ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 22 November 2013
අහසෙන් යන මන්තරේ හෙවත් ඉංගිරිසි වචන තුනක් - Munaweera's adventure
මේක ඉතාම කෙටි කතන්දරයක්.
මාත් එක්ක අහවල් ඉස්කෝලේ දහයේ පන්තියට අළුතින් ඇතුල් වුණු සිසුන් සියයක් පමණ පිරිස අතර හිටි අයෙක් තමයි මුණවීර.
මුණවීරයි මායි දෙන්නාම එකිනෙකට ආසන්න ගම් දෙකක සිට දුම්රියෙන් පාසල් ආ නිසාත්, ඊටත් වඩා අපි දෙන්නාම එකම පන්ති කාමරයේ දහයේ, එකොලහේ සහ දොළහේ ශ්‍රේණිවල ඉගෙනුම ලබා උසස් පෙළ ලියූ නිසාත්, මුල් කාලයේ එකම ටියුෂන් පන්තිවලට ගිය නිසාත් හොඳ හිතවතුන් වුණා.
කොටින්ම පසු කාලයේ මුණවීර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකු ගෙන් පුද්ගලික ටියුෂන් ගන්නට පටන් ගත් කාලේ එය කුඩා කණ්ඩායම් පන්තියක් කරන්නට ඔහුගෙන් ආරාධනාව ලැබූ එක් අයෙක් වුණේ මායි.
මා ඒ පන්තියෙන් මාසෙකින් දෙකකින් හැලුනත් ඔහු මා හා අමනාප වුණේ නෑ.
මුණවීර ගේ මාමා කෙනෙක් ඒ දිනවල පදිංචිව සිටියේ (අපේ බ්ලොග්කරුවන් කීප දෙනෙක්ම ඉන්නා) මැලේසියාවේ යි.
ඉතිං අපි දහයේ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ මුණවීරටත් මැලේසියා යන්න මාමාගෙන් ආරාධනාවක් ලැබුණා.
ගමන එයාලංකා එකේ.
"ඉතිං ප්ලෙන් එකේ තනියම පිටරට යන්න හොඳට ඉංගිරිසි දැන ගන්න ඕනෑ නේද?" මං ඇහැව්වා.
"වැඩිය ඕනෑ නෑ. වචන දෙක තුනයි දැන ගන්න ඕනෑ!" මුණවීර කිව්වා.
"ප්ලේන් එකේ දී මුලින්ම පලතුරු බීම දෙනවා. එතකොට ඔරෙන්ජ් ජූස් කියන්න ඕනෑ."
"ඊළඟට දවල්ට කන්න දෙන කොට ෆිෂ් ඕ චිකන් කියා අහනවා. එතකොට චිකන් කීවාම ෂේප්."
ඉතිං ඒ වචන දෙක තුනේ බලයෙන් මුණවීර මැලේෂියා ගිහින් සති දෙකක් විතර එහේ ඉඳලා ආපහු ආවා.
-කතන්දරකාරයා
ප/ලි:
මගේ සති දෙකක සංචාරයත් දැන් අවසානයට ම වාගේ පැමිණ තිබේ. ඉරිදා ආපසු නිවසට!
(image: http://www.ceylonlanka.info/2012/02/gampaha-city-guide.html)
Subscribe to:
Post Comments (Atom)
ගම්පහ වොලිබෝල් ටීම් එක නේද කකා මේ ?
ReplyDeleteමම එක.... මගේ පුරස්නය.... අභීතට බැනලා ෆේස් බුක් ස්ටේටස් දැම්මෙ කවුද?
ReplyDeleteඅක්කයි මල්ලියි හම්බ උනේම නැද්ද?
ReplyDeleteතාම ගුවන් ගමන් අත්දැකීමක් නැති නිසා ඇත්තද බොරුද කියල දන්නෙ නෑ.
