාළීන රැකියා,පහත් යැයි සමාජය නොසැලකීම.
මේ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කල හැකිදැයි යන්න ප්‍රශ්ණයකි. එකක් ඒ සඳහා අවශ්‍ය පරිසරය නොමැති කම. ඒ නිසාම, වැඩිවිය පැමිණුනද උසස් අධ්‍යාපන ලබන පුතුන්ද, එසේ නොමැති වුවත් ,විෂම සමාජයට අතහැරිය නොහැකි දූවරුන්ද ගැන සාධාරණ කනස්සල්ලක් අපේ දෙමව්පියන් තුල ඇත.
එදා වේල හරි හම්බකරගෙන කන හුදී ජනයාට, මේ නිසා කකාගේ " තමන් අතට තම අතමය , සෙවනැල්ල" ක්‍රමය අනුගනමන කල හැහිදැයි යන්න ප්‍රශ්ණයකි
සහෘදයෙනි ස්තුතියි.
Deleteමෙය වාදයක් නොව සංවාදයක් ලෙස සලකන්න.
මා උපුටා දැක්වූ වැකිය "තමන් හිසට තම අතමය සෙවනැල්ල" ලෙස නිවැරදි විය යුතුය.
අත්තා හි අත්තනෝ නාථෝ – කෝ හි නාථෝ පරෝ සියා.
ඇනෝ , මේ මගේ අදහසයි.
Deleteඔබ විස්තර කරන බටහිර තුලද ඔබ සිතන ආකාරයේ සමාජ රක්ෂණයක් නැත. නමුත් බටහිරයන් බොහෝ දෙනෙක් ඒ කරුණ ගැන සංවේදී නිසා ඔවුන් හැකි පමණින් ඒ සම්බන්ධව යමක් කිරීමට උත්සාහ කරන බව පෙනේ.
Running Out of Money Worse Than Death
එදා වේල හරි හම්බකරගෙන කන හුදී ජනයා පමණක් නොව ලැබෙන මුදල සම්පුර්ණයෙන් වියදම් කොට ලක්ෂරි ජිවිත ගත කරන අයගේද මහලු කල ඉරණම එක සමාන වන බව පෙනේ. එම නිසා ප්‍රශ්නය ඇත්තේ ලැබෙන මුදලේ නොව තමන්ගේ මුදල් කළමනාකරණයේ බව අවබෝධ කර නොගන්නා තාක් ප්‍රශ්නයට විසඳුමක් නැත.
බටහිර ක්‍රමය , අපේ ක්‍රමය කියා දෙකක් නැත. අප දැන් අත් දකින සමාජ , ආර්ථික විපර්යාසයන්ට බටහිර සමාජද තමන්ගේ දියුණුවේ මුල් කාල වලදී මුහුණ දුනි. ඔවුන් ඒ තත්වයන් පසු කරගෙන , සමාජිමය වශයෙන් හැඩ ගැසෙමින් , පරිනාමනය වෙමින් අද තිබෙන තත්වයට පැමිණ ඇත. ඔවුන් දැන් සිටින තත්වය සහ අප දැන් සිටින තත්වය සංසන්දනය කර ඒගොල්ලන්ට එහෙම තියෙනවා .. අපිට නැහැ කීම එතරම් බුද්දිමත් නොවේ.
බණ්ඩාරනායක වරු , නේරු ලා අත්හදා බලා අසාර්ථක වූ සමාජවාදී මොඩලය අතහැර දමා අපද බටහිර මොඩලයේ සමාජ ආර්ථික දියුණුවකට යන නිසා නම් අප සමාජයද ඒ ආකාරයට පරිනාමය විය යුතුය. කැමති උනත් නැතත් , "බටහිර ක්‍රමය" අපේ ක්‍රමය වී ඇත.
වැඩිවිය පැමිණුනද උසස් අධ්‍යාපන ලබන පුතුන්ද, විෂම සමාජයට අතහැරිය නොහැකි දූවරුන්ද හැම සමාජයකම ඇත. මෙහිදී වැදගත් වෙන්නේ එය නොව දෙමවුපියන් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතයි.
