Thursday 14 November 2013

ලව් සෝංග් එකක් ලියන හැටි - Lyrics writing for dummies


කතන්දරකාරයා ස්වීප් එකක් ඇදී මේ දිනවල ලෝක සංචාරයක යෙදෙන බැවින් කතන්දර බ්ලොගයේ රටකජු-අයිස් චොක්ස් ඉන්ටිබල් එකක් දැන් ඇරඹී ඇති බව එදා මං කිව්වා.

මේ නිසා සුපුරුදු කතන්දර පසෙක දා මට හිතුණා අද දවසේ පලවෙන්න පොඩි පහේ සින්දු ලියන හැටි ගැන පාඩමක් සෙට් කරන්න.

මං මීට කලින් දවසක කියලා දුන්නා මතකද සින්දු ෆැක්ටරියක් ගැන පාඩමක්? අද පාඩම ඉගෙන ගන්න කලින් ඒ පාඩම පොඩ්ඩක් මතක් කරගෙන එන්න අමතක අය සහ එදා ඉස්කෝලේ ආපු නැති ළමයි.

http://kathandara.blogspot.com/2013/02/factory-produced-songs.html

මුලින්ම කියන තියෙන්නේ ලව් සෝංග්වලත් හොඳම ඒවා තමයි කෙල්ල කොල්ලා එක්ක අමනාප වුණාම කොල්ලා දුකට කියන ඒවා.

මෙතෙනදී අපි ගනිමු සරල උපමාවක්.

"ඉරයි සඳයි අමනාප වෙලා" වගේ එකක්.

ඉතිං අපිට පාන් ද කියලා අහන්නේ නැතුව දැන් මෙන්න මෙහෙම ලියමු.

සඳ ඉරත් එක්ක අමනාපයි
ඉර සඳත් එක්ක අමනාපයි
ඇය මාත් එක්ක අමනාපයි
ඒ ඇයිද නොතේරේ


ඉස්සර නං ඉතිං කොල්ලෝ කෙල්ලෝ ගණුදෙනු කෙරුවේ ලියුංවලින් නේ. දැන් තත්වය වෙනස්.

ඔන්න ඒ ගැන ලියන්න පුළුවන් දේවල්.

මගෙ ජංගම දුරකතනය අද ඇතිය ගොලුවෙලා
ඇමතුම් නැත කෙටි පණිවිඩ නැත ලොව නිහඬ වෙලා
මුළු ලොව නිහඬ වෙලා


ඇයි, එතකොට ඊ-මේල්, ෆේස්බුක් හෙම නේද?

ශීත සිසිර නින්දක පරිගනක හිරවෙලා
පිළිතුරු නැති විද්‍යුත් ලිපි අතරමං වෙලා
අප අතරමං වෙලා


මෙන්න දැන් සින්දුව ලියලා ඉවරයි.

සඳ ඉරත් එක්ක අමනාපයි
ඉර සඳත් එක්ක අමනාපයි
ඇය මාත් එක්ක අමනාපයි
ඒ ඇයිද නොතේරේ

මගෙ ජංගම දුරකතනය අද ඇතිය ගොලුවෙලා
ඇමතුම් නැත කෙටි පණිවිඩ නැත ලොව නිහඬ වෙලා
මුළු ලොව නිහඬ වෙලා

සඳ ඉරත් එක්ක අමනාපයි
ඉර සඳත් එක්ක අමනාපයි
ඇය මාත් එක්ක අමනාපයි
ඒ ඇයිද නොතේරේ

ශීත සිසිර නින්දක පරිගනක හිරවෙලා
පිළිතුරු නැති විද්‍යුත් ලිපි අතරමං වෙලා
අප අතරමං වෙලා

සඳ ඉරත් එක්ක අමනාපයි
ඉර සඳත් එක්ක අමනාපයි
ඇය මාත් එක්ක අමනාපයි
ඒ ඇයිද නොතේරේ


මේක ලියන්න මට ගියේ විනාඩි දහයකටත් අඩු කාලයක්.

දැන් ඕනෑ, මේකට තනුවක් දාලා, මියුසික් කරලා කියන්න සහභාගී වෙන්න දෙතුන් දෙනෙකු ගේ සහයෝගය.

ඒවා ඉතිං කල් යන අමාරු වැඩ!

ඒ අතරතුරේ ලියන්න බලන්නකෝ මේ වගේ සරල සින්දුවක්.

-කතන්දරකාරයා

ප/ලි:
මං මේ වගේම අදහසක් තියෙන පදමාලාවක් කලිනුත් ලියලා තියෙනවා. මෙන්න ඒක.

ඊ-පෙම ගැන බැඳුනු ඊ-විරහ ගීය
http://kathandara.blogspot.com/2012/06/when-cyber-love-fails.html


(image: http://123-tattoos.blogspot.com/2012/04/sun-and-moon-tattoos.html)

95 comments:

  1. මම ඉතින් දැන් කාට ලියන්නද...?

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඇනෝලා, කවා, පිල්ලි ජී, මත්තර මල්ලි, අපූර්වී, නලින්, වෙදපප්පා, සූර පප්පා, චූටි කුකූලා...... ඔය ඉන්නේ කෂ්ඨිය.
      ඈ බං මොකද අර බොලාගේ බොගේ මවුස් එකත් එක්ක ශුක්ක්‍රාණුවක් දුවන්නේ.....................

      Delete
    2. කකාගේ චිත්තරපටියට ගීතයක්. මේ ලින්ක් එකේ බලන්න චිත්‍රපටියේ ආදර්ශයක්.
      http://maremaru.net/images/photos/2012/07/1341491725_0.jpg

      Delete
    3. මාමා ජී,

      ඇයි අප්පා!! නැන්දණියව දැක්කහම පෙම් හැඟුම් පහල වෙන්නේ නැතැයි.......?!