ReplyDeleteමුලහරිය කාල් මාක්ස් අගහරිය එංගල්ස් වගේ සීන් එකක් වෙලා නැද්ද?
ReplyDeleteඉතින් ?????????? **&&&&
ReplyDeleteගම්පහ ස්ටේෂන් එක ඉදිරිපිට තියෙන මේ වොලිබෝල් ස්මාරකය දැන් ගලවල වෙන තැනකට අරං ගිහිං කියල ආරංචියක් තියෙනව ඇත්තද දන්නෙ නෑ.
ReplyDeleteපාර මැද්දෙන් අයිනට අරන්
Deleteඒක ගලවල ,දැන් එතනතිබ්බ වටරවුම නෑ. පිළිමෙ ස්ටේෂන් එක ලගට අරන්,
Deleteඇයි විස්කි හරි වයින්...
ReplyDeleteඑවුවා තමයි මෙයාලට මුලින්ම මතක් වෙන්නේ අෆෝ
Deleteහෙ හෙ ආනන්දේ මුල ඉදන් හිටියා නම් මුලු ඉංග්‍රිසී භාශාවෙන්ම මුණචීර උන්නැහේට මැලේශියා යන්න තිබ්බා
ReplyDeleteඔහොම වචන දෙක තුනක් විතරක් දැනගෙන, අහන ප්‍රශ්න කල් වේලා ඇතුව දැනගෙන උත්තර පාඩම් කරගෙන අන්තිමට ප්‍රශ්න අහන එකා ඒවා මාරු කරල ඇසීමෙන් අමාරුවට වැටුනු අය ගැන මං අහල තියෙනවා.
ReplyDeleteදැන් ඔය වගේ රටවල් ගණනාවක සංචාරයක ගියාම බාසාවල් කීයකින් කතා කරනවද කතන්දර?
ලංකාවෙ සමහර අය හිතාගෙන ඉන්නෙ ඉන්දියාව දෙමළ රටක් කියලනෙ. මාත් එක්ක දවසක් එහෙම එක්කෙනෙක් බොම්බායට ගියා. එයාපෝට් එකෙන් එළියට එනකොටම හිඟන්නො. හිඟන්නො කීවට උන් එයාපෝට් එකේ පොඩි පොඩි වැඩ කරන අය වෙන්නත් ඇති. ඉතින් උන් කෑ ගහනව "සපාේර්ට්" කියල.
මගෙත් එක්ක ගිය එකා කියනව, "උඹ දන්නවද, මෙහෙ මිනිස්සුන්ට කන්න නෑ. ඒකනෙ අර "සාප්පාඩු" කියල කෑ ගහන්නෙ. මං ඇහුව, "සාප්පාඩු" කියන්නෙ කන්න නැති වුනාම ද?" කියල. මිත්‍රය කියනව "නෑ, දෙමළෙන් සාප්පාඩු කියන්නෙ කෑම වලට".
මට මතක් උණේ අනෙස්ලි,බර්ටි,සැමුවෙල් ලා ගේ සිරිසේන,ටුවෙන්ටි එයිට්,බෝත් විහිලුව.
ReplyDeleteහිහ් හිහ්................
ReplyDeleteඇත්තටම මිනිහ මැලේසිය ගිහින් ආපහු අවාද ????
ReplyDeleteඌ හොඳයි.. මෙළෝ දෙයක් බැරි උන්.. රජවරු.. රැජිණියෝ වෙලා එන්නේ.. එරොප්පේ ගිහිල්ලා.. කොච්චර ටැලන්ටඩ් බඩුද.. ඒත් ඉති ඕනම නම් සුද්දන්ටත් ඉන්ගිරිසි උගන්වයි...
ReplyDeleteදැනුත් ඔය දෙක තුන දන ගත්තහම ඇතිද දන්නේ නෑ!