Economic outpatient care , Economic inpatient care ළමයින්ට දිගටම ලබා දෙනවාද , නැද්ද කියා තීරණය කිරීම දෙමවුපියන් සතු තීරණයකි. උදා හරණයක් ලෙස මගේ පියා කොළඹ පැමිණ ස්වෝත්සාහයෙන් පාර්ට් ටයිම් රැකියාවක් කොට දුකසේ ජිවත් වෙමින් ඉගෙනගත් අයෙකි. ඔහුගේ දෙමවුපියන්ට ඔහු නඩත්තු කිරීමට තරම් වත් වත්කමක් නොතිබුණි. ඉතාම දරිද්‍ර පවුලක ඉපදුනු ඔහු ගේ දැනට ගෙවන මහලු කාලයේදී කිසිවෙකුට අත පෑමක් , ඉල්ලීමක් නොවන ආකාරයට තමන්ගේ ජීවිතය ඔහු සකස් කරගෙන ඇත . මගෙන් ලබා ගන්න දෙයක් ඔහුට නැත. එය මටද සහනයකි. ඔහුටද සහනයකි.
දියුණුවීමට ඕනෑකම සහ කම්මැලිකමට තමන්ගේ අසාර්ථකත්වයට අනුන්ට දොස් පැවරීම අතර වෙනස එයයි. මෙය කිව්වේ උසස් අධ්‍යාපන ලබන පුතුන් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ඔබ පැවසූ කරුණ සම්බන්ධයෙනි.
@ මහසොහොන් පිල්ලිය
Deleteඑකඟයි
යමක් ඉගෙන ගතිමි. සැමට ස්තූතියි
induced economic sacristy යන්න induced economic scarcity
Deleteලෙස වෙනස් විය යුතුය
bloody auto-correct :)
මෙහි බොහෝ අදහස් මෙතනින් ගත බව සලකන්න.
කතා මේක ලිව්වෙත් මම මේ කාරනය මතක් කල නිසා වෙන්න පුළුවන්. මමත් කැමති නෑ දරුවන්ගෙන් යැපෙන්න. මම හිතන්නේ අපේ ජෙනරේෂන් එකෙන්වත් ඒක නවත්තන්න ඕනා කියලා. නමුත් කකා ගේ කතාව වෙන එකක්. මේ දරුවා අම්මගෙන ඇර වෙන කාගෙන්ද සල්ලි ඉල්ලන්නේ. ඇත්තටම මෙතන අපි කතා කරන්න ඕන, මිනිස්සු අන්දලා සල්ලි ගරන කාල කන්නි ගැන. මෙහෙම දේවල් සිද්ද උනාම පවුල් පිටින් අනාථ වෙනවා අපි දැකලා තියෙනවා. ඒත් දරුවන් ජීවන මාර්ගයක් සාදා ගන්නා තෙක් ඔවුන් වෙනුවෙන් කළ හැකි සියළු දෑ කිරීම දෙමව්පියන්ගේ යුතුකම.
Delete@ Maathalan - Priyantha Hewage
Deleteඔහොම හිතන එක විෂම චක්කරේ කියන එකේ කොටසක්.
අරවා මේවා මොකුත් තර්ක වැඩක් නෑ. ළමයි ලොකු වුණාම උන්ගේ වැඩ උන් බලා ගන්න ඕනෑ. දෙමව්පියන් ගේ ඉතිරි තුට්ටු දෙකටත් තට්ටු කරන එක කොහොමද හරිය කියන්නේ?
මේ වගේ කතාවක් වෙනවා සත්පියවරු කියන ටෙලියේ එක පවුලකට.
ReplyDeleteකකා....අවසානයේ හොඳට බැලුවොත් බොහොමයක් දෙමව්පියන් අවුරුදු ගණන් මැරිලා මැරිලා වැඩ කරලා එකතුවෙන ෆන්ඩ් එකෙන් ,ආශාවට වන්දනාවක්වත් යාගන්න නැහැ. ළමයි සෙට් එක බලන් ඉන්නවා ඒකට විදින්න. බොහෝමයක් තැන්වල ඒක තමයි වෙන්නේ. ඇත්තටම අවසන් කල යුතු චක්කරයක් තමයි.
ස්තුතියි!
Deleteමෙහි වරද බොහෝ දුරට දෙමව්පියන් ගේ ය. තමන්ගේ අනාගතය සකසා ගැනීම ගැන ඔවුන් වගබලාගත යුතුයි.