      කාවා ජී, අඩුම තරමේ උඹටවත් උඹේ කාවි ව දැක්කහම එහෙම වෙනවා ද??

      පත්තර මල්ලි භයියා, ඔබට කෙසේද??

      (මේ තනිකඩ ලඩ්කා හු! හික්Z!! )

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. ආරේ...කාවා මුන්නා මේ මෙරේ නාම් ටෝකින් ඇහුණා..... සුනෝ සුනෝ මේ ප්‍රේම් කහානි ආරාහූ..... හි හි

      Delete
    5. කකාගේ බොග වගේමයි තියෙයි කකා ටොය්ලට් කියලා හදන චිත්‍රපටිය.

      Delete
    6. අරේ අපූර්වී දීදී,

      අගේන් ඇන්ඩ් අගේන් දීදී මේරා ස්ටයිල් කොපි කරෝන්ගා.....!!

      මෙරේ මානව හිමිකම් බංගස්ථාන් කරෝන්ගා!!!!!

      මේ ජිනීවා චලෝන්ගා!!!!!

      මේ නඩු කරෝන්ගා!!!!!

      බෑන් කි මූන් සහබ්කා කම්ප්ලේන් කරෝන්ගා!!!!

      කාවා ජී......... හෙල්ප් කරෝ............!!!!!!

      ශිහ්..... කොහෙද මේකේ කා.සු.ජා.ස.යක් තිබුණට පි.සු.ජා.ස.යක් නෑ නේ.....!!



      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    7. පිල්ලි ජී
      පෙම් හැඟුම් මමදන් නෑ දනිස් දෙක එකට වදිනව සට සට ගාල දකින් කොට බං..

      Delete
    8. ලියපියකෝ උබේ ඩාලින් මදර් ඉන් ලෝ ට

      Delete
    9. පත්තර මල්ලි භයියා,

      අඩේයප්පා!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!

      Delete
    10. පිල්ලියා
      බැඳල බලපංකෝ !

      Delete
  2. ඇත්තටම සාර්ථක නිර්මාණයක්...!

    ReplyDelete
    Replies
    1. ඔව තනුව දාල ඩෙසිබල් 120 ට විතර ශබ්ධය දාලා කියද්දී අහගෙන ඉන්න වෙන්නේ අපිට නොවැ. එතකොටත් කියහං සාර්ථක නිර්මාණයක් කියලා.

      Delete
    2. මම ඕකනෙ හැමදාම කියන්නෙ මේ කෙන්ජිට හොඳටම දැනුම මදි කියල.
      රෑ පංතියකටවත් යවන්න වෙනවා

      Delete
    3. කෙන්ජි රෑ පංතියකට ගියෝත් ගුරාටත්........ චං චං චං

      Delete
    4. සාර්ථක නිර්මාණය කොයි තරමින්ද කියනවානම්, ඊයේ (14) මේ පද ටික කියවපු කෙන්ජි අද දවසට මේ බොග පලාතේ ඇවිත් නෑ.

      Delete
  3. kaka koheda yana tour eka?

    ReplyDelete
  4. ෂා සිංදුවක් ලියන එක හරියට ඉන්ස්ටන්ට් නූඩල්ස් එකක් හදා ගන්නවා වගේ වැඩක් නේ බැළුවම...සිංදු ලියන්න උගන්වන එක ඊටත් වඩා සිම්පල්නේ...

    ReplyDelete
  5. ඒට වඩා හොඳ නැද්ද
    එයා මාත් එක්ක තරහ වෙලා.
    මම එයත් එක්ක තරහ වෙලා.
    අපි දෙන්නම තරහ වෙල වගෙ එකක්?

    ReplyDelete
    Replies
    1. හී හී...දෙය්යට පිස්සුම තමා...

      Delete
  6. පොඩ්ඩක් ඉන්ට. ඔක්කොටම කලින් කොල්ලෙක් එක්ක අමනාප වෙලා ඉන්ට එපායැ...:D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි සහෝදරී
      කොල්ලගෙ වර්ශන් එක ............

      දුක හිතුනා රත්තරනේ .....
      මා හැඩුවා රත්තරනේ ......
      මා හැරදා ඔබ ගියදා
      දුක හිතුනා රත්තරනේ
      මා හැඩුවා රත්තරනේ :-)

      ( ශලින්ද ප්‍රනාන්දු - ඕල් රයිට් / ෆ්ලෑශ් බෑක් 2 )

      Delete
  7. මේක අහුවෙන්න තියන්න එපා එළියේ. ලබන සතියේ විතර රේඩියෝ එකේ ඇහෙයි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිගේ බස් රෙඩියෝ වෙන්න ඇති.

      Delete
  8. අමනාප වෙන්න කලිං කෙල්ලො මනාප වෙන්ට එපැයි..

    නිල්වලා ගගේ සිටින කිඹුලිය වාගේ..
    නපුරු වුනත් ඔබේ නෙතට මා සිත බැඳුනේ..
    පාරු අරං ආවත් මං ඔබ නෙත් මා නේ..
    කිඹූලි පැටිය කෝ ඔබ තාමත් ඇයි නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ටෝක නං ටෝක !!
      අපේ පොඩිඋං ට බය කරල බත් ටික කවන්නෙ
      එක්කො ඕන් නෑ .......

      Delete
  9. මේ කකා සංගීත ක්ෂේත්‍රයට කරපු මහගු සේවයද??? කොහොම උනත් ගේය පද රචකයන් සදහා හොද අත්වැලක්..

    ReplyDelete
    Replies
    1. හොඳ අත්වැලක් කියුවා?