ReplyDeleteකකා ලෝකෙ වටේ ගියාට වැඩක් නෑ. මී මුරේ ගියේ නැහැනෙ. මී මුරේ ගියා නම් අළුත්ම අත්දැකීමක්. කලිසම තියලා තමයි එන්න වෙන්නේ.
ReplyDelete@කකා, මේ කකා ගැනද කියන්නේ?
ReplyDeleteඔන්න එක මනුස්සයෙක් ඉන්නවා නිකම් එදා වේල ටුවර්ස් රස්සාවක් කරගෙන.. කොහෙන් හරි ලැප් එකකුයි ඩොන්ගල් එකකුයි අරගෙන බ්ලොග් එකකුත් ලියනවා.. සිංහල බ්ලොග් එකක්ම කියමුකො.. මේක කියවන බ්ලොග් රසිකයෝ ඔහු පස්සෙන් වැටෙනවා.. අනේ අයියේ කියාගෙන ඉතින් මිනිහා පස්සෙන් සෙනගක් එකතු වෙනවා... දැන් මූට මැජික්... එදා මෙදා තුර අත්දැක නැති සමාජ තත්වය බ්ලොග් හරහා ගොඩ නැගෙනවා.. ඊට පස්සේ තමන්ට විතරක් අනන්‍ය ක්ශේෂ්ත්‍රයක් හරහා මිනිහා තවත් මේ රසිකාවියො වට කරගෙන දැන් පොරක් වෙනවා.. අර සමහරු මට කියනවා වගේම බ්ලොග් හරහා ලිංගික වාසි, හිත මිතුරන්, විදේශීය මිතුරන් සුරුට්ටුවේ ඉඳන් තෑගි බෝග මේ නොයෙක් දේවල් වරප්‍රසාද හැටියට මනුස්සයාට ලැබෙනවා.. ඒවා නොපෙනෙන්න වැහෙන්න අනිත් උන්ගේ පොඩි සිද්ධි අල්ලගෙන උන් එහෙම කරනවා කිය කිය චෝදනා කර කර උන්ව හොරු කරනවා.. ඒ අතරේ පොර හින්දා අදාල ක්ශේශ්ත්‍රයේ කාන්තාවන් අතර ගැටුම් හට ගන්නවා.. ඔහු වෙනුවෙන් වලි දාගන්නවා... මේ තත්ත්වය ඔහුව මුසපත් කරන්නට සමත් වෙනවා.. අවසානයේ හොඳ වෘත්තියක් කරන කෙනෙකුගේ පිහිටෙන් ඔහු වෘත්තිමය ජීවිතයක ඉදිරිය පිළිබඳවත් සාර්ථකත්වක් තියන්න සූදානම් වෙනවා... දැන් මනුස්සයාට හිතෙන්නේ තමන් බ්ලොග් ලෝකේ "පොරක්",, ඉතින් මේ හැම දෙයක්ම ඔහු නිසා වෙනවානම් ඔහු අවංකවම "පොරක්" විය යුතුයි... ඔහුගේ අතීතය කෙසේ උවත් ඔහු ඉතා හොඳ වෘත්තීය මට්ටමකට පැමිනීම නිසා ඔහු ඇත්තට "පොරක්" ලෙස හැඳින්විය යුතුමයි...
කාකාගේ පෝස්ට් එකට වඩා දිගයි ඔයාගේ කොමෙන්ට් එක ,,යතාර්ථවාදී කොමෙන්ට් එකක්
Deleteඒක බ්ලොග් පෝස්ට් එකක් ඔමා :)
Delete@කකා,
ReplyDeleteබ්ලොග් අවකාශයේ මහෞෂධ පණ්ඩිතයන්ට සම චරිතය ඔබ නිසා මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුරු බලාපොරොත්තු වෙමි.
සොරකු හා මෝඩයකු සටන් වදිද්දී අප ගත යුත්තේ සොරාගේ පැත්තද, මෝඩයාගේ පැත්තද? කරුණාකර හේතු දක්වන්න.