Deleteමම නම් කියන්නේ “ළමයි දෙමාපියන්ගෙන් ස්වාධීන වෙන්න ඕනි කාලයක් තියෙනවා -ඒක දෙන්න ඕනි. “ “ දෙමාපියනුත් කාලෙකදි ළමයින්ගෙන් ස්වාධින වෙන්න ඕනි “ දෙමාපියන් සතු සප්ප සකල සේසතම දරුවන්ට නොදී “මෙච්චරයි බන් අපිට කියල තියෙන්නේ “ කියල දෙමාපියන් කීවම දරුවො තරහ වෙලා අම්ම තාත්තට පොල්ලෙන් ගහනවා. පෙන්ෂන් දවසට අම්ම තාත්තට හොදට සලකන ,නාලා කවල පෙන්ෂන් එක ගේන්න එක්කරන් යන ළමයි ඉන්නවා.අම්ම තාත්තත් මුුත් කර ගන්න බැරිකමට ඉවසන් ඉන්නවා.අඩුම තරමේ පෙන්ෂන් එක නිසා හරි අම්ම තාත්තට සලකනව නෙ කියලා.මට නම් හිතෙන්නෙ ඊට වඩා හොදා පෙන්ෂන් එකත් අරන් වැඩිිහිටි නිවාසෙකට ගියානම්.
ReplyDeleteමං කලින් කිව්වා වගේ :
Deleteඅත්තා හි අත්තනෝ නාථෝ – කෝ හි නාථෝ පරෝ සියා
මේ කේස් එක එහෙමට අවුලක් නෑ. ඒ පුතා තාත්තගෙ සල්ලි ටික ගත්තෙ සද්භාවයෙන්මයි. ඒජන්සි කාරයා පොල්ල තිබ්බ වුනාට වැඩේ හරි ගියානම් හතරවරිගෙම ගොඩ. (පොර බැඳල නෑ කිව්ව නේද? හතර වරිගයක් නෑයො පස්සට හරි ලැබෙයිනෙ)
ReplyDeleteඒ වුනාට සමහර පුතාලා (උන්ට ඇත්තටම කියන්න ඕනැ බැල්ලිගෙ පුතාල වගේ එකක්) එහෙම සල්ලි ඉල්ලගෙන කරන්නෙ එක්කො ඉඩමක් ගන්නව, නැත්නම් ගෙයක් හදාගන්නව වගේ එකක්. තවත් සමහර එවුන් ඒව ඉල්ලගෙන සක්විති සුවය (සක්විති රණසිංහ සුවය) ලබනවා, එලොවටත් නෑ සල්ලි අයිතිකාරයන්ටත් නෑ.
නමුත් අවසානයේ වුනේ මේ මවට ජීවත්වීමට තිබුණු එකම ක්‍රමයත් නැතිවීමයි! පුතාටත් මුදල් දුන්නා නේ. ඇයි අම්මගේ සල්ලි ටිකත් අවදානමට ලක් කෙරුවේ?
Deleteඒක අවදානමට ලක් කිරීමක් විදිහට අපි දකින්නෙ දැන්. එයා ඒ වෙලාවෙ කළේ "ආයෝජනයක්". ඕනෑම ආයෝජනයක අවදානමක් තියනවා. මේ වගේ හොර ඒජන්සි කාරයො එක්ක කරන ආයෝජන කොහොමටත් අවදානම්. ඒත් ඒ ඔක්කොම දන්නෙ අපි. ගැටළුවට මැදි වුනු කෙනාට ඒක තේරෙන්නෙ නෑ. හොර ඒජන්සිකාරයෝ නිසා අමාරුවේ වැටුනු අය කොච්චරනම් ඉන්නවද?
Deleteදරුවෝ තමන්ට පුලුවන් වෙනකොට දෙමව්පියන්ට බරක් නොවෙන්න වග බලාගන්න ඕන.. අවාසනාවකට අපේ රටේ දරුවෝ දෙමවුපියන්ගේ දේපල වලටම කෙල හලන උන් ටිකක්
ReplyDeleteඇයි දන්නවානේ දෙමව්පිය සෙනෙහස කවදාවත්ම නැති නොවන බව, ඒකයි!
Deleteසමාජයේ නිතර දකින්න ලැබෙන දෙයක් තමයි ඕක. වරද කාගේද? ලමයින්ගේද? දෙමවුපියන්ගේද?