      ගහපිය දණ.

      Delete
  10. ටිකට් එකක් අතේ හිරවෙලා
    දුර ගමනක් යන්න සැට් වෙලා
    පාලු වෙන්නට නොදී
    බ්ලොගක් අද කවියක හිරවෙලා..

    ReplyDelete
    Replies
    1. පත්තර තට්ටුවට වෙලා...
      නිසොල්මනේ දෙකන් සලා...
      තණ පිඩකුත් කමින් උලා...
      මම ඉන්නව ඔහේ බලා...

      Delete
    2. @සෑම් ජී,

      නයිස් නිර්මාණ් හේ!!!!!!

      @ඇනෝ දෝස්ත්, November 14, 2013 at 11:08 AM

      උඹ දක්ෂයෙක් මචං!!!!!!

      Keep it up!! :)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  11. ඉර හඳ එක්ක ෆෝන් කම්පියුටර් ගැලපෙන්නෙ නෑ. ඉරහඳ කෑලි වලට ආදේශකයක් ඕන.

    ReplyDelete
    Replies
    1. සනී සහ මුනී!!

      Delete
  12. කකාට කෙරෙන කාරුණික නිවේදනයයි !

    දැන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් හවස 4 පසුවී විනාඩි 39යි. මෙතැන් පටන් පෑ විසිහතරක් යන්නට මත්තෙන් පෝස්ටුවක් හෝ කමෙන්ට් එකක් හෝ කමෙන්ට් අනුමත කිරීමක් හෝ බ්ලොගය තුල කිසිදු ක්‍රියාකාරකමක් හෝ නොලදහොත් කකා මළ අයෙකු බව ප්‍රකාශයට පත් කෙරෙන අතර මින් පසු කකාව මලවුන්ගේ ලෝකයට එකතු කිරීමද සිදු කෙරේ. ඔබ තවමත් ජීවතුන් අතර නම් වහාම කමෙන්ට් ටික අනුමත කර ඒ බව පාඨකයන්ට අඟවන්න...

    ඔබ මිය ගියේ නම් ඔබ මියගිය බව පවුලේ අයෙකු මාර්ගයෙන් පාඨකයාට දැනුම් දීමට සලස්වන්න.

    ස්තූතියි.

    අණ පරිදි,
    මාධ්‍ය උපදේශක,
    කකා සුරැකීමේ ජාතික සංවිධානය ( aka කසුජාස)


    #########################################################################
    පැය විසිහතරක් ඉක්ම යන්නට මත්තෙන් කමෙන්ට් ටික අනුමත කර නව පෝස්ටුවක් දැමීම නිසා
    ඉහත නිවේදනය හා ඉන්පසු ගන්නා ක්‍රියා මාර්ග අත්හිටවූ බව නිල වශයෙන් දැනුම් දෙමි.

    මෙයට.
    අණ පරිදි,
    මාධ්‍ය උපදේශක,
    කකා සුරැකීමේ ජාතික සංවිධානය ( aka කසුජාස)

    #########################################################################

    ReplyDelete
    Replies
    1. හි හි ශෝක් අනේ ඔයාලගේ සංවිධානේ

      Delete
    2. අපූර්වි ,

      අප සංවිධානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය තුල 1982 අංක 17 දරණ සමාගම් පනතට අනුව ව්‍යවස්ථාපිත පොදු සමාගම් අතරට එක්වූ සංවිධානයකි. එබැවින් එහි නීතිමය රාමුව ගැන කිසිදු සැකයක් තබා නොගන්න.

      එසේම,
      අප සංගම් ව්‍යවස්ථාවලියේ අංක 34 පරිඡ්චේදයේ 57 වෙනි වගන්තියට අනුව ප්‍රොෆයිල්කරුවෙකු හෝ ප්‍රොෆයිල්කාරියකට හෝ පුද්ගලික ඇඳුනුම්කමකට හෝ අප සංගමයේ නිත්‍ය සාමාජිකත්වය ලබා නොදේ.

      ලිංගික වාසි තකා සාමාජිකත්වල ලබා දීම යන චෝදනාවට අප සංගමය පසුගිය කාල වකවානුවේදි මුහුණ දීමට සිදුවූ අතර ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්සයේ පැවති මාධ්‍ය හමුවේදි අප නිර්භය ලෙස පවසා සිටියේ එවැනි චෝදනා අප සංවිධානය ප්‍රතික්ශේප කරන බවයි.

      තවද,
      අප සංගමය කකා සුරැකීම හා කකාට එල්ලවිය හැකි සියළුම ප්‍රහාර (වාග් ප්‍රහාරද ඇතුලත්ව) වලින් කකාව සුරක්ෂිත කිරීම හා කකාට හෙට දිනක නව අරුණලු දැකීමට සැලැස්විම යන මූලික අරමුණු උදෙසාම ක්‍රියාත්මක වන සංගමයක් බව අවසන් වශයෙන් මා පැවසීමට කැමතියි...

      ස්තූතියි...

      තොරතුරු කේන්ද්‍රය,
      කකා සුරැකීමේ ජාතික සංවිධානය ( aka කසුජාසා

      --------------------------------------------------------------------------------------
      ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා... ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නෑ.. ඔබ සරණාගතයෙකු ලෙස හඳුනාගත්තොත් පැපුවා නිව්ගිනියාවේ පදිංචි කරවන අතර සරණාගතයන් නොවන සියළුම දෙනා නැවතත් ශ්‍රී ලංකාවට හරවා එවයි.....

      (මෙය මුදල් ගෙවා පලකල දැන්වීමකි.)