(සොරා මෝඩයකු නොවන වග හා මෝඩයා සොරකු නොවන වග උපකල්පනය කරන්න.)
කක්කගෙ පැත්ත ගන්න. මොකද එතකොට හොරාගෙ පැත්තයි මෝඩයගෙ පැත්තයි දෙකම ගත්ත වෙනව
Deleteසුද්දෙක්ට නම් වචන දෙකයි ලංකාවට එනකොට දැනගන්න ඕනි..ක්‍රියාපදයක් නම් ඒකත් එක්ක කරනවා කියන කෑල්ල ඇඩ් වෙන්න ඕනි..නාම පදයක් නම් එක කියන එක ඇඩ් වෙන්න ඕනි..
ReplyDeleteෆ්ලවර් එක, ටිව් එක, කැසට් එක, කොම්පියුටර් එක, ගැජට් එක, බුක් එක, පෙන් එක,
මොබ් කරනවා, ප්ලේ කරනවා, චූ කරනවා, ජම්ප් කරනවා, ට්‍රයි කරනවා, චේන්ජ් කරනවා,
කෝ බබා?
එයා ටොයිලට් එකෙ පිස් කරනවා..
@ අමිල........සහතික ඇත්ත. තව වචණ කීපයක් ඉගෙනගත්තා නම් එෆ් එම් චැනල් එකක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නත් පුළුවන් නිවේදකයෙක් විදිහට.
Delete@ අමිල.....සහතික ඇත්ත....තව වචන කීපයක් ඉගෙනගෙන ආවොත් එෆ් එම් චැනල් එකක නිවේදකයෙක් වෙන්නත් පුළුවන්.
Deleteමේ ගම්පහ ස්ටේසන් එක එහා පැත්තේ තියෙන එක නේද මේ ,, අනේ හොද පෝස්ට් එකක් දාන්නකෝ කාකා
ReplyDeleteඒකටනම් මෝල්ගහේ දලු ලනතුරු කළු කපුටා සුදුවනතුරු බලා ඉන්න වෙයි අක්කියෝ
Deleteගම්පහ වොලිබෝල් ස්මාරකය දැක්කහම ක්ලාස් ගියපු කාලේ මතක් වුනා..
ReplyDeleteමුණවීර හොඳයි.. අතින් පයින් සුදු මහත්තුරුන්ට කතාකරන අය අපේ රටේ කොච්චර ඉන්නවද ඉංගිරීසි වචනයක් වත් දන්නේ නැතුව.
ඇයි ඉංග‍්‍රීසි බැරි එක ලැජ්ජාවට කාරනයක්ද? එහෙම හිතනවනම් ඒක තමයි ලැජ්ජාවට කාරනේ. මේ රටේ කොච්චර හිස් මිනිස්සු ඉන්නවද තමුන්ට සිංහල බෑ කියල පෙන්නන්න හදන. මේ රටේ තමුන්ගෙ මව් භාෂාව වන සිංහල වරද්දන එක ආඩම්බරයට කාරනයක් ඒත් විදේශික භාෂාවක් වන ඉංග‍්‍රීසි චුට්ටක් වැරදුනත් ඒක විශාල වැරද්දක් හිනා වෙන්න කාරණයක්, ලැජ්ජාවට කාරණයක්. ඉතිං කොහොමද අපේ මිනිස්සු එංගලන්තෙන් නිදහස ලැබුව කියල කියන්නෙ
Deleteමොනවද මේ ලියන්නෙ සති දෙක බැරිනම් අවුරුදු දෙකක් ගියත් අපිට පාන් ද
ReplyDeleteමම නම් ඇපල් ඇන්ඩ් චිකන්..
ReplyDelete:DD
ReplyDeleteමට ගෝල්ඩ්ලීෆ් එකයි ප්ලේන්ටියයි .
ReplyDelete