ReplyDeleteතනිකරම දෙමව්පියන්ගේ. තමන්ගේ අනාගතය සුරුකිව සිටීමට සැලසුම් කිරීමට ඔවුන් දැනගත යුතුයි!
Deleteඉස්සරහට විෂම චක්‍රය ඉවර වේවි කියල හිතෙනවා...
ReplyDeleteකාලයත් සමග වේවි, නමුත් එතකං ඉන්න අයට දුක් විඳින්න වෙනවා!
Deleteලංකාව වගේ රටවල්වල නේද මේ තත්වය තියෙන්නේ ? විදෙස් රටවල දරුවන් තරුණ වියට එළඹිලා විවාහ වීමත් එක්ක ස්වාධින විදිහට ජීවත් වෙනවා දෙමාපියන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා එහෙම නේද ?
ReplyDeleteහසිත මේ ප්‍රශ්නය ඇහුවේ මගෙන් නෙමෙයි වුනත් උත්තරයක් දෙන්න මටත් හිතෙනවා.
Deleteදෙමාපියන් කියන්නේ කොයි රටෙත් තමන්ගෙ වගකීම් තම දරුවන්ට ඉටු කරන පිරිසක්. ස්වාධීන වීමයි අවශ්‍ය වෙලාවට උදව්වක් කිරීමයි කියන්නේ කාරනා දෙකක් මම හිතන්නේ.
මේ රටවල දරුවන්ගේ නිදහසට ඕනෙවට වඩා දෙමාපියෝ ඇඟිළි ගහන්නේ නැථි එක ඇත්ත වුනත් දරුවන්ගේ අනාගතය ගැන බොහෝ දුරට දෙමාපියන් හිතනවා. කොටින්ම බොහෝ වෙලාවට තරුණ යුවලකට නිවහනක් වගේ දෙයක් ගන්න බැකප් එකක් වෙන්නේ දෙමාපියෝ. නිකමට හිතන්නේ තරුණයෙක් හා තරුණයෙක් නිකම්ම නිකම් ගෙයක් ගන්න බැන්කුවකින් ණයක් ඉල්ලුවට දෙන්නේ නෑ. අනික අද කාලේ ගෙවල් මිල බොහොම ඉහලයි. සාමාන්‍ය රැකියාවක වැටුපෙන් ණයක් ගන්නත් ලොකු කෑශ් එකක් තියන්න ඕනේ. බැන්කුවෙන් දෙන්නේ වැඩිම උනොත් 2/3 ක් වගේ. ෆයිව් හන්ඩ්‍රෙඩ් තවුසන්ඩ් ගේකට බෑන්ක් එකෙන් 200 250 වගේ අරගෙන ඉතිරි එක බොහෝ වෙලාවට දෙමාපියන්ගේ සේවින්ස් වලින් තමයි දරුවන්ට ලැබෙන්නේ.
ඔය විතරක් නෙමෙයි මේ වයසටත් අපි ඔය ඉඳලා හිටලා නැතිම බැරිම අවස්ථාවක ගෙදර ගිහින් සල්ලි කීයක් හරි දෙන්න කියලා ඉල්ලගන්න ලැජ්ජා වෙන්නේවත් අපේ දෙමාපියන් ඒක නෙග්ලෙක්ට් කරන්නේවත් නෑ.
Deleteස්තුතියි පැහැදිලි කිරීමට :)
Deleteකකා,
ReplyDelete//මෙහි වරද බොහෝ දුරට දෙමව්පියන් ගේ ය. තමන්ගේ අනාගතය සකසා ගැනීම ගැන ඔවුන් වගබලාගත යුතුයි. //
එකඟය, ඒත් අප සිතිය යුත්තේ මේ දෙමාපියන් සිටි කාලයට සාපේක්ෂවය.
එකල ( සහ අදහ බෝහෝ නූගත් හෝ අසීමාන්තිකව හැඟිම්වලට මුල් තැන දෙන ) දෙමාපියන් සිතන්නෙ තමන් නොකා හෝ දරුවන් ලොකු කිරීම පමණි. එමෙන්ම ඔවුන් මතුරන තව දෙයක් වන්නෙ "උඹට හරි ගියාම මට නොකලට කමක් නෑ. උඹ හොඳට හිටහන්කො" යන්නයි. ඒත් පසුව ලොකු වී නොදුන් පසු වැළපෙයි.