      Delete
    3. AnonymousNovember 14, 2013 at 1:19 PM
      තේ බිබී ඉන්නකොට මේක කියෙව්වේ. එකපාරට ආපු හිනාවට ඉස්මොල්ලේ ගිය තේ ටික පිට කර ගන්න විනාඩි 5ක වඩා කහින්න ඇති.

      කකාට උඹල අපි එක්වෙලා ඉක්මනටම හෙට දිනක නව අරුනළු දක්වයිද ගොක්කොල , සුදු කොඩි දක්වයිද කියල ඇතිවෙච්චි විචිකිච්චාවට .

      තාම මේ සංවිධානය ඔස්ට්‍රලියාවෙ ලියාපදිංචි වෙලා නැතෙයි ? එහෙම නැතිව කකාට විරුද්ධව නැගී එන අන්තර්ජාතික තලයේ කුමන්ත්‍රණ , බලවේග , චරිත ඝාතන ප්‍රයත්න , වලට විරුද්ධව කටයුතු කරන්න අමාරුයි නේද ?

      Delete
    4. මට මේ කසුජාස ගෙන් අහන්න තියෙනවා ප්‍රශ්නයක්, අපේ බැසිල් කරණයෙන් නිස්සාරණය කරපු බෝට්ටු/නැව් වලින් එනකොට ඔස්ට්‍රේලියාවේ ජොබ් තියෙනවාද?

      Delete
  13. අපි ලියන්නේ මක්කටෙයි. දැන් තියෙන තරමක් තියෙන්නෙම කකා කිව්වා වගේ කොල්ලො අඬ අඬා කෙල්ලන්ට කියන සින්දුමනේ.. නිකන් නෙමෙයි හොටු පෙරාගෙන අඬන්නේ.. උන් නම් කොල්ලෝ නෙමෙයි පොන්නයොද කොහෙද... වොයිසුත් පොන්න වොයිස්..

    ReplyDelete
    Replies
    1. ඔයා ගහන්නෙම කන්ට්‍රි මියුසික් නේද.... ඒවා හෙණ ගාම්බීර වොයිස් වෙන්ඩ ඇති නේද මෙයා....

      කයිය ගහනකොට ඉන්ටනැශනල් ලෙවල් එකෙන්.... ඒ වුනාට පිටවෙන්නෙ ගෝත්‍රික වචන.....

      Delete
    2. මාතලන් ජී,

      100% සත්‍ය හේ!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. ඒම කියන්ඩෙපා බොස්
      ඒ වෙලාවට කොයි ඇතත් දන ගහනවා !!
      නාඬ කොහොමෙයි දුක කියන්නෙ ??
      දුක දන්නෙ වෙන කව්ද -ඇස් දෙක තරම් !!

      ටෝක් එක ඇපෲ උනොත් ගොඩ නේ ??
      2 ක් ගහල ගියාම අඬන්න නෙමෙයි වැලපෙන්න පුලුවං ..

      හා නැතෙයි ?

      Delete
  14. "හොඳම ඒවා තමයි කෙල්ල කොල්ලා එක්ක අමනාප වුණාම කොල්ලා දුකට කියන ඒවා."

    ඇයි කෙල්ල අමනාප වුන සතුටට කියන ඒවා?

    ReplyDelete
    Replies
    1. ප්‍ර ජේ ජී,

      උදා:-
      "පාලු හිතට ඔබ ලං වෙනවා නම්........!
      මලක් සේම මා ඔබ රැක ගන්නම්..............!!

      කඳුලක් වී වෙන් වෙලා ගියෝතින්..............!
      අහිතක් නෑ වෙන කෙල්ලෙක් ගන්නම්!!!!!!!!!!!!!!!!!"

      (මේකේ මුල් වචන් ටික නම් දාන්න බැරියෝ!)

      හික්z!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. පිල්ලියා

      දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම් ????
      :-):-)

      Delete
    3. පියඹා යනවා මා ආකාශයේ
      අවසානයි.ප්‍රේමාදරේ
      ගිරවෝ - කොවුලෝ
      මිදුනා මා ආදරෙන් !!!

      (( ‍රෑට වරෙව් බොන්ඩ ))

      Delete
    4. ඔබ රූ සිරියෙන් මන් මත් වී මම නොකෙලෙමි අණුවන කම්!

      Delete
    5. @ dawkinssdodo
      අන්න වැද්දා උනත් හැඟීම්බරව කියාපු සිංදු.

      (දැන් ඉතින් කශ්ටිය අහයි එඩ්වඩ් කියන්නේ වැද්දෙක්ද කියලා.)

      Delete
    6. @පත්තර මල්ලි භයියා,

      අරේවා!!!! අයියණ්ඩිගේ ශාදී ජීවන් එක බංගස්ථාන් හෝගයා ද??

      (එකපාරටම පියාඹන්න චාන්ස් එකක් සෙට් වෙලා තියෙන්නේ! හික්z!!!)

      @ ඩෝ ඩෝ ජී,

      අන්න පොරවල්!!!!!!!

      @ කාවා ජී,

      වැද්දා ජී කෝන් හේ??

      @

      ජයි හෝ!!!!!!!!!!!!!

      Delete
    7. නහී නහී පිල්ලියා

      මේ සින්දුවක් කරෝංගා

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. අර අතුලගේ ඊමේල් කවිකාරී සින්දුව මතක්වුනා

    ReplyDelete
    Replies
    1. කියනකොට භූමිතෙල් ගදයි..... නයි දුවනවා.... ඔය නම මතක් කරන්න එපා ඉවාන්...

      Delete
  17. කකා වගේ හුඟ දෙනෙක් උඩ බලාගෙන විනාඩි 10 න් සිංදු ලියනවා. අපිට ඒව අහල එපා වෙලා තියෙන්නේ. මෙලෝ රහක් නෑ. තනුව දාන එකත් එහෙමමයි. සිංදුව කියන එකා (ඌ සිංදු කීවාට ගායනා කොරන්නේ නැතිලු), විෂුවල් දෙන එකා....... ඔක්කෝම එකයි.
    හැබැයි ඔය අතරින් පතර හොඳ ගීතත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කාවා ජී,

      අනිවා මචෝ! කොහොමද අර "මිස්කෝල් එකක් තරමට ..." සින්දුවේ වචන සෙට් එක??

      මනුරංගයා දෙක වසරේ ඉන්න කාලේ ලියපු රචනාවක් අර අහිංසකයගේ කරේ ගහලා!!

      ෆට්ටම සීන් එක තමයි, ඒ සින්දුව පටන් ගද්දිම අර කෙල්ල කියන්නේ.....

      "මේ තරම් ලස්සන ඇස් දෙකක් මම කවදාවත් දැකලා නෑ...!!" කියලා

      මට නම් Xකෙනුත් හිනා බං!


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. කකා පුක ගැනත් සිංදු ලියනවා.

      Delete
  18. පසුව එමි...
    පස්සේ එන්නම් බං..
    ලස්සනට ගලාගෙන යනවා...
    අප්පොස්සියේ.....
    පට්ට නිර්මාණයක්.....
    එකෙන්ම කකා......
    සිරා.පට්ට .....
    සාර්ථක නිර්මාණයක් කාලීන අදහසක් පෙරටු කරගෙන.......
    කකාගෙ කවි මම ගොඩක් රස වින්දා....
    පහුගිය සති අන්තයේ යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙට් උනාම කකාගෙ කවි තමයි අපි රස වින්දේ......
    උබට ජය!!
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ....
    ඇයි බං සින්දු කියන අය මේව දකින් නැත්තේ..??
    හිනා වෙන්නෙ නෑ..
    :D
    අති විශිශ්ඨ නිර්මාණයක් !
    හයියෝ...
    පට්ට නිර්මාණය මචං
    අපේ ශබ්ද කෝෂ අප්ඩේට් කරන්න වෙනවා.
    මේ ට්‍රිප් හින්දා අපේ කකාගෙ නිර්මාණ ශක්තිය ඔප වැටිලා තියන අපුරුව.
    සුපිරි සින්දු පාර.......
    පට්ට ආතල් හලෝ... ^_^
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    පට්ට පට පට..
    දැන් රෑ 1යි.
    හිනා වෙනවා යකෝ තනියම...
    එළනේ .....
    නියමයි ඈ...
    කෙටි කවියක් වුණාට ගොඩක් වටිනා msg එකක් .
    ලිපිය නම් පට්ට....
    හැක හැක හැක ....
    තේරෙන්නෑ ඕයි...
    මම කිව්වේ කකා ලෝකයා............ උඹ වගේ අන්ඩපාලයෙක් වෙන නැහැ අයියේ..
    රාජ කුමාරියක් මං...
    හි හි....හි හි....හි හි...
    යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි....

    ReplyDelete
    Replies
    1. හැක හැක.....
      මරු බං ......
      අම්මට උඩු....
      හපොයි ....
      හහ්!...හහ්!...
      +++++++
      හෙහෙ හෙහ් ...
      හැකිස්...
      හරිම ශෝක්.....
      මට ඇඩුන බං.......
      ජය වේවා ....
      හරිම නිර්මාණශීලීයි!
      නියමයි බං නිර්මාණය....
      හෝහ් හෝහ් හෝ....
      පව් නෙහ්?
      හි හි....හි හි....හි හි....හි හි...
      පස්ටයි මචං..
      එළකිරි......
      එල කිරි නිර්මානේ බං...
      නියමයි නියමයි !
      තාත්වික විදියට ලියල තියෙනව......
      මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨයි......
      නියමයි මචං...
      බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
      කියන්න බැරි තරම් පට්ටයි.. කොහොමත් උඹ නිර්මාණශීලී පොරක්..
      අදත් බොක්කටම වදින්න ලියලා තියෙනව....
      ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියමයි....
      සුපිරි!
      නිර්මාණශීලී ගුණය අගය කරන්න ඕනෙ.
      මට නැති හැකියාව ඔබට තිබීම ගැන මම සතුටු වෙනවා...



      ගොඩක් වටින පෝස්ට් එකක්.....
      හොඳ වැඩක් කකා කරලා තියෙන්නේ..............
      හි හි ඔව් කකා කීවා හරි ,,
      ඔන්න කකාගෙන් මගේ පොස්ටුවට link එකක් ලැබිල තියනව.බොහොම ස්තුතිය්..:D
      ග්‍රේට් කකා ...!
      .... DDDDDDD
      තැන්කුයි වෙවා.
      සෑහෙන්න වටිනවා..
      ලිපිය අගේ කරනවා...
      වටින උපදෙස් ටිකක්!
      එල එල කකා... නියම වැදගත්, එලම පෝස්ට් එකක්....
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
      ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..
      ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්.
      එකෙන්ම එළ..
      අම්මට හුඩු ...
      අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
      කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
      මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි කකා කියන්නේ...
      ලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක් :D
      බොක්කෙන් සුබ පැතුම් කකා.....
      හප්පට සිරි තන්තෝසේ බැරුවා....
      එල එල එල එලම තමයි !!!!!
      එළස්..
      කියවන්න කලින්ම ඔන්න නියමයි ඈ... කියවල එන්නම්...
      මේක යුගයේ අවශ්‍යතාවක්......
      රම්පෙට පොරි පොකුරු පොකුරු...
      හම්මේ ලොවෙත් නෑ...
      ජයවේවා...!
      අප්පට සිලි...අම්මට උඩු....
      අඩෝ.....සතුටුයි මල්ලි.....
      හි හි....හි හි....හි හි....හි හි....
      වරේවා කකා.. එලස්..