//පුතාටත් මුදල් දුන්නා නේ. ඇයි අම්මගේ සල්ලි ටිකත් අවදානමට ලක් කෙරුවේ?//
ඒ කියන්නෙ දෙමාපියන් තමන් ගැන බලාගෙන තියෙනව. ඒත් දරුවො ඒකත් විනාස කරල! එතකොට වැරදි උඩ කියපු විදියට දෙමාපියො නෙමෙයි දරුවොමයි.
ආයි කකා මෙහෙම් කියනව.
//වරද කාගේද? ලමයින්ගේද? දෙමවුපියන්ගේද? - තනිකරම දෙමව්පියන්ගේ. තමන්ගේ අනාගතය සුරුකිව සිටීමට සැලසුම් කිරීමට ඔවුන් දැනගත යුතුයි!//
ඒ වරදට හේතුවත් ආයි කකාම කියනව
//දන්නවානේ දෙමව්පිය සෙනෙහස කවදාවත්ම නැති නොවන බව, ඒකයි!//
මට ඕන උනේ කකා දෙපත්තට කතා කල බවක් ගැන කතාවක් කියන්න නෙමෙයි. ඇත්ත කතාව දරුවො දන්නව "දන්නවානේ දෙමව්පිය සෙනෙහස කවදාවත්ම නැති නොවන බව".
ඉතින් අවස්තාවාදී දරුවො ඔන්න ඕක පාවිච්චි කරල දෙමාපියන්ගෙන් ඔක්කොම අරන් විසි කරනව අන්තිමට රොඩු වගේ.
වරද එතකොට කාගෙද කියල පැහැදිලියි? ඒත් එහෙම වරදින්නෙ අපි දකුණුආසියාතික ක්‍රමයට හිතන නිසාද???
මෙතන තියන තර්ක විතර්ක ටික බොහොම ලස්සනයි. හැබැයි ප්‍රයෝගික තත්වේ ඔයිට ගොඩක් වෙනස්. කකා,අරු,යකා ඔය හැමෝම ප්‍රශ්නේ දිහා බලන්නේ තමන්ගේ තලයේ ඉඳන්. පොඩ්ඩක් බිමට බැස්සොත් ඔය කියන දේවල් ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද අපේ රටේ කියලා තේරෙයි. ඔය පැන්ෂන් ෆන්ඩ් අරවා මේවා ඔක්කොම හැම කෙනාටම නැ. මාසිකව හම්බකරන සොච්චමෙන් 3/4 කෑමට වියදම් කරන, හතර වටේ නය වෙමින් දරුවෝ පන්ති වලට යවන දෙමවුපියන්ගේ එකම ආයෝජනේ, රක්ශනේ දරුවෝ තමා. ඕක අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නෑ ඉබේම වෙනස් වෙයි මේ ජරා ක්‍රමය වෙනස් උන දාට.
ReplyDeleteතේරෙන්නේ නැතුව නෙවෙයි අයිටි . ගොඩ දෙනෙකුට ඕක හොදට තේරෙනවා ,
Deleteමේ කතා නිකං කාලයක් නිදාගෙන ඉඳලා ඇහැරුණු කෙනෙක් කියන ඒවා වගේ. අපි දවසට පැය කීයක් වැඩ කරනවද? එහෙම නැහිලා නැහිලා හම්බ කරන එකෙන් බදු ගෙවනවාට වඩා අපි කරන්නේ මොනවද?. කකා, ඉන්න රටේ මනුස්සයෙක්ගේ ජීවත් වෙන්න ඕන මුලිකම අවශ්‍යතා ටිකට වැය කරන්න ඕන තමන්ගේ ආදායමෙන් බොහොම කුඩා ප්‍රතිශතයක්. නමුත් අපේ රටේ ඒකට තමා මුළු ආදායමෙන් 1/2 වඩා වැය වෙන්නේ.
Deleteමේ ක්‍රමය නම් පිටු දැකිය යුතුමයි..හැබැයි දෙමව්පියෝ වගේම දරුවොත් තමන්ගේ චින්තනය වෙනස් කරගන්න ඕන. කකා කියන කතාව හරි. දෙමවුපියෝ තමන්ගේ අනාගතය ගැන සැලසුම් කරගන්න ඕන. නමුත් දරුවෝ තමන්ගේ දෙමවුපියෝ රැක බලාගන්න ඕන. එක යුතුකමක්. සහ ණයක්. තමන්ට කෙලින් කටින් ඉන්න , අකුරු සාස්තරේ දැනගෙන ලෝකේ දිහා බලන්න, සමාජය එක්ක කටයුතු කරන්න ඔය ඔක්කොටම අතහිත, මග පෙන්වීම ලැබෙන්නේ දෙමවුපියන්ගෙන්. ඉතින් එහෙවු කැපකිරීමක් කරපු දෙමවුපියන්ව නොසලකා, නොතකා හැරීම මහා පාපයක්. ඒ එක්කම තමන් මහා කැපකිරීමක් කරලා ලොකු මහත් කරපු දරුවා තමන්ගේ ජීවිතේ ඉතිරි කාලේ සැනසිල්ලේ ගෙවාගන්න තමන්ට පිළිසරණක් වෙයි කියන අදහස මේ කලාපයේ ඕනෑම දෙමවුපියෙක්ගේ හිතේ ඇතිවන බොහොම අහිංසක බලාපොරොත්තුවක්. ඒ ගැන මොන ප්‍රශ්න තිබුනත් ඒ අහිංසක බලාපොරොත්තුවට, ඉල්ලීමට හිතක් පපුවක් තියෙන ඕනෑම කෙනෙක් ඉඩ දෙනවා.මේ සංකල්පය අපි වගේ ආසියාතික රටවල් වලට විශේෂයෙන්ම සදාචාර සම්පන්න ආගමික පසුබිමක් තියෙන රටවලට අවේනික දෙයක්. බටහිර අය ගේ චින්තනය වෙනස් . එකේ කිසිම වැරද්දක් නෑ. එකම ප්‍රශ්නේ ඒ ක්‍රමය මේ ආසියාවට ගැලපෙන්නේ හරි අඩුවෙන්. දෙමවුපියෝ දරුවන්ට හරි දේ උගන්නල, කාටවත් අත්පානේ නැතුව ඉන්න කියල දෙනවනම් සහ හරි විදියට ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිත සැලසුම් කරගන්නවානම් මේ ප්‍රශ්නේ එන එකක් නෑ.
ReplyDeleteදරු දුක කියන්නේ දරුවන් ගෙන් ලැබෙන දුක ද නොහොත් ලෝකෙන්ම පජාති දුක! - Parenting - What not to do
Deletehttp://kathandara.blogspot.com/2014/03/parenting-what-not-to-do.html
"හැබැයි දෙමව්පියෝ වගේම දරුවොත් තමන්ගේ චින්තනය වෙනස් කරගන්න ඕන. කකා කියන කතාව හරි. දෙමවුපියෝ තමන්ගේ අනාගතය ගැන සැලසුම් කරගන්න ඕන."
Deleteඕක අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නැ ෂෙහාන්. අපේ තාත්තලාගේ පරම්පරාවේ ඉඳලම මතය නම් වෙනස් වෙලා තිබ්බේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාත්මක කරන්න බැරි කම. අපේ තාත්තා හැමදාම කීවේ "අපි නම් උඹලගෙන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැ. උඹලා උඹලගේ අනාගතේ ගැන හිතපල්ලා " කියලා. ඒ කිවා වගේම උන්දා නැති වෙනකන් අවුරුද්දකට උපන්දිනෙකට දෙන දෙයක් ඇර සත පහක දෙයක් මැරෙනකන්ම අපෙන් ගත්තේ නැ. දැන් අම්මටත් අපෙන් බලාපොරොත්තු නොවී ජීවත් වෙන්න පුළුවන් විදිහට දෙයක් කරලා ගියේ. ඒ , ඒ කාලේ තිබ්බ අර්තිකෙත් එක්ක එයාලා කීයක් හරි ඉතිරු කරගත් හින්දා, ඉතිරි කරගන්න පුළුවන් උන හින්දා. නමුත් ඔය විදිහට හිතන පතන අය ගොඩක් හිටියත් පවතින ක්‍රමෙත් එක්ක කර ගන්න බැරිකම මිසක්.
එකඟයි...
Delete