      අන්න උඔටත් මට හිතුන දේම හිතිලා
      ++++++++++
      ()*^&%&
      එළ
      පට්ට පට පට
      සුපිරි
      මරු බං
      පට්ට
      මල් හතයි ඈ
      ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
      නියම පෝස්ට් එකක්
      එක හුස්මට කියවගෙන ගියා.
      ඇයි අවුල්ද
      හිහ්
      මාර රසයි බං
      :)
      :-D :-D
      දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු කකා, නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !
      ජය
      ජය වේවා!
      Jayavewa
      හුකැස්
      හික්ස්...
      මගේ පංතියේ මං විතරයි
      හුකැස්
      හයියෝ සල්ලි
      ලොල්
      ලොල් ම තමා
      ලොලේ ලොල්
      එළ
      එළ ඈ!
      එළ කතා.....
      හි හි හි.....
      කියෙව්ව ඔන්න.....
      ෆස්ටය....
      මරු ....
      ලොල් ....
      ආතල්
      චී මෙයා ලියන ඒවා
      හක්
      එකෙන්ම
      එල හලෝ
      හොක් හොක්...!!
      මරු බං..!
      වැඩ වැඩ වැඩ..
      ඔබ හරි
      All
      කොමන්ට් කළ සැමට ස්තූතියි
      බෙදා ගැනීමට ස්තුතියි!
      එක හුස්මටම කියවගෙන ගියා
      මට හිනාව වාවගන්න බැරිඋනා
      හිනා වෙලා ඉල ඇදෙනවා
      මට කට උත්තර නැතුව ගියා
      සාහිත්‍යය රස බේරෙනවා.
      පුග්, පුක්
      :)
      කිසිම දෙයක් මම නොකියමි.
      ඒකත් එහෙමද
      මම අද එක ද ?
      ඔන්න අද මම එක
      හුරේ.. මම එක
      මම එක ද මන්දා...?
      ලොවෙත් නෑ
      ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
      සිරා පෝස්ටුව
      මාර රහයි
      ගති
      මට ඇඩෙන්න වගේ
      තනි ඇහැට ඇඩෙනවා
      හොදට ලියල තියෙනව
      වදින තැනට වදින්නම ලියලා තියෙනවා
      ඔයානම් මාරයි අනේ
      නෙදකිං

      Delete
    2. හී.. හී..

      Delete
    3. මෙන්න මගේ කැමතිම එක
      “යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි...“

      Delete
    4. ඔය ශබ්ද කෝෂයට මේකත් එකතු කරගනිං මචං.
      "ඉක්මනට ඊලඟ එකත් දාන්ඩ"
      "හා මචං"

      Delete
    5. Anonymous November 14, 2013 at 10:56 AM

      කොමෙන්ටුව කකාගේ පැරණි කොමෙන්ටුවකින් ගෙඩි පිටින් උපුටා ගත්තකි.... එබැවින් එහි කිසිම නැවුම් රසයක් නොමැත....
      නමුත් එයට උඩින් ඇති මාගේ කොමෙන්ටුව බ්ලොග් අවකාශයේ සැරිසරා පිට කසන බ්ලොග් තුලින් සොයා ගන්නා ලද කොමෙන්ට් වේ....

      තවද මෙම කොමෙන්ටුව තුලින් මාගේ උත්සාහය අවතක්සේරුවකට ලක්වන බව මාගේ හැගීමයි....

      කකා මෙම කොමෙන්ටුව ඉවත් කරන්න.... ඇනෝ කරුණාකර අළුත් නිර්මාණයක් කරන්න....

      - ජ්‍යේෂ්ඨ සාමාජික, කකා සුරැකීමේ ජාතික සංවිධානය -

      Delete
    6. Anonymous November 14, 2013 at 10:56 AM

      කොමෙන්ටුව කකාගේ පැරණි කොමෙන්ටුවකින් ගෙඩි පිටින් උපුටා ගත්තකි.... එබැවින් එහි කිසිම නැවුම් රසයක් නොමැත....
      නමුත් එයට උඩින් ඇති මාගේ කොමෙන්ටුව බ්ලොග් අවකාශයේ සැරිසරා පිට කසන බ්ලොග් තුලින් සොයා ගන්නා ලද කොමෙන්ට් වේ....

      තවද මෙම කොමෙන්ටුව තුලින් මාගේ උත්සාහය අවතක්සේරුවකට ලක්වන බව මාගේ හැගීමයි....

      කකා මෙම කොමෙන්ටුව ඉවත් කරන්න.... ඇනෝ කරුණාකර අළුත් නිර්මාණයක් කරන්න....

      - ජ්‍යේෂ්ඨ සාමාජික, කකා සුරැකීමේ ජාතික සංවිධානය -

      Delete
    7. ඉතා මහන්සියෙන් කරනා ලද සාර්ථක නිර්මාණ දෙකක්..
      ෆට්ට...
      එකෙන්ම..

      Delete
    8. මරේ මරු.. ඇනෝ මිත්තරටෝ.. අනේ බොලාට ටොපිටයක් වත් දේනන විදියක් නැහැනේ.. පස්ටයි. සිරා. හුකැස්.. එළ... ජය වේවා, සුපිරි.. බොක්කටම වදිනවා..

      Delete
    9. http://harshana-bc.blogspot.com/2013/11/blog-post.html

      රජා කෙලල් මල්ලියේ බොට...

      Delete
    10. මේං මං කැමති එක
      අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
      ////කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
      මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි කකා කියන්නේ...///

      Delete
    11. කෙලියේ නෑ පුතා... ක්‍රෙඩිට්ස් දීලා තියෙන්නේ ;)

      Delete

  19. එලz හේ!!!!!!!!

    මෙන්න මගෙ වාරය!!!!!!


    "ඉරුණු ජොකා නැවත නැතේ මැහෙන්නේ...........!
    වැටුණු ගොනා නැත හැරිලා බලන්නේ.............!!
    දවසක් ගතවුණා කියා පෝස්ටුවක් දමා ගියා
    කවදා දෝ ක්මෙන්ට්ස් වැටෙන්නේ.......!!!!!

    රෑන පිටින් ඇනෝ පැටවු මෙහි ආවාදෙන්....!
    දුසිම් ගණන් කමෙන්ට්ස් කෑලි අත හැරියාදෙන්...!!
    මාමණ්ඩියා හැමදාකම පලවෙනි වෙද්දෙන්.....!!!
    කමෙන්ට්ස් දමා පලවෙනකම් හිඳිමු විනෝදෙන්.....!!!!


    කැපිටලයා රැග් කරාවි කියා සිතාලා.....!!
    පත්තරයා මා බයිටට ගනියි කියාලා.....!!!
    කාවාගේ ටෝක්ස් වලට කෝප නොවීලා....!!!!
    ඉන්න ටිකේ ඉමුකො කකෝ ජොලිය දමාලා.........!!!!! "



    (සැ.යු:- ඉහත ගීතය පලමු වරට කාකා ජීගේ කමෙන්ට්ස් පුවරුවේ පල කෙරේ!
    පසුව කාකා සහබ්ගේ නිෂ්පාදනයෙන් ද

    මම ජී, සහ කාවා ජීගේ සම-අධ්‍යක්ෂණයෙන්ද

    පත්තර මල්ලි භයියාගේ අලෝකකරණයෙන් ද

    සුපිරි ජැලිවුඩ් (ජැපනීස්+හොලිවුඩ්) සටන් නළු කෙන්ජිකාන්ත් සහ සුරූපි එලිවුඩ් (ඊශ්‍රායෙල්+හොලිවුඩ්) නිලි අපූර්වි රායිගේ රංගනයෙන්ද හැඩවෙන මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කිරීමට නියමිත "NAI KAI- The roast paan සිනමා කෘතියට ඇතුලත් කිරීමට කටයුතු යොදා ඇත!!)

    @කාකා ජී,

    තුම් හේ මේරේ මන්දිර්.......!
    තුම් හේ මෙරේ පූජා.......!!

    තුම් හේ දේවතා.......... හෝ තුම් හේ දේවතා............//

    ඉන්සුල්ටින් නහී හේ ජස්ට් ෆෝ ෆන් හේ!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් .............
      අම්ම ගහයි බැඩ් එකෙන්.

      Delete
    2. කාවා මුන්නා ,, බොහොත් අච්චා හේ .. කිත්නා ලම්බා නිර්මාණයක්ද ඈ ..are you කිඩ්න් මී ඉදගෙන :D

      Delete
    3. මේ මගේ පෙම්වතාට ලියපු කවියක්

      චිත්‍රාවක් නොවූවත් මා උන්මාද
      කොතරම් තනිකමක් මට වද දුන්නාද
      සැම දුක් සෝ නිවා කර හද නින්නාද
      නුඹයි දීග ගාමිණී ඩෙල් ලැප් රජිද

      Delete
    4. @කාවා ජී,

      අරේවා දෝස්ත්!!!!!!!

      දාපන් මචෝ පහක්!!!!!

      @ අපූර්වි දීදී,

      අච්චා අච්චා දීදී.... යෙ මේරා ස්වතන්ත්‍ර නිර්මාණ් හේ......!!!!!

      අරේ....!

      බොහොත් අච්චා කාව්‍ය හේ!

      අක්ක්ණ්ඩිගේ පෙම්වතාගේ කවිය මෙන්න!

      "රැයක් දවාලක් නොබලා ඇහැරනවා.......!
      දවසම මගේ පණ යනකම් මරවනවා......!!
      වරුවක් ගානේ බැටරිය මගේ රත් වෙනවා...!!!
      මුන්දැගේ බොටුව දවසක මං මිරිකනවා........!!!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. පිල්ලි මල්ලියා
      උඹට xx ඉදන් පිස්සු බං !!
      මොක උනත් මරු සිංදුව :-):-)

      Delete
    6. අපූර්වි සහෝදරී.

      මං ඔයාව 3 වෙනි වටයට යෝජනා ක‍රනවා !!
      ආලාප් කොටස් වල යම් අස්තාවර ගතියක් මා දකිනවා..ඔබේ වොයිස් කලර් එක විශිශ්ඨයි,

      සුභ පතනව !!

      Delete
    7. හි හි ෂෝයි පිල්ලි මුන්නා බොහොත් සුන්දර් හේ

      Delete
    8. නහී බබා නහී,
      "බොහොත් සුකිරියා කියහං" කෙල්ලේ.

      Delete
    9. @පත්තර මල්ලි භයියා,

      හික්z!!!!!

      බොහොත් ෂුක්‍රියා භයියා!!!!!


      @අපූර්වි දීදී,

      බොහොත් ෂුක්‍රියා දීදී

      @ කාවා ජී,

      අරේවා දෝස්ත්!!!!

      එකෙන්ම!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!

      Delete
  20. //ඔබේ කමෙන්ටු ඟෙහි පලවෙන්නේ මා මුලින් ඒවා කියවූ පසුවයි.//

    රෙන පුකට මොන කැටයම්ද සුමනෝ...

    පුක යනු කුණුහරුපයක් නෙමේ..

    ReplyDelete
  21. @කකා,

    ඔබට ඉඩක් ලැබේ නම් මේ ගීතය ගැන අදහස් බලපොරොත්තු වෙමි.

    ඔබ දියවැලක් නම් - හිතන්නට තිබුණා
    සිඳී යයි සැඩ හිරු රැසින් කියලා
    ඔබ වසන්තය නම් - කියන්නට තිබුණා
    මල් පිපෙයි හේමන්තයේ කියලා
    තව එක වතක් නම් - මකන්නට තිබුණා
    වත් පොතින් මොහොතෙකින් හළු කරලා
    ඔබ පුරා හඳ අහසේ - සිතන්නේ කෙලෙසේ
    බැස ගියා යළි නොනැඟෙන්ට කියලා

    නිල් නෙළුම් මල් පිබිදෙයි - කලා වැව නිසලයි
    අරණ ගහ කොළ මෝරයි - වගක් නැති ගානයි
    ලොවම තවමත් එහෙමයි - ඔබ ගියා පමණයි
    දවස තාමත් තරුණයි - ඒත් හිරු මහළුයි

    පොළොව සඳ තරු රැස හා - තවත් කැරැකේවී
    දිවිය තව කෙළවර නෑ - ඔහේ ගත වේවී
    හදේ ඔබ වෙනුවෙන් ඉඩ - එලෙසින්ම පවතීවී
    කවිය තවමත් නිම නෑ - හෙටත් ලියැවේවී

    ReplyDelete
    Replies
    1. උබ සුජීව ප්‍රසන්න ආරච්චිද ?
      ඌ තමා මෙහෙම ජරාහන්ත නිර්මාණ සිංදු විදිහට ලියන්නේ

      Delete
  22. මෙම වසරේ හොඳ ම පද රචනය.......කතන්දර! හි හි හි.... :D

    ReplyDelete
  23. මෙන්න අපේ කතන්දර කාරයා
    මු එලට ලිව්වා පුංචි පහේ සින්දුවක්
    අනේ ඒක දැකලා මට හිතුනා පද ටිකක්
    ඔන්න මාත් කිව්වා පුංචි පහේ සින්දුවක්....

    කොහොමද මචෝ..එල නේ...අයිඩියාවට තෑන්ක්ස්..මාත් සින්දු දෙක තුනක් ලියල තියෙන්නේ ඇවිත් බලන්න...

    ReplyDelete
  24. මේ ලගදි දවසක ඇහුව A/L සිංදුවට වැඩිය මේක හොදයි වගේ..

    ReplyDelete
  25. KAKKA LIYALA THIYANA PAL HAALLEN PELI KEEPAYAK KIYEWWA, MELO RAHAK NEHE. MEWATA KIYANNE K A I . MEWATA KAVI KIWWOTH KAVI WALATA MONAWADA KIYANNE. KAVI LIYANNA UGANWANNA MEYATA THIYANA SUDUSUKAMA MOKAKDA?

    ReplyDelete
  26. ලොක්කා
    සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
    ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
    මුලු කොලේ පුරා ලීවේ එක පේලියයි
    මුලු හදවතින්ම මං ඔබ හට ආදරෙයි ,

    අන්න සිංදු නං සින්දු !!!
    රස වෑහෙනවා..

    ReplyDelete
    Replies
    1. __________________________________________________
      //රස වෑහෙනවා..//
      පත්තරේ, පල්ලෙහා හෙනහුරා ඉන්නවා. උගෙ ඇගට වෑහෙන රසය වැටෙයි කියලා පොඩි භාදකයක් දැම්මා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එකෙන්ම කා වා ..
      සුභාවිත සංගීතය රසාස්වාදනය කිරීමේදී
      මතුවන භාවමය හැඟුම් හා මනෝභාවයන් රෝමෝද්ගමනය කරන්නට ඔබ යොදන්නට යෙදුන භාදකය එතරම් ප්‍රමානික නොවන බව හුදී ජන පහන් සංවේගය උදෙසා මා විසින් ලියා තබන්නට යෙදුනි මෙසේ !!

      අනිච්චා වත සංඛාරා !

      (( දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම් ))

      Delete
    4. @පත්තර මල්ලි භයියා,

      ඕක්.....ඕක්.........!!

      මේ වමනේ කරෝන්ගා!!

      (අයි හේට් දැට් පීචං සින්ගර්! හික්z!!)

      @ කාවා ජී,

      හික්Z!!

      නෝටි කාවා ජී.........!!


      ජයි හෝ!!!!!!!!!!!!!

      Delete
  27. අම්මපා නියම නිර්මාණය. ලැජ්ජ හිතෙනවා......:/

    ReplyDelete
  28. ඕකෙ ඉර හඳ වගෙ වචන අද කාලෙට ගැලපෙන්නෙ නෑ.
    බැරිද සී එෆ් එල්, එල් ඊ ඩී වගේ එළිය දෙන ඒව ගැන ලියන්න ඉර හඳම උලා නොකා?
    ඇයි තව ෆෑන් එකෙන් එන සිසිල් මදනළ?

    ReplyDelete
  29. balanna kaka lassana kavi tikaka liyala. meelanga post ekata meeta wada honda kavi lliyanna kiya illanawa

    ReplyDelete
    Replies
    1. Nikam Hitpan Puka kasanne nethiwa

      Delete
  30. ගීතයක් ලියන්න ඔය තරම් සරල නිසාද සරල ගී කියලා කියන්නේ. අනේ මන්දා, ඔය උඩ ලියලා තියෙන වර්ගයේ ගීත අසාගෙන ඉන්න තමයි අමාරු.